Sunday, May 16, 2010

ජීවිතයට නැතුවම බැරි ආදරය !



බොහෝම කාලෙකට කලින් මම ආසාවෙන් දෙමළ චිත්‍රපටි බැලුවා. ඒ කාලයේ ආසාවෙන් බලපු ද්‍රවිඩ චිත්‍රපටි අතර "තලපති", "පුදිය රාගම්", "මින්සාර කානවු (සප්නේ නම් හිංදි චිත්‍රපටිය)" "ඉංඩියන්", "අපූර්ව සහෝදරන්ගල්", "මෙල්ල තිරඳද කදෝ" "සත්‍යා" "අන්ජලී" වගේ චිත්‍රපටි කීපයක සමහර සිදුවීම් හා කතාමලාවල මතකය තාමත් හිතේ කොනක තියෙනවා වගේ දැනෙනවා. . !

අක්කගේ මහත්තයා තදබල දෙමළ චිත්‍රපටි රසිකයෙක්. මම කාලයක් අක්කලගේ ගෙදර හිටියා අක්කා අඩු වයසෙන් විවාහ වෙලා ගිය අලුතම වගේ. එහේදී මස්සිනා නිතර දෙමළ චිත්‍රපටි ගෙනත් බලන නිසා මමත් බලන්න හුරුවෙලා පස්සේ කාලේක හොඳම ෆිල්ම් එකක් හැර අනෙක් ඒවා බලන එක මඟහැරුනා.

මඟහැරුනු තරම කොයි තරම්ද කියනවනම් ලස්සනම ෆිල්ම් එකක් වූ මනිරත්නම් ගේ බොම්බේ ෆිල්ම් එක බැලුවෙත් මේ ලඟදී ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරගෙන තමයි.

ඒ කාලේ බලපු ෆිල්ම් එකක ලස්සන ගීතයක් නම් මේ අද වනතුරුත් ලාවට ලාවට මතකේ තිබුනා. වැඩිපුරම ඒක මතකේ රැඳිලා තිබුනේ මගේ ප්‍රියතම ගායකයෙක් වූ එස්.පී.බාලසුබ්‍රමනියම් ඒ ගීතය මහා අරුම පුදුම විදිහට හුස්ම නොගෙන ගායනා කරන අපූරුව නිසායි.

ලඟකදී අහම්බෙන් යූ ටියුබ් එක පීරන වෙලාවක ඒ සින්දුව අහන්න ලැබුනා. ඒ මම ඉතිං කලේ අපේ බින්කු මලයට ද්‍රවිඩ භාශාව ගැන වැටහීමක් තියෙන නිසා එයාට ලියලා යැව්වා මට ඒ සින්දුවේ තේරුම ලියලා එවන්න කියලා . . දෙතුන් පාරක් මතක් කලාට පස්සේ (බැනලා මැසේජ් යැව්වට පස්සේ) ඔන්න ඒකා තේරුම ලියලා එව්වා.

අහලා බලන්න ඔයාලටත් අල්ලලා යයිද කියලා ඒ සින්දුව.

මේක දැනට දශක 2කට කලින් ඒ කියන්නේ 1990 දී තිරගත වුනු "කේලඩී කන්මනී" කියන චිත්‍රපටියේ ගීතයක්. ඒ චිත්‍රපටියේ රඟපෑවේත් එස්. පී. බාලසුබ්‍රමනියම් සමඟ රධිකා කියන නිළිය.




මේ තියෙන්නේ අපේ බින්කු මළයා ලියා එවූ පරිදි ඒ ගීතයේ තේරුම.

மண்ணில் இந்தக் காதலன்றி யாரும் வாழ்தல் கூடுமோ
කෙනෙකුට ආදරය නැතිව මෙපිට විසිය හැකිද?
எண்ணம் கன்னிப் பாவையின்றி ஏழு ஸ்வரந்தான் பாடுமோ
(ද්රවිඩ දෙවියෙක් හෝ විශ්වාසයක්)ට ස්ත්රීයක් නැතිව සංගීතය නිපදවිය හැක්කේ කෙසේද?
பெண்மை இன்றி மண்ணில் இன்பம் ஏதடா
கண்ணை மூடிக் கனவில் வாழும் மானிடா
ඒයි පුරුෂය, ඔබ ඔබේ ඇස් වසා හීනයට පිවිසෙන්න (මවා ගන්න), කාන්තාවක් නැතිව සතුටක් තියේද?

வெண்ணிலவும் பொன்னிநதியும் கன்னியின் துணையின்றி
කාන්තාවකගේ පිහිට නැතිව..
என்ன சுகம் இங்கு படைக்கும் பெண்மையின் சுகமன்றி
සුදු සඳට හා පූනි ගඟට කුමක් කරන්නට හැකි වේද?
தந்தனமும் சங்கத்தமிழும் பொங்கிடும் வசந்தமும்
sandal , old music Tamil, season of flowers (spring)
සෙරප්පු, (සංගත්තමිලම්; පැරනි දෙමළ සංගිත වර්ගයක් (වන්නම් වගේ), මල් වසන්තය (සරත් සෘතුව)
சிந்திவரும் பொங்கும் அமுதம் தந்திடும் குமுதமும்
Flourishing ‘Amudhu’, Flowers
අමුධු නම් මල් විකසිත කරමින්...
கன்னிமகள் அருகே இருந்தால் சுவைக்கும்
It all beautiful when you have women beside you
මේ සියල්ලම කාන්තාවක් ඔබ ළඟ සිටින විටදී සුන්දරය
கன்னித்துணை இழந்தால் முழுதும் கசக்கும்
If she’s gone then everything mentioned will be bitter
ඇය ගියහොත් සියල්ලම වේදනාකාර වනු ඇත
விழியினில் மொழியினில் நடையினில் உடையினில்
In eyes, language, way of walking, dressing,
ඇසෙන් භාෂාවෙන් (කථාවෙන්) ඇවිදිමෙන් ඇදුමේන්....
அதிசய சுகம்தரும் அனங்கிவல் பிறப்பிதுதான்
In everything women can give pleasure.
මේ කියල්ලෙන්ම කාන්තාව (අපට) සොම්නස දෙයි

මෙන්න මෙතනින් ගන්න පුලුවන් ලිරික්ස්

මේ තියෙන්නේ වචන් ටික එතනින් ගත්තු විදිහටම :

mannil indhak kaadhalanri yaarum vaazhdhal koodumoa
ennam kannip paavaiyinri aezhu svarandhaan paadumoa
penmai inri mannil inbam aedhadaa
kannai moodik kanavil vaazhum maanidaa

(mannil indha)

vennilavum ponninadhiyum kanniyin thunaiyinri
enna sugam ingu padaikkum penmayil sugamanri
thandhanamum sangaththamizhum pongidum vasandhamum
sindhivarum pongum amudham thandhidum kumudhamum
kannimagal arugae irundhaal suvaikkum
kanniththunai izhandhaal muzhudhum kasakkum
vizhiyinil mozhiyinil nadaiyinil udaiyinil
adhisaya sugamtharum anangival pirappidhudhaan

(mannil indha)

muththumani raththinangalum kattiya pavazhamum
koththumalar arpudhangalum kuvindha adharamum
sitridaiyum sinna viralum villenum puruvamum
sutrivarach cheyyum vizhiyum sundara mozhigalum
ennivida marandhaal edharkoa piravi
iththanaiyum izhandhaal avandhaan thuravi
mudimudhal adivarai muzhuvadhum sugamtharum
virundhugal padaiththidum amudhamum avalallavaa

(mannil indha)

. . . . .. . . . .. . .

හැමදෙනාම පදමලාවේ අරුතත් වටහා ගෙන ගීතය රසවිඳලා බලන්නකෝ දශක ගනන් කල් ගියත් උසස් නිර්මාණයක කලා රසය අඩු වෙනවාද කියා . . .

43 comments:

  1. ෂා..! හරිම ලස්සන සින්දුවක්. කලින් අසා නොතිබුණි. මමත් ද්‍රවිඩ චිත්‍රපටි බලනවා, හැබැයි වැඩිය නැහැ. මට හිතෙනවා ද්‍රවිඩ සිනමාවේ තේමාවන් ගත්තම ඒවා හින්දි සිනමාවට වඩා ඉදිරියෙන් තියෙනවා කියලා. බලාන ගියාම අපේ බින්කුත් වැඩකරුනේ බොලේ..
    :D

    ReplyDelete
  2. සිංදුවනම් බැලුවෙ නැ දුකා අයියෙ..මම ටිකක් ලෝබ වෙලා..මෙක සීමිත පැකෙජ් එකක් නෙ :D

    හැබැටම බින්කුවා අල්ල ගන්න ඔනේ දෙමල ටිකක් ඉගෙන ගන්න :D දෙමල නංගියෙක් දැක්කත් කතා කරන්ට බැරියැ :D

    ReplyDelete
  3. @budhajeewa!
    මම නම් හිතන්නේ නෑ.
    උඹ පුලුවන් කියන්නේ සාක්කි තියෙනවද . . ?
    දැන් උඹ කියයි ඕ ඇයි මම (බුධාජීව ) කියලා . . .
    ඒක එහෙමද කියලත් කියමුකෝ බලන්න

    ReplyDelete
  4. @Ansh Lucky Sri Jay !
    මම දන්න සමහර සාර්ථක හින්දි චිත්‍රපටි තියෙනවා ඒවා ද්‍රවිඩ චිත්‍රපටිවල කොපි. ඔයා කියන එක ඇත්ත නගේ
    ඔව් ඔව් බින්කු කොල්ල දක්සයා . . .

    ReplyDelete
  5. @Bunny ! !
    හා පැටියෝ ඕකට ඔය වචන නැතුව (දෙමල නංගියෙක් දැක්කත් කතා කරන්ට බැරියැ ) සාමාජීය සහයෝගය වගේ වචනයක් දෙකක් දාපන් නැත්නම් ටිකක් අවුල් වගේ හි හි

    ReplyDelete
  6. @දුකා:
    ඇයි බං ඒක එහෙම නේන්නං.

    ReplyDelete
  7. ඇ..දෙමල නංගිලට දෙමලෙන් කතා කරන්නැතිව සිංහල නංගිලට කතා කරන්නයැ ? සමාජිය වචනයක් මීටර් වෙන්නැනෙ...! ම්ම්ම් එහෙනම් ඉතින් කියන්න වෙන්නෙ Tamil නංගියෙක් කියලා තමා :P

    ReplyDelete
  8. @budhajeewa !
    ඔන්න කිව්ව ඉතිං . . .

    උඹව මේ මිහිපිට ජීවත් කරන්නේ අර ආදරය ම තමයි.

    තාම නොලැබුනා වුනත් කවදා හරි දවසක ලැබෙයි කියන බලාපොරොත්තුව තමයි උඹව ජීවත් කරන්නේ කියලා මම කිව්වොත් . . ???

    ReplyDelete
  9. @දුකා:

    නෑ බං සිරාවට! මං ජීවත්වෙන්නෙ ජංජාලෙයි කොම්පීතරයි නිසා කීවොත් තමයි හරි.

    ReplyDelete
  10. @Bunny ! !
    ටියුබ් ලයිට් හාවෝ . ...

    මම කිව්වේ දෙමළ නංගීලට කතා කරන්න දෙමළ ඉගෙන ගන්න ඕන නොකියා සමාජීය සහෝගය පවත්වා ගන්ට දෙමල ඉගෙන ගන්න ඕන කියලා කියපන් කියලයි.

    අර උඹ කරපු වැඩේට තාත්තාගෙන් හොඳ ටොකක්ක් ලැබුනානම් ටියුබ් ලයිට් නොවී ඉක්මනට තේරෙන තිබුනා හික් හික්

    ReplyDelete
  11. @budhajeewa !
    ඇයි යකඩෝ . . මූදේ ඉන්න එක මාලුවාද . . හික් හික් . .

    විහිලුවක් හොඳේ . . මම උඹේ ආදරේ අඩු තක්සේරු කලා නෙමෙයි. මට හොඳටම තේරෙනවා. ම් ම් බලමු බලමු . . .කාලයා හැම දේටම විසඳුම් දෙනවා කියනවානේ මළේ . .

    ReplyDelete
  12. සහතික ඇත්ත...මමනම් චෝක් එකක් නැති ටියුබ් බල්බ් එකක් :D

    ටොකු කැවා අනන්තවත් අප්පා...එත් මේ මොලේ මැටි ටික හැලුන්නෑනෙවැ :-)

    ReplyDelete
  13. අත්දැකීම් අනුව මගේ අදහස ජීවත්වෙන්න පුළුවන් කියලා.
    ආදරයක් ලබන්නේ නැතුව තනිව ජීවත් වෙන මිනිස්සු මේ ලෝකෙ ඕනෙ තරම් ඉන්නවා. මොකද ඒක අත්‍යවශ්ය දෙයක් නොවන නිසා. බඩට කන්න නැතිවෙනකොට, ජීවිතේ ගැන දරැණු තර්ජන තියෙන වෙලාවක ක්අවුරැත් ආදරේ හොයන්නේ නෑ. ඒක දීර්ඝකාලීන වගේම කෙටිකාලීන වෙන්නත් පුලුවන්. කොච්චර කාලයක් ඉන්න පුළුවන්ද කියන එකනම් අත්දැකීම් අනුව වෙනස් වෙනවා.
    මේක ලොකු මාතෘකාවක්නේ දුකා අයියා..

    ReplyDelete
  14. பெண்மை இன்றி மண்ணில் இன்பம் ஏதடா
    கண்ணை மூடிக் கனவில் வாழும் மானிடா
    ඒයි පුරුෂය, ඔබ ඔබේ ඇස් වසා හීනයට පිවිසෙන්න (මවා ගන්න), කාන්තාවක් නැතිව සතුටක් තියේද?

    ඕකට මගේ උත්තරේ, සමහර අවස්ථාවන් වලදී විතරක් 'ඔව්'..

    උඹ අහලා බලාපං gay කොල්ලෙක්ගෙන් ඕක ඇත්තද කියලා...
    ඒක නිසා, හැම අවස්ථාවේදීම ඕක ඔහොම නෑ..

    ReplyDelete
  15. ආයේ ඉතින් ආවෙ නෑ කියලා හිතන්ට එපා ඔං මාත් ආවා.
    හැබැයි ඉතින් මට ඔක අහන්න විදයක් නම් නෑ..
    ඒත් ඉතින් පදවැළ නම් බලන්නට යෙදුනා.

    ReplyDelete
  16. මමත් ඉස්සර ඉඳලම ආසම සින්දුවක්.. ඉලෙයිරාජාගේ මියුසික් පට්ට.. බාලසුබ්‍රමනියම්ට පණ දුන්නේ ඒ මනුස්සයා.. උත්තර භාරතේ නෞෂාඩ්ලා ආර්.ඩී. බර්මන්ලා වගේ දක්ෂිණ භාරතයේ බයිස්කෝප් මියුසික් වල ‍පොර තමයි ඉලෙයිරාජා.. ස්තූතියි අයියණ්ඩි බෙදා හදා ගත්තට.. :)

    ReplyDelete
  17. දුකා නියමයි මචන් වැඩේ හොදයි පුළුවන්නම් අපේ පෝරම් එකටත් දාන්න හොද ලිපි ටිකත් www sriwow info

    ReplyDelete
  18. මං හිතන්නෙ ඔය ප්‍රශ්නෙට උත්තරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා..
    මගේ උත්තරය මොන වගේ එකක් ද කියල දුකා අයිය දන්නවනෙ...
    ආදරය නැතිව ජීවත්වෙන්න පුළුවන් තරමට, මං නම් තාම සිත දියුණු කරල නෑ..
    ඒ හින්දා ගීතයත් එහි අර්ථයත් එහෙම පිටින්ම මට සමීපයි...

    ස්තූතියි.. මේ රසවත් ගීතය අපිත් එක්ක බෙදා හදා ගත්තට..
    ස්තූතියෙන් කොටසක් බිன்ku සහෝටත් හිමියි..

    ReplyDelete
  19. මන් එච්චරම දෙමළ සිංදු අහන්නේ නෑ. හින්දි සිංහල ඒවට තමයි ආස. ඩාන්ස් කරන්නම් දෙමළ සිංදු මරු. ඒත් මට දෙමළ සිංදු රසවිඳින්න අමාරුයි. හැබැයි එක දෙමල සිංදුවක් තියෙනව මන් හෙනම ආස. මන් ඒක හෙව්ව හෙව්ව හැම තැනම. නෙට් එකෙත් අස්සක් මුල්ලක් නෑර හෙව්ව. ඒත් තාම හම්බ උනේ නෑනේ. වැඩේ තියෙන්නේ මන් ඒකෙ වචන දන්නෙ නෑ හරියටම. තාලෙ තමයි මතක. තාලෙ ටයිප් කරලා සර්ච් කරන්න බෑනේ. ලාවට ඔලුවට එන වචන ගහල තමයි සර්ච් කලෙ.

    ReplyDelete
  20. "ආදරය නැතිව කෙනෙකුට මේ මිහිපිට ජීවත් විය හැකිද?."

    දුකා අයියා, නොලැබෙන දෙයක් වෙනුවෙන් ආදරය හිතුනොත්... :'(

    ReplyDelete
  21. සින්දුවෙ verse එක අහගෙන ඉඳලා මටත් හුස්ම හිර වුනා.... හිකිස් :D
    මමත් දෙමළ ගීත අහනව නම් අඩුයි ඒත් උත්තර භාරතීය ගී වලදි 'උදිත් නාරායන්'ට මගේ තියෙන කැමැත්ත දක්ෂිණ භාරතීය ගී වලදි හිමි වෙන්නේ 'සුභ්‍රමනියම්'ට.
    ප්‍රශ්නෙට උත්තරයක් දෙනවනම් මමත් කියන්නේ ඔව් කියලා.. හැබැයි හිතේ කිසිම සතුටක් සැනසීමක් නැතුව.

    ReplyDelete
  22. මේ දුකෝ, ඔව්වායේ තේරුම් ආයිත් කියවලා මට නිකං ලව් සික් වැඩි වෙන්න වගේ. කොහොමත් ‍තනියම ඉන්න වේලාවට පෙම්වතුන් (රි)ලව් කරද්දී වේලාවට මටත් හිතෙනවා මටත් ඇය(සුදු) හෝ කෙනෙක් හෝ හිටියා නම් කියලා.

    ඒක නොවෙවි මචන් දුකෝ, ඊට මගේ තුළම හේතුත් සමාජයත් නිසයි. නමුත් මම එකක් කියනවා : ආදරය නැතිව ලෝකයේ කිසිදු බැඳිමක් සම්බන්ධයක් නැති වෙවි. කොටින්ම සියලු සතුටටත් දුකටත් හේතුව ඒකමයි.

    ආදරය නිසා බැඳිම ඇති වෙනවා, බැඳිම නිසාත් ආදරය ඇති වෙනවා. විටෙක මේ දෙකෙන් එකක් අහිමි වුණත් දුකක් වගේ.

    ****
    මම මේ පැඳි පෙළ පරිවර්තන කලේ මගේ යාළුවෙක්ගේ උදව් එක්කමයි, මයුරිසන් (Mayooresan)ට මගේත් ස්තුතිය!

    ReplyDelete
  23. @මිස්සක !
    ම් ම් ඇත්තෙන්ම මේ මාතෘකාව දැම්මේ ගීතයේ මුල් කොටස මුල් කරගෙන මිසක් ඒ ගැන ලොකු කතිකාවක් ගොඩගඟන්න හිතාගෙන නම් නෙමෙයි. ඒත් ඒකෙන් සංවාදයක් ගොඩනැගෙනවානම් අපි එහෙම කරමු. ඔයා කිව්ව දේට මමත් එකඟයි. ඒත් වෙලාවකට හිතෙනවා ඊහ්ම ආදරයක් නැතුව ජීවත් වෙන එක හරිම වියලියි කියලා. උපන්නාට මේ ලොව වැනෙනවා විනා වගේ කියලා. . . මොකද ජීවිතය ජීවී බවින් පුරවන්නේ ආදරය කියන එකයි මඟේ හැඟීම නම් . .

    ReplyDelete
  24. @.::පිස්සා::. !
    මචං අපි ඒ සින්දුවේ "ඒයි පුරුෂය, ඔබ ඔබේ ඇස් වසා හීනයට පිවිසෙන්න (මවා ගන්න), කාන්තාවක් නැතිව සතුටක් තියේද?" කියන කොටස

    "ඒයි , ඔබ ඔබේ ඇස් වසා හීනයට පිවිසෙන්න, ඔබ ආදරය කරන කෙනා නැතිව ඔබට සතුටක් තියේද? කියලා ඒ ඒ කේස් එකට අදාල විදිහට තේරුම් ගන්න කියමු නේද බන් . . කොහොමද මගේ ටිකිරි මොලේ . . හික්ස්

    ReplyDelete
  25. @මාරයා!
    සිංදුවත් අහලා බලන්ටකෝ . . හරිම අපූරු සිංදුවක් . . අර හුස්ම නොගන දිග කෑල්ලක් කොහොම කියනවද කියලා පුදුම හිතෙනවා. අපේ වික්ටර් රත්නායක තොටුපල අයිනේ ගීතයේත් අදිනවා ඇදිල්ලක් ඒත් මේක ඊට වඩා වෙනස්

    ReplyDelete
  26. @Udara || උදාර මදුෂංක !
    උඹට නම් ඉතිං අර අලල්පු රටේ සුදු නංගී ගැන රහ වැටිලා තියෙන නිසා අලල්පු රටේ කරවිලත් පැනිරහට දැනෙයි . . හික් හික්

    ReplyDelete
  27. @AnythingAnytime !
    අනේ මචෝ . . මට වෙලාවක් නෑ බන්z ඒවාට යන්න . . මේකේ (බ්ලොග් එකේ) ලිපියක් ලියන්න කාලයක් හොයා ගන්නෙත් දැන් බොහෝම අමාරුවෙන්.

    ලඟදීම මේකත් නතර කරන්න වෙයිද මන්දා . .

    ඕන නම් කලින් ලියපුවා අරගෙන කොපි කරලා දාන්න මගේ අකමැත්තක් නෑ. කොපි රයිට් නෑ මේකේ . .හි හි

    ReplyDelete
  28. @sansarasidu !
    ආදරයක් නැතුව ජීවත් වෙන්න වෙන එක මහා කරුමයක්. ලැබුනා නොලැබුනා ආදරයක් හිතට තුරුලු කරගෙන ජීවත් වෙනකොට තමයි තේරෙන්නේ ජීවත්වෙන බව . . . ඒක තමන් වෙන කෙනෙකුට කරපු / කරන ආදරක් ම වෙන්න ඕන නෑ . . වෙනකෙනෙක් තමන්ට කරන ආදරේ වුනත් ඒ ආදරේ උනුහුම වටිනවා. .

    මේ මට හිතෙන හැටි හොඳේ

    ReplyDelete
  29. @අනුරාධ !
    තාලේ මොන වගේද කියලා කියන්න ක්‍රමයක් හදාගෙන කියපන් . . . මට, බින්කුට හා ද්‍රවිඩ ගීත රසවිඳි අය කීප දෙනෙකුට . . උඹේ ගීතය හොයා ගන්න බැරි වෙන එකක් නෑ . .

    ReplyDelete
  30. @වෙජී® (පුංචි එකා) !
    ආදරේ කියන්නේ ආදරේට . . ලැබුනා හෝ නොලැබුනා . .

    ලබා ගන්න කියන චේතනාවෙන් කරන දේ ආදරේ නෙමෙයි ආශාව . . අයිති කරගැනීමේ තෘශ්නාව වෙන්න පුලුවන් . .

    මම දන්න තරමින් . . මම හිතන විදිහට . . .ආසාවයි ආදරයයි කියන්නේ දෙකක් . . .

    ReplyDelete
  31. @නිශාචරයා Nishacharaya !
    අහ් එහෙනම් මම කැමතිම අය තමයි උඹේත් කැමතිම අය. . . එල එල . . ඔව් උඹ කියන දේ හරි . . .ජීවත් වෙන්න පුලුවන් ඒත් හිතේ සතුටක් නැතුව . .

    ReplyDelete
  32. @~බිன்ku~ !
    පළමුවෙන්ම සමාවෙයන් උදව් කරපු යාලුවගේ නම සඳහන් නොකිරීම ගැන. උඹ කිව්ව දවසක් ඒත් මට ඒක අමතක වුනා උඹෙන් අහන්නත් . . .

    අනේ මංදා ආදරය . . බැඳීම් . . ලව් සික් . . තනිකම . . පාලුව . . . ජීවත් වීම . . එකකට එකක් වෙනස් . . පරස්පර . . පිලිතුරු ලැබෙන මහා කොම්ප්ලිකේටඩ් සබ්ජෙක්ට් නේද බන්z . . ඔන්න ඔහේ අල්ලලා දාමු බන් . . . ඒත් එහෙමත් බෑත් වගේ . . අනේ මන්දා . .

    ReplyDelete
  33. මටත් ආදරේ නැතිව එක මොහොතක්වත් ජීවත් වෙන්න බෑ...දුකා අය්යෙ...ඒක නෙ මෙහෙ තනියම ඉඳීම දරාගන්න බැරිව බ්ලොග් අවකාශය පුරාවට සෝයුරු සිත් හොයන්නෙ.. අම්මයි තාත්තයි මල්ලියිත් කප්පරකට ආදරේ කරන අතරෙත් මට..

    ReplyDelete
  34. ඉතින් මෙච්චර කාන්තාවන් වර්ණනා කරද්දී කියවලා විතරක් නිකං ඉන්නේ කොහොමද අප්පා.. ~බිன்ku~, පුලුවන්නම් Mayooresanට කියල කාදල් රෝජා තේරුමත් හොයලා මේ දුකාට දෙන්න පුර්විකාවක් ලියලා දෙන්න කියලා
    ගීතය අසා තිබුණා තේරුම දැන සිටියේ නැත. ඒ ප්‍රශ්නෙත් හරි.

    ReplyDelete
  35. මේ ගීතයේ තේරුම දැනගත්තේ අදයි.

    උඹ පිලිගනියිද මම දන්නේ නෑ, මේ මුලු ගීතයම අහපු පළවෙනි සැරේම මට තේරූනා....

    සංගීතය ව්ශ්ව භාෂාවක් කියන්නෙ නිකම් නෙමෙයි නේ මහත්තයෝ

    මම රසවිඳින ගීත "සංගීතා" කියන බ්ලොග් එකේ ඇත් මචන් කම්මැලි වෙලාවට බලන්න...

    ReplyDelete
  36. ආදරේ කියල මෙතන කියන්නේ රොමෑන්තික ආදරේනම්, ඒක නතුව ජීවත් වෙන්න බැරිකමක් නෑ. ඒත් පොදුවේ හැම ආකාරයකම ආදරය ගන නම් කියන්නෙ මම හිතන්නෙ ඒක නැතුව බෑ. ආදරය හැඟීම්බර හෝ භෞතික වෙන්නේ අපි ඒක හිතන විදිය අනුව. භෞතික වාදියෙකුට ආදරය නැති වීම ප්‍රශ්නයක් නෙමේ.

    ප.ලි. මට නම් ආදරේ නැතුව බෑ. එකකුත් මදි වෙලා ඉන්නෙ :-P

    ReplyDelete
  37. ම්ම්.........
    අත්දකිමි...

    ReplyDelete
  38. @චේජනා!
    ඇත්ත ඇත්ත අපි හැමෝම ආදරේට කොයි තරම් පෙරේතද . .

    @nethu !
    හරි අපි කියමු බින්කුට ඒ ඉල්ලීමත් ඉටුකරලා දෙන්න කියලා

    @මාතලන් !
    ඒ සංගීතා බ්ලොග් එක මචං "පට්ට" උඹ නම් මාර සිරා රසවින්ඳනයක් තියෙන එකක්.

    ReplyDelete
  39. @ත‍රිඳු!
    එකකුත් මදිවෙලා තව හොයන්න ගිහින් කෙහෙල් ගහකට කොටල හොට පටලගෙන එනවා නීම්යි මලේ හික්ස්

    @චතුර විජේකෝන් !
    තැන්කූ මචං . ..

    @wath !
    හොඳා හොඳා . .

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails