Sunday, July 18, 2010

අඬන්න අමතකව වියළුනු ඇස් වලට කඳුලක සිසිලසක් ලබාදෙන තක්සලාව . .. !



අබුඩාබි වල Head Office එකට මේ මාසේ පළවෙනිදා ඉඳලා මාරු කරපු දවසේ ඉඳන් කලින් සයිට් ඔෆිස් එකේ වගේ වැඩක් කරන අතරේ බ්‍රේක් එකේ බ්ලොග් කියවන්න , බ්ලොග් ලියන්න හා ෆේස් බුක් බලන්න නෙමෙයි හුස්ම ගන්නත් බැරි තරම් වැඩ ගොඩක් භාර දුන්නා. . .

සමහර වෙලාවට එක දිගට වැඩ කරලා කරලා ස්ට්‍රෙස් එක නිසා පපුවත් එක්ක රිදෙනවා වගේ වුනාම තමයි ලොකුවට හුස්ම ගන්නත් මතක් වෙන්නේ . . .

කොයි තරම් වැඩ වැඩිද කියනවනම් ඊයේ නිවාඩු දවසේත් ඔෆිස් ගිහින් වැඩ කරන්න වුනා මොකද එහෙම නොකලා නම් ටාගට් ඩේට් එකට වැඩේ ගොඩ දාන්න බැරි වෙනවා වගේ හිතුනු නිසා.

අහම්බෙන් හරි රෑ මගේ පොඩි සොඳුරු ත්‍රස්තවාදියා මට කලින් නින්දට ගියොත් බ්ලොග් කියවන එක කරන නමුත් ඉස්සර වගේ බ්ලොග් පෝස්ට් නොලියන එක ගැනයි අනිත් අය ලියපු දේවල් වලට මගේ අදහස් දක්වන්න නොලැබෙන එක ගැනයි මගේ බ්ලොග් සහෘදයෝ මට සමාව දේවීකියලා මම විස්වාස කරනවා . ..

ලියන්න ජාති නම් එමට තිබුනත් අද මේ කොල්ලට TV එකේ ටොම් ඇන්ඩ් ජෙරී දාලා දීලා රවට්ටලා කොම්පූටරේ ලඟ මම පොඩි වෙලාවකට ඉඳ ගත්තේ අද නම් පොඩි හරි පෝස්ට් එකක් ලියන්න ඕනි කියලා හිතාගෙන .

හරි එහෙනම් අපි කතාවට බහිමු.

. . .. . .. . . .. .. . . .. .. .


මගේ මිතුරු රුවන්ගේ මඟපෙන්වීමෙන් අපි දැන් කාලෙක ඉඳන් අන්තර්ජාලය හරහා ලංකාවේ පෙන්වන ටෙලි නාට්‍ය බලනවා.

හැබැයි අපි ඉතිං ෆිල්ටර් කරලා කරලා අපේ සෙන්සර් එකට අහුවෙන හොඳම කියලා හිතෙන ඒවා තමයි බලන්නේ.

කාලෙක ඉඳන් මේ පහත සඳහන් හොඳයි කියලා මට /අපිට හිතුනු (දැනට මතකයේ තිබෙන) ටෙලි නාට්‍ය බලලා තියෙන නිසා මම හිතන්නේ හොඳ ටෙලි නාට්‍යක් අඳුනා ගන්න ඉවක් අපිට ලැබිලා තියෙනවා.

1. තාරාදේවී
2. පලිඟු මැනිකේ
3. දඬුබස්නාමානය
4. වෙද හාමිනේ
5. ඉඳිකඩ අසන
6. ඇල්ල ලඟ වලව්ව
7. දුන්හිඳ අද්දර
8. ඉමදිය මංකඩ
9. කඩවර
10. ගජමන් නෝනා
11. ඉරට හඬන මල්
12. යශෝරාවය
13. රන් මසු උයන
14. දිය සුළිය
15. අග පිපි මල්
16. නිසල විල
17. සංක්‍රාන්ති සමය
18. නන්නාදුනන්නී
19. බැද්දේ ගෙදර
20. ඉසුරු යෝගය
21. ගංගා සහ නිස්සංක
22. චක බ්ලාස් - ඉඳි ආප්ප කතාව
මේ මතකයේ තියෙන කීපයක් පමනයි.

කොහොමින් හරි අද මම දෙන්න යන්නේ මේ වගේම හොඳ තත්වයේ තියෙන ටෙලි නාට්‍යක් ගැන ඔත්තුවක්.

වීදුරු බඩු වගේ පරිස්සමින් රැකිය යුතු මානුසික සබඳකම් වල වටිනාකම ගැන අපූරුවට කියා දෙන ගමන් සෙනෙහස හා මානව දයාව බර හදවතට දනවමින් අඬන්න අමතක වුනු ඇස් වලට කඳුලක උනුහුමත් අරන් එන මේ අපූරු නාට්‍යයේ නම තක්සලාව.

හිමාලි සයුරංගී ප්‍රධාන චරිතයත් සෙසු චරිත ජගත් මනුවර්ණ, චාන්දනී සෙනෙවිරත්න, මහේන්ද්‍ර පෙරේරා, ගිරිරාජ් කෞශල්‍ය ආදීන් රඟපාන මේ සංවේදී කතාව අඩංගු නාට්‍යයේ අධ්‍යක්ශක ආන්නද අබේනායක මහතායි.

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාෂනය වෙමින් තිබුනු මේ නාට්‍යය ගිය සෙනසුරාදායින් අවසන් වුනා.



මේ අඩවියෙන් (මෙන්න මෙතනින් ගිහින් බලන්න) සම්පූර්ණ ටෙලි නාට්‍යයම මුල සිට එක දිගට නැරඹිය හැකියි. කාලවේලාව සකස් කරගෙන නැරඹුවාට පාඩු නොවන ටෙලියක් වූ මෙය නරඹන්න නොහැකි වූ අය වෙත් නම් නරඹා ඔබට සිතුනු / සිතෙන දේ ගැන සටහනකුත් තබන්න ඇහැකි නම් අගෙයි . . .

27 comments:

  1. http://www.samiratv.com/samiratvnew/index.php
    ඔයාලට මේක බලන්න බැරිද..??

    තක්සලාව ලස්සනයි තමා..මේ වගේ ගුරුවරුන් තවමත් දුෂ්කර ප්‍රදේශවල රැකියාව කරනවා මේ වගේ.

    ReplyDelete
  2. මේක ගැන මුලින්ම දැනගත්තෙත් අය්යගෙන්ම තමයි. ඊට පස්සෙ දිගටම එක කොටසක් නෑර බැලුව. හරිම සුන්දර කතාවක්. මෙගා ටෙලි කියන මල ජරාව ටීවී එකේ රජකරන මේ කාලේ මේ වගේ නාට්‍යයක් දකින්නත් ආසයි....

    ReplyDelete
  3. ටීවී සීරිස් එකක් නෙ.. :).. ඔය දාල තියන ලිස්ට් එක නම් මැක්ස. නාලන් මෙන්දිස් මහත්තයගෙ සෙට් එකත් එළ!

    දැන් ඉන්නෙ කලාකාරයො නෙවෙයි. බිස්නස් කාරයො. අඩු පිරිවැයකින් අඩු මහන්සියකින් වැඩි ලාබ ගන්නෙ ඒක නිසයි. ඕව ගැන කතා කරල වැඩක් නෑ..

    ReplyDelete
  4. නියම ටෙලි නාට්‍ය ටිකක් තමා ඔයා දාලා තියෙන්නේ. සකිසඳ එළියෙස්, සතර දෙනෙක් සෙන්පතියෝ, බෝගල සවුන්දිරිස් වගේ නාට්‍ය ඔයා බැලුවේ නැද්ද අයියා ?

    ReplyDelete
  5. මමත් ඔය ගැන ලියන්න හිතන් හිටියේ අයියා ඒත් ඉතින් නිදහසක් හොයාගන්න බැරි උනා. බොහොම ස්තූතියි මේ ගැන ලිව්වට.......... කොටස් දෙකතුනක් මග හැරුනත් ආසාවෙන් බලපු ටෙලි නාට්‍යක්.

    ඇයි අයියා කළුවර ගෙදර, මේ දවස් වල (itn)යන ස්වයංජාත , වගේ ඒවත් හොඳයි කියල හිතෙනව.

    ReplyDelete
  6. ඇත්තටම පළිඟු මැණිකේ, යශෝරාවය, සුසීමා, දඬුබස්නාමානය,චරිත තුනක්,නිවටයා, බෝඩිම, අසල්වැසියෝ වාගේ වෙනස් ටෙලි නාට්‍ය අද නැත්තේ ඇයි කියලා හිතෙනෙවා....අපේ නාට්‍ය එකම රාමුවකට කොටුවෙලාදෝ කියලා හිතෙනවා..බොහොමත්ම ස්තුතියි දීපු ඔත්තුවට....මොකද මමනම් රූපවාහිනී නම් බලන්නේම නැතිතරම්......එච්චරටම හොඳ වැඩසටහන් යන නිසා......:)...

    ReplyDelete
  7. අයියෙ කියල වැඩක් නෑ...මන් ආසාවෙන්ම බැලුව නාට්ටියක්...ඒත් අන්තිමට ටීචගෙ කකුල කැපුවහම මාර දුකක් ආවෙ...මොනව උනත් ලස්සන අර්ථවත් නාට්ටියක්

    ReplyDelete
  8. ඔය ඉඳිආප්ප කතාවෙ නම 'හිරුට මුවාවෙන්'. මම කාලෙකට කලින් ඕක ‍Youtube එකෙන් බැලුවා. ඒත් මේ ලඟකදි ආයෙත් බලන්න හිතිලා හොයද්දි ඒක තිබුනෙ නෑ.
    List එක මරු, ගොඩක් ඒවා බලලා තියෙනවා. 'තක්සලාව' බලන්න ඕනේ.

    ReplyDelete
  9. මට නම් ටීවී බැලීමක්/නාස්ටිය් බෑලීමක් නෑ.. පොඩිකාලේ දඬුබස්නාමානය සහ බෝගල සවුන්දිරිස් නම් බැලුවා.. බෝගල සවුන්දිරිස් නම් ආයෙත් බලන්න ආසයි.

    දුකා සහෝගේ ගොඩගැහිලා තියෙන වැඩකන්ඳ සාර්ථකව කරගන්න පුලුවන් වෙන්න කියලා පතනවා...

    ReplyDelete
  10. තක්සලාව බලලා නැහැ.
    බොහොම ස්තූතියි ලින්ක් එකට. අද හෙට බලන්න ඕනේ.
    :)

    ReplyDelete
  11. උඹලා ඔහේ ඉන්න හින්දා මෙහෙ ඒවා බලන්න ආසාවෙ ඉන්නවා.
    මම නම් ටීවී එක නොදා ඉන්න පුළුවන් තරම් උත්සහ කරනවා.
    ඇයි යකෝ දාපු වෙලාවෙ ඉඳලා වෙළඳ දැන්වීම්.. ඉඳලා හිටලා කතාවත් පෙන්වනවා. විනාඩි විස්සක දැන්වීම් බලලා විනාඩි දහයක් කතාව බැළුවෑකි.
    මට නං අම්බ වහ..

    ඒ මදිවට එකම වෙලාවට හැම චැනල් එකේම එකම නළු නිළියො ටික..
    මට කතාව මාරු වෙන වෙලාවල් අම්බානට..

    ReplyDelete
  12. ටෙලි නාට්‍යයක් බලපු කාලයක් මතක නෑ..බොර්ඩිම්වල කොහෙන්ද ඉතින් T.V. යාන්තම් අන්තර්ජංජාලෙ පැත්තෙ එන්නෙත් GPRS වලින්. අම්බානෙට slow. ඉතින් T.V හීනයක් තමා.අනෙක කාලයක් ඕකෙන් ඈත්වෙලා හිටියම ආයිත් බලන්න අවස්ථාවක් ලැබුණත් බලන්න හිතෙන්නෙත් නෑ..මොකද කතාවෙ අගක්, මුලක් තේරෙන්නෙ නැති නිසා..දැන්නම් එකට ගෙදර ඇවිත් ඉන්නේ..ඒත් බලන්න කම්මැලියි..
    ජයවේවා!!!

    ReplyDelete
  13. ලංකාවෙ ඉඳලත් මට ඕක බලාගන්න බැරි වුනානේ. එහෙන් මෙහෙන් ටිකක් බැලුවා. වෙබ් එකෙන්වත් බලන්න ඕන. තාම හොඳ ටෙලි කෙරෙනවා. එත් ඉස්සර ඔක්කොම වගේ හොඳ නිසා දැන් හොඳ ඒවා අඩුයි වගේ තමා දැනෙන්නේ. දැනුවත් කළාට තෑන්ක්ස්.

    ReplyDelete
  14. හ්ම්ම්ම්ම්ම්ම් ..... නාටය බැලෙනවා නම් අඩුයි , කියන නිසාම පස්සේ හිමිට බලන්න ඕනේ ...

    ReplyDelete
  15. තරහ වෙන්න එපා මෙහෙම කමෙන්ට් එකක් දැම්මට.

    අපි හැමෝම ගස්ලබු කොල ඩෙංගු ප්‍රතිකාරය ගැන අපේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාමුද ? මේක පුළුවන්තරම් ප්‍රසිද්ද කරමු. ජීවිත කීයක් මේකෙන් බේර ගන්න පුළුවන් වෙයිද ? ඔක්කොම බ්ලොග් යාළුවන්ටත් කියමුද මෙහෙම කරන්න කියලා ?

    ReplyDelete
  16. "වීදුරු බඩු වගේ පරිස්සමින් රැකිය යුතු මානුසික සබඳකම්"

    ඇත්තම ඇත්ත

    ReplyDelete
  17. ආනන්ද අබේනායකගේ කෝකත් හොඳයි බං. "රම්‍ය සුරම්‍ය" මතක නැද්ද? හැම එකක්ම හරිම තාත්ත්වික විදිහට තියෙනවා. තක්සලාවත් එහෙම තමයි. සුපිරියි.
    මෙගා ටෙලි නම් මටත් පේන්න බෑ බං...

    ReplyDelete
  18. මගේ නම් ප්‍රියතම ටෙලියක් තමයි සින්තටික් සිහින. මේක හඳගම ගේ. මනෝරත්න, හේමසිරි ලියනගේ, චිත්‍රා වරකගොඩ සහ අතුල අධිකාරී රඟ පැවා.
    අධ්‍යක්‍ෂක සහ නලුවෝ කොච්චර හොඳවුනත් හතර දෙනෙක් සෙන්පතියෝ වගේ ටෙලියක අජුව තේරෙන්නේ එක එල්ලේ පැය දෙකතුනක් තිස්සේ බලන කොටයි. කතාවෙන් බාගයක්ම රිපීට් කරනවා හැම තිස්සේම එපා වෙනකං. හේතුව අපි එක දිගට බැලුවට ඒවා විනාඩි විස්සට හදපු එඩිටිං ජොබ් නිසා.

    ReplyDelete
  19. ඉස්සර ජාතික රූපවාහිනියේ පෙන්නපු සිව් මංසල මම ගොඩක් කැමති සුන්දර කතාවක්. සින්තටික් සිහින වගේ කතාත් මරු. හර්බට් රන්ජිත් පීරිස්ගෙ හිරුට මුවාවෙන්, හිරු තනිවෙලා වගේ කතාවලත් ගතියක් තිබ්බ. තවත් නම අමතක සොඳුරු කතාවක සෞම්‍ය ලියනගේ හුරුට්ටුවා කියල ලස්සන චරිතයක් කලා මතකයි.

    ReplyDelete
  20. මේකත් බලල හිටින්න.. මතකද...
    http://www.youtube.com/watch?v=1m6GzAHh00U

    ReplyDelete
  21. මේ කතාව බලන්න අහුවෙලා නැහැ අයියේ..! මම ඔය මේගා ටෙලි නිසා රූපවාහිණිය කියන දේ මගේ ජීවිතෙන් අයින් කරලම තියෙන කෙනෙක්..! මොකද බලලා අපේ ජීවිතවලට ගන්න දෙයක් නැහැ..! අඩුගානේ හිතේ සතුටක්වත්..! ඒත් මේ කතාවත් මම දකින්නඇති මේදවස් වල මම හැම නාට්ටියම එකම කෝණෙන් බලන නිසා මේ කතාවත් එහෙමයි කියලා හිතුවද දන්නේ නැහැ..! ඒත් මම කොහොම හරි මේ කතාව බලන්න ඕනේ..! ඔත්තුවට ස්තූතියි..!!

    ප.ලි: හැමදෙනාම සුවයෙන් කියලා හිතන්වා..! වෙලාවක් දාගෙන කතා කරන්න ආසයි අයීයේ ඔයා එක්ක. බුදුසරණයි...!

    ReplyDelete
  22. "සින්තටික් සිහින" ටෙලි නාට්‍යයේ ගීත වලට මම නම් කැමති...
    ස්කෝල යන කාලේ ස්කෝල වැඩත් එක්ක අම්මගෙන් බැනුම් අහඅහ ටෙලි බැලුවට පස්සේ ටෙලි බලපු කාලයක් මතක නැහැ.

    "අබෑර්තු නැත" නම් බලනව .

    ReplyDelete
  23. ගංගා සහ නිශ්ෂංක ‍නාට්ටිය බලන්න තැනක් තියේ නම් කියන්න ම‍ට..
    (මම ආස නාට්ටි වලින් එකක්..)

    ReplyDelete
  24. @සෝරෝ: "නාට්ටි" නෙවෙ මචන් "නාට්‍ය" :-)

    එළ දුකා අයියේ මාත් ඉවරවෙනකම් බලාපු කාතවක් තමා තක්ශලාව.. අන්තිම කොට බලනකොටනම් ඇඩෙන්න වගෙ එනවා :-) එළ මේ ගැන දැන්නුවට..මග ඇරිච්ච කොටස් ගොඩක් තියෙනවා නමුත් බලන්න විදියක් නැහැ සීමිත අන්තර්ජාල සෙවයක් මට තියෙන්නෙ :(

    ReplyDelete
  25. බොහොම ස්තුති..

    ReplyDelete
  26. දුකා අයියා, ස්තුතියි හඳුන්වාදුන්නු කතාවට.... පුලුවන් වුනු වෙලාවක බලන්න ඕන...

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails