Monday, November 28, 2011

2025 දී . . . !


අද (29) අපේ තාත්තගේ 68වෙනි උපන් දිනය.

පොදු පෙරමුණු ආන්ඩුවක් වෙනුවෙන් උදේ හවා හීන බලපු, රැස්වීම් වල හිටගෙන හිටපු, කකුල් කෙඩෙත්තුව හැදෙනකම් පෙලපාලි වල ගියපු, අතේ තිබ්බ පිච්චියත් ඒ වෙනුවෙන් කැපකරපු . . .

ඒ හීන දකින්නා වෙනුවෙන් මේ පෝස්ට් එක වෙන් කරන්න මම කැමතියි.

මේක ඕන් තනිකරම පිස්සු ලිපියක්.

මේ ඊයේ පෙරදා දොහක රනා ලියන බ්ලොග් කියන බ්ලොග් අඩවිය ලියන රසික කොලූ එක්ක ගූගලේ කතා බහක් දොඩමින් ඉන්නැහ්ද්දී අපි දෙන්නා කතාවෙච්චි දෙයක්.

ඇත්තෙන්ම කතා වුනේ හවුල් බ්ලොගක් කොරමු කියල උනත් අර තුන්පත් රෑන හවුල් බ්ලොගක් පටන් ඇන්න වෙච්චි සංගෙදිය දන්න හින්දා ඕන එකක් සත පනහයි කියලා මම්ම මගේ බ්ලොගේ ඇහැක් විදිහට ලියා දානවා කියා හිතුවා ඕන්.

මම දන්නවා බොලා මට හිනා වෙනවා කියලා මේක කියෝලා අහක්ක උනාම . .

කාරි නෑ . . බොලා හිනා උනාට . . . . "බැරි වෙලාවත් මාලුවගේ ඇඟේ මැක්කෙක් හිටියොත්" අහ් නෑ නෑ "බැරි වෙලාවත් මේක සීරියොස් ගන්න කෙනෙක්ගේ ඇහැ ගැහුනොත්" මක්කෙයි දොඩන්නේ?

කතා වෙද්දී රනා කොලූත් කිව්වේ "බලන උන් හිනා වෙයි ඒත් කාරි නෑ බන් අපි ලියමු" කියලයි.

ඉස්කෝලේ ගිය වංගියෙන් පස්සෙන් පහුත්, රස්සාවක් කොරන ගමන් ටැක්නිකොල් කොලීජියට යන සංදියෙත් සුද්දගේ බාසාව ඉගෙන ගන්ට ගිය රෑ ඉස්කෝලේ බොරැල්ලේ ෆෙයාර් ෆීල්ඩ් ගාර්ඩොන් එකේ බාංඩාර හාමිනේ කොරපු ඉංගිරිසි පංතිය වෙච්චි.

ඒ ඇත්තිටත් බුදුන් දැක නිවන් බව අත්වෙන්ට අද මේ රස්සා කොරගෙන ඉන්න තැනක සුද්දාගේ බාසාවෙන් යාන්තමට කොටන්න ඇහැක් වෙලා තියෙනවා.

බොලාට කියන්න ඒ ඇත්ති කිව්ව සමහර දේවල් තාමත් කන්බෙර දෙකේ දෝංකාර දෙනවා . .. අම්මාපල්ලා . .

"කවදා හරි වංගියක හැබෑවෙන්ට හරි උඹලා හීන මවන්ට ඕන දරුවනේ . . . "

"හීන මවන්නේ නැතුං හීන හැබෑකිරිල්ලක් කොයි?"


ඉතිං මේ ඒ ඇත්ති කිව්ව්හේ දුකා මවාන ඉන්න හීනයක්.

හැබෑ වෙන නොවෙන එක වෙනම දෙයක්. හීන මවාන ඉන්න එක කොයි තරම්ම සුන්දර කාරියක්ද? (බොරු නෙමේ බොලල්ලා . . බොලාත් හීන මවාගෙන කාරිය බලාපල්ලකෝ)

ආරළු බූරළු ඕනැන්නේනෑ . . කතාවට බහිමු.

රනා කොලූයි දුකායි කතා වුනේ 2025දී හැබෑවටම සිරි ලංකාව ආසියාවේ ආස්චරිය වෙන්ට නම් මක්ක මක්කාද වෙන්ට ඕන වෙනස් කම් කියලා වෙනම බ්ලොගක් හදාන ලියමු කියන එකයි.

කියෝන උන්ටත් උන්ට ඒ ගැන උන්ට හිතෙන දේ ලියාලා පෝස්ට් එකක් විදිහට දාන්ට අවසර දෙමු කියලයි කතාවුනේ.

කලින් කිව්වැහේ හවුලේ කැඳ හදන්න ගිහින් ආඬි හත්දෙනාගේ කැඳහැලිය වගේ වෙයි කියලා හිතාන 2025දී සිරි දේසේ ආසියාවේ හොඳම රටක් කොරන්න නම් මේ මේ දේවල් කලොත් හොඳා කියලා හිතෙන එව්වා මගේ බ්ලොගේම 2025දී කියලා ලේබොලයක් හදාන ලියන්න මම් හිතුවා.

හරි ඕන් . . මේන් මට හිතෙන පලමු දේ.

අපේ සිරි දේසේ පොරොඩක්ටිවිටි (Productivity) එක හෙවත් ඵලදායිකත්වය නම් අන්තිමයි නෙමේද?

රාජකාරියකට ආන්ඩුවේ ඔපීසියකට ගෙහුන් බලන්ට.

කාකාස ගේ ඉඳන් ඔපිසර රාළහාමි හෝ රාළහාමිනේ වෙනකම් අය ඉන්නේ නොරිස්සුමෙන්.

ඔපිසරලට පඩි නඩි ගෙවන්නේ අපි හාල් තුනපහේ ටිකෙනුත් ආන්ඩුවට ගෙවන බදු කාසි ඔලින් වුනත්, වැඩක් කොරගන්ට ලඟට එන එකා දිහා ඒ අය බලන්නේ ඒ උන්නේ කැවුත්ත කන්ට ආපු උන් දිහා බලනවා වගේ.

විනාඩි දහයෙන් කොරගන්න ඇහැක් වැඩේට තුන් හතර දොහක් බඩගාලා බඩගාලා මයිත්තිරී බාවනාව කොරලා කාකාස ගේ ඉඳන් ඔෆිසර වෙනකම් උන්නේ අම්මා අප්පලට පින් පෙත් දීලා (හිතින්) තමා වැඩේ ඉවරයක් වෙන්නේ.

මේක මෙහෙම වෙන්නේ, නෑ මම් කිව්වේ මේ ඔපිසර රාළහාමිලායි ඔපිසර රාළහාමිනේලයි ඔක්කෝම නොරිස්සුමෙන්, හිතේ කහටින්, දාහට ඇන්න සීයට දීලා වගේ ඉන්නේ මක්කෙයි කියලයි ඔහේලට හිතෙන්නේ?

ගමනාගමනය!!!

උදේ පාන්දර නැගිටල, උහල-පිහලා, ළමයි-බමයි ඉස්කෝල වෑන් වලට පටෝලා, සාරි පටලොගෙන, කලිසම් කමිස හිරකොරගෙන එන්ට ඕන බස් ඉස්ටෑන්ඩ් එකට.

ඕන් එතන මළ විජ්ජුම්බොරයයි.

එන එන බස් පොල් පටෝලහේ එන්නේ.

කොහොමින් හරි පුට් බෝඩ් එකට ගොඩවෙලා එක කකුලක් ගාල්ලේ අනෙක යාපනේ තියන්නැහේ, තමන්ගේ තන් බොත්තං අනුන්නේ බෑක් කඩමාලු අස්සේ දමානහේ ඔපීසියට එන්නේ යකා ආරූඩ වෙච්චි ආතුරයා ගානට. හා නැතෙයි?

එහෙව් සන්නියක් නටලා ඔපීසියට ආවහම වැඩක් පලක් නිස්කාන්සුවේ කොරන්න හිතේ සැනසිල්ලක් කොයි?

ආපහු හවස් ජාමේත් ඒ සුමේම එහෙම නැහ්නම් ඒ දහාට සන්නියෙම ඉතුරු කොටහා රඟ දක්වන්න ඕනෑ නේද කියල හිතන කොට දවලියෙත්, හවස් අතෙත් ඒ ඔපිසරලා ඉන්නේ පස්ස පැත්තේ මිරිස් කරලක් ගහගෙන ඉන්නැහේ තමා ඉතිං.

2025දී වත් සිරි දේසේ පොරොඩක්ටිවිටිය හරි හමන් තත්වෙකට ගෙන්න නම් දුකාගේ යෝජනාව සිරි දේසේ කොලොම් තොටේ ඉඳන් කොලොම් තොටට ආසන්න ගංතුලාන් ඔලට (ඔපීසි බොහොමයක් ඉතිං කොලොම් තොට නොවැ තියෙන්නේ . . ඒවායේ රාජකාරී කොරන්න ලේසි පාසුවට ඔපිසරලා එහාට ලඟපාතම නැතත් ඒ ඒ අවටම නොවැ ඉන්න උස්සාහ කොරන්නේ) විනාඩි දහයෙන් දහයට හරි පාලොහින් පාලොහට හරි දුවන මැට්‍රෝ කෝච්චි (Metro Train) පද්දතියක් තියෙන්න ඕන කියන එකයි.

දුකා, දැනට ඉන්න ඩුබායි රටේ මැට්‍රෝ කෝච්චිය නිතර පාවිච්චි කොරන මිනිහෙක් විදිහට කෝච්චියට ගොඩවෙන වාරයක් වාරයක් ගානේ අපේ සිරි දේසෙට 2025 දී වත් මෙහෙව් එකක් තියේ නම් කොයි තරම්ද කියලා හිතන බව කියන්ට ඕන.

(එහෙම හිතන වෙලාවල් වලට හඳුන්පොත කඩාවැටෙන්න එනවා තමා ඒත් අපිටත් දවසක හඳ නොපායයිද?).

මේන් තියෙනවා ඩුබායි මැට්‍රෝ එකේ වීඩියෝ ටිකක්









ඔපිසර නෝන මහත්තැන් ලා ගොඩක් ගෙවල් දොරවල් හදාන ඉන්නේ එහෙම නැතුන් කුලියට කාරිය ඉන්නේ මෙන්න මේ මේ අහ කියලයි දුකාගේ කම්පනාව.

1. කොලොම් තොට ඉඳන් අවිස්සාවෙල්ල ගන්තුලානට යන අතර මඟ කිරුලපොන, නුගේගොඩ, මහරගම, පන්නිපිටිය, කොට්ටාව, හෝමාගොම

2. කොලොම් තොට ඉඳන් කඩුවෙල ගන්තුලානට යන අතර මඟ බොරැල්ල, රාජගිරිය, ඇතුල් කෝට්ටේ, බත්තරමුල්ල, තලංගොම, මාලාබේ

3. කොලොම් තොට ඉඳන් මීගොමුව ගන්තුලානට යන අතර ගැරෑන්ඩ් පාස්, මාලිගාවත්ත, පෑලියගොඩ, වත්තල, කඳාන, ජාඇල, කටුනායක

4. කොලොම් තොට ඉඳන් ගාල්ල ගන්තුලානට යන අතර කොල්ලුපිටිය, බන්ම්බොලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර

5. කොලොම් තොට ඉඳන් මහනුවරට යන අතර මඟ පෑලියගොඩ, කිරිබත්ගොඩ, කැලනිය, කඩවත

6. කොලොම් තොට ඉඳන් හොරණ යන මඟ ටවුන්හෝල්, තිඹිරිගස්යාය, කොහුවල, පිලියන්දල

තව ඒවා තියේ ඒත් පොරොදාන බස් පාරවලට කිට්ටු ගන්තුනාන් මේවය් කියලයි මහිතේ

කොලොම් තොටින් පටන ඇන්න මේ මේ මහා ගන්තුලන් (මහනුවර, ගාල්ල, අවිස්සාවේල්ල, මීගොමුව, කඩුවෙල, හොරණ ) වල අතරමැද තියෙන ජනගහන වැඩියෙන් ඉන්න ගංතුලාන් වලට වෙනකම් වත් (කිරිබත්ගොඩ, මොරටුව, මහරගම, බත්තරමුල්ල, කොහුවල ) මැට්‍රෝ කෝච්චි පද්දතියක් තියේ නම් . . .

සිරි දේසේ ඔපිසර නෝනා මහත්තැන්ල කරදරයක් නැතුන් රාජකාරියට යන්ට එන්ට ඇහැක්කා උනොත් උන්දෑලාගේ අර මුකපූනේ තියන් ඉන්න ගතිය උසික්කා කොරලා හිනා වෙලා . . .

රාජකාරි කොර ගන්ට එන බඩගැත්තරයින්ගේ වැඩ කටයුතු කලට වෙලාවට කෙරිලා (උන්දෑලගේ අම්මලාගේ හචින් ලෙඩේත් ඉබේ හොඳ වෙලා)

සිරි දේසේ පොරොඩක්ටිවිටි එක 2025දී වත් හරි හමන් විදිහට කෙරෙයි කියන එකයි දුකාගේ අදහස . .

දුකාගේ එක හීනයක් ඔන්න ඔහොමයි බොලල්ලා . . .

ඒක එහෙම්ම වේවා කියලා බොලල්ලත් පරාර්තොනා කොරපල්ලා හොඳේ . . . . .

මෙහෙව් ලොකු මේ මැට්‍රෝ කෝච්චි පොරොජෙක්ට් එකක් කොරන්න සිරි දේසේ අපිට කාසි පනම් නැති හන්දා . . ඒක බී-ඕ-ටී (බිල්ට් - ඔපොරේට් - ටරාන්ස්පොර්) (BOT-Built-Operate-Transfer) විදිහට කොරන්න ඇහැකි.

ඒ කිව්වේ මේ සල්ලි බාගේ ඇති ඒරොප්පේ රටක ලොකු කොම්පැනියකට ඇහැකි මේ පොරොජෙක්ට් එක ඩිසයින් කොරලා, ඒ අයම ගොඩ නඟලා, අවුරුදු පාලහක් විස්සක් උනත් කමක් නෑ පාලනය කොරලා ආදායම ඇන්න ඉන් පාසේ සිරිදේසේ අපිට පවරලා යන්න.

මෙහෙව් පොරොජෙක්ට් එකක් බැරි වෙලාවත් සිරි දේසේ කාට හරි (ජනාදිපති තුමාට, පොරොවාහන ඇමතිතුමාට ) නිකමට හරි හිතිලා කොරන්න හිතුවොත් . . .

ඩුබායි රටේ රස්සා කොරන්න ආ මේ ඩුබායි මැට්‍රෝ පොරොජෙක්ට් එකේ වැඩකොරපු ගුරුහ නිර්මාන සිල්පියෝ, ඉන්ජිනෙරු නෝනා මත්තැන්ලා, ප්‍රමාන සමීක්සක නෝනා මහත්තැන්ලා එහෙම මූලික වැඩ කටයුතු (කොස්ට් පැලෑනින්ග්, පීසබිලිටි වගේ එහෙම ) තමන්ගේ උපරිම සහයෝගය රට වෙනුවෙන් නොමිලේම උනත් දේවී කියලා ලොකු විස්වාසයක් දුකාට තියේ.

දැන් ඉතිං බොලා ඇති පදම් හිනාවෙයල්ලා දුකාටත් පේන හීන කියලා . . . !!

pic from: http://color-city.blogspot.com/2011/11/amzing-stuff-about-dreaming.html

48 comments:

  1. හොඳ අදහසක් ඒත් අපේ මැට්ටන්ට ඕක තේරෙන්න තව කල් යයි කියලයි මට හිතෙන්නේ..

    ReplyDelete
  2. මෙන්න මූ ගෙවල් කඩන්න කතා කොරනවෝ... බස් කරුමාන්තෙට පහර ගහනෝ...

    ReplyDelete
  3. සිරාම කතන්දරේ අයියා...මම ගිහින් ඇති පදම් වාත වෙලා තියෙනවා රජයේ කාර්යාල වල...අර සූරපප්පා කාටූන් එකේ 838 අවසර පත්තරේ හොයනවා වගේ තමා....
    හැබැයි අයියා අපේ පාලකයන්ගේ හිත් වල ආකල්ප වෙනස් කරන්න ඕනේ ඔව්වා පටන් ගන්න කලින්....බඩ මුල් කරගෙන වැඩ කරොත් රටට සෙතක් නෑනේ.....

    ReplyDelete
  4. ඔහොම එකක් තිබුනොත් නම් කොච්චර දෙයක්ද.... අඩුගානෙ වෙලාවට වැඩටවත් යන්න බැරියැ බස් එකෙන් බැහැපු තැන ඉඳල බෙල්ල කඩාගෙන රෙදි උස්සගෙන දුවන්නෙ නැතිව.....

    අර ඉංගිරිසි පන්තිය කොරපු නෝන නිවන් දැක්කට පස්සෙද බුදු වෙන්න කියල තියෙන්නෙ....ඒකත් හීනයක් වෙන්ටැ.....

    ReplyDelete
  5. @miyuru!
    මේ අබුද්දස්ස කාලේ එහෙම වෙන්ටත් බැරි නෑ . . ස්තූතියි ඈ

    ReplyDelete
  6. යස ජාති හීනයක් නොවැ බන් බොලාට පෙනිල තියෙන්නෙ... උඹ ඔය කියපු සේවෙ වෙනව නං අම්මප.. බී ඕ ටී නෙමෙයි බී ඕ ඕ ( build own operate ) එකක් විදිහට කලත් මොකද... අපට ඕනැ සේවය ලැබෙනවනම්... කවුරු හරි වියාපාරික සමාගමක් අයිතිය තියාගත්තම මක් වෙනවැයි...

    ඒක නෙමෙයි මේ වැඩේ දිගටම කොරමු... අදහස් ඔලිං සහයෝගයක් දෙඤ්ඤං...

    ReplyDelete
  7. අඩෝ... පාරවල් හදන්න අපේ ඉඩම වලට අත තියපන් බලන්න... මරාගෙන මැරෙනවෝ...

    ReplyDelete
  8. දුකාව ජනාධිපති උපදේශකයෙක් කොරන්න තිබ්බනම් :(
    ඒත් ජනාධිපති උන්නැහේට දුකාව දිරවන්නෙ නෑ නොවැ.
    මේ ලඟදිත් කැබිනට් මීටිමකදි දුකාගෙ බ්ලොගේට පස් පඩංගුවෙ බැන්නලුනේ

    ReplyDelete
  9. @මකරා . .
    මකරා මගුලක් කතාකරනවා ..

    ReplyDelete
  10. @ගයාන්!
    කාටද බන් මැට්ටා මැට්ටා කියලා බනින්නේ?
    එනිත් උන් ගැන නෙමේ බන් තමන් හිතන විදිහ වෙනස් උනා නම් බඩු බනිස්.

    @මාරයා!
    ඇයි රේන් පාරට ඉඩම් අහුවෙනෝ, කෝච්චි පාරවල් නිසා බර්ලින් තාප්පේ ගැහුවා වගේ වෙනෝ

    @මකුළුවා!
    පාලකයන්ගේ ආකල්ප හදනන් කලින් අපේ ආකල්ප ගැන හිතුවොත් මොකෑ බන්?

    @මියුරු!
    බලමු බලමු. දවසින් දෙකෙන් දියුනු උනු රටවල් ලෝකේ නෑ බන්z

    @සපා!
    දෙන්ට දෙන්ට මෙයා එකක් මොකෝ දහයක් විතරම දෙන්ට හික්ස් (අදහස් මම කිව්වේ)

    @පැනිදොඩම්!
    නෑ නෑ බයවෙන්ට කාරි නෑ . . මැට්‍රෝ කෝච්චිය ඉඩම් ඔලට උඩින් යන්නේ හූ හූ

    ReplyDelete
  11. දුකා ඔයාට වඩා මිනිත්තු ගානකට පස්සෙ මම ලියපු පෝස්ට් එක බලන්න. ඕකට තමා ටෙලිපති කියන්නෙ.

    ReplyDelete
  12. හිටහන් , කැබිනට් මඩලේට දාල ඇපෘවල් එක අරන් දෙන්නම් !!!

    වටින යෝජනාවක් , ගොඩක් රටවල මෙට්‍රො තියනවනේ ,

    අපේ නැති වුනාට ,ඉන්දියාවේත් තියෙයි , පකිස්ථානෙත් නරග 8කට දාන්න සුදානම් ලු (ගුගල් දෙය්යො කියන්නෙ එහමයි ), දකුණු ආසියාවේ තුන් වෙනියටවත් මෙට්‍රො එකක් දාගන්න හැකියාව ලැබේ කියල හිතමු

    ReplyDelete
  13. අනේ අපේ රට...????

    ReplyDelete
  14. ලංකාව වෙන රටක් එක්ක සංසන්ධනය කරන්න යාම නම් බොහොම වැරදියි. ලංකාවට තියෙන සම්පත්, හැකියාව සහ යමක් කරන්න පුලුවන් මට්ටම අනුව අද රට තියෙන තත්වය ගැන සන්තෝසයි. ඩුබායි සහ ලංකාව කියන්නේ අහසට පොළව වගේ රටවල් දෙකක්, කරන්න පුලුවන් දේවල් ගොඩක් සීමිතයි. අමතක කරන්න එපා, රෝමය එක දවසකින් ගොඩ නැඟුණේ නැති වග. තාම රට සංවර්ධනය වන අවධියේ පවතින්නෙ.
    පහුගිය දොහේ ඉදිවෙමින් තිබූ අධිවේගී මාර්ගයට හිනා වුණු දුකා වගේ අය දැන් මෙට්‍රො කෝච්චි ඉල්ලන එක තරම් විහිලුවක් තවත් තියෙනවද.

    ReplyDelete
  15. @ano -//ලංකාව වෙන රටක් එක්ක සංසන්ධනය කරන්න යාම නම් බොහොම වැරදියි.//

    සහතික ඇත්ත , ලංකාවේ ඉන්නේ අමුතුම ජාතියේ මිනිස්සු , ලෝකේ අනික් රටවල මිනිස්සු හිතන පතන විදිහට වඩා වෙනස් විදිහ්ට වැඩ කරන්නේ , තීරණ ගන්නේ සේරම , ඒක නිසා තමයි ලංකාව ලෝකේ යන පැත්තට නැතුව රිවස් ගියර් එකට යන චින්තනයක ඉන්නේ , හයිවේ , මෙට්‍රො මොනව දැම්මත් මිනිස්සු අපහු කැලේ පනින චින්තනයක ඉන්නන් ඇති වැඩක් නැහැ

    ReplyDelete
  16. ඇනෝට වැරදිලා.

    අධිවේගී මාර්ගයට හිනා වුනු දුකා?

    බොරු නම් දොඩන්න එපා ඕන් . .

    ඒ වගේ දේවල් ඔලට දුකා මනාපයි

    අර බඩගැස්තරයා පෝස්ට් එක ගැන නම් මේ දොඩන්නේ ආයි පාරක් ඒක කියෝලා එන්ට ආයිබෝන්.

    කොමිස් බොමිස් හන්දා එකට හතරක් යන එකනම් . . අනේ මන්දා . .හික්ස්

    අර මහජනතාවගේ කාසි ඔලින් නිව්යෝර්ක් ගිහින් පාර්ටි දාන වගේ එව්ව නම් ඕන් ඕන එකට මල පනින එව්ව නෙමෙයිද?

    අහ් දුකා මේ කියලා තියෙන්නේ 2025 ගැන ආයිබෝන්

    ReplyDelete
  17. හීනෙ පංකාදුයි දුකා අයියේ... තව 14 කින් ඕක වුනොත් එදාට උඹේ බ්ලොග් කෑල්ලත් අපිට මතක් වේවි !!!

    ReplyDelete
  18. අපූරු හීනේ අනේ ඉක්මනින් හීනෙ හැබෑවෙනවනම් කොයිතරම් දෙයක්ද.......

    ReplyDelete
  19. මෙතුවක් කාලෙකට හිතුවෙ මට පිස්සු කියලා බලන් යද්දි හීන දැකිල්ලෙ අවුලක් නෑ නේ එහෙනන්..

    රටට කැක්කුමක් අපේ එවුන්ගේ හිතෙ ඇති වෙනකන් ඔය දේවල් හීනමයි අයියන්ඩි...බස් එකේ ගියත් සීට් වල ඇදි පහුරු ගාන..නිකන් දුන්නු පුටු බන්කු ශක්තිය පෙන්නන්න කඩලා බිදලා දාන,කාපු ටොපියේ ඉදන් ලට්ට ලොට්ට ඔක්කොම පාරටම විසික් කරන මිනිස්සු...තමන්ගේ වාසියට දෙයියෝ බුදුන් වැන්දට මොකද,ඔහොම දෙයක් අනේ වේවා කියලා හිතයිද කියලා මට නම් තඹේක විශ්වාෂයක් නෑ..

    හැබැයි කිව්වත් වගේ ඕකෙන් වාසියක් ගන්නවත් මහ ඇත්තෙක්ට හිත් පහල උනොත්..ඒ පින් මහිමෙන් 2050 දිවත් අපේ මතු පරම්පරාව මෙව්වගේ වාසි ගන් නැතෑ..

    ReplyDelete
  20. මෙට්‍රො එකක් තියනවනම් හොඳයි තමයි..ඒත් ඉතින් හයිවේ එකටත් අවුරුදු 16 ක් (ෆීසිබිලිටි ස්ටඩි එකේ ඉඳන් )ගිය එකේ 2025 කියන්නෙ නම් හීනයක්ම තමයි.

    මගේ හීනය නම් ටිකක් වෙනස් දුකා....ඒක මෙහෙමයි..
    දැනට තියන තාක්ෂණය හා පහසුකම් මෙහෙමම තියෙද්දි අපේ දුමිරියෙයි බස් එකෙයි පරිපාලනය අවුරුදු 40 ක් විතර අතීතයට යනව නම් හොඳයි....රම්පාල මහත්තයගෙ කාලෙට වගේ...

    ReplyDelete
  21. කොච්චර හොඳ හීනයක්ද? මමත් නිතරම මේ හීනෙ දකිනවා. මීට අවුරුදු ගානකට කලින් ඒ කියන්නෙ 1975 දී මුල්වරට ලංකාවෙන් එළියට අඩියක් තියත්දි දැක්කෙ මේ හීනෙ මයි. අනේ අපේ රට මේ විදිහට එන්නේ කවදාද? කියල. අපි හිටියෙ අප්‍රිකානු රටවල උනත් ඒවායේ මාර්ග පද්ධති අපිට වඩා කොච්චර දියුණු ද? ඒවායෙ යනකොට තියෙන මානසික සැනසුම ! සිංගප්පූරුවෙ මෙට්‍රො එකක ගිය කෙනෙක් ඒවා කොතරම් පහසුද කියල දන්නවා. තැනක් සොයාගන්න ගතවෙන්නෙ කොතරම් සුලු කාලයක්ද? ඒ වගේම කාර්යක්ෂම තාවය හැම ආයතනයකම අනිවර්ය්‍යයෙන්ම දියුණුවෙන්න ඕනේ. සමහර ආයතනවල ඉන්න අයගෙ මූණු දැක්කාම බඩ පිරෙනවා නොවැ. අපි ප්‍රර්ථනා කරමු අපේ රටට මෙහෙම කාලයක් ලඟදීම උදාවේවා කියල.

    ReplyDelete
  22. මං ඉන්න පැත්තෙත් මෙට්‍රෝ කෝච්චි පාරවල් 5 ක් නගරෙට එනව. විනාඩි 15 කට සැරයක් හැම ලයින් එකේම දෙපැත්තටම කෝච්චි තියෙනවා, [පීක් අවර්ස් වල විනාඩි 7.5 කට සැරයක්].
    මරු වැඩේ කියන්නෙ දුකා, ඒත් මිනිස්සු බනිනව සිස්ටම් එක හොඳ මදි කියල.

    ReplyDelete
  23. //දාහට ඇන්න සීයට දීලා වගේ ඉන්නේ මක්කෙයි කියලයි ඔහේලට හිතෙන්නේ?
    ගමනාගමනය!!!//
    ආණ්ඩුවෙ සේවකයෙක් විදියට එච්චරම එකගවෙන්න බෑ. දන්නවද කෝච්චි අප්සැට් උනාට රාජකාරී කරන එවුන් යන ආතල්එක. දෙපිට කැපෙන කුණුහරුප කිය කිය හවුලෙ සීට් මාරු කරකර යන ආතල්එක උඹට තේරෙන්නෙ නෑ බොල!
    අකාර්යක්ෂමතාවයට හේතු ගනනාවක් තියනවා. ඒගැන වෙනම පෝස්ට් එකක දාන්නං. හීන හැබෑවෙලා මේවගේ ප්‍රවාහන සේවයක් එනවනං කාටත් හොදා.

    ReplyDelete
  24. ඉවසලා ඉඳපල්ලා කෝ පොඩ්ඩක් මන්නාරමෙන් තෙල් උනනකම් ! තෙල හම්බුනාට පස්සෙ බැරියෑ පියාඹන පීරිස්සි හරි ගෙනද්දාන්න

    ReplyDelete
  25. ලංකාවට මෙච්චර පරක්කු වුණාට මොකෝ.... ඔච්චර සල්ලි තියෙන කටාර් වලත් දැන් නේ මෙට්ට්‍රෝ ට්‍රේන් ගැන හිතන්ඩ පටන් අරන් තියෙන්නේ....

    ReplyDelete
  26. ඔයාගෙ ඔය හීනෙ හැබෑවෙන්න කියලා හදවතින්ම පතනවා...

    මොකද කවදාවත් ඔය කියන කෝච්චියක ගියෙ නැති මට ඔයා මේ කියන ගම් අතරමැද්දෙන් කාර්යයාලෙට එන මට ඔයාගෙ තාත්තට අවුරුදු 84ක් යනකනුත් ඔය එකක එන්න බැරිවේවි... දැනටත් ඉතින් අධිවේගී එක බල බලා හරහට එන මම එතකොටත් ඔය කෝච්චි බල බලා හරහටම ඒවි.. ඒ කොහොම උනත් ඔයාගෙ තාත්තට ඔයාගෙ හිනෙ හැබෑවෙනකම් දුකක් කරදරයක් නැතිව ජීවත් වෙන්න සුභ පතනවා..

    (කැතයි හොඳේ... තාත්තගෙ හීන හැබෑ නොවුනට පුතාගෙ හීන හැබෑ වේවි...)

    ReplyDelete
  27. ඔය හීනෙ ඇත්තටම හැබෑ වෙනවනම් කොච්චර හොඳද.

    ReplyDelete
  28. හීන දකින එවුන් නෙවෙන්නං ඒව හැබෑ කොරගන්නෙ. අපූරු හීනෙ බං අයියෙ. ඒත් මට නං හීනෙං පේන්නෙ වෙන වෙන දේවල් මේ දවස්වල.

    ReplyDelete
  29. දුකාගේ ලිපි වලට හැමදාම වගේ එකඟ වෙන මට අද ටිකක් එකඟ වෙන්න අමාරු ගතියක් දැනෙනවා..

    1. ආණ්ඩුවේ සේවය

    ඒක අකාර්‍යක්ෂමයි තමයි. ඒත් ඉස්සරට වැඩිය හොඳයි. ඇතැම් තැන් හුඟක් හොඳයි. සමහර දේ කරගන්න ජරාව දෙන්න ඕන වුණත් ජරාව නැතුව ගොඩ දාගන්න පුළුවන් තැනුත් තියෙනවා.. ඇතැම් පොලිසි, ඇතැම් විදුල් බල මණ්ඩලයේ ශාඛා ඇරුණහම හුඟක් තැන් වල ඉස්සරට වඩා පිළිවෙලක් තියෙනවා. 2025 නෙවෙයි 2075 විතර වෙනකං ලංකාව තිබුණොත් අපිට උඹ කියන තැනට එන එක සුළු දෙයක්.

    2. ගමනා ගමනය..

    කෝච්චි ඔය තරම් සුපිරියට නැතත්. මීට වඩා කාර්‍යක්ෂම ව දාන්න පුළුවන්නම් හොඳයි. ඒත් බස් සර්විස් එකේ (පුද්ගලික) හොඳ ප්‍රගතියක් තියෙනවා. ඉස්සර තරම්ම අමාරු නෑ බස් වල යන එක..

    අපේ අතෙත් වගකීමක් තියෙනවා.. අපිට මේ දේස පාල නේ වෙනස් කරන්න බැරිනං.. ඒ ගැන හූල්ල හූල්ල ඉඳලා මොකටද?

    කී දෙනෙක් රස්සාවල් ගන්න ඇමැත්තො හරි බල පුළුවං කාරයෝ හරි පස්සේ ගිහිං නැති අය ඉන්නවද?
    කී දෙනෙක් එක එක තැන් වලින් පනින්න ජරාව දුන්නු නැති අය ඉන්නවද?

    ඇත්තටම අකමැති වුණත් එහෙම කරන්න සිද්ද වුණ අයත්, කැමැත්තෙන්ම එහෙම කරපු අයත් ඇති.. මේ ආකල්පය කොයි තරම් නරක එකක්ද කියලා හිතන්න.

    තමන්ට යන්න ජොබ් එකක් තියෙද්දී තවත් එකකට ඇප්ලිකේශන් දාලා තමන්ගේ හැකියාව මනින්න උත්සාහ කරපු අය කී දෙනෙක් ඉන්නවද?

    අපේ ආකල්ප වල සැබෑ වෙනසක් වෙන්න ඕන මයි මේ රට ගොඩ දාන්න. දේශ පාලුවන්ගේ විතරක් නෙවෙයි.. අපි හැමෝගෙම..

    අඳුරට ශාප නොකර එක පහනක් වත් දල්වන්න කියන කියමන නම් මාරයි.. ඒත් ඉතිං මාරයි විතරයි..

    ReplyDelete
  30. අපේ බහුතරයක් හීන මවන්නෙත් නැතුව තමයි හීන හැබෑවෙයි කියලා බලා ඉන්නෙ ! සම්පූර්ණ ඇත්ත ...

    ReplyDelete
  31. සුන්දරද කෙතරම්
    සැබෑවේනම්
    සුභ සිහින

    දුකා අයියෙ . . . තාත්තගෙ උපන්දිනය වෙනුවෙන් . . තාත්තට නිදුක් නිරෝගීව තවත් කාලයක් සතුටින් ඉන්න ලැබේවායි පතනව

    ReplyDelete
  32. දුකා දුකා ඇහැරින්න වැඩට යන්න...තාම නිදිද......(හීනයක් දැකල තියෙන්නේ) හික් හික් හික් ....

    ReplyDelete
  33. mamath kiyanne okama thamai.

    What SL needs is a good metro system, not a highway. It's good if we can do both, but given the financial restrictions I would say a metro system is much better than a highway.

    ReplyDelete
  34. තාත්තගේ උපන් දිනේ ගැන කෑල්ල ඇඩ් කලේ පස්සෙ වගේ.
    තාත්තට සුභ උපන් දිනක් වේවා....!!!

    ReplyDelete
  35. මම හිතන්නේ ඔය ඔක්කොටම කලින් මෙක ඉන්න එඋන්ට පාරේ යන හැටි කියල දෙන්න ඕනි... අර දියවන්නවේ හරක් පට්ටියේ ඉදන් අනික් හැම එකාටම පාරට බැස්සාම විණය කියන එක අහලවත් දන්නේ නෑ උන්ගේ අම්මගේ අප්පගේ බුධලේ වගේ පාර පුරා යාන්නේ....මුන්ට විණයක් ඇතුව පාරේ යන්න කියලා දෙන්න ඕනි මුලින්ම..

    ReplyDelete
  36. අනේ...ලංකාවට මෙට්‍රෝ සිස්ටම් එකක් එන කාලෙක අපි ජීවත් වෙලා සිටීවා කියල තම මං ප්‍රාර්තනා කොරන්නෙ... :D
    හැබැයි ඉතින් අයියණ්ඩී.. ඵලදායිතාව හදන්ටත් කලියෙන් අපේ උන් තමන්ගෙම එවුන් නැගිටින්න හදද්දි අලුත් දෙයක් හිතන එකාට වලවල් කැපිල්ල නවත්තන්ඩ ඕනේ..ඔය වල කැපිල්ල නැත්තම් කොච්චර දැනුමක්..ශ්‍රමයක් අපේ රටේ ඉතුරුද කියලා වෙන රටක ජීවත් වෙල අයියණ්ඩි හොඳටම දකිනවා ඇතිනෙ.. :((

    ReplyDelete
  37. මමත් හිතාගන උන්නේ මට විතරයි පිස්සු කියල.
    මම විශ්ව විජ්ජාලේ යන කලේ මෙල්බෝර්න් හන්දියේ තියෙන ප්‍රදාන station එක දකින දකින පාරට මට මතක් උනේ කොටුවේ station එක. කවද්ද අපේ රටේ මේ වගේ ප්‍රවාහන පද්දතියක් හැදෙන්නේ කියල ඒ දවස් වල හිතුන අයියෝ.

    මීට අවරුදු 10 කට විතර කලින් දවසක yara ගග යටින් ගිහින් මෙල්බෝර්න් හන්දියෙන් මතු වෙලා ඉතුරු ටික කණු උඩින් යන City Link Highway එක opening එක තිබුන. එදා එකේ ගිය අපිට හිතුනේ ලංකාවේනම් Highway එකක යනවා කියන්නේ හිඊනයක් කියල. උඩින් යටින් නැතත් අද ඒ හීනෙ හැබෑ වෙලා. ඉතින් 2025 දී දුකාගේ මෙට්‍රෝ සිහිනයත් සදරුවගේ තෙල් සිහිනයත් සැබෑ වේවි.

    Janaka

    ReplyDelete
  38. @ඊමේල් කවිකාරි!
    මොනව කරන්නද අක්කේ . .
    අපි හීන මවමු මේ වගේ ක්‍රමයක් ඉක්මනට ලැබේවා කියලා

    @බුවා!
    අනේ බන් විහිලු කරන්න එපා . .. උදේට පේන හීන කියලා අමතක කරලා දන්න පුලුවන් නම් හොඳ නැති නම් මේ වගේ හීන පෙන්නේ බටහිර ගැති දේසදොරෝහින්ට කියයි අපේ උන්දැලා හික්ස්

    @ගෝල්ඩ්ෆිෂ්
    ඇයි මොකෝ . . ඔය තියෙන්නේ යස අපූරුවට

    @චතුරංග!
    හීන බල බල ම ඉමු බන් . . ඒක ජොලි

    @ඩෙසර්ට් ෆ්‍රොග්
    එහෙම වෙනවනම් . .. . !!

    @අසනි
    ඕව් නේ . . 2025 ලඟ වැඩී 2050දී වත්!!

    @ලකී!
    ඔව් ඔව් මට හිතෙන්නෙත් කොලඹ ඉඳන් මේ ජනගහනය වැඩි නගර වලට මේ වගේ ක්‍රමයක් දාලා ඒ නගර වල ඉඳන් දුර පලාත් වලට හොඳ ක්‍රමවත් වෙලාවට දුවන ට්‍රේන් සිස්ටම් එකක් තිබ්බ නම් හොඳා කියලයි

    @චන්දි!
    ඔව් අක්කේ . .
    අපි හැමෝම ප්‍රාර්තනා කරමු මෙහෙම එකක් ඉක්මනට අපිටත් ලැබෙන්නේ කියලා

    @ඔබා මාමා!
    ඔහේ ජනගහනයටයි අරව මෙව්වටයි ගැලපෙන තරම නැතුව ඇති . . මිනිස්සු නිකම්ම බනින්නේ නෑනේ

    @රාජ්!
    කෝච්චි ලයිෆ් එක ඒ තරම් ජොලි කියලත් අහලා තියෙනවා.
    එත් ඔපීසියකට ගිහින් වැඩක් කර ගන්න ගියාම මිනිස්සුන්ට බල්ලෝ බලලුන්ට තරම් වත් නැති විදිහට සලකන්නේ එහෙනම් මොකෑ කියලා හොයල බලන්ටම වෙනවා.
    ලියපන් ලියපන් ඉක්මනට

    @සඳරු!
    අඩේ ඔව් බන් . . එතකොට මේ කුරුසිකරුමාන්තෙට ගන්න පුලුවන් ඉඩම් යටකොරන් හදන පාරවල් ආයේ කුරුසිකරුමාන්තෙටම ගන්ට ඇහැක් වෙයි.

    @ජීව්
    කටාර් වල නම් බන් මහජනතාව පොදු ප්‍රවාහනය යොදා ගන්නේ නැති තරම්නේ. හැමෝටම වාහන දෙක තුන ගානේ තියෙනවා. 150ට 180ට යන්න ඇහැකි පාරවල් තියෙනවා. මොකා යයිද බන් ඕවෑයේ රස්සා කොරන්න ගිය අපිම ගියොත් මිසක්

    @තනෝජා!
    අපේ තාත්තගේ හීනේ හැබෑවෙලා තියෙන්නේ අයියෝ . .
    ඒකෙන් එයාටවත් රටටවත් වැඩක් තියෙනවද කියන එක වෙනම පුරස්නයක් . . හික්ස්

    ReplyDelete
  39. @පිණිබිඳු!
    උදේ හවා නාත දෙයියන්ටවත් කියලා බැලුවොත්!! හික්ස්

    @නවම්!
    මොකෝ . . එක දෙක කරගන්නද හීන මවන්නේ මේ දවස්වල?

    @චතුර
    රජයේ සේවය හෝ පුද්ගලික සේවය ඉස්සරට වඩා හොඳ වෙන්න පුලුවන් මචෝ.
    මම අර "දාහට ඇන්න සීයට දුන්න වගේ" එහෙම නැතිනම් "වැඩක් කොරගන්ට ලඟට එන එකා දිහා ඒ අය බලන්නේ ඒ උන්නේ කැවුත්ත කන්ට ආපු උන් දිහා බලනවා වගේ" කිව්වේ මගේ පුද්ගලික අත්දැකීඑමෙන්. ඒක එහෙම වෙන්න හේතුව ගමනාගමනයේ අපහසුව කියලයි මම හිතුවේ.
    ඔය කියන විදිහට වෙන මොකක් හරි හේතුත් ඇති එහෙනම් . .

    @වෙනී!
    හීන මවන මේ අපි වගේ උනුත් හීන හැබෑ කරගන්න විදිහේ කිසිම දෙයක් නොකර හිතන් ඉන්නවා හීන මැව්වාම ඉබේ හැබෑවෙනවා කියලා . .

    @ඕනයා!
    තැන්කූ ඈ තාත්තට සුභ පැතුවට.
    හීන නම් . . හ්හ්ම්ම්ම්

    @ඔබ නොදු‍ටු ලොවක්!
    තැන්කූ ඇහැරෙව්වට ඈ . . තව පොඩ්ඩෙන් වැඩට යන්න පරක්කු වෙනවා . . හික්ස්

    @ඇනෝ
    මම කොහේ හරි කියෙව්වා වගේ මතකයක් තියෙනවා කවුදෝ විද්‍යාඥයෙක් කිව්වයි කියලා "මිනිසා කරපු ලොකුම මෝඩ කමක් මේ රෝදය සොයා ගැනීම" කියලා . .ඇයි එහෙම නොවුනනම් වෙන්නේ උඩින් යන ක්‍රමයක් හොයාගෙන මේ වගා කරන්න එහෙම පුලුවන් ඉඩම් යට කරන් යන පාරවල් හැදෙන එකක් නෑනේ

    ReplyDelete
  40. මම හිතන් නෑ මේක පිස්සු විකාර හීනය්ක් කියල. මම මේ වගේ හීන දකින්න පටන් ගත්තෙ අට වසරෙ ඉන්න කාලෙ. එතකොට දුකා ඉපදිලත් නෑ. රටට අවංකවම ආදරය කරන අයට විතරයි මේ වගේ දේවල් හිතෙන්නෙ. පිට රටක ජීවත්වෙන කොට ඒ රටත් එක්ක අපේ රට සසඳන්න පෙළඹෙන්නෙ ඉබේටම.
    විවිධ හේතු නිසා කන්තෝරු වල වැඩ කරන අය ඉන්නෙ අසහනයෙන්. ඒ අසහනය පිට මිනිසුන් ගෙ උඩින් අරින එක තමයි වෙන්නෙ. මම ගිහිල්ල තියෙනව වරායට. එතන තරම් ජරාව ගන්න තැනක් ලෝකෙ කොහේවත් නෑ.
    මේ හා සමානම ඇමරිකන් අත්දැකීම් ලියන්න මා හිතා හිටියත් ඒක මග ඇරුනා
    තද නීති පද්ධතියක්. සේවකයන්ට ගැලපෙන නිවාඩු ක්‍රමයක් හා වැටුප් ක්‍රමයක් අපේ රටට අවශ්‍යයි. ඒ වගේම දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොර , සහ විශේෂයෙන්ම යූනියන් නැති මානසික වටපිටාවක් තිබිය යුතුයි.
    මාත් මේ වගේ හීනයක් මීට කලකට පෙර දැක තියෙනවා. ඔබ එය දුටුවේ නැත්නම් එයත් ඔබේ හීන ගොන්නට එක් කර ගන්න.
    http://nihal1958.blog.com/2010/12/28

    ReplyDelete
  41. නිදා ගන්න කලින් ඉතිපිසෝ ගාථාව කියල නිදා ගන්න දුකා අයියා .. එතකොට මේ වගේ නරක හීන පේන එකක් නැහැ..

    ReplyDelete
  42. All The Best.... I really like your posts. I tried to email you, but my email was not delivered and and it stated your email address is not right.... How can I contact you bro? Let me know. Thanx.

    ReplyDelete
  43. දුකා අයියේ මේක හීනයක් විතරක්ම නෙමෙයි විය හැකි දෙයක්
    ඇත්තටම විය හැකි දෙයක්
    අපි හිතන්න පුරුදු වෙලා ඉන්නේ බොහෝවිට සෘණාත්මකව ගොඩක් ඇත්තෝ ඔව්වා හිනම තමයි කියලා හිතේ තියන් හොදයි කියනවා ඒත් හිතලා බැලූවොත් මෙව්වා වෙන්න පුලූවන් දේවල්

    ReplyDelete
  44. කොළඹ තදබදය අවම කරන්න මෙට්‍රො බස්‌රථ සේවාවක්‌

    අනුර බාලසූරිය

    කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමේ පියවරක්‌ ලෙස නගරය තුළ මෙට්‍රොa බස්‌ රථ සේවාවක්‌ ලබන වසරේදී ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංගම සභාපති ඩී. එම්. බන්දුසේන මහතා පැවැසීය.

    ප්‍රථමයෙන් සුඛෝපභෝගී බස්‌රථ 25 ක්‌ යෙදවීමට සැලසුම් කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.

    ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ උපදෙස්‌ පරිදි මෙය ක්‍රියාත්මක කෙරෙනු ඇත.

    මෙම මෙට්‍රොa බස්‌ සේවාව කඩුවෙල, ගම්පහ, මීගමුව, පිළියන්දල, කැස්‌බෑව, හෝමාගම, මොරටුව යන නගරවල සිට කොළඹ කොටුව දක්‌වා ක්‍රියාත්මක කෙරෙන බවද සභාපතිවරයා පැවසීය.

    මෝටර් රථ, යතුරු පැදිවලින් කොළඹ නගරයට ළඟාවන අයට මෙම සේවාව බෙහෙවින් ඉවහල්වනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.

    අත්හදා බැලීමක්‌ ලෙස දැනට බස්‌ රථයක්‌ ධාවනයට යොදවා ඇති අතර ඉන් සාර්ථක ප්‍රතිඵල ලැබීම මත මෙට්‍රොa බස්‌ සේවාව ලබන වසරේ ආරම්භ කෙරෙන බවද කී සභාපතිවරයා ලබන වසර මුල් මාස දෙක තුළ මෙය ක්‍රියාත්මක කෙරෙන බව කීවේය.

    දිවයින 2011 දෙසැම්බර් 29

    ReplyDelete
  45. Sam

    my email id is subhashag@gmail.com

    ReplyDelete
  46. පිස්සු කෙලින්න එපා දුකෝ...... 2025 ? මම කුණ්ඩලීණි වඩ වඩ ඉන්නකොට පර අහවල් ඥානෙට පෙනිච්ච විදිහට 2025 දි ලංකාවෙ ඔක්කොමල්ලා ඩෙංගු වලින් මැරිලා......! අනේ එතකොට මදුරුවන්ට මොන මෙට්‍රෝද ?

    ReplyDelete
  47. ඔව් දුකා හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල වෙනුවට අපි මුලින් කළයුතුව තිබුනේ මෙයයි. අපේ සිහින සැබෑ වේවි මචං කවුරුහරි අනාගතයේදී මේවා කියවයි බොරු මෝඩ පජාත දේශපාලුවෝ වෙනුවට රටට ආදරය කරන පිරිසක් නුදුරු කාලයේම බිහිවේවි. අපි ලියන ඒවා බලල එකෙක් හරි තේරුම් ගනීවි මොකද්ද විය යුත්තේ කියල.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails