Monday, August 5, 2013

මධාරා - රණසිංහ ප්‍රේමදාස, ජනතාව - මහින්ද රාජපක්ෂ සහ මාධ‍යවේදියෝ . . !



එක්දාස් නවසිය අසූ නවය - අනූව වගේ කාලවල ඒ කිව්වේ මම ඕලෙවල් විභාගය කරපු කාලේ මම ආසාවෙන් කියවපු පත්තරේ ඉරිදා දිවයින. දැන් නම් දිවයින නම මතක් වෙද්දිත් බඩ දඟලනවා.

පත්තරේ අතට ගත්තු ගමන් පෙරලන්නේ සෝමා ජයකොඩි මහත්මිය ලියපු "මධාරා" නවකතාව හොයන්න. පිටු පෙරලද්දී පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙන සද්දේ මේ දැනුත් ඇහෙනවා වගේ. "අනේ මේ ගෑනිව මරලා දාලා නිසා මෙතැන් සිට මධාරා නවකතාව පලනොවේ" කියන ප්‍රවෘත්තිය ඇස නොගැටේවා කියන එක තමයි අර ගිඩි ගිඩි ගාල ගැහෙන පපුවේ ශබ්දයේ දෝංකාරය.

වර්තමානයේදී සජිත් ප්‍රේමදාසත්, යූ.එන්.පී. පාක්ෂිකයිනුත්, සමහර පොදු පෙරමුනු විරෝධීනුත් ශුද්ධවූ සාන්තුවරයින්ගේ ලිස්ට් එකේ උඩින්ම ඉන්න කෙනෙක් විදිහට හඳුන්වන්න උත්සාහ කරන රණසිංහ ප්‍රේමදාස මහතා තමයි එකල රට පාලනය කල ජනාධිපති.

අද බුදුවෙන්න ඔන්න මෙන්න වගේ මූනක් හදාගෙන මල්වට්ටිය අතේ තියාගෙන පන්සලක් පන්සලක් ගානේ යන සජිත් එදා තාත්තගේ බලේ පාවිච්චි කරලා නිදන් හෑරුවා කියලා ඒ කාලේ හිටපු අදීන ලේඛකයෝ වාර්තා කලා. අද නාමල් රාජපක්ෂත් තාත්තගේ බලය පාවිච්චි කරලා සජිත් හෑරුවා වගේ හතර පස් ගුණයක් හෑරුවා කියලා එහෙන් මෙහෙන් ඉතුරු වෙලා ඉන්න අදීන ලේඛකයෝ එකෙක් දෙන්නෙක් කිව්වත් එදා සජිත් කලා කිව්ව දේ දේ වගේම මෙදා නාමල් කලා කියන දේත් මිනිස්සුන්ට සතියෙන් දෙකෙන් අමතක වෙලා යනවා.

අද සජිත් වගේව එදා මල් වට්ටිය අතේ තියාගෙන පන්සල් ගානේ ගිය ආර්. ප්‍රේමදාසට "ශ්‍රීමත් පුෂ්ප කුමාර" කියලා කාඩ් එකක් තිබ්බා මතක ඇති අය ඇති. හැමදාම ටීවී එකේ මූන පෙන්නගෙන ශ්‍රීමතානෝ කියලා බලෙන් කියව ගත්තු නිසා ඒ කාඩ් එක වැදුනු බව දන්නෝ දනී.

හේමා ප්‍රේමදාස කොට සායක් ඇඳගෙන ටෙනිස් ගහන හැටි ෆොටෝ එකක් ගත්තු කැමරමන් කෙනෙක්ව අහම්බෙන් උනාවගේ පේන්න වාහනයකට හප්පලා මරපු කතා අපි කියෙව්වේ විකල්ප පත්තර කියලා හොරෙන් විකුනපු පොඩි තීරු පත්තර වලින්. යෝෂිත රාජපක්ෂ එක්ක වලියක් ගිය රගර් ටීම් එකේ මුස්ලිම් ක්‍රීඩකයා වාහනයක් ඇතුලේ මැරිලා හිටපු එක වගේ දේවල් ඉතිහාසයේ දේවල් ඒ ලෙසටම නැවත නැවත සිදුවේ කියන දේට සාධක කියලා අපි හිතුවා ඊලඟ සතියේ අමතක කලා . . .

අද සාන්තුවරයින්ගේ ලිස්ට් එකට දාන්න හදන රණසිංහ ප්‍රේමදාස එදා පත්තරේට මධ්‍යස්ථ මත ලියපු මාධ්‍යවේදියෝ මර්ධනය කල තරම අවුරුදු 16ක 17ක පොඩි එකෙක්ට උනත් දැනුනු හැටි හිතා ගන්න මධාරා නවකතාව සම්බන්ධ උදාහරණේ ඇති නේද?

එදා ආර් ප්‍රේමදාස කාලේත් ආන්ඩුවට අයිති ලේක් හවුස් පත්තර වලින් ආන්ඩුවට රෙදි නැතුව කඩේ ගියා තමයි. ඒත් අනෙක් මධ්‍යස්ත මත දැරූ මාධ්‍යවෙදීන් ආන්ඩුවෙන් යම් හොඳ දේවල් කලොත් හොඳයි කියන්නත් ආන්ඩුවේ වැරදි වලට කොන්ද පන ඇතුව විරුද්ධව ලියන්නත් තරම් අදීන කමක් තිබූ අයයි කියන එකයි මගේ අදහස.

එහෙම නොවුනානම්, එවැනි මාධ්‍යවෙදීන් නොහිටියානම් දාහත් වසරක සාපය කියලා හඳුන්වපු සූරිය කන්දේ, බටලන්දේ ඇතුලු හතර දිබ්බාගෙම තරුණ තරුණියන් ලක්ශයකට ආසන්න ප්‍රමානයක් මරලා ලේ ගංගාවල ජබු ගහපු එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව පෙරලලා "අපේ ආන්ඩුව" කියලා බහුතර මිනිස්සු හිතපු පොදු පෙරමුණු ආන්ඩුවක් පත්කර ගන්න එක හීනයක් වෙන්න තිබ්බා.  

යූඑන්පී ආන්ඩුවෙන් මරපු මළමිනී බාබකිව් කරලා කාලා උන් මැරුනු එකමයි හොඳ කියලා ලියලා ඒ අදහස සාමාන්‍ය මිනිස්සුන්ට ගිල්ලවන්න පුලුවන් උන් එදා හිටියා නම් අදටත් තියෙන්නේ යූඑන්පී ආන්ඩුවක්.

දැන් තියෙන ආන්ඩුවේ නම පොදු පෙරමුණ උනාට ඒකේ මැති ඇමති ලොකු ලොකු තණතුරු ඔක්කොගේම වගේ වැඩිපුරම ඉන්නේ එදා යූඑන්පී  එකේ ඉඳගෙන මිනී මරපු මිනී මරන්න උඩගෙඩි දුන්නු යූඑන්පී කාරයන්මයි කියන එක හදවතින්ම පොදු පෙරමුණු ආන්ඩුවකට සහය දුන්නු ජනතාවට අමතක වෙච්චි එක ඛේදවාචකයක්.

එදා යූඑන්පීයේ දාහත් වසරක සාපයත් සාපය නිමාකරන්න මාධ්‍යවේදීන්ගෙන් ලැබුනු දායකත්වයත් සිහි කලාම මතක් වෙන්නේ "කඩුවට වඩා පෑන බලවත්" කියලා කියන කියමන.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු පෙරමුණ කියන බෝඩ් එක ගහගෙන දූෂිත මිනීමරු යූඑන්පී කාරයින් රැලකුත් වටකරගෙන පවතින ආන්ඩුව එජාපයේ දාහත් වසරක සාපයේ දෙවෙනි කොටස පවත්වාගෙන යනවා කියලා හිතෙන්නේ විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව කටුනායකදී කල උද්ඝෝෂණයට එල්ල කල අමානුෂික ප්‍රහාරය සහ මිනී මැරුම, ඉන්ධන සහනාධාරය ලබා දෙන්න කියලා හලාවතදී කල උද්ඝෝෂණයට එල්ල කල අමානුෂික ප්‍රහාරය, පානීය ජලයට විෂ මුසුවීම නිසා එයට විසඳුමක් ඉල්ලා කල උද්ඝෝෂණයට එල්ල කල අමානුෂික ප්‍රහාරය සහ මිනී මැරුම් දිහා බලද්දී තමයි.

මහින්ද රාජපක්ෂ ජනාදිපති තුමා යූඑන්පීයේ දාහත් වසරක සාපය නිමා කරන්න පොදු පෙරමුණට චන්දය දුන් ජනතාවට එරෙහිව යූඑන්පීයේ උන් එක්ක එක පුකේ රෙමින් දාහත් වසරක සාපයේ දිගුව කරගෙන යෑමට විරුද්ධ ව පීඩනයට පත්වෙන මහජනයාගේ අන්තයේ සිට හෝ මධ්‍යස්ත්ව සිට ජනමාධ්‍යකරණයේ යෙදෙන්න මාධ්‍යවේදියෝ අද දවසේ හිඟ උනේ ලංකාවේ අලුත් පරම්පරාවේ හෝ උපදින්න ඉන්න උන්ගේ හෝ අවාසනාවටද?

අර කඩුවට වඩා බලවත් පෑන මාධ්‍යවේදියෝ පුකේ ගහගත්තේ මහින්ද ලබා දුන් ලැප්ටොප් එකට සල්ලි වලට අරක්කු වලට පිට රට සවාරි වලට ලෝභ කමින් නොවේද?

යූඑන්පී එකේ මිනීමරුවෝ දූෂකයෝ එක්ක එකතුවෙලා ජනාධිපති මහින්ද රාජපක්ෂ රට විනාස කරන එක, තවත් සාපලත් කාලයක් කරන එක නතර කරන්න උත්සාහ දැරීමේ භාරදූර කාරිය ඇත්තේ කඩුවට වඩා බලවත් පෑනක් අතින් ගත් ජනමාධ්‍යවෙදීන්ට බව අමතක කල ජනමාධ්‍යවෙදීන්ට කියන්න යමක් තිබේ.

බොරු ලියන මාධ්‍ය කලාව වේසකමේ යොදවන මාධ්‍යකාරයෝ කියල කියන දීන බල්ලන්ට කියන්නේ . . !

තමන්ගේ බඩ පුරෝ ගන්නම නෙමෙයි දරුවන්ගේත් බඩවල් පුරවන්න ඕන කමට තොපි ගූ කනවා කියලා හිතාගෙන මේ බොරු ලියනවා ඇති . . .

ඒත් පාලකයෝ වැරදි කලාම වැරදියි කියලා පාලකයෝ යහමඟට ගන්නවා වෙනුවට උන්ගේ ගූ රෙදි හෝදලා මාධ්‍ය කලාව වේසකමේ යොදවන තොපි නිසා රටේ ඉදිරි පරම්පරාවට සතුටින් සාමෙන් ඉන්න රටක් නැතිවෙන බව හිතපියව්.

තොපි මේ සුන්දර රට විනාස කරපු පාපෙට තොපිත් එක්ක එකට ඒ ගූ කාපු දරුවොම තොපිට අනාගතයේ කවද හරි දවසක සාපකරයි.

ඒ වෙනකම් මෙහෙම බොරු කියන තොපිට අපි සාප කරන බව දැන ගනිව්.

බොරු ලියන තොපේ අත් උරහිස් ලඟින් කැඩිච්චාවේ . . . !

බොරු ලියන්න හිතන තොපේ හිත් හතරට පැලිච්චාවේ. . . !

බොරු ලියලා ගන්න සල්ලි වලින් කන තොපේ බඩවල් වලට ලේ පාචනේ හැදිච්චාවේ . . !

සල්ලි වෙනුවෙන් ගූ කන කාලකන්නි පෙරේතයිනේ . .


තොපිට මේ රටේ යහපත වෙනුවෙන් කරන්න දෙයක් නැතිනම් වහ ටිකක් කාලා මැරියව් රට විනාස කරන්නේ නැතුව.

43 comments:

  1. දෙරණ මාධ්‍ය වේදියෙක්ගේ අද වැඩ තහනම් කරලා!

    ReplyDelete
  2. මට මතක කාලේ ගැන කියන්නම්.
    1. 70 ට 71 කැරැල්ල සහ වීරසූරිය ඝාතනය පාරාවලල්ලක් වුණා.
    2. 88/89 පටන් ගෙන කළ මැරකම් 94 දී පාරාවලල්ලක් වුණා.
    3. චන්ද්‍රිකා කළ මැරකම් මතක ඇතිනෙ. අතිමට අවුරුද්දක් තියෙද්දි ගෙදර යන්න වුණා.
    4. ඉතිහාසය චක්‍රයක් වගේලුනේ................?

    ReplyDelete
  3. දුකා,

    මෙහෙමයි, මාඩ්ඩවේදියෝ කියන්නේ සෝවාන් වෙච්ච පිරිසක් නොවෙයි.

    අර කහ සිවූක් පොරෝගෙන ඉන්න බුද්ධ පුත්තර කෙනෙකු වෙන නානාසාර කියන ගණින්නාන්සේ එක්ක බැලුවාම මේ පුරුතග්ජන මාඩ්ඩවේදියෝ ගැන කවර කතාද?

    කවුරුත් මිනිස්සු!

    අර වැලිවේරියේ මිනිස්සුන්ව ගහලා, වෙඩි තියලා මැරුවෙත් අපේම මිනිස්සු තමයි!

    තිරිසන් සත්තු මෙච්චර තිරිසන් නෑ මයෙ හිතේ!

    ReplyDelete
  4. මාධ්‍යවේදීන්ට සාප කරයි කියලා ප්‍රශ්නේ විසදෙයි කියලා හිතන්න අමාරුයි....කුලියට ලියන කොට සදාචාරේ අමතක කරලා බඩ ගැන හිතන්න වෙන්වා...

    මොවුන්ගේ නිරුවත පෙන්වීම සදහා විකල්ප ක්‍රමයන් වලට යෑම එක්තරා විදිහක්...

    88 ට කාලේ විකල්ප පත්තර කලාවක් බිහි උනේ ප්‍රදාන මාද්‍යවල තිබ්බ ගති කමට විරුද්ධව ප්ප්‍රේමදාස පාලනය ට විරුද්ධව..

    දැන් කාලේ ඒ විකල්පය. ෆේස් බුක්. බ්ලෝග් , ට්විට්ර් හරහා සිදු වෙන බව මගේ හැඟීමයි...

    ReplyDelete
  5. සිරා කථාව දුකා ෙපාදු ජනයෙග ෙබාක්ෙකන්ම ඒන අාෙව්ගය තමයි ෙම්.....ඒත් ඒ හැම ෙදයක්ම අැතුෙල් විතරයි ඒළියට දාගන්න බෑ ෙම් වෙග්.

    ReplyDelete
  6. මේ ටික මේ විදිහටම හැමෝටම හිතෙනවා ඇති, කියන්නත් හදනවා ඇති, කිව්වට වැඩක් නෑ කියලාත් හිතෙනවා ඇති, සමාජය පාදඩකරණය වෙලා හොඳටම,මේ සමාජයේ ජීවත් වෙන්න ඕනෙනම් පාදඩයෙක් වෙන්න ඕනේ, අද අවනීතිය කියලා එකක් නෑ, ඒක තමයි නීතිය.

    ReplyDelete
  7. දුකා සමඟ එකඟයි.මාද්‍යවේදියෝ පමණක් නොවේ,මහානායක හිමිවරු,කාදිනල් තුමා ඇතුළු කතෝලික සභාව,සියලු ආකාරයේ උගතුන්ගේ නිහඬතාවය කොතරම්ද?. මා සිතන්නේ කුහක,කොන්ද පණනැති විපක්ෂ දේශපාලන පක්ෂවල නිද්‍රාශීලී බව නිසා මහා සමාජයත් නිහඬව සිටින බවයි.

    ReplyDelete
  8. කවුරු හරි කෙනෙක් කියලා තියෙනවා දැක්කා “ ප්‍රභාකරන් නැතුව පාලුයි ” කියලා... අපිම පත්කරගත්ත ආණ්ඩුව මේ වගේ වැඩ කරනකොට කාට බනින්නද කියලා හිතාගන්න බැරි උනාම ප්‍රභාකරන්ව මතක් වෙන එක සාධාරණයි.. ඒ කාලේ හැම එකම ඒකගේ පිට පටොලා බැන බැන ඉන්න අපිට පුළුවන්කම තිබ්බා.. දැන් බනිනවා නං බනින්න තියෙන්නේ සති දෙකෙන් සියල්ල අමතක වෙන අපිටමයි....

    මාධ්‍යවේදීන්ට බැනලා වැඩක් නෑ... මොකද උන්ට බැක් කරන්න කියලා මේකේ විකල්ප දේශපාලනයක් ඉතුරු වෙලා නෑ... හොරු ඔක්කොම ආණ්ඩුවෙ.. තාම පැන ගන්න බැරි උනුත් ඉන්නේ කවද කොහොම පැන ගන්නද කියලා ආණ්ඩුවට...

    ReplyDelete
  9. මේව ගැන කතාකරන්න ගත්තම නිකන් අපේ ලේ කෝප වෙනවා. ලබන මාසෙ වෙනකොට රටේ මිනිස්සුන්ට මේ ඔක්කොම අමතකයි, 22 අනිවා ආණ්ඩුව පළාත් සභා ටික ගොඩදාගනියි. ඡන්දයක් කටඋඩ තියෙද්දිත් කැරලි මර්ධන පොලිසිය නැතුව ජීව උණ්ඩ දීපු හමුදාව මිනිස්සු ඉස්සරහට යවන්න තරම් ආණ්ඩුව නිර්භීතයි කියන්නෙ තව දුරටත් ඔය මොනවත් එයාලට අභියෝගයක් නෙවි කියන එක. මොන බයිලෙ ගැහැව්වත් සිග්නල් එක ඒක. සමහර විට කවදකහරි මේ යුගේ අවසානය මහා ඛේදවාචකයක් වෙයි.

    මධාරා කතාව මම කියෙව්වෙ පත්තරේ යද්දි නෙවි, පොත. ඒකෙ දෙවෙනි කොටසකුත් ආවා වගේ මතකයි. රන්දුනු කියල ඔය කතාවෙන් ටෙලිනාට්‍යයකුත් හැදුවා.

    ප්‍රේමදාස උන්නැහැගේ කාලෙ අර චූටි චූටි පත්තර නම් වැහිවැහැල තිබුන කියල මම අහල තියෙනවා. චන්ද්‍රිකාගෙ මුල් කාලෙත් ඔය වගේ එව්වා තිබුනද කොහෙද.

    ReplyDelete
  10. මට අනුව නම් මහින්ද කියන්නේ නියම නායකයෙක්.......ඒ මොකද කියන්නේ මිනිහා මුලින්නම ගහන්නේ ගහන්න ඕනේ කෙනාගේ ඔලුවට ඊට පස්සේ උන්ගේ කොහෙට ගැහුවත් ඉතින් වැඩක් නැහැ නේ.....මහින්ද මුලින්නම දැන ගත්තා ලංකාව කියන්නේ මුග්ධ මිනිස්සු 2/3 ඉන්න රටක් කියලා. එක නිසා මිනිහා නාඩියට වැඩේ ගැහුවා......

    අනෝ කියුවා වගේ, "මාද්‍යවේදියෝ පමණක් නොවේ,මහානායක හිමිවරු,කාදිනල් තුමා ඇතුළු කතෝලික සභාව,සියලු ආකාරයේ උගතුන්ගේ නිහඬතාවය කොතරම්ද?" මහින්ද මේ ඔක්කොම අල්ල ඉවර වෙලා තමයි, ගේම් එකට බැස්සේ.ඉතින් මාධ්‍යවේදියෝ අල්ලන එක මහින්දට පොඩි වැඩක් විතරයි. එකත් බාගයක් විතර කරලා ඉවරයි.....කර ගන්න බැරි උන ටික තමා මේ තරම් හරි කතා කරන්නේ.

    නිවැරැදි දැකීමක් නැති මාධ්‍යය ඉන්න රටක් කියන්නේ ලංකාව දුපතක් විදිහට, දුප්පත්, තුන්වන පන්තියේ රටක් බව ඔප්පු කිරීමක් විතරයි.

    ReplyDelete
  11. 88-89 ප්‍රේමදාස බලු බෙටි ගානට මිනිස්සු මරපු කාලේ බය නැතිව ලියපු ඩලස් අලහප්පෙරුම අද *රි ගිලපු පොන්නයෙක් වගේය,කට ඇරියොත් ගඳය.අන් අය ගැන කවර කතාද?මම දුකාට එකඟය.සොල්දාදුවා සහ මාධ්‍යවේදීයා යනු අන්ත දෙකකි.සොල්දාදුවා අණ ලබන්නෙකි.සැබෑ මාධ්‍යවේදියා අණසක පතුරුවන්නෙකි.කරුමයක මහත!!!මුන්ද අණ ලබන්නෝ වී ඇති සැටි.

    ReplyDelete
  12. පලවෙනි වතාවටයි ආවේ.අඩේ උඹ නම් මං හිතන විදියටම හිතන එකෙක්ද කොහෙද?සෑහෙන කාලයක් හිතේ හිරවෙලා තිබුනු දෙයක් උඹ මෙහෙම ලියලා තිබෙනවා දැකලා හිත සැහැල්ලු වුනා.

    ReplyDelete
  13. මේ ලිපිය ඉතා හොඳින් කියෙව්වමි. දෙවනුව යළිත් වතාවක් දුකාගේ මෙයිට කලින් පෝස්ටුව කියෙව්වෙමි. සරදමක් වැනිය. දුකාගේම වචනයෙන් නානසාර හා දුකා අතර වෙනසක් නැත.එම ලිපියෙන් ඇට මිදුලුවලට පවා දැනෙන දාරක ප්‍රේමය කතා කරනා දුකා මෙතැන දරුවන්ගේ හතර හන්දි කැඩෙන්නට යාතිකා කරයි. දුකා කතා කරන මිනිසුන්ගේ ආධ්‍යාත්මය නොහදුනයි.
    කොට සාය ඇදන් සිද්ධය වුනේ කිත්සිරි සමරණායකට. දුකා පොඩි ඇති ඒකාලේ.
    දුකාට හරි දුකයි මේ ආණ්ඩු දෙකෙන්ම වෙන සිදුවීම්වලට. නමුත් මට නම් දුකයි කොටි සහ ජවිපෙන් කරපු මිනි මැරුම්වලටත් එක්ක.
    අතට ගානක් ගන්න ඔන්නම් අද කළ යුත්තේ ආණ්ඩුවට බැන විවේචනය කර පිළිගතත් මාධ්‍යයක ලිපියක් දෙකක් දැමිම හා තර්ජන ඇතැයි පැමිණිල්ලක් අදාළ තැන්වලට දැමීම පමණයි. ඩොලර් එක්ක ගොඩ ගිය හැකියි..
    මේ සටහන බුකියෙත් ගියානේ.ඒ නිසයි මේ පිළිතුර. මන්ද යත් හයක් හතරක් නොදැන දොඩවන දේ වුවත් දරුවකු වෙනස් වන්න හැකියි. කළබල නොවී මිනිසුන් ගේ මතුපිට නොව සැබෑව සොයන්න.
    ජෙප්පෙකුටනම් එය කිසිදා කළ කොහැකියි.
    ඒ කෙසේ වෙතත් මම කිසිම දිනක පියා කළ වරදකට දරුවන්ගේ අත පය කැඩියන් යනුවෙන් පතන්නේ නැත.
    දුකා ගේ දරුවන් ප්‍රිය බිරිය යෙහෙන් වැජබේවා.

    ReplyDelete
  14. මාධ්‍යවේදීන්ට ගරු කරමි. දිනකදී පෑනේ සවිය මගේ දෑත් මතටද එනු ඇත. එදාට මා සත්‍යට ඉඩ දෙමි. කිසිවක් නොකියා නිස්සද්ධ වන්නේ මා අතීතයේ මිනිසෙක් නොවන නිසාය.. උඩ කියූ භියකුරු අත්දැකීම් මා ජීවිතයේ නොමැති නිසා ය..

    මාධ්‍යවේදිත්වයට කුණු ගොඩ ගසන මාධ්‍යවේදීන් මා දෑසින් දැක ඇත. ඒ ගැන කම්පා වෙමි.
    කිසිවක් නොදනිමි. අනාගතයට යමක් ඉතුරු කර ගතිමි. මන්ද ඒ සටහනක් පමණි..


    බොර දියක ඉඳුවර එන්න ගොඩ වන්න බොරදියට...

    ReplyDelete
  15. @Naleen Dilruksha

    //ඒ කෙසේ වෙතත් මම කිසිම දිනක පියා කළ වරදකට දරුවන්ගේ අත පය කැඩියන් යනුවෙන් පතන්නේ නැත.//
    කොහෙද බං එහෙම එකක් ලියල තියෙන්නෙ මේකෙ?

    අනිත් එක, උඹ කියන්නෙ කොටි, ජෙප්පො, යූ.එන්.පී එක ගොඩක් මැරුව, මේ ආණ්ඩුව තාම ඒ ටාගට් එකට ඇවිල්ල නෑ, ඒක නිසා ඔය දුකා කියල තියන දෙවල් අසාධාරණයි කියල ද?

    //අතට ගානක් ගන්න ඔන්නම් අද කළ යුත්තේ ආණ්ඩුවට බැන විවේචනය කර පිළිගතත් මාධ්‍යයක ලිපියක් දෙකක් දැමිම හා තර්ජන ඇතැයි පැමිණිල්ලක් අදාළ තැන්වලට දැමීම පමණයි. ඩොලර් එක්ක ගොඩ ගිය හැකියි.//

    මචං දුකා, අනේ උඹ ඔය ඔටුවොත් එක්ක දුක් විඳින්නෙ නැතුව, මේකෙ ලියල තියන පෝස්ට් දෙක තුනක් යවපන් මචං ලොවෙත් නැති පිළිගත් විකල්ප මාධ්‍යයකට. ඩොලර් එක්ක ගොඩ ගිය හැකියි..හෙක් හෙක්

    අනේ මචං, උඹ තාම දන්නේ නැතුවත් ඇති, මෙහෙ ප්‍රධාන අදායම් මාර්ගය "ආණ්ඩුවට බැන විවේචනය කර පිළිගතත් මාධ්‍යයක ලිපියක් දෙකක් දැමිම හා තර්ජන ඇතැයි පැමිණිල්ලක් අදාළ තැන්වලට" කියන එක යි. එහෙම නැතුව කඩේ ගියොත් උඹ ඉඳල ඉවරයි. කන්නත් නෑ.

    // මන්ද යත් හයක් හතරක් නොදැන දොඩවන දේ වුවත් දරුවකු වෙනස් වන්න හැකියි. කළබල නොවී මිනිසුන් ගේ මතුපිට නොව සැබෑව සොයන්න. ජෙප්පෙකුටනම් එය කිසිදා කළ කොහැකියි.//

    අපේ අම්මපල්ල මම ජෙප්පෙක් නෙමේ, ඉතින් මම කලබල වෙන්නෙ නැතුව දැන් පැය ගානක් හිතනවා, ළමයි දෙන්නෙක් වෙඩි තියල මරපු එක පට්ට බොරු කියල වහන්න මාධ්‍ය උත්සහ කරන තිරිසන් විදිහ. මම වැඩ කරන තැනක ඔය වගේ දෙයක් සිද්ද වෙනවනම්, මට මගේ දරුවගෙ බඩ පුරවන්න තව පරම්පරා ගානකට කෙලවෙන බොරු කියන්න වෙනවනම්, ඒවා ඉවසගෙන නොදැක්ක පොන්නයෙක් වගේ ඉන්න වෙනවනම්, මට මගෙ හිතට දැනෙන ඇත්ත කියන්නත් බැරි නම්, අනිව මම අයින් වෙනව, හැබයි මෝඩයෙක් වගේ හිඟා කන්න නෙමේ, වෙන මොනා හරි ජීවත් වෙන්න විදිහක් හදාගෙන.
    උඹට එහෙම උනොත් උඹ මොනවාද කරන්නෙ?

    ReplyDelete
  16. සැර වැඩියි මචෝ... මේ විදියටම තමයි ආන්ඩුව හිතන්නෙත්.. අපි මීට වඩා සාධාරණ ක්‍රමයක් තමයි බලාපොරොත්තු විය යුත්තේ. උඹේ ඔය තියෙන කේන්තියම මටත් තියෙනවා. දෙයක් ලියන්නවත් හිතෙන්නේ නෑ. ඒත් අපේ මනුස්සකම ඊට වඩා වටිනවා නේද? වෙඩි තියන් ඒකා ගැනත්, වෙඩි කාපු එකා වගේම සාධාරනව බලන්න ඕන. මාධ්‍යවෙදියා ගැනත් එහෙමයි. නැත්නම් ඉතින් උන්ගෙයි අපෙයි වෙනසක් නෑනේ. මෙතන උනෙත් ආවෙගශීලීව ප්‍රශ්ණය විසඳන්න යාමයි.

    ReplyDelete
  17. @Maathalan - Priyantha Hewage

    //වෙඩි තියන් ඒකා ගැනත්, වෙඩි කාපු එකා වගේම සාධාරනව බලන්න ඕන. මාධ්‍යවෙදියා ගැනත් එහෙමයි//

    ඒ කියන්නේ ඔක්කොම කුලී හේවායෝ කියල ද? අපි දැන් මාධ්‍යවෙදියා ගැනත් එහෙමද හිතන්න ඕනෙ? එතකොට මාධ්‍යවෙදියා අරින එකත් අපි ඉවසන්න ඕනෙ, අවුලක් නෑ, තව ලොකු කරන්න පුළුවන්, තව ඉඩ තියනව හෙක් හෙක් හෙක්....

    ReplyDelete
  18. ලියලා වැඩක් නෑ...
    මම හූනා කිවුවා වගේ කියන්නං..
    අපේ එවුන් රෙද්ද උස්සගෙන ගිහින් මේ පාරත් කතිරේ ගහලා ස්ත්‍රී දූෂකයොයි, කුඩු මුදලාලිලයි, කසිප්පු මුදලාලිලයි, ගස් මරුවොයි, ඔක්කෝම ලස්සනට පලාත් සභා වලට පත් කරලා දීලා එයි...
    ඊට පස්සෙ ආයෙම හූල්ලයි...
    ඔච්චරයි..
    ලියලා වැඩක් නෑ...

    ReplyDelete
  19. මේ හැම පැත්තම සාධාරණීකරණය වෙන අවස්ථාවක් එනවා.. අයියා මැද පෙරදිග රැකියා අවිනිශ්චිත වෙද්දි ලංකාවේ ව්‍යාපරයක් ගැන හිතුවා,, මැද පෙරදිග හරි යද්දි ඒක කාලෙකට නවත්ත්ලා බිරිඳ දරුවා එක්ක සහයෝගෙන් ඉන්න හිතුවා... රටේ මෙච්චර ගිනි ඇවිලෙද්දි අයියා පිට රටක ඉඳන් තවුසන් ටෝක් දෙනවා... අනේ මන්දා.. මීට වඩා දෙයක් අයියට කරන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ... අපි වගේ පට්ට පජාත නොවෙන ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් වෙච්ච අයියගේ කතා බැලුවම පුදුමත් හිතෙනවා...

    ReplyDelete
  20. දුකා.... අපි ගොඩක්ම පරිස්සම් විය යුත්තේ, යම් අසාධාරණයක් නිවැරදි කරන්නට කියලා ඔවුන්ට විරුද්ධව (අපි හෙළාදකින ) ඔවුන්ගේම ක්‍රමවේදය, අපිත් පාවිච්චි කිරීමෙන් වැළකිලා සිටීමටයි.

    උඹේ ලිපියේ උඩ ටික හරියටම හරි... නමුත් මචං ලියන එවුන්ට සාප කරන තැනට ඇවිත් වැඩක් නැහැ. උනුත් එක්තරා විදිහකට මේ ක්‍රමයේ ගොදුරු. මිනිස්සු දැනුවත් කරන්න ලියපං.. මිනිස්සුන්ගේ වෛරය අවුස්සන්න එපා. වෛරයක් ඇවිස්සුන තැන හොඳ නරක කියලා වෙනසක් නැහැ.

    ReplyDelete
  21. මම නං ප්‍රේමදාසට වැඩිය මහින්දට අකමැතියි. දෙන්න පාලනය කල කාලයන් එක්ක බලද්දි දැං ඉන්න එකා වඩා දූෂිතයි.

    කේන්ති ගත්තට පලක් නෑ දුකා. මේව එක්වරම වෙනස් වෙන්නෙ නෑ

    @නලීන්
    දරුවන්ගේ අතපය කඩන කතාවක් කොහෙද තියෙන්නෙ?(දුකා දැන් පෝස්ටුව වෙනස් කරලද?)

    //අතට ගානක් ගන්න ඔන්නම් අද කළ යුත්තේ ආණ්ඩුවට බැන විවේචනය කර පිළිගතත් මාධ්‍යයක ලිපියක් දෙකක් දැමිම හා තර්ජන ඇතැයි පැමිණිල්ලක් අදාළ තැන්වලට දැමීම පමණයි. ඩොලර් එක්ක ගොඩ ගිය හැකියි.//

    ඕක තමයි අද විරුද්ධවාදීන්ට එරෙහිව "උඹලගෙ පැත්තෙන්" ගහන අසාර්තක තුරුම්පුව. අර එක්කෙනෙක් මේ දවස්වල නාන්නෙ ප්‍රගීත් එක්නැලිගොඩ දැක්ක කියල.

    ReplyDelete
  22. @චාමි ගුරුගේ!
    අර වෙඩි තියන එක වීඩියෝ කලාටද?

    @වෙදනා!
    ඒත් ඒ කාලෙයි අදයි සමාජය දිහා බැලුවාම ලොකු වෙනසක් දැනෙන්නේ නැද්ද අයියා.
    මිනිස්සු නිර්වින්දනය කරලා.
    දෙවෙනි ලෝක යුද්දෙට ගොබෙල්ස් ජනමාධ්‍ය යොදාගෙන ජර්මන් ජාතිකයින් නිර්වින්දනය කල වගේ අද මේ ගූ කන මාධ්‍යවේදියෝ කියන උන් මිනිස්සුන්ව නිර්වින්දනය කරලා කියලා දැනෙන්නේ නැද්ද?
    1945 වැටුනු ජර්මනිය නැගිට්ටා දියුනු රටක් නිසා.
    ඒත් තුන්වෙනි ලෝකයේ රටක් වෙච්චි අපිට ඒ නිර්වින්දනයෙන් මිදුනත් නැගිටින්න පුලුවන් වෙයිද?
    රට තවත් සිම්බාබ්වේ එකක් නොවෙයි කියලා දෙන්න පුලුවන් සහතිකේ මොකද්ද අයියා.

    @කකා!
    උන් පෘතග්ජනයෝ තමයි.
    රට වෙනුවෙන් තමන්ගේ රටේ අනාගත පරපුර වෙනුවෙන් අඩු තරමේ තමන්ගේම දූ දරුවටත් හෙට සාමෙන් ජීවත් වෙනන් රටක් තියෙන්න ඕන කියලා හිතලා වත් අයුක්තිය යුක්තිය කරලා ලියලා මිනිස්සු නොමඟ යවන එක දැන් වත් නතර කරන්න ඕන නේද බන්.
    රටක පාලකයෝ වරදි පාරේ යනවා නම් උන්ට පාර කියලා දෙන්න ඕන මාධ්‍යවෙදියෝ. .
    මොකද මහජන මතයේ දිශානතිය තීරණය කරන්නේ මාධ්‍යවෙදියෝ. අනෙක් රටවල් ගැන නෙමෙයි මම කියන්නේ මගේ අත්දැකීමෙන් අපේ රට ගැන.

    මිනී මරපු, පිස්සු කෙලපු ආන්ඩු ගෙදර යැව්වේ පත්තර කාරයෝ.

    ෆේස් බුක් එක කියන්නේ ලංකාවේ ම චන්දදායකයා නෙමෙයිනේ කකා. ලංකාවේ චන්දදායකය කියවන්නේ විස්වාස කරන්නේ දිවයින, ලංකාදීප . . . ඇහැට පේන ඇත්ත බඩගෝස්තරේ වෙනුවෙන් කනපිට ගහලා ලියන උන්ට බන් හෙන ගහන්න ඕන මේ රට කන එකට.

    ReplyDelete
  23. ඇත්තෙන්ම.....

    අද ඔක්කොම උන් සට්ටඹිකම් කරනවා. එහෙම නැත්නම් උන්ට පැවැත්මක් නෑ. ඉස්සර ලංකා පත්තරේ හරි තිබුනා. කුරුටුගාමි හැත්ත නිසා අද ඒකත් නෑ. දැන් නම් මම පත්තර ගන්නෙත් නෑ, කියවන්නෙත් නෑ.

    ReplyDelete
  24. @මයියා!
    කකාට කියපු ටිකත් කියෝපන් මචන්. මාධ්‍යවේදීන්ට සාප කරලා වැඩක් නැත්තේ නෑ බන්.

    දෙවෙනි ලෝක යුද්දෙට ජාර්මානුවන්ගේ මොළ හේදුවේ මාධ්‍යවේදීන්. . .

    සර්වජන චන්දබලය ලැබුනු දා ඉඳන් පත් වුනු ආන්ඩු මිනීමැරුවොත්, පිස්සු කෙලියොත් උන්ව ගෙදර යැව්වේ මාධ්‍යවේදීන්.

    ඒ කියන්නේ රට නියම මාර්ගයේ ගෙනියන්න පාලකයන්ට පාර පෙන්වන්න ඉන්නේ මාධ්‍යවේදීන්.

    උන් බඩගෝස්තරේ ගැන හිතලා කෙප්ප කෙලලා මිනිස්සු නොමඟ යවලා ප්‍රජාතන්ත්‍රවාදය වළදාලා ආපහු ඉස්සර තිබ්බ ජාතියේ රජාටයි උගේ පවුලේ උන්ටයි හිතවතුන්ටයි විතරක් ඕන දෙයක් කරන්න පුලුවන් සාමාන්‍ය ජනයා උන්ගේ ඉස්සරහා "පස්වාන් දහසකට බුදුවෙන්ට . . බලු ගැත්තරයාට අවසර" කිය කියා වැඳ වැටෙන ජාතියේ ක්‍රමේකට යන්න පාර කැපුවොත් අපි විතරක් නෙමේ ඉස්සරහට උන්ගේ දරුවොත් උන්ට සාප කරයි.

    ReplyDelete
  25. @ගීත්!
    රටක ප්‍රජාතන්ත්‍රවාදයේ හෝ දියුනුවේ පෙරගමන්කරුවෝ ඇහැට පෙනී පෙනී රට විනාස කරන්න ඉඩ දීලා බඩගෝස්තරේ ගැන හිතලා අයුක්තිය යුක්තිය කරන්න යද්දී මරන් කන්න තරම් තරහක් එනවා බන්.

    @ප්‍රගීත්!
    ඇත්ත ප්‍රගීත්. සමාජය පාදඩකරණය වීමේ චෝදනාව මුලින්ම එල්ලවෙන්න ඕන මාධ්‍යවේදීන්ට. අපේ රටේ සේස්බුක් වගේ ශෝෂල් මීඩියා භාවිතා කරන ප්‍රතිශතය හරිම අඩු එකක්.

    වැඩිපුර ඉන්න අය භාවිත කරන්නේ පත්තර, රූපවාහිනී, රේඩියෝ. රටක් වලපල්ලට අරන් යන නායකයන්ව එලවන මෙහෙයුමට සාමාන්‍ය මහජනයා මෙහෙයවන වගකීම තියෙන්නේ මාධ්‍යවේදීන් අතේ.

    එලවලා වෙන පත්කර ගන්න එකක් නෑ කියන එක ප්‍රශ්නයට උත්තරය නෙමෙයි. එහෙන් මෙහෙන් කොහෙන් හරි ඉතුරු වෙලා ඉන්න හරි හමන් උන් එකා එකා හරි හොයාගෙන උන්ව මහජනයාට අඳුන්වලා දෙන එක ත් උන්ගේ වැඩක්.

    ඒත් අද උන් මොකෝ කරන්නේ. තමන්ගේ බඩගෝස්තරේ වෙනුවෙන් රට ගන හිතන්නේ නැතුව පීඩිතයා වෙනුවෙන් නොව පීඩනය ලබා දෙන එකාට කඩේ යනවා.

    ReplyDelete
  26. දුකා මලයගෙ මේ ලිපිය කියෙව්වෙ ඊයෙ ඉදල.
    මේ ඔබ ලියල තිබෙන්නෙ දුකා කියන එකාට හිතෙන දේවල් නෙමේ මුළු ලංකාවාසී ජනතාවටම දැනෙන දේ.
    මම කියන්නෙ දුකාගෙ කොන්දෙ ඇට කුඩුව වගේම ඇගිලි ඇටත් හරි පැත්තට නැමෙනව.

    ReplyDelete
  27. @ඇනෝ!
    "මා සිතන්නේ කුහක,කොන්ද පණනැති විපක්ෂ දේශපාලන පක්ෂවල නිද්‍රාශීලී බව නිසා මහා සමාජයත් නිහඬව සිටින බවයි"

    විපක්ෂ දේශපාලන පක්ෂවලට මහජනයා නිද්‍රාශීලී බවින් මුදවන්න ඉඩ ලබා දුන්නොත් වෙන්නේ මහා සමාජය ඒ විපක්ෂ දේශපාලන පක්ෂ වල හෙංචයියලා වෙන එකනේ බන්.

    සිද්ද වෙන්න ඕන මධ්‍යස්ථ මාධ්‍යවීදීන් මහජනයා නිද්‍රාවෙන් මුදාගෙන පාට පක්ෂ වලට නොබෙදුනු රටට යහපත උදාකරන ඕනෑම පාට පක්ෂයකට සහයෝගය ලබාදෙන, රට විනාස කරන ඕනෑම පාටක පක්ෂෙක උන්ව ගහලා පන්නන්න පුලුවන් ජාතියේ මධ්‍යස්ථ මතධාරීන් පිරිසක් බිහිකරන එකනේ . .

    ReplyDelete
  28. නලිය,රතු කැකුළු බත් කද්දී ගල් හැපෙනවනම් පැත්තකට වෙලා ඉන්නවද මල්ලියො වස් වද්ද ගන්නෙ නැතිව.

    ReplyDelete
  29. @හිරු!
    ප්‍රභාකරන කිව්වා වගේ සති දෙකෙන් අපිට හැමදේම අමතක වෙන්නේ ඇයි. මහජන මුදල් විනාස කරන නිසා අසාර්ථක පරිපාලනය නිසා ජීවන වියදම අහස උසට යනවා.

    සාමාන්‍ය මිනිස්සු මොන දේ සිද්ද උනත් සති දෙකෙන් ඒක අමතක කරලා දරු මල්ලන්ට කනන් බොන්න දෙන්න උගන්වන්න රේස් එකේ දුවනවා. සාමාන්‍ය මිනිස්සුන්ගේ කටහඬ කියන්නේ මාධ්‍යවෙදීන්. අසාර්ථක පරිපාලනය විවේචනය කරනවා වෙනුවට මාධ්‍යවෙදීන් මොකෝ කරන්නේ දැයට කිරුලේ බල්බ් වල දිස්නේ ගැන මර ගී ලියනවා.

    මාධ්‍යවෙදීන් ඉන්න ඕන විකල්ප දේශපාලනයකට බැක් කරන්න නෙමේ බන්.

    තියෙන එකේ උන් පිස්සු කෙලිනවා නම් ඒවා විවේචනය කරලා මහජනයා වෙනුවෙන් හඬ නගන්න. අසාර්ථක පරිපාලනයේ දුර්වල කම් නැති කරගෙන ඒ බෙනිෆිට් එක මහජනයාට ලබා දෙන්න.

    එහෙම නිදහස් නිවහල් වාතාවරණයක් තියේ නම් මිනිස්සු සති දෙකෙන් අමතක කරන එකක් නෑ. අපිට මතක තියෙන සිරිමා බන්ඩාරණායක ආන්ඩුව, ජේ ආර්. ප්‍රේමදාස ආන්ඩුව ගෙදර යැව්වේත් මේ සති දෙකෙන් අමතක වෙනවයි කියන මිනිස්සුම තමයි බන්.

    ReplyDelete
  30. @DDT!
    අනාඅග්තයේ ඒ ඛේදවාචකයට වග කියන්න ඕන අද ජීවත් වෙන කොන්ද පනනැති මිනිස්සු සහ ඒ මිනිස්සුන්ව ගොනාට අන්දපු මාධ්‍යවදියෝ කියලා ත් උන් කියයි.

    ඕනෑම ජරා පාලිතයෙක් තමන්ගේ වැරදි වහලා කුනු රෙදී හෝදලා පිරිසිදු කරන්න ඩෝබිලා ඉන්න කම් තමන්ගේ ජරා පාලන ක්‍රමය වෙනස් කරන්න හිතන්නේ නෑ බන්.

    @රස්තියාදුකාරයා !
    ඔව් මචං . . . දෙවෙනි ලෝක යුද්ධය සහ ජර්මනියේ ඒ කාලයේ ඉතිහාසය හරියට කියෙවොත් අද මේ සිද්ද වෙන ආගමික නායකයෝ, ජනමාධ්‍යවේදියෝ, කලාකාරයෝ, ප්‍රභූන් අල්ලගෙන උන් ලව්වා මිනිස්සු අන්දවන ක්‍රමේ එදාත් මේ විදිහටම සිද්ද උනා කියලා පෙනේවි.

    වැඩේ කියන්නේ ජර්මනිය දියුනු රටක් නිසා සුලු කාලෙකින් නැගිට්ටා. අපි - අපි සිම්බාබ්වේ රටටත් වඩා පහලට ගිහින් නතර වෙන්නේ මේ යන විදිහට ගියොත්.

    ReplyDelete
  31. @අරු!
    "සැබෑ මාධ්‍යවේදියා අණසක පතුරුවන්නෙකි.කරුමයක මහත . . !!!
    මුන්ද අණ ලබන්නෝ වී ඇති සැටි"
    අන්න එක තමයි ලොකුම ඛේදවාචකය මචං . .

    @ඇනෝ!
    මේ ලියන එකෙන් කිසිම වෙනසක් නොවෙන බව දන්නවා උනත් හිතේ තියෙන තරහ පිටට යන එකම ලොකු දෙයක් බන්.

    ReplyDelete
  32. @නලීන්!
    "මේ ලිපිය ඉතා හොඳින් කියෙව්වමි"

    ආමි එකෙන් වෙඩි තියන ගහන හැටි වීඩියෝ වලින් දැකලා, දෙනමිණේ "හමුදාවෙන් ගැහැව්වේ නෑ . . හමුදාව, පොලිසිය මිනිසුන් සමඟ සහයෝගයෙක් කටයුතු කලා" කියලා අර චන්ද්‍රිකා කියලා ගෑනියෙක් ලිව්වයි කිව්ව එක නලීන් සංකරනය කලා කියන එක මම දැන් සීයට සීයක් විස්වාස කරනවා.

    "ඇට මිදුලුවලට පවා දැනෙන දාරක ප්‍රේමය කතා කරනා දුකා මෙතැන දරුවන්ගේ හතර හන්දි කැඩෙන්නට යාතිකා කරයි" ඇයි හත්දෙයියනේ කොහෙද මේකේ එහෙම එකක් කියලා තියෙන්නේ.

    ඇට මිදුලුවලට පවා දැනෙන දාරක ප්‍රේමය නිසා තමයි ළමයින්ට හෙට දවසේ සාමයෙන් සතුටින් ජීවත් වෙන්න තියෙන රට විනාස කරන්න එපා යකුනේ එහෙම කරන තොපිට හෙනම ගහනන් ඕන කියලා කියලා යාතිකා කරන්නේ.

    ඕනෑම දෙයක් උඩ යටිකුරු කර සංස්කරණය කරන්න හැකි නලින්ට ගැලපෙනම රැකියාවක් ලැබී තිබෙන හැඩයි.

    නලින් අහක යන තොප්පියක් ඔලුවේ නමා ගන්න එපා. ලේක් හවුසියේ දෙනමිණේ ඉන්නේ බත් බැලයෝ මිසක් ජනමාධ්‍යවේදියෝ නෙමේ කියලා ඕනෑම කෙනෙක් දන්නවා. ඔයා ඔය බැනපු ජේවීපීය හෝ කොටි ත්‍රස්තවාදීන් හෙට ලංකාවේ ආන්ඩු බලය ගත්තොත් ඕකේ ඉන්න බත් බැලයෝ ජරා ජේවීපී කාරයින්ගේ මිනීමරු කොටි ත්‍රස්ත්වාදීන්ගේ ගුණගායනා කරලා ලියනවා. ඒක තමයි සත්‍ය.

    මගේ තරහව තියෙන්නේ දිවයිනේ ලංකාදීපේ මාධ්‍යකාරයෝ එක්ක.

    "අතට ගානක් ගන්න ඔන්නම් අද කළ යුත්තේ ආණ්ඩුවට බැන විවේචනය කර පිළිගතත් මාධ්‍යයක ලිපියක් දෙකක් දැමිම හා තර්ජන ඇතැයි පැමිණිල්ලක් අදාළ තැන්වලට දැමීම පමණයි. ඩොලර් එක්ක ගොඩ ගිය හැකියි.."

    වගකීමෙන් මෙහෙම කියනවා කියලා හිතනවා. එහෙම ගොඩ ගිය අයගේ නම් ලිස්ට් එකක් දෙන්නකෝ.

    නිමල්කා පෙරේරා, වික්‍රමබාහු, කුමාර් රූපසිංහ වගේ අය ගැන වෙන්න ඇති මේ කිව්වේ. ලේක් හවුසියේ ඉන්න ඔයාලට ඒ අයගේ වත්කම් සටහන් එහෙම ඇතිනේ ඒවත් එක්කම අනිත් අයගේ නම් ලිස්ට් එකත් දාන්නකෝ.

    ඒ එක්කම ඩොලර් නැතුව ගොඩ ගිය යූඑන්පී සහ පොදු පෙරමුණු දේසපාලකයෝ ගැනත් උන්ගේ වත්කම් සටහන් එහෙමත් දාන්න අමතක නොකර.

    (ඕකට කියන්නේ ශිෂ්ණය හංගගෙන වෘෂණකෝෂ වලින් සංසර්ගයේ යෙදෙනවා කියලා නලීන්) ඇත්ත දන්න ඔයාලා නිකම් බබා පාර්ට් දාන්න එපා හරි අජූවයි එතකොට.

    "ඒ කෙසේ වෙතත් මම කිසිම දිනක පියා කළ වරදකට දරුවන්ගේ අත පය කැඩියන් යනුවෙන් පතන්නේ නැත."

    ඔයා කටින්ද පුකෙන්ද කතා කරන්නේ. ප්‍රභාකරන් ගේ වැරදි වලට එයාගේ පොඩි පුතා බාලචන්ද්‍රන් මැරුවාට් කමක් නෑ කියලා කිව්වේ ඔය දෙකෙන් කොයි එකෙන්ද?

    දැන් කියන්න එපා මම "එහෙම ම කිව්වේ නෑ" කියලා. ඔබ තුමා ඒ සම්බන්ධ ලිපි වලට දාපු කොමෙන්ට් ටික ආයේ කොපි පේස්ට් කරන්න වෙලාවක් නෑ. ඔයාගේඅම් හදවතට තට්ටුවක් දාලා අහගන්න මම කිව්වේ ඇත්තද බොරුද කියලා.

    ආයේ පාරක් කියවන්න. . .

    "තමන්ගේ බඩ පුරෝ ගන්නම නෙමෙයි දරුවන්ගේත් බඩවල් පුරවන්න ඕන කමට තොපි ගූ කනවා කියලා හිතාගෙන මේ බොරු ලියනවා ඇති . . .

    ඒත් පාලකයෝ වැරදි කලාම වැරදියි කියලා පාලකයෝ යහමඟට ගන්නවා වෙනුවට උන්ගේ ගූ රෙදි හෝදලා මාධ්‍ය කලාව වේසකමේ යොදවන තොපි නිසා රටේ ඉදිරි පරම්පරාවට සතුටින් සාමෙන් ඉන්න රටක් නැතිවෙන බව හිතපියව්.

    තොපි මේ සුන්දර රට විනාස කරපු පාපෙට තොපිත් එක්ක එකට ඒ ගූ කාපු දරුවොම තොපිට අනාගතයේ කවද හරි දවසක සාපකරයි."

    ReplyDelete
    Replies
    1. @දුකා
      +++++++++++++++++

      Delete
  33. @බෙන් ටෙනිසන්!
    ඔයා කවදා හරි ජනමාධ්‍යවෙදියෙක් වෙන්න හිතනවා වගේ.
    එහෙනම් ඉතිහාසය සහ මාධ්‍යකරුවා අතර ඇති වෙන්කල නොහැකි සම්බ්නධය කියවලා තේරුම් ගන්නම වෙනවා. ඉතිහසයේ මම හිටියේ නෑ කියලා මඟහරින්න බෑ.

    වෙලාවක එන්නම් බොර දිය කියවන්න.

    @ඇනෝ!
    නෑ ඇනෝ . . දරුවන්ට කන්න බොන්න දෙන්න ඕන නිසාම ඇහැට පේන්න තියෙන ඇත්ත බොරු කරලා ලියනවා ඇති කියලා මම කිව්වේ එකයි.

    වේස ගෑනු කියලා සමාජය හංවඩු ගහන ගෑනුත් කරන්නේ ගොඩක් වෙලාවට ඒකනේ.

    ඒත් වේසකම් කරලා ළමයින්ට කන්න දෙන එකයි උන්ගෙම ළමයින්ට ජීවත් වෙන්න තියෙන රටක අනාගතේ විනාස කරන එකයි පැහැදිලිවම දෙකක් හා නැද්ද?

    ReplyDelete
  34. @මාතලන්!
    නෑ මචෝ . . වැඩිපුර තරහ තියෙන්නේ වෙඩි තියපු උන් එකක්වත් වෙඩි තියනන් අණ දුන්නු උන් එකක්වත් නෙමෙයි.

    අපේ රජවරු පාලනය කරපු ඉතිහාසයෙත් සුද්දා යටත්කරගත්තට පිං සිද්ද වෙන්න රජාගේ ඒකාධිපති පාලනයකින් මිදිලා ප්‍රජාතන්ත්‍රවාදී කියලා ලැබුනු පාලනයේ ඉතිහාසයේත් මිනිස්සුන්ගේ ප්‍රශ්න උන්ඩ වලින් විසඳපු හැටි අපි අත්විඳලාත් අහලාත් තියෙනවනේ බන්.

    තරහ තියෙන්නේ අසාධාරණේට ලක් උනු සාමාන්‍ය ජනතාවම වැරදි කාරයෝ කරලා වෙඩි තියපු උන් අණ දුන්නු උන් සුදනෝ කරන $#%$% ජනාමාධ්‍යවේදියෝ කියන උන් එක්ක බන්.

    @ඇනෝ!
    මාතලන්ට මම ලියපු එක හරියට ම තේරිලා නැද්ද කොහේද . .

    ReplyDelete
  35. @ඇලා!
    ඩිංගක් වෙනස් විදිහකට හිතලා බලහන් . . අපේ මිනිස්සු ඇයි ඒ උඹ කියපු ස්ත්‍රී දූෂකයොයි, කුඩු මුදලාලිලයි, කසිප්පු මුදලාලිලයි, ගස් මරුවොයි වගේ උන්ට කතිරේ ගහන්නේ කියලා. උන්ගේ සල්ලි වලට ඇඹරෙන උන්ගේ ගූ කන මාධ්‍යවේදියෝ කියා ගන්න උන් උන්ව සුදනෝ කරල . . වීරයෝ කරලා සාමාන්‍ය මිනිස්සුන්ට ගිල්ලවලා තියෙන්නේ.

    ෆේස්බුක් බ්ලොග් වගේ සමාජ ජාල වල දේවල් කියවන්නේ සීයට එකක් හෝ ඊට අඩු ගානක් වෙන්න ඕන. උන් නෙමෙයිනේ බන් මහජනයා කියන්නේ. . .

    උදේ ඉඳන් රෑ වෙනකම් දරුපවුල් රකින්න ඕනවට කඹුරන ඒ නිසාම විකල්ප පොතක් පත්තරයක් කියවන්න වෙලාව නැති සාමාන්‍ය මිනිස්සු තමයි මචෝ මහජනතා හෙවත් නියම චන්දදායකයෝ. උන්ට ඇත්ත ලියන්න ඕන උන් ගූ කලා බොරුව ඇත්ත කලාම අපි මිනිස්සුන්ට බනින්නේ කොහොමද?
    නිකම් හිතල බලහන් කවුද කිව්ව වගේ අද තියෙන්නේ "ජනමාධ්‍ය ත්‍රස්තවාදයක්" නෙමේද කියලා.

    උන් හින්දා තමයි රට හැබෑවටම විනාස වෙන්නේ.

    @තිසර!
    ලියන උනුත් එක්තරා විදිහකට මේ ක්‍රමයේ ගොදුරු කියලා හිත හදාගන්න බෑ මචන්. උන් ගොදුරු නම් උන්ව ගොදුරු කරන් ඉන්න ග්‍රහනයෙන් හොඳින් හෝ නරකින් ගලවා ගත්තේ නැතිනම් හෙට දවසේ අපේ ළමයින්ට ජීවත් වෙන්න රටක් නැති වෙන එකනේ බන් වෙන්නේ. මිනිස්සුන්ගේ වෛරය අවුස්සන්න ලිව්වා නෙමේ බන් . .

    මේ කාලකන්නි කරන දේවල් උන්ටම දැනෙන්න කියලා හිතලා ලිව්වේ. (මේවා ඒ බොරු ලියන උන්ගෙන් එකෙක් දෙනෙක් වත් නොදකින්න පුලුවන්)

    ReplyDelete
  36. @රාජ්!
    කේන්ති නොගෙන බෑ මචන්.

    පාලකයෝ එක්ක කේන්ති අරගෙන වඩක් නෑ කොහොමත්.

    ඒත් පාලිතයා හෙවත් මහජනයාගේ නියම හඬ, නියම මහජන නියෝජිතයෝ විය යුතු මාධ්‍යවේදියෝ #$% කාපු රිලව් වගේ කටවහගෙන නොයිඳ උන්ගෙන් ජරාව කාලා අධර්මේ ධර්මේ කරද්දී උන් එක්ක තරහක් එන එක අසධාරණයිද?

    ReplyDelete
  37. කෙටියෙන් කිව්වොත් බලයට හැමදේම යටයි මිත්‍රයා.දුප්පත් අහංසක මිනිස්සු ජීවත් වෙන්න ආසයි. තමන්ගෙ දුවා දරුවන් ජීවත් කරවන්න ආසයි.ඒව නැති කරගන්න කවුරුවත් කැමති නෑ. ඒ වගේම තමා ඔනැම කෙනෙක් රැල්ලට යනව.ඒ වෙලාවට හිතට මහ ශක්තියක් එනවා. අවුරුදු 18 ට අඩු තරුණයින් හමුදාවට ගන්නෙ ඇයි. උන් රැල්ලට යනවා. කොටිය ගහගෙන එනකොට හූ කියාගෙන කුණු හරුපයෙන් කෑ ගහගෙන ඉස්සරහට යනව. තනි තනිවම ඉන්නකොට ඔය මොකුත්ම නෑ පට්ට බයයි. ජීවත්වීමේ ආශාව එන්නෙ අන්න එතකොට

    ReplyDelete
  38. මේ කේන්තිය අසාධාරණ නැහැ... මටත් මෙහෙමම හිතෙනවා.. ඇයි අපි තවත් බකංනිලාගෙන ඉන්නෙ....කියල... මාධ්‍යවේදියො විතරක්ම නෙවෙයි වැරදි.. අපි හැමෝම අත වැරදි තියෙනවා...

    අපි මේ විනාශ වෙන්න ඇරල බලාගෙන ඉන්නෙ අපේ දරුවන්ගෙම අනාගතය නේද?

    ReplyDelete
  39. ටිකක් සැර වැඩි දුකාගේ පොස්ට් එකට වැඩිය කොමෙට් වලින් කරපු කරුණු පැහදිලි කිරීමට 100% එකඟයි..

    හැබැයි ඉතිං පත්තරකාරයෝත් මනුස්සයොනේ...දැන් රටේ තියෙන තත්වය අනුව මං හිතන් නැහැ විකල්ප පත්තරයක්..නැත්තම් විකල්ප මාධ්‍ය ධාරාවක් තනියෙන් ඔළුව උස්සයි කියලා. විකල්ප පත්තර ටික ප්‍රේමදාසට කෙළෙවුවේ කොහොමද කියලා කාටත් වඩා හොඳට දැන් ආණ්ඩුවේ ඉන්න ඇත්තෝ දන්නවා...ප්‍රේමදාස පාලනේ තිබුන ඉඩ වත් දැන් නැහැ...හැබැයි එදා වාගේ එළිපිට පෙන මර්ධනය විතරක්ම නෙමයි ...හොඳින් ,හිතවත් කමින් බැරිම වුනොත්...තමයි .......දැක්කානේ ආණ්ඩුවට ඇණයක් වීගෙන එද්දී ගොසිප් සයිට් වලට වුනදේ....
    බලේ සදාකාලික නැහැ කියලා හිත හදා ගන්න එක තමයි ඉතිං ඉතිරිවේලා තියෙන්නේ...

    ReplyDelete
  40. කොහොමත් මාධ්‍යය ගැන එච්චර පැහැදීමක් නෑ දුකා අයියේ.මොනවා උනත් ඒ මිනිස්සුත් මිනිස්සුනේ.උනුත් ජීවිතේට ආදරෙයි නේ.

    ReplyDelete
  41. මචෝ අපේ රට අද මහ පුදුම තැනක තියෙන්නෙ...
    ඒක දේව සාපයක් වගේ දෙයක්..

    බලපන්... තමන්ගෙ පණ දෙවැනි කරල දරුවන්ව රැක බලාගන්නෙ දෙමව්පියො , අද පත්තරයක් බැලුවොත් තාත්තල තමන්ගෙම දරුවො දූෂණය කරපු සිද්ධි.... පොලීසිය තියෙන්නෙ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න, අද පොලිස්කාරයො ලොකුම මිනී මරුවො.... හාමුදුරුවො ඉන්නෙ බුදු බණ මිනිස්සුන්ට මතක් කරල දීල මිනිස්සු යහ මගට ගන්න, අද හාමුදුරුවො බීගෙන සිවුරු ගලෝගෙන කඩ ගිනි තියාගෙන යනව.....ඉතින් මචෝ පත්තර කාරයො කියල ආයෙ වෙනසක් නෑ....
    ඉතාම වියරු දේශපාලන නායකත්වයක් රටේ තිබිච්චි කාලවලත් මේ රටේ කෙලින් හිටපු මාධ්‍ය වේදියො හිටිය... රිචඩ් ද සොයිසල, රෝහණ කුමාර( භාවිතයේ ගැටලු තිබුණත් )ල... වගේ.. ඒ පරම්පරාව මම හිතන්නෙ ලසන්තගෙන් ඉවරයි.... මම අද රටට වැදිල තියනවයි කියන හෙණේ මාධ්‍ය පැත්තෙන් පැහැදිලි වෙන්න්න තියෙන සජීවී සාක්කි දෙකක් තියෙනව... එකක් සුනිල් මාධව අනෙක වික්ටර් අයිවන්...මේ මිනිස්සු සල්ලි වලට තියා තමුන්ගේ පණට බයේ වත් හිටපු මිනිස්සු නෙමෙයි..

    ReplyDelete
  42. @ දුකා - මචං හිතේ තියෙන දේ කිව්වට පින්.

    @ Kenji : ඔබ නියම ලාංකිකයෙක්...

    Kenji @ Japan said...

    දුකා මලයගෙ මේ ලිපිය කියෙව්වෙ ඊයෙ ඉදල.
    මේ ඔබ ලියල තිබෙන්නෙ දුකා කියන එකාට හිතෙන දේවල් නෙමේ මුළු ලංකාවාසී ජනතාවටම දැනෙන දේ.
    මම කියන්නෙ දුකාගෙ කොන්දෙ ඇට කුඩුව වගේම ඇගිලි ඇටත් හරි පැත්තට නැමෙනව.
    August 6, 2013 at 10:22 AM

    Kenji @ Japan said...

    නලිය,රතු කැකුළු බත් කද්දී ගල් හැපෙනවනම් පැත්තකට වෙලා ඉන්නවද මල්ලියො වස් වද්ද ගන්නෙ නැතිව.
    August 6, 2013 at 10:30 AM

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails