Sunday, May 1, 2011

පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය . . . !



ඇන්ජි (ඇන්ජලීන් ගුණතිලක මහත්මිය)ගේ "පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය මුල්ම දවස අද වේ . . මුල්ම දවස අද වේ" ගීයේ "පුංචි ඇස් දෙකේ . . .කඳුලු බිඳු දෙකක් . . ඔන්න වැටෙන්නට . . මෙන්න වැටෙන්නෙට" කිව්වම මට නම් මැවිලා පෙන්නේම ගෙදර ඉඳගෙන අම්මගේ තාත්තගේ හුරතලෙන් මිදිලා ස්කෝලේ එන්න වුනු නිසා මූන බෙරි කරගෙන අඬන්න ඔන්න මෙන්න ඉන්න පුංචි පුතෙක්ව.

ඇන්ජිගේ සින්දුව මේ දවසවල නිතරම මගේ මුවේ රැව් දෙන ගීයක් වෙලා. හේතුව ගිය සතියේ බදාදා ඉඳන් අපේ සොඳුරු ත්රවස්තවාදියා විරුල් පෙර පාසල් යන්න පටන් ගත්තු නිසයි.

අපේ කොල්ලා කැමති බ්‍රයිට් පාට වලට. විශේෂයෙන් රතු. නැති නම් කහ, කොල, නිල් වගේ වත් වෙන්න ඕන. අහගෙන ඉන්න ලස්සනම එයා කැමති පාටක ඇඳුමක් ඇන්දම "මේක නාස්සනයි ඊ ඊ " කියන එකයි එයා අකමැති ඇඳුමක් ඇන්දුවාම "මේක කැතී ඊ ඊ . . " කියන විදිහයි

පෙර පාසලෙන් විරුල්ගේ කටු බොඩියට මැච් වෙන යුනිෆෝම් ඉවරයි කියලා කොයි එකටත් දනට කියලා පෙර පාසලේ ටී ෂර්ට් එකක් විතරක් දීලා. වැඩේ කියන්නේ මූ කියලම ඉන්නවලු 'මේක කැතීඊ . . ." කියලා . . පලවෙනි දවසෙ උදෙන්ම පොඩි ගුටියකුත් කාලම තමයි ඉස්කෝලේ ගිහින් තියෙන්නේ.

කොල්ලව ලෑස්ති කරලා ඉවර වෙලා නදීෂා එස් එම් එස් කලා දැන් කෝල් කරන්න කියලා. උදේම මම කෝල් කරපු ගමන් "අප්පච්චී විරුල් ස්කූල් යන්න . . . " කිව්වේ හරිම සතුටකින් කියලා මට හිතුනා. විරුල් එක්ක ලඟ ඉඳන් ඒ සතුට විදින්න නොලැබුනු එක ගැන නම් මට ඇති වුනේ කනගාටුවක්.

ඉතිං ඔන්න ඔයාලගේ පුංචි යාලුවා ඉස්සෙල්ලාම පෙර පාසල් ගිය දවසේ ගත්තු පින්තූර ටිකක් මම මේ කෙටි ලිපියට එකතු කරන්න හිතුවා.

මම ලෑස්තියි


අප්පච්චී විරුල් ස්කූල් යන්න .


හ්ම්ම් . අප්පච්චි එන්නේ නෑ නේද මාව ස්කූල් එක්ක යන්න


උදේම කිරිබත් කාලා එහෙම


බුදුන් වැඳලා


අප්පච්චි ලඟ නැති නැතුවට පින්තූරේ තියෙනවනේ


අම්මටත් වැඳලා


ඔන්න මම ඉස්කොලේ යන්නයි හදන්නේ


මේන් අපේ ඉස්කොලේ

53 comments:

  1. විරුල් පුතාට සුභබම සුභ අනාගතයකට ආසිරි පතන්නම්....

    උඹට මේ වෙලාවෙ කොල්ල ගාව ඉන්න බැරි වෙච්චි එකට උඹ ගොඩක් දුක් වෙන බව මම දන්නවා.

    මට මතක් වෙනවා මගේ ලොකු දුව ඉස්සෙල්ලාම ඉස්කෝලෙ ගිය දවස. දුව කෙසේ වෙතත් පන්තියේ වහපු දොර ගාවට වෙලා ඒක තියෙන පුංචි කවුලුවෙන් බල බල ඇඬුවෙ නම් අපේ ගම හාමිනේ. ඒ විදිහටම අපේ පුංචි පුතත් ඉස්සෙල්ලාම ඉස්කෝලෙ ගිය දවසෙත් අම්මා තමයි ඇඬුවෙ.

    ReplyDelete
  2. පොඩි පුතාට (මල්ලියාට) සුබ අනාගතයකට සුබ පැතුම්...!
    හෂිත මාමා, සචී නැන්දා සහ එරන්දතී අක්කා ගෙන්....

    ReplyDelete
  3. සන්තෝසයි, පුංචි පුතුට තෙරුවන් සරණයි!

    නුඹේ හිතට දැනෙන දේ හොඳට තේරෙනවා, ඔන්න ඔහෙ හිනාවෙලා හිටපං යාළු. මේ බෝට්ටුවේ ගොඩාක් අය ඉන්නවා, අපිට නැති වූ දේවල් පොඩි උන්ටවත් ලබාදෙන්න බලමු.

    ReplyDelete
  4. සුභ අනාගතයක් විරුල් පුතේ... තාත්තිගෙයි අම්මිගෙයි පැතුම් ඉටු කරන්න එඩ්යෙන් වීර්යයෙන් ඉදිරියටම පිය නගන්න...

    ReplyDelete
  5. විරුල් පුතාට සුබ පැතුම් .සුබ අනාගතයක් .ලොකුවෙලා හොඳ මිනිහෙක් වෙන්න

    ReplyDelete
  6. විරුල්ට සුබ අනාගතයක් වෙන්න පතනව... මට මතකයි අර අයිය ලියපු ලිවුම .. අයියයි අක්කයි හිතන විදියටම විරුල් හොද උගත් මිනිහෙක් වෙයි...
    විරුල් සොදුරු ත්‍රස්ත වැඩ කරයිද ඉස්කෝලෙ ලමයින්ට

    ReplyDelete
  7. විරුල්ට සුභ අනාගතයක්! හොඳ අම්මෙකුයි තාත්තෙකුයි ඉද්දි එයාගෙ ජීවිතේ ගැන හිතන්න දෙයකුත් නෑනේ... :-)

    හිත ඇදිල ගි‍යේ සින්දුව හින්දා... ඇන්ජලින්ගෙ මම කැමතිම සින්දුවක් ඒක... :D

    ReplyDelete
  8. පොඩ්ඩට සුභ අනාගතයක් වේවා...!

    ReplyDelete
  9. විරුල් මල්ලියාට සාර්ථක අනාගතයක්..! බුදුසරණයි!

    ReplyDelete
  10. පිස්සු හැදෙනවා ඇ... පට්ට සතුටුයි අයියා.. විරුල් පුතාට සුභම සුභ අනාගයක් කිව්වා............

    ReplyDelete
  11. අනේ වාසනාවන්!
    පුතාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  12. "සොඳුරු ත්‍රස්තවාදියා" පෝස්ට් එකට මාරයා දාපු කොමෙන්ට් එක මතක් වුණා....
    ඔන්න තවත් මාම කෙනෙක්ගෙන් සුබ පැතුම්....

    ReplyDelete
  13. විරුල් පුතාට සුභ අනාගතයක් පතනව. තාත්ත වගේම "හොඳ" මනුස්සයෙක් වෙයි . . . .

    ReplyDelete
  14. කොල්ලට බුදුසරණයි දෙයියන්ගෙ පිහිටයි. හොදින් ඉගෙනගෙන මව් රට ආදරය කරන උගතෙක් වේවායි ආශිර්වාදාත්මකව ඉතාම ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  15. ශා..මටත් මතක් වෙනවා ඉස්කොලේ ගිය මුල් දවස..මොන්ටිසෝරි නම් මතක නැ :D

    සුභ අනාගතයක් අපේ සොදුරු ත්‍රස්තවාදියාට :D

    ReplyDelete
  16. විරුල් පුංචි පුතාට වාසනාවන්ත අනාගතයක් පතනවා මල්ලි. දුක් වෙන්න එපා, එයාට යහපත් අනාගතයකට අඩිතාලම දමන්නනේ ඔයාල දුක් විදින්නෙ. අපේ අම්ම තාත්තත් මේ කැප කිරීම් කල නිසාවෙන් අපි අද හොදට ඉන්නවා. මටත් මතකයි අපේ චූටි පුතා මුලින්ම පාසැලට ගිය දවසේ අර නිල්පාට සාරිය ඇදල ඉන්න අම්මිට එන්න කියන්න කියල අඬපු හැටි. දැන්නම් එයාල ගොඩක් ලොකුයි.

    ReplyDelete
  17. දුකා අයියගේ පුතාට සුබ අනාගතයක් කියලා මමත් පොඩි සුබ පැතුමක් දෙන්නම් ..

    ReplyDelete
  18. විරුල් පුතාට මගෙනුත් සුභම සුභ පැතුම් !!!!

    ReplyDelete
  19. අපේ විරුල් පුතාට සුබ අනාගතයක් ! රත්නත්‍රයේ සරණයි..... !

    ReplyDelete
  20. එළකිරි.. මෙච්චරකල් කොල්ලා "මාමා මාමා" කියලා විතරයි කන් පිරෙව්වේ. තව වාක්‍ය ගොඩවල් වලින් කන් පුරවන්න කොල්ලට පුලුවන් වෙන්න ඕන! ජය වේවා ලොකු අයියා.. උඹත් ප්‍රෞඩ පියෙක් ඈ!

    ReplyDelete
  21. සුභ පැතුම් අයියේ.., උඹ වගේම පොඩ්ඩත් හිත හොඳ එකෙක් වෙන බව සිකුරුයි..!! බුදු සරණයි..!!!

    ReplyDelete
  22. දැන්නේ බොල දැක්කේ..අපේ කොළු දැන් ලොකු පොරක් එතකොට...
    හරි පුතේ ඉක්මනට අකුරු සෑස්තරේ ඉගෙන ගෙන වරෙං..බො‍ට තියෙනවා බ්ලොග් එකක් ලියන්න..තාත්තට කෝචොක් පාරක් දාලා අපි ඒක ලියමු..දැන් තාත්තා උඹට කොරනවා වගේ..එදාට මං දෙන්නං උබට නියම හැලුප් එකක්...

    ReplyDelete
  23. පොඩ්ඩට සුභ අනාගතයක්...

    මේ කටුගස්තොට ද මන්දා.... දෑකල හුරුයි

    ReplyDelete
  24. විරුල්ට සුභපැතුම්.ලොකු මිනිහෙක් නොවී හොද මිනිහෙක් වෙන්න!!!!!!!

    ReplyDelete
  25. ඔන්න පුංචි විරුල් ට මේ කුක්කු මල්ලිත් සුබ පැතුවා කියල කියන්ට !! අනාගතේදි හොඳ බ්‍රයිට් කොල්ලෙක් වෙන්න සුබ පැතුම් !!

    ReplyDelete
  26. පොඩ්ඩා ඉස්කෝලෙත් යනවා නේද? සතුටුයි අයියා. මගෙනුත් සුභ පැතුම් පැහැපත් අනාගතයකට...

    ReplyDelete
  27. පොඩ්ඩට මාත් ඔන්න සුභපැතුවා.

    ReplyDelete
  28. බොහොම සන්තෝසයි......
    පොඩ්ඩාගේ අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථකවේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියා !!!

    ReplyDelete
  29. විරුල් පුතාට මගෙනුත් සුභ පැතුම් !!!!

    ReplyDelete
  30. විරුල් පුතුට මගෙනුත් උණුසුම් සුභ පැතුම්!!

    පින්තූර ටිකත් ගොඩාක් ලස්සනයි. :) :) :)

    ReplyDelete
  31. විරුල් පුතු පැටියාට සුභම සුභ අනාගතයක් !

    ReplyDelete
  32. අපේ අය්යා හෙවත් විරුල් මල්ලි පුතාට සුභ අනාගතයක්...!!! වේවා... උඹ පුතේ හොඳට ඉගෙන ගෙන කවද හරි තාත්තා වගේ පිටරට ජොබක් කරන්නැතුව ලංකාවේ ජොබක් කරපං. නැත්තං උඹේ යාළුවන් ට අවුරුද්දකට සැරයක් උඹ එනකං බලන් ඉන්න වෙයි සෙට් වෙන්න.... ;-)

    (මේ ඒක නෙමෙයි. අර උඩ ඉඳන් 7 වෙන් පොටෝ එකේ සයිඩ් එකේ ඉන්න බීටුපුල් කපර් එක කවුදැයි බං.... :-))

    ReplyDelete
  33. චූටි මල්ලියාට මගෙනුත් පුංච් සුභ පැතුමක් යහපත් අනාගතයකට...

    ReplyDelete
  34. විරුල් මල්ලිට සුභ අනාගතයක් වේවා.....

    ReplyDelete
  35. @දුමී!
    කොල්ලා ඉස්කොලේ යනවා බලන්න මම ලඟ නෑ කියලා හිතුනාම මටත් ඉතිං ඇහැට කඳුලක් නම් ආවා තමයි . . ඒත් ඌ මෙහේ හිරවෙලා ඉන්නවට වඩා ඊහ සතුටින් ඉන්න එක ගැන හිතලා හිත හදා ගත්තා.

    සචී!
    එල එල

    @ඩීන්!
    ඔව් නේද ඩීන් . . . ඔන්න ඔහොමයිලු ජීවිතේ

    @me!
    බොහෝම ස්තූතියි

    @TG(මනෝ)!
    ඔයාටත් බොහෝම ස්තූතියි

    ReplyDelete
  36. @සහෝ(Randika)!
    මොන ලියුමද බන් උඹ කිව්වේ??
    ළමයින්ට නම් කෙසේ වෙතත් ටීචර්ට නම් සොඳුරු ත්‍රස්තවාදී පාර්ට් දැම්මලු.
    ටීච අත උස්සලා එක එක දේවල් කියලා දෙද්දී මූ ගිහින් ටීචර්ගේ අත උස්සන්න නොදී පහලට දානවාලු. හි හි හී

    @හරේ!
    ඔව් බන් මගෙත් ආසම සින්දුවක්.
    මියුරු ගී එකෙන් නම් අහන්න පුලුවන්.
    MP3 එකක් නැති නිසා මේකට එකතු කලේ නෑ සින්දුව. තියේ නම් එවහන්කෝ

    @prasanna86k!
    ස්තූතියි ඔයාටත් !

    @හසී !
    විරුල්ගේ අප්පච්චිට අයියේ කියද්දී විරුල් මල්ලී වෙන්නේ කොහොමෙයි කියපන් නගෝ ??

    @පසන්!
    තැන්කූ තැන්කූ පසනෝ

    @ඉන්දරේ !
    තැන්කූ වේවා ඉන්දරේ මළයෝ

    ReplyDelete
  37. @ජීව්!
    අහ ඒක අපිට උඹටට් සුභ පතන්න පුලුවන් ජාතියේ සුභ ආරන්චියක් වගේ එල එල

    @ඕනස්
    තැන්කූ ඕනේ

    @වික්‍රමේ
    සුභ පැතුම් වලට බොහෝම ස්තූතියි වික්‍රමේ

    @බනී
    අහ් උඹ ඉස්කෝලේ ගියාද??
    පැන පැනද ගියේ . . හික්ස්

    @චන්දි
    ඇත්ත අක්කේ . . දරුවගේ යහපත ගැන හිතලා බැලුවම මගේ ලඟින්ම තියාගන්න බැරි වෙන එකෙන් මට ඇතිවෙන පාලුව කමක් නෑ කියලා හිතෙනවා

    ReplyDelete
  38. @හිස් අහස
    බොහෝම ස්තූතියි සඳරු මල්ලි

    @සංජු
    තැන්කූ සංජු

    @ජීවිතේමල්!
    ඔයාටත් තැන්කූ ඈ

    @මුචා
    අනිවා අනිවා . . .
    ඊලඟ පාර සැට් උනාම කොල්ල අහයි මොකෑ මාමේ උඹේ ඔය බඩගෙඩිය ඔය තරම් ලොකු කියලත් . . හික්ස්

    @ලිෂ්
    එහෙම වෙන්ට එපැයි නේද බන්z.. . එලz

    @මාරයා
    ඔන්න ඔන්න ඉතිං ඕවට ආවොත් මාරයගෙත් මාරයා ලංවෙන්ට තමයි ඕන් ඈ . .

    @උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා
    සුභ පැතුම්වලට ස්තූතියි ඈ . .
    ඔව් ඔව් කටුගස්තොට තමයි.උඹත් එහේද??

    ReplyDelete
  39. @රජිත්
    අනේ ඔව් රජිත් . .
    මගේ ප්‍රාර්ථනයත් ඒකමයි

    @කුක්කු පැටියා
    ස්තූතියි ඈ ඔයාටත්

    @ප්‍රියා
    තැන්කූ ප්‍රියා මලේ

    @පිණිබිඳු
    ඔයාටත් බොහෝම ස්තූතියි හොඳේ

    @ගොඩයා
    තැන්කූ වේවා ගොඩයා මළේ

    ReplyDelete
  40. @Observer
    ගොඩක් ස්තූතියි සනත් අයියේ

    @පබලු
    තැන්කූ තැන්කූ නගේ

    @nawammawatha1
    තැන්කූ ඈ . . මේ නවම් මළේ ඒකනෙමේ උඹලට නැද්ද තාම අදහසක් හි හි

    @වන්නි!
    ලන්කාව සහ ලොකේ යන විදිහට විරුල්ලගේ කාලේ වෙනකොට අඟහරු ලොකෙන් වගේ තමයි ජොබ්ස් හොයන්න වෙන්නේ . . හික්ස්
    අහ් කවුද බන් හැබෑවටම ඒ සිරා කපල් එක . . හි හි හි

    @තාරක Dilsh@n!
    ස්තූතියි තාරක ඔයාටත්

    @අභියා
    හා හා චූටි අබේපාල අයියේ
    තැන්කූ හොඳේ
    මීට විරුල් මල්ලී

    ReplyDelete
  41. පුංචි විරුල්ට මගේ සුබ පැතුම්

    හ්ම්ම් ජීවිතේ සුන්දරයි දුකා

    ReplyDelete
  42. හප්පා ‍බෝම පරක්කුයි ‍නේ........ ‍සොඳුරු ත්‍රස්තවාදියා‍ට සුභ අනාගතයක් පතනවා..........!!!!

    තාත්තා අම්මා ව‍ගේම ‍හොඳ හිත ඇති ‍හොඳ දරු‍වෙක් ‍වෙනව‍නේ ඉතින්.........

    පුංචි පුතුට බුදුසරණයි...!!!!

    (මල්ලි කියන්න ගි‍යේ නැ හසී අක්ක‍ගෙන් අහපු ප්‍රශ්‍ ‍නෙම අයියා මට ‍යොමු කරන නිසා.... හික්ස් )

    ReplyDelete
  43. මං ටිකක් පරක්කුයි වගේ.
    විරුල්ට සුභ අනාගතයක් පතනවා..!

    ReplyDelete
  44. ආනේ සුභාෂ්... අදනෙ දැක්කේ... ආසාවෙ බැරුවා... පුංචි සොඳුරු ත්‍රස්තවාදියාට තුණුරුවන්ගේ පිහිටාරක්‍ෂාව නිරතුරුව ලැබේවායි පතන්නම්...

    දැන් ඉතිං නදීෂාට කන පිරෙන්න නඩු අහතෑකි... කොහොමත් සිංහලෙන් මේ රටේදි මූලික අධ්‍යාපනය දෙන්න ගත්ත තීරණය සෑහෙන්න වටිනවා දුකා... පස්සෙ ඕන එකක්... දැනට මව් භාෂාව හොඳට දෙන්න ඕනි... අප්‍රමාණ සන්තෝෂයි!!!

    ReplyDelete
  45. සතුටුයි සහ දුකයි!
    මීට වැඩිය මුකුත් කියන්නෑ!

    ReplyDelete
  46. අපේ එකා නම් මම කතාකලහම ඉස්කොලේ කොහොමද අහන්න "තාත්තේ පස්සේ ගන්නවද "ඇහුවා.උදේ ගෙදරින් ගිය එකා නෙවෙයි ඉස්කොලෙදි උන්නෙ.
    හොඳට ඉගන ගන රටට වැඩදායි යහපත් පුරවැසියෙක් වෙන්න පුතේ !

    ReplyDelete
  47. අඩේ මේ එදා අර වඩාගෙන හුරතල් කරපු පොඩ්ඩා නේද... දැං ලොකු ළමයෙක් නේ.. සන්තෝෂයි සන්තෝෂයි..

    පොඩි පුතාට සුභ අනාගතයක් වේවා...!!

    ReplyDelete
  48. ඇත්තමයි තෙත් වුණා වජිරදේවිගේ නෙතු..
    පුතාට බුදු සරණයි දුකා...

    ඉඩ තිබුණු වෙලාවක පිවිසෙන්න thoughtsofvajiradevi.blogspot.com

    ReplyDelete
  49. කොහොමින් හරි මඟ හැරිලා මේ ලිපිය මට,, පමා උනත් සුභ පැතුම් පුතේ !!!!

    ReplyDelete
  50. පුංචි පුතාට සුභ පැතුම්. මගේ දුවත් ගිය සතියේ(6) පෙර පාසැලට ඇතුලත් කලා... එයාට නම් වගේ වගක් නෑ.... හරි සංතෝසෙන් තමයි පාසැල් යන්නේ...

    උඹ ලඟ හිටියත් නැතත් පතන්නේ පුතාව හොඳ ගුණ ගරුක පුරවැසියෙක් කරන්න කියලා බව මං දන්නවා... ඒ පැතුම එලෙසම ඉටුවෙන්නයි කියලා මාත් ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  51. @නිෂ්!
    අනිවා අනිවා . . ස්තූතියි නිෂ්

    @හා පැටික්කි (MS)!
    මොන පරක්කුවක්ද නගේ . . හි හී බය උනානේද?? බොරුද මම කිව්වේ හා?

    @ඇන්ෂ්!
    නෑ නෑ නගේ පරක්කු නෑ . .තැන්කූ හොඳේ

    ReplyDelete
  52. @තනෝජා
    ඒත් දැම්මේ නම් ඉන්ග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන තැනකට.
    මව් භාෂාව ගෙදර කතා කරන නිසා කොහොමත් ලියන්න කියන්න උගන්වන්න ලේසියි කියලා හිතලයි එහෙම කලේ.
    අනික උසස් අධ්‍යාපනය කරද්දිත් විශ්ව සාහිත්‍ය කියවන්න ගියාමත් මව් භාෂාවෙන් පමනක් ලැබූ අධ්‍යාපනයේ අඩුවක් මම විඳපු නිසා දරුවට එහෙම නොවෙන්න ඉන්ග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න ඕනි කියල හිතුවා.

    @ඉන්දික
    නොකිව්ව හරිය තේරුම් ගත්තා මචෝ

    @නිම්තෙර ලඟ හිත - සංජීව
    අහ් කොල්ලත් උඹ වගේ කටකාරයෙක් වෙන්න ඇති එහෙනම් . .
    ස්තූතියි මචන් සුභ පැතුම් වලට

    @සෝරෝ
    උඹ කාලා බීල ලොකු වුනේ නැති වුනොත් පොඩි එකා හෙට අනිද්දා උඹව වඩාගනී හොඳේ . . හික්ස්
    තැන්කූ මලේ . . .

    @වජිරදේවි
    ස්තූතියි වජිරදේවි. අලුත් කෙනෙක් කියල හිතුවට අලුත්ම නෑ වගේ . . අපූරු පෝස්ට් ගොඩක් තියෙනවා ඔයාගේ බ්ලොග් එකේ.
    අනිවාර්යෙන් වෙලාව ලැබෙන විදිහට ඇවිත් කියවලා අදහස් දක්වන්නම්

    ReplyDelete
  53. @හරී
    අහ් පස්සේ හරි ඇහැගැටුනු එක මදෑ. අනේ අප්පේ සමාවෙන්ට ඔයාගේ අඩවියේ අලුත් ලිපි කීපයක් දැක්කා වුනත් අලුත් තැන වැඩ වැඩි නිසා කොමෙන්ට් දාන්න නම් ඉඩක් ලැබුනේ නෑ.
    තාවකාලික ගෙදරට නෙට් ගත්තේ ඕන් අදයි.

    @චතුර.
    ඔව් මචං. අපේ කොල්ලත් ආසාවෙන් යනවා. ඒත් අද ඉස්කෝලේ ලඟදී ඇඬුවලු අප්පච්චී ඕනේ කියලා.
    ඒක ඇහුවම නම් මට දුකේ බෑ මචං . .
    මොනව කරන්නද . . ටික කාලයක් පොඩි දුකක් විඳින්න වෙනවා.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails