Sunday, March 21, 2010

හෝද හෝදා මඩේ ඔබන මනරම් යුගදිවිය . . . !



හෝද හෝදා මඩේ ඔබමු
මඩේ ඔබ ඔබා හෝදමු
අහා කෙතරම් ආතල් ද මේ
මනරම් යුගදිවි සොමිය . . . !

ඔච්චර ම ආතල් ගන්න
හෝදන්න ජාති ගොඩාක් ඕනෑද ආයිබෝං . . ?

රෙද්ද . .. ! මොන පිස්සුද
එකක් තිබුනත් හොඳටෝ. . .ම ඇති !
මනරම් යුග දිවිය
වසරද, දෙකද, පනහද
කිසි ප්‍රශ්නයක් නෑ . .
එකම හේතුව
වසර ගානක්
මඩේ ඔබ ඔබ හෝදතෑකි
හරිම ආතල් ඕයි . .
සොල්ලි වේල ඉල්ලෙයි . . !

මඩේ ඔබලා හෝදන්න ජාති නැත්නම්
ලොකු ප්‍රශ්නයක් නේද අනේ . . !

ඔල්මාදෙද . . ?
මේ හලෝ
අපි සිරි ලාංකිකයෝ හරිද
ලෝකෙන් උතුම් රට ලංකාවයි
ලංකාවයි සිරි ලංකාවයි . . !

වීරයා ද්‍රෝහියා කරන
ද්‍රෝහියා වීරයා කරන
මේ සුභ අනාගතේ ඉන්න අපිට
ඕකත් කජ්ජක්ද ඕයි . .

මඩේ ඔබන්න ජාති නැත්නම්
ජාති හදනවනේ . .
සිම්පල් ප්ලෑන් එකක් . . !
ඕන වෙන්නේ
තේ කෝප්පේ කිඹුල්ලු දකින
මහා පන්ඩිත ඥානය විතරයි . . !

අම්මට සිරි ඔය තියෙන්නේ
බඩුම තමයි . . . !
ඉතිං අපි
හෝද හෝදා මඩේ ඔබමු
මඩේ ඔබ ඔබා හෝදමු
අහා කෙතරම් ආතල් ද මේ
මනරම් යුගදිවි සොමිය . . . !

30 comments:

  1. පංකාදුයි ම‍ටම ලියාපු එකක් ද මන්දා

    ReplyDelete
  2. හම්මෝ... ලොල්... මරු අයිඩියා එක. නොනලාගෙන් ගුටි කන්න වෙයිද දන්නේ නැ ඔයාලට...

    ReplyDelete
  3. යුග දිවිය මෙතරම් සුන්දරද කියලා විස්තර කරන්න බෑ.
    ඒක සුන්දර අසුන්දර වෙන්නේ ජීවත් වෙන හැටියට.
    සමහරු මේක නාගන්නවනේ

    /බිඟුවා...!

    ReplyDelete
  4. මඩේ ඔබන්න ජාති නැත්නම්
    ජාති හදනවනේ . .
    සිම්පල් ප්ලෑන් එකක් . . !
    ඕන වෙන්නේ
    තේ කෝප්පේ කිඹුල්ලු දකින
    මහා පන්ඩිත ඥානය විතරයි . . !


    එලස්

    ReplyDelete
  5. හහහා..නියමයි මේක.

    ReplyDelete
  6. මට නම් තාම තේරුමක් නෑ ඔය ගැන... අපි තාම තනිකඩ මිනිස්සුනේ...!!! ෂහ් ! අත්දැකීම් තියෙන අය ඔය දෙන්නෙ comments නියමෙට ම..
    හිහ් හී :D

    හැබැයි මට නම් හිතෙන්නෙ බිඟු අයියා හරියටම හරි කියල...

    ReplyDelete
  7. "මඩ නොනෑවොත් සෝදන්න බැරිය..
    නොසේදුවොත් මඩ ගාන්න බැරිය..."

    සමරවීර නිමල්චන්ද්‍ර ගේ "අඹුසැමියන් මඩ නා, සෝදාගත් දා...." නවකතාවෙන්...

    ReplyDelete
  8. යුග දිවි සොමිය

    ඔය ආතල් එක තෙරෙන්නේ බැනද දවසටම තමා.

    ReplyDelete
  9. කාලෙකින් දැක්ක නියම පොස්ට් එකක් දුකා අය්යෙ...

    ReplyDelete
  10. නියමෙට ලියල තියෙනව දුකා අයියෙ......

    ReplyDelete
  11. මාතෘකාවට අදාළ නැති දෙයක් ලියනවට සමා වෙන්න..

    අපේ සහෘදයෙකුට හරිම අවාසනාවන්ත සිද්ධියකට මුහුණපාන්නට සිදුවෙලා..
    ආදරය, විරහව සහ කදුල ලියන චන්දික මලයට...
    හැමොගෙම අවධානය මේකට යොමු වෙනවා නම් හොඳයැයි සිතනවා..
    මේක බලලා ඔබේ අදහසත් ලියල එන්න..
    http://love-hurt-tears.blogspot.com/2010/03/blog-post_6649.html

    ReplyDelete
  12. @උන්නැහේ!
    අහ් . . උඹත් වලියක් දාගත්තාද ? හෆොයි

    @Hipo!
    අපේ ප්‍රකාෂණ අයිතිය නැති කරන්න හහ් එව්ව කොහේද . . .අපි බය නෑ හරිද . . හික් හික්

    @බිඟුවා...!!
    අනේ ඔව් බිඟුවෝ . . . ඒක නම් ඇත්ත

    ReplyDelete
  13. උපහාසයෙන් පිරි පද පෙලක්, ඒත් පොඩි විමසුමක් කරන්න සිතුනා.

    මහ සයුර හා මහ පොළොව යාකරන රන්වන් තීරය මූදු වැල්ල. වැල්ල සිප ගන්න රැල්ල නොආවොත් ඒ රන්වන් තීරය වියලී ගොස් පරඩැල් බැඳි, වල් වැදුන වැල්, කැලි කසල වලින් පිරී ක්‍රම ක්‍රමයෙන් නැතිවී යා හැකියි.

    වැල්ල සිපගන්න මහරළ පලාතම සුද්දකර ඔතා අරන් යනවා. ඒත් නිරතුරුව වැල්ල සිඹින පොඩිරළ ගේන කිරිපෙන ගෙලවට මාලයක් සේ රන්වැල්ල සරසනවා. පරිස්සමෙන් වැලි තලය පිරිසිදු කරනවා. ඒ මුදු මොලොක් කිරිපෙන කියන්නෙ කඩාගෙන එන සයුරු ජලතල සමඟ පොළොව සුරකින ගල්පර හැප්පි කල සටනින් අඩාල වූ කැඩී බිඳී බලසුන්වූ මහරල නොවෙද.

    රන්වන් වැල්ල වියලීම, තෙත්වීම නිසා නොවෙද වෙනස් පාටවලින් (shades) අලංකාරව දිස්වෙන්නේ. මෙයම නොවේද ජීවිතය.

    මල සයුරේ (Dead Sea) රළ, අලංකාර කිරිපෙන ඇතිවන්නේ නැහැ.

    ReplyDelete
  14. නියමයි දුකා...

    ReplyDelete
  15. අදහස නම් පංකාදු පහයි..
    ඒත් මට හිතෙන්නේ දුක් දේවිය මොකක් හරි පාට්එකක් දාලා වගෙයි...

    ReplyDelete
  16. ඔයගැන නම් මොනවත්ම කියන්න බෑ. අපි තාම පවුල් ජීවිතේට ඇතුල්වෙලා නෑනෙ

    ;)

    ReplyDelete
  17. නියමයි දුකා අපුරුයි!

    ReplyDelete
  18. තාම නම් තනිකඩ තමයි.
    ඒත්..බැඳලා ඔය සොමියත් ගන්න එපැයි නේද..දුකා.

    superbbb..කවිය ..මචං.

    ReplyDelete
  19. @චතුරංග රූපසිංහ !
    තැන්කූ තැන්කූ

    @Raven !
    මේ මේවා බලලා හැදියන් හොඳේ . . මේ වගේ කරනවා එහෙම නෙමෙයි ඕං . .

    @sansarasidu !
    අහ් තනිකඩයින්ටත් වටිනවා මෙව්වා. පෙන්නලා අහන්න බඳින්න කලින් මේ වගේ හෝද හෝද මඩේ දානවද නැත්නම් නොබැඳ ඉමුද කියලා හික් හික්

    ReplyDelete
  20. @ගල්මල්-Coral !
    උඹ කියන දේත් ඇත්ත. ඒත් වෙලාවකට ඔය වැඩේ එපා වෙනවා. පරන රෙද්දම හෝදන්නේ නැතුව අලුත් එකක් ??? අන්න එහෙනම් කමක් නෑ කිව්වැහැකි. වෙනසකටත් එක්ක අර උඹ කියල මුහුදු රැල්ල වගේ . .

    @මිස්සක !
    එළ එළ කිව්ව වගේ හැදියන් මේවා බලලා හොඳේ හික් හික් බඳින්න කලින් දාපන් කන්ඩිෂන්

    @මාරයාගේ හෝරාව !
    අඩේ මාරයාට හොරෙන් වලියක් වත් දාගන්න බෑ වගේ . . . මූට තේරෙනවානේ බැඳලා නැති උනාට . .. හෆ්ෆා

    ReplyDelete
  21. @තිස්ස දොඩන්ගොඩ !
    තිසා ඒක හරියට අර මළගිය ඇත්තෝ පොතේ තියෙන කොටසක් වගේ. ම් ම් මොනා වුනත් මම නම් කැමති මඩේ දදා නොසෝදන ඒත් මඩ ගෑවුනොත් විතරක් සෝදන යුගදිවි සොමියක්. මම ආසා නෑ රන්ඩුවෙන්න . . දන්නවනේ මම වගේ තරහ නොයන අයට තරහ ගියාම පාලනය කරන්න කොච්චර අමාරුද කියලා . ..

    @V!
    ඔව් ඔව් දැන් උඹ ඔය ඒ ආතල් එක ගන්න ඉක්මනට බඳින්නද හදන්නේ . . ??? හෆොයි හික් හික්

    @චේජනා !
    අහා . . එහෙනම් අපේ ගෙදර උන්දැට කියන්න ඕන මේ වගේ කාලෙකට එක පාරක් වලියක් අදින්න කියලා එතකොට කස්ටියට පෝස්ට් එකක් කියවන්න පුලුවන්නේ . . හික් හික් . .

    @විශ්මි !
    අහ් විශ්මි නංගී. අර රේවන් ට කියපු එකම ඔයාටත් අදාලයි හොඳේ . . හික්ස්

    ReplyDelete
  22. @දිල් !
    එහෙනම් ඇතුල් වෙන්න කලින් ම අර අර වගන්ති මාලාවට එකතු කර ගන්න නගේ . .
    "ඉරා විසිකල යුතු පරන රෙදි හෝද හෝදා මඩේ දැමීම, මඩේ දම දමා හේදීම සපුරා තහනම්" කියලා . . හික්ස්

    @අෂාන් රවීන් !
    එල එලස්

    @- නිල් අහස - !
    අහ් මේ වැඩේ ජොලි වැඩක් කියලද උඹ හිතන්නේ . මට නම් එපාම කරපු දෙයක්. ඒත් ඉතින් මාත් ඔය වැඩේම කරන වෙලාවලුත් තියෙනවා. . හික්ස්

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. ඔයා මුලු රටම ගැන නෙද මෙ කියන්නෙ.... හොද හොද මඩෙ ඔබන යුග දිවිය කියලා කියපු වාහම මම හිතුවෙ වෙන දෙයක්.. පස්සෙ කියවද්දි තමයි සිස්ටම් එක ගැන නෙ මෙ කියන්නෙ කියලා තෙරුනෙ....

    ReplyDelete
  25. මට පේන්නේ බදින්න කලින් හොදම උපදෙස් දෙන කෙනා දුකා අයියා වගෙ ;)

    ReplyDelete
  26. හෝද හෝද මඩේ දාන්නෙ...
    බලා ගෙනයි.................
    මඩ පැල්ලම් හිටියොත්.......!
    ආයෙත් රෙදි නැන්දවම....
    ගේන්න වෙයි...........


    හප්පේ....බලාගෙන යනකොට..කසාදයකත් තියෙන්නේ...අර, වමාරා කන න්‍යායනේ...

    අනේ අනිච්චo...!

    මේ....

    සුලා...........

    ReplyDelete
  27. හෝද හෝදා මඩේ ඔබමු
    මඩේ ඔබ ඔබා හෝදමු
    අහා කෙතරම් ආතල් ද මේ
    මනරම් යුගදිවි සොමිය . . . !

    ඕන එකයි එපා එකයි
    සේරම සොයන
    අහල පහල උන්ටයි
    මේ උපරිම සොමිය . . . !

    ReplyDelete
  28. niyamai dukkaa ayyee mekata deyak liyanna one kiyala hituna hoda hoda made danna wenne parana widiye mada wadina wadama kalothneda?ehema natnam ekata aluth reddak hodana eke therumak na neda?

    ReplyDelete
  29. සිරා සිරා ඕක තේරෙන්න ඉතින් බඳින්නම වෙනවා...

    ReplyDelete
  30. අනික අය්යේ මට කියන්න අමතක වුනා. මේ කවිය ලස්සන සිංදුවක් කරන්නත් පුළුවන් වගේ. ටිකක් ට්‍රයි කරලා බලමුද?

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails