Sunday, November 1, 2009

නුඹත් මාත් රේල් පීලි දෙකක් . . . ! !


නොසිතේ ද නුඹට කෙදිනක වත් . . .
නුඹත් මාත් . . . කිසිදා එක් නොවන . . .
රේල් පීලි දෙකක් මෙනැයි . . .

නමුදු නොහැක අපට කිසිදා . .
දෙමඟක ගමන් යාමට . . .
පුංචි කෝච්චියක් ඇත අප හිස් මත
ගමන් ඇරඹූ මේ දැං . .
නමුත් . . .
යාමට බෝ දුරක . . .

පුංචි කෝච්චියේ බර පමනක් නොව . . .
ඕනෑම බරක් සුන්දරයැ . . .
හැම බරකම ඇත්තේ . . .
විඳීමට ඇති සතුටක්මයැ . .
එනයින් . . . ඕනෑම බරක්,
බරක් නොවේ . . . මේ යකඩින් සැදි මට
මෙසේ සිතනා පීල්ලක් . . . . .

එපා මට . . .
පුංචි කෝච්චියේ බර හැර
වෙන එකදු දශමයක වත් . . .
බරක් . . .
නුඹත් මාත් පුංචි කෝච්චියත් හැර
අන් සියලුම බර . . .
සතුරෝමයැ . . .
දුෂ්ඨයෝමයැ . . .
මෙසේ සිතනා පීල්ලක් . . . . .

නුඹත් මාත් රේල් පීලි දෙකක් . . .
එකිනෙකා දෙස බලා සිටින . . .
කිසිදා එක් නොවන . . . ! ! !

21 comments:

  1. අයියේ හුගාක් ලස්සනයි....හරියට මං වගේ කියලා හිතෙනවා...
    දිනිති දීපිකා

    ReplyDelete
  2. එපා නුඹ තැවෙන්නට
    මොහොතකටවත්....
    සිතාපන්
    නුඹ වාසනාවන්තද කෙතරම්...
    හමුනොවුනත් කිසිදිනෙක
    රේල්ලුවක් වීමට...
    ගමන් කරනා එකම දිශාවකට
    නොවී එකම මඟක දෙදිශාවකට යන දෙදෙනෙක්
    ඉදින් හකිවේය නුඹට
    යන්නට බෝ දුරක්
    සොයාගෙන නුඹ පතනා කෙම්බිමක්
    තනිවම නොවේ...
    රැගෙන පුංචි කෝච්චියත්
    වැටහේවි එදිනට නුඹටත්
    නුඹේ තනි නොතනියට
    පසෙකින් සමාන්තරවම දිවෙන ඒ පීල්ල හැර
    නොමැතිබව අනිකිසිවෙක්
    කෙතරම් මැසිවිලි කීවත්....
    දහසක් දුම්රිය ගියත්
    දුටුවේද කිසිදාක
    රේල්ලුවකට තනිරකිනා දුම්රියක්... ගමන් මගියෙක්....

    ReplyDelete
  3. මාත් රේල් පීල්ලක් ;-)

    ලස්සන අදහසක්!

    ReplyDelete
  4. අයියෙ ලස්සන කවි පෙලක්........

    ReplyDelete
  5. @ දිනිති දීපිකා!
    ඔව් දිනිති ඔයාගේ කතාවට සමාන කතාවක් මේ කවියෙන් කියවෙන්නේ

    ReplyDelete
  6. @ පබලු !
    ස්තූතියි නගේ . .

    ReplyDelete
  7. @ Anonymous !
    හරිම ලස්සනයි . . . ප්‍රශ්නෙ දිහා වෙනස්ම කෝනයකින් බලල කරපු විග්‍රහයක් . ..

    මේක ලිව්වේ කවුද කියලත් කියන්න පුලුවන් නම් වඩාත් අගෙයි . .

    ReplyDelete
  8. @ LG !
    කවුද අනිත් පීල්ල . . .???

    ReplyDelete
  9. @ Sameera !
    ස්තූතියි මලේ

    ReplyDelete
  10. අපේ(මනස් තුල) ආලෝක වේගයෙන් දුවන සිතුවිලි කෝච්චි වලට බරක් නැත,ඒ වෙනුවට සොම්නසක්,දොම්නසක් ජනිත කරවීමේ හැකියාවක් ඇත.ඒ මතම ජීවිතය(කියල දෙයක්) පෙරට ඇදී ඇදී යන්නා සේ පෙනෙනු ඇත.

    ReplyDelete
  11. දුකාගෙ ලස්සන කවියට හරියන්න පිළිතුරු කවියකුත් තියනවා ගොඩක් ලස්සන.....

    ReplyDelete
  12. Thilini JasinarachchiNovember 2, 2009 at 10:41 AM

    කෙලෙස සිතන්නද...?
    සරල ප්‍රමයක සමාන්තර රේඛා දෙකට සම රේල් පිල්ලි
    දෙකක් ලෙස
    අසිමිත ආලයක් පිරි පුන්චි කෝච්ච්යක් යැයි අප
    තිර්යක් රේඛාවක් ලෙස
    ලි පතුරකින් අප
    ඡේදනය වන වි
    ඒකාන්තරයක්
    අනුපුරකයක්
    නොවි
    මිත්‍ර වි වත් හිදිය හැකි නම්
    එය ද සතුටක් නොවෙද...?

    ReplyDelete
  13. මේ පවුල් සංස්ථාව ගැන ද ලිව්වේ?

    ReplyDelete
  14. පීලි නොපනින්නට නම්…………….!!!
    පුන්චි කෝච්චිය........පුන්චි කෝච්චිය.........
    ආදරනීය පුන්චි කෝච්චිය.......
    ඔබ මුනගෑසුනු හන්දිය.....සිත් මල් පිපුනු හන්දිය....දෙනුවන් සතුටු කදුලෙන් පිරවු පුශ්පිත හන්දිය......
    ඔබ නෑවතී බලා සිටී......ඒ ලස්සන හන්දියට ගෙන ආ දයාබර පීලි දෙක....
    හමදාමත් හිනෑහි....හිනෑහී......ඊලග හන්දියට ගෙනියන්නට බලා සිටිනා සේ......
    මට නොදනෙන... මා සිත ආදරයෙන් උසුලාගෙන, බරක් නොවුනු නුඹ්ව බරක් කර පීලි දෙක ඈත් කරන්නට වෙර දරන ඔබේ සඹද කලු දුම් නගන රුදුරු මහ කොච්චිය......
    ඈන්ජිම හොරෙන් අරගෙන ඔබ හන්දියට රෑගෙන ආ ආදරනීය පීලි දෙක බාල්දු කරනා.....ආඩම්බර, උමතු, කෑත හිත් ඈති, තමන් ගෑන පමනක් සිතනා....
    කලු දුම් නගනා ගොරහෑඪි මහ කොච්චිය....
    අද පුන්චි කොච්චියට නොදැනුනාට.......ඔබ සිතාවි කවදා හෝ........
    මේ ලස්සන හන්දියට ගෙන ආ ආදරනීය පීලි දෙක දෙපෑත්තක ගියද.....
    ඊළග ලස්සන හන්දියට මේ ආදරනීය පීලි දෙකෙන් යන්නට.....
    සුවද රෑදුනු ඒ ආදරනීය පීලි දෙකෙන් විතරක් යන්නට......
    පුන්චි කොච්චිය..........ආදරනීය පුන්චි කොච්චිය.........
    හමදාමත් මා ආදරනීය පුන්චි කොච්චිය......

    ReplyDelete
  15. කිසිදා එක් නොවුණද....
    එක ලෙස නොසිතුවද....
    රේල් පීලි වල කාරිය
    සමාන්තරව..
    එකිනෙකා දෙස බලාගෙන...
    එකම දෙසකට යෑම නොවේමද..?

    කිසිදා එක් නොවුණද....
    එක ලෙස නොසිතුවද....
    එක් පීල්ලක් නොමැති කල..
    අනෙක් පීල්ලෙන් කිම පල?

    කිසිදා එක් නොවුණද....
    එක ලෙස නොසිතුවද....
    දෙපසට විහිද ගියහොත් පීලි දෙක..
    අවිහිංසක පුංචි කෝච්චිය..
    රැඳේවී අතරමග..
    අසරණව....!

    ReplyDelete
  16. ලස්සනයි දුකා... ලස්සනයි..
    ජිවිතෙ එක තවත් දෙයක් ලස්සනට කියල තියනවා.
    ඔයාල හරි ලස්සන මිනිස්සු ටිකක්. කවි වලින්, වචන වලින් ගොඩාක් දෙවල් කරන.

    ReplyDelete
  17. හරිම ලස්සනයි..දුකා කවිය
    ඔයාගෙ මම දැකපු හොඳම නිර්මාණයක් මේක. ඊටම ගැලපෙන පිලිතුරු කවිත් නියමයි.
    ඉති0 පු0චි කෝච්චියට මේ ගමන යන්නට නොසැලී ඉන්න පීල්ලක් වන්නට ඔයාට ශක්තිය ලැබේවා තවදුරටත්.........
    ඔබ දන්නා ...ගීශා....

    ReplyDelete
  18. මොනා කියන්ඩද මන්දා..............කමක් නෑ හෑමෝම කියනවා වගේ ලස්සනයි කියන්නම්.,අහිතක් හිතන්ඩ එපා.......

    ReplyDelete
  19. නුඹත් මාත් රේල් පීලි දෙකක් . . .
    එකිනෙකා දෙස බලා සිටින . . .
    කිසිදා එක් නොවන . . . ! ! ! සමහර ආදරයන් නුඹට කිසිදා හැර යාමට ඉඩ දෙන්නේ නැ,, හරියට රේල්පාර වගේ = = = = = = = =

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails