Tuesday, April 13, 2010

තංගච්චී Tongue දාන්න එල්ලියට . . . . !



පටන් ගන්නත් කලින් කියන ඕන මේක "වල්" කතාවක්.

කලින් මම ලියපු "දරුපල ප්‍රමාද නම් Sperm Test එකක් කලොත් නරකද?" කියන පෝස්ට් එකට කමෙන්ට් එකක් දාපු කෙනෙක් කියලා තිබුනා ඒක “වල්” කතාවක් කියලා.

ඒ කමෙන්ට් එක මම හිතුවා "වල්" කතා කියවන්න අකමැති අයත් ඉන්නවා කියන්න දුන්නු රතු එලියක් කියලා.

කොහොමත් මම ඒ කමෙන්ට් එකට පිලිතුරු ලෙස ලිව්වා, මීට පස්සේ මේ වගේ "වල්" කතා ලියනකොට ඒ බව කලින්ම කියනම් කියලා.

ඔන්න කිව්ව වගේම මම උඩින්ම ඒ බව ලිව්වා හොඳේ.

ඒක නිසා ලිපියේ අන්තර්ගතය ජීර්ණය නොවුනට වැරදි කාරයා මම නොමෙයි හරිය . . ?

"වල්" කතා ජීර්ණය කර ගත හැක්කෝ කියවා ජීර්ණය කර ගනිත්වා. . . නොහැක්කෝ නොකියවා අජීර්ණය සාදාගැනීමෙන් වලකිත්වා. . . .

අහ් ඒ කමෙන්ට් එකට ඌන පූර්නයක් විදිහට අපේ මේ "හද ගී පොත" ලියන මගේ මිතුරු තිසා මහත්තයා ලියලා තිබුනා පොඩි කතාවක්. පොඩි කිව්වට ඒක ඇස්ටි හැලෙන කතාවක් . . මේ තියෙන්නේ ඒ කතාව.

" තිස්ස දොඩන්ගොඩ said...

ඕකේ ඔය කියන තරම් වල් ගතියක් නෑ... තේරෙන කෙනාට තේරෙන්නත් නොතේරෙන කෙනාට නොතේරෙන්නත් කථාව යසට ලියලා තියනවා...

සමාන කථාවක්..

මනෝ වෛද්‍යවරයකු ගාවට එක්කන් ගිය පුද්ගලයෙක්... ඔහුට තිබිච්ච ලෙඩේ අසැබි මානසිකත්වය ඉහවහා යාම...

දොස්තර පොතක සිරස් ඉරක් ඇඳලා අහනවා මේ මොකද්ද කියලා

"ආ මේ නිරුවත් කාන්තාවක් හිටගෙන ඉන්නවා..."

තිරස් රේඛාවක් ඇන්දම

"ආ මේ ඒ කාන්තාව හිරු ‍රැස් තපිනවා..."

V අකුරක් මුනින් නවල ඇන්දම

"ඔහ් ඒ ගමන ව්‍යායාම කරනවා වාගේ..."

දොස්තර කියනවා " හරි මට තේරෙනවා ඔබට තියන ලෙඩේ... ඔබට තියෙන්නේ හැම දෙයක් දිහාම කාම ඇසකින් බැලීම..."

එතකොට ලෙඩා කියනවා "මට...ලෙඩක්...?? එතකොට මෙච්චර වෙලා ජරා පින්තූර ඇන්දෙ ඔහේද මමද...?

හැමවිටම අධ්‍යාපනයම ඕනේ නෑ... ඉඳහිට හිනාවෙන්නත් අපට ඕනේ... "


. . . . . . . . . . . . . . . . . . . . ..

පහුගිය දින කීපයේ, සති කීපයේ යහළු යෙහෙලියන්ගේ හා දන්නා කියන අය කීප දෙනෙකුගේ ප්‍රශ්න වගයකට ඇහුම්කන් දෙන්න සිදුවෙලා . . . බැලුම්ලන්න සිදුවෙලා (වැරදියට ගන්න එපා - මූනු පොතට, ඊමේල් වලට ආපු දුක් ගැනවිලි තමයි ඔය බැලුම් ලාපුවා හොඳේ) ඒගැන මගේ හිතේ ඇතිවුනු හැඟීම් දවසක් උදේක වැඩයට යන ගමන් එක පාරටම කවියක් වෙලා ගලාගෙන ආවා, මම ඒ ගලාගෙන ආපු වචන ටික කොලේකට දාලා හතරට නවලා ලාච්චුවේ දාලා අරන් තිබ්බා පස්සේ වෙලාවක බ්ලොග් එකට දාන්න කියලා. . . .

මේ අවුරුදු කටේ තියාගෙන ලේ රත්වෙන දේවල් මොකට කියනවාද (ලියනවද) කියලා හිතලා කට්ටිය සෙට් වෙච්ච වෙලාවක (අවුරුදු නිසා කස්ටිය සෙට් වෙනවනේ මේ දවස්වල) හැමෝටම කියලා රසවිඳින්න පුලුවන් වර්ගයේ කතාවක්ම කියන්න ඕන කියලා හිතිලා මේ කතාව කියන්න (ලියන්න)හිතුවා.

මොකද අපිත් පවුලේ කස්ටිය සෙට් වෙච්චි වෙලාවට අපේ ගෙදර වැරැන්ඩා එකේ පැදුරු දාගෙන දෙගොඩහරියක් වෙනකම් කරන්නේ මේ වගේ රසකතා කියන එක තමයි.

අම්මයි, අක්කයි - මස්සිනයි - අක්කගේ ළමයි ටිකයි, නංගීයි - මස්සිනයි - ළමයිනුයි, මායි අපේ ගෙදර උන්දැයි (ගෙදර උන්දැ සැට් වෙන්න කලින් ඉඳන් මේ අපේ තිබුනු පුරුද්දක්) තමයි මේ පැදුරු කතාබහට සැට් වෙන්නේ. අපේ තාත්තා ටිකක් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වර්ගයේ නිසා "ඔය කුනුහරුප නොකියා වෙන වැදගත් දෙයක් කතා කරපන්" කියලා කියනවා මිසක් මේ කතාවලට සැට් වෙන්නේ නෑ. හැබැයි එයා දෙකක් දාගත්තු වෙලාවට වතුවැඩට උදව් දෙන එයාගේ ගෝලයාට කුනුහරුප කියලා බනින කොට නම් මම අහගෙන ඉඳලා පහුවදාට කියනවා එයාට බීපුවා යි කියපුවායි වමාරන්න හිතෙන විදිහට . . .

අනිත් එක මී පැනි වුනත් නිතර කනකොට තිත්තට දැනෙනවා කියලා මම අහලා තියෙනවා. ඒක නිසා මී පැනි වල නියම පැනි රහ දැනෙන්නත් එක්ක ඉඳලා හිටලා කරවිල කෑවට කමක් නෑ කියලයි මට හිතෙන්නේ . . .

මේ කතාව මට කිව්වේ මගේ මිතුරු ප්‍රින්ස්. මේ කතාව අහපු දවසේ ඉඳන් අද වෙනකම් මට මතක් වෙන මතක් වෙන පාරට හිනා යනවා. (ගොඩක් අය අහලාත් ඇති මේ කතාව )

වෙන වැල් වටාරම් ඕන නෑ . . මෙන්න කතාව.

දුෂ්කර ගම්මාන වල තාවකාලික වෛද්‍ය සායන පවත්වන එක තාමත් රාජ්‍ය වෛද්‍ය සේවයේ අනිවාර්ය අංගයක් මම දන්නා තරමින්. ඒ කියන්නෙ මේ තේරෙන විදිහට කිව්වොත් රෝහලක්, ඩිස්පැන්සරියක් ලඟපාතක නැති ඈත දුෂ්කර ගම්මාන වලට වෛද්‍ය වරයෙක් හෝ කීප දෙනෙක්, හෙදියක් හෝ කීප දෙනෙක් තව සේවක සේවිකාවෝ කීප දෙනෙක් ගිහින් එක දවසින් වගේ ඒ ගමේ රෝගී අයව පරීක්ෂා කරලා නියමිත බෙහෙත් ලබා දෙන එක තමයි මේ තාවකාලික වෛද්‍ය සායන කියන්නේ මම හිතන විදිහට.

ඔන්න මේ වගේ තාවකාලික වෛද්‍ය සායනයකට දමිළ වෛද්‍යවරයෙකුට තනියෙම සහභාගී වෙන්න සිදු වුනාලු. මේ වෛද්‍යවරයාට එතරම් හොඳින් සිංහල කතා කරන්න ත් බැරිලු. මොනා වුනත් ඒ දවසේ කරන්න වෙන කිසිම දෙයක්, දෙන්න කිසිම විකල්ප විසඳුමක් නැති කමින් ඔහුට ඒක සායනයට යනන්ම සිදුවෙලා . . .

සායනය තිබිලා තියෙන්නේ පාසැලක. රෝග පරීක්ෂාවට ලක්වෙන රෝගීන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කල යුතු නිසා එක පංති කාමරයක තිර රෙදි වලින් වටකර ඒ මැද මේසයක් මේසයක් පුටු දෙකක් ඇතුලු අවෂ්‍ය අනෙකුත් උපකරන තව තිබුනාලු.

ඔන්න ඉතිං මේ තිර රෙදි වටකරපු පංති කාමරයේ වෛද්‍යවරයා රෝගීන්ට ආපු පිලිවෙලට රෝග පරීක්ෂා කරලා බෙහෙත් නියම කරමින් ඉන්නවාලු. වෛද්‍යවරයාගේ සහයට සිටින හෙදියත් මොකද්දෝ උවමනාවකට එලියට ගිය අල්ල පනල්ලේ ඊලඟ රෝගියා ආවලු.

මොකද්ද වැඩක් කරමින් සිටි වෛද්‍යවරයාත් ඔලුව උස්සලා බැලුවාම දැක්කේ අවුරුදු 25ත් 30ත් අතර වයස, මල් මල් චීත්ත රෙද්දකිනුත් කර හොඳටම පලල් නමුත් බෝරිච්චි අත්දාපු හැට්ටයක් ඇඳපු ඇඟපත් ටිකක් මහත දෙහෙතට හැදුනු කාන්තාවක් බෙහෙත් ගන්න තනියෙම ඇවිත් ඉන්නා බවලු.

වෛද්‍යවරයා වයස අවුරුදු 35ක විතර තරුණ අයෙක් නිසා බොහෝම කරුණාවෙන් අර කාන්තාවට හිනාවක් දාල . .

"යින්ද ගන්ඩ තංගච්චී . . " කිව්වලු.

අර කාන්තාවත් ඇගේ රියසකයුරු පුළුලුකුල වන වන ඇවිත් වෛද්‍යවරයා ලඟ තිබුනු පුටුවේ ඉඳ ගත්තලු.

"යේක මොක්කද ලෙඩේයි තංගච්චී" කියලා අර ඩොකා මහත්තයා ඇහුවලු.

අර කාන්තාවත් තමන්ගේ රෝග ලක්ෂන ටික ඔක්කෝම කිව්වලු.

වෙද නලාව අරගෙන පිටට, හංසයෝ එලියට පනින්න ඔන්න මෙන්න තියෙන පපුවට එහෙම තියලා ඉවර වෙලා ඇස් දෙකත් චෙක් කරලා ඉවර වෙලා රෝගියාට කිව්වලු

"තංගච්චී Tongue දාන්න එල්ලියට" කියලා . ..

අර කාන්තාව ඇස් ගෙඩි දෙක ලොකු කරලා බලාගෙන ඉන්නවලු ඩොකා මහත්තයා දිහා . . .

ඩොකා මහත්තයා ආයේ පාරක් කිව්වලු "තංගච්චී ටන් (Tongue) දාන්න එල්ලියට" කියලා . ..

මේ ගෑනි නැහැලු කිසි හෙලවිලල්ක්. . කන්න වගේ ඩොකා මහත්තයා දිහා බලාගෙන ඉන්නවලු.

ඩොකා මහත්තයා ට ටිකක් තරහ ගිහින් වගේ කිව්වලු "ආඬවනේ . . තංගච්චී  ටන් (Tongue) දාන්න එල්ලියට" කියලා . ..

වට පිට බලපු අර ගෑනු කෙනා එක පාරටම හැට්ටෙ ඇතුලට අත දාලා එක හංසයෙක් දැම්මලු එලියට . ..

ඩොකා මහත්තයා ෆුල් හොල්මංලු . . .

බය වෙච්චි පාර ඩොකා මහත්තයා "නේ නේ තංගච්චී . . . ඔය ටං නෙමේ . . . අනෙක් ටන්  අනෙක් ටන් . . " කිව්වලු . . .

අර ගෑනු කෙනාටත් දැං ටිකක් මල පැනලා වගේ ලු . . . ගෑනි මූන රකුසු කරගෙන හැටේ අස්සට අත දාලා අනෙක් හංසයාවත් එලියට දැම්මලු . . . . ..

ඩොකා මහත්තයාට හීං දාඩිය දාලලු . . .

"අයියයියෝ . . නේ නේ . . . තංගච්චී . . . මම කීවේ කටේ ටන් කටේ ටන් " කියලා කට ඇරලා කටේ ඇතුල පෙන්නුවාලු . ..

අර ගෑනු කෙනා අල්ල ගත්තලු ඩොකා මහත්තයාගේ ඔලුවෙන් . . . අල්ලලා එබුවලු අර එලියට ගත්තු හංසයෙක් ඩොකා මහත්තයාගේ කටේ . .. . !

අනේ වැඩේ කියන්නේ අර ගෑනු කෙනාට ඉංග්‍රීසි තේරෙන්නේ නෑලු . . .

. . . .. . .

හැම දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා . . .

87 comments:

  1. මට මොනා කියන්නද කියලා හිතාගන්න බෑ දුකා.
    පට්ට ආතල්...

    ඒ දොස්තරට ජය වේවා...

    ReplyDelete
  2. හික්
    ඔන්න මං නම් කියෙව්වෙ නෑ. කෙලින්ම මැද හරිහ පාස් කරල කෙලින්ම් ආවෙ කොමෙන්ට දාන කෑල්ලට.. :D

    ReplyDelete
  3. Hokz .Lolz . ROTFWL

    ඒක නෙවෙයි මොකද මේ පෝස්ට් එක මැද හරස් ඉරක් ඇඳලා.
    මහ වල් පින්තූරයක්නේ ඇඳල තියෙන්නෙ

    ReplyDelete
  4. ආඬවනේ..... hak hak....ela ela duka aiya....

    ReplyDelete
  5. අයියෝ සාමි.. යෙන්න සොල්ලන්ග අන්නා ?

    ReplyDelete
  6. හප්පට සිරි.. දුකායියා දැන්නේ නියම කතන්දර ලියන්ඩ පටන් අරං තියෙන්නේ.. පස්ට ඈ.. දිගටම ලියන්ඩ.. වල්කථා කියලා ටැග් එකකුත් පටන් ගත්ත නං තමා මරු.. මහරජා වීසා කැන්සල් කොරයිද දන්නෑ ඕං.. :P

    ReplyDelete
  7. අපරාදේ මම Bio නොකර Commerce කරන්න ගියේ... lol :D
    සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!

    ReplyDelete
  8. ආඬවනේ මේමත් ෂීන්... කෙතයි ඔදේ..
    වෙලාවට තිරරෙදි දාලා වහලා තිබුණෙ. නැත්නම් ගමේ අය සරම් , චීත්ත කෑලි උස්සගෙන ඇවිත් ඩොකාට ඉස්පිරිතාලෙ නවතින්න වෙන විදිහට සලකන්න ඉඩ තිබුණා.

    ReplyDelete
  9. ආඬවනේ යෙක පුත දොත්ත මාතියා ගේනි යෙක තෙණ කනවා අප්පා..!
    හපොයි මේ අවුරුදු කටේ අර දොස්තරගේ කටේ වැටිච්චි හක්කලම නේ දුකා අයියේ..! [බි.පෙ.සි X 200]

    ReplyDelete
  10. ඇති යන්තං දන්න කතාවක් දාලා! :P

    බට් ටිකක් මොඩිෆයිඩි නේද?

    ReplyDelete
  11. මාර වැඩේනේ, ඇනොනිමස් තෝරලා නැහැ, මේ ගමන කමෙන්ට් එකට.
    අපොයි...!
    :(

    ReplyDelete
  12. @Ansh : ඉතින් කොමන්ට් එක ඩිලීට් කරනන් තිබ්බනෙ. :D

    කතාවට නම් කියන්න තියෙන්නෙ, "හුටා!!!"

    ReplyDelete
  13. @ Ansh,
    ඔන්න මමනම් දැක්කේ නෑ... :D

    ReplyDelete
  14. මේ කතාවේ භාගයයි මම අහලා තිබ්බේ.. රචකයාගේ ලිවීමේ රටාව කෙබඳුද යත් මගේ සිතේ තිබූ චරිත සියල්ලම නැවතත් චිත්‍රනය කරගන්න සිදුවිය...

    ReplyDelete
  15. @නිශාචරයා Nishacharaya දැක්කත් දැන් කොරන්න දෙයක් නැහැ. දුකා අයියට මේල් බැක් අප් එකක් එනවානම් කතාව දැන ගන්න පුලුවන් වෙයි. නත්නම් මම ආපහු ඒක මේකෙ ඇනෝ හැටියට දැම්මත් දැන් මට කාඩ් එකක් වදීවි.
    :D

    @Madhawa Habarakada අපොයි , කොහෙද ඩිලීට් කරන්න යනකොටම ලයිට් ගියා ගිහින් ආව හැටියේ කලේ කමෙන්ට් එක සොයා ඩිලීට් කිරීම.
    :D

    ReplyDelete
  16. @Chanaka Aruna Munasinghe: මේක නම් එල කමෙන්ට් එක.... right spirit....හෙහ් හෙහ්...

    @LishWish: යකෝ බලං හිටියා වගේ කියන අපූරුව...හෙහ් හෙහ් හෙහ්....

    ReplyDelete
  17. ඔන්න මම නම් කතව මැද ඉදල නෙමේ මුල ඉදලම කියෙවුව. හික්ස්
    පට්ට කතව.

    අයියටය්,අක්කටයි,පුතටයි (මට නම් පුතා නෙමෙයි මල්ලි )
    තුන් දෙනාතම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  18. @ Ansh,
    දැන්නම් ඉතින් ඇනෝ විදියට දැම්මත් වැඩක් නෑ තමයි.. එහෙමනම් ඉතින් ඔයා ඊට පස්සෙ දාපු Comment එකත් Delete කරලම ඉන්න. මම දැක්කෙ නෑ වගේ ඉන්නම් :D

    ReplyDelete
  19. හහ් හහ් හා.... මැක්සා! කියල වැඩක් නෑ :D

    ReplyDelete
  20. හත්ඉලව්වයි වල් කතාවක් නේන්නම් දෙයියනේ. හික්ස්

    ReplyDelete
  21. හික්ස්........ එල කිරි.... පට්ට කතාව.....

    ReplyDelete
  22. @රනා!
    පවු බං ඒ ඩොකා !

    @සරදියල් !
    අන්න හොඳ ළමයි "වල්" ඒවා කියවන්නේ නෑ කමෙන්ට් කරනවා විතරයි

    @Chanaka Aruna Munasinghe!
    අපෝ උඹේ කැත හිත . . හික් හික්

    ReplyDelete
  23. හොද වෙලාටව එහෙම වුනේ හි .... හි....ල එලම කතාව දුකා! තව ලියන්න් අපි කට ඇරගෙන බලන් ඉන්නවා කියවන්න...

    ReplyDelete
  24. දුකා අයියා කතාවෙ අවුලක් නෙමෙ තියන්නෙ, සමහරු ඔවට කියනවා දෙපැත්ත කැපෙන විහිලු කියලා, මමත් කියනවා.. කලින් එකට තරම් හිනා ගියෙ නැහැ.. හැබැයි..

    ReplyDelete
  25. @හසිත්!
    හික් හික් හික් . . !

    @ත‍රිඳු !
    සොල්ලි වේල ඉල්ලෙ අප්පා

    @උදාර !
    බය නෑ මලේ උඹ මහජරා අහ් නෑ මහරජා ගේ දකුනු අත නිසා මම බය නෑ

    ReplyDelete
  26. @නිශාචරයා Nishacharaya !
    හොඳ වෙලාවට උඹ කොමර්ස් කලේ හික්ස්

    @RoshanHerath !
    හික් හික් ඔව් ඔව් එහෙනම් පොර තාම ගුටි කනවා

    @ලිෂ්!
    අර උඹේ කටේ වැටිච්චි එකට හපන් නේ ද බන් . . හික් හික්

    ReplyDelete
  27. @budhajeewa!
    අඩේ මෙ පොඩි එකා ඔක්කෝම කතා දනන්වා වගේ . . . හික් හික්

    @වැප්!
    හි හි

    @Ansh Lucky Sri Jay!
    හප්පා අසංකා නගේ නෑවා නේද මාර නෑමක් . . හික් හික්

    ReplyDelete
  28. @Madhawa Habarakada !
    හෙ හෙ හේ

    @තිසා!
    මේ සති අන්තේ එහෙනම් උඹ අහල තිබුනු විදිහ ගැන කියපන් හොඳේ

    @රුචක සදරුවන් !
    අනේ පවු පුංචි පැටියා අපේ කොල්ලට මල්ලි කියන්න . .. හික් හික් . . හරි හරි ඔයාලටත් එසේම වේවා

    ReplyDelete
  29. @Chamitha!
    හප්පා මලේ උඹ කොහෙද බං මෙච්චර කාලයක් හැංගිලා හිටියේ . . . උඹ මගේ ආසම බ්ලොගර් කෙනෙක් මලේ

    @සුසිත රවින්ද සෙනරත් !
    හා හා ඔන්න කලින්ම කිව්ව නොදිරවන අයට නොබලා ඉන්න කියල හොඳේ හික් හික්

    @DReeZone!
    එළ නම් එළ

    ReplyDelete
  30. @අෂාන් රවීන්!
    හා හා කට ඇරගෙන ඉන්න එපා . . . අර කලින් වෙලාවක ලිෂ් ට කිව්ව වගේ බ්‍රේක් නැත් මැස්සෙක් එහෙම අවොත් කෙලින්ම බඩේ . . .

    @රවා!
    කලින් එකට තරම්ම නැතත් හිනා ගියා නම් ඒ මදැයි බන් . . හික්ස්

    ReplyDelete
  31. හොද කතාවක් තමයි ඒකත් . . .

    ඔබටත් පවුලේ සෑමටත් සුභ අලුත් අවුරුද්දක්ම වේවා!!!

    ReplyDelete
  32. මරු කතාව අයියේ, මට මතක් උනේ තව කතාවක් මේක කියෙව්වම.
    ඔන්න දවසක් දමිළ මනුස්සයෙක් සිංහල විභාගයක් ගන්න ගියාලු. විභාගේ තිබ්බලු ඒක වචන බහු වචනෙට හරවන්න.
    'ගොනා තණ කයි'.
    මෙන්න මේක හරවන්න.
    කල්පනා කරාලු, කරාලු.. ම්හු.. එන්නෙම නැහැලු.
    වෙලාවත් ඉවර වෙන්න ලං වෙච්චි.
    ඕන මලදානයක් මම ලියනවා මේ උත්තරේ.. අනික මොකද්ද මෙකේ තියෙන වැරැද්ද, මිනිහා හිතුවලු. ඊළග විනාඩියේ පිළිතුර සටහන් කළා;
    "ගොනා *න් දෙකම කයි

    ReplyDelete
  33. හැමෝටම !!!
    මේ කතාව දිරෝ ගන්න බැරි වුනු කවුරු හරි පින්වතෙක් ලස්සන වචන ටිකකින් කමෙන්ට් කරලා ගිහින් තිබුනා . .

    ඒවාට මගේ නම් අකමැත්ටක් නෑ ඒත් මේක බලන අය ගොඩක් දෙනෙකුට අපහසුවක් නොවෙන්න ඕන නිසා මම ඒ කමෙන්ට් දෙකම ඩිලීට් කලා.

    ලියපු කෙනා ඒ ගැන තවදුරටත් තරහා නොවෙයි කියා හිතනවා

    ReplyDelete
  34. @ආකාස කුසුම් !
    වජිරා බොහෝම ස්තූතියි සුභ පැතුම් වලට . .. .

    @අනෝ!
    මට බඩ කොර වෙනකම් හිනා . .. මේ කතාව නිසාම නෙමෙයි හැබැයි ඕං . . දන්නවානේ

    ReplyDelete
  35. හැට්ටෙට අතදාලා හංසයෝ ගන්න ඒ ගෑනුකෙනා මැජික් කාරියක්ද දුකා අයියෙ. :P . අනික ලංකාවෙ හංසයො ඇත්තෙත් නෑලු පාත්තයො විතරයිලු ඉන්නෙ. :P

    මටත් ඔය වගේ කතාවක් මතක් උනා. ඉඩ තියෙන වෙලාවක ලියන්නම් :D

    ReplyDelete
  36. හයියෝ .. සොල්ලි වේලෙ ඉල්ල ඩා.... මේකෙ ඇති වල් කමක් නෑ... මරු කතාව.

    ReplyDelete
  37. api oyaata dhaana kament vala keli kepila thiyenne mokadha..?

    ReplyDelete
  38. අපි මෙහෙම හිටියට සුඛිත මුදිත බෝ පැල වගේ ලමයිනේ.
    ඕව අපි දන්නේ නෑ ඕං....
    පරන කාලේ මතක්වුනා දුකා අයියා..
    මොකද ඉස්සර අපේ එවුන් ෆ්‍රී පීරියඩ් වල කරන්නේ ඔය වගේ ෆන් කථා කියනවා.

    හැබැයි මැක්සා කථාව.

    යන්න කලින් සුබ අලුත් අවුරැද්දක් වේවා කියලත් පතනවා ඔන්න...

    ReplyDelete
  39. මරු ලියවිල්ල...

    සුබ අලුත් අවුරැද්දක් වේවා!

    ReplyDelete
  40. හෙහ්..හෙහ්...මදෑ..ඔයින් ගියා....ටන්+ගච්චි කියනකොටම පත බෑවේ නැතුවා...මුහුණත් තහඩුව පුරාවට මතක හිටින්නම....අපේ ගමේ අම්මණ්ඩිලා හොඳ හැදිච්ච උදවිය හොඳෙයි...

    ඉතින් දුකෝ...

    මේ ලැබුවාවූ සිoහල දෙමළ අළුත් අවුරුද්ද දුකාටත්...දුකීටත්...දුක් පැටියාටත්..කිරියෙන් පැණියෙන් ඉතිරෙන එකක්ම වේවායි...පතමි....
    ආ..අමතකවුනානෙව....ඔය.. මේ වසරේවත් අර තනිවම සිටින දුක් පැටියාට සෙල්ලම් කිරීමට දුක් පැටික්කියක් හදා ගත්තොත් නරකෙයි????


    මේ...

    සුලා...

    ReplyDelete
  41. සුබ අලුත් අවුරැද්දක් වේවා!

    ReplyDelete
  42. කතාවෙ ඔක්කොම තේරෙනවා, හන්සයො ආවෙ කොහොමද කියල නම් තේරෙන්නෙ නැහැ... :D

    මොනව උනත් කතාව කියවන ගමන් හොඳ චිත්තඃරූප ටිකක් නම් මැවෙනවා... අනේ මන්දා.... මටත් දැන් නිකන් ඉරි කෑලි පේන්නෙ කාන්තා රූප වගේ :D

    ReplyDelete
  43. අපි ඉතින් එදා ඉඳන් බෝ පැළ වගේ ඉන්න මිනිස්සු නෙව...
    ආපෝ අපිනම් මේ පැත්තට ආවෙත් නෑ...
    දැක්කෙත් නෑ...
    බැලුවෙත් නැ...
    ඇහුවෙත් නෑ... හරිය...

    මේ දුකා අයියේ ඔක්කොමත් හරි... අර ගෑණු කෙනා හැට්ටෙ අස්සට අතදාලා හංසයෝ ගත්ත එක තමා තේරුම් ගන්න බැරි...
    ඉස්සර අපේ බැංකුවලට ආවා.. ඔය වගේ ගෑණු කට්ටිය...
    එයාල නම් හැට්ටෙ අස්සට අතදාලා ගන්නේ, පසුම්බිය...

    (ලැබුවා වූ සිංහල, දමිළ නව වසර
    ඔබ සැමට
    සාමය, සෞභාග්‍යය සපිරි
    සියළු පැතුම් ඉටු වන
    සුබ නව වසරක් වේවා !!!)

    ReplyDelete
  44. අම්මෙ මෙන්නෝ.. දුකා අයියා වල් කතා කියනෝ.. :)

    මේ වගේ පුංචි විහිළු කතාවක්වත් දිරවගන්න බැරිව කුණුහරුපෙන් බනින එවුංට අපි අනුකම්පා කරන්න ඕන දුකා. ඒකෙං පෙන්නන්නෙ එයාලගෙ මන්ද මානසික තත්ත්වය. සැලෙන්න එපා ඕවට..

    පලි: මට පොඩි ප්‍රශ්නයක් මතුවුනා අර මානසික රෝගියගෙ කතාව ඇහුවම. හරහට ඉරිදෙකක් ගැහුවොත් (like '=') ඒකෙන් මොකක්ද අදහස් වෙන්නෙ.. :)

    තව පොඩ්ඩෙං අමතක වෙනවා.. සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  45. හික් හික්..වල් කතාව මරු.

    අයියටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියල පතනවා.

    ReplyDelete
  46. කතාව ගැන නම්

    බැලු බැලු බොහො දනා
    බොහෝ දේ කියූවෙන්
    කිසිවක් ම නොකීමි..

    අය්යේ, සුබ අලුත් අවුරුද්දක් වේවා... ඔයාටත් ගෙදර අයටත්..

    ReplyDelete
  47. අනේ අනේ දුකෝ...

    සුභ නව වසරක් වෙවා..!

    ReplyDelete
  48. හි හි ......


    සුබම සුබ සිනා සපිරි අලුත් අවුරුද්දක් වේවා කියල පතනව දුකා අයියටත් අක්කාටත් විරුල් ඇතුළු මුළු පවුලටම ..............

    ReplyDelete
  49. දුකා අය්යත් දැන් හොද කතා එලියට දානවනේ. මොනව උනත් ඩොස්තරටත් නරක නැහ වැඩේ. හික් හික්

    ReplyDelete
  50. මැක්සා...!!! අහල තියන කතාවක්. හැබැයි දුකාගේ ලුනු ඇඹුල් එක්ක ආපහු අහද්දි මරේ මරු......
    මේක ඔය කියන තරම් වල් නෑනේ....මීට වඩා වල් එවා දැම්මත් අපි නන් නෝ කතා.... හිනා විතරයි..... :D
    (මේවා පොඩිඋන් දැකල නරක් වෙයි කියල නන් බයවෙන්ඩ දෙයක් නෑ දුකා. උන් මේව ඔක්කොම දන්නව. අපිටත් කියල දෙයි උන් හික් හික්.... එ හින්ද බය නැතුව දාමු..)

    සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

    ReplyDelete
  51. @පහන් !
    හෆ්ෆා ඒක තමයි ගීතා අක්කා දැක්කා නම් බැනුම් අහගන්නවා. . .

    @kumaraya!
    "api oyaata dhaana kament vala keli kepila thiyenne mokadha..?"
    අහ් මම කෑලි කැපුවේ නෑ සහෝ . . සිරාවට . .

    @මිස්සක!
    හඃ හඃ හා අපිත් එහෙම තමයි විශේෂයෙන් ටෙක් යන කාලේ . . .

    ReplyDelete
  52. @ගල් මල් - ඩීන් !
    තැන්කූ තැන්කූ මචං . . . සෙට් වෙමුකෝ අපි මේ වීක් එන්ඩ් එකේත් . . අහ් උඹටත් එසේම වේවා

    @සුලා!
    හික් හික් හික්
    අනේ බං අපේ පොඩි එකාගේ හුරතල් තව ටික කාලයක් බලලම ඉන්න කියලයි අපි හිතුවේ . .. හි හි

    @Ano!
    තැන්කූ තැන්කූ
    එසේම වේවා . . !

    ReplyDelete
  53. @sameerausa !
    අනේ උඹ දන්නෙම නෑ හංසයෝ කොහෙන් ආවද කියලා . ..
    අහ් උඹටත් අර තිසා කිව ඩොකා ගෙන් බෙහෙත් ගන්න න්වෙයිද දන්නේ නෑ හික්ස්

    @සනා!
    හංසයාගේ පිටේ තමයි පසුම්බියා තියාගෙන එන්න්නේ . . බොරුද කියලා අනිත් දවසේ පොඩ්ඩක් එබිලා බලපන් සනෝ . .

    @Buratheno!
    හෙ හෙ හේ අර ඉරි දෙකේ කතාව මම කිව්ව කියලා හිතාගන්න හොඳේ . .

    ReplyDelete
  54. @Raven !
    උඹ වගේ පොඩි උන් නරක් වෙයිද මන්දා . . හික් හික්

    @චේජනා!
    බයයි නේ මොනාවත් කියන්න හික් හික්

    @මාරයා!
    අනේ අනේ මාරයෝ . .

    @විශ්මි !
    නිකම් පේනවා පේනවා වගේ අතින් කට වහගෙන හිනා වෙන හැටි

    ReplyDelete
  55. @පිස්සා පලාමල්ල!
    ඉස්සර ඉඳන් මේවා තිබ්බා . . කටිය මොනවගේද කියලා අඳුනා ගන්න කම් නොද හිටියා . . හික්ස්

    @චමිල !
    මම කිව්වේ ඒ කතාව ගොඩක් අය අහල ඇති කියලා .. . හි හි

    ReplyDelete
  56. අවුරුද්දට සුභ පතපු හැම දෙනාටම ස්තූති හොඳේ . . .

    මමත් හැම දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා . .. !!

    ReplyDelete
  57. හිහ් හිහ්.... දුකා අයියා මරු කථාව!!! හිනා එකයි.. අලුත් අවුරුද්දේ කියවපු පළමු බ්ලොග් සටහන.... හිහ්හිහ් හී........ මැක්සා!!

    ReplyDelete
  58. හිහ් හී...
    ඊළඟ පාර හොයල බලන්න ඕනෑ...
    ඕකට අපේ කට්ටිය කියන්නෙ තංගල්ල ශාඛාවෙන් Fund Transfer කරනවා කියල...

    දුකා අයියෙ “ළමයා“ හා හා පුරා කියල අළුත් අවුරුද්දට වැඩ අල්ලල තියෙන්නෙ ඔයාගේ මේ “වල් කතාව“ කියවල... හත්වලාමයි... පොඩිවුන් නරක් කරනවා කියල චෝදනාවලට හෙම ලක්වෙන්න වෙයි ඕං.....

    ReplyDelete
  59. @Jude !
    එල එල . . මරු නම් මරු . .

    @ළමයා !
    හෆොයි ළමයෝ . . අවුරුද්දම වල් වෙයිද දන්නෙ නෑ එහෙනම් . . හික්ස්

    @සනා!
    අහ් ඒ ට්‍රාන්ස්ෆර් කිරිල්ලේ කතාව නම් මරු . ..
    ඔව් බං . . මාවත් බෑන් කරයිද දන්නේ නෑ හික් හික්

    ReplyDelete
  60. කතාව ගැන කට පියාගෙන හිටියට බයයි කිව්වම නම් කට පියාගෙන ඉන්න බෑ දුකා අය්යෙ...,

    මම බය නැති බව දන්නෝ නම් දනිති...

    ඒත් ඉතින් නොදන්නෝ නොදනිති නෙ.. ;)

    ReplyDelete
  61. @චේජනා !
    හප්පා චන්ඩි කෙල්ල . .. හික් හික්

    ReplyDelete
  62. ෆට්ට... ඉනා කාල පනෙ ගියා

    ReplyDelete
  63. @මධු වීරකෝන්!
    ඕම ඉනා වෙන්න යෙප්පා අප්පා

    ReplyDelete
  64. @ මධු වීරකෝන්!

    යේම යිනා වෙනකොට යුම්බ් ලස්සනයි ....

    ReplyDelete
  65. දුකා අයියාට අලුත් අවුරුද්දට සුබ පතන්න බැරි වුනානේ..

    දුකා අයියා ඇතුලු මේ බ්ලොග් එක කියවන සියලුම සහෝදර සහෝදරියන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  66. ‍පට්ට කතාව දුකා අයියා!!!
    ආහ්! මේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!

    ReplyDelete
  67. පරිස්සමෙන් ඔන්න! දැන් මේ බිලෝගයත් වාරණය කරයිද දන්නේ නෑ බලවත් ඇත්තෝ!

    ROFL! Awesome machang!

    ReplyDelete
  68. @Chanaka Aruna Munasinghe!
    හඃ හඃ හා . . එල එල මකරෝ

    @ළමයා!
    අහ් ඔව් ඔව් හම දෙනාටම . . .. කියවන නොකියවන හමදෙනාටමත් එකක්ම . .

    ReplyDelete
  69. @(ෆොක්ස් Creationz) !
    එහෙනම් කමක් නෑ . . හික්ස්
    අහ් එසේම වෙවා . . !

    @බිன்ku!
    අයියෝ ඕක මොකද්ද බින්කු මළේ . . මම හැමදෙම "කොයි දේ වෙන්නෙත් හොඳටයි" කියලා භාර ගන්න එකානේ . . ආ ඒකත් එහෙමද කියලා ඔන්න ඔහේ සද්ද නැතුව ඉන්නවා. . .හි හි

    ReplyDelete
  70. ඔබටත් සුභ අලුත් අවුරුද්දක් දුකා

    ReplyDelete
  71. ඔය ඩොකා කොහෙන් ආව එකෙක් ද දන්නේ නැහැ අමුත් ඇක්සන්ට් එක තියෙන්න නැත්නම් ඇන්ටිට Tongue කියන එක වෙන එකක් වගේ ඇහෙයි යෑ :-D

    ReplyDelete
  72. @NUWAN!
    බොහෝම කාලෙකින් නේද මචං . . !!

    @ම !
    නෑ නෑ ඇක්සන්ට් එකේ කේස් එකක් නෙවෙයි වගේ නේද බං . . අර ගෑනු මනුස්පයාට ඉන්ගිරිසි බැරි එක නොවෑ . . හික්ස්

    ReplyDelete
  73. ammata siri...duka ayya dokata ita passe mnonawa unada.,..kiyala danne na ne..
    matat asai e gamata wedakame yana

    ReplyDelete
  74. මචං පට්ට ආතල් කතාව...සිරා...උඹට ඉතිං ඕනි දෙයක් නියමෙට රස කරලා ලියන්න පුලුවන්නේ....

    ReplyDelete
  75. හෆොයි..හිනා කාල පන ගියෝ... අපෙ අක්කා මගෙ පස්සෙන් ඇවිත් එබිල මොකෝ අහනවා... ඒත් මම හක හක ගාල හිනා වෙනෝ... කිව්වෙ නෑ..අපි ලැජ්ජ බයට හැදිච්ච ගෑනු ලමයිනේ ..හක් හක්.... හී... ටික වෙලවකට පස්සෙ අක්ක්න්ඩිත් මේ පෝස්ට් එක දිහා බලන්ම හක හක ගානව මම දැක්කෝ.. අදනම් ඇනී ආවා..ලැජ්ජාවේ බැරි නිසා.. හෙ හෙ

    J

    ReplyDelete
  76. @Ano!
    "ammata siri...duka ayya dokata ita passe mnonawa unada.,..kiyala danne na ne..
    matat asai e gamata wedakame yana"
    ඇයි උඹත් ඩොකෙක්ද . . ??? බලාගෙන ආ හික් හික්

    @සිතුවිලි ගංගා...!
    හි හි හී . . . එල එල

    ReplyDelete
  77. @Ano!
    "හෆොයි..හිනා කාල පන ගියෝ . .. "
    ආදරයි කැස්සයි වගේ සද්දෙන් කරන හිනාවත් හංගන්න බෑ හොඳේ . . ඔයාට අක්කව මාට්ටු අක්කට ඔයාව මාට්ටු . .එල එල

    ReplyDelete
  78. "හංසයා"...... මරු කථාව ඕයි........... මේක කියවද්දි මටත් හිතුනා ඩොකෙක් වෙන්න :D

    ReplyDelete
  79. අද තමා දුකාගේ බ්ලොග් එකට ආවෙ කාලෙකින්..

    මොකද ලංකාවට එන්නේ නැතිව මාලදිවයින් යන්නද හදන්නේ? ;-)

    ReplyDelete
  80. @හසිත මදුශංක!
    හෆොයි . . උබේ අසරන කට !!

    @ඩනිෂ්ක !
    තලේබාන් ලංකාව මම එන කාලේ වෙනකොට පරන සුපුරුදු ලංකාව වේවා කියලා පතමු නේද බන් . ..

    ReplyDelete
  81. ගෑනු මනුස්සයට ඉංග්‍රීසි බැරි උන 1 ඩොකාගෙ චාන්ස් 1......
    හික්ස්.......
    මට නිකන් මැවිලා පේනවා වගේ.......

    ReplyDelete
  82. හික්ස්.... මරු ආතල් සීන් එක....

    ReplyDelete
  83. මචෝ . . . . පිස්සු හැදිල ආපහු පිස්සු හැදෙනවා . . . මට හිනාව නවත්ත ගන්න බැරිව තව පොඩ්ඩෙන් ඉස්පිරිතාලෙට තමයි ගෙනියන්න වෙන්නෙ !!

    ReplyDelete
  84. @Ano!
    අහ් එහෙනම් ශෝක් ඒ කියන්නේ මම හොඳට ලියලා තියෙනවා කියන එකනේ . . හික්ස්

    @dik !
    Ela ela . . .!

    @දුමී!
    හප්පා . . එහෙනම් තව ඩිංගෙන් මටත් පොලිසි යන්න වෙනවා . . දනන්වනේ ඩුබායි පොලිසිය ලංකාවේ වගේ නෙමෙයි . . . හික් හික්

    ReplyDelete
  85. අම්මට හුඩු..කියල වැඩක් නැහැ..මැක්සා...
    මේවගෙ කතා බ්ලොග් එකේ දැම්මට සින්හල බ්ලොගර් යූනියන් එකේ අව්ලක් නැද්ද??

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails