Friday, July 17, 2009

බත් එපා පොත් . . . !


මේ නමින් වර්ගීකරනයක් හදල යමක් ලියන්න හිතුවේ මම බලල තියෙන පොත් ගැන මගේ අදහස් ඔබ සමග බෙදා හදා ගැනීමේ පරම චේතනාවෙන්. . . . !

මේ "බත් එපා පොත්" නම දාන්න හේතු වුනේ නම් මගේ අම්මගෙන් මට නිතරම එල්ලවුනු චෝදනාවක් නිසා තමයි . . .

ගෙදර ඉන්න කාලෙත් . . . ගෙදරින් පිටවෙලා . . .මාස 6කට වතාවක් . . . අවුරුද්දකට වතාවක් . . . ගෙදර එන්න වුනු කාලෙත් මම බොහෝ විට කලේ එනගමන්ම . . . නැතිනම් ගෙදර අවට පස්සෙ දවසෙ උදේ පාන්දරම . . . මරදානේ ගොඩගේ බුක් ෂොප් එකට හරි . . . දයාවංශ ජයකොඩි බුක් ෂොප් එකට හරි ගිහින් . . නැතිනම් නුගේගොඩ සරසවි බුක් ෂොප් එකට හරි ගිහින් . . . අතේ තියෙන ගානට ගන්න පුලුවන් තරම් නවකතා පොත් අරගෙන ඇවිත් . . ඇදේ හාන්සි වෙලා හරි . . නැතිනම් . . එලියෙන් පුටුවක් තියාගෙන හරි . . . කෑමක් බීමක් ගැන නිනව්වක් නැතුව . . පොත් බලන එක තමයි . . .

මාස 6කට වතාවක් . . . අවුරුද්දකට වතාවක් . . . ගෙදර එන්න වුනු කාලෙ අම්ම හරිම ආසාවෙන් ඉන්නේ මම ගෙදර ආවහම මගේ ප්‍රියතම මෙනු එක වුනු (අම්ම හදන ඒවායින්) සම්බ හාලේ බතුත් එක්ක . . . තලපත් මාලු කිරට උයල . . කැරට් හිඳෙන්න උයල . . . උම්මලකඩ දාපු කට්ට සම්බලයකුත් හදලා දීලා . . මම අවුරුද්දකින් විතර කෑම නොදැකපු එකෙක් වගේ පෙරේත කමකින් . . . බුරිය උල් වෙනකම් ගිලදාන දිහා බලාගෙන ඉන්න එක . . . (මේ දනුත් කටට කෙල උනනවා අම්මගේ බත් එකේ රස මතක් වෙලා . . අම්ම ලඟට පියාඹලා යන්න හිතෙනවා මේ දන්න්මම . . . .)

ඉතිං . . . අම්ම එපමන ආසාවකින් හදන බත් එක කන්නවත් මට හදිස්සියක් නෑ මම ඉතිං පොත් ටිකක් ගෙනාවොතින් . . .

අම්ම එතකොට අම්මගේ මැරුනු ආච්චි වැහිලා වගේ . . . මට බනිනවා . . .
"බූරුවෝ . . . . මේ බත් ටික උනු උනුවෙම කාපන් . . . " කියලා . . .

හැබැයි හයි ඩෙසිමල් ගානකින් බනින ඒ බැනිල්ල මට ඇහෙන්නේ . . . තුන්වෙනි වරට විතර රි-ප්ලේ . . කලාම තමයි . . .

"බූරුවෝ බතුත් කනවද ඩාලිං . . . " කියලා මම අම්මව තව ටිකක් ඔරොප්පු වෙන විදිහේ රිප්ල්යි එකක් දුන්නාම නම් . . .

"නොකන්නේ මොකද . . උඹ ඔය හිටපු ගමන් යස අපූරුවට කන්නේ . . . " කියලා මාව චක බ්ලාස් වෙලා යන ආන්සර් එකක් ලැබෙනවා ලැබෙනවාමයි . . .

"උඹට ඉතින් පොතක් අහු උනාම ගොනාට තනකොල ටිකක් අහු උනා වගේ තමයි . . . වමාර වමාර ඒකම කනව . . . . හිටපු ගමන් බක බක ගාලා හිනා වෙනවා . . . හිටපු ගමන් කදුලු පෙර පෙර අඬනව . . . " ටිකක් නිවුනු හඬින් අම්ම කියන්නේ මම ගැන ඇති උනු දුකකින් වගේ . . .

"උඹේ අතට පොතක් අහු උනොත් උඹට බතුත් ඕන නෑ . . . "

ඔන්න අම්මගේ චෝදනාව . . .

දැන්නම් ඉතිං ඉස්සර සෙල්ලම් බෑ . . . අම්මගේ සෙනෙහස වෙනුවෙන් කැපකිරීම් කරන්න බැරි උනාට (අම්ම ඉතිං සෙනෙහස පෑවෙ ආපසු අපේ සෙනෙහස බලාගෙනම නෙමේනෙ . . !) තවත් අය වෙනුවෙන් පොත් කියවීම කැප කරන්න සිදුවෙලා තියෙන්නේ . . .

(අම්මගේ සෙනහස නම් ඉතිං කවදාවත් හිඳෙන්නෙ නැති මහා සාගරේ වගේනේ . . අනිත් අය නම් ඉතිං උඹ එහෙනම් පොත් බලබලම හිටපන් . . . කියල යන්න ගියොත් කියලා හිතලා) දැන් පොත් කියවීමට සීමා මායිම් දාගෙන ඉන්නේ . . .

කොහොම උනත් ඔන්න ඉතිං පුලුපුලුවන් වෙලාවට මම රසවිඳපු පොත් ගැන බ්ලොග්ස් ලියන්නම්කෝ . . . .

48 comments:

  1. මමනම් බත් කන්නෙ පොත් කියව කියව.
    එක පාර ඔක්කොම අනාගෙන ඊට පස්සෙ පොත බල බල ගිලිනවා

    ReplyDelete
  2. :):) ඔය බැනුම නම් මටත් හොඳට පුරුදු 1ක්..රසවිඳපු පොත් ගැන ලියන්න..

    ReplyDelete
  3. එලකිරි.. ඔය ප්‍රශ්නෙදි මම තනිවෙලා නෑ එහෙනම්. මචන්ලා අපි club එකක් හදාගත්තොත් මොකද "බත් නොකා පොත් කියවන එවුන්ගේ සංගමය" කියලා??

    ReplyDelete
  4. @ Chanaka Aruna Munasinghe !
    මාත් ඔය වැඩේ කලා . . . හැබැයි එතකොටනම් බත් කන්න කලින් විතරක් නෙමෙයි . . . බත් කන වෙලාවෙත් බැනුම් අහනවා. . . .

    @ Anjalee !
    අහ් එක බෝට්ටුවටම නගින්න පුලුවන් කට්ටිය ගොඩාක් ඉන්නවා වගේ . . . හොඳා . . .හොඳා. . ඉක්මනින් පොත් ගැන ලියන්නම්කෝ . . .

    @ änthräX !
    එළ එළ . . "බත් නොකා පොත් කියවන එවුන්ගේ සංගමය" . . . නියම වැඩේ . . සමහර විට සෑහෙන ගොඩක් කට්ටිය හොයා ගන්න පුලුවන් වෙයි මම හිතන්නේ . . සංගමයට . . . හික්ස්

    ReplyDelete
  5. මේ යන්තරයට කොටු වෙන්න පටන් ගත්ත කාලේ ඉඳන් ටික ටික පොත් මාත් එක්ක තරහ වෙලා ගියා. දැන් එක තැනකට වෙලා කියවන්න හරි අමාරුයි.

    අනේ මමයි පොතුයි කොච්චර සෝක් එකට හිටියද?

    ඉස්සර බත් කනකොට විතරක් නෙවෙයි වෙන වැඩ කරනකොටත් පොතක් දිග ඇර ගෙනමයි ඉන්නේ. ඔය විදියට බැනුම් අහන එක නම් පුරුදුයි.

    ReplyDelete
  6. මට නම් පොත් සල්ලි වලට ගන්න තරම් වත්කමක් තිබුනේ නැහැ. ඒ වගේම මම උන්නු ප්‍රදේශයේ පොත් ගන්න හරිහමන් තැනක් තිබුනෙත් නැහැ.

    ඉතින් මම කලේ පුස්තකාලයේ පොත් ටික කියවලා ඉවර කරන උත්සහ කරපු එක. මම බොහොම ඉක්මනට පොත් කියවන්න දක්ෂයි. කන වෙලාවට අර chanaka කිව්වා වගේ බත් එක අනාගෙන පොත දිහා බලාගෙන කෑම එක කනවා. කොටින්ම කියනවනම් සමහර දවස්වලට මොනාද පුතේ කෑවෙ කියල අහපුවම බත් එකේ තිබුනු දේවල් මතක නෑ. :)

    අඩුම ගානේ පොතක් නැත්තම් පත්තරයක් හරි බලන එක දැනටත් මම නවත්වලා නැහැ.

    දුකා ඇත්තටම මාව බොහොම සුන්දර අතීතයකට අරන් ගියා මේ පෝස්ට් එකෙන්.

    ReplyDelete
  7. @ chamila_dealwis !

    යන්තරයටම කොටු වෙලා ඉන්නේ නැතුව ආපහු පාරක් පරන පුරුදු විදිහට පොත් වලට පෙම් කරල බලන්න්කෝ . . . කොච්චර සුන්දරද කියලා . . .

    "ඉස්සර බත් කනකොට විතරක් නෙවෙයි වෙන වැඩ කරනකොටත් . . "
    මට හිතාගන්න පුලුවන් උඹ මොකද්ද අදහස් කලේ කියලා . . .මම අලුත් ගෙයක් හදනවානම් වොශ් රූම් අඩුම තරමින් 2ක් වත් දාන්න ඕන කියන අදහස එන්න මූලික හේතුවත් උනේ ඕකම තමයි . . හික් හික්. . . !

    ReplyDelete
  8. @ roylyfernando !

    මටත් පාසැල් යන කාලෙනම් පොත් ගන්න වත්කමක් තිබුනේ නෑ මචං . . .

    රැකියාවක් කරන්න ගත් පසුව තමයි සල්ලි දීලා පොත් ගත්තේ . . .

    මේ වෙනකොට අරන් තියෙන පොත් ඔක්කොම තාම මා ලඟ තියෙනවානම් මට වෙනම කාමරයක් හදන්න වෙනවා පොත් රාක්ක 5ක් 6ක් එක්ක . . .

    අවාසනාවට මගේ පොත් ඉල්ලගෙන ගිහින් ආපසු ගෙනත් නොදීපු අයට පිං සිදුවෙන්න ! ! ! වෙනම කාමරයකුත් . . පොත් රාක්කත් වැඩිය හදන්න වෙන්නේ නැති වෙයි මගේ අලුත් ගෙදරට . . .!

    ReplyDelete
  9. "අවාසනාවට මගේ පොත් ඉල්ලගෙන ගිහින් ආපසු ගෙනත් නොදීපු අයට පිං සිදුවෙන්න..."

    මිනිහා ජීවත් වෙලා උන්නු කාලෙ ලෝකෙ ලොකුම එක පුද්ගල පුස්තකාලෙ අයිති වෙලා තිබිලා තියෙන්නෙ අපි කවුරුත් දන්න "charlie chaplin"ට. පොර කියන විදියට පොත් වලට ආදරේ නම් කාටවත් කියවල ගෙනත්දෙන්න කියලා දෙන්න එපාලු. මොකද බුවාගෙ පුස්තකාලෙ වෑඩිහරියක් තියෙන්නෙ එහෙම ඉල්ලන් ආපුවලු.

    ReplyDelete
  10. änthräX, ඇත්ත තමා කතාව.

    දුකෝ, උඹ මාව ආයිමත් දැම්මා නේද අතීතේට? අනේ මගේ පොත් එක්ක කසාද ජිවිතේ...අනේ චමිලට වගේම යන්ත්‍රයක් ගෙනැත් කාලයක් යද්දී මාව දාලා ගියා පොත්. දැනුත් මේ පොතුත් ගොඩ නැගීලා කියවන්නේත් කොටලා කොටලා අතයි කොන්දයි රිදෙනකොට හරි රෑට විතරයි බං! පොත් විතරක්ම නෙමේ, වයිලින් ගැහිල්ල චිත්‍ර ඇදිල්ලත් වලට ගියේ මේ මැෂිම නිසා! නො දකිං මාව! පොතේගුරාත් බයිස්කෝප් දිලා පොත් කියවන්න තිබ්බා කාලෙත් දැම්මානේ කුණු ගොඩට! (ඇත්තටම එයාගේ නෙමේ වැරද්ද මගේ මිසක්).

    නරකද වෙනම බිලෝගයක් දාන්න පොත් වලට, පුලුවන් නම් වෙන අයටත් ලියන්න දෙන්නකෝ, බයිස්කෝප් ඒක වගේම කස්ටිය කියවන්න ගනිවි.

    සිරාවටම පොත්ගුල්ලන් සඳහා ගෲප් එකක් එළ!

    ReplyDelete
  11. @ änthräX

    කතාවක් තියනවනේ "පොත් හරියට කාන්තාවන් වගේ..වෙනකෙනෙකුට දුන්නොත් ආපහු ලැබෙන්නේ නම් නැහැ කි‍යලා..

    ReplyDelete
  12. @-බිன்ku-
    හොඳ අදහස..ලියන්න නම් ඕන තරම් දේවල් තියනවා පොත් ගැන.

    ReplyDelete
  13. Anjalee,
    හවුලෙ පාවිච්චි කරන්න හොද නෑ ලු නෙද? හික්ස්..
    ඕක අනිත්පෑත්තට කිව්වොත් එයාලා අබිරහස් කතා පොතක් වගේ නේද? කියවන හෑම පාරම හිතෙනවා මේ පාර හරියට තේරුම් ගත්තා කියලා, කීපාරක් කියෙව්වත් දිගටම මඤ්ඤං තමා...

    ReplyDelete
  14. ඇත්තටම පොතක් අත් දෙකින් අල්ලන් කියවන ආශ්නාදය , පරිගනකය තුල කොහෙත්ම නැහැ! ඒ ආත්මීය බැඳීම පරිගනකයට ලබා ගන්න තව බොහෝ කල් යාවි ! පොත් අපිට මිත්‍ර වෙන්නේ වයස 3නේ විතර ඉඳල වගේ නේ! ඒ තමයි නියම අඹ යාළුව! මතකය ඇවිස්සීම ගැන ස්තුතියි!

    ReplyDelete
  15. අපි ඔක්කොම එකම බෝට්ටුවෙ ඉන්නෙ නේද? ඒකත් හොදයි 1 අතකට. අර "බත් නොකා පොත් කියවන සංගමය" ට මාවත් ගන්න හොදේ...

    පරණ ශ්ලෝකයක් මතක් වුනා. ඒකත් කියන්නම්.

    ස්ත්රී රතනං
    පුස්තක රතනං
    පරහස්ත ගතං
    ගතං ගතං

    මේක කොච්චර දුරට හරිද දන්නෙ නෑ. සිංහල තේරුම එන්නේ මෙහෙමයි.

    කාන්තා රත්නයක් හෝ
    පොතක් හෝ
    වෙන කිසිවෙකුගේ අතකට ගියොතින්
    ගියාම තමා වේ....

    එමනිසා මින් ඉදිරියට
    කාන්තා රත්නයක් හෝ
    පොතක් හෝ
    වෙන කිසිවෙකුගේ අතට නොදෙන්න.
    පේන තැනකවත් නොතියන්න.

    එහෙම හොදයි නේද.

    ReplyDelete
  16. මේව දකිනකොට බ්ලොග්කරණයට ගොඩක් ආස හිතෙනව. එහෙම කිව්ව්වෙ මොකද මම තාම මේ ෆීල්ඩ් එකට අලුත්. පහු ගිය දවස් ටිකේම කළේ අපේ සහෝදර සහෝදරියන්ගෙ බ්ලොග් පෝස්ට්ස් කියවපු එක. මගෙ බ්ලොග් එක කොහොම වෙන්න ඕනෙද කියන එක ගැන අදහසක් ගන්න.

    පොත් ගැන කියනවනම්....පොත් එක්ක ගත කරපු මගෙ සුන්දරම කාලය තිබ්බෙ 2005 ට කලින්. ඒ මම පාසල් යද්දි. නමුත් ඊට පස්සෙ මට ළං වෙච්ච පරිගණකය මාව සම්පූර්ණයෙන්ම පොත් වලින් ඈත් කළා. කොච්චර පොත් වලට ආයෙ ළං වෙන්න හැදුවත් තාමත් ඉස්සර තරමට ඒක කරන්න මට බැරි උනා. හොඳම උදාහරණෙ තමයි Harry Potter පොත. පාසල් කාලෙදි මිලදී ගන්න තරම් සල්ලි නොතිබ්බ නිසා යාළුවන්ගෙන් ඉල්ලන් දවසට දෙකට ඒ පොත් එකින් එක කියවල ඉවර කළා. ඒ series එකේ අන්තිම පොත Harry Potter and the Deathly Hallows මම ආසාව නිසාම කලින් order කරල නිකුත් කරපු මුල් දවසෙම මිල දී ගත්ත.නමුත් මොකක්දෝ හේතුවකට තවමත් ඒක පොත් රාක්කෙ උඩ.

    මේක දැක්කම කෙනෙක් කියයි පොලා උඹ නම් මහ බූරුවෙක් කියල..... වෙන්න ඇති.....ඒකනෙ ඇස් දෙක පොතක නැතුව මොනිටරෙයි කීබෝඩ් එකෙයි තියන් ඉන්නෙ. ඒකෙත් මෙලෝ තේරුමක් නැතිව facebook එකේ ඇළිල ඉන්න නිසා තමයි හිතුවෙ අඩු ගානෙ බ්ලොග් ලියන එකවත් කරන්න ඕනෙ කියල.

    ඔන්න ඕකයි පොත් ගැන මගේ කතාව....කොහොම උනත් මාවත් අර "බත් නොකා පොත් කියවන සංගමය" ට එකතු කර ගන්න. මොකද මගෙත් ඉස්සර ගොඩාක් වෙලාවට උණු බත් පිඟාන හීතල උනේ පොත් නිසා.....

    ReplyDelete
  17. @ änthräX !
    හොඳ ඔත්තුවක් මචං . . ස්තූත්යි . . . ඒත් ඉතිං ඉල්ලුවාම මූනට "බැහ්" කියන්න තරම් ගට්ස් නැති එක තමා ප්‍රශ්නේ . . .

    @ -බිன்ku- !
    මම කැමතියි මෙහෙම කරන්න . . වෙනම බ්ලොග් එකක් නෙමයි . . . ඔයාලා බලලා තියෙන පොත් ගැන ලිපි මට එවන්න "dukaa.blog@gmail.com" එකට . . . මම ඒක එවන කෙනාගෙ නමින් නමින් දාන්නම් . . එහෙම හොඳද?? හිතලා බලන්න . . !
    වයලින් ගැහිල්ලත් . . චිත්‍ර ඇඳිල්ලත් පුලු පුලුවන් විදිහට ඉදල හිටලා වත් කරන්න අපරාදෙ කොච්චර හොද විනෝදාංශ දෙකක්ද . . . ! අනේ පොතේ ගුරාට නම් බනින්න එපා . . මොකද ඌත් ට්‍රයි කරන්නේ උසස් රසවින්දනයක් ඇති පිරිසක් බිහිකරන්න හොඳ ෆිල්ම්ස් රසවිදින්න ඉඩ සලස්වලා . . . !

    @ Anjalee !
    ඇත්ත තමයි කතාව නම් . . ."කාන්තාවොයි පොතුයි හවුලේ පාවිච්චි නොකරනු" එළ එළ . . ආහ් . . ලියන්න ලියන්න පොත් ගැන . . . ලියල මට එවන්න . . . "බත් එපා පොත්" වර්ගීකරන යටතේ මම ඒවා දාන්නම් . . .

    @ änthräX !
    නියම උපමාව . . "කාන්තාව අභිරහස් කතා පොතක් වගේ . . " එළ එළ . . . !

    ReplyDelete
  18. @දුකා
    "අලුත් ගෙයක් හදනවානම්......"
    අන්න හරි. නැත්තන් ජංජාලයක් වෙන්නේ.

    ReplyDelete
  19. @ නුවන් චින්තක !
    මතකය අවුස්සන අතරේ . . . අමරුවෙන් හරි කාලෙ වෙන්කරගෙන පොත් බලන්න හිතට බල කරන විදිහට බලපු පොත් ගැන විස්තර ලියන්න මම උත්සාහ කරන්නම් . . කලින් කිව්ව වගේ හැමෝමත් උත්සාහ කරන්න බලපු පොත් ගැන විස්තර මට එවන්න. . . !

    @ kasun !
    හහ් හහ් හා මම කිව්වෙ සංගමේට කට්ටිය හොයා ගන්න අමාරුවෙන එකක් නැහැ කියලා . . . !

    @ රනා !
    මමත් ඔය ශ්ලෝකය ගැන අහල තියෙනවා මචං . . . !

    @ පොලා !
    අහන්නත් සන්තෝෂයි . . . හැමෝගෙම බ්ලොග් වලින් ආභාශය අරගෙන . . හැම එකකටම වැඩිය හොඳ එකක් කරන්න . . . ඔන්න මමත් බලන් ඉන්නවා. . .ආසාවෙන් . . උඹේ බ්ලොග්ස් කියවන්න . . .

    @ chamila_dealwis !
    ඔව් මචං ඇත්ත තමයි . . . !

    ReplyDelete
  20. නියමයි..දුකා සහෝදරය වැඩේ කරනව නම් අපිට බැරිය හදන්න 'සිංහල පොත්' කියන බ්ලොග් එක..

    අපි හැමෝම අතීතයට අරන් ගිය නියම ලිපියක්..මමත් මහරගම නවමගේ පන්ති යන කාලෙ හැම සතියටම එක පොතක් ගත්ත සරසවි පොත්හලෙන්...දැන් බර ගානක් තියෙනව.. :)

    දැන් නම් ඉතින් මහජන පුස්තකාලයේම තමයි ජීවිතේ.. :)

    ReplyDelete
  21. @ පොතේ ගුරා !
    අහ් මම බල බල හිටියේ ඇයි ඔබතුමාගේ ප්‍රතිචාරයක් තාම නැත්තේ කියලා . . .
    " 'සිංහල පොත්' කියන බ්ලොග් එක.. " ම් ම් ම් හදමු හදමු . . . පොතේගුරා සහෝදරයාටම පුලුවන් වෙයිනේ . . . බයිස්කෝප් සයිට් එකේ වගේ අපි එවන ලිපි . . සංස්කරනය කරලා හෝ නැතුව පළකරන්න . . . . හික්ස්. .

    @ Anjalee !
    හොඳ අදහස කිව්වේ . . . " 'සිංහල පොත්' කියන බ්ලොග් එක.." ද????

    ReplyDelete
  22. @දුකා ඔව් ඔව් ඒක තමයි..

    ReplyDelete
  23. ෙම් post ඒකයි comments ටිකයි දැක්කම පුදුම සන්ෙතා්සයක් දැනුනෙ. ෙපාත් කියවන ෙමච්චර පිරිසක් computer පිටිපස්සෙ ඉන්නවද කියල හිතුන.

    බිன்ku ගෙ අදහස ෙහාදයි. ඒතකොට අලුෙතන් ඒන ෙපාත් ගැන ඉක්මනට දැන ගන්නත් පුලුවන්.
    කවුරු හරි වැෙඩ් පටන් ගත්ත නම් මෙ ඉන්ෙන ලියන්න අය ඔන තරම්.

    ReplyDelete
  24. ආහ්... පොත් ගැන කිව්වොත් ඉතින් බත් අරහං. පොඩි කාලේ 5වසර වෙනකන් හොඳට පොත් කියෙව්වා. ඒත් කරුමේ වුනේ ශිෂ්‍යත්වේ පාස් වෙච්ච එක. පාස් වෙච්ච කරුමේ බලපෑවේ ටික කාලයකට විතරයි. අර කිව්වා වගේ කොම්පියුටරේ නිසා පොත් කියවිල්ල ටික ටික මග ඇරිලා ගියා. ඒත් මේ මෑතක ඉඳලා කලාව වෙනුවෙන් ඇති වෙච්ච පට්ට ආසාව (මේ ආසාව ඇති කරේ එක්කෙනෙක්) නිසා අටවක පුත්තු පොතින් පටන් ගත්තු පොත් එක්ක දෙවෙනි ගමන නම් ආපහු නවත්තන්නේ නෑ නෑ නෑමයි ඕං! මරු ලිපිය. මම මිට පස්සේ ලියැවෙච්ච බ්ලොග් පෝස්ට් එකයි මුලින්ම බැලුවේ. පොත් ගැන අඩවියක් හදනවානං ඉතින්. අපිත් එන්නම් උදැල්ල අරගෙන... මං කිව්වේ උදැල්ල දාන්න ‍නෙවෙයි. සිමෙන්ති අනන්න... ;)

    ReplyDelete
  25. @ The Chinthaka !
    මටත් හරිම සංතෝශයක් දැනුනේ . . පොත් බලන්න කැමති මෙපමන කට්ටියක් ඉන්න බව දැකලා . . කට්ටියගේ පොත් එක්ක තිබිලා අත්හැරුනු දීගේ ගැන ආයේපාරක් හිතලා බලන්න මම අවස්ථාවක් උදාකරලා දෙන්න පුලුවන් වුනු එක ගැන මට පුංචි ආඩම්බරයකුත් තියෙනවා . . .

    @ Supun Sudaraka !
    ආසාව ඇති කරපු කෙනා ලොකු හොඳක් වගේ කරලා තියෙන්නේ . . හරි හරි කට්ටියම එකතුවෙලා පටන් ගමු එහෙනම් හොඳ වැඩක් . . . මම කලින් යෝජනා කරපු වැඩේ ගැන මොකද හිතේන්නේ . . . !

    ReplyDelete
  26. ආ ඔව්, ලිපි දුකාට එවන එක. ඒක නරක අදහසක් නෙවෙයි. තවත් දෙයක් කරන්න පුළුවන්. දැන් බ්ලොග් ලියන අයත් එන්න එන්න වැඩි නිසා තමන් කියවපු පොත් ගැන, තමන්ගේ බ්ලොග් අඩවියේ ලියනවා. ඊට පස්සේ, එක වෙබ් අඩවියකින් ඒ ලිපි වලට ලින්ක් එකතු කරනවා. එතැනින් අර පොත් ගැන හොයන්න ආස අයට ඒ ඒ බ්ලොග් වලට පිවිසෙන්න පුළුවන්. ඒක නිකම් අදහසක් විතරක්. කරන්න පුළුවන් කමක් තියෙන අය හිතලා බලන්න :) අනික මට මතක විදිහට ෆේස්බුක් වගේම හැබැයි ඊට වඩා ලස්සන පොත් කියවන්නන්ගේ සමාජ ජාලයක් තිබුනා/තියෙනවා මතකයි. අන්න ඒකේ ගෲප් එකක් හදාගෙන, දන්න කියන සිංහල පොත් වල තොරතුරු එකතු කරොත් මල් 7යි! :)

    ReplyDelete
  27. යුරේකා! අඩවිය නම් හොයාගත්තා. මේක ස්පෑම් කියලා නං ගනන් ගන්න එපෝ... http://www.shelfari.com වලින් එකතු වෙන්න. මම ඉන්නවා http://www.shelfari.com/ssudaraka මාත් තාම අලුත් හැබැයි.

    ReplyDelete
  28. හෆොයි !! මං ගැන කියන්න තියන ඔක්කොම කියලා තියනවා. මේක කියවල දුක හිතුන පාරට මැෂිම විකුනලා ආයි පොත් අරන් කියවන්න ඕනේ කියලා හිතුනා. මොකද ජා ඇල පුස්තකාලෙ තියන කියවන්න තියන පොත් ඔක්කොම වගෙ කියව්ව මීට කාලෙකට ඉස්සෙල්ලා ආයිත් ගිහින් බලන්න ඔනේ අළුත් එවා මොනාද ඇවිල්ල තියෙන්නෙ කියලා !!!! මොනා කරන්නද කොලඹ එකට සෙට් වෙන්න හැදුවට වැඩේ හරිගියෙ නෑ. මට ඉස්සර පොතක් හම්බවුනොත් කියවල ඉවර වෙනකන් නින්ද යන්නෙ නෑ. !! අර සංගමේට ඔන්න මාවත් ඇඩ් කරගන්න.

    ReplyDelete
  29. @ Chrishi !

    මැෂිම විකුනන්න නෙමේ . . සතියකට එක පොතක් හරි බලන්න කාලේ වෙන්කරගන්න එකයි හොදකියලා මට හිතෙන්නේ . . . අපිට වෙලා තියෙන්නේ ඕනම එකක අන්තයටම යන එකනේ . . නැද්ද . . ? ට්‍රයි කරල බලන්නකො මම කියපු වැඩේ . . . !

    ReplyDelete
  30. @ Supun Sudaraka !

    සුපුන් මලේ. . . මම හිතන්නේ . . ඔයා තමයි මේ වැඩේට සුදුසුම පුද්ගලයා . . . මගේ කාර්‍යල ජීවිතේ වැඩ රාජකාරී එක්කත් . . . පුද්ගලික ජීවිතේ වගකීම් එක්කත් . . . කොපමන කාලයක් මේ වැඩේ . . . නිදහසේ . . කරගෙන යන්න ලැබේයිදෝ දන්නේ නහැ . . . . නතර කරන්නේනම් නැහැ . . . එත් සීමා කරන්න වෙයි වගේ අනතුරු ඇඟවීම් දැනටමත් ලැබිලා තියෙන්නේ . . . ඔබතුමා පටන් ගන්න මා ඇතුලු හැම දෙනාම අපගේ උපරිම සහයෝගය ලබා දෙන්නම් . . .

    ReplyDelete
  31. @දුකා- මාත් ඉතින් වැඩක් පටන්ගත්තොත් අර සෝඩා බෝතලයට නොදෙවෙනි වෙන්නේ නෑ :) මේ දවස්වල උසස් පෙළ, සාහිත්‍ය.lk වගේ වැඩ කටයුතු බොහෝමයක් නිසා වැඩේ පටන්ගත්තත් ගෙනියන්න අමාරු ගතියක් තියෙනවා මටත්. ඉතින්, මට නම් තියෙන තත්වයත් එක්ක අමාරු වෙයි. :)

    ReplyDelete
  32. හික් හික්...! ක‍ට්ටියටම එකම බෝට්ටුවේ නෙවේ නැවේ තමා නගින්න වෙන්නේ.. අපේ අම්මා නම් බනින්නේ ඔහොම නෙවෙයි...! "ඔවා මගේ වැරදි‍.. මමනේ පුරුදු කලේ.. කමරේ අස්සට වෙලා පොත් බදාගෙන බිත්තර රකිනවාද...බ්ලා බ්ලා බ්ලා..." කොටින්ම අම්මා මම රස්සාවට එන්න කලින් මාව ටවුන් එක්ක ගියේ අද පොත් ගන්න සල්ලි නෑ හොදේ කියලා.. දැන් නම් ඉතිං මගේ සල්ලි නිසා නෝ කථා..! ඔන්ලි සිනා.. දැන් මට පොත් හම්බ වෙන තම විදියක් තියනවා. ඉස්සර මගේ අතේ සල්ලි නැතුව ගන්නේ නැතුව හිටිය පොත් එතුමා ළග තියනවා.. ගෙනාපු ගමන් කියවලා ඉවර කරනවා කියලා බැන බැන උනත් ගෙනත් දෙනවා‍.. අපරාදේ කියන්න බෑ. :D

    ReplyDelete
  33. @ Supun Sudaraka !
    හරි මලේ . . . එහෙනම් දැනට ඔහොමම යමු . . . පසුව වෙලාවක ඔක්කෝම එකතු කරලා වෙනමම බ්ලොග් එකක් හදමු . . . !

    @ malee_msg !
    අහ් මලී හරි වාසනාවන්තයි වගේ . . . බැන බැන හරි පොත් ගෙනත් දෙන කෙනෙකු ලැබීම. . . !

    ReplyDelete
  34. බලාගෙන ගියාම අපි කවුරුත් එකම බෝට්ටුවේ තමා. මම සති අන්තයේ ගෙදර ගියාම අනිවාර්යයෙන්ම අම්මාගෙන් බැණුම් අහනවා අහනවාමයි. ඇයි දෙයියනේ සතියක් තිස්සේ පොතක් පත්තරයක් අල්ලන්නේ නැතුව ඉඳලා ගෙදර ගිහින් ඕකක් දිග ඇර ගත්තම වෙන වැඩක් කරන්න පුළුවන්ද මම අහන්නේ?

    ReplyDelete
  35. @ දක්ෂිණ. !
    වැඩේ කියන්නේ අම්මලාට ඕක තෙරෙන්නේ නැහි එකනේ මචං . . . ! අනික පොත් කියවන්න ඇබ්බැහි උනු එකා මම හිතන්නේ අපි අර අහල තියෙනවා වගේ අබිං කන්න හුරුවුනා වගේ වෙන්න ඕන . . . . . හැබයි කොපූටරේට ඇබ්බැහි උනු එකා නම් . . වචන දෙකක් නෑ . . . කුඩුගහන්න හුරුවුනා වගේම වෙන්න ඕන . . . මොකද කියන්නේ . . . !

    ReplyDelete
  36. මමත් ඉතිං ඔයාලා වගේ අම්මගෙන් බැනුම් අහලා තියෙන්නේ කන්නෙ නැතිව නම් නෙවේ ගෙදර වැඩක් ඵලක් කරන්නේ නැ මේකි කවදහරි ගන්න මිනිහගෙන් ග්‍රටි තමයි කන්වන් කවදා හරි කියලා

    ReplyDelete
  37. මම හිතන්නේ පොත් විසින් තමයි අපේ සමාජ ඉව නිර්මාණය කරන්නේ.සමාජය ගමන්ගන්න ඉසව්ව හදුනාගන්න ඒ ඉව වැදගත්.ඒ ඉසව්වට අනුව අපි හැඩ නොගැසුනොත් අපව ඒ සමාජයෙන් කොන් කරනවා අන්න එදාට අපට බැරිවෙනවා පිදුරුතලාගල වගේ සමාජය දරාගන්න ..... මහවැලිය වගේ දුක අරගෙන පල්ලම් බහින්න...කොටින්ම කියනවා නම් පිරුණු ඔළුවක් සහිත කෙළින් හිටින කෂේරුවක් නැති ඕපපාතික දර්ශන වෙදියෙක් වෙන්න අපට සිදුවෙනවා ....එහෙම අපිට අනාගතය නිර්මාණය කරන්න බැරි වෙනවා .....ඒ අනාගතයෙදි අපිටම අතිතයකුත් නැතිවෙනවා ඒකයි මම පොත් කියවන්න කැමති වැඩේ තියෙන්නනේ අපේ අම්මට ඔක තේරෙන්නේ නැනේ ...එයා ට ඔනෑ සාරි හැට්ටයක් මහන්න දන්න කෙල්ලෙක් ‍එයාගේ දුව කියන්න විතරයි (එයාට සාරි හැට්ට මහන්න බැරි නිසා මහන්න 500ක් විතර කුලිය ගන්න නිසා) මං කියන්නේ බොරුද බලන්න .....

    ReplyDelete
  38. අම්මෝ මටත් ඔය ලෙඩේම තිබුනා කාලයක්....එත් දැන්නම් පොතක් අල්ලපු කාලයක් මතක නැහැ....ලැබුනත් දැන් ඉස්සර වගේ කියවන්න හිතෙන්නේ නැහැ.

    ReplyDelete
  39. හොඳ පොතක් අහුවුනොත්නම් මමත් කියවල ඉවර කරලම තමයි නැගිටින්නෙ....

    ReplyDelete
  40. දුකා අයියගෙ post එකක් බලලා මාත් ගත්තා 'ගෑණු ළමයි' පොත් 3.කියලා වැඩක් නෑ අයියේ....නොකියෙව්වනම් මොටද මේ ජීවිතේ.....

    ReplyDelete
  41. සමානයා හමු වූ දවසට මා මිය යමි..

    ....ඇට මැස්සා ....

    කියන්න තියෙන ඔක්කොම එකතු කලොත් ඒ ටික තමයි කියන්න වෙන්නේ. අපොයි දැන්ම මැරෙන්න බැරි නිසා . අදට මේ ඇති . තව ඔයාගේ පොස්ට් කියවන්න ගියොත් අර මගේ බාප්පා ඇවිත් මට ටොක්කක් අනියි. ''දැන් ඔන්න බ්ලොග් කියවල පිස්සු හදාගන්න යනවා''

    ReplyDelete
  42. සසිකට කලින් ඇනෝ
    ඔයා කියන දේ සමඟ 100% එකඟයි . .
    අම්ම පස්සේ තේරුම් ගනී . .

    @සසික!
    අයියෝ හරි අපාරදයක් ඒක නම්

    @ඉන්දික්
    මමත් එහෙමයි මල්ලී

    @dil_ruw!
    අප්පා මට මාර සතුටුයි . . එල එල

    @බින්දි!
    අහ් ඔව් ඔව් අපි ඔක්කෝම එක අත්තේ වහන කුරුල්ලෝ හෙවත් සමානයෝ . .
    හෙමීට කියවන්න අප්පා . . අවුරුදු 2ක් තිස්සේ ලියපුවා කියවන්නත් ඒ තරම්ම කාලයක් වත් එපැයි . . හික්ස් . .

    ReplyDelete
  43. අපේ අම්මත් ඔය ජාතියෙම තමා.මම පොත් කියවලා හිනාවෙනවා අඩනවා දෑක්කම ඔන්න පටන් අරන් කියලා බනිනවා හොදට.
    ඈත්තටම හොද පොතක් කියවන එකේ තියෙන රසය මෙච්චරයි කියන්න බෑ.ඒ විතරක්ද ඒකෙන් අපෙ සමාජ දෑනුම සහ අවබොදය පුලුල් වෙනවා කියන එකයි මගේ නම් හෑගීම.මමත් පිස්සුවෙන් වගේ පොත් කියවපු කෙනෙක්. දෑන් ටිකක් ඒක අඩු වෙලා.නමුත් ආයේ ඒක ඈති කරගන්න ඕනි.
    මම බ්ලොග් අවකාශයට අලුත්.මේ කාලෙට මම දෑකපු වටිනාකමින් වෑඩි බ්ලොග් 2ක් තමා මේ බ්ලොග් එක සහ ලන්කාප්‍රියගේ සිතිවිලි කියන බ්ලොග් එක.
    මම උඩ ඉදන් ඔක්කොම පෝස්ට් ටික බලාගෙන ආවෙ.මේක අන්තිම එකනෙ. ඒකයි මේ ටික මෙතන කෙටුවෙ.
    ඔබට ජය.

    ReplyDelete
  44. බලනකොට මලේ බ්ලොග් අමාරුව තියෙන හුඟ දෙනෙකුට පොඩි කාලෙ ඉඳන්ම පොත් කියවන අමාරුවත් තිබිලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් හරියටම හරි අයියේ

      Delete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails