Sunday, July 22, 2012

විකිනීම . . .!!



තමන් නොදැන තමන්ව කෙනෙක් තව කෙනෙක්ට හෝ පිරිසකට විකුනලා කියලා දැන ගත්තොත් එහෙම කෙනෙක්ට තමන්ව විකුනපු එකාට මොනවා කරන්න හිතෙයිද?

කන පැලෙන්න ගහන්න . . . පලු යන්න බනින්න . . . දන්න කියන උන් ඔක්කෝටම මෙන්න මුගෙන් පරිස්සම් වෙයන් කියන්න . . . මේ ඕනම දෙයක් කරන්න හිතෙයි . ..

සමහර විට "අහවලා විසින් මාව විකුනා ඇත" එහෙම නැති නම් "අහවලා මාව විකුනන්න ඉඩ ඇත" වගේ ප්‍රකාශයක් නිකුත් කරන්න උනත් ඉඩ තියෙනවා නේද . .. ?

විකිනීමේ ප්‍රබේදයන් රාසියක් සහ ක්‍රමවේදයන් රාසියක් අතුරින් එක් විකිනීමක් වූ සමාජයේ  බොහෝ දෙනක් දන්න කියන, විස්වාස කල හැකි අයක්ව හෝ අයව විකිනීම ගැනයි මේ කතාව.

කෙටියෙන් කිව්වොත් මෙහෙම හිතමු . . .

කෙනෙක්ට ඕන තව කෙනෙක්ගේ දතක් ගලවන්න. ඒත් ඒ කෙනා දන්නවා එයා ගැන අර දත තියෙන කෙනා වැඩි විස්තරයක් නොදන්න බව. එතනදී ඒ පුද්ගලයා අර සමාජයේ බොහෝ දෙනෙක් දන්න කියන, විස්වාස කල හැකි පුද්ගලයෙක් කියලා නමක් තියෙන කෙනෙක්ව හෝ කීප දෙනෙක්ව විකුනනවා.

"අඩෝ උඹට මාව අවිස්වාස නම් අහවලාගෙන්, අහවලාගෙන් මම ගැන අහපන්"

මෙහෙම කියද්දී කියන කෙනාට ලොකු විස්වාසයක් තියෙනවා අර දත තියෙන කෙනා කවදාවත් ඒ අයගෙන් ඒ කෙනා ගැන අහන්න යන්නේ නැති බව.

කොහොමින් හරි දත ගලවලා දතේ අයිතිකාරයා ට දැනුනු දවසට අර මනුස්සයා අහවලා අහවලාවත් විකුනලා මගේ දතක් ගැලෙව්වා නේද කියන එක . . අන්න එදාට අර විකුනපු කෙනෙක්ගෙන් නිකමට හරි ඇහුවොත් "මේ අර අහවලා කොයි වගේ කෙනෙක්ද?. . .මට නම් කිව්වේ පොර ගැන අවිස්වාසනම් ඕන නම් උඹගෙනුයි අහවලාගෙනුයි අහලා බලන්න කියලා" වගේ දෙයක් අහන්න ලැබුනොත් තමන් නොදැන තමන්ව තව කෙනෙක්ට විකුනලා කියලා ඒ කෙනාට නොහිතෙයිද?

එතකොට අර දතේ අයිති කාරයා ගැන අනුකම්පාවකට වඩා "යකෝ අරූ මාවයි අහවලාවයි අහවලාවයි විකුනලා තවක් එකෙව අමාරුවේ දාලා නේද" කියලා පුදුම තරහක් ඇති නොවී තියෙයිද?

ඔය විකිනීම බොහෝම හොඳින් ප්‍රගුන කරපු අයට මැරුනු කෙනෙක්ව උනත් හොඳට විකුනන්න පුලුවන්.
"උඹලා දන්නවාද . . අර මැරුනු අහවලා මට මෙච්චර ගානක් දුන්නනේ . . .මම ඒවා ඔක්කෝම අන්තිම සතේට බේරුවා . . " (මැරුනු කෙනාගෙන් අහන්න කියලැයි ඇත්තද බොරුද කියලා . . )

කොහොමින් කොහොමින් හරි මට කියන්න ඕන උනේ . .

"කවුරුහරි කාව හරි විකුනනවනම් හක්කේ තියෙන දත් දෑතින්ම උගුල්ලලා දෙන්න කලින් අර විකිනිච්ච අයගෙන් ජුන්ඩක් හරි ඒ විකුනන්න කියන කතා ඇත්තද බොරුද කියලා අහලා බලන්න තරම් වත් පොඩ්ඩක් සැලකිලි මත් වෙන්න කියන එකයි . . ."

52 comments:

  1. මම නම් දැන් ණය දෙන්නේම නැත. මොනතරම් විශාල අවශ්‍යතාවයකට ඉල්ලුවත් දෙන්නේම නැත. එයට හේතුව නම්, 100% අය ගත්තාට පසු නැවත මගේ මූන නොබලන හෙයිනි. මොකක් හරි දෙයක් අල්ලාගෙන තරහ වූ අයද නැත්තේ ද නොවේ. මට හිතු විට ඉල්ලනේ නැතුවද දෙනවා. නමුත් ඉල්ලුවොත් නම් ප්‍රතිපත්තියක් ලෙස නොදෙමි. මෙසේ විටින් විට දෙන මුදල් නැවත බලපොරොත්තු වෙන්නේ ද නැත. එනම් එවා ණය නොව තෑගි ය.

    ReplyDelete
  2. අපි ඔක්කොම මේ දඟලන්නේ අෆිවම මාර්කොට් කොරගන්න නෙව....හැබැයි ඉතින් වෙන එකෙක් අපිට හොරෙන් අපිවම විකුණගෙන කෑවම ඉතින් අප්ස්ට් නෙව.....:P

    ReplyDelete
  3. මේකටනං මට ටිකක් හිනා ගියා මචං...

    ReplyDelete
  4. දුකා අයියව කවුද විකුණං කෑවෙ???

    ReplyDelete
  5. අය්යවත් කවුරු හරි විකුණල වගේ

    ReplyDelete
  6. සමාජයේ දාහක් දෙනා ආශ්‍රය කරන කොට ඔයවගෙ ගෙවලයොත් හමුවෙනව බං..!ඒවගේම දත අයිතිකාරයටත් හොඳවයින් දෙකක් කියන්න ඕන..ඇය් යකෝ තොට මගෙන් කලින් අහන්න තිබුනා නේද..? කියල.

    ReplyDelete
  7. කොහෙද මේ ඩෙන්ටල් එක තියෙන්නේ?

    ගලෝපු දත කෘන්තක ද, රදනක ද, චාර්වක ද, පුරස්චාර්වවක ද?

    ReplyDelete
  8. විකිණිල්ල හැමතැනම තියනව විතරක් නෙවේ විකිණීමේ ක්‍රම කාලෙට හරියන්න අප්ඩේට් වෙනව. ඒ නිසා බුද්ධිය මෙහෙයවල තේරුම්ගන්න ඕන ගොනා එන්නෙ මොකාටද කියල.

    ReplyDelete
  9. හිරි වට්ටන්නෙ නැතිව කට අරින්න කරදර කරන්නෙ නැතිව දත් ගලවමින්, තැටියක් රත්වෙන්නෙ කොතනද එතන රොටියක් පුච්චන එවැන්නන් වාසනාවන්.

    ReplyDelete
  10. ~~~ විකිනීමේ මූලධර්ම~~~කියල මේ පෝස්‍ටුව දැම්මනං මරු...!!!

    ReplyDelete
  11. සත්‍ය කතාවක් ඇසුරින්ද?? මනඃකල්පිතයිද??? ටියුබ් ලයිට් වගේ... මේ ලෝකෙ දෙයක් තේරෙන්නෙ නෑ.....

    ReplyDelete
  12. මන් දන්න කෙනෙක් හිටියා ගමේ ඒ වගේ බිස්නස් කරපු. පස්සෙ සිරාවටම ගොඩ ගියා එක බිස්නස් එකකින්. ගත්ත ණයත් එහෙන් මෙහෙන් බේරුවා. ඊට පස්සෙ අර නැති බැරි කාලෙ බැණ බැණ හරි ණය දීපු සෙට් එකව කැපූවා කැපිල්ලක් නැත්තටම නැති වෙන්න. මොකද තමන්ගෙ ඒ අතීතය දන්නෙ උන් සෙට් එක නිසා. අළුතින් සෙට් වෙච්ච උන් ඕවා දන්නෙ නෑ. මන් කියන්නෙ නෑ උඩට නගින්න උදව් දුන්න ඉනිමඟ කර තියන් තව උඩට යන්න කියලා.. ඒත් උඩට නැගපු ඉනිමඟ කුඩු පට්ටම් කරපු එක ?! අදටත් එහෙම දියුණු උනු පොර තමන්ගෙ ළමයි එක්ක සැපෙන් ඉන්නවා ආඩම්බරයෙන්.පට්ට විදියට බොනවා අර අතීතය අමතක කරන්න වෙන්න ඇති... මිනිහට උදව් කරපු ඊට පස්සෙ කැපිච්ච සෙට් එකත් ජීවත් වෙනවා..සාමාන්‍ය විදියට "සාඩම්බරයෙන්" අදටත් සිද්ධිය දන්න අපිත් ඔළුව නවන්නෙ අර කැපිච්ච මනුස්ස සෙට් එකට..මමත් ඒ සෙට් එක එක්ක බොන්න සෙට් වෙනවා.ඒ නිසා දන්නවා. උන් සෙට් එකට පට්ට ආත්ම තෘප්තියක් තියෙනවා අරූ ගොඩ ගිය එකට..පස්සෙ කැපුනට.. History repeats itself !

    ReplyDelete
  13. ;)
    වහෙන් ඔරෝ නැතුව කෙලින්ම ඔහොම කරන මිනිස්සු ගැන දැනුවත් කරන එක තමා හොඳම දේ...

    ReplyDelete
  14. දුකා අයියවත් විකුනලා වගේ...

    ReplyDelete
  15. අපේ රටේ දේශපාලනය තරම් මැරිච්ච මිනිස්සු විකුණන දේශපාලනයක් කොගේ වත් නැත..

    ReplyDelete
  16. මටාත් "ටිකාක් හිනාවෙන්න වගේ ඇවිල්ලා" එක පාරට හෝස් ගාලා හිනා ගියා සෑර්!

    ReplyDelete
  17. ඔය ඉරිදා ලංකාදීපේ එහෙම යනවා මලගිය ප්‍රාණකාරයෝ ගෙන්න තැන ගැන් කතා. උන්ගාවට ගිහින් තමා ඔය සමහර කතාවල ඇත්ත නැත්ත බලන්න වෙන්නේ.

    හැබැයි ඕතනදි නම් වැරදි කට අයිති කාරයා. දත් ගලවනන් දෙන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න ඒපායෑ කටට අත දාන්න හදන එකාගේ විස්තර ගැන

    ReplyDelete
  18. මම ත් ණය දෙන එක නම් අත් හැරදාලා. දීපු අය කරන දේවල් දැක්කම කල කිරෙනවා. අපිට අමාරු වෙලාවට සතයක් ඉල්ලා ගන්න බෑ. අඩුම ගානෙ අපි දීපු ටික වත් දෙයි කියලා හිතුවට කොල් කලාම කට්. මූණට නම් හොඳට බටර් පාර දාලා ලබන සතියෙ කොහොම හරි දෙන්නම් කියලා පින්සේන්ඩුව. ඒ සතිය ආත්මෙට එන්නෙ නෑ. උන් හැබයි අපිට වඩා හොඳට ඉන්නවා. කියන්නෙ අනේ මේ කාර් එක අහවලා මට පාවිච්චියට දුන්නා...... බයිල තමයි. කවුද ? අප්පේ ලංකාවෙ කාර් එකක් පාවිච්චියට දෙන්නෙ. අපේ මුදල් අරන් උන් හැදිලා මිසක්ක. අන්තිමේ අපි විකිණිලා......

    ReplyDelete
  19. අපිනම් දත් ගලවනකල් ඉන්නෙ නෑ හිරිවැටෙන්න ඉන්ජක්සන් එක ගහපු ගමන් පැනල දුවනව

    ReplyDelete
  20. රුචා, පණුවෝ කාපු දත් ගලවන්න කවුරුවත් එන්නේ නෑ බං....! බය නැතිව හිටහන්.....!

    ReplyDelete
  21. විකිනීමෙන් සැනසීම ලැබේ...දුකා අයියා විකුනා තිබේ

    ReplyDelete
  22. ඇත්තටම අපිටත් නොදැනිම අපි අවට ඉන්න අය අපිව විකුණලා කියල ‍වැටහෙන කොට පෙරහැර ගිහින්. මොනව කරන්නද ඒ වෙලාවට වෙච්ච දේ වුණා කියල හිත හදාගන්නවා හැර.

    ReplyDelete
  23. ඔය පොරවල් ගැන හිතනකොට මට එකපාරටම මතක් වෙන්නෙ ... ගමෙන් කොළඹට ආපු අන්තිම අහිංසකයො රවට්ටල අතේ තියෙන තුට්ටු දෙකට විදින කොළඹ පිටකොටුවෙ කාක්කො...

    ReplyDelete
  24. හ්ම්ම්ම් ...

    ReplyDelete
  25. අපි නං අහුවෙයි ඕවට! මගේ ලොඹු කටේ නං එක දතක් නෑ බං ගලවන්න.
    ගොලොහ් ගොලොහ් ගොලොහ්!!!
    henryblogwalker the Dude

    ReplyDelete
  26. වහෙන් ඔරෝ නැතුව කෙලින්ම පොලු කාරයගේ නමින්ම කිව්වොත් නරකද හැමෝටම කවුද කෙනා කියලා දැන ගන්න.එතකොට අඩුම තරමින් තව කීපදෙනෙකුටවත් බේරෙන්න පුලුවනි.මොවුන්ව ආරක්ශා කරන එක සමාජයට කරන විපතක්.

    ReplyDelete
  27. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  28. හාස්‍ය රසය ගැබ් වෙච්ච ලිපියක්.... මේ අපි දන්න මහත්තයෙක් ගැන නේව ලියල තියෙන්නේ ....

    ReplyDelete
  29. කියන්න දෙයක් නෑ මචන්... කණට දෙකක් ගිහින් ගහපිය.. ඒක නොකරනතාක් කල් ඕක නතර වෙන්නෙත් නෑ.

    ReplyDelete
  30. :D මිනිස්සු විතරක් නෙමෙයි අනුන්ගෙ සල්ලි තමන්ගෙ වගේ දෙන රටවල නායකයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ද ඔය සත්‍යය වටහා ගන්නවා නම්!!!!

    ReplyDelete
  31. කුඩු කාපු එකාගේ නහය දනවා වගේ අයියේ...

    ReplyDelete
  32. ටිකක් හිනා යනවා මේ වගේ වැඩ වලට

    ReplyDelete
  33. මේක බලන්න ඕන අයගෙන් සමහරක් ටිකක්වත් හිනාවෙන්න ඇවිත් ගියෙ නැති හැටි අප්පා :) ඔබලා බලන අංකල් ලඟට කාටද ඩෙන්ටල් එකේ ඊලඟ ප්‍රමෝශන් පාර ලැබිල තියෙන්නෙ?

    ReplyDelete
  34. දුක් වෙන්න එපා දුකා...... කොහොම හරි විකුනන්නව මේ පෝස්ට් එකෙං හරි ඔක්ශන් උනා. ඈවරයි දෑවරයි ............

    ReplyDelete
  35. නියමම කතාව දුකා අයියේ......

    ReplyDelete
  36. දුකා..දැන් ඇනෝ කමෙන්ට් කලත්, උඹට කවදාවත් කමෙන්ට් නොකලත් උඹේ vision එකට කැමති කෙනෙක් මේ කමෙන්ට් කරන්නෙ. උඹ මේ කරන්නෙත් හොඳ වැඩක් නෙමේ නේද? මේ දවස් වල හැමෝම වට කරගෙන ගහන එකෙකුට වෙලාව අල්ලලා උඹත් ගහනවා උඹේ බ්ලොග් එකෙන්ම. මේක උඹට ගැලපෙන්නෙ නෑ. ඌ හරී...හොඳ එකා පව් කියලා නෙමේ මේ කියන්නෙ...උඹ වැරදි නේද කියල පොඩ්ඩක් හිතන්න කියල

    ReplyDelete
  37. ඔන්න දුකා උඩ ඇනෝගේ රෙද්ද යටින් දත් වගයක් පේනවා.ඌට කරන්න හොදයි කියන්න නරකායි.

    උඹ කවදත් අසාධාරනේ වැරැද්ද එලි පිට කතා කල එකෙක් දුකෝ. මේ පෝස්ට් එක මේ වෙලාවේ දාන්නම ඕන එකක්. මෙයිට කලින් මේ ගැන පෝස්ට් දාපු මාරයා,වැප්,ඕනයා,සෝරෝ වගේ උන්ගේ පෝස්ට් බලලවත් ඕකා හැදුනේ නැහැ. අපි බලමු උඹ කියන දේවත් මූ අහයිද කියලා.

    ReplyDelete
  38. Anonymous July 23, 2012 12:33 PM ,

    කොහෙද බං මාරයා,වැප්,ඕනයා,සෝරෝ වගේ උන් මේ වගේ පෝස්ට් දැම්මෙ. බොරු නොකියා හිටපන්.

    ReplyDelete
  39. මචන් දුකා බලු වැඩක් නේද කරේ?..... තැලෙන යකඩෙ උඩ දම දම තලන්න ගියාම එතන ලොකු විනාසයක් වෙනවා.....

    Cyber-bullying එච්චර හොද වැඩක් නෙවෙයි.......

    ඌ බැනුම් ඇහැව්වා මදිද?...... පව් නැද්ද...

    ReplyDelete
  40. හිතවතුනි, මේ දත මගේ. මේක චාර්වක දතක්. විකුණුනුනේ දුකා සහ දුමිය. වික්කෙ කවුද කොහොමද කියන එක ගැන මම විස්තර ඇතුවම කියනවද නැද්ද කියල තීරනය කරන්නෙ අද හවසට. දත් දොස්තර තුමා දැංවත් පාඩමක් ඉගෙන ගෙනද බලමු!

    මනුස්සකමට, හිතවත් කමට උදව් කරාම ඒ වගේ ගුණේ නොතිය වංචා කලොත් උන්ට යහතින් ඉන්න තියන්නෙත් නෑ, තියලත් බෑ.

    ReplyDelete
  41. කවුරු වුනත් මෙහෙම වැඩක් කලා නම් ඒක වැරදියි..අනික මෙතන නම කියලා නැති නිසා මේකට කලබල වෙන්නෙ සිද්ධිය හොඳට දන්න අයනේ... ඒ කියන්නෙ මෙතන කියල තියෙන්නෙ ඇත්ත..

    කරන්න හොඳයි... කිව්වම තමයි නරක ...අනික බ්ලොග් කියන්නෙ මුලු ලෝකෙම නෙවෙයි...මෙතනට එන එවුන් දැනුවත් කරන එක විකිණිච්ච එකාගෙ වැඩක්.......

    ReplyDelete
  42. මම තව මොකුත් කියන්න ඕනද මන්දා . . !

    ReplyDelete
  43. This comment has been removed by the author.

    ReplyDelete
  44. හොඳලිපියක්, මමනම් කිසිම විටක ණයට දෙන්නේවත් ණය ගන්නේවත් නැත, එ නිසා ප්‍රශ්න නැත....

    ReplyDelete
  45. උඹ සදාකාලික දුක්ගන්නා රාළ නොවී මේ පෝස්ට් එක දාපු එක ගැන මගේ ප්‍රීතිය..!

    ReplyDelete
  46. වහෙන් ඔරෝව ලිව්වෙ යම් සත්‍යය සිද්ධියක් පාදක කොටගෙන බැව් දැන සිටියත්, නිවැරදිව හෙළි වූයේ මෙය දුටු විටයි. මේ ලිපි දෙකම අප කාටත් අනාගත තීරණ වලට සුභවාදී බලපෑම් එල්ල කළ හැක.

    ReplyDelete
  47. මෙතනට එන්න කලින් තවත් පෝස්ටුවක් කියෙව්ව නිසා තත්වය පැහැදිලියි...

    ReplyDelete
  48. මේ ලිපිය කියවීමට පෙර පොස්ට් 3 ක් කියෙව්වේමි.. එබැවින් අදාල කරණය හොදින්ම පැහැදිලිය .. තව එකක් ඔයා කාටවත් කෙලින්ම ඇගිල්ලක් දිගු නොකර පොස්ට් එක දාලා තියෙන ආකාරය අගයකලයුතුයි..

    ReplyDelete
  49. අවට ලොකයේ මිතුරු වෙසින් සිටිනා සතුරන් ගැන දැණුවත් කිරිම අගයමි.

    විශාඛා සිටුදියණියට ඇගේ පියාණන් දුන් අවවාද 2ක් මතක් විය.
    *දෙන්නාට දෙන්න නොදෙන්නාට නොදෙන්න.
    *දෙන්නාටත් නොදෙන්නාටත් දෙන්න.

    -අම්බි

    ReplyDelete
  50. අපේ මැනේජර්මහත්තයාව කීදෙනෙක්නම් විකුනනවද චෙක්එකකින්/පොතකින් සල්ලි ගන්න ආවම..
    මැනේජර්මහත්තයාගෙ අත්සන නෑනෙ කීවම "මැනේජර්මහත්තයා තමයි කවුන්ටරේට එන්න කීවෙ" කියලා අපිට සද්ද දාන අය අපි මැනේජර්මහත්තයට කෝල් එකක් ගන්නකොට කෝල්එක ආන්සර්වෙන්නත් කලින්ම "මම මැනේජර්මහත්තයාගෙන් අත්සන දාගෙන එන්නම් කියලා" මාරුවෙනවා.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails