Monday, April 9, 2012

අනේ දෙවියනේ මට සවි දෙනු මැනවී . . .!!



ආතුරයන් මැද අනාතුරව හිඳින්න
අනේ දෙවියනේ මට සවි දෙනු මැනවී . . .

මුව හම් පොරවා ගත් මෘගයන් මැද
උන්ගේ ගොදුරක් නොවී ඉන්න
අනේ දෙවියනේ මට සවි දෙනු මැනවී . . .

ගොදුරක් ඩැහැගත් මෘගයෙක්
තියුණු උල් දත් වලින් බරු ගසද්දී
මෘගයාගේ පුල්ලි වල වර්ණය
අගය කරන
කලා කරුවන් යැයි කියා ගන්නා උන්
අනේ දෙවියනේ මගේ දෑහින් උන් ඉවත්කල මැනවී . . .

මෘගයාට ගොදුරු වූ අහිංසකයා
දිවූ අත වැරදිය කියා
වේගය සහ කාලය අතර
ප්‍රවේගය ගනන් බලන
බුද්ධිමතුන්ගේ වචන
අනේ දෙවියනේ මගේ කන් බිහිරි කල මැනවී . . .

අනෙකාට හෙන ගැසූවත්
මම තාම යහතින්නේ
උගේ බඩ හතරට පැලුවත්
මගේ බඩ පිරිලනේ සිතන
බඩගෝස්තර වාදීන්
අනේ මට උන් මඟ හැර ඉන්න
ඉඩ සලස්වා දෙන්න දෙවියනී . .

මෘගයන් ඇති වනයේ
අහිංසකයින් පා නොතැබිය යුතු බවට
දහම් දෙසන
පඬිවරයන් හා දේශකයන්
නෑසු කනින් ඉන්නට
අනේ දෙවියනේ
හිත සවි දුන මැනවී . . .

මුව හම් පොරවා ගත් මෘගයන් මැද
උන්ගේ ගොදුරක් නොවී ඉන්න
අනේ දෙවියනේ මට සවි දෙනු මැනවී . . .

ආතුරයන් මැද අනාතුරව හිඳින්න
අනේ දෙවියනේ මට සවි දෙනු මැනවී . . . !!!

27 comments:

  1. සජීව ධනුද්ධරApril 9, 2012 at 2:44 PM

    මුව හම් පොරවා ගත් මෘගයන් මැද
    උන්ගේ ගොදුරක් නොවී, උන් දෙන දෙයක් කා වෙන දෙයක් බලන් ඉන්න.....
    ගොදුරක් ඩැහැගත් මෘගයෙක්
    තියුණු උල් දත් වලින් බරු ගසද්දී
    මෘගයාගේ පුල්ලි වල වර්ණය
    අගය කරන
    කලා කරුවන් මහා දේශප්‍රෙමීන් යයි සිතීමට....
    මෘගයාට ගොදුරු වූ අහිංසකයා
    දිවූ අත වැරදිය කියා කටහැකරකම් පාන්නට...
    අනෙකාට හෙන ගැසූවත්
    මම තාම යහතින්නේ
    උගේ බඩ හතරට පැලුවත්
    මගේ බඩ පිරිලනේ යයි බඩගෝස්තරවාදීව සිතන්නට...
    මෘගයන් ඇති වනයේ
    අහිංසකයින් පා නොතැබිය යුතු බවට
    දහම් දෙසන පඬිවරයන් හා දේශකයන් සරණම යන්නට...
    අනේ දෙවියනේ
    හිත සවි දුන මැනවී . . .

    නැතිනම් කෙලෙස දිවි ගෙවන්නද මේ පින් බිමෙහි මිනිසකු ලෙස දෙපයින් සිටගෙන..

    ReplyDelete
  2. උඹට වඩා අපට ඒ දේවල් ඇහෙනව පේනව. ඒත්........

    ReplyDelete
  3. කොහේ ඉන්න දෙයියෙක්ද බං අයියෙ. ඔය ඉතිං උඹල අපි කාලයක් තිස්සෙ කිරිපොවපු සර්පයො තමයි. එහෙම නැතුව උන් වෙන ලෝකෙකින් ආව උන් යැ. දැං ඉතිං කණවෙලා කොරවෙලා ඉඳල වැඩක් නෑ බං. කොහොම හරි ඉහ ගහගෙන අමාරුවෙන් හරි ඉවසල ඉමු. මොකෝ අපියි කියලත් ඔය කියන තරං සුද්දවන්තයො යැ වැරදි නොකරන.

    ReplyDelete
  4. බොහෝම කාළේකින් මෙහෙම දෙයක් ලියවුනේ.. උඹ නම් ටිකක් හරි ශේප්. අපි අනාතෙනුත් අනාතයි..

    ReplyDelete
  5. සුළග හමන අතට නොව උඩු අතට ඒ සැඩ සුළඟ කපාගෙන ඉදිරියටම යමු.
    " තටු බිඳෙයි ලේ ගලයි ඒත් අපි පියාඹමු දරුවනේ"
    ෴ නන්දා මාලිනී෴

    ReplyDelete
  6. ආ අයියා ලංකාවට ඇවිත් වගේ....

    ReplyDelete
  7. @සජීව!
    අනේ මන්දා සජීව . . වෙලාවකට හිතෙනවා කලු ගල කියලා බලන්නේ නැතුව ඔලුව ගහගන්නත් . . දරු මල්ලෝ ගැන හිතුවාම එක අඩියක් ඉස්සරහට තියලා දෙකක් පස්සට ගන්නවා . .
    හ්හ්ම්ම්ම්

    @රාජ්!
    ඒත් . ... හ්හ්හ්ම්ම්ම්

    @අභීත!
    ආමේන් ආමේන්

    @අග්නි ධාරා!
    ආමේන් . . .!

    @දිනේෂ්
    හ්හ්ම්ම්ම්. . . ඔව් බන් . . ..

    @නවම්
    ඔව් බන් අපේම මනුස්සකම ගැන පට්ට දුකක් දැනෙනවා . .
    මට නම් මම ගැනම පුදුම තරහකුත් එනවා බන් . .


    @මාතලන්!
    කොහේද බන් මම ශේප් . .
    බඩු මිල ගනන් එක කොහොම උනත්
    මනුස්සයෙක්ගේ දුකකදී සතුටු වෙන අය දැක්කාම හෙන දුකක් දැනුනා බන්

    @දයානන්ද රත්නායක
    බොහෝම ස්තූතියි දයානන්ද . .
    ඒ වචන ටික ගිනි ගත්තු හිතට වතුර පොදක් වැටුනා වගේ දැනුනා . .
    "සුළග හමන අතට නොව උඩු අතට ඒ සැඩ සුළඟ කපාගෙන ඉදිරියටම යමු"

    @දිනුක!
    තාම නෑ මල්ලී . . තව සති දෙකක් තියෙනවා ..

    ReplyDelete
  8. දුකා අයියා හිතන විදියට මම ගොඩක් කැමතියි

    ReplyDelete
  9. කාලෙකින් දුකා ඇතුලෙ ඉන්න දුකා එලියට ඇවිත් වගේ....

    "බය බෝයි හාන්දුන්නේ" ආපහු ටැග් කරල තියෙනව දැක්ක වෙලේ මට හිතුන... මොකක් නමුත් තදින් හිතට වැදිල විත්තිය...

    ReplyDelete
  10. මොකද මේ හදිස්සියෙම ?

    ReplyDelete
  11. +++++++++++++++++++++

    Democracy is two wolves and a lamb voting on what to have for lunch. Liberty is a well-armed lamb contesting the vote!

    BENJAMIN FRANKLIN

    ReplyDelete
  12. මොනවා කියන්නද මන්දා.. :)

    ReplyDelete
  13. නිර්මාණාත්මක වැලපුමක්....

    ReplyDelete
  14. මරලා නෑ මරලා නෑ...!

    ReplyDelete
  15. මොකෝ දුකා මේ ? උද්ගත වෙච්ච අලුත් තත්ත්වයක්ද, නැතිනම් හැමදාම පැවතුන ක්‍රමයද?
    henryblogwalker the Dude

    ReplyDelete
  16. මොනව කරන්නද දුකා.....අපි අපිම තමයි..ජීවිත චක්කරේ.....
    කොහොම හරි මුහුන දෙන්නම වෙනවා

    ReplyDelete
  17. @සුදුමුවා!
    මම ත් ඉස්සර වලියට බර පොරක්. මුළු ඇඟම පිච්චිලා ඉස්පිරිතාලේ ඉන්නැත්දී තමයි මම මිනිසත් කමේ නියම වටිනා කම තේරුම් ගත්තේ . .එදා ඉඳන් තරහ කාරයටත් මෛත්‍රී කරන්න උත්සාහ කරනවා.

    @සපා!
    මිනිස්සු ෂයිලොක් වගේ තමන්ගේ මතේට විරුද්ධ එකාගේ පපුවේ මස් රාත්තලම ඉල්ලනවා දැක්කාම දුක හිතෙනවා බන්

    @ඕනයා!
    මොකුත් නෑ බන්

    @ඊමේල් කවිකාරි
    ස්තූතියි අක්කේ

    @මොනවත් නොකියා ඉන්න බැරි කමක් මට තියෙනවා බන් ඒකයි මේ

    @රාජ්!
    හ්හ්ම්ම්ම්

    @බීට්ල්!
    ඒ අය ගැන නෙමේ බන් මම හිතුවේ . . මම ගැන . . . අද මේ ක්‍රමේට උඩ ගෙඩි දෙන අපිම හෙට මේ ක්‍රමේ ගොදුරක් වෙන්න ඉඩ තියෙනවා කියලා අමතක කරන අපි ගැන.

    @Mr.Sithi!
    ස්ටාටර් එක පොඩ්ඩක් කරකවන්න ෆේස් බුක් එක පැත්තට ගිහින් :ඩී

    @ඩූඩ්!
    නෑ නෑ පරන තත්වෙමයි . .ඒක මේ විදිහට ගියොත් හෙට අපිට කෙලවෙනකොටත් අපේ ම උන් ඒකත් සාධාරණීය කරනය කියලා හිතිලා දුක හිතුනා . .

    @ලකී!
    ඔව් බන් මොනව කරන්නද . . මූන දෙන්නම වෙනවා. ඒත් අද උඹ මම එකතුවෙලා මේ උස්සන ක්‍රමේ ට විද්ධ මතවාදයක් හැදුවේ නැති නම් හෙට උඹ, මම හෝ උඹේ හෝ මගේ ළමයෙක් ඉස්සුවත් අපිට හූල්ලනවා ඇර වෙන දෙයක් කරනන් බැරි වෙයි . .

    ReplyDelete
  18. දුකා කියන්නෙ කොහෙද යන JVP කාරයෙක්නෙ. මමත් ඒක දැක්කෙ ළඟදි මූණුපොතේ කුමාර් ගුණරත්නම් ගැන දාලා තිබ්බ ලින්කුවකින්.
    මෙහෙම එවුන්ව මැරුව කිව්වත් මම නම් දුක් වෙන්නෙ නෑ. මගේ පවුලේ සහෝදරයෝ දෙන්නෙක්ව ටයර් සෑයෙ යැව්ව හැතිකරේ. මූණු පොතෙන් දුකාව අයින් කලා වගේම අද ඉඳන් මේ වෙබ් අඩවියටවත් එන්නෙ නැහැ මම.

    ReplyDelete
  19. වෙන ඇනෝ කෙනෙක්April 13, 2012 at 8:04 AM

    @ ඇනෝ

    දුකා JVP ද එහෙම නැත්තං වෙන මොකක් හරි එකක්ද කියන්න මම දන්නෙ නෑ..ඒත් ඔබතුමානං වල්ගෙ පාගගන කතාකරන බවක් පේනවා..

    // මගේ පවුලේ සහෝදරයෝ දෙන්නෙක්ව ටයර් සෑයෙ යැව්ව හැතිකරේ//
    මෙතන පොඩි පරස්පරයක් තියනවා නේද..කොල්ලො මරලා ටයර් සෑයවල් වල දැම්මෙ කවුද කියලා ඒ කාලෙ හොද සිහියෙන් ජීවත් වුන අපි දැක්කා.ඒ නිසා සහෝදරයො දෙන්න නැතිවුනේ JVP භීෂනයෙන්ද UNP භීෂනයෙන්ද කියලා සැක හැර ගන්න.කොහොම වුනත් ඔබගෙ සහෝදරයෙක් දෙන්නෙක්වම නැති වුනානං මටත් බොහොම කණගාටුයි,
    දැන් ඔය අනික් පක්ෂ වල ඉන්න සේරම දෑත් පිරිසිදු මිනිස්සුද ? ඒ පක්ෂ වලින් මිනීමරලා නැද්ද...ඒ පක්ෂ වල ඉන්න අනුගාමිකයො සේරම මැරුවත් ඔබතුමාට දුක නැද්ද...ඒ අයවත් මුනු පොතෙන් අයින් කරනවද..ඒ දේශපාලන අදහස් තියන අයගෙ බ්ලොග් කියවන්නත් හොඳ නැද්ද ?

    ReplyDelete
  20. ඇනෝ . . තැන්කූ ඈ මාව මූනු පොතෙන් අයින් කලාට . . .
    කුමාර් ගුණරත්නම්ද . . . ජීවන්ගේ කුමාරතුංගගේ අයියද කියන එක නෙමේ මගේ කන්සර්න් එක . .

    අපි හැමෝම මේ උස්සන සංකෘතියට විරුද්ධ වෙන්න ඕන කියන එකයි . . .

    ඔයාගේ සහෝදරයෝ ටරර් සෑයවල් යැව්වේ ජේ.වී.පී එකදා යූ.එන්.පී එකද කියන එක අතීතයේ කතාවක් . . (මටත් කනගාටුයි ඒ ගැන) ඒ ඔක්කෝම අතීත කතා වලින් (ටයර් සෑ . . බෝම්බ) පස්සේ නිදහසේ බයක් නැතුව පාරේ බැහැලා යන්න නැතිවෙනව නම් මොකද්ද ඒ නිදහසේ තේරුම . .

    ජේ.වී.පී එක එක්ක තියෙන තරහට උන්ව උස්සලා මැරුවට කමක් නෑ කියලා මේ උස්සලා මරන සංස්කෘතිය සමාජ සම්මතය උනාට පස්සේ හෙට එකට ඔය ඇනෝයි මායි ගොදුරක් නොවෙයි කියලා මොකද්ද අපිට දෙන්න පුලුවන් සහතිකේ . .

    මොලේ උඩ ඉඳගන්න කලින් මතක ඇතුව පුටුවට කොට්ටයක් දාගන්න ඈ . ..

    ReplyDelete
  21. "දුකා කියන්නෙ කොහෙද යන JVඵ් කාරයෙක්නෙ"

    අහ් ඇනෝ දන්න අය දන්නවා මම පට්ට ජේ.වී.පී. විරෝධියෙක් කියලා . . (ප්‍රධානම හේතුව ප්‍රේමකීර්තිගේ මරනය, තව ප්‍රභූන්ව මරලා මිනිය කරින් ගිනියන්න නොදුන් එක, ට්‍රන්ස්ෆෝමර් පුපුරවපු ඒවා එහෙම ත් ලිස්ට් එකේ තියේ)

    ඒත් ජේ.වී.පී. එක මහින්ද රාජපක්ෂ ජනාධිපති කරන්න දරදිය ඇද්ද වෙලේ ඒක ජාතික අවශ්‍යතාවයක් කියලා හිතපු මමත් ජේ.වී.පී එකේ සපෝටර් කෙනෙක් උනා ටික කාලෙකට.

    ReplyDelete
  22. තලන විට
    යකඩය උනුනුන්..
    තලයි උඩ
    පැන පැන
    නොදන්නෙහි ඒ
    කිසිවෙක්ම
    වෙන්නෙ යකඩය
    මුවහත් හොදින්.....

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails