Sunday, July 18, 2010

අඬන්න අමතකව වියළුනු ඇස් වලට කඳුලක සිසිලසක් ලබාදෙන තක්සලාව . .. !



අබුඩාබි වල Head Office එකට මේ මාසේ පළවෙනිදා ඉඳලා මාරු කරපු දවසේ ඉඳන් කලින් සයිට් ඔෆිස් එකේ වගේ වැඩක් කරන අතරේ බ්‍රේක් එකේ බ්ලොග් කියවන්න , බ්ලොග් ලියන්න හා ෆේස් බුක් බලන්න නෙමෙයි හුස්ම ගන්නත් බැරි තරම් වැඩ ගොඩක් භාර දුන්නා. . .

සමහර වෙලාවට එක දිගට වැඩ කරලා කරලා ස්ට්‍රෙස් එක නිසා පපුවත් එක්ක රිදෙනවා වගේ වුනාම තමයි ලොකුවට හුස්ම ගන්නත් මතක් වෙන්නේ . . .

කොයි තරම් වැඩ වැඩිද කියනවනම් ඊයේ නිවාඩු දවසේත් ඔෆිස් ගිහින් වැඩ කරන්න වුනා මොකද එහෙම නොකලා නම් ටාගට් ඩේට් එකට වැඩේ ගොඩ දාන්න බැරි වෙනවා වගේ හිතුනු නිසා.

අහම්බෙන් හරි රෑ මගේ පොඩි සොඳුරු ත්‍රස්තවාදියා මට කලින් නින්දට ගියොත් බ්ලොග් කියවන එක කරන නමුත් ඉස්සර වගේ බ්ලොග් පෝස්ට් නොලියන එක ගැනයි අනිත් අය ලියපු දේවල් වලට මගේ අදහස් දක්වන්න නොලැබෙන එක ගැනයි මගේ බ්ලොග් සහෘදයෝ මට සමාව දේවීකියලා මම විස්වාස කරනවා . ..

ලියන්න ජාති නම් එමට තිබුනත් අද මේ කොල්ලට TV එකේ ටොම් ඇන්ඩ් ජෙරී දාලා දීලා රවට්ටලා කොම්පූටරේ ලඟ මම පොඩි වෙලාවකට ඉඳ ගත්තේ අද නම් පොඩි හරි පෝස්ට් එකක් ලියන්න ඕනි කියලා හිතාගෙන .

හරි එහෙනම් අපි කතාවට බහිමු.

. . .. . .. . . .. .. . . .. .. .


මගේ මිතුරු රුවන්ගේ මඟපෙන්වීමෙන් අපි දැන් කාලෙක ඉඳන් අන්තර්ජාලය හරහා ලංකාවේ පෙන්වන ටෙලි නාට්‍ය බලනවා.

හැබැයි අපි ඉතිං ෆිල්ටර් කරලා කරලා අපේ සෙන්සර් එකට අහුවෙන හොඳම කියලා හිතෙන ඒවා තමයි බලන්නේ.

කාලෙක ඉඳන් මේ පහත සඳහන් හොඳයි කියලා මට /අපිට හිතුනු (දැනට මතකයේ තිබෙන) ටෙලි නාට්‍ය බලලා තියෙන නිසා මම හිතන්නේ හොඳ ටෙලි නාට්‍යක් අඳුනා ගන්න ඉවක් අපිට ලැබිලා තියෙනවා.

1. තාරාදේවී
2. පලිඟු මැනිකේ
3. දඬුබස්නාමානය
4. වෙද හාමිනේ
5. ඉඳිකඩ අසන
6. ඇල්ල ලඟ වලව්ව
7. දුන්හිඳ අද්දර
8. ඉමදිය මංකඩ
9. කඩවර
10. ගජමන් නෝනා
11. ඉරට හඬන මල්
12. යශෝරාවය
13. රන් මසු උයන
14. දිය සුළිය
15. අග පිපි මල්
16. නිසල විල
17. සංක්‍රාන්ති සමය
18. නන්නාදුනන්නී
19. බැද්දේ ගෙදර
20. ඉසුරු යෝගය
21. ගංගා සහ නිස්සංක
22. චක බ්ලාස් - ඉඳි ආප්ප කතාව
මේ මතකයේ තියෙන කීපයක් පමනයි.

කොහොමින් හරි අද මම දෙන්න යන්නේ මේ වගේම හොඳ තත්වයේ තියෙන ටෙලි නාට්‍යක් ගැන ඔත්තුවක්.

වීදුරු බඩු වගේ පරිස්සමින් රැකිය යුතු මානුසික සබඳකම් වල වටිනාකම ගැන අපූරුවට කියා දෙන ගමන් සෙනෙහස හා මානව දයාව බර හදවතට දනවමින් අඬන්න අමතක වුනු ඇස් වලට කඳුලක උනුහුමත් අරන් එන මේ අපූරු නාට්‍යයේ නම තක්සලාව.

හිමාලි සයුරංගී ප්‍රධාන චරිතයත් සෙසු චරිත ජගත් මනුවර්ණ, චාන්දනී සෙනෙවිරත්න, මහේන්ද්‍ර පෙරේරා, ගිරිරාජ් කෞශල්‍ය ආදීන් රඟපාන මේ සංවේදී කතාව අඩංගු නාට්‍යයේ අධ්‍යක්ශක ආන්නද අබේනායක මහතායි.

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාෂනය වෙමින් තිබුනු මේ නාට්‍යය ගිය සෙනසුරාදායින් අවසන් වුනා.



මේ අඩවියෙන් (මෙන්න මෙතනින් ගිහින් බලන්න) සම්පූර්ණ ටෙලි නාට්‍යයම මුල සිට එක දිගට නැරඹිය හැකියි. කාලවේලාව සකස් කරගෙන නැරඹුවාට පාඩු නොවන ටෙලියක් වූ මෙය නරඹන්න නොහැකි වූ අය වෙත් නම් නරඹා ඔබට සිතුනු / සිතෙන දේ ගැන සටහනකුත් තබන්න ඇහැකි නම් අගෙයි . . .

Saturday, July 10, 2010

දඬුවම් ලද යුතු යෞවනය හා බැඳුනු මිල්ටන් . .. !



යෞවන වයසේ මානව මානවිකාවන්ට ආදර හැඟීම පහල වීම අරුමයක්ද . . .
තරුණ වියේදී පමනක් නොව මැදි වයසේදී පවා ආදර හැඟීම නූපදින හදවත් ඇත්තෝ විරල වන කලෙක යෞවන හදවත් වල උපදින ආදරය ආශ්චර්‍‍යක් ලෙස සලකුනු වෙනුවට එය මහා අපරාදයක් ලෙස සලකා දඬුවම් කිරීම අපරාධයක් ලෙස මට හැඟේ . .. .

යෞවන වයසේදී ආදරය කිරීම දඬුවම් ලද යුතු වරදක් නම් එසේ නම් මානව මානවිකාවන්ට දඬුවම් කරනු වෙනුවට යෞවනයට දඬුවම් නොකරන්නේ මන්දැයි නන්දා මාලනී "මේ සිර මැදුරෙන් . . පැන යන්නට ඇත්නම් . .. !!" ගීතය හරහා අපෙන් අසන්න්ට සිදුව ඇත්තේ සුනිල් ආරියරත්නයන්ද යෞවන වියේ ප්‍රේමය අපරාධයක් ලෙස නො සලකන නිසා නොවේදැයි මට සිතේ . ..

මේ සිර මැදුරෙන් පැන යන්නට ඇත්නම්

මේ සිර මැදුරෙන් පැන යන්නට ඇත්නම්
මේ මුර සෙබලුන් එලවන්නට ඇත්නම්
පවුරු වළල්ලෙන් එහා රටේ
අප දෙදෙනා වෙනුවෙන්
මල් පිපේවි ආදරේ නමින් . . .
ම -ල් - පි - පේ - වි- ආ - ද - රේ - න - මි- න් . .

ගැරහුම් අසමින් හද ගිනි දළු ලියලයි
දඬුවම් ලද යුතු අප නොව යෞවනයයි . . .
විස කටු පඳුරුය අප යන එන මඟ
ස්නේහයට ඇයි මේ අමිහිරි අවමන්

ඇසට උරුම ඇස උණන කඳුල පමන්යි
හදට උරුම හද දවන සුසුම පමනයි
මුලු ලොව සතුරුය අද අපි අබියස
ප්‍රේමයට ඇයි මේ විසකුරු සරදම්

යොවුන් වියේ ආදරය දෙස වැඩිහිටියන් තමන්ගේ තරුණ විය අමතක කොට හනමිටි ඔලුවේ තබා ගත් කෝණයකින් නොබලා ඒ ඉපදුනු සෙනෙහස පිරුනු හදින් ඉගෙනීම හා අනාගත දියුණුව ගැන සලකන අයුරු පිලිබඳව උපදෙස් දී ආදරයත් ඉගෙනීමත් සමාන්තරව කරගෙන යාම සඳහා අනුබල හා මඟපෙන්වීම දිය යුතුයි කියන දේ තමයි මගේ පුද්ගලික මතය නම් . ..

. . .. . .. . .. . .. . .. . . ... . . .. . .. . .. . .

පදම් කර ගත් තල්ගොබයක් ලී දෙකක් මැදට දමා මැද ඒ මත පන්හිඳකින් අකුරු කොට කළු මැද ඊතලයක අමුලා එල්ලය බලා විදීමෙන් හෝ එසේ ලියා ගත් තල්පත හීලෑ කර ගත් ගිරවෙකුගේ හෝ සැලළිහිනියෙකුගේ පාදයේ ගැට ගසා ඌ ලව්වා අදාල තැනැත්තා අතට පත් කිරීම ආදී අතීතයේ වූ සන්නිවේදන ක්‍රම පසුකර විත් අද දවසේ ජංගම දුරකතනයේ තිරය දෙස බලාගෙන සජීවී සංවාද පැවැත්විය හැකි තරම් දියුණු වූ නමුත් අපේ යෞවන වයසේදී ප්‍රේම සම්බන්ධතා අතර අන්තර් සන්නිවේදන මාධ්‍ය වූයේ ලිපි පමනි.

කොලයේ අග රෝසමල්, සමනළුන් ප්‍රින්ට් කර තිබූ ලිපි කොලවල ලියා ලිපියේ උඩින්ම ගීතයක කොටසකුත් එකතු කොට අක්කගේ "ග්‍රීන් ග්‍රාස්" සුවඳ විලවුන් බෝතලය හොරෙන් අරගෙන දෙතුන් තැනකට හලා ලස්සනට නවා අතින් හැදූ කවරයක බහා ටියුෂන් සර්ලා බෝඩ් එකේ ගණන් ලියන අතරතුර හොරෙන් පාස් කල ලිපියක සුන්දරත්වය අද දවසේ ඊමේල් මඟින් ආදර හසුන් යවන නැතිනම් දුරකථනයෙන් එස්. එම් එස්. මඟින් පෙම් පණිවිඩ යවන යෞවන පෙම්වතුන්ට ලබා ගත නොහැකි බව නම් මට ඉඳුරා පැවසිය හැකියි . ..

එවන් වූ අපගේ දඬුවම් ලද යුතු යෞවනයේ ලිපි වලට නැතුවම බැරි වූ ගීත කොටස් බොහෝ විට මිල්ටන්ගේ ගීත බැව් එසේ ලිපි ලියූ අය හා කියවූ අය ම හැර වෙන කවුරු නම් දනීද . . . !!

. . . . . . . . .. . . . . . . . . . . . . . . . . . .

හප්පා . . මෙයාගේ තියෙන ගෑස් . .
මෙහෙමද අලුතෙන් ගමකට ආවහම . . .
හැමෝම එක්ක පොඩ්ඩක් හිනා වෙලා ඉන්න එපැයි . . .
අනික නිකං දැන් ගමේ කමට වත් පොඩ්ඩක් හිනා වුනා නම් මොකෝ . ..
කතා කරන්න ආස වුනත් කස්ටිය ඉස්සරහා ඇඟට කඩන් පැන්නොත් නෝන්ඩි හොඳම එක . ..

අප එක පෙදෙසක

අප එක පෙදෙසක නිවසන්නේ
නැතුවද ඔබ මා හඳුනන්නේ
මා දිහා ඇයි නොබලන්නේ
ඇයි නොබලන්නේ

ඔබ යන පසු පස පිය මැන ඇත්තෙමි
ඔබට නොම දැනී
ඔබගේ තොරතුරු විපරම් කෙරුවෙමි
ඔබට නොම දැනී
මා දිහා ඇයි නොබලන්නේ
ඇයි නොබලන්නේ

ඔබ අමතන්නට සිතුවද විටකදී
එයට සිත නොදේ
මොහොතින් මොහොතට මගෙ සිතුවිලි පෙළ
ඔබ වටා ඇදේ
මා දිහා ඇයි නොබලන්නේ
ඇයි නොබලන්නේ

. . . .. . . .. . .. . .

විනාඩි දහයක් වත් මම පේන්න නොහිටියොත් ස්කෝලේ පුරාම මාව හොය හොය ඇවිදින කෙනා අද මට හොයා ගන්නවත් බැරි තරම් දුරක නොකියාම ගිහින් නො එන්නම . . . . මතකය විතරක් මගේ ලඟ . . . ! ඇයි මතකය විතරක් වේදනාව . . ???

කඳු පාර ඈත අයිනේ

කඳු පාර ඈත අයිනේ සඳ රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා

යාලුවී දෙවටේ එදා කී කතා අසා
පාලුවී හැඬුවා සදා මාරුතේ පවා

ගං ඉමේ මාදං කැලේ පාසැලේ පුරා
මා සොයා ආවා වගේ වෙන්වෙලා ගියා

. . .. . .

"උසස් පෙළ සමයේ ප්‍රේමය ගැන ලියවුනු ගීයක් මම ඊලඟට ගයන්නේ . . . පෙම්වතිය උසස් පෙළ සමත් වෙලා සරසවි වරම් ලැබ එහි ගොසින් . . පෙම්වතා ඇය ගැන විස්සෝපයෙන් . . ."
අමරසිරි පීරිස් මහතා ඩුබායිහි තිබූ සංගීත සැඳේවේදී එසේ පවසන විට මට එක්වරම මතකයට ආවේ සුපුන් සුදාරක මළයා විචාරයක් ලියපු "හන්තානට පායන සඳ" ගීතය . . . මෙයත් එවන්ම වූ සිදුවීමක් නොවේද

දෙනෝ දහක් ගැවසෙන

දෙනෝ දහක් ගැවසෙන සරසවියේ
පාලුව තනිකම දැනෙනවනම්
කුටියේ කවුළුව විවර කරනු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්

ඔබ සරසවියක මා පොඩි ගෙපැලක
එක්වන්නට අද වරම් නැතේ
එකම පංතියේ එක ලඟ ඉඳගෙන
පාසැල් ගිය හැටි සිතට නැගේ

ඔබ හා අත්වැල් බැඳ ඇවිදින්නට
පෙරුම් පිරූ පාසැල් සමයේ
සිල්ප සතර රැඳුනේ නැහැ මා සිත
ඒ හින්දයි අප දුරස් වුනේ

. . . . . .

යොවුන් වියේ ප්‍රේමය කොයි තරම් සොඳුරුද . . කොයි තරම් බොලඳද . . . හැබෑ ලෝකයේදී හීනෙකින් වත් සිදු කල නොහැකි දේවල් යොවුන් පෙම් ලොවේදී ඉතාම සුලු දේවල් . . ..

සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ

සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ

මල් ගෙනත් තබා දෝතින් පිලි ගන්නයි
කල් බලා හිඳින්නේ ඔබ පිලි ගන්නයි
කල්පයක් තරම් නිදහස රැක ගන්නයි
කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි

වැහි වලාකුලෙන් පැල්පත සාදන්නයි
කවුලුවක් ලෙසින් තබන්නේ දේදුන්නයි
සුපුරුදු ලෙස යලි ඉර හඳ පායන්නයි
ඒ මැදින් මගේ සම්පත ගෙට එනන්යි

. . . .. .

එයා අදරය කරන්නේ මටද . .. නැති නම් ඔහුටද . . . ? ඔහුගේ හද රිදවලා ඈ මා සතු කරගන්නවාද . . . ? ඒත් කිසිවෙකුට රිදවන්න හිත හදාගන්න නොහැකි මම මමම හිත රිදවාගෙන ඒ දෙදෙනාට සුභ පතා අයින් වෙනවාද . . ?

මට මෙන් ඔහුටද කඳුල ඔබයි

මට මෙන් ඔහුටද කඳුල ඔබයි
කඳුල ඔබයි හසරැල්ල ඔබයි

තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක් වෙයි
ආදර ගඟුලක් පෙරට ඇදෙයි
කාටද ඔබේ අත හිමිවන්නේ
මා වාගේම ඔහු විමසන්නේ

කිසිවකු රිදවා හිනැහෙනු බැහැ මට
එහෙයින් ඔබගෙන් බැහැර යමී
ඔබටද ඔහුටද සුභ පතමී
ඔබටද ඔහුටද සුභ පතමී

. . .. .

මැයි මල් වැටිලා රතු පාවඩයක් එලළා වගේ තිබුනු මේ පාර දිගේ අපි එදා අත්වැල් පටලන් පිය නැගුවේ කොයි තරම් සතුටෙන්ද . . . ඒත් ඒ පාරෙම අද මට තනියෙම පියනගන්න සිදුවීම තරම් දරාගත නොහැකි වෙන යමක් ඇතැයි ඔබට නොසිතේද . .. ?

මේ මැයි ගහ යට

මේ මැයි ගහ යට දවසක්දා
මතකද අපි උන්නා
රතු කැට වාගේ මැයි මල් පිපී පිපී
අපිට සෙවන දුන්නා

මැයි මාසේ එක සැන්ඳෑ වරුවක
සීතල වැහිපොද වැටෙන වෙලේ
ආදර වියෝවත් සිතින් එබෙන සඳ
වැහි පොද සේ නෙත කඳුලු සැලේ

වැහි පොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුනත් රතට රතේ
අප දෙදෙනෙක් නැත අද මා පමනයි
මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ

. . . . . .. . . . .. . .

පාසැල් යන අතරමඟ දී දකින දෙමහල් නිවසේ සඳළුතලයේ සිට සිනා මල් එවන ඇය කවුද . . . ඒ සිනාව ඔස්සේ ඈ පවසන කතාව මට වැටහුනාද . . . ඈ එසේ සිනා සෙන්නේ මට විතරක්මද . . .. මිතුරන් පවසන දේවල් විස්වාසෙට ගන්නවාද . . .මට කිසිවක් පැහැදිලිව සිතා ගත නොහැකි ඇයි මේ . ..

සිටු කුමාරියේ ඔබේ සිනා

සිටු කුමාරියේ ඔබේ සිනා සඳළුතලාවේ
මගේ හැඟුම් හොරෙන් බමාලා
මට ගෙනා කතාවේ උන් කියූ කතාවේ
මගේ හැඟුම් බිඟුම් කියූ රහස් මේ

පෙරදාක වෙන කවුද ලං වූ වගයි
ඔබ ඉන් මුලා වූ වගයි
මධු යාමයේ ගීත සෝ ගී වුනැයි
ඔබගේම දෙනුවන් කියයි

හමුවීම වෙන්වීම ඔබගේ ලොවේ
එක දාක අරුමේ නොවේ
හැමදාම ඔබ ඒ වගේ නම් අනේ
ඔය මල් හිනා නෑ අගේ

. . . . .. . . . ..

මේ කෙල්ල අදත් එන්නේ නෑ වගේ . . . එයාමයි කිව්වේ මෙතන මේ බීච් එක ලඟදී මුනගහෙමු කියලා . . ඒත් අද එයා නාවේ ඇයි . . ෂිහ් දැන් ඉතිං ලබන සෙනසුරාදා වෙනකම් හිටපන්කෝ කල්පයක් විතර ඉවසගෙන . .. !!!

මගේ පුන්චි කුමාරී

මගේ පුන්චි කුමාරී
පමා ඇයිද සැඳෑවේ
ආල හැඟුම් මෝරන යාමේ පාලුවේ
ආල හැඟුම් මෝරන යාමේ

ක්ෂිතිජ ඉමේ තනිවෙලා
හිරු අවරට යයි ගලා
තව මොහොතින් අඳුර ගලාවී
ආදර සිත් ආදරයෙන් එක්ව බැඳෙන යාමේ
මා තනිවී සිහින මවාවී

රැය එලිවී දින සතෙකින් යලි ශනිදා ඒවී
කල්ප සතක් මට දැනුනාවේ
කල්ප ගෙවී දින සතෙකින් යලි ශනිදා ඒවී
ඔබ නොලසා ඉන්න දයාවී

. . . . .

"දුකා මාර සීන් එකක් වුනා බන් අද ඉස්කෝලෙදී"
"අහ් ඉරේෂි අද ඕ ලෙවෙල් අන්තිම දවස නේද කොහොමද එග්සෑම් හොඳට කලාද?"
"හිටපන්කෝ පනින්නේ නැතුව . . ඔව් ඔව් හොඳට කලා තව එකක් අපේ ඉස්කෝලෙට ප්‍රයිවෙට් එග්සෑම් කරන අය ලොකු සෙට් එකක් ඇවිත් හිටියා"
"ඉතිං"
"ඒ අය අතරේ හිටියා හරි ලස්සන කොල්ලෙක් බන් ඌ පලවෙනි දවසේ ඉඳන් මට මාර ලයින් . . කොහෙද අපේ කෙල්ලොන්ගෙන් බේරිලා කතා කරන්නේ වත් . . ."
"අයියෝ එඩ්‍රස් එක වත් දුන්නේ නැද්ද බන්"
"මොන එඩ්‍රස් ද බන් දෙන්නම බල බල ඇහෙන් කතා කර කර හිටියා විතරයි . . අද අන්තිම දවසනේ එයාලගේ කට්ටිය එකතු වෙලා සින්දු කිව්වා . .. "
"උඹලත් එකතු වුනාද එයාලා එක්ක "
"ඔව් අනේ එයා මේ සින්දුව මාර ලස්සනට කිව්වා හොරෙන් හොරෙන් මගේ දිහා බල බල . .. "
"පව් අප්පා . ."

සුලඟේ පාවී

සුලඟේ පාවී ඈ වෙත යාවී මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම්

පාසැලේදී මා දිහා නෙත් කොනින් බලා
ඒ කියූ රහස් කතා නෑ සැබෑ වුනේ

ගී පොතේහී මා ලියූ සෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින් හෙලූ බැලුම් ප්‍රියේ

. . . .. . .. .. .. . .

අහිංසක හදවත් දෙකක ඉපදුනු ආදරයක් දෙස දයාවෙන් බැලිය නොහැකි ලෝකයක අප ඉපදුනේ ඇයි . ..
ආදරය කුළ මල දේපල වස්තුව උස් පහත් කම් කිසි දෙයක් නොසලකන බව මේ වැඩිහිටියෝ එයාලගේ තරුණ කාලේදී වත් හිතලා නැද්ද . . .
මේ වගේ කුරිරු මෝඩ සමාජෙක නැතුව ආදරයට අදරයෙන් ආදරය කරන ලස්සන සමාජෙක නැවත් අපි දෙන්නත් ඉපදී එහිදී යලි හමුවෙන්නත් අපි ප්‍රාර්ථනා කරගෙන වෙන්වීම හර අපිට වෙන විකල්පයක් ඇද්ද . . . ?

ඔබයි මමයි මැවූ සිහින

ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි
දෙ අත රැගෙන එකම දිනෙක අප සමු ගන්නයි

සුනිල පළිඟු දියෙන් සපිරි පොකුන මා තමයි
රුවද සුවඳ එකම පරිදි රැගත් මල ඔබයි
ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි
දෙ අත රැගෙන එකම දිනෙක අප සමු ගන්නයි

අපට නොමැත නීති රීති සෙනෙහස පමනී
තවත් ලොවක එවන් දිනෙක ඔබෙ අත පතමී
ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි
දෙ අත රැගෙන එකම දිනෙක යලි හමුවෙන්නයි

Saturday, July 3, 2010

සමුගැන්මක් නොවූ කඳුලින් සමුදුන් තවත් සමුගැනීමක් !



ජීවිතය නම් දිගු ගමනක්මැය
නොනැවතී ඉදිරියටම යා යුතු
කටු කොහුලින් සැදි ගිරි දුර්ග මාවත්ද
මල් පාවඩ අතුල මංමාවත් දිගද
පා නගා යා යුතු නොනැවතී ඉදිරියට . . . .

රුදුරු මිගිඳුන්, කපටි කැනහිලුන්
ගහන ඝන වනාන්තර ද පසු කරමින්
බියෙන් සැකෙන් සීරුමාරුවෙන් පා තැබිය යුතු
සියොත් පෙම් ගී නින්නාද දෙන
මල් උයන් මතින්ද සිනා නඟමින්
තුටින් ගී ගයමින් විඩා නිවමින්
නොනැවතී පා නැගිය යුතු ඉදිරියටම . . . .

තෙරක් නොපෙනෙන මිරිඟු දිය රැලි නඟන
දිය බිඳක් නොමැති කතරවල් හරහාද
රස බොජුන් සමඟින් සිහිල් දිය පිරි
සොඳුරු හිතැත්තන් මියුරු තෙපුලැත්තන්
සපිරුනු නවාතැන් පොලවල්ද
දමා යා නොහැකියි සිත කෑ ගසා හඬන
දිවිය එකළු කල සොඳුරු හිතැත්තන්
ඇතැර යා නොහැකිව කඳුලු සලමින් වුව
අතැර නොනැවතී ඉදිරියට ම යා යුතු
ජීවිතය නම් දිගු ගමනක්මැය . . .. .

දයාබර අනුරාධ අයියා ඔබත් එවැනි සොඳුරු හිතැත්තෙක්
මේ දිගු ජීවන ගමනේ එක් සොඳුරු නවාතැන් පලක හමුවූ
දමා යා නොහැකිව සිත කෑ ගසා ගඬන
අතැර ය නොහැකිව ළතැවුලෙන් තැවෙන
නමුදු අකමත්තෙන් වුවත් සමු දිය යුතු
කිමද ජීවිතය නම් දිගු ගමනක්මැය
නොනැවතී ඉදිරියට යා යුතු . . .

අසාධාරණය දුටු තැන කෝප වෙන
කෝප වූ සැනින් තරාතිරම නොබලා බැන වදින
එසැනින් අප අසලට විත් තරහා නිවාගෙන
පුංචි දරුවෙක් මෙන් සිනා නඟන
හතුරෙක් වුව උදවු ඉල්ලූ සැනින්
ඔබේ වැඩ පසුවට තබා කැපවීමෙන් ඉටුකර දෙන
ඔබෙන් උගත් දේ බොහෝයි සැක නැත ඒ ගැන

දයාබර අරුණ අයියා අප අතැර ගියාක් මෙන්
කැන්ගරු දේසෙට පියඹන්න අපෙන් සමුගන්න නුඹට
ගතින් දුරක යනවා උනත්, සිතෙන් බෝ ලඟම ඉන්නා නිසාවෙන්
සමුදුන්නෙමි සෙහෙහසින් නමුදු කඳුලු පිරුනු හදවතින් . . .

ජීවිතය නම් දිගු ගමනක්මැය
නොනැවතී ඉදිරියටම යා යුතු . . . .. !!!

Wednesday, June 30, 2010

ලිටිල් ස්ටාර්ස්ලා සහ ළමා ගී . . . . !

අපි දැන් දවස් ගානක ඉඳන් අන්තර්ජාලය හරහා දෙරණ ලිටිල් ස්ටාර් තරඟය බලනවා . . . මගේ පොඩි එකා හෙවත් සොඳුරු ත්‍රස්තවාදියා ත් එම වැඩසටහනට හරිම කැමතියි . . සමහර වෙලාවට අපිට වෙන දෙයක් බලන්න දෙන්නෙත් නෑ එයාට මේ ලිටිල් ස්ටාර් දාලා දෙන්න කියලා කරදර කරනවා. . . .

ඒ වැඩසටහනට මමත් හරිම කැමතියි. ඉස්සර අපේ කාලේ වේදිකාව හිමිවෙලා තිබුනේ වරප්‍රසාදලත් කන්ඩායමකට විතරක්දෝ කියලා හිතෙන වෙලාවල් තියෙනවා වුනත් එහෙම නැති නියම දක්ෂයෝ උත්සාහයෙන් වැඩිහිටි අයගේ මගපෙන්වීමෙන් කරලිය ජයග්‍රහනය කරපු අවස්ථාත් ඕන තරම් අහන්න ලැබිලා තියෙන නිසා කරලිය වරරප්‍රසාද ලත් අයට විතරක් කියන්න හිත නැමෙන්නේ නෑ වගේ. . . කෙසේ නමුත් මේ කරලිය හා වරප්‍රසාද සංවාදය අලළා සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරපු අපූරු ගීතයකුත් තිබෙනවා ගොඩක් අය අහලා ඇති . .

තිරය ඇරෙනවා තිරය වැහෙනවා

තිරය ඇරෙනවා තිරය වැහෙනවා
ඔල්වරසන් හඬ පැතිරෙනවා
සඳළුතලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉඟ සුඟ නටවනවා . . .
. . .
කලගෙඩි නැටුමට කළගෙඩි සොලවති
නළ වතුරෙන් සැන්හෙන දරුවෝ
ගොයම් නැටුමකට දෑකැති ලෙළවති
කුඹුරක් ඇස නොගැටුන දරුවෝ . .
. . .
දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
කරලිය හිමි නැති අපේ ළමයි
හේනට කුඹුරට ගත සවි දියකොට
කරලිය අභියස බලා හිඳියි . . .

මේ ලිටිල් ස්ටාර් තරඟ වලට එන පුංචි දරු දැරියන් වැඩිහිටි ප්‍රවීනයන් විසින් ගායනා කරපු උසස් ගීත වගේම සමහර ගායකයෝ / ගායිකාවෝ කියා හඳුන්වාගන්නා අය ගායනා කර එෆ් එම් නාලිකා මඟින් බලෙන් අපිට අස්සවන්න සලස්වන හරසුන් බොල් ගීතත් ගායනා කරනු අහන්න දකින්න පුලුවන්.

ජීවන වියදම අහස උසට නැගලා තියෙන අද කාලේ ඉස්සර අපිට ළමා ගීත, ජනකතා ජන ගී උගන්වපු ආච්චිලා සීයලා බොහෝ දෙනෙක් අද කාලේ නඩත්තුව අපහසු නිසා වැඩිහිටි නිවාස වල දිවි ගෙවන නිසාවෙන් මේ ළමා ගීත අප අතරින් නැත්තටම නැති වෙලා යාදෝ කියා මටනම් බොහෝ සාංකාවක් තියෙනවා.

ඉතිං අපි පුංචි කාලේ රෝඩියෝවේ නිතර අහන්න ලැබුනු ගීත ටිකක් ගැන ලිපියක් ලියා තැබිය යූයි කියා මා සිතුවා.

මේ ගීත වලට මගේ පොඩි එකාත් හරිම කැමතියි. අපි නිවාඩු ගිහින් එන විටෙක මේ ගීත අඩංගු තැටි කීපයක් ගෙනාවායින් පොඩි එකාට මේ ගීත රසවිඳින්න අවස්ථාව උදා කරලා දෙන්න අපිට හැකි වුනා. අපේ "කට කහන කතා" ලියන දුමීගේ දරුවන්ටත් අම්මා තාත්තා දෙපොලම සංගීතඥයෝ නිසාවෙන් මේ ගීත උගන්වලා තියෙනවා දුටුවිට නම් මට ඇතිවුනේ පුදුම සතුටක් . . .

. . . . . . . ..

මහළු නිවාසයේ ඉන්න සීයා අමල්බිසෝ කතන්දරේ මුනුබුරු, මිනිබිරියන්ට කියා දෙන්නේ කෙසේද . . .???

ටක් ගානවා ටික් ගානවා ටිකක් කනවා දොර වහනවා . . //
හුනු කිල්ලෝටයක් අරගෙන සීයා බුලත් විට හපනවා . . .
අනේ සීයේ අමල් බිසෝ කතන්දරේ කියන්නකෝ . . . . //



. . . . .

සෝමා ජයකොඩි මහත්මිය ලියපු රන්ගිර නවකතා පොතේ මම කියෙව්වා සාමාන්‍යපෙළ අසමත් වුනු නිමල්කා, මහසෙන් අයියාගෙන් උදවු ඉල්ලනවා ජපන් ආධාර අරගෙන පෙර පාසලක් අරඹන්න . . . උසස්පෙල උගන්වන ගුරුවරුන්ටත් වඩා මනෝ විද්‍යාව, ළමා මනස, අධ්‍යාපන මනෝ විද්‍යාව, ආදිය ගැන උගත්කමක් ඇති අයවලුන් විසින් සිදුකල යුතු කුඩා අයට ඉගැන්වීම සාමාන්‍යපෙළ අසමත් අයවලුන් විසින් සිදුකිරීම ඛේදවාචකයක් ලෙස කතුවරිය හුවා දක්වා තිබුනා . . . ඒ කෙසේ නමුත් දක්ෂ ආදරණීය පෙරපාසැල් ගුරුතුමිය අද දවසේ පවා ඔබේ සිතේ කොනක ජීවත්වනවා නොවේද . . ?

ඇය කොන්ඩේ දිගට දාලා හැම උදේම එනවා
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි ටීචර් කියලයි අමතනනේ . . .

අපේ පංතියේ ළමයි එක්ක ඈ හරි යාළුයි
ඈ පාසල් නාව දාට පන්තිය පාළුයි
ගමරාළගේ කතාවටයි අපි හරි ආසා
කවදාවත් නෑ පන්තියේ කරනෙන ගෝසා . .
. . ..
සිනා ගෙනෙන කතා තමයි ඈ පවසන්නේ
ආදරයෙන් සැමදා අප හට සලකන්නේ
ඈ අසලම ගැවසෙන්නට අපි හරි ආසයි
මේ පන්තිය දමා යන්න අපි ලෝබයි . .

මේ ගීතයේ පදරචනය සහ සංගීතය අසහාය සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ. අවාසනාවට මේ ගීතයේ ලින්ක් එකක් සොයා ගන්න අපහසු වුනා . . කාට හරි පුලුවන් නම් සොයා දෙන්න ලොකු උදව්වක් . .

. . . .

කතන්දර කාරයා එක පාරක් ලියලා තිබුනා "සකල බුජං" ගැන ලිපියක් . . . එකේ අවසානේ ලියලා තිබුනා

තිස් වසකට පෙර දිනයක
අපේ අතින් වුන වරදට
සකලබුජං
අනේ මචං
සමාවෙයං
කියලා . .

මේක ඔහුගේ පුද්ගලික අත්දැකීමක් නෙමේ කවි සිතුවිල්ලක් . ..

මේක කියෙව්වාම මට මතක් වුනේ අපේ ගෙදර හිටපු සකල බුජංලා දෙන්නෙක්ව . . මුන් දෙන්නවම ඉස්කෝලේ කට්ටි පැනල නිකම් ගමේ කරක් ගහ ගහ විනාස වෙන්න ගිය උන්. අපේ තාත්තා කොහේදෝ ඉඳන් මුන් දෙන්න ව දෙපාරකට එක්කගෙන අවහම අම්මගෙයි අපේයි නම් හිත් හොඳ නැති උනා මොකද අමාරුවෙන් පුරවපු කටවල් ගාන ට තවත් කටවල් දෙකක් එකතු වෙන එක ගැන . ..

ඒත් තාත්තාගේ තීරණය අවසාන තීරණය නිසා අපි හැමෝම ඒක භාර ගත්තා. උන් ආවයින් මට වුනු ලේසිය නම් උදේට පාන් ගේන්න කඩේ යන රාජකාරිය අතහැරුනු එකයි සෙල්ලම් කරන්න අපේ කන්ඩායමට තව දෙන්නෙක් එකතු වුනු එකයි තමයි.

අපේ තාත්තා වැඩිකල් නොයවාම මුන් දෙන්නවා ගරාජ් එකකයි හාඩ්වෙයාර් එකකටයි පන්ගාර්තු කලායින් දැන් එකෙක් හොඳ ගරාජ් බාස් කෙනෙක් අනිකා මහරගම ලොකු හාඩ්වෙයාර් එකක ඩ්‍රයිවර් කෙනෙක් . .. මුන් එක්ක රන්ඩු වෙච්චි වෙලාවල් වලදී අම්මයි අක්කයි මුන්ගේ පැත්ත අරගෙන මට ගහපු නිසා ඉතිං මට නම් කවදාවත් අනේ මචං සමාවෙයන් කියන්න ඕන වුනේ නෑ . .

මෙන්න මේ ලින්ක් එකෙන් මේ ගීතය බලන්න පුලුවන් . .

. . .. . . .

අර මම කලින් ලිපියකත් ලිව්ව වගේ (පන හයියම ආච්චී හෙවත් බොරුවට මැරුනු චරිත්ලගේ ආච්චී . . . !)

"බොහෝ කලකට පෙර . . . ආච්චී . . සීයා . . නැතිනම් අත්තම්මා . . ලොකු අත්තා . . යනු අපේ රටේ පවුල නම් සංකල්පයේ මහා පහන් ටැඹ දෙකක් මෙන් වූවා . . . දරුවන්ට ජන කතා . . . ජන ගායානා . . . සුරංගනා කතා . . . වීර කතා . . ඉතිහාස කතා . . බෞද්ධ ජාතක කතා . . ආදී දේවල් වලින් දරුවන්ගේ පුංචිලෝකය විචිත්රාවත් කලේ මේ දෙපලයි . . . !"

අප ලොකු මහත්කල කවා පොවා ඇති දැඩි කල එසේ පහන් ටැඹක් වූ සීදේවී අච්චී අද එදා තරම්ම වටිනා වස්තුවක්ද . .

කොන්ද නමාගෙන
හැරමිටි ගහගෙන
ඉබි ගමනින් එන්නේ
උදේම නාගෙන
චීත්තේ ඇඳගෙන
ආච්චී මේ එන්නේ . . .



. . .. . . .

කුරුම්බා ඇට්ටියකයට ඉරටු ගසා සකස් කරගත් මැසිමෙන් ඇඳුම් මැසූ අයට මතකයිද ඒ අතීතය . . . කොස් කොල වලට ඉරටු කෑලි ගසා සකස් කර ගත් ඔටුන්න . . . අත් පටි . . අද මේ සියල්ල අතහැර අපේ දරුවන් කොම්පියුටර් ගේම් . ..

අතීතයේ අප සතුටු වූ ආකාරයටම අපේ දරුවනුත් සතුටු විය යුතුයි කියා අපි සිතිය යුතු නෑ . . මේ ඒ වෙනුවෙන් ටැබූ ලියූ අගනා ලිපියක ලින්ක් එක . .

කුරුම්බැට්ටි මැසිමේ මගේ කුරුම්බැට්ටි මැසිමේ
ගවුම් පොඩිත්තක් මහලා දෙන්නද . .
කමිස පොඩිත්තක් මහලා දෙන්නද . . ?

Friday, June 18, 2010

මොරගහහේන බස් එක සහ පොල් . . .. !



කලින් දවසේ මගේ ටෙක් ජීවිතේ සිදුවුනු රසබර සිදුවීමක් ලිව්වනේ . . මතකයිනේ අර චූටි කුරුල්ලගේ කතාව . .. මට හිතුනා කට්ටිය ඒ පෝස්ට් එකෙන් හොඳ සතුටක් ලැබුවා කියලා . ..

ඒක නිසා තවත් ඒ කාලේ සිදුවුනු පොඩි රසබර සිදුවීමකුත් මේ ගමන්ම කියලා දාන්න කියලා හිතුවා . ..

අපේ කල්ලියේ එක කෙල්ලෙක් හිටියා හොරණ ඉඳන් ආපු . . .

මේ කෙල්ල ව අපි "කමනි" කියලා හඳුන්වමු . . . මොකෝ ඔයාලා දකින්න ඇතිනේ මගේ කල්ලියේ කෙල්ලෙක් කියලා තිබුනා අපේ කල්ලියේ අය දැක්කනම් උඹට වෙන්නෙත් චූටි කුරුල්ලට වෙච්චි දේම තමයි කියලා . . . . ඒක නිසා මම දැන් බයයි කස්ටියගේ නියම නම් වලින් හඳුවන්න (චාටර් කතා වලදී ව්තරක් හොඳේ . . )

ඉතිං මේ කමනි හොරණට යන්නේ පනාගොඩ කෑම්ප් එක ලඟ තියෙන පන්සල ලඟ හංදිය හෙවත් පිටිපන හංදියෙන් බැහැලා මොරගහහේන බස් එක අරගෙන මොරගහහේනෙන් තාම්යි හොරණ බස් එක ගන්නේ . . .

මේ මොරගහහේන බස් එකේ ගිය කෙනෙක් නම් දන්නවා ඇති එකේ කොහොමද පටවන්නේ කියලා . .. ඒත් මම ලඟදී නම් දැක්කේ ඉස්සර තරම් ම ගොඩක් ලොකු තදබදයක් දැන් නෑ කියලයි . . ඒත් මම මේ කියන්නේ දැනට අවුරුදු දහයකටත් කලින් . . ඒ කාලේ නම් ඉතිං ඒ බස් රූට් එක ගැන කියලා වැඩක් නෑ . .

අර කාටූන් වල අඳින්නේ වීදුරු වලින් මිනිස්සුන්ගේ බෙලි, කකුල් එලියට විසිවුනු තරම් සෙනඟ පටවපු බස් . . අන්න ඒකම තමයි හරිම විදිහ . . .

ඔය වගේ "පොල් පටවලා" යන බස් වල ඉතිං ජැක් ගහන්න වෙනමම මහන්සියක් වෙන්න ඕනම නෑ නේ . . . . සෙනඟ නිසා ඒවට විරුධ වෙන්නත් බෑ . . . අපහසුවකට ලක්වුනු ගෑනු කෙනෙක් ඒ ගැන චෝදනා කලොත් වෙන්නේ ඉල්ලන් කන්න තමයි . .

"හිරවෙලා යන්න අමාරුනම් ටැක්සියක් අරන් යන එකනේ . . "

"අර ගෑනුන්ට විතරක් යනන් වෙන් කරපු බස් එකේ ගියා නම් ඉවරයිනේ "

වගේ කතා කියලා චෝදනා කරපු ගෑනු කෙනාව අල කරලා දාන පොරවල් ඕන තරම් හිටියා ඉස්සර බස් වල . ..

මේ සීන් කෝන් එක ගැන දන්න නිසාමද කොහේද අපේ "කමනී" ගේ පෙම්වතා කෙල්ලව ජැක් කාරයින්ගෙන් පරිස්සම් කරගන්න කියලා හිතලා හැමදාම හවසට බස් හෝල්ට් එකට වෙලා ඉන්නවා කෙල්ල එනකම් . . .

අපිත් ඉතිං කෙල්ලට "අන්න අන්න උඹේ කලු කුමාරයා අවිත් ජැකාලගෙන් උඹව බේර ගන්න . . "

"ඔන්න ඕකට ගෙදරට වෙලා ඉන්න කියපන් බන් ජොලියේ ජැක් එකක් වද්දගෙන ගෙදර යන්න තියෙන චාන්ස් එක නැති කර ගන්නේ නැතුව . . " වගේ දේවක් කියලා වදේ ගහලා ගහලා තමයි බස් හෝල්ට් එකේ බස්සන්නේ . . .

දවසක් ඉරිදා උදේක කමනී ආවේ කට පුරා හිනාවේගන . . ..

"ඇයි මචං මොකෝ . . අරූ අද එන්නේ නෑ කිව්වද හවසට . . " කියලා අපිත් සාදරයෙන් පිලිගත්තා . . .

"නෑ නෑ බං මාර සිරා සීන් එකක් වුනා ඊයේ හවස . . "

"අහා මොකද්ද මොකද්ද බං . ." අපිට ඉවසිල්ලක් නෑ . ..

"පොඩ්ඩක් හිටහල්ලා බං . . බ්‍රේක් එකේදී කියන්නම් අන්න මිස් තිලකා ක්ලාස් එකට එනවා" කියලා අපිවත් ඇදගෙන ක්ලාස් එකට ගියා . ..

අපිත් ඉතිං අමාරුවෙන් ඉවසගෙන ඉඳලා දහයට සුපුරුදු වඩේ සහ ප්ලේන්ටී බීලා එහෙම ගියා අපේ වල ස්පොට් එකට . . කානුවට . .

"මචංලා ඊයේ බස් එකේ මාර සීන් එකක් වුනා නේ බන් . . "

"මොකද්ද"

"උඹලා දන්නවනේ මොරගහහේනේ බස් එකේ තත්වේ . . පොල් පැටෙව්වට වැඩිය පොඩ්ඩයි වෙනස . . "

"ඉතිං . . "

"එක ගෑනු කෙනෙක් වීදුරුව පැත්තේ නෙමෙයි අනෙත් පැත්තේ ඉඳගෙන හිටියා . . .අපි දැක්කා පොරක් ඒ ගෑනු කෙනාට ජැක් ගහගෙන ඉන්නව . . . "

"ඉඳගෙන ඉන්නකොට ජැක් . . ?

"නෑ බන් ඒ ගෑනු කෙනාගේ උරිස්ස උඩින් අහවල් එක තියලා . . පව් අනේ ඒ ගෑනු කෙනා හරි අපහසුවෙන් ඇඹරෙනවා . . ඒත් ඉතිං ඇඹරෙන්න වත් ඉඩක් නෑ බස් එක ඇතුලේ . . "

"ඉතිං බන් ඒ ගෑනු කෙනාට ඌට බනින්නනේ තිබුනේ . . "

"උඹලා මගුලක් කතා කරනවා . . . බැන්නනම් ඒ ගෑනු කෙනාට අම්බානක ජාති අහගන්න වෙනවා අරූගෙන් දනන්වනේ පොරවල් ලගේ තරම . . අන්තිමට පැමිනිලි කාරයා තමයි වැරදි කාරයා වෙන්නේ "

"ඉතිං මොකෝ වුනේ . . "

"කොන්දා ආවා ටිකට් කඩන්න . . "

ඔච්චර සෙනඟ අස්සේ "

"අපෝ උන්ට ඒවා සුලු දේවල් බං . . . උඹල දන්නේ නෑ වගේනේ අහන්නේ . . "

"හරි හරි ඉතිං . . "

"කොන්දා මේ ගෑනු කෙනා ලඟට ආවහම මේ ගෑනු කෙනා ඉල්ලුවා මොරගහහේනට ටිකට් දෙකක් . . කොන්දා ඇහුවා කාටද නෝනා අනිත් ටිකට් එක කියලා . . "

"ඉතිං"

"මේ ගෑනු කෙනා කිව්ව . . . එකක් මට . . අනික මගේ මේ කරේ තියෙන පොල් වල්ලට කියලා . . "

"හෆොයි . . . හූ . . . . . "

"ඔව් බන් බස් එකේ ඔක්කෝටම මැරෙන්න හිනා . . . කට්ටියක් හූ කිව්ව . . අච්චර සෙනගගොඩේ අරූ බැස්සනේ එතනින්ම . . "

ඒක අහලා අපිත් බඩවල් අල්ලගෙන හිනා වුනා . .

Monday, June 14, 2010

තූති කුලුල්ලා, කපුතා හා ඉන්ත්පැක්තර් ත . .ර් . .



ඔක්කෝටම කලින් කියන්න ඕ න මේකත් වල් කතාවක් . .

එක පාරක් වල් කතාවක් කියලා ඒ වගේ කතාවලට අකමැති වගේ පෙන්නන වර්ගයේ කමෙන්ටුවක් ලැබුනු වෙලාවේ මම පිලිතුරු දුන්නා මින් මතු වල් කතා කියනවනම් ඒ බව කලින්ම සඳහන් කරන්නම් එතකොට ඒවාට අකමැති අයට නොබලා ඉන්න අවස්තාව උදාවෙනවානේ කියා.

ඒ නිසා ඔන්න කතාවේ වර්ගය කලින්ම කිව්වා හරිය . . .

මේ සිදුවීම වුනේ අපි ටෙක් යන කාලේ. අපි කරපු පාඨමාලාව සති අන්ත තුන් අවුරුදු පාඨමාලාවක්. අපේ බැචාලා බැචීලා ගොඩක් අය රැකියා කරපු අය.

අනික ඒ පාඨමාලාවට ඇතුල්වීමේ අමතර සුදුසුකමක් තමයි ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු අයෙක් වීම. ඒ බව සහතික කරන්න සහ ඉල්ලුම්කරුට සති අන්තවලදී දේශන වලට සහභාගී වෙන්න අවසර ලබා දෙනවා කියලා රැකියාව කරන ආයතනයේ විධායක නිලධාරියෙක්ගේ ලිපියක් පවා ඉදිරිපත් කල යුතු වෙනවා.

ටෙක් ජීවිතයේ පලමු දවසේ ඉඳන් වුනු රසබර සිදුවීම් නම් තියෙනවා කියනන් පටන් ගත්තොත් කොහෙන් කෙලවර කරන්න වෙයිද කියලා හිතන්න වත් බෑ . .

ඒත් මම අද කියන්න හිතුවේ ඒ අතරින් අද දවසේ පවා මතක් වෙන මතක් වෙන පාරට කඳුලු එන තරම් හිනා යන සිදුවීමක්.

(මේ කතාවට ඔයාලට ඒ තරම් හිනා යයිද කියලා නම් සහතික වෙන්න බෑ හොඳේ) මොකද මේ කතාව ඔයාල ගොඩක් දෙනෙක් අහලා තියෙන කතාවක් වෙන්න ඕන ඒත් මට නම් මේ කතාවේ කතාවට වැඩිය ඒ හා බැඳුනු රසබර මතකය නිසාවෙන්ම බොහෝම සුන්දර මතක සටහනක් . . .

අපේ බැච් එකේ කල්ලි දෙක තුනක්ම තිබුනා. කොහොම නමුත් අපේ කල්ලියේ (අපේ කල්ලිය හැදුනු හැටි වෙන දවසක කියන්නම්) තමයි පිස්සෝ පිස්සියෝ ඔක්කෝම හිටියේ . . . එහෙම වෙන්න එපැයි නේද . . පිස්සු නැති උන් සෙට් වෙයිද මේ මං වගේ පිස්සෙක් එක්ක . . .

නම් වශයෙන් කිව්වොත් (මුලින් හිතා හිටියේ නම් නොකියන්නයි ඒත් පස්සේ හිතුවා ඕන එකක් කියලා නම් ටිකත් කියලා දාන්න කියලා) මම හෙවත් පොඩි එකා (ඒක තමයි මගේ කාඩ් එක . . . හි හි . . .තව නැටි කෑල්ලක් තියෙනවා ඒක නම් කියන්න බැරියෝ), රුචිර, ශිරෝමි, පතිරණ, කුමාරි, ගීතානි, නුවන්, අමල්කා හා නදී.

ඔතන ශිරෝයි පතිරණයි දෙන්නෙක් විදිහට ගනන් ගන්න බෑත් වගේ මොකෝ මුන් දෙන්නා එක්කෙනෙක් වගේ තමයි හිටියේ . . අපේ ටීචර්ස්ලාත් එක්කෙනෙක් ආවේ නැති නම් එහෙම අහන්නේ කෝ අනිත් බෑය කියලා . . හික්ස්

අපේ කාල සටහනට අනුව සෙනසුරාදා උදේ දහයේ ඉඳන් එක වෙන කම් ලෙක්චර් එකක් නැති කාලපරිච්ඡේදයක් වැටිලා තිබුනා. අනෙක් කල්ලි වල අය නම් මේ නිකං ඉන්න කාලපරිච්ඡේදය ගන මැසිවිලි නගමින් හිටියට අපේ කල්ලිය නම් ඒ ගැන පුදුම සතුටකින් හිටියේ. සමහර විට ලෙක්චර්ස් කට් නොවී හැම සෙනසුරාදාම ටෙක් ආපු හේතුවක් ඒකම වෙන්න ඇති කියලා දැන් හිතෙනවා. විශේෂත්වය තමයි ඒ වෙලාවේදී අපි කතන්දර කියන එක . .

අපේ ටෙක් එකේ වැසිවෙලාවට වතුර බහින්න කියලා ලොකූ කානු බැඳලා තිබුනා. කානුවක ගැබුර අඩි 3ක් විතර ඇති, කානු ගැට්ටක / බිත්තියක පළල අඩියක් විතර ඇති . . කානුවේ බිත්ති දෙක අතර පළල අඩි දෙකකාට් වඩා වැඩී. මෙතන තමයි අපේ වල ස්පොට් එක. කස්ටියම කානුවේ බිත්තු දෙක උඩ ඉඳගෙන කනුව ඇතුලට කකුල් දාලා ඉඳ ගත්තාම එකාට එකා මූනට මූන බලාගෙන කයිය ගහන්න පුලුවන් හිටු කියලා.

අපේ අර කිව්ව අර නිදහස් කාලපරිච්ඡේදය අනිවාර්යෙන්ම ගතවුනේ මෙතන තමයි. අපි අතරේ සම්මුතියක් තිබුනා. එක දවසකට එක්කෙනෙක් අලුත් කතාවක් කොහෙන් හරි හොයාගෙන එන්න ඕන කියලා. බොරු කියන්න ඕන නෑ නේ මේ කතා ඔක්කෝම වගේ ඉතිං කුනුහරුප කතා තමයි. කොල්ලෝ කෙල්ලෝ කුනුහරුපයක් කියන්නේ අනෙක් එකාගෙන් වැරදි යමක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් නෙමෙයි කියන විස්වාසේ අපි හැමෝම අතර තිබුනු නිසා කුනුහරුපයක් ඇහුවාම මූන රතු කර ගන්න ගෑනු ළමයි අපේ කල්ලියේ හිටියේ නෑ.

. . . . .. . . .. . . . .. .. . .. . . .

හැමදාම උදේට පරක්කු වෙලා එන අමල්කා එක සෙනසුරාදකත් පරක්කු වෙලා ආවේ අන්තිම හරිය දුවගෙන ඒ අතරේ එයගේ මූනේ තිබුනා මහ කපටි හිනාවකුත් . .

"මචංලා . . මට අද කියන්න නියම කතාවක් හම්බුනා"

ලෙක්චරර් පොඩ්ඩක් එහාට මෙහාට වෙනකම් ඉඳලා අමා අපේ සෙට් එකේ කස්ටියට පනිවිදේ දුන්නා. . . අපිටත් ඉතිං දැන් 10 වෙනකම් සිහියක් නෑ.

10 උනයි කියමුකෝ කස්ටිය වඩේ කකා දිව වල් පිච්චී පිච්චී ප්ලේන්ටි බීලා හනිකට දිව්වේ අපේ කානුවේ වල ස්පොට් එකට.

"කියපන් කියපන් ඉතිං . ."

"පොඩ්ඩක් හිටහල්ල බන්" මෙයා ඉතිං හරි බහි ගැහෙනවා.

මොන මගුලක්ද බන් . . තටමන්නේ නැතුව කියපන් . .

"හරී. . . එහෙනම් අහගනිල්ලා මේක ඇම්ඩන් කොල්ලගේ කතාවක් . . . . "

"අයියෝ . . අපි උගේ ඒවා ඔක්කෝම අහලා තියෙනවා"

"උඹල අහල නැති එකක්. . අහල තිබුනු එකක් නම් මීට කලින් උඹල මේක කියලා"

"හරි හරි ඉතිං කියපන් බලන්න "

"ඔන්න ඇම්ඩා දෙක වසරේ ඉන්න කාලේ දවසක් ටීචර් කිව්වලු මූට . . පුතා ඔයා හෙට ඉස්කෝලේ එන්න ඕන නෑ හොඳේ . . ගෙදරට වෙලා සෙල්ලම් කරන්න . . කියලා . . "

"ඉතිං . ." අපි හූමිටි තියන්න ගත්තා . .

"අනේ බන් ලා උඹලා අහක බලපල්ලකෝ උඹලා කට දිහා බලාගෙන ඉන්න කොට මට කතාව කියන්න නිකම් බෑ බෑ වගේ . . මට හිනා යන්න එනවා බන් "

"අනේ මේ කෝලං නැතුව කියපන් "

"හරි එහෙනම් මම උඹල දිහා නොබලා අර ඈත පේන අඹ ගහ දිහා බලාගෙන කියන්නම්" කියමු අමා අපේ ඔලුවලට උඩින් ඈත දිහා බලාගෙන ඔලුව හොල්ල හොල්ල කතාව කියන්න ගත්තා

"ඇයි තීත එහෙම තිව්වේ . . කියලා මූ ඇහුවලු"

"පුතේ හෙට ඉස්කෝලෙට ඉන්ස්පෙක්ටර් මහත්තුරු එනවා. ඔයා මොකක් හරි නෝටි වැඩක් කලොත් ඉස්කෝලෙට හොඳ නෑ නේ . . ඒක නිසයි මම එහෙම කිව්වේ කියලා . . ටීචර් මූව ශේප් කරගන්න කියලා හිතලා කිව්වලු"

"මූ සාමාන්‍යයෙන් වෙනදට ස්කූල් කට් කරනවලු . . ඒත් ටීච ම එන්න එපා කිව්ව හින්දා කරන්නම් හොඳ වැඩක් කියල හිතලා පහුවදා වෙනදටත් වඩා උදෙන්ම ඉස්කෝලේ ගියාලු"

"ටීචර්ට හීන් දාඩිය දැම්මලු මූව දැක්ක ගමන් . . ඒත් දැන් මොකෝ කරන්නේ කියලා හිතලා ඊහ්නම් හොඳ පුත වගේ දඟ වැඩ නොකර ඉන්න කියලා මුගේ ඔලුව එහෙම අතගෑවලු"

"ඔන්න ඉතිං ඉන්ස්පෙක්ටර්ලා ඇවිත් පංතියෙන් පන්තිය ට යනවලු . . මූ ඉන්න පංතියටත් ඇවිත් ආයිබෝවන් ළමයි . . . කියලා සුභ පැතුවලු. . ළමයිනුත් ආයිබෝවන් ත. . ර් . ." කියලා සර්ටත් සුභ පැතුවලු.

"හරි මේ චූටි දූලා පුතාලා අතරින් සිංදුවක් කියන්න පුලුවන් කවුරු හරි ඉනවානම් අත උස්සන්න . . " කියලා සර් කිව්වලු.

"ළමයි නෝ හෙල්ලුම්ලු . . "

"සර්ට ටිකක් අප්සට් වගේලු . . "

"හරි එහෙනම් කවියක් කියන්න පුලුවන් ළමයෙක් . . ?"

"ඒත් ම් . හු ලු . . "

"හරි කමක් නෑ කතාවක් කියන්න දන්න ළමයෙක් ඉන්නවද එහෙනම් . . "

"ටික වෙලාවක් ගිහින් ඇම්ඩා හෙමීට ටීචර් දිහා බල බල අත උස්සන්න හදනවලු . . ටීච අතින් කියනවලු අත පහත දාන්න කියලා. .

"මේක දැකපු සර්ට හරි තරහයිලු . . . ඇයි මිස් ඔයා එහෙම කරන්නේ . . බලන්න ඒ ළමයගේ ඉදිරිපත් වීම කොයි තරම් ලොකු දෙයක් ද . . ඔයා කරන වැඩෙන් ඒ ළමයට ලොකු අසාධාරණයක් වෙනවනේ . . කියලා බැනලා හරි පුතා එන්න . . ඉස්සරහට ඇවිහ් ඔයාගේ කතාව කියන්නකෝ . . කිව්වලු . . "

"තබාවෙන් අවසරයි . මා මෙතනට පැමිනියේ තතාවක් කිලීමතයි . . කිව්වලු . . "

"අනේ ශෝක් පුතෙක් . . සර් කිව්වලු . . . "

"ඔන්න එතෝමත් එත රතක තූති කුලුල්ලෙකුයි කපුතෙකුයි හොඳ යාලුවෝ වෙලා ඉතියාලු . . "

"ලස්සන කතාව වගේ නේද පුතා . . ටීචර්ට රවලා බලලා සර් කිව්වලු. . "

"පායන කාලේ පුලාම තූති කුලුල්ලා කෑම බීම දාති දොදාක් එකතු කලගෙන එයාගේ කූදුවේ තියා ගත්තාලු . . "

"ශා මොලේ තියෙන කුරුල්ලෙක් නේද පුතා . . සර් ඇහුවලු . . "

"කපුතා කලේ පායන කාලේ පුලාම තින්දු කිය කිය නත නත හිතපු එක තමයිලු . . ."

"මෝඩ කපුටෙක් නේද පුතේ . . ඉතිං ඉතිං . . "

ඔන්න ඉතිං වැත්ත කාලේ ආවලු . .. තූති කුලුල්ලා එයාගේ කූදුවත වෙලා කෑම බීම කකා සතුතෙන් හිතියලු . . "
එතකොට පුතේ කපුටා . .

"කපුතත හොඳතෝම බදගිනි වුනාලු . . එයාට කන්න මොතුත් නෑ . . එයා තූති කුලුල්ලගේ කූදුව ලඟත ගිහින් කිව්වලු . .. යාලුවේ යාලුවේ , , අනේ බත බදගිනී . . ඔයාගේ කෑම මොනා හලි මත දෙන්න . . තියලා . . "

"ඉතිං . . චූටි කුරුල්ලා මොනාද කිව්වේ . . "

"ආ ඔයා යන්න . . . ඔයා වැත්ත කාලේ පුලාම තිංදු කිය කිය හිතියේ . . දැන් නිකන් ඉන්න . . . මත බෑ ඔයාත මොකුත් දෙන්න කියලා . . .තූති කුලුල්ලා තිව්වලු . . "

"හොඳ වැඩේ නේද පුතේ . . "

"කපුතත හොඳතෝම තලහා ගියාලු . . එයා කිව්වලු . . ආ වැස්ස පායපුවාකෝ . . මම තොගේ කූඩුවත් කඩලා . . . තොගේ අම්මට . . . .. . ලා තොටත් . . .. . තමයි පස්ස බලන්නේ කියලා . .. "

සර්ට කලන්තේ දාලා වැටුනාලු . .

ටීචර් ඇම්ඩාව අල්ලන්න ඉස්කෝලේ වත්ත වටේ දිව්වලු . . .

Wednesday, June 2, 2010

අද මේ උඹගේ උපන් දිනය දා . . පැතුමක් පතමුද මොකද කියන්නේ . . . !!



පෙර සංසාරේ කවදාකදි හෝ
අහම්බයෙන් හෝ ඉරණම විලසින්
මේ ලෙස අප හමුවී ඉන්න ඇතී . .
සාද පවත්වමින් සවාරි ගසමින්
අයිස් ක්‍රීම් කා හිංදි ෆිල්ම් බලා
ජොලියෙන් ලව් එකේ ඉන්න ඇතී . . .
. . . .
ජීවන වගුවේ කෙලින් ඉරක් නම්
මෙලෝ රහක් නෑ කිසි ගතියක් නෑ
කියමින් ඉඳහිට මාසෙට දවසක්,
සතියට දවසක් නැතිනම් දෙකකුත්
කොක්කක් දාගෙන වලියක් ඇදගෙන
මූන චොර කරන් ඉන්න ඇතී
ඇමිනූ කොක්කේ මම නොගැටුනු දා
වැලහින්නී වගේ හඬන්නැතී . . .
. . .
වවුලෙකු වාගේ දෙතනේ එල්ලී
කිරි බොන පැටියා තුන් යම ඇහැරී
රෑ දොලොස් පැයේ කෙලි සෙල්ලම් වැඩ
පටන් ගත් සැනින් පනාව දාගෙන
මට නිදන්න දී උඹ ඇහැරී හිඳ
හකු පනිනා ඈනුම් අරින්නැතී
එසේ වී නමුත් අළුයම ඇහැරී
එපා කියද්දී බැනුම් අහද්දී
බත් ගෙඩි පිස බෑගයට ඔබන්නැති
. . .
මතු සංසාරේ උපදින නුවරක
පසල් දනව්වක වත් නූපදින්නට
පැතුමන් පුරනා අඹු සැමි කොතෙකුත්
අප අතරේ මා නිතරම දැක ඇති
එහෙම නොවී අපි මතු සසරේදිත්
ජොලියෙන් සොමියෙන් ලව් එකේ ඉන්නට
අනූවට දහයේ සියයට ගනනට
ඉඳහිට වලියක් ඇද නා ගන්නට
අද මේ උඹගේ උපන් දිනය දා
පැතුමක් පතමුද මොකද කියන්නේ . . . !!



මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails