Tuesday, December 21, 2010

මම මම ම ද?



මේ අද මේ මොහොතේ ජීවත් වෙන මම මීට කලින් හිටි මම ම ද?

මීට අවුරුදු විස්සකටකට දහයකට හතරකට කලින් හිටි මමයි මේ දැන් ඉන්න මමයි එක්කෙනෙක්ද . . ?

නැතිනම් මේ මම එදා හිටි මට වඩා වෙනස් ම වූ කෙනෙක්ද . . .?

එදා හිටි මමයි අද ඉන්න මමයි අතරේ සමානකම් අසමානකම් තියෙනවද?

සමාන කමක් තිබුනත් එදා හිටි මමයි අද ඉන්න මමයි එක්කෙනෙක්ද ??

අසමාන කම් තිබුනත් එදා හිටි මට වඩා අද ඉන්න මම එදාට වඩා හොඳද ??? ඊට වඩා නරකද ??

නැති නම් එදා හිටි මම අද ඉන්න මට වඩා හොඳ එකෙක් වෙලා හිටියද?

එදා හිටි මම දැනුවත්ව හෝ නොදැනුවත්ව කියපු හෝ කරපු වැරදි දෙයක් වසර ගානක් ගිහිනුත් අද කිව්වා හෝ කලා වගේ චෝදනා කරනවනම් ඒක හරිද . . ?

ඒ එදා වුනු වැරැද්ද හදා ගත්තා වුනත් එදා හිටි මමත් අද ඉන්න මමත් එකම එකා නිසා එදා දැනුවත්ව හෝ නොදැනුවත්ව වුනු වැරැද්දට අදත් චෝදනා ලැබීම සාධාරණීය කල හැකි සූත්‍රයක් තියෙනවාද . . ?

. . . . . . . . . .

අපි ජීවත් වන සමජයේ සිදුවෙන සමහර සිදුවීම් දිහා බලුවාම, දෛනික ජීවිතයේ වුනත් සමහර සිදුවීම් වලට සංවේදී උනාම ඔය උඩ කිව්ව වගේ විකාර අදහස් ඇවිත් ඔලුව කොලොප්පන් වෙනවා.

ඒ වගේ වෙලවට අපිටම හිතා ගන්න බැරුව යනවා අපි කොයි විදිහට සමාජයේ ජීවත් විය යුතුයි කියලා අන් අය අපෙන් බලාපොරොත්තු වෙනවද කියන එක.

නිකමට හිතන්න, කෙනෙක් මීට වසර ගානකට කලින් තව කෙනෙක්ට (හිතවතෙක්ට කියමු ) මොනව හරි කියනවා.

සමහර විට කියපු කෙනා ඒ කියපු දේ ගැන වැඩිය හිතන්නේ නතුව කියපු දෙයක් වෙන්න පුලුවන්.

හිතාමතා හෝ තුන්හිතකින් වත් නොහිතා මීට බොහෝ කාලයකට පෙර කියපු කරපු දෙයකට අදත් චෝදනා කරනවනම් ඒක බොහෝම නරක දෙයක් කියලයි මගේ හැඟීම.

මෙහෙම කියන හැම මොහොතෙම අතක් වෙන්නේ මාව හොඳින් තේරුම් ගත්තු මගේ යාලු දමිත් මල්ලියි චමලුයි මම ගැන කියන කතා.

දමිත්: අයියේ තමුසෙගේ චාටර් කට හින්දා නොදන්න එකෙක් නම් ඔයාව වැරදියට තේරුම් ගන්නවා ෂුවර්.

චමල්: තොගේ ඔය ජරා කට අපිම හින්දා ඉවසනවා. වෙන උන් නම් ඕක ගලක අතුල්ලයි.


හික් හික් හික්

. . . . . . . . . .

මේ උදහරණයත් පොඩ්ඩක් බලන්න:

මගේ නංගිගේ යාලුවො සෙට් එකක් හිටියා හරිම රස්තියාදුකාරියෝ ටිකක්.

වින්ඩෝ ෂොපින්ග් යන එක තමයි ඒ අයගේ ප්‍රධාන විනෝදාංශය.

මුන් ටික අපේ නංගිවත් මේ රස්තියාදුවට එකතු කර ගත්තා.

දවසක් බැලුවා, දෙකක් බැලුවා, තුනක් බැලුවා . . ම්හු . . . තාත්තා ගෙදර එන වෙලාවට නංගී පේන්න නොහිටියොත් අම්මා බැනුම් අහනවා ඇයි යන්න දුන්නේ කියලා (ඒත් තාත්තා නංගීට මොකුත් කියන්නේ නෑ - තාත්තා ඒ කාලේ එයාට බයයි හික්ස්)

නිරපරාදේ අම්ම බනුම් අහනවා බලන් ඉන්න බැරි නිසා මම නංගීට කිව්ව "හෙටත් තමුසෙගේ ඔය මළ හෝන්තු ටික ආවොත් මම බැනලා එලව ගන්නවා" කියලා

"ආ ඒවා කොහෙද. තමුසේ මොනා හරි උන්ට කියල තිබ්බොත් බලා ගමු"

"මොනා බලා ගන්නද"

"උන් මගේ යාලුවෝ, තමුසෙට වැඩිය උන් මට වටිනවා"

"මොකක්"

කිව්ව වචනේ ඇදලා ගන්න බැරුව නංගී ගල් ගැහිලා හිටියා.

මම මාසයක් යනකම් එයා එක්ක වචනයක් කතා කලේ නෑ.

නංගී යාලුවෝ එක්ක රස්තියාදුවේ යන එක නතර කලා.

දවසක් නංගීම ඇස් දෙකේ කඳුරු පුරෝගෙන කතා කලා

"ඔයා මාර පොරක් හලෝ. ඔය පොඩි වචනෙකට තමුසෙට මාත් එක්ක මාසයක් තරහා වෙලා ඉන්න පුලුවන් වුනා නේද"

"තමුසෙට මට වැඩිය . . "

"ඒක බොරුවක්-එක පාරටම කටට ආවට කියවුන දෙයක් කියලා ඔයා හොඳටම දන්නවනේ"

අපේ වලිය එදායින් ඉවරයි.

ඔය වචන ටික අල්ලගෙන මම තාමත් නංගී එක්ක රන්ඩු වෙනවනම් එකෙන් පේන්නේ මගේ මෝඩ කම නේද කියලා තේරුනේ ඒ ගැන වෙනමම හිතන කොට.

එයා නොහිතා කියපු වචනෙට මගේ හිත රිදුනු නිසා රිදුනු හිත හදා ගන්න මාසයක් ගිහින් එයාට සමාව දුන්නයින් එයත් සතුටින්, මාත් සතුටින්. සුපුරුදු නොවෙනස් ආදරෙන්

. . . . . . . . . . . . . . . . . . .

පරන කුනුකන්දල් හිතේ පැසව පැසව තියාගෙන දුක් විඳින අපිට ඒවා එක එක අයින් කරන්න ලැබුනොත් කොයි තරම් හිතට සහනයක් දැනෙනවද කියනදේ තේරෙන්න නම් එහෙම කරලම බලන්න ඕන.

එහෙම අයින් කලාට පස්සේ ලබෙන ලොකුම ප්‍රතිලාභේ නිදිය ගන්න ඇඳට වැටුනු ගමන් නිදි දෙව්දුව අපිව නිදි ලෝකෙට අරන් යන එක. කරලාම බලන්න. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.

40 comments:

  1. නියමයි අය්යන්ඩි..මටත් මේ දෑ හරියට හිතිල තියනවා..ඉස්සර කරපු මෝඩකම් ගොඩක් දෑන් අඩුයි!හිහි

    ReplyDelete
  2. //එහෙම අයින් කලාට පස්සේ ලබෙන ලොකුම ප්‍රතිලාභේ නිදිය ගන්න ඇඳට වැටුනු ගමන් නිදි දෙව්දුව අපිව නිදි ලෝකෙට අරන් යන එක.//

    ඒ විතරක් නෙවෙයි, වේලාවට උදෙංම නැගිටින්නත් පුළුවන්.

    ReplyDelete
  3. දුකෝ,

    උඩින් තියෙන ප්‍රශ්ණ මාලාව කියවන් යන කොට මට එකක් පැහැදිලි වුනා!

    දැන් උඹ වයසට ගිහින්.

    ඔය දාර්ශනික ප්‍රශ්ණ හිතට එන්නේ එතකොටයි මලේ!

    -කතන්දර

    ReplyDelete
  4. කසූ ...

    හ්හ්ම්ම්ම්

    ඇත්ත ඇත්ත . ..

    දැන් වයස තිස්ම හතක් . .

    ඒ උනාට වැඩේ කියන්නේ මට හැමදාම හිතෙන්නේ වයස විසිපහේදී මට වයස යන එක නතර උනා කියලනේ.

    හෙ හෙ හේ

    ReplyDelete
  5. මගේ කටත් හොඳ නෑ... මගේ අතින් වැරදි කතාවක් කියවුනොත් ඒ ෂුවර් එකටම මට තරහා ගිය වෙලාවක තමයි. කොහොමත් හුඟාක් මිනිස්සු හිතලා කතාකරන්නේ නෑ, කතාකරලයි හිතන්නේ (මමත්)

    ReplyDelete
  6. මම නම් කියන්නෙම කරන්නෙම වැරදි ඒවා.. ඒවා නිවැරදි කරගන්න බැරුවනේ අප්පේ මේ ඉන්නේ..
    දැන් මේ දාපු කමෙන්ට් එකත් වැරද්දක්ද කොහෙද :O

    ReplyDelete
  7. දුකා අයියා
    සමහර කුණු කොච්චර පරණ වුනත් පරණ වෙන්නෙ නැහැ
    එවා හැමදාම අලුත් වෙනවා. මිනිස්සු එවා අමතක කරන්න දෙන්නෙත් නැහැ.
    ඔයා ඔය ලියපු සිද්ධිය මගෙත් සිද්ධියක්..
    එක දවසක් නොදැක, කතා නොකර ඉන්න බැරි කෙනෙක් එක්ක මාසයක් කතා නොකර ඉන්නවා කියන දෙ... එක කරපු කෙනෙක්ම තමයි දන්නෙ.
    එදා මාත් එක්ක ආපහු කතා කරන්න ගත්තු දවසෙ එයා කිරිල්ලියක් වගෙ කිච් බිචි ගාපුවා ඔක්කොම මම රෙකොර්ඩ් කර ගත්තා.

    රවා..

    ReplyDelete
  8. සිරා මාතෘකාවක් ගැන තමයි මචන් උඹ මේ ලියල තියෙන්නෙ. මේක අඩු වැඩි වශයෙන් අපි හැමෝගෙම ලඟ තියෙනවා. මට මතකයි මම පොඩි කාලේ අපේ අම්ම මාව කේන්ති ගස්සන්න කියනවා,

    "ඔයාව මට ලැබුනේ ඉස්පිරිතාලෙදි මගේ අල්ලපු ඇඳේ හිටපු දෙමළ ගෑනිගෙ ලමයත් එක්ක මාරුවෙලානෙ..."

    මට ඒකාලේ මේ කතාව ඇහෙනකොට සෑහෙන්න දුක හිතෙනවා.

    පස්සෙ පස්සෙ මම ලොකු වෙනකොට මේ කතාව මම අනිත් පැත්තට අපේ අම්මටම දමල ගැහැව්වා අම්මව රිද්දන්න මට මොනව හරි කියන්න ආවහම,

    "මට ඕව කියන්න එන්න එපා, මම ඔයාගේ ළමයෙක් නෙමෙයිනෙ. ඔයාගේ අල්ලපු ඇඳේ හිටපු දෙමළ ගෑණිගෙ ළමයනෙ.."

    කොහොම හරි පහු වෙනකොට අපේ අම්මටත් කර කියා ගන්න දෙයක් නැතිව ගියා මොකද මේක ආපහු ගන්න බැරි විදිහට පැළ පදියන් වෙලා. අම්මත් සෑහෙන්න දුක් වෙනවා මම එහෙම කියනකොට.

    පස්සෙ පස්සෙ මම එහෙම කියන එක නතර කරලා දැම්මා මොකද මම තේරුම් ගත්තා අම්ම ඒ දෙයින් සෑහෙන්න හිත් වේදනා විඳිනවා කියලා.

    ReplyDelete
  9. මමත් සෑහෙන කාලෙක ඉඳල හිතන දෙයක් ඕක... සමහර වෙලාවට දවසකට කලින් මං ගැන මතක් කරද්දිත් මට හිතෙනවා අද ඉන්නේ මේ ඊයේ හිටපු මමමද කියලා....
    කොහොම වුනත් මට ඒකට පොඩි හරි විසඳුමක් ලැබුනා අයියා දුන්නු කර්ම අත්පොත කියෙව්වයින් පස්සේ... වැඩ බලන එවුන් එක්ක කෙල ගන්න එක, ක්ලයන්ට්ලත් එක්ක මල පනින එක සෑහෙන දුරට පාලනය කරගන්ට ඒක උදව්වක් උනා... පරණ කුණු ඔක්කම අත්හැරලා අළුත් ඇහැකින් ලෝකය දිහා බලන්ට මට එක සෑහෙන්ට උදව් වුනා... හිතේ තියෙන තරහව අයින් කරගත්තම දැනෙන සැහැල්ලුව වචන වලින් කියන්ට බැරි එකක්...

    ReplyDelete
  10. දුකා අයියා..........එහෙම අමතක කරන්න පුලුවන්නම් ෂෝක් තමා.ඒ උනාට බැරි එකනෙ වැඩේ........!!

    ReplyDelete
  11. මට නම් ඇත්තටම අමතක කරන්න ටිකක් අමාරුයි....

    ReplyDelete
  12. "පරන කුනුකන්දල් හිතේ පැසව පැසව තියාගෙන දුක් විඳින අපිට ඒවා එක එක අයින් කරන්න ලැබුනොත් කොයි තරම් හිතට සහනයක් දැනෙනවද කියනදේ තේරෙන්න නම් එහෙම කරලම බලන්න ඕන.."

    සහතික ඇත්ත දුකායියා!! මේ ටික මම පහුගිය දවස්වල අත්වින්ඳා..ඒ හින්දම හැම වචනයක්ම හිත පතුලටම කා වැදුනා.. සිරා ලිපිය!!!

    ReplyDelete
  13. අනේ බං දුකා අයියේ ඔය නංගිලා ගැන නම් කතාකරන්න එපා මට ඉරිසියයි වගේ... මලයා එක්ක උනත් වලි දාගෙන සති ගනන් කතානොකර ඉන්න වෙලාවල් තියෙනවා .. ඒත් වලියෙ නියම ෆන් එක තියෙන්නෙ නංගියෙක් උන්නා නම් තමා.. මොනා කොරන්නද ඉන්න එකා එක්ක වලි :D

    මේ දුකා අයියේ..මම මේ නිකමට කියන්නෙ.. දැන් වයස තිස්ම 7ක්ලුනේ.. විරුල්ට තව නංගියෙක් වත් දුන්නොත් මොකෝ :P

    ReplyDelete
  14. කතාව ඇත්ත....

    සමහර වෙලාවට උබලගෙ බ්ලොග් අපෙ සංවෙදි තැන් වලට කතාකරනව...

    මමත් අපෙ නංගිගෙ සෙට් 1කට බැනල අන්තිමට මටත් උන් එක්ක යන්න උනා..
    හැබැයි ආතල් සෙට් 1ක... තාම උන් හැමොම මට කියන්නෙ පොඩි අයිය කියල..

    දැන් මට නංගිගෙ ලමාකාලය මතක්වෙන්නෙ එයාගෙ චුටිදුව නිසා...

    ReplyDelete
  15. මම කියන එකාව අපි ජීවිත කාලෙම හොයනවානේ.. අපි ඉන්නේ අපිත් එක්කම තියෙන අරගලයක.. ඒක කවදාවත් විසඳගන්න බෑ.. අනික ඔය තරහා හිතේ තියන් ඉන්න එක.. ඒකත් එහෙමම තමා. අපි ඔක්කොම මැරෙන මිනිස්සු කියලා ඔළුවේ තියන් ඉන්නවානම් කිසි අවුලක් නෑ..

    ReplyDelete
  16. මතක තියාගන්න ඕනේ අමතක නොකල යුතු වටිනා දේවල්
    අමතක කරන්නෙ ඕනේ මතකේ තියා ගන්න වටින්නේ නැති දේවල්

    ඔය වාක්‍ය දෙක පලමු වචන තුන ඉහළ පහල යෑමයි වැරද්ද.

    නියම විමසුමක් යාලූ.

    ReplyDelete
  17. කතාව නම් ඇත්තම ඇත්ත. හිතේ තරහක් නැතුව ලෝකෙ දිහා බලනකොට අපිට ජීවත් වෙන්න ලේසියි.

    ReplyDelete
  18. ayye mama e mail ekak ewwa mekata adala deyak nam neme eth reply ekak ewanna. Thanks (Akalanka)

    ReplyDelete
  19. @දඟ මල්ල!
    ඒ කියන්නේ තාමත් මෝඩකම් කරනවා.
    ඔව් නේ අපි ඔක්කෝම එකයි
    දන දැන මෝඩ කම් කරනවා.
    ඒක නිසා ඕක වැඩිය හිතනන් දෙයක් නෙමේ. .හි හි හි

    @විකී!
    බෑ බෑ බන් මේ දවස් වල නම් තියෙන සීතල එක්ක උදේට කලින් නැගිටින්නම බෑ.

    @පූසා!
    හිතලා කතා කරන අයත් ඉන්නවා මළේ.
    එත් අපි හැමෝටම හිතලා කියපු දේයි, නොහිතා කියපු දේයි අතර වෙනස තේරුම් ගන්න පුලුවන් නම් සාමාදානෙන් ජීවත් වෙන්න ඇහැක් වෙනවා.

    ReplyDelete
  20. ඔව්වත් හරියට ඉඩං නඩු වගෙයි බං දුකා අයියේ...

    ReplyDelete
  21. අම්මෙ දවස් දෙකක් තිස්සේ දගලලා මෙක කියවන්න පුළුවන් උනේ..
    මෙ බයිස්කෝප් බෑමක් හින්දා..මගේ කොනෙක්සොම ස්ලෝ උනා නෙව..

    මට එක දවසක් මගේ පරණ පුංචි කුමාරි කිව්ව කතාවක් කියන්නං...

    අයියේ ඔයාගේ වචන හරියට පිහි පාරවල් වගේ..කියන්නේ ඇත්ත උනාට..ඒවා අහන අයට හරි සැරෙට වදිනවා..අන්තිමට වෙන්නේ ඒ අය ඔයාත් එක්ක තරහා වෙන එක..

    මං කිව්වෙ එක දෙයයි...
    ඇත්ත අහං ඉන්ඩ බැහැ කියලා මාත් එක්ක තරහා උනාට මට මොකෝ...

    අනේ මංදා බං..ඔවා..මට තේරෙන්නේ නැහැ..

    ReplyDelete
  22. හ්ම්ම්ම්ම්ම්ම්ම් කතාව නම් සහතික ඇත්ත අයියේ....

    අපි අපේ හිතේ දුකට හිරි තියෙන මුරණ්ඩුකමට හරි එහෙමත් නැකිනම් අපේ තියෙන අඩම්බර කමට වැරැද්ද කරපු කෙනාට සමාවක් නොදී ඉදලා ඒ කෙනාට යම් දෙයක් වුනොත් (හිදිසි මරණයක් වගේ...කියන්න බෑනේ...ජීවිතේ කියන්නේ ඕකටනේ...) අපි මැරි මැරි ජීවත්වෙයි අදා ඒ කෙනා ජීවතුන් අතර ඉන්නැද්දි සමාවනොදුන්නා කියලා....

    අර කිව්වත් වගේ හැබැයි මාත් පට්ට ආසයි නංගියෙක්ටනම්...මාර ෂෝයි නෙවැ...ඒත් ඉතිං කරුමෙට වන් ඇන්ඩ් ඔන්ලි...එපාම කරපු වැඩක්.... ෂිට්....

    ReplyDelete
  23. මතකයේ තියාගන්න කියන දේවල් ඉක්මණින් ම අමතක වී යයි. අයියෝ ඕක අමතක කරලා දාන්න කියනා දෑ මතකයේ නළියයි. පළමුවැන්න නීරස ය. ආවේගයෙන් තොර ය. මතකයේ රැඳෙන තරමට නියුරෝන සබඳතා අවදි නැත. දෙවන්න.... ආවේග බොහොමයකි. මොළයේ නියුරෝන හැම අතම පත්තු වී ගොස් සබඳතා ගොඩක් වඩාගෙන ඇත. පලවා හැරීම දුෂ්කර ය.

    ReplyDelete
  24. @සිකා!
    යකෝ උඹලා අපි මෙහෙම හිත්න කොට වැරදි දේම කියන කොරන දේශපාලකයෝ ෆුල් ශුවර් පිට ඉන්නවා කවදාවත් වැරදි දෙය කිව්වෙ වත් කෙරුවෙ වත් නෑ වගේ.
    ඔහොම්ම නරක විදිහට තමන් ගැන හිතන්න එපා බන්.

    @රවා! (මේ රවාමද? ලින්ක් එක නැති නිසා ඇහුවේ)
    ඔව් බන්. ඒක හෙනම අමාරු වැඩක්. ඒත් වචන නිසා තුවාල වෙන හිත් තුවාල වෙන තරම් ඉක්මනට හොඳ වෙන්නේ නෑ නේ මළේ.

    @දුමී!
    අපේ අම්මලගේ පරම්පරාවේ අයගේ තිබුනු නරකම ලක්ශ්ණයක් වෙන්න ඇති බන් ඕක.
    පූර්ණවර්ධන සිටුවරයා විසාකාවටමෙන්න මෙහෙමයි ඉගන්නුවේ කියලා කසාද බඳින්කොට ඉගෙන ගෙන ආපු අය නිසා තමන්ගේ හිත රිදුනු බවක් කාටවත් නොකියන නිසා තම්න්ගේ වචන නිසා අනුන්ගේ හිත් රිදෙන සීමාව අඳුන ගන්න එයාලට බැරි වෙන්න ඇති.

    ReplyDelete
  25. @පුතා!
    ඇත්තෙන්ම මළේ මටත් සුනේත්‍රාගේ පූර්වජන්ම අපූර්වයයි කර්ම අත්පොතයි සෑහෙන්න උදව් වුනා මේ කුනුකන්දල් හදවත්න් ගලවා විසි කිරීමේ කාරිය කරන්න.

    @දිනේශ්!
    උත්සාහ කලොත් බැරි නෑ මලේ.
    එක පාර ඔක්කෝම බෑ තමයි. මොකද දවසින් දවස එකතු වෙන ඒවත් තියෙනවනේ.
    උත්සාහ ක්‍රල බලන්න්කෝ මම කියනවට වත්

    @කැන්ඩි!
    ඔයාටත් කියන්න තියෙන්නේ දිනේශ්ට කියපු එක්මයි.
    බැරි නෑ අප්පා. ඒත් අමාරුයි තමයි ඉතිං. ..

    ReplyDelete
  26. @ජංජාල චාමර!
    අත් වින්දේ මළේ
    කුනු කන්දල් ඔලුවේ තියා ගත්තාම දැනෙන බරද . .
    අයින් කලාම දැනෙන සනීපෙන්ද . .?

    @බනියෝ!
    විරුල්ට තාම අවුරුදු 3යිනේ බන්.
    දැන් තමයි උගේ හුරතල්ම වයස.
    ඌ තාම පොඩීනේ.
    නංගියෙක් ආවොත් උගේ හුරතල් බලන්නබැරි වෙනවනේ.
    අනික බේබි සිටින් වලට උඹට එන්න ඇහක් නම් අපි සලකලා බලන්න්ම්.
    37ක් වයසක්ද බන් ? අර හැටක ආච්චි කෙනෙක්ටත් පොරක් කිව්වලු හැටත් වයසක්ද නංගී කියලා . .

    ReplyDelete
  27. ඔය දෙකම අත්වින්ඳා...

    ReplyDelete
  28. ඔව් ඔව්...
    දුකාට දැන් හෙන වයසයි....
    හික්ස්....
    බබාලත් ඉන්නවනේ...
    අපි වගේ කොල්ලොද?

    ReplyDelete
  29. හ්ම්ම් මාරයගෙ කතාවම තමා මටත් වෙලා තියෙන්නෙ "වැ‍රැද්දක් කියද්දි පොල්ලෙන් ගහනව වගෙ කියන්නෙ නැතුව බැරිද ඕක හිමීට ආදරෙන් කියන්න" ඕක තමා මට විරුද්දව එන කොම්ප්ලේන් එක

    ReplyDelete
  30. ඒක ඇත්ත අයියා. ඉස්සර කරපු පෙලක් වැඩ මතක් වෙද්දී පුදුමත් හිතෙනවා එහෙම මී හරක් වැඩ මම කළාද කියලා. දැන් ටික ටික මොළේ පෑදීගෙන එන්නේ.......

    ReplyDelete
  31. කියන දෙයක් මූණට කිව්වම ඒකෙන් හිත නිදහස් වෙන එක මම නම් අත් දැකපු දෙයක්. ඒත් ඒ කියන එකෙන් අනිත් මනුස්සයගේ හිත රිදුනු බව දැනගත්තම අපේ හිත ඊට වඩා රිදෙනවා..! ඒත් ඇආ උඩ කිව්වා වගේ කියලා ඉවර කරාම හිතේ කහටක් නැහැ..! ඒක එතනින් ඉවර නිසා..! මම අනන්තවත් ඒ දේ කරලා තියෙනවා මගේ යටතේ වැඩ කරන අය ට..! ඒ උනත් ඒ අයත් දන්නවා මම එහෙම කියන්නේ තරහට නෙවී කියලා.
    කොහොමත් කියන දෙයක හිත රිදෙන්න හරි නැතිවෙන්න හරි මූණට කියන්නේ තමන්ගේ කියලා කැක්කුමක් තියෙන අයට විතරයි නේ..! ඒ නිසා අවුලක් නැහැ.

    ReplyDelete
  32. හිතේ තරහක් නැතුව අනිත් අය දිහා බලද්දි සතුටින් ඉන්න ලේසියි තමා. ඒත් Lish කිව්ව වගේ දැනෙන දේ කෙලින් මූණටම කියල දානව තරම් හිත රිලැක්ස් වෙන ක්‍රමයක් තවත් නෑ..

    ReplyDelete
  33. කතන්දර හරි... ඔව්ව හිතෙන්නෙ වයසට. ඈ බන් අයියේ 37 ක් ද... එහෙනම් අපි තාම චූ කොල්ලො නොවැ.. වැඩේ කියන්නේ මටත් ඔහොම හිතෙන එකනේ...

    කාලෙකට කලින් කල කී දේ ගැන අපි හිතනව පසු තැවෙනවා... තව අවුරුදු 10 කින් අපි අද ගැනත් එහෙම හිතයි. ඒ ජීවිතේ හැටි නේද...

    ReplyDelete
  34. ඕක මෙහෙමයි. 'කලින් මම ම ද මේ මම?' කියන එකට නම් උත්තරේ 'නැහැ' කියන එකයි. මොකද බුද්ධ ධර්මයට අනුව, වෙනස් වන සිතිවිලි පරම්පරාවත් එක්ක අපි හැමෝම මොහොතින් මොහොත වෙනස් වන නිසා. ඒ මම නෙමෙයි, මම නෙමෙයි ත් නෙමෙයි...කණ්නාඩියෙන් දකින ප්‍රතිබිම්බය වගේ! ඒත් අපි කරන කියන දේවල් වල වගකීම අපට බාර ගන්න වෙනවා, ඒවා කිව්වේ 'දැන් මම' නෙමෙයි, 'පරණ මම' එහෙමත් නැතිනම් 'හිටපු මම' කියලා අපට කියන්න බැරි නිසා. වැරදි දෙයක් හිතලා හෝ නොහිතා කියවුණහම, ඒකට මුහුණ දුන්න කෙනාගේ හිත ඒකෙන් රිදුන බව තේරුණා නම්, කරන්න තියෙන හොඳම දේ සමාව ඉල්ලීම. අපේ හුඟක් දෙනෙක් කරන්නෙ නැත්තේ ඕක. ඒ, සමාව ඉල්ලුවොත් තමන්ට මදිකමක් වෙයි කියලා හිතන නිසා. ඉතින් සමහර වෙලාවට අර කියවුණ වැරදි වචනයටත් වඩා අමාරු, ඒ ගැන මොකුත් නොකියා ඉන්න එකයි. දැන් ඔයා නංගී එක්ක තිබුණු අමනාපය නැති කර ගත්තේ එයා ඔයා ළඟට ඇවිත් කතා කළ නිසානේ? එයා ත් උද්දච්චකමට හිටියා නම් ඔයාගේ හිතේ තුවාලය ඒ තරම් ලේසියෙන් සනීප නොවෙන්න ඉඩ තිබුණා. හැබැයි ඉතින් සමාව ඉල්ලුවාට පස්සෙත් එකම විදියට එකම දේට චෝදනා කරනවනම් ඒක වැරදියි...මට හිතෙන්නේ එහෙමයි.

    ReplyDelete
  35. අපි ඔය හරිම වැදගත්ය කියල කාර්යාල, පාසල්, ආයතන හැම තැනම ක්‍රියාත්මක කරන දෙයක්නෙ 5 S ක්‍රමය,

    ඒකෙ පළවෙනි එක තමයි, සෙයිරි - අනවශ්‍ය දේ බැහැර කිරීම,මේක තමයි වැදගත්ම එක, මොකද කොච්චර පිළිවෙලට, පිරිසිදුවට උපකරණ තිබුනත් එව්ව තියා ගන්ඩ අවශ්‍ය ඉඩ කඩ නැත්නම් වැඩක් නැහැ නෙව,

    ජීවිතේටත් මේකම ආදේශ කරමුය කියලයි දුකා කියන්නෙ,

    ඇත්තටම අපේ හිත් වල තියෙන අනවශ්‍ය කුණු කන්දල් අයිං කරන්ඩ ඕනමයි, හැබැයි ඒකෙ පළවෙනි පියවර එව්ව අවශ්‍ය කැටගරි එකෙං අනවශ්‍ය කැටගරි එකට ඩවුන්ග්‍රේඩ් කරන එක,

    ඔතන තමයි දුකෝ, පුරස්නෙ, ඔය ටික කර ගත්තනම් වැඩේ ගොඩ,

    ReplyDelete
  36. ලෝකය දිහා අයියා කියන විදිහට බලකොට ඇත්තටම මනුස්සෝ ඉන්නවා කියලා හිතන්න පුළුවන්.මොකද දැන් ඉන්න විදිහට මිනිස්සුද සත්තුද කියන 1 හිතාගන්න අමාරුයි

    ReplyDelete
  37. @බිඟූ!
    පව් අනේ බිඟූ . .
    ඌට තාම දාසයයි මාසයයි . . හික්ස්

    @රංග!
    මම අනුන්ට බන කිව්වට ඔය උඹ කියපු දේ නම් මටත් තියෙනවා බන්.
    ඒත් මම නම් ඒ ගතියට කැමතියි

    @හසිත!
    අම්මේ කොයි තරම් ලොකු දෙයක්ද එහෙම මොලේ පෑදෙන එක . .
    හික්ස්

    ReplyDelete
  38. @ලිශ්!
    තමන්ගේ අයට කියලා හිත රිදෙන විදිහට හරි බොරු චෝදනා කරනවද??
    නැත්නම් බුදුන් පුංචි කාලේ තරම් අතීතයේ උඹ නොහිතා කියවුන දෙයක් අල්ලගෙන අදටත් ඒ තමන්ගේ අය රන්ඩු කරනවනම් . .
    කොහොම තියෙයිද ?

    @ෆොක්ස් මළේ!
    කෙලේන් කියන එක නම් හොඳ වැඩක්.
    ඒත් අර කිව්ව වගේ නොහිතා කියපු දේවල් ගැන අලුතෙන් රන්ඩු වෙනවනම් චා නේද ?

    @පිස්සා මළේ!
    හරි කෙනෙක් කාලෙකට කලින් නොදැනුවන්ත දෙයක් කියනවා කරනවා.
    ඒකෙන් කාට හරි හිත රිදෙනවා.
    පස්සේ ඒ බව දැන ගත්තාම සමාව ඉල්ලනවා. නත්නම් නොදන වුනේ කියනවා.
    එහෙම කියද්දීත් නෑ ඒක හිතලම කියපු / කරපු දෙයක් කියලා මස් රාත්තලම ඉල්ලනවා ඒගේ ගේම ඉල්ලනවනම් . .

    ReplyDelete
  39. සුභ අළුත් අවුරුද්දක් වේවා දුකා !

    ReplyDelete
  40. මමත් මගේ නංගිත් එක්ක තරහ උනා ඔය වගේ දේකට .... ඔය වගේ කිව්වට ඔයිට වඩා චුට්ටක් විතර වෙනස් ‍‍. හරියටම තරහ උනේ දෙදාස් අටේ දෙසැම්බර් 23 .... අද වෙනකම් මම එයා එක්ක කතා කරේ නෑ ....
    හැමදාම තරහවෙන යාලුවෙන එකට වඩා එකපාර‍ට තරහවෙන එක ලේසියි කියල හිතුන...
    _________________________________
    සුබ අලුත් අව්රුද්දක් වේවා දුකා අයිය ඇතුලු හැමොටම !!

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails