Monday, February 25, 2013

පොලී මුදලාලිගේ බුද්ධාගම . . !


නිවාඩුවට ලංකාවේ හිටි දවසක අපි ජගත්ලගේ ගෙදර ගියේ ඩිනර් එකකට එන්න කියලා ජගත් - අමිලා දෙන්නම අපිට ආරාධනා කරපු නිසා.

විරුල් ඒ ගෙදර එයාගේ වයසේ ළමයි දෙන්න එක්ක සෙල්ලමට වැටිලා හරියට කෑවෙත් නෑ.

අපි දෙන්න නම් කෑවා මදි නොකියන්න. අමිලාගේ කෑම රසයි.

කාලා ඉවර වේගන එනකොටම ජගත්ගේ යාලුවෝ සෙට් එකක් ආපු නිසා ජගත් කෑම මේසෙන් ඉක්මනට නැගිටලා ගියා.

කාලා ඉවර වෙලා චයිනීස් ග්‍රීන් ටී කෝප්පෙකුත් අරගෙන මම සාලෙට ගියාට ජගත් හිටියේ මිදුලේ.

මාත් තේ කෝප්පේ අරගෙනම එතනට ගියා.

ජගත් මධ්‍යම ප්‍රමානයේ ව්‍යාපාරිකයෙක්. එතන ඌගේ ලෙවල් එකේ බිස්නස් කාරයෝ කීප දෙනෙක් ම ඉන්න බව මම දැනගත්තේ කලින් දවසක ජගත්ලගේ ගෙදරදීම උන්ව මුන ගැහුනු නිසා.

කට්ටිය ම මහා ලොකු සල්ලි කාරයෝ නෙමෙයි නිසා පොලියට සල්ලි අරගෙන තමයි බිස්නස් කරන්නේ. මම එතනට යන වෙලාවේ කට්ටිය එතන කතා කර කර හිටියේ සල්ලි පොලියට ගන්න සීන් එකක් ගැන.

ඒ අපිත් විරූස් පටන් ගන්න කල් යල් බලබල හිටපු දවස් නිසා මාත් උනන්දුවෙන් කතාවට සම්බන්ධ උනා.

"දැන් උඹලට ඔය සල්ලි පොලියට දෙන බුවාලා ඉඩමක්, වාහනේක පොතක් එහෙම ඇපේට ඉල්ලනවද?" මම ශේප් එකේ ඇහුවා.

"ලොකු ගානක් ඉල්ලනව නම් දෙන්න ඕන. ඒත් අපි කලින් දීලා තියෙනවනම් ආයේ ඉල්ලන්නේ නෑ ඇග්‍රිමන්ට් එක වෙනස් කරනව විතරයි"

"ඒ කියන්නේ ලක්ෂයක් දෙකක් වගේ පොඩි ගානකට ඕන නෑ ?"

"අපි බුවාලා එක්ක කලින් ඩීල් කරලා අපිව විස්වාස නිසා ඕන නෑ. ඒත් අපි රෙකමන්ඩ් කලා උනත් අලුත් කෙනෙක්ගෙන් ඉල්ලන්න ඉඩ තියෙනවා, නැති වෙන්නත් ඉඩ තියෙනවා" අපේ විරූස් බිස්නස් සීන් එක ගැන ජගත් දන්න නිසා මම මේ හාර හාර අහන්නේ ඒකයි කියලා හිතලා වෙන්න ඇති ජගා කිව්වා.

"හරි උඹලා රෙකමඩ් කරපු නිසා හරි උඹලගේ යාලුකම නිසා හරි පොලියට සල්ලි ගත්තු කෙනෙක් නොගෙවා ඇරියොත් බුවාලා කොහොමද රිකවර් කර ගන්නේ?"
කට්ටියම මගේ දිහා බැලුවා.

"නෑ මම කිව්වේ ඩීඩ් එකක්, වාහනේක පොතක් මොකුත් නැතුව උඹලගේ යාලුවෙක්නේ කියලා විස්වාසෙට දුන්නු සීන් එකක් නම් එහෙම" ප්‍රශ්නේ ටිකක් සැර බාල කරන්න මම නැට්ටක් එල්ලුවා.

"මොකෝ උඹ මාව විකුනලා පොලියට සල්ලි අරගෙන පොල්ලක් තියන්නද හදන්නේ?" ජගා ඇහුවේ හිනා වෙවී.

"නෑ මම අහුවේ එහෙම දේවල් වෙන්න පුලුවන් නිසා"

"ඒවට බුවාලා ලඟ ක්‍රම සහ විධි තියෙනවා මල්ලී" කට්ටියම  එක එකා දිහා බලන ගමන් හිනාවුනා.

"කියහංකෝ බන් අපිටත් ඒ ක්‍රම සහ විධි. මගේ බිස්නස් එක පටන් ගන්නත් පොලියට ගානක් ගන්න හිතාගෙන ඉන්නවා. දැනගෙන ඉන්න එක කොයි එකටත් හොඳයිනේ" මමත් හිනාවෙවීම කිව්වා.

"මෙහෙමයි, උඹ පොල්ල තියන්න හදනවා කියලා උන්ට තේරුනොත් උඹට අනතුරු අඟවනවා සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා කොල්ලෝ කියලා"

"ඊට පස්සේ"

"ඒත් උඹ ගනන් ගන්නේ නැතුව පොල්ල තියන්න හදනවනම් සල්ලි දෙන එක මඟ අරිනවනම් . . . " කියපු එකා ඉතුරු ටික නොකියා අනිත් උන්ගේ මූනු දිහා බලනවා.

"ඉතිං කියහන්" මට ඉවසිල්ලක් නෑ

"උන් එක්කෝ උඹේ ගෙදර ඇවිත් වටින කියන බඩු ටිකක් සීස් කරනවා, නැතිනම් උබේ පවුලේ කෙනෙක්ගේ අතක් පයක් කඩනවා"

"මොකක් . . වටින බඩුවක් උස්සන් යන එක ඕකේ කියමු. පවුලේ එකෙක්ගේ අතක් පයක් කඩන එක කොහොමද කරන්නේ. රටේ නීතිය කියල දෙයක් තියෙද්දී"

"ඕවා කරන බුවාලා නීතිය ක්‍රියාකරවන්න උඹට වඩා හොඳට දන්නවා මචං"

"ඒත් . . ඒත් . " මට වචන පැටලෙනවා වගේ.

"අතක් පයක් කඩනවනම් එහෙම කරන්නේ පවුලේ කෙනෙක්ගෙනුත් උඹ ගොඩක් ආදරේ කරන කෙනෙක්ට. උඹේ පුතාගේ, වයිෆ්ගේ එහෙම වෙන්න පුලුවන්"

"ඈහ් . . " මට මැවිලා පේන්න ගත්තා මම පොලියට සල්ලි ගත්තු බුවා කොන්ත්‍රාත් කාරයෝ ලව්වා මගේ කිරිකැටියා විරුල්ගේ අතක් මේසෙකට පුටුවකට තියලා නොපිට හරවලා කඩන හැටි.  මගේ ඔලුවේ ඉඳන් මුළු ඇඟම හිරි වැටිලා ගියා. අතේ තිබ්බ තේ එකත් එක්කම වෙව්ලන්න ගත්තා.

ජගායි යාලුවෝ සෙට් එකයි ටික වෙලාවක් මගේ දිහා කන්න වගේ බලන් හිටියා.

"ඔහොම දේවල් ඉංග්ලිෂ් ඇක්ෂන් ෆිල්ම් වල විතරයි . . . මෙහේ, මේ ගෙන්දගම් පොලොවේ වෙන්නේ නෑ කියලා හිතහං මචං . . " ජගා ගල්වෙලා හිටපු මාව අපහු යථාතත්වෙට ගෙන්න ඕනවට මගේ පිටට එකක් ගැහුවා.

"මම කරපු වැරැද්දට අතක් පයක් කඩනවනම් කඩන්න ඕන මගේනේ මචං . . මගේ දරුපැටියා මොකටද මගේ වැරැද්දට දඬුවම් ලබන්නේ? ඒක මහපොලොව උහුලන්නේ නැති අපරාදයක්නේ මචං .. !"

"උඹේ අතක් පයක් කඩලා උඹ එක්තැන් උනොත් කොහොමද ඌ උඹෙන් සල්ලි ටික ගන්නේ. අනික ඒ උඹ කියන විදිහට උඹේ වැරැද්දට උඹ දඬුවම් ලබන්න ඕන උඹේ බුද්ධාගමේ. පොලී මුදලාලිගේ බුද්ධාගමේ එහෙම නෑ මචෝ . . . !"

Pic from: http://www.shutterstock.com/

45 comments:

  1. ඔන්න මහපොළවේ ඇත්ත කතා.මේ සීන් හින්දා වෙන්ඩ ඇති පහුගිය දවස්වල පොළී කාරයෝ මරන රැල්ලක් ගියේ....

    ReplyDelete
  2. කතාවල් ලියද්දි උනත් දරුවන්ව උපහැරෙනෙට ගන්න එපා.ගමේ ගොඩේ පොලියට දෙන එව්වොයි බැංකුයි කියල වෙනසක් නැහැ.පොඩ්ඩක් ඉවසගෙන යන ගමන යන්න.අටම් යමක් ඔබට කිව්වනෙ.අපිත් ඉන්නවනෙ.අමාරුකම් ලොකු විදියට හිතන්න එපා:).

    ReplyDelete
  3. මේක ලියන්න තිබ්බේ කාලෙකට කලින්....

    ReplyDelete
  4. ඉලීගල් පොලී. ඉලීගල් දඳුවම්, ඉලීගල් මිනිස්සු..............

    ReplyDelete
  5. පාතාලෙ වගේ නේ බං !

    ReplyDelete
  6. මේක තමා ඇත්තටම වෙන්නේ... මුදල ඉදිරියේ අනුකම්පාවක් නෑ. අද සුළු පරිමාන ව්‍යාපාර දුවවන්නේ මේ ක්‍රමයෙන්ම තමා. ගනු දෙනු තිතට කෙරෙන්නේ ඒ නිසා. කාරුණිකත්වයට යටින් අමනුස්සකම රජකරනවා.

    ReplyDelete
  7. මරු පොයින්ට් එක. ණය කාරයට මොකුත් කලොත් කොහොමද සල්ලි ආපහු ගන්නෙ?
    මේ තමා ඇත්ත රට. එපාවෙනව බං.

    ReplyDelete
  8. දුකා.....

    බැංකුවෙන් ලෝන් එකක් ගනින්. ඒක තමයි හොඳම දේ. කාගෙන්වත් ණයට ගන්නත් එපා. උඹේ බිස්නස් එක නැගල යනකොට ණයට දීපු එවුං අනං මනං කියන්නත් බැරි නෑ. උඹට ණය ගෙවා ගන්න බැරි නං බැංකුව එක්ක කතා කරලා මොකක් හරි විසඳුමකට එන්නත් බැරි නෑ.

    ReplyDelete
  9. @දිනුක !
    මේවා හැබෑවටම වෙනවද කියනන් නම් මම දන්නේ නෑ මචං.

    @කෙන්ජි!
    නෑ නෑ කෙන්ජි . . මම මහා පරිමානෙන් පටන් ගත්තේ නැති නිසා අවුලක් නෑ.

    @මානවක!
    අර මොකෝ බන්?

    @මාතලන්!
    නල්ල මනුෂන් ඩා . . එඟඩ මනුෂාත්තම් එංග පෝනෝ තෙරියා . . . ආන්ඩවනේ . . . !

    @සෑම්!
    මහ එකාගේ වරදට පොඩි එකාට දඬුවම් කරන එක පාතාලේ මතවාදයක් කියනවනම් නම් අපි අපි අතර ඉන්න ගොඩක් උන් පාතාලේ උන් බන් . . පාතාලේ සොල්දාදුවෝ . . !!! :D

    @නලීන්!
    කාරුනිකත්වය .. මනුස්සකම . . ඒවා කොහේද නලින් තියෙන්නේ? අමනුස්සකම නම් ඉතිං . . . (අපි අපේම හිත් වලට පොඩි තට්ටුවක් දාලා බලමුද?) :D

    @ඇනෝ!
    අහ් මගේ බිස්නස් එක පටන් ගන්න නම් පොලියට ගත්තා මාස 10කින් ගෙවන්නම් කියලා. හරියටම මාස 10කින් ගෙව්වා. තැන්කූ හොඳේ මෙහෙම මිතුරුකමින්, හිතවත්කමින්, මනුස්සකමින් හිතන එක ගැන.

    ReplyDelete
  10. මැර ගෝලයොත් එක්ක කලෙක්ෂන් යන පොළී මුදලාලි නෝනලාත් ඉන්නවා..

    ReplyDelete
  11. මගේ නම් මේ ගැන අත්දැකීම් එමට තියෙනවා... ලබන මාසේ ඉවර වෙලා ඒ ගැන අනිවා පෝස්ට් එකක් දානවා.. ඒත් එකක් කියන්න ඕන.. ගොඩාක් පොලී මුදලාලිලා ඔය ක්‍රමේ අනුගමනය කරන්නේ නෑ.. අනුගමනය කරන ක්‍රමේ මීට හාත්පසින්ම වෙනස්.. මම ඒක පෝස්ට් එකෙන්ම කියන්නම්...

    ReplyDelete
  12. සල්ලිත් එක්ක කෙරෙන සෙල්ලං...
    හ්ං හ්ං...

    ReplyDelete
  13. @ kenji : ගමේ ගොඩේ පොලියට දෙන එව්වොයි බැංකුයි කියල වෙනසක් නැහැ.
    එහෙම කිවේ ඈයි.... බෑන්කු වලින් කවදාවත් ඔය පොලි මුදලාලි ලා වගෙ වෑඩ කරන්නේ නෑ....
    ණ‍යක් අරගෙන කාටවත් නොගෙවා ඉන්න අයිතියකුත් නෑනේ..

    ඈත්ත අයියේ.. පොලියට ඔහොම අයගෙන් ගන්න එකත් එහෙම දෙන එකත් හරිම අවදානම්...

    හෑබයි ඒ නිසා ගොඩ ගියපු අයත් ඉන්නවා මම දන්න.....

    ReplyDelete
  14. මම දුකාගෙ බ්ලොග් එකට අලුත් උනත් මම හිතනවා මට තේරෙනවා කියලා දුකා කියන්න හදන දේ... කතාව පොඩ්ඩකට අමතක කරලා නිල් පාට හයිලයිට් කෑල්ල කියෙව්වොත්...? මේ පහු ගිය දවස් වල ඔන්න ඔය වගෙ ළමේකුට දඬුවම් දීපු කතාවක් තිබ්බනේ. මතකත් නෑ කවුද කියලා.

    ReplyDelete
  15. බුද්දාගම් ගොඩයිනෙ.. මුදලාලිලගෙ බුද්දාගම දේසපාලලාගෙ බුද්දාගම සිවුරෙ ඉඳන් මගඩි වැඩ කරන අයගෙ බුද්දාගම

    ReplyDelete
  16. "පොලී තියරිය" කියන්නේ ඕකට වෙන්න්නැති මචං........අම්බෝ මම නං මලත් සල්ලි පොලියට ගන් නැහැ.

    ReplyDelete
  17. හත් ඉලව්වේ පව් කාර යක්කුනේ පොලි මුදලාලිලා.

    ReplyDelete
  18. ගල් දෙකක් ගහල දෙකම වැදිල තියෙන්නෙ. එකක් නම් තිසරට ඩූඩ් ට එහෙම වැදුනට හිත හොඳ, දරු සෙනෙහෙ තියෙන තාත්තල වෙච්චි කෙන්ජිගෙ කණ ගාවින් ගිහින් :)

    අනික් ගලත් වැදිල ටක්කෙටම, කුඩු කාපු එකාට ඉවසන්න බැරුව වගේ. ඒත් යකෝ වැඩේ කියන්නෙ "විකිනීම" කියල උඹ කලින් ලියාපු පෝස්ට් එකට ලින්ක් එකකුත් දාල තියෙද්දි ලැජ්ජ නැතුව කමෙන්ට් දාන එකනෙ බන්!

    මම අහල තියෙනව මෙන්න මෙහෙම කතාවකුත්.

    දවසක් පොරක් උගෙ මස්සිනයි, මස්සිනාගෙ යාළුවෙකුයි අර පොරගෙ යාළුවෙකුයි එක්ක ගමණක් ගියාලු. ඔය යන අතරෙ පොරගෙ යාළුව දැන ගත්තලු මස්සිනාගෙ යාළුව පොළී කාරය කියල.

    ඉතින් අර පොරගෙ යාළුව ගමනෙන් පහුවෙනිදම මස්සිනාගෙ යාළුව හොයන් ගිහින් "පොර" වයි "මස්සිනාවයි" ඇපේට ගන්න කියල මස්සිනාගෙ යාළුවගෙන් පොළියට ලෝන් එකක් දාගෙන.

    පොළී කාරය මේක මස්සිනාට කියල, මස්සිනා "පොර" ට කියල.

    දැන් උන් දෙන්නටම ලැජ්ජාවෙ ඉනකොට අර "පොර" ගෙ යාළුව ගත්තු ණය නොගෙව පොල්ල තියල අර පොළී කාරය ඇවිත් අයි පැඩ් ඒකකුයි තව මොනාදයි අරන් ගියාළු.

    ඔන්න බලහන් ණය ගන්න උන්ගෙයි පොළී කාරයන්ගෙයි අලින්ගෙයි වැඩ!

    ඔව්ව හිටගෙන චූ කරන කළිසන් අඳින මිනිස්සුන්ට කරන්න බෑ කියල හිතුවට එහෙම කරන එවුන් ඉන්නව බන් මේ අපි අතරෙ. කරුමෙට මම දැනගත්තෙ පස්සෙ.

    ReplyDelete
  19. ණය කාරයා වෙනුවට දරුවගේ අත කඩන තැනට යන්න කලින් දුකා ඇයි නීති විරෝධී අන්දමට ණය නිකුත් කරන අයගෙන් ණයක් ගන්නේ. එය පවතින නීතියට පට හැනි දෙයක්. එහෙම නීතීවිරෝධී ණය ගන්න හිතන එකත් අපරාධයක්. එහෙම පටන් ගන්න ව්‍යාපාරයකත් එතැන් පටන් ගැවසෙන්නේ කලු සල්ලි. දුකා ඇයි කලු සල්ලි එක්ක ගනුදෙනු කරන්න යන්නේ. ඒක බෞද්ධ පිළිවෙතට එකගද?

    දුකාත් පාතාලේ සොල්දාදුවෙක් වෙන්න හිතුවද?

    තර්කයට ප්‍රතිතර්කයක්. වටේ නොයා දෙන්න පිළිතුර.

    AAB

    ReplyDelete
  20. ඤ්ඤහ් .... හුස්ම ගන්න අමාරුයි බං !!! :D

    ReplyDelete
  21. බුද්ධාග්මේ පොලියට සල්ලි ගන්න කියල තියෙනවද

    හැම එකටම බුද්ධාගම ගාවගන්නෙ ඇයි?

    බුද්ධාගම අදහන මිනිස්සු කොට්ටාශය ඇතුලෙ විවිද චරිත ඉන්න පුලුවන්. කිසිම කෙනෙක් එක වගේ නෑ.

    ඔය පොලී මුදලාලි
    ක්‍රිස්තියානි
    මුස්ලිම්
    හින්දු කෙනෙක් වෙන්න බැරිද?

    මොකෝ බෞද්ධ කියල විතරක් විෂේශ වෙලා.

    තමන්ගේ ආගමට ගරහන එක ලොකු කමක් කියල හිතන් ඉන්න තුට්ටු දෙකේ මිනිස්සු ඉන්නෙ සිංහලයො අතර විතරයි ද මන්දා.

    ReplyDelete
  22. අපේ පැත්තේ මනුස්සයෙක් ලක්ෂ ගානක් ගිනි පොලියට අරන් දුක් විඳිනවා...පොලී කාරයෝ තග දානකොට ණය ගෙවන්න නැතුව පොලී විතරක් ගෙවන්න වාහන, ඉඩකඩම් විකුනනවා.

    ReplyDelete
  23. මහ බැංකුවේ අනුමැතිය නොලැබ මූල්‍යමය කටයුතු කරන අයගෙන් ණය ගැනීම පවතීන නීතයට එරෙහිව යාමක්. ඒ වගේම රජයට අයවිය යුතු බදු මුදල් පැහැර හැරීමක්.කෙටියෙන් කියනවනං නීතිය කඩ කිරීමක්. එහෙම අයගෙන් ණයක් ගන්නවා කියන්නේ එතැන් පටන් දුකාගේ ව්‍යාපාරයත් නීති විරෝධී ව්‍යාපාරයක්. ඇයි දුකා එතැනට වැටෙන්නේ?

    දැන් කියන්න එපා පවතින නීතිය යටතේ දුකාට ඊට අදාල තැනකින් ණයක් ගන්න ක්‍රමයක් නැති හින්දා එහෙම කරනවා කියලා. දුකාලා නිතර කතා කරන්නේ නීතිය ක්‍රියාත්මක කරන හැටිනේ. රජයට බැන බැන තමනුත් ඒ පාරෙම යන එකට කියන උපහැරණ එහෙම තියෙනවා නේද හෙළ භාෂාවේ?

    ඔවා දෙනු පර හට-තමා සම්මතයෙහි පිහිට
    අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද පේනවා-තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නැහැ.

    එහෙම නේද දුකා?
    ලැජ්ජා වෙයං.

    ReplyDelete
  24. පුත දිඝායු ලඟ නොබලව දුර බලව කියන අවවාදය එන කතාව අපි ඉගෙන ගත්තේ තුනේ පන්තියේදී.

    එදා ඉඳලා පණ්ඩුකාභය කතාව, මද්දුම බණ්ඩාර කතාව, සාර් ලා ගේ කතාව, ලින්ඩන්බර්ග් කතාව, බාලචන්ද්‍රන් කතාව...... තාමත් අපි කතා අහනවා.

    කවදා ඉගෙන ගනීද?

    ReplyDelete
  25. @ඇනෝ!

    කතාව යටින් තියෙන කතාව කියෝගන්න බැරුව මේ කුඩු කාපු ඇනෝ දඟලනකොට වැඩේ මාට්ටු වෙයි.

    ඒක නිසා ආයේ පෝස්ට් එක කියවන්නකෝ.

    ReplyDelete
  26. @රාමා!
    ඔව් මම ත් අහලා තියෙනවා එහෙම නෝනලා ගැන.

    @අභීත!
    "මම ඒක පෝස්ට් එකෙන්ම කියන්නම්" ඕකේ.

    @තරියා!
    මම කැමතියි මේක මනුස්සකම එක්ක කරක සෙල්ලම් කියලා කියන්න බන්

    @දේවා!
    ලංකාවේ බැන්කුවකින් නයක් ගන්න ඔය කියන තරම් ලේසිද මල්ලී.
    මෙහේ නම් කිසිම අවුලක් නෑ. ඔන්ලයින් ෆෝර්ම් එක ෆිල් කලා. බැන්කුවට ගිහින් ඇග්‍රිමන්ට් එක සයින් කලා. දවස් දෙකෙන් ලෝන් එකේ ගාන එකවුන්ට් එකට බැරවෙලා.

    @තිසර!
    ඇති යාන්තම් කියන්න හදපු දේ තේරුනු එක්කෙනෙක් දෙන්නෙක් වත් හිටියා.

    @සරත්
    ඔව්නේ අපි නම් පොලිසි එකට කියන්නේ බුද්ධාගම කියලා. අපි එක්ක "අනුන් ගහන් කත්වා" ජාතියේ එකෙක් හිටියා ඉස්සර. අපේ බුවාලා කියන්නේ "අරූගේ මාර බුද්ධාගම" කියලා හෙ හෙ හේ.

    ReplyDelete
  27. @රස්තියාදුකාරයා!
    අර කොටි පැටියා බාලචන්ද්‍රන් යුද්දේ වෙලාවේ නෙමේ ඊට පස්සේ මැරුවා (මැරුවානම් . .!!) කියන කතිකාවෙදි ඒක සාධාරණීය කරණය කරන්න අපි පාවිච්චි කලේ ත් මේ තියරියම තමා බන්.

    @කෝරලේ මහත්තයා !
    මහ එකාගේ වැරැද්දට පොඩි එකාට දඬුවම් කරන්න ඕන ඌව මරපු එකමයි හොඳ කියපු අපේ ගොඩක් උන් පොලී මුදලාලිලා තමා මල්ලී.

    @Dude
    I am glad u did . . !!

    @ඉන්දික උපශාන්ත !
    උඹේ කොමෙන්ට් එකක් ලිව්වද පෝස්ට් එකක් ලිව්වද කියලා මම මේ කම්පනා කරන්නේ :D

    @ඇනෝ!
    "මහ එකාගේ වරදට පොඩි එකාට දඬුවම් කරන එක පාතාලේ මතවාදයක් කියනවනම් නම් අපි අපි අතර ඉන්න ගොඩක් උන් පාතාලේ උන් බන් . . පාතාලේ සොල්දාදුවෝ . . !!! :D
    මම කියලා තියෙන්නේ ඒක හරි කියලද වැරදියි කියලද? බොලේ සිංහලෙන් ඒ වැඩේට අකමැතියි කියන්නේ කැමතියි කියන එකද ? :D :D :D

    @නවම්!
    හෙ හෙ හේ . . .

    @ඇනෝ!
    සිංහල කියවන්න දන්නවද?

    @ගයානි!
    අපෝ නෑ එපා කියලා කොහේ යන්නද?

    @පැතුම්!
    මම පොඩි කාලේ ඉඳන්ම ඔය පොලියට සල්ලි ගන්න සීන් දකලා තියෙනවා. අපි පොඩි කාලේ අපිට පොත් අරන් දෙන්න සීයට විස්සේ පොලියට අපේ අම්මත් සල්ලි අරගන්නවා මට මතකයි. අක්කයි මායි යමක් තේරෙන නිසාම බොහෝම අරපරිස්සමින් තමා පොත් පාවිච්චි කලේ. ආපහු දෙන්න විදිහක් නැතිනම් නොගෙන ඉන්න එක තමා හොඳම දේ.

    @ඇනෝ!
    මේ ඇනෝ කොමෙන්ට් දෙක තුනම එකම ඇනෝගේ නිසා වෙන වෙනම පිලිතුරු දෙන්න ඕන නෑනේ.
    ඕන නම් මේ තරම් අකුරු කොටපු එකේ අනිත්සැරේ අඩු තරමින් යටින් නමත් කොටන්න හොඳේ.

    @කකා!
    අතීතයෙන් පාඩම් ඉගෙන නොගන්නා තාක් කාලයක් . .. ! :D

    ReplyDelete
  28. අපේ පැත්තෙත් පොලීකාරයෙක් හිටිගමන් මුහුදෙ ගහගෙන ගියා..!කියන්නෙ නම් ඔහොම සීන් එකක් කියලයි.

    ReplyDelete
  29. දුකා කියන්න හදපු දේ
    තේරිලා තියෙන්නේ දෙතුන් දෙනෙකුට
    විතරයි නේද?

    ReplyDelete
  30. කොහොමටත් බුදු දහම කියන්නේ ඕන ඕන කෙනාට ඕන ඕන විදියට හරවන්න පුළුවන් දෙයක් නේ තමන්ගේ වාසියට , අනිත් ඒවා කෙසේ වෙතත්

    ReplyDelete
  31. උබේ බිස්නස් එකට පොඩි සප් එකක් දෙන්න හිටියේ .. උබේ මේ වගේ අදහස් එක්ක උඹට උදව් කරන්න හිතෙන්නේ නෑ බන් ..

    ReplyDelete
  32. මගේ ඇගත් හිරි වැටුනා අය්යේ... අපේ කෙනෙක් ගැන එහෙම හිතන්න උනාම කොච්චර දුකද?.. හැබැයි ඔය මූල්ය ආයතන වලින් ණය ගත්තත් ගෙවන්නෙ නැතුව කට්ටි පැන්නොත් ප්‍රතිඵල භයානකයි..ඔය ණය දෙන වෙලාවට අත්සන් කරගන්න කොළවල තියනවා තොපි නොගෙව්වොත් වෙන්නෙ මේක තමයි කියල.. හදිස්සියට කියවන්නෙ නෑ හුගක් අය...මමත් එහෙම තැනක වැඩ කරපු නිසා දන්නවා.. අපිත් මිනිස්සුන්ට කියවන්න වැඩි අවස්ථාවක් දෙන්නෙ නෑ..

    ReplyDelete
  33. @වීයා!
    මනුස්සකම් ගඟේ ගහගෙන ගිහිල්ලා තියෙද්දී එක මිනිහෙක් මොකෙක්ද බන්.

    @ඇනෝ!
    මදෑ එකෙක් දෙන්නෙක් වත් හිටියා.

    @සුජියා!
    අපි නම් මචං එක එකාගේ පොලිසීස් වලට කියන්නේ මේක අරූගේ බුද්ධාගම මේක අරකිගේ බුද්ධාගම කියලා. :ඩී

    @ඇනෝ!
    "උබේ බිස්නස් එකට පොඩි සප් එකක් දෙන්න හිටියේ .. උබේ මේ වගේ අදහස් එක්ක උඹට උදව් කරන්න හිතෙන්නේ නෑ බන්"
    හා . . බොහෝම ස්තූතියි.

    @නදිනි!
    ඇහ් එහෙම උනාද?
    අර පොඩි එකා මැරුනු වෙලාවේ හොඳ වැඩේ කියලා නේද කිව්වේ? ඉතිං කොහොමෙයි තව පොඩි එකෙක් ගැන ඇහුවම ඇඟ හිරි වැටෙන්නේ? :D

    ReplyDelete
  34. එහෙම හිතන්න එපා අය්යේ, මමත් ගොඩාක් පුංචි අයට ආදරේ ඒ වගේම එහෙම පුංචි එකෙක් මටත් ලැබෙනකන් ගොඩාක් ආසවෙන් බලන් ඉන්න කෙනෙක්. ඔය සේරම වගේම බෝම්බ අත්දැකීම බොහොම ලගට දැනුන කම්පනයෙන් දවස් ගානක් හිටපු කෙනෙක්, කොහොම මම හිතන්නෙ නෑ මේ දරුවව අපේ අය වද දීල මැරුව කියල මොකද ඒ මිනිස්සු තරම් අපේ අය අමානුශික නැති නිසා (මම කියන්නෙ නෑ අපේ අයත් ගොඩාක් හොදයි කියල,) මංදා මට ප්‍රභාකරන් ගැන තියෙන්නේ ලොකු කේන්තියක් .

    ReplyDelete
  35. @නදිනි!
    ප්‍රභාකරන් ගැන තරහව වෙනම දෙයක් නංගී . . .

    ඇත්තෙන්ම මේ සටහන මම ලිව්වේ අපේ මිනිස්සු ගොඩක් අය ඒ ළමයා මැරුවා නම් ඒ මරපු එක හොඳ වැඩේ කියලා ලියලා තියෙනවා දැකලා ඇතිඋනු කල කිරීම නිසා.

    මම දැක්කා ඔයාත් ඒ වගේ කොමෙන්ට් එකක් දාලා තියෙනවා. ඒ දාපු තැනම මම ඔයාට බැන්නා "ගෑනියෙක් කියන කතාවක්ද මේ" කියලා.

    තමන්ගෙම දරුවෙක්ට ආදේශ කරලා දැනුනාම තමයි අපිට හිතෙන්නේ කොයි දරුවත් දරුවෙක් කියලා.

    මහ එව්න්ගේ වැරදි වලට මහ එවුන්ට දඬුවම් කරන්න ඕන.

    දරුවෝ මල් වගේ දෙයියනේ.

    මිනීමරුවගේ දරුවාත්, මානව හිතවාදියාගේ දරුවාත් මේ ඔක්කෝම දරුවෝ දරුවෝ . . .

    මහ එකාගේ වැරදි වලට දරුන්ට ඉඳන් දඳුවම් කල යුතුයි කියන දේ ආයේ කවදාවත් සාධාරණීය කරනය කරන්න එපා නංගී.

    අපි හැමෝම එහෙම හිතුවොත් අනාගතයේ ආයේ කවදාවත් හිස ගසා දමපු පුරන් අප්පුලා. වංගෙඩියේ දාලා කොටපු ඇහැලේපොල කුමාරිහාමිගේ අතදරුවා, වෙඩි තියලා මරපු බාලචන්ද්‍රන්ලා ගැන අහන්න නොලැබේවි.

    ReplyDelete
  36. @නදිනි!
    මම කියන්නේ බොරු කියලා හිතෙනවනම් මේ තියෙන්නේ ඒ කොමෙන්ට් එකයි මගේ රිප්ලයි එකයි

    Nadini AbenayakaFebruary 20, 2013 at 10:17 AM
    සම්පූර්ණයෙන් එකගයි.. මිනිස්සු විදපු දුකට ඔහොම කරල මදි කියලයි මට නම් හිතෙන්නෙ.. ඒ මිනිහා කවදාවත් දරුවො වෙන් කරල මැරුවෙ නෑනේ අනික දැනටත් ඔය රටවල ඉන්න කොටි නටන්නෙ මේ මහ එකා කරපු දේවල් නිසානෙ.ළමයි කියලත් වෙනසක් වෙන්නෙ නෑ. ඔය විදිහටම හැදිලා රටටම වින කරන උන්.

    දුකාFebruary 23, 2013 at 4:24 PM
    @Nadini Abenayaka!
    කවද හරි දවසක දරුවෙක්ට අම්මෙක් වෙන්න ඉන්න ගෑනියෙක් කියන කතාවක්ද මේ?

    කොයි දරුවත් දරුවෙක් කියලා හිතන්න හිතක තෙතමනයක් නැති මිනිස්සු කොයි තරම් නම් ඉන්නවද?

    ඔයාගේ තාත්තා මිනීමරුවෙක් කියමු. . .මල්ලි කෙනෙක් ඉන්නවා කියමු මේ පොඩි එකාගෙම වයසේ. .

    මල්ලිත් කවදා හරි තාත්තා වගේ මිනීමරුවෙක් වෙයි කියලා ගමේ මිනිස්සු මල්ලිව මැරුවොත් ඔයා කියනවද හොඳ වැඩේ .. . ඕකව ඔහොම නෙමේ මරන්න තිබ්බේ . .මූ හිටිය නම් ලොකු වෙද්දී අපේ මහ එකාවගේම මිනීමරුවෙක් වෙන්න තිබ්බා කියලා . . ?

    සික් අපේ මිනිස්සුන්ගේ මනුස්ස කමට හෙන ගහලද අප්පා . .

    ReplyDelete
  37. මල්ලී, සල්ලි පොළියට නම් ගන්න හිතන්න වත් එපා . ඒකෙන් වෙන්නෙ හැම දේම නැතිවෙන එකයි. පුංචියට කරගෙන යන්න. එතැන ඉඳලා බොහොම පරිස්සමෙන් වියදම් බලා ගන්න. ගොඩක් අයට වෙන්නෙ බොරු වියදම් නිසා වැටෙන්නෙ. හැකි පමණ සරලව ඉන්න. ව්‍යාපාරය දියුණු උනාම සැප විඳින්න පුළුවන්. මට ලියන්න ගොඩාක් දේ තියෙනවා. නමුත් වෙලාව නෙවි.

    ReplyDelete
  38. //මහ එකාගේ වැරදි වලට දරුන්ට ඉඳන් දඳුවම් කල යුතුයි කියන දේ ආයේ කවදාවත් සාධාරණීය කරනය කරන්න එපා නංගී//
    මේ කතාව මගේ හිතට ගොඩාක් දැනුනා අය්යේ, ඒ මම ඒ මිනීමැරුම කලා වගේ පසුතැවීමක් දැනුනා, ආපහු මම කල්පනා කලා ඇත්තටම මම අම්ම කෙනෙක් වෙන්න සුදුසු නැත්ද කියලත්, ඒ මගේ කමෙන්ට් එක නිසා අය්ය වගේම තවත් අයගේ හිත් රිදෙන්න ඇති.. මම මෙතන ඒ හැමෝගෙන්ම සමාව ඉල්ලනවා, හැබැයි ඔය දරුව මගේ ඉස්සරහ හිටියත් මට ඒ දරුව මරන්න බෑ ඒක මම හොදටම දන්නවා, මට මාර අය්යගේ පෝස්ට් එක කියවපු වෙලාවෙ දැනුන මම බෝම්බ්යක් නිසා කම්පනව උන වෙලාව දැකපු දේවල්, ඒක ඒ ආවේගයට දාපු එකක් මිසක් කාටවත් රිද්දන්න පුලුවන් කෙනෙක් නෙමෙයි මම...ආපහු සැරයක් ඒකෙන් කාගෙහරි හිත රිදුනනම් දහස් වාරයක් සමාව අයදිනවා...

    ReplyDelete
  39. ඇත්ත නංගී . . .

    අපි ආවේගයක් ආපු වෙලාවට මොනව කියනවද කරනවද දන්නේ නෑ. ඒත් පස්සේ නිවී සැනසිල්ලේ ඒ ගැන හිතද්දී අපිට ම අපි ගැන ලැජ්ජ හිතෙනවා.

    මටත් ඕක ඔහොම්ම තමා.

    ලොකුම දේ අපි ඒ වෙලාවේ වරදක් කලා වැරදි දෙයක් කිව්වා කලා පසු තැවෙන්න පුලුවන් කියන්නේ අනෙක් අය දකින තරම් හිතන තරම් අපි අමානුෂික නෑ කියන එක.

    මම කියපු ඒවායින් ඔයාගේ හිත රිදුනානම් මටත් සමාවෙන්න.

    ReplyDelete
  40. උං නම් ආගමක් අදහන එවුං වෙන්න බෑ මලේ ..

    ReplyDelete
  41. ඔබගේ මගේ හෝ අන් අයගේ දේශපාලන මතය කුමක් උවත් මේ රජයේ පාලන ක්‍රමයට අපි පාක්ෂික හෝ නොවන එක කුමක් උවත්, මේ රට විනාශයට ඇදදැමු කොටිත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන්ට කඩේ යන එක මේ රටට සැබවින් ආදරේ කරන කෙනෙකුට ඉවසන්න අමාරුයි නේද?
    මේ බ්ලොග් අවකාශයේ තිරිසනුන් කිහිප දෙනෙකු පුහු වීරයන් වෙන්න දගලන්නේ කොටින්ට පස්ස නවාගෙන අල්ලනගමන්, මාද මේ රජයේ වැඩපිළිවෙලට තදින්ම විරුද්ද මුත් මේ දක්වා බ්ලොග් වල විරයන්සේ බොරු විවේචන කර පිම්බෙන්න ගොස් නැත, එසේ වීමට දගලන, මේ රටට විරුද්දව කොටින්ට කඩේයන මාතලන් වැනි තිරිසනුන් අපි බ්ලොග් අවකාශය තුල දැන්ම හුදෙකලා කර නොදැම්මොත් ඉදිරියේදී අපට අපේ බ්ලොග්තුල උන්ට කමෙන්ට් එකක් හරි දාන දුන්න එක ගැන දුක් වෙන්න දවසක් එනවා අනිවාර්යයි.. ඔබ වැනි සන්වේදීන් එදාට හඩනු නොඅනුමානයි .
    එසේනම් දැන්ම මේ පාහරයා,
    ඔබේ ෆ්ලොවර්ස් අතරින් ඉවත් කර
    මේ පා හරයාගේ කමෙන්ට්ස් පබ්ලිෂ් කිරීමෙන් වැලකි
    ඔහුගේ අඩවියට ඇතුල් වීමෙන් වැලකි
    පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සිතා මෙවන් තිරිසනුන් අතුගා දැමීමට සහය වන්න..

    ** දේශිහිතයිශි බ්ලොග් කියවන්නෙක් **
    (රාජපක්ෂ රජයට කඩේ යන්නෙක් නොවන )

    ReplyDelete
  42. ආ ගනින් කිව්වත් පොලියට නම් සල්ලි එපෝ!!!

    ReplyDelete
  43. පොලියට සල්ලි විතරක් නෙවේ credit card එකත් ඇත හරිය යුතුම දෙයක්.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails