twitter
    Find out what I'm doing, Follow Me :)

මගෙ කූඩුවට ඇවිත් සල්ළාල පෙම් වතෙක් . . මගෙ පෙම්බරී සමග හාදව දුන්නු ගින්දරක් . . . මට දුන්නු ගින්දරක් . . .

විවාහක කාන්තාවන් පුරුෂයන් අනියම් පහසක රසය සොයන්න පෙලඹෙන්නේ ඇයි . . . . !

ස්ථානය: එක්තරා වර්ගයේ තවුතිසාවක් හෙවත් . . කාර්ය්‍යාලය. . .
දිනය : කාර්ය්‍යාලයේ වැඩ අධික දවසක් . . .!
පාත්‍රවර්ගයා : මම සහ කාර්ය්‍යාල සගයින් දෙදෙනෙක් . .

පශ්චත්භාගය රත්කරගෙන . . . පරිඝනකයට මූන ඔබාගෙන . . බොක්ස් ෆයිල් දෙක තුනක් මේසෙ පුරා දිගාකරගෙන . . . කෝපි එකක් වතුර එකක් බොන්න වත් වගක් නැතුව . . වැඩක් කරමින් සිටි මොහොතක එක සගයෙක් ඔහුගේ පුටුව අපේ පැත්තට හරවාගෙන . . .

"මචං, උඹලා නිකමට හරි හිතලා තියෙනවද ඇයි මේ ගෑනු / මිනිස්සු තමන්ට පෙරාපු රත්තරන් වගේ බිරිදක් / ස්වාමි පුරුෂයෙක් ඉන්නැත්දී කොහේවත් යන රස්තියාදුකාර මිනිහෙක් එක්ක හරි කිසිම වැදගැම්මකට, අංගපුලාවකට නැති ගෑනු එක්ක හරි පැටලෙන්නේ කියලා . . . " කියා බොහෝ හදිස්සියෙන් වගේ ඇසුවා . . .

"මොකෝ මේ හදිස්සියේ . . . උඹේ ගෑනි වෙන එකෙක් එක්ක පැටලිලාද . . නැතිනම් . . . උඹේ හිත වෙන කොහේ හරි පැටලිලාද . . .? " අපේ තව සගයෙක් ගානකට නොගෙන කියා දැම්ම. . . නමුත් ඔහුත් හීන් සීරුවේ ඔහුගේ පුටවත් හරවා ගෙන සංවාදයකට ලෑස්ති වෙන ආකාරයක් පෙන්නුම් කලා . . .

"අනේ මචං මට නම් එහෙම ප්‍රශ්න නෑ . . . ඉතිං ඔය ගැන හිතන්නවත් ඕන වෙලා නෑ . . " මමත් එහෙම කිව්වත් වැඩ නම් කොයි වෙලාවේ කර ගන්න පුලුවන්ද කියල හිතලා බුද්ධිමය සංවාදයට එකතු වෙන්න කියලා මගේ පුටුවත් හරවා ගත්තා . . .

ඔන්න එතකොටම ලොක්කත් වතුර එකක් ගන්න අපේ සංවාද මන්ඩපය මැද්දෙන් ගමන් කරන්න ආ නිසා අපි ලිපි ටිකක් අත්වලට අරගෙන ව්‍යාපෘතියක ප්‍රශ්නයක් සාකච්ඡා කරනවා වගේ අපේ බුද්ධිමය සංවාදය දිගටම කරගෙන ගියා . .

"මට මෙන්න මෙහෙම දෙයක් හිතෙනවා මචං, මේ තමන්ගේ බිරිද / ස්වාමියා සමගින් ලිංගික ජීවිතයේ උපරිම තෘප්තියක් නොලබන නිසා තමයි මේ දේ වෙන්නේ කියලයි මට හිතෙන්නේ" කියල සංවාදය අරඹපු සගයා පැවසුවා . . .

"ගෑනු / පිරිමි හරි බයයි තමන් දන්න ක්‍රම වලින් වෙනස් වෙනස් විදිහට උපරිම වින්දනය ලබන්න තමන්ගේ බිරිද / ස්වාමියා තමන්ව සැක කරයි කියලා මෙයාට මීට කලින් පලපුරුද්ද තියෙනවා කියලා හිතයි කියලා . . . මම නම් මගේ බිරිදට කියලා තියෙන්නේ මම නම් එහෙම පටු විදිහට හිතන්නේ නෑ එක නිසා ඕනම දෙයක් ඕනම විදිහකට කියලා . . " ඔහු යලිත් කොටසක් එකතු කලා . . .

"ලංකාවේ අපි බොහෝදෙනා විවාහ වෙන්න කලින් බොහෝ විට මොනයම් හෝ ලිංගික අත්දැකීමක් ලබලා තියෙනවා. . ගොඩාක් වෙලාවට ඒක ලිංගික අපයෝජනයක් මොකද ලිංගිකත්වය ගැන මෙලෝ හසරක් නොදන්න කාලෙකදි තමයි එය බලෙන්ම වගේ ලැබෙන්නේ . . . (ලිංගික අපයෝජනය ගැන වෙනමම ලිපියක් ලියන්න හිතං ඉන්නවා පසුව ) ඉතිං තමන් අහලා තියෙන නැතිනම් නිල් චිත්‍රපටයක දැකලා තියෙන එහෙමත් නැතිනම් වැඩිහිටියන්ට පමනක් වෙන්වූ පුවත්පතක තිබී කියවා ඇති අකාරයට වෙනස් වෙනස් ආකාරයේ යම් ආකාරයට යමක් අත්හදා බලන්න කිසි කෙනෙක් පැකිලිය යුතු නැහැ කියලයි මම නම් හිතන්නේ . . " මමත් ඔන්න ඉතිං සංවාදයට එකතු උනා . . .

"අනික තමයි ගැහැනු පිරිමි හැමෝම දැන ගන්න ඕනා තමන් සාන්තුවරයින් කියලා අනිත් කෙනා හිතන්නෙ නැති බව . . . (එහෙම සාන්තුවරයෙක් නම් ඉතිං විවාහ වෙන්නෙ නැහැනේ) ගැහැනුත් පිරිමින් වගේ අවස්තාවක් ලැබුනු විට නිල් චිත්‍රපට බලන බව, වැඩිහිටියන්ට පමනක් වෙන්වූ පුවත්පත් බලන බව පිරිමින් දන්නා බව ගැහැනුන් දන්නවානම් ඒ ලෙසටම පිරිමින් ගැන ගැහැනු දන්න බව පිරිමිත් දන්නවානම් ඔය තමන්ගේ ස්වාමියා / බිරිද අනියම් සම්බන්ධකම් වල පැටලෙන එක බොහෝ දුරට අඩු කරගන්න පුලුවන් කියලයි මට හිතෙන්නේ . . " මම තව නැටි කෑල්ලක් එල්ලුවා . . .

"අඩුම තරමින් පිරිමි පිරිමි ළමයි එකතු වුනු වෙලාවට විවෘතව ලිංගිකත්වය ගැන අදහස් ප්‍රකාශ කර ගන්නවා වගේ නැතිනම් තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්නවා වගේ ගැහැනු ළමයි ගැහැනු ළමයි එකතු වුනු වෙලාවට ඔවුනුත් එවැනිම දේවල් ගැන කතා බහ කරලා ගත්තු දැනීමක් හැමෝටම ඇතැයි කියල ගැහනු පිරිමි සැමෝම සිතනවානම් ස්වාමියාට බිරිදට කිසි බයක් සැකක් නැතුව උපරිම නිදහසින් යුතුව සිදුවීම් වලට මුහුන දිය හැකියි කියලාත් හිතෙනවා . . . " මගේ මිතුරා යලි ඔහුගේ අදහස් එලිදැක්වූවා. . .

"ඔව් ඔව් එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව අනියම් ඇසුරක පහස පතන්නේ නැතුව . . තමන්ගේම නියම සහායකයා / සහායිකාව එක්ක ප්‍රීතිමත් යුග ජීවිතයක් ගත කරන්න පුලුවන් . . . වෙන වෙන පැටලිලි හදාගෙන පවුල් අවුල් කරගන්න ඕන වෙන එකක් නැති කමින් දරුවන්ගේ ජීවිතත් සුන්දර වෙයි . . " මෙතෙක් වෙලා නියම අසන්නෙකුගේ විලාශයක් වෙන්නපු අපේ අනික් සගයාත් පැවසුවා. . .

ඔබ මොකද මේ ගැන හිතන්නේ . . . ඔබේ අවංක අදහස් සමහර විට විවාහ වූ හෝ අනාගතයේ විවාහ වෙන්න ඉන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් විය හැකියි . . . ඒ නිසා අදහස් දක්වන්න ගතවූ කාලය, කාලය අපතේ දැමීමක්, කාලය කා දැමීමක් ලෙස නොසිතා යමක් සටහන් කරන මෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා . . . !

22 යි අදහස්:

Anonymous said...

උඹ නම් හිතුවට වැඩිය open minded වගේ. සතුටුයි උඹ වගේ එවුන් බ්ලොග් වලට ආපු එක ගැන. මෙතන මෙච්චර කල් හිටපු හොඳ පුතාලයි අනාගාමී එවුන්ටයි වැඩිය ලොකු දෙයක් සමාජෙට කරන්න පුලුවන් වෙයි කියලා අපි හිතමු. ජය!!!

Anonymous said...

meke paste karanna behene. I am using firefox

sameeras said...

duka ayye mata sinhalen liyanna nam therenne nanaha.. eth oya liyapu okkoma lipi mama asawen kiyawanawa... ewata thax... mama oyage hoda rasikayek.. kusa pabawathi puwathak sinduwe idala..
eth ada oya liayalathiyana eka gana nam mata podi prshnayak thiyanawa..
oyawidiyata blue film balanna giyoth matanam hithenne ea prashne thawath wadi wei kiyala..
mokada ewage thiyenne godak aswabawika dewal..
ea mata hithena hati..

thawa pdi prashnayak...
.
.
.
.
.
.

oya duka kiyala proof karaganne khomada mama?

දුක්ගන්නාරාළ said...

@Anonymous
සංස්කෘතිය සදාචාරය කියන බර්ලින් තාප්පෙ ලිංගික පොල්ලෙන් ගහල බිදලා දාන්න නම් මට ඕන නෑ . . (මේක මගේ පොර ටෝක් එකක් නම් නෙමෙයි . . . මේ වගේ දෙයක් මගේ ප්‍රියතම නවකතාවක් වූ සුනේත්‍රා රාජකරුණායක මහත්මියගේ "රිදී තිරංගනාවී" පොතේ තිබුනා . . . )

ඒත් මගේ, මගේ මිතුරන්ගේ සහ ඔබ සැමෝගෙම අදහස් වලින් යම්කිසි සමාජ මෙහෙවරක් කරන්න පුලුවන් නම් මැරෙන මොහොතක හරි තමාගෙන් ලෝකෙක යමක් සිදු උනා කියලා හිතලා සතුටින් මැරෙන්න පුලුවන් වෙයි කියලයි මට හිතෙන්නේ . . . මොනා උනත් ඔබේ දිරි ගැන්වීමට බොහෝම ස්තූතියි . . .

දුක්ගන්නාරාළ said...

@sameeras

ඔබ කියන දේ ඇත්ත . . ඒත් මම අදහස් කලේ අස්වාභාවික දේවල් ගැන නෙමෙයි . . . එකෙනෙකා කෙරෙහි විශ්වාසයෙන් . . හොදද කියල උත්සාහ කරල බැලිය හැකි දේවල් ගැන . . .

අනික . . මම හිත්නන්නේ ඔබ මාව වැරදියට වටහාගෙන . . . මේ බ්ලොග් එක මම ගැන කොටස කියවපුවාම ඔබට තේරේවි මම කව්ද කියන එක. . . !

රයිගමයා said...

අනියම් සම්බන්ධතාවයන්ට එකම හෝ ප්‍රධානම හේතුව ලිංගික ප්‍රශ්න නෙමේ. ඊට වඩා වෙනස් හේතු ගොඩක් නිසා අනියම් සම්බන්ධතා ගොඩ නැගෙනවා. සමහර එවැනි සම්බන්ධතා තියෙනවා කිසිම අවස්ථාවක ලිංගික සම්බන්දතා පවත්වා නැති. බිරිඳගෙන් හෝ සැමියාගෙන් ලබන ලිංගික සතුට කොපමණ උපරිමව තිබුනත් වෙනස් සතුටක් පතාගෙන තවත් සම්බන්ධයක් ඇති කරගන්නා අවස්ථාත් එමටයි. ඔය සෑම අනියම් සම්බන්ධතාවයකටම ප්‍රධානම හේතුව 'අවස්ථාවයි'. අනියම් සම්බන්ධතාවයක් ඇතිවීමට මූලිකවම බලපාන්නේ එවැනි සම්බන්ධතාවයක් ඇති වීමට සුදුසු පරිසරයක් බිහිවීම හා අවශ්‍ය පහසුකම් තිබීමයි. සම්බන්ධතාවය ඇති වුණාට පසුව එය සාධාරණීකරනය කිරීම සඳහා නොයෙක් හේතූන් මවා ගන්නවා.
කොහොමත් එකක් කිව යුතුයි. අනියම් සම්බන්ධතාවයක් කියන්නේ නරක දෙයක් නොවේ. ඒ වින්දනයත් ජීවිතයේ ලැබිය යුතුයි. විය යුත්තේ නියම සම්බන්ධතාවය හා අනියම් සම්බන්ධතාවයන් නිවැරදිව කළමණාකරනය කිරීමයි. නැතිනම් ඇතිවන අවුල් ජීවිතයම විනාශ කරාවි. ඒ නිසා පරිස්සමෙන් ඒ ගෙඩියේත් රස විඳ බලන්න. මමත් නියම සම්බන්ධතාවයක් නැතිනම් විවාහයක් කරගත් පසු අනියම් සම්බන්ධතාවයක් සඳහා සුදුසු වටපිටාවක් ඇති වූ විගසම ඒ අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්නවා. එතකම් ඉතින් ලිංගික අපයෝජන තමා.

NUWAN"s lane said...

දුකා දිගටම ලියනන්න.මමත් සුභ පතනවා

sameeras said...

shit mata waraduna mama maha mattek.. mama ea tika kiyewwe nahane.. mata nikan lajjai wage..

Palitha said...

හොද අදහස් දැක්වීමක්‍.
අනියම් සබදතා ගැන හොදම නිර්මාණයක් තමයි ධර්මසිරි බන්ඩාරනායකගේ හංසවිලක් කියන චිත්රපටය‍. මේක ගැන හොද විචාරයක් ලන්ඩන් මැගසින් එකේ ගියා.www.3mana.org එකේ ඒක තියෙනවා මම දැක්කා.

දුක්ගන්නාරාළ said...

@NUWAN"s lane

ස්තූත්යි මචං. . .
බලමු බලමු . . .
පුලුවන් කාලයක් හොද දේවල් ලියන්න උත්සාහ කරනවා. . .

දුක්ගන්නාරාළ said...

@sameeras

ගනන් ගන්න එපා ඕක සුලු දෙයක් . . .
බ්ලොග් එක බැලුවටත් අදහස් ප්‍රකාශ කලාටත් ස්තූත්යි . . .

දුක්ගන්නාරාළ said...

@රයිගමයා

"ඊට වඩා වෙනස් හේතු ගොඩක් නිසා අනියම් සම්බන්ධතා ගොඩ නැගෙනවා"
මචං අපට දැන ගන්න ඔයා අදහස් කරපු හේතු ටිකක් කියන්නකෝ . . හැමෝටම ප්‍රයෝජනවත් වේවි . . .

"අනියම් සම්බන්ධතාවයක් කියන්නේ නරක දෙයක් නොවේ. ඒ වින්දනයත් ජීවිතයේ ලැබිය යුතුයි. විය යුත්තේ නියම සම්බන්ධතාවය හා අනියම් සම්බන්ධතාවයන් නිවැරදිව කළමණාකරනය කිරීමයි"
මගේ අදහස නම් අනියම් ලිංගික සම්බන්ධතාවයකින් වෙන්නේ බොහේ විට පවුල් දෙකක්ම අවුල්වී දරුවන් අනාථවීමේ සම්භාවිතාවයක් ඇති බවයි . . තමන්ගේ බිරිද වෙන අයෙක් සමග අනියම් සම්බන්ධතාවයක් තිබේ නම් තමන්ට මොන වගේ හැගීමක් දැනේද කියල නිකමට හිතලා බලන්න . . .

"ඒ නිසා පරිස්සමෙන් ඒ ගෙඩියේත් රස විඳ බලන්න"
ලිංගිකත්වයට බර නොවී අධ්‍යාත්මික සුව විදින අනියම් සම්බන්ධතාවයක රස බැලුවට කම් නැහැ කිව්වනම් වඩා හොදයි කියලයි මට හිතෙන්නේ . .

"එතකම් ඉතින් ලිංගික අපයෝජන තමා."
මේක නම් ඉතින් අනුමත කරන්න බෑ . . නමුත් තමන් කරන්නේ වැරද්දක් කියල දැනගෙන සිටීමෙන්ම වැරදි අඩුවෙන් කරන්න පෙලඹවීමක් ඇති වෙන්න පුලුවන් . . .

දුක්ගන්නාරාළ said...

@ Palitha

ස්තූත්යි දැනුවත් කිරීම ගැන . . . පසුව නිවාඩු වෙලාවක බලන්නම් මචං . . .

malee_msg said...

දැනට මේ ගැන අදහස් දක්වන්න පුළුවන් මට්ටමක/වයසක නෙවෙයි මම ඉන්නේ.. කොහොම උනත් දුකා‍ ගේ බොහෝ කරුණුත් එක්ක මම එකග වෙනවා..! හැබැයි මෙහෙම දෙයක් තියනවා.. ලිංගික අවශ්‍යතා මතම විතරක් අනියම් සම්බන්ධතා ඇති වෙනවා කියලා මම හිතන්නේ නැහැ..ආදරය හා අවදානය කියන කරුණුත් එතනදි බලපානවා ඇති.. විශේෂයෙන්ම සෑම ගැහැණික්ම නිතරම පිරිමියෙකුගේ ආදරය හා අවදානය බලාපොරොත්තු වෙනවා ලිංගික අවශ්‍යතා වලටත් වඩා.. ඒ දේ තමන්ගේ සැමියාගෙන් නොලැබෙන වෙලාවට පිටින් ඒ දේ හොයන්න ඉඩ තියනවා...!

පිරිමි ගැන කථා කලොත්.. ම්ම්ම්.. අපි දන්නවා පිරිමියෙක්ගේ හිතේ ගැහැණු රූපය ගැන ඇදුනු හැඩයක් තියනවා.. දරුවන් වැදීම..හැදීම.. හා ගෙදර දොර වැඩ ආදී අනේක විද දේවල් නිසා මැදිවියට ඒමත් සමග ගැහැණු තම රූපය ගැන තියන සැලකිල්ල නැති වෙනවා.. එතනදි පිරිමියා තමන් කැමැති හැඩය වෙනුවෙන් කුටුම්බියෙන් ඈත් වෙන්න බලයි..! ඒ හැර මම අසා තිබෙන තව දෙයක් තියනවා.. මැදි වියේ අවසනට කිට්ටු වීමත් සමග ‍‍බොහෝ වනිතාවන් පංසල මුල් කරගන්නවා.. පිරිමියා දෙවනි තැනට එනවා.. එතනදි තමන්ට නොලැබෙන දේ වෙනුවෙන් පිරිමි වෙනතක් බලනවා ඇති..!

**මම වැරදි වෙන්න පුළුවන්.. ඒත් මම අසා කියවා ඇති දේවල් අනූවයි මම අදහස් කිව්වේ

දුක්ගන්නාරාළ said...

@ malee_msg !
ඔබේ අදසහට මම 100% ක්ම එකගයි . . .

මලී අපේ උත්සාහය විවාහක අයට අනියම් පෙම්දම් වට නොපැටලී තමුන්ගෙත්, දරුවන්ගෙත් ජීවිත සතුටින් තබන්න තුන්වෙනි පාර්ශවයක් වූ අපගේ අදහස් උදහස් ඔවුනට දන්වා සිටීම නේද . . ??

ඔයා පෙන්වා දුන්නු හේතු වලටත් අපට හිතෙන විසදුමක් දෙමුද . . ???

ඔබ කිව්වා වාගේ ගැහනිය පිරිමියාගේ ආදරය රැකවරනය බලාපොරොත්තු වෙනවා කියන දෙයට මගේ හැගීම නම් . . .

විවාහක කාන්තාවෝ විවාහයෙන් පසුව ස්වාමියාට බිරිදට ආදරය කරන්න තියෙන අවස්ථා වසා දමනවා කියන එකයි . . .

කෙටියෙන් කීවොත් ස්වාමියා සතුටක් ලබන්න කරන හැම දේටම බිරිද අවහිර කරනවා . . මිතුරන් සමග එකතු වෙනවට බිරිද අකමැතියි . .මධුවිත ටිකක් රසවිදිනවාට බිරිද අකමැතියි. . . වෙනත් ගැහැනු අය හෝ මිතුරින් සමග හිනාවෙනවාට, කතා කරනවාට, විහිලු තහලු කරනවාට බිරිද අකමැතියි, ලස්සන ඇදුමක් අදිනවාට බිරිද අකමැතියි, කොටින්ම සැමියාට සතුටක් ලැබියහැකි හැම දෙයටම බිරිද අකමැතියි . . .

ඔහුගෙන් ආදරය ලබන විදිහට නොවෙයි තිබෙන ආදරයත් නැතිවෙලා පිලිකුලක් ඇති වෙන විදිහටයි බිරිද වැඩ කරන්නේ . . . “if you love some thing, set it free” කියල ඉංග්‍රීසි කියමනක් තියෙනවානේ . . . ! ඒ වගේ තමන් ආදරේ කරන කෙනා සතුටු විය හැකි දෙයක් කරන්න දී ඔහුගේ සතුටට හවුල් වෙන්න උදව් වෙන්න පුලුවන් නම් බිරිදට ස්වාමියාගේ ආදරය රැකවරනය අනිවාර්යයෙන් ලැබෙනවා කියන එකයි මගේ හැගීම නම් . . .

ගැහැනුන්ගේ ආදරය ගැන නිමල් ගුණසේකර කියන ගායකයා ගායනා කරන ලස්සන ගීතයක් තියෙනවා . .
"හිත වටේ වැටක් බැදලා . . .
මා ඔබේම යයි කියලා. . .
කොටු කර ලන්නෙපා . .
සිර කරලන්නෙපා
මුලු ජීවිතය මාගේ . . .
ආදරේ නිසා කියල. . . ."

ඕකෙම අනිත් පැත්තත් වෙන්න පුලුවන් . . ස්වාමියා බිරිදට වහලියකට වගේ සලකන අවස්ථා, කිසි කෙනෙකුට කතාකරන්න නොදෙන අවස්ථා, ඇයට ඇගේ දෙමාපියන් බලන්න යන්න නොදෙන අවස්ථා වගේ දේවලුත් ඕන තරම් තියනවා . . .

දෙගොල්ලන්ගෙන්ම වෙන්න ඕන තමන් ආදරය කරන කෙනා සතුටු වියහැකි ආකාරයෙන් සතුටු වෙන්න ඉඩදී . . . ඔහුගේ / ඇයගේ සතුට දිහා බලා සතුටු වෙන්න හැකි ආකාරයේ මානසිකත්වයක් ගොඩනගා ගැනීමයි . . .

ඔබේ අනෙක් කරුන වූ ස්වාමියාගේ හිත වෙන අය කෙරෙහි ඇදී යන දේවල් වලට විසදුමක් ලෙස බිරිද දරුවන් ලැබීමෙන් පසුවත් "මගේ බිරිද හරි ලස්සනයි" කියා ස්වාමියාට අනෙක් අයත් එක්ක ආඩම්බරයෙන් කිව හැකි ආකාරයට ඇගේ රූපය ගැන, ශරීරයේ හැඩතල ගැන (හැමදාම ගැබිනියක් මෙන් වූ ලොකු බඩක් එන්න නොදී) උනන්දුවී පිලිවෙලකට ඉන්නවා නම් ස්වාමියා වෙන අය ගැන උනන්දුවෙන එකක් නැහැ නේද . . ??

අනෙක් කරුන බිරිද ටිකක් මැදි වයසට එනකොට පංසල බදා ගන්න එකෙන් ස්වාමියාට වෙන අතක් බලා ගනන් වෙන එකට විසදුමක් ලෙස . . . කාන්තාවන්ට අප අසා ඇති පරිදි මැදි වයසෙදි ලිංගික කාර්යන් කෙරෙහි ඇති අවශ්‍යතාවය නැති වෙනවා ඉන්පසු ඔවුන් දරුවන්ගේ කටයුතු, පංසලේ කටයුතු ගැන සැලකිලිමත් වෙනවා සැමියාව නොසලකා හරිනවා . . එසේ නොවී ඔහු ගැනත් සුපුරුදු පරිදි සැලකිලිමත්වීමෙන් ආදරේ හැමදාම නැවුම්ව තබා ගතහැකි වේවී කියලා මට හිතෙනවා. . .

සාගර said...

දුකා එළකිරි මේ වාගේ වැදගත් සංවාද වලට මුලපුරන එක.

දුකා said...

@ සාගර !
ඔව් සාගර . . මට හිතෙන්නේ අපේ සමාජයේ විවාහක පවුල් බොහොමයක ප්‍රශ්න තියෙන්නේ විවෘත්තව කතාබහ නොකරන එකෙන් කියලයි මම හිහන්නේ . . මෙහෙම වත් කතාකරනවානම් . . කියාගන්න බැරි උනත් . . මේ වගේ ලිපියක් බලන්න ඉඩ සලසලා හරි පනිවිඩේ අදාල තැනට දෙන්න පුලුවන් උනොත් පොඩි හරි හොදක් වෙයිනේ . . .!

අක්කණ්ඩි said...

දුකා, මාලි කියන අදහස් වලට මම එකඟයි. බොහොමයක් ගැහැණු විවාහ වුණාට පස්සෙ, ලමයි ටිකක් ලොකුවෙන කොට ඒ ගොල්ලන්ගෙ ජීවිත වලට නැවතීමෙ ලකුණ තමාම දමා ගන්නව. කොටින්ම නිදා ගන්න යන කොට දත් මැදල, ඇඟ පත සෝදගෙන, ඇඳුම් මාරු කර ගෙන නින්දට යන පුරුද්දකුත් සමහරුන්ට නැහැ.
ඉන් එහාට අධ්‍යාපනයක් ගැන හිතන්නෙ නැහැ. තමන්ගෙ පෙනුම ගැන හිතන්නෙ නැහැ. සිගාලොවාද සූත්‍රයෙවත් නැති ඒව කරන්න ගියහම තමයි ඔය, දන්නෙම නැතුව මහත්තයා කොහෙ හරි ගිහින් පැට ලෙන්නෙ. දුකා, හැම බිරින්දෑවරුන්ම මද පමණින් මදුවිත් තොල ගෑවට ආරොවට යන්නෙ නැහැ. බයිට්ස් හදල දෙන අයත් ඉන්නවා.
අන්‍යෝන්‍ය අවබෝධය හරිම වැදගත්. ප්‍රශ්න සාකච්චා කිරීමත් වැදගත්. අද සිද්ධ වෙන්නෙ තමන්ගෙ පවුලෙ තියෙන ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරනවට වඩා..අර මෙගා නාට්‍යය වල, මාලා නාටක වල තියෙන ප්‍රශ්න නෙ අපෙ කට්ටියට වැද්ගත්. නාට්‍ය අත පහු කරන්න බැහැ.නමුත් තමන්ගෙ ප්‍රශ්න අමතක කරනවා. ප්‍රශ්න හිත් වල හිර කර ගෙන බුම්ම ගෙන ඉන්නවා. එහෙම හිටියට විසඳුම් හොයන්න බැරි බව සමහරුන්ට අමතක වෙනව.
හුඟක් පුළුල් ප්‍රශ්නයක්. ආයෝජන වලට යන්න ගිහින් අපයෝජනයන් සිදුවෙන්නත් පුළුවන්..ඒ නිස..මල්ලිලා, පුතාල ඕව අත් හදා බලන්න යන්න එපා. ජීවිතය අමාරුවෙන් එහාට මෙහාට කරකවල අඹන්න හදන්න එපා. හැම දෙයක්ම විචාර බුද්ධියෙන් බලල දෙවරක් හිතල තීන්දු ගත්තොත් යහපත්. මේ අඩවියෙ ඉන්නෙ මැට්ටො නෙවෙයි නෙ. මොළේ කලඳකට වඩා ගොඩක් තියෙන අය නෙ. සිහි බුද්ධියෙන් වැඩ කරන්න.

ushan said...

දුකා අයිය දන්න දෙවල්
ඔයා හිතුවට වැඩිය ගොඩක් විවිධ අදහස් තියන කෙනෙක්
තවත් මේවගේ දෙවල් බලාපොරෙත්තු වෙමි ඔබට ජය!!!

කිරිමාමා said...

මේ ඓතිහාසික අවුලක් තියෙන ප්‍රශ්නයක්.. මේකට කාටවත් උත්තර නැහැ.(සිද්ධාර්ථ ගෞතම ට හැර ). හැබැයි.. මෙහෙම බැලුවොත්.. මගේ පිරිමියා..ගෑණි ලඟ නැති යමක් සොයා යාමේ ආසාව... එහෙම 'වැඩිපුර යමක් ඇති' කියන උපකල්පනය..හා සීමා නැති මනුස්ස පරිකල්පනය...X කණ්ඩායම දෛව ස්ත්‍රිය කියලා නම දුන්නෙ මේ 'හිස් ඉඩට' .. මේ 'ඉඩ' පුරවන්න සක්කරයාට තියා වයිමා ටත් බැහැ.. ප්‍රශ්නය තේරුම් ගන්න ඉඩක් විවර වෙනවා විතරයි..

ගීත් said...

ම්.........මම මේ බ්ලොග් කෙළියට අළුත් නොවැ ඒ නිසා ලියනවා ඇරෙන්න කියවන්න තියෙන වේලාව මදි. මොකද JOB එකත් ශේප් එකේ කරන ගමන්නෙ මේ BLOG කියන අලුත් සංස්කෘතියත් එක්ක මුහුවෙන්නේ. කොහොම උනත් දුකාගේ Page කියවලා තමයි අනිත්වට අතගහන්න ඕන. මොකද මට දුකාව අල්ලලා ගියේ මගේ Page කියවන කෙනෙක් නිසාවත් ඔවදන් දෙන කෙනෙක් නිසාවත් එකම වෘත්තීය ක්ෂේත්රේයක නියැලෙන නිසාවත් නෙවෙයි. ඒ වයස් පරතරය වෙනස් වුනත් අත්දැකීම් වෙනස් වුනත් අපි දෙන්නම අදහස් වලින් යම් සමාන්තර තලයක ගමන් කරන නිසාවෙන්. ඔබ මව පියා ගැන දරණ මතය ඔබගේ ගීත හා කලා වන් පිලිබද දරන මතය පමනක් නොව මේ ආකාර ලිංගිකත්වය හා අඹුසැමි සබධතා ගැන කථා කරන විවෘත්ත ආකාරයන් පිළිබදවත් මම සිටින්නේ ඔබේ මතයට සමගාමී විවෘත මතයක. මම විවාහකයකු නොවුනත් මේ පිළිබදව පුද්ගලික ව අත්දැකීම් මද වුවත් මේ මාතෘකාව පිළිබදව කථාකරන්න අදහස් හුවමාරු කරගන්න හා බුද්ධිමය සංවාද සදහා ඉතාමත් කැමැත්තෙන් හා මාතෘකාවට අදාලව කරුණු රැසක් මා මනසේ රැස් වී තියෙනවා. වෙලාව තියෙන තියෙන හැටියට කථා කරමු.

දුකා said...

@ ගීත් !
ස්තූතියි . . ගීත් . . .

ඔව් අපි කතාකරමු . . . අපි හැමෝගෙම අදහස් හුවමාරු කරගෙන හැම දෙනාට ම නැතත් තේරුම් ගන්න පුලුවන් ටික දෙනෙකුටවත් ජීවිතය සතුටින් ගතකරන්න හැකිවෙන්න කියා පතාගෙන අපේ අත්දැකීම . . අදහස් උදහස් බෙද හදා ගනිමු . . .!

Post a Comment

ඔබගේ අදහස් තමයි මගේ ශක්තිය..සිංහලෙන් ලියන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html මෙතනට යන්න..