Thursday, April 24, 2014

අපේ සැටලයි එක.

ඊයේ පෙරදා ෆේස්බුක් එකේ දැක්කා මෙදා සැරේ බස්නාහිර පලාත්සභාවේ වීඩියෝ එකක්. ඒකේ තිබුනේ සභාවේ චන්ද විමසීමක් අතරතුර එක මන්ත්‍රී කෙනෙක් වට පිට බල බල කොලේකින් කාක්කෙක් හදලා විදින සීන් එකක් ඔව් ඔව් යකෝ අර අපි දෙකේ තුනේ පන්තිවල ඉන්නකොට විදපු කාක්කෝ හෙවත් රොකට් එකක් තමා . .

ඒක මම මගේ ෆේස්බුක් එකේ ශෙයා කලේ "රොකට් රෝහිත මේක දැක්ක ගමන් තාත්තට කියලා මේ යකාව ගන්නවා පලාත්සභාවෙන් පාර්ලිමේන්තුවට . . . " කියලා පොඩි කෙටි සටහනක් දාලා.

ඒ වෙලාවේ හිතුනා කෝ යකෝ අර ලංකාවේ අපි යැව්ව සැටලයිට් එක කියලා පෝඩ්ඩක් හොයලා බලන්න . . .

මෙන්න වදේ ගූගල් කලාම එනවා ශ්‍රී ලංකා මිරර් කියන සයිට් එකක විස්තරක් "ලංකාවෙන් එහෙම එකක් යවලා නෑකියලා විද්‍යාත්මක කටයුතු පිළිබඳ ඇමති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි. කියලා පෝස්ට් එකක්

"පසුගිය වසරේදී ශ‍්‍රී ලංකා රජය චීන සමාගමක් හා එක්ව චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කලේ යයි පැවසුවද එවැනි චන්ද්‍රිකාවක් ශ‍්‍රී ලංකාව අභ්‍යවකාශ ගත කර නැතැයි විද්‍යාත්මක කටයුතු පිළිබඳ ඇමති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.


ඔහු මේ බව පැවසුවේ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් සී පෙරේරා විසින් අසන ලද ප‍්‍රශ්ණයකට පිළිතුරු ලෙසය.


අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කර ඇත්තේ චීනයේ හා ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික සමාගම් දෙකක් එවැනි කටයුත්තක් ක‍්‍රියාත්මක කර ඇති බවයි.


2012 නොවැම්බර් 27 දා සවස චීන වේලාවෙන් 6.13 ට චීනයේ සීචුඇන් ප‍්‍රදේශයේ ඇති සිචැන්ග් චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ සිට චයිනාසැට්-12 නම් මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කළ බවද, එය නිවැරදි කක්ෂයට ළඟා වූ බව සහ චන්ද්‍රිකාව නිවැරදිව කි‍්‍රයාක්මක වන බවද චීන නිල ප‍්‍රවෘත්ති සේවය වන සිනිහුවා ප‍්‍රවෘත්ති සේවය පසුදා වාර්තා කළේය.


එය චයිනා සැටලයිට් කොමියුනිකේෂන් සමාගමේ 13 වැනි වානිජ චන්ද්‍රිකාව වන අතර ආසියාව, අපි‍්‍රකාව සහ යුරෝපයේ සේවාදායකයන්ට මෙයින් සේවා ලබා ගත හැකි බවද පැවසිණ.


ප‍්‍රංශයේ තේල්ස් ඇලීනියා ස්පේස් ආයතනය නිෂ්පාදනය කළ චන්ද්‍රිකාව ලෝන්ග් මාර්ච්-3ඊ නම් ප‍්‍රවාහන රොකට්ටුව ආධාරයෙන් අභ්‍යාවකාශගත කර තිබිණ. එය ලෝන්ග් මිර්ච් ප‍්‍රවාහන රොකට් මාලාවේ 173 වැනි ගුවන්ගත කිරීම වෙයි.


මෙය ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකාවක් බව ආණ්ඩුවේ මාධ්‍ය වාර්තා කර තිබුනද, මෙම චන්ද්‍රිකාව සහ ශී‍්‍ර ලංකාව සම්බන්ධයක් පිළිබඳව චීනය නිකුත් කළ පුවත් වාර්තාවේ සඳහන් නොවින."


ආච්චිගේ රෙද්ද

යකෝ මේක පුදුම අපහාසයක්නේ . . . මේ හාල් පාරු අපිට නෙමේ අපේ රටේ ප්‍රධාන පුරවැසියගේ බාල පුතාට මේ අපහාසේ කරන්නේ.

එතකොට අර වීඩියෝ ප්‍රෝගෑම් පුරා රෝහිත පුතා කිව්ව මහා ලොකු වියදමක් දරලා යැව්වේ ආච්චිගේ රෙද්දද?

බොරු නම් බලපල්ලා මේ වීඩියෝ එක



අනික ඒ වෙනුවෙන් සෑහන ගානක් වියදම් කරලා ඔෆීසියල් සිංදු හිටන් හැදුවනේ.

ඔව් ඔව් බන් අර මිනිස්සු උඩ බලන් ඉන්න සීන් තිබ්බ වීඩියෝ එක තමා. බාතිය සන්තුෂ්ලානේද ඒක කලේ. . .
මේ තියෙන්නේ ඒ වීඩියෝ එක


මේ විදිහට ජනාදිපතිගේ පුතාට රටේ ප්‍රවීන ගායකයන්ට අපහාස කරන්න ඇමතිලට බලය දුන්නේ මොකාද?

මම නම් කියන්නේ ඒක තනිකරම ජාත්‍යාන්තර කුමන්ත්‍රණයක් . . අපි මේවට එරෙහිවෙන්න ඕන . . සිරි ලාංකිකයෝ විදිහට අපේ දේවල් අපේ තාක්ෂණය අගය කරන්න ඕන . . 


ඒක නෙමේ ප්‍රශ්නේ කෝ බන් හැබෑට රෝහිත යවපු සැටලයිට් එක?

අහ් මේන් ඉන්නවා අර කාක්කෝ යවපු මන්ත්‍රී . . .

මේන් තියෙනවා කාක්කෝ ගහපු වීඩියෝ එක . . 



රොකට් ගැසීම අවුරුදු ක්‍රීඩා වලට එකතු කලොත් මොකද කියලා චාමියා කිව්වහමයි මතක් උනේ මේ අවුරුදු ක්‍රීඩාවක් උනු හොඳම හිනාව වීඩියෝ එකත් මේකට එකතු කරන්න. රෝහිත මල්ලිගේ සැටලයි එක ගැනත් මේකේ කෑල්ලක් තියෙනවා. උඹලා පෝස්ට් එකවත් අනිත් වීඩියෝ වත් නොබැලුවත් කමක් නෑ මේ වීඩියෝ එක බලහල්ලා . . .

82 comments:

  1. හුටා!වරාය,බලාගාර, ඒයාර්පොර්ට් එකට පස්සේ කුළුණන් වැඩේ ඉවරයි කියලා හිතන් හිටියේ දැන් ස්පේස් ඇකඩමියකුත් එනවා.....

    ReplyDelete
    Replies
    1. අපොයි ඕවා මොනාද බන් නාසා එකේ බ්‍රාන්ච් එකක් දාන්න පුලවන් අතින් පයින් යනවා කියලයි බන් චීනෙන් නයට ගත්තා ට්‍රයි එකක් දුන්නා . . පුතාලගේ හොබීස් වලට තැන දෙන්න එපැයි බන් පවුනේ :D

      Delete
    2. දුක "බොරු නම් බලපල්ලා" කිඋවට එක ලින්ක් එකක් වත් වැඩ නෑ. අර කඩදාසි රොකට් යවපු මෝඩගේ එක විතරයි.

      Delete
  2. මොකා ඇත්ත කියනවද මොකා බොරු කියනවද දන්නේ නෑ. භාතිය සංතුෂ්ලත් ජැකී වගේ නොම්මර එකේ වන්දි බට්ටයෝ තමයි. හැබයි උන්ගේ ගාන වැඩියි.

    ReplyDelete
    Replies
    1. ඔවුන්ට ඔසී p r එක තියනවලුනේ. එහින්ද ඔක්කොම ඔසී ගණන්. ඩොලර් වලින් ගණන් හදන්නේ රුපියල් වලින් ගෙවන්නේ

      Delete
    2. නෑ යකෝ අපි නම් බොරු කියනවා කියන්න පුලුවන්. අර ජනාධිපතිගේ පොඩි පුතාගේ ඩීඩියෝ එක බලහන් . .ඒ වගේ කෙනෙක් බොරු කියයිද?

      Delete
  3. අපි සැණකෙළි මානසිකත්වයෙන් මිදුණ දවසට ඇත්ත නැත්ත තේරේවි කියලා හිතෙනවා

    ReplyDelete
    Replies
    1. පිස්සුද මල්ලී ඒකෙන් මිදුනොත් අපේ මිනිස්සුට ජීවත් වීමේ අරමුණක් නැති වෙනවා . . අපේ මිනිස්සු ජීවත් වෙන්නේ මේ හීන ලොකේ ආතල් ගන්න ඒක නැති වෙලා අපි ජීවත් වෙන හැබෑ ලොකේ තරම, නය බරේ තරම, සමාජ විනාසයේ තරම තේරුනොත් අපිට මොනා වෙයිද?

      Delete
  4. එකෙකුටව්ත් තේරෙන්නෑ, මේ නිදාගෙන ඉන්නේ උතුරන ගිනිකන්දක් උඩ බව..!
    .
    PS:
    කාලේකට පස්සේ හරි මෙහෙම බ්ලොග් එකක් තියෙනවා කියලා මතක් උනාම හරි සන්තෝසයක් එනවා නේද අයියා..!!! :D :D :D

    ReplyDelete
    Replies
    1. මේක කියපු එකා එතකොට දැන් සෑහෙන්න බ්ලොග් ලියනවැ ඇති නේද?
      ;)

      Delete
    2. ඒක ගිනි කන්දක් කියලා තේරෙන්නේ ගිනි රස්නේ දැනොනොත්නේ බන් අපි චීනෙන් නය අරගෙන ගිනි කන්ද උඩ කොට ඒ සී කරලා තියෙන්නේ එතකොට කොහේ ගිනි රස්නයක් දැනෙන්නද බන්ස් . . .හිකිස් . . .
      නෑ යකෝ ලියන එක නම් නතර කොරන්න හිතක් නෑ වැඩත් එක්ක කරන්න අතපහු වෙන එක තමා අවුල . .

      Delete
    3. රන්ගී නෑ බන් මූ දිගටම ලියනවා . . .අපි වගේ නෙමේ

      Delete
    4. Il mondo di una povera pazza : අම්මපා රට හීටියත් හීන් නූලෙන් හින්ට් පාස් කරන ගතිය අතෑරිලා නැති හැටි..!! නියම සිරි ලංකන් ගතිය :D :D

      Delete
    5. lishan, නැතිව අනේ උඹ ලියපන් මල්ලියේ කීවට ලියන්න මතක් වෙයිද? අනික ඔය උපදින රටේ එන පුරුදු අඩු කරන්න බෑ කියනවනේ වාසස්ථානේ වෙනස් කලාට. අපි එහෙමයි හරි අපි ශ්‍රී ලාංකිකයෝ..... :D :D

      Delete
  5. මේ පොර කරන්නේ හොඳ වැඩක් නෙව.... එහා පැත්තේ නිදාගෙන ඉන්න එවුන් ඇහැරවනවා ..... රොකට් යවලා!

    ReplyDelete
    Replies
    1. අන්න පොසිටිව් තින්කින්ග් . . . .

      Delete
  6. මචං මේ වෙන කතාවක්.
    කාක්කන් ගැහිල්ල අපේ අවුරුදු ක්‍රීඩාවකට හොඳ නැද්ද?
    :)
    (අර සැටලයිට් සින්දුවට රොම්බ තෑන්ක්ස් මචෝ. මං ඕක හොය හොයා හිටියේ)

    ReplyDelete
    Replies
    1. යකෝ පංච දැමිල්ල කැට ගැහිල්ල අපේ සගිස්කුරුතියේ කොටින්ම අපේ ලේවලම තියෙන නිසා කැසිනෝ වලට ඉඩ දෙන්න ඕන කියපු සුමනදාස බන්ඩා වගේ උඹවත් යවන්න ඕන පාර්ලිමේන්තුවට බන් හිකිස්

      Delete
    2. අවුරුදු ක්‍රීඩා සම්බන්ධ පට්ට වීඩියෝ එකක් හම්බ උනා ෆේස්බුක් එකේ . . මේ රොකට් එක සම්බන්ධවත් ඒකේ පොඩි කෑල්ලක් තියෙනව .. ඒ වීඩියෝ එකත් මේ පෝස්ට් එකට අමුනන්න ඕන

      Delete
  7. මචන් උඹ ලංකාවට එහෙම යන්න අදහසක් නැතිව ඇති නේද? ඡන්දේ දීපු එවුන්ටත් ගහනකොට අපිට කොහොම ගහයිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන් මම හරහට නෙමේ කතා කරන්නේ සපෝර්ට් එකට

      Delete
    2. ||ඡන්දේ දීපු එවුන්ටත් ගහනකොට අපිට කොහොම ගහයිද දන්නේ නෑ.||
      වසරේ එළ කතාව රංගි!! Two thumbs up!!

      Delete
    3. උඹලත් සචියෝ පරිස්සමින් ඉඳපන් හරී . . .ගම්පහින් පබාකෙල්ලව ඒම පාර්ලිමේන්තු යවපු කස්ටියනේ උඹලා . . හෙ හෙ හේ

      Delete
  8. ඒක සෙල්ලං සැටලයිට් එකක්... උඔට තේරෙන්නෙ නෑ....

    ReplyDelete
    Replies
    1. අප්පච්චියේ එහෙමත් එකක්ද? අර කෙල්ලෝ දූෂනේ කොරපු සභාපති වත් නිදහස් කරන්න කියලා කියල තියෙනවා දැක්කා මොකෝ ඌට තියෙන්නේ සෙල්ලම් #@$#ක් කියලා හිකිස්

      Delete
    2. ඉතින් ඒ කර්තව්‍යත් එක්තරා ආකාරෙක සෙල්ලම නෙව..! ;)

      Delete
    3. ඉස්සර රජකාලේ නම් ඒ සෙල්ලම පෙන්වන්න වෙනමම උස්සවයක් එහෙමත් තිබිලා තියෙනවා . . .කාර්තික් උස්සවය කියන්නේ ඒ සෙල්ලම් පෙන්නන උස්සවය වෙන්ටෝන . . ලබන සැරේ අවුරුදු සෙල්ලම් වලට ආයෙමත් ඒ සෙල්ලමත් එකතු කොරන්න කියමුද? සයිබර් ෆෙස් එකෙන්ම පටාන් ගමු හිකිස්

      Delete
  9. ඔය මගුල් වලින් අපිට වැඩක් නෑ.. උඹ ටෙම්ප්ලේට් එක වෙනස් කරපු එකයි මෙතන වැදගත්ම දේ.. හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. අම්ම ගහයි ඒ බව කියන්න අමතක උනානේ බන්ස්

      Delete
    2. ඒකනේ යකෝ මට තද වෙනවා මම ඉපදුන දා ඉදල දාගෙන ඉන්න එක බොලා දාගත්තම.. හැක්.. අනිත් එකා අපේ චන්දන ගුණසේකරයා. ඌත් මේකමයි දාගෙන ඉන්න‍ෙ

      Delete
    3. හරි හරි වස්තුවේ ගූගල් දෙයියා නිකම් දුන්නු එකේ අපි බෙදා හදාගෙන පාවිච්චි කොරමු . . .

      Delete
    4. මොනාවුනත් ටෙම්ප්ලේට් එක වෙනස් කරපු එකෙන් උඹෙ තිබුනු අර අනන්‍යතාවද මොකක්ද එක නැතිවෙලා ගිහිල්ලා බං.. :-)

      Delete
    5. ඒක නම් හැබෑව බන් . . ඒත් අදාල වැඩේ නොරෙනවනම් අන්න්‍යතාවෙන් මක්ක කොරන්නද බන්ස් හෙ හෙ හේ

      Delete
  10. දුකාට පිස්සු.. අපේ සැටලයිට් එකනෙ අර "කොන්ඩොලිසා රයිස්" සොරි "කොන්ඩෙ නිසා නයිස්" වෙලා ආපහු කොමන් කැන්ඩිඩේට් වෙන්න හදන කෙනා..

    ReplyDelete
    Replies
    1. ඒ සැටලයි එක උනත් කමක් නෑ පිලිගත හැකි සහ ඉෂ්ට කල හැකි විදිහකින් පොරොන්දුවක් දෙනවා නම් ජනාධිපති ක්‍රමේ අයින් කරලා සැටලයිට්ගේ අම්මගේ කාලේ තිබ්බ 1972 ව්‍යවස්ථාවට සමාන පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාව උත්තරීතරයි කියන ක්‍රමේකට යනවා කියලා මම නම් එකෙන්ම සපෝර්ට්

      Delete
    2. අපොයි... හිතන්නවත් එපා.. එයාගෙ පොරොන්දු ගැන අපි හොඳට දන්නවා.. එයා කල හැටි කව්ද නොදන්නෙ ? රාජ්ජ නිලදාරියෙක් හැටියට එයා එනකල් පැය හත අට කල් මරපු අපි එයා ගැන හොඳට දන්නවා දුකා.

      Delete
    3. ඕනෑම කෙනෙක්ට දෙවෙනි අවස්ථාවක් දෙන්න ඕන කියලයි මම නම් කියන්නේ. (එව්රිවන් ඩිසර්ව් ද සෙකන්ඩ් චාන්ස්)

      මහින්ද දෙවෙනි අවස්ථාවත් ලබාගෙන පලමු අවස්ථාවේ අන්තිම හරි කල චාටරේ දබල් ට්‍රිබල් කරලා කරගෙන යනවා දැන් තුන්වෙනි අවස්ථාවත් ඉල්ලනවා.

      සැටලයිට් නෝනා එයාගේ කාලේ කරපු වැරදි තේරුම් අරන් ඒ වැරදි හදාගන්න අවස්ථාවක් ඉල්ලනවා වෙන්න පුලුවන් . .

      Delete
  11. කොච්චර කොහොම උනත් ආයෙම පත් කරලා යවන එකනේ පුදුමේ කියන්නේ.

    ReplyDelete
    Replies
    1. අපි හරි බුද්ධිමත් චන්දදායකයෝනේ මල්ලී . . . හිකිස්

      Delete
  12. මේකට සිංදුවකුත් හැදුවා කියලා අද දන්නේ :D

    දැන් රෝහිත රුසියාවේ ට්‍රේනින් එකක කියලා කොහේ හරි තියෙනවා දැක්කා අභ්‍යවකාශෙට යන්න. දැන් බලද්දී ඒකත් බොරුද මන්දා

    ReplyDelete
    Replies
    1. අනේ මේ ඒ කොල්ලා මහන්සිවෙලා චීනෙන් ණය අරගෙන ටීවී වල පත්තර වල පබිලිසිටි දීලා යැව්ව සැටලයි "එහෙම එකක් යැව්වේ නෑ " කියලා විද්‍යා සහ තාක්ෂණ ඇමති අපහාස කරන වෙලාවේ මෙයා එනව තවත් අපහාස කරන්න . .

      Delete
  13. ලංකාවේ කොඩිය ගහල චන්ද්‍රිකාවකුත් යැවුවද? මට මතක නෑනෙ.

    ReplyDelete
    Replies
    1. අනේ බන් ඒ දවස්වල අර පාට පාට වතුර වැහි වැස්සේ . . . ඒකවත් මතක නැද්ද බොට . . ඒ අපේ සැටලයිට් එකේ කොඩිය පෑන්ට් කලේ චයිනීස් පේන්ට් නිසා ඒවා දියවෙලා කියලා ඒ දවස්වල විද්වත්තු කිව්ව කියලවත් මතක නැතෙයි . . නොදෝමකින්

      Delete
  14. එයා අපේ චන්දිරිකාවක් නොවේ...

    ReplyDelete
    Replies
    1. ඕන් කිව්වා . . . යකෝ ජනාධිපතිගේ බාල පුතා කියනවනම් එයා යැව්වා කියලා උඹ මොන ලොක්කෙක්ද නෑ කියන්න . . . අර රජතුමාගේ ශ්වේතාම්බර සලුව වගේ සා ඒක මාර ලස්සනයි කිය කිය හිටියපිය . . .

      Delete
  15. මේ වගේ හිපාටු ශුක්‍රාණුවෝ යවන එවුන්ට.......අනේ මන්දා.

    ReplyDelete
    Replies
    1. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් . . මේ මේ වගේ ජනතාවට මේ මේ වගේ මන්ත්‍රීවරු . . හිකිස්

      Delete
  16. තමුන්ගෙ දරුවට ආදරේ ඇති තාත්ත කෙනෙක් පුතාට සැටලයිට් එකක් ගෙනත් දෙන්න ට්‍රයි කලා. ඒක බැරිවුනාම උඹල හිනාවෙනව. යකෝ දරුවො ඉන්න තාත්ත කෙනෙක් නේද උඹ?

    ReplyDelete
    Replies
    1. මම හිනාවෙන්නේ නෑ යකෝ අර රජතුමාගේ ශ්වේතාම්බර සලුව දිහා බලාගෙන ඒක අගය කලාවගේ මේ අනිත් බුද්දිමත් ජනතාවත් එක්ක එකතු වෙලා ඒක අගය කරනවා බොට තේරෙන්නේ නැතෙයි?

      Delete
  17. ඒ සැටලයිට් එක කලු කුහරය හරහා ගිහින්.. ඒකයි ආරංචියක් නැත්තේ.

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙම සීන් එකක් උනත් වෙන්න ඇහැකි තමා . . අර තිස්සයටත් තිබ්බේ දිනේෂ් ගුණවර්ධන දෙන ජාතියේ උත්තරයක් දෙන්න

      Delete
  18. කමෙන්ට් එක දාන්නේ අද මෙහෙට බිමල් සහෝ ආවා අර අපේ දැක්ම ගැන කියලා යන්න,,රෝහිතගේ රොකට් එක ගැනත් කියලයි ගියේ,,
    මේ දුකා අයියේ ඕකා කටානෙන් ගිය එකෙක්,,අපේ එකෙකුත් කටානෙන් ඉල්ලනවා,අර ලින්කස් බඩේලිය ගිහින් ඉන්න අකුරු දෙකට නම කෙටි කරන් ඉන්න බුවා මතකයි නේ,,,ඔහොම අපහස කරන්න එපා අප්පා ඌටත් අපහස නේ,,
    ලගදි ඔය රොකට්කාරයා යෝශිතව ගෙන්නලා,,යෝශිතට එල්ලේ සංගමේ සභාපතිකම්ත් දුන්නා,,ඒ සභාපතිකම දුන්නට වෙන්න ඇති දැන් මූට රොකට් බෝ වෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. "අර ලින්කස් බඩේලිය ගිහින් ඉන්න අකුරු දෙකට නම කෙටි කරන් ඉන්න බුවා" කවුද බනේ ?
      අඩේ එහෙනම් ඒ වෙලාවෙදි කියන්න ඇති රොකට් යැවීම ජාතික ක්‍රීඩාවක් කරන්න පියවර ගන්න කියලා හිකිස්

      Delete
  19. ම්ම්ම් ..කියන්නද...මොනව හරි,,,,

    ReplyDelete
    Replies
    1. කියපං කියපං මොනවද බල බලා ඉන්නෙ,උඹ තමා අඩුවකට හිටියෙ.

      Delete
    2. කියපන් කියපන් රජෝ හැබැයි රෝහිත මල්ලීට අපහාස නොකර ඕන #$%$ක් කියපන් . .

      Delete
    3. හැලපයියේ මූට කියන්න ආපු එක ඉස්මොල්ලේ ගිහින්ද කොහෙද?

      Delete
  20. ඕක ගැන නම් කියන්න ගොඩක් තිබුනත් නොකියා ඉන්න එක වඩා හොඳයි. තාත්තා පළමු වරට ජනපති වූ දවස්වල කොල්ලා කියුවා අභ්‍යවකාශ ඉන්ජින්නේරුවෙක් වෙනවා කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් කර ගන්න මගුලක් තාත්තා බලේ ඉන්නවෙලාවේ කර ගත්තොත් තමා . . . පේන්නේ නැද්ද දුලංජලීට සජිත්ට වෙන දේ?

      Delete
  21. මුන් බය නැතිව කුමාරවරුන්ට අපහාස කරන හැටි. ලබන සැරේ ජෙෂ්ට ඇමති කමක් වත් දෙන්න හොද නෑ

    ReplyDelete
    Replies
    1. ඒකනේ බලහන් අර කුමාරයා අච්චර පරසක්වල ගහලා කියනවා එහෙව් එකක් යැවනවමයි කියලා මූ ඇමැතියා කියනවා යැව්වේ නෑ කියලා බලහන් ඉතින් නේහ්

      Delete
  22. ඇඩෙනවා දුකා මේ ඇත්ත කියවද්දි......................

    ReplyDelete
    Replies
    1. හා හා අඬන්න තව කල් තියෙනවා . . ..
      මේ තියෙන්නේ නයට අරන් හරි සැටලයිට් යවනවා කියලා මිනිස්සුට ස්වේතාම්බර සලු අන්දලා චූන් කරලා ආතල් එකේ ඉන්න කාලේ . . . :P :D

      Delete
  23. අන්තිම එක තමයි පට්ටම පට්ට කුඩු නැති කරමු...

    ReplyDelete
    Replies
    1. අර හිනාවෙන වීඩියෝ එක ගැන නේද උඹ කියන්නේ . . මට නම් ඒක අවුරුද්දක් හිනාවෙන්න ඇති බන්ස්

      Delete
  24. හි.. හි... ඒකත් හරිම හතර බීරි කතාවක්...
    විද්‍යාත්මක කටයුතු පිළිබඳ ඇමතිකෙනෙක් කියනවද මෙහෙම ...

    ReplyDelete
  25. සෙල්ලම් තුවක්කු තියෙන රටක සෙල්ලම් සැටලයිට් තියෙන්න බැරිද ලොකු අයියේ.?

    සිරාවට අපි සැටලයිට් එකක් ඇරියද බන්. මට මතක නැහැනේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපේ කුඩු දුමියට තියෙන ඔය අමතක වෙන ලෙඩේම ජහමනයටත් තියෙන එකෙන් තමා ඕනෑම ආන්ඩුවක් ඇහැක් තරම් ජරා වැඩ කරලා මොකුත් උනේ නෑ වගේ ඉන්නේ බන්ස් . .

      Delete
  26. එකත් මෙ ආස්චරියෙම කොටසක්.යැවුවද නැද්ද කියල හිතාගන්න බැරි එක

    ReplyDelete
    Replies
    1. යවපු නැති ඒවත් යැව්වා කියලා හිතාගෙන ඉන්න කොට සිරාවටම අපිට හිතෙනවා අපි ඉන්නේ ආස්චරියේ කියලා ආන්න ඒකයි ආතල් එක . .

      Delete
  27. ඉන්දිකට්ටත් රටින් ගේන අපි කොහොමද සැටලයිට් හදන්නේ කියලා උන්නැහේට හිතෙන්න ඇති. මම හිතුවේ සැටලයිට් නෝනා ගැනවත්ද ? කියලා. එතුමිය පොදු අපේක්ෂිකාව වෙනවා කියලා කියන්නේ තනියම.

    ReplyDelete
    Replies
    1. යකෝ ඔහොම කියන්න එපා අපි අතිරික්ත සහල් පිටරට යවපු ජාතියක් හරිය . . අනික අපේ ඇමතිලා අර කැඩෙන බලාගාර වලට මුල් ගල් තියද්දිද ඕපන් කරද්දිද මන්දා කිව්වා අපි ඉන්දියාවටත් විදුලිය දෙනවා කියලා හරිද (අපේත් ලයිට් කපන් එක ඉතින් . . හිකිස්)
      අහ් සැටලයිට් නෝනා මම නම් කියන්නේ එයාට පෙර වැරදි හදාගෙන හබෑවටම ජනාදිපති ක්‍රමේ වෙනස් කරන්න ඔව්නකමක් තියෙනවානම් අනිවාර්යෙන් අවස්ථාවක් දෙන්න ඕන ඒත් පොදු අපේක්ෂකයට මම නම් කැමති මාදුලාවේ ශෝභිත හාමුදුරුවෝ . . වෙන කෙනෙක් නෙමේ . .

      Delete
  28. හයියෝ සංදුක්කාරේ... ඒකත් එහෙමයි එහෙනම්...

    ReplyDelete
    Replies
    1. ඇයි මොකෝ මියුරු . . යැව්වේ නොයැව්වා වෙනම එකක් . . ඒත් යැව්වා කියලා හිතලා ආතල් එකක් ගන්න බැරි කමක් නෑනේ හිකිස්

      Delete
  29. රොකට් රෝහිතය,අහවල් තැන්වලට නම්, රොකට් යවනව ඇති.

    ReplyDelete
  30. රොකට් රෝහිතට සිංහල කථා කරනවද ඉංග්‍රීසි කථා කරනවද කියලා හිතා ගන්න බෑ බොලං...චීනය උඩ යවපු චන්ද්‍රිකාවකට අපේ උන් පුක උඩදාගෙන ගිහිල්ලා සිංහ කොඩිය අලවන්න වින්ද දුකක්...පවු බොලං...එදා වේල අමාරුවෙන් හොයාගන්න මිනිස්සු බඩට නොකා බදු ගෙවලා එකතු කරපු සල්ලි....රෝහිත ඉංජිනේරුවෙක් කියන්නෙ..ඔන්න ඕකට තමයි බොල ආශ්චර්යය කියන්නෙ....විදගනියව්....

    ReplyDelete
  31. අපි මෙහෙම හිතමු . .
    අපිට අපේම නොවන අපේම චන්ද්‍රිකාවක් තිබුනා . . .

    එහෙම හිතුවාම,
    තිස්ස විතාරනත් ගොඩ,
    පොඩි බේබිත් ගොඩ. . .
    මහජනයා . . . එයාල ඉතිං කොහොමත් ගොඩ නෙ

    ReplyDelete
  32. අර ලංකාවෙ කොඩියත් අලවලා රට පුරා ප්‍රචාරය යැවුව නේද.. හපොයි රොකට් පුතා වෙන්න ඇති ඒකෙ ඩ්‍රැයිවර්... හිකිස්... :-D ඒකයි තාම ඒ ගැන අලුත් විස්තරයක් නැත්තෙ...

    ReplyDelete
  33. machan post ekak danna kalin poddak search akrala balapan
    http://en.wikipedia.org/wiki/SupremeSAT

    ReplyDelete
    Replies
    1. යකෝ ගොන් මීමෝ, විකිපීඩියා එක ඇක්සස් තියෙන ඕනම බූතයෙක්ට කන්ටෙන්ට් එකතු කරන්න එඩිට් කරන්න පුලුවන් තැනක්. විශේෂයෙන්ම මේ වගේ දේකදී උඹ හදපු ලෝකල් සයිට් එකක රිෆරන්ස් දැම්මත් විකි එඩිටර්ස්ලා ඇපෘ කරනවා.
      ප්‍රශ්නේ තියෙන්නේ මේ මගුල ගැන තියෙන්නේ මේ පේජ් එකේ විතරක් වීම. මේ වගේ දේවල් රෙකෝඩ් වෙන ජාත්‍යන්තර අඩවි තියෙනවා, එහෙව් එකකවත් මෙහෙම දෙයක් සඳහන් නොවීම. දැන් තේරුනාද බහුතර චන්ද දායකයින්ට වගේ

      Delete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails