Saturday, January 26, 2013

උඹේ කරුමෙට අපි මොනව කරන්නද . .. !!!!



මතක ඇති කාලේ පටන් 
අග හිඟ දුක් කරදරම විඳ
අල්ලට සීනී කා කහට බී
කල්ගිය රෙදි වැරලි ඇඳ
ගහ මරා ගත්තත් පොඩි දේටත් 

ගෙදර අපි තුන්දෙනාම
උන්නම එක පොදියට ගුලිවී
දුක දුකක්ම නෙමේ කියා
හිතුනා නේද
කියපන්

මහාමේරුව අල්ලන්න නොව
රස්සාවක් හොයා ගනින් කියූ
ගෝරනාඩුවෙන් ගැලවෙන්ටත්
මහ උන්ගේ බර ඩිංගක්වත්
හෑල්ලු කරන්න වත් කියල 

උඹ තීරණේ ගන්න ඇති
එහෙම හිතෙනකොට 
වාවන්නේ නෑ බන්

අතාරින්න බෑ කියා හිතා හිටි
සියලු දේ අතෑරලා මදිවට
අපි දෙන්නත් අතෑරලා
ඔය ලෝකෙට උඹ යද්දී
සැප හීනත් තියෙන්නැති
නෑ කියන්න ඇහැක්ද උඹට . .?


හීන කියන්නේ හීන වලට
ජීවිතේ හූරන ලොතරැයියන්ක්ද
මොන මගුලටද උඹ
ඔට්ටු ඇල්ලුවේ ජීවිතය
දවාලේ මවපු හීන වලට ??
උඹ හීනෙන් ඇහැරෙන කොට
එන්න බැරි තරම් දුර ගිහින්
ඔට්ටුවෙන් උඹ පරාදයි බන් . . !


උඹ හිනාවෙනකොට හිනාවෙන්න
පෙරුම් පුරුම් පුරපු අපිට උනේ
උඹ අඬන දහා බලාගෙන 

එක පොදියට එකට අඬන්න

ඒත් උඹ කැමති නෑ ඒකට
කඳුලු පපුවේ හංගගෙන
උඹ හිනා උනා යස අපූරුවට

හිතුව උඹ අපි රැවටෙයි කියලා.  
අපේ දුක උඹට උහුලන්න
බෑ කියලා දන්න නිසාම
හිනා වුනා අපිත් බොරුවට
උඹත් එක්කම එකට
හරි අපූරු රැවටිලිකාර සෙල්ලම . . !


දුක් කාලේ ගෙවිලා ගොස්
සරු කාලේ ආවා අපිට
ඒත් උඹ. . 

උඹ තාම එතනම
ඉතිං සරුවෙන් පලක් මොකටද අපිට
උඹට නැති කොට අපිට වැඩක්ද ?

ඒත් උඹ හිනා වෙලා කිව්වෙම
මම හැමදා පැතුවේ
උඹල දෙන්නට හරි යන්න . . !


උඹේ පපුවේ කුහක කම 
අහලක වත් නෑ බන් 
අපි දන්නවා ඒක

උඹටත් සරු වෙන්නෙයි කියලා
කරපු හැමදේම අපි
ගඟට කපපු ඉනි වගේ
උඹත් එක්කම
ගඟ දිගේම ගලා යනවා

ඇස් දෙකෙන් දකිද්දී ඒ බව
පීනලා බේර ගන්නත්
බැරි බව පෙනෙද්දී
උඹ ගහගෙන යන දිහා බලාගෙන
වාවන්න බැරි දුකින්
මහ පොලොව පෙඟෙන්න අඬනු මිස
ඒ ගඟට ම පැනලා මැරෙන්නද ?


Pic from: http://collegecandy.com/

25 comments:

  1. දුකා මේ කියන්නේ කව්රු ගැනද???

    ReplyDelete
  2. හිතා ගන්ඩ බැහැ....
    ප.ලි යක්වත් නැහැනේ....

    ReplyDelete
  3. //උඹ ගහගෙන යන දිහා බලාගෙන
    වාවන්න බැරි දුකින්
    මහ පොලොව පෙඟෙන්න අඬනු මිස
    ඒ ගඟට ම පැනලා මැරෙන්නද ?//
    ම්ම් .....................දුකා අය්යේ හිතාගන්න නම් අමාරුයි ..කාටද මේ කියන්නේ ?

    ReplyDelete
  4. \\\වාවන්න බැරි දුකින්
    මහ පොලොව පෙඟෙන්න අඬනු මිස
    ඒ ගඟට ම පැනලා මැරෙන්නද ?///

    අඬන්න එපා දුකා , ඒ කඳුලුත් ගඟටම එකතු
    වෙලා සැඩ පාර තව වැඩි වෙයි ....

    ReplyDelete
  5. //උඹ ගහගෙන යන දිහා බලාගෙන
    වාවන්න බැරි දුකින්
    මහ පොලොව පෙඟෙන්න අඬනු මිස
    ඒ ගඟට ම පැනලා මැරෙන්නද ?//

    ඉස්සර නම් මං හිතුව මං ගැන්ත් ගෙදර අය මෙහෙම හිතයි කියල. ඒත් දැන් මං හොද ළමයෙක් වෙන්න ට්‍රයි කරනව.

    මේක ලිව්වෙ කවුරු ගැන හිතානද කියල මටත් අහන්න වෙනව ඔන්න.

    ReplyDelete
  6. හ්ම්ම්.... අනේ මන්දා....

    //කඳුලු පපුවේ හංගගෙන
    උඹ හිනා උනා යස අපූරුවට//

    මෙන්න මේක නම් මාත් කරනවා....

    ReplyDelete
  7. සහෝදරත්වය පිළිබඳ මානුෂීය කියැවිමක් දුකා අනර්ඝයි...අපි හැමෝම මේ වගේම තමයි දුකා...

    ReplyDelete
  8. "හිනා වුනා අපිත් බොරුවට
    උඹත් එක්කම එකට
    හරි අපූරු රැවටිලිකාර සෙල්ලම."

    මට දැනෙන විදියට මේ වේදනාකාරී සෙල්ලම තාමත් කෙරෙනවා..?

    ReplyDelete
  9. ඔන්න ඕකයි මම කයි එක්ක වැඩිය ආශ්‍රයක් නැත්තෙ. උඹලා මොන හත්තිලව්වක් කියනවද කියලා ගූගල් දෙයියෝ වත් දන්නෙ නෑනෙ!
    :(

    ReplyDelete
  10. මේ මම ගොඩක් ආදරය කරන කෙනෙක් ගැන අප්පා . . . එයාගේ දුකට අපි කොයි තරම් පිහිටක් උනත් කිසි පලක් නෑ . . .ඉතින් මේ "උඹේ කරුමේ උඹම ගෙවපන්" කියලා පැත්තකට වෙලා බලන් ඉන්නව මිසක් වෙන මොනව කරන්නද කියලා හිතුනු නිසා ලියපු එකක් . .

    ReplyDelete
  11. සමහර දේවල් තියෙනවා කොයිතරම් උත්සාහ කලත් වෙනස් කරන්න බැරි. හ්ම් ..

    ReplyDelete
  12. දුකා මලේ, පපුවට ඉතාම සමීප සගයෙක් ගැන කියන බව නම් පේනවා ...

    ReplyDelete
  13. බොහොම සමීප කෙනෙක් ගැන ලියල තියෙන බව පේනවා. මටත් මේ ආශ්‍රිත අත්දැකීම් තියෙනවා. ඒක නිසා, කියවනකොට ඒ ඔක්කොම පිළිවෙලට මතක් වුනා.

    ReplyDelete
  14. අනේ මට පැහැදිලි නෑනේ :(

    ReplyDelete
  15. ඉවර වෙනකංම පිළිවෙලකට කියෙව්වා කාටද කියලා බලාගන්න.
    කාටද මේක කියන්නේ...ඔබ
    කාටද මේක කියන්නේ......

    ReplyDelete
  16. අදත් ඇස්දෙකේ කඳුලු බින්දු දෙකක්...

    හිත හදන්න කියන්න වචනයක්මට නැති උනාට..අහල දුක්වෙන්න පුළුවන්

    ReplyDelete
  17. මෙහෙම කෙනෙක් මටත් හිටියා
    …ඒත් එයා යන්න ගියා
    …මටත් නොකියා

    ReplyDelete
  18. me too got someone who is wishing that everything will be finished soon. I honor him with yours. Who knows will he be the same person...

    ReplyDelete
  19. මම හිතන්නේ මම දන්නවා කවුද කියලා.. ඒවා එහෙම තමයි අයියේ...

    ReplyDelete
  20. ගඟේ පනින එකාට පනින්න දියන් බන්... කොච්චර කිව්වත් අහන්නෙ නැත්නම්...

    ReplyDelete
  21. අඩේ මං ගැනද මේ..හීයා...හු...

    ReplyDelete
  22. හොද ලිපියක්.අපේ පැත්තෙත් ඇවිල්ල යන්න.http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  23. මරු මචං - මට මේකේ කෑලි කෑලි ගන්න හිතෙන්නේ නෑ
    කවුරු හරි කරට අතදාගෙන ලඟින් වාඩිවෙලා හිටිය වගේ දැනෙනව බං ඔක්කොම කියෙව්වම.....
    සිරාවට...!

    ReplyDelete
  24. මොකක් ගැනද හැබෑවටම මේ කියලා තියෙන්නෙ...

    ReplyDelete
  25. ගොඩක් හිතට දැනුනා...

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails