Sunday, October 25, 2009

මහම්මා සහ දත් කුට්ටම . . . . !



අපේ අක්කගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා ඔවුන් දෙදෙනාගෙන් බාලයා චමිලා අක්කා, ඔවුන්ගේ අයියා දිලුම් අයියා, මල්ලී දිලාෂ් . . . දිලාෂ් සහ දිලුම් මට වටා වසර කීපයක් වැඩිමල් වුවත් අක්කා ව අචලා-චමිලා අක්කාලා ලඟින් ඇසුරු කරද්දී දිලාෂ්-දිලුම් මාව ලඟින් ඇසුරු කලා . . .(නම් ගම් මනඃකල්පිතයි)

ඔවුන්ගේ ගෙදර අපේ ගෙදරට ඉඳන් මීටර් පනහක් පමන දුරින් තමයි පිහිටියේ . . . ඔවුන්ගේ නිවසට ගොඩ වෙන්න නම් අඟල් හතක් පමන උස අඩියක පමන පළල, අඩි පහක් පමන දිග පඩි පඩි දහයක් පමන තරනය කරන්න ඕන . . . ඒ පඩි පෙල දෙපස එකපාර දහ-පාලොස් දෙනෙකුට ඉඳ ගන්න පුලුවන් විදිහට බැමි බැඳලා තිබුනේ . . .

බොහෝ දින වල සවස් වරුව අපි (සමවයසේ නමුත් තෝරා ගත් පිරිසක් - ඔවුන් ඒ පෙදෙසේ හැටියට පොහොසත් ගනයට අයිති වූ පවුලක් . . . අප ඒ ගනයට අයිති නොවුනත් කුමක්දෝ හේතුවකට ඒ තෝරා ගත් පිරිසේ අපත් සිටියා) ගතකලේ ඔවුන්ගේ පඩි පෙලේ තමයි . . .

ඔවුන්ගේ ආච්චී ට හැමෝම ආමන්ත්‍රනය කලේ මහම්මා කියලයි . . . කෙල්ලෝ කොල්ලෝ අපේ අක්කගෙයි මගෙයි යාලුවෝ වෙද්දී නංගීගේ හොඳම යාලුවා වුනේ මහම්මා . . . . (හික්ස්) ඒ මහම්මා ත් හරිම ජොලි පොරියක් . . . හරිම විනෝදයි . . වයස එතකොට 70ක් විතර වුවත් ළමස්සි වගේ තමයි කතාව, හැඩ වැඩ එහෙම . . . . කටේ එක ඔරි"ම"ජිනල් දතක් වත් නෑ . . . ඒත් කිරි සුදු පාට දත් සෙට් එකක් දාගෙන හිටපු නිසා කොල්ලෝ කෙල්ලෝ මැද්දට පැනලා බොරු දේවල් හරි කියලා දත් සෙට් එක පේන්න හිනා වෙන එක තමයි එයාගේ විනෝදාංශේ . . .

සමහර වෙලාවට මහම්මා මේ දත් සෙට් එක බුලත් හපනවා වගේ හපනවා . . . හපලා හපලා දිවෙන් පොඩි තල්ලුවක් දීලා තොල් දෙක උඩ දත් සෙට් එක තියෙනවා හරියට ගරායකා හිනාවෙනවා වගේ . . . අපිට අප්පිරියාවේ බැහැ . . . නමුත් එයාට ඒක හරි ජොලි වැඩක් . . . මහම්මා හරිම ආඩම්බරෙන් හිටියේ එයාගේ දත් සෙට් එක ගැන . . .

දවසක හවස් වරුවේ අපි චමිලා අක්කලාගේ ගෙදර ගිය වෙලාවක අනිත් අය කිව්වා චමිලා අක්කයි මහම්මයි නුගේගොඩ ජනතා පොලට ගියා . . දැන් නං එන්නත් වෙලා කියලා . . . අපිත් ඉතිං සුපුරුදු පරිදි පඩිපෙලේ වාඩිවෙලා පාරේ යන අයට කෝචොක් කර කර හිටියා . . . ටික වේලාවකින් ත්‍රීරෝද රථයකින් ඇවිත් දෙන්නම බැස්සා . . .

චමිලා අක්කා එලවළු බෑග් දෙකකුත් අරගෙන බැස්සා නෙමෙයි පැන්නා ත්‍රීරෝද රථයෙන් . . . හිනාව කට කපලා . . . කට කන්දෙක ගාවටම පලල් වෙලා . .

"මචංලා . . . "

"හපෝයි මාර වැඩේනේ වුනේ . . . "

මාර වැඩක් වුනු බවක් අපිට නම් පේන්න තිබුනේ නෑ . . . මහම්මා මූන බුම්මගෙන රියදුරාට ගාස්තුව ගෙවනවා . . .

"ඇයි ඇයි මොකෝ . . . "

චමිලා අක්කා මුකුත් නොකියා එලවළු බෑග් දෙක බිමින් තියලා බඩ අල්ලගෙන දෙකට නැමිලා හිනාව . . .

"කියපන් බං තනියෙන් හිනා නොවී අපිටත් . . . "

අපේ ඉවසීමේ සීමාව පනින්න ඔන්න මෙන්න . . .

"ඔන්න බං මායි මහම්මයි ජනතා පොලට ඇතුල් වුනා . . ."

"ඉතිං . . ."

"සෙනග සූ ගාලා . . ඒ අස්සේ හවස වැටුනු පොඩි වැස්සෙන් පාරේ තැන් තැන් වල මඩත් වෙලා . . . "

"ඉතිං ඉතිං . . ."

"මම මහම්මට කිව්වා මගේ අතින් අල්ලා ගන්න කියලා . . . "

"කෝ කිව්වට අහනවායැ . . . ළමස්සි වගේ සාරි පොටත් ඉනේ ගහගෙන තනියෙන් පන් මල්ලත් අරගෙන කැරකි කැරකි . . වටේ කඩවල් වල ඉන්න කොල්ලන්ට දත් සෙට් එක පෙන්න පෙන්න හිනා වෙවී . . . තනියෙම ආවා චන්ඩියා වගේ . . . "

"පලයන් බං බොරු නොකියා . . . " මහම්මා චමිලා අක්කගේ කතාව නතර කරන්න ට්‍රයි එක . . .

"නුගේගොඩ ජනතා පොලේ මචං කන්ද වගේ ටිකක් උඩට නගින්න එපයි . . "

"ඔව් ඔව් අපි නොදන්නේ මොකෝ . . ."

"මාත් වට පිට බල බල ආවේ ලස්සන කොල්ලෙක් වත් පොලේ ඇවිත් නැද්ද කියලා හිත හිත . . "

"හ් ම් ම් ම් ම් . . ???"

"උඹල දනවානේ පොලේ සමහර කඩ කාරයෝ නරක් වෙච්ච එලවළු විසිකරන්නේ කඩේ ඉස්සරහට කියලා . . . "

"මහම්මත් හිනාපාල වගේ වට පිට බල බල හිනා වෙවී ඇවිත් පාගලා එහෙම විසිකරපු ගෝවා කොලයක් . . ."

"හ් ම් ම් ම් ම් "

"නෑ . .. හ්. .. "

"මෙයාව අර කාටූන් එකක වගේ ලිස්සල ගිහින් වැටුනේ නැද්ද මුනින් අතට . . . "

"හපොයි . . "

"ලස්සන වැඩේ කියනනේ බං . . . මහම්මා මුනින් අතට වැටිලා . . නිකට පාරේ වැදිලා . . . වැදුනු පාර දත් සෙට් එක, උඩු ඇන්දයි යටි ඇන්දයි දෙකම ගැලවිලා ගිහින් මහම්මගේ කටේ ඉඳන් අඟල් අටක් විතර දුරින් බිම . . . "

"අයියෝ . . . "

"මට බං මහම්මව නැගිට්ටවන්න සිහියක් නෑ . . . මම බඩ අලාගෙන, උඩ පැන පැන හිනාවෙනවා . . . ලඟ පාත කඩේක කොල්ලෙක් ඇවිත් තමයි මහම්මව නැගිට්ටුවේ . . . "

"බොන්ඩි . . . ආයෙ නම් උඹත් එක්ක මම පොලේ යන්නෙ නෑ . . . " චමිලා අක්කට බැනගෙන මහම්මා පඩි ටික නැගලා ගෙදරට ගියා . . .

අපි ටික කඳුලු එනකම් හිනා වුනා . . .

23 comments:

  1. අනේ....! මහම්මා පව් කියලා තමයි මට නම් හිතෙන්නේ.....

    ReplyDelete
  2. කතාව කියවගෙන යනකොටනම් හිනා යනවා අපිටත්.....ඒත් ඒ වගේ දේකට හිනාවෙන්න හොඳනෑ කියලා තමයි මටත් හිතෙන්නේ.....


    මම හිතුවේ බ්ලොග් ලියන එක ඇත්තටම එපාවෙලා කියලා...එහෙමම නෑ වගේ....නේද....?

    ReplyDelete
  3. කතාව කියවද්දි මැවිල පේනවා. සජීවීබවක් තියන විදියට ලියලා තියනවා.

    ReplyDelete
  4. උඹ වවනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 'දුකා' නම් ඔය වගේ දේකට හිනා වෙනවද?????

    ReplyDelete
  5. හිනාවෙවී ඇඬෙනවා බං

    ReplyDelete
  6. ඔයාටත් ඉදල තියෙන්නේ අපේ ආත්තම්ම වගේ පොරියක් නේ
    අපෙත් එහෙමයි කියන දෙයක් අහන්නෙම නෑ
    එයාගෙ දත් 1ක් වත්නෑ අහන්න ඕන ඇයි කියල :P

    ReplyDelete
  7. බුවහාහ් හාහ්......
    හැබැයි හිනාවෙන්නත් නරකයි මහම්මා පව්නේ

    ReplyDelete
  8. පව් වැඩේ. වයසක අයට හිනා වෙන එක නම් හොඳ වැඩක් නෙමේ.

    තානක් තරිකිට තෙයි. කාටත් ඔය ටික වෙයි.

    කතන්දර කාරයා

    ReplyDelete
  9. @ සචී!
    ඔව් ඔව් පව් තමයි . . . හැබැයි එයාගෙත් ෂෝ එක ටිකක් වැඩී . . . තමන් වයසයි කියල දැන ගන්න එපැයි නැද්ද . . ???

    ReplyDelete
  10. @ චමි.දේ.වා. !
    ඇත්තෙන්ම වයසක අයට හිනා වෙන එක නම් පව් තමයි . . . ! !

    ම් ම් ම් බ්ලොග් ලිවිල්ල එපා "ම" වෙලා නම් නෑ . . . නමුත් අර කලින් තිබුනු උද්දාමය නෑ . . . හැබැයි වෙන දේවල් වලට වඩා නම් සෑහෙන කලක් මේ වැඩේ (බ්ලොග් ලියන වැඩේ) අල්ලගෙන හිටියා . . ඒකම සුභ ලකුනක් මේ මම සම්බන්ධව . .

    ReplyDelete
  11. @ ගීශා!
    පැරනි රසාංග . . . බුහා හා . . . . ! !

    ReplyDelete
  12. @ .::පිස්සා::. !
    ඔව් නේ බං ඔන්න අද තමයි මට තේරුනේ මම වචනයේ පරිසමාප්තයෙන්ම "දුකා" නෙමෙයි කියල . . තැන්කූ . . .තැන්කූ . . .! !

    ReplyDelete
  13. @ Indika!
    ඇඬුව වගේ ම පොලේ යනකොට පරිස්සමින් යන්නත් මතක තියා ගනින් . . . හික්ස්

    ReplyDelete
  14. @ කෝදාගොඩ විතාරණ !
    උඹ ඕව අහන්න ගිහින් උඹේ දත් ටික බඩට යවා ගන්න එහෙම එපා හොඳේ . . .

    ReplyDelete
  15. @ සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath !
    ඔව් ඔව් පව් පව් . . ! !

    ඒත් අපි අනිත් දවසේ එයාලත් එක්ක පොලේ යනකොට එපා කිව්වත් බලෙන්ම අතින් අලාගෙන යමු නේද . . . ??

    ReplyDelete
  16. @ කතන්දර කාරයා !
    ඔව් කතන්දර . . . මටත් තේරෙනවා පව් වැඩක් කියලා . . .

    ඒත් ඒ කාලයේ මහම්මගේ වැඩ නිසා අපි එයාට හිනා වෙන්න දෙයක් හොය හොය ඉන්න ඇති කියල හිතෙනවා . . . ! !

    ReplyDelete
  17. දුකා අයියෙ ඔයා නම් මාර බුවෙක් තමයි.හිනා වෙනවා කියලා ඔහොමත් හිනා වෙනවද?කෙසේ හෝ වේවා blog ලියන එකනම් නවත්තන්න එපා.එහෙම උනොත් මල කෙලියයි.ඔයාගෙ රසිකයන්ට මොකද වෙන්නෙ?

    ReplyDelete
  18. හික් හික්. හිනා නොවී කොහොමද බන්? හොඳ නෑ තමයි. ඒත් හිනා යනවනම් අපේ වැරැද්දක් නෙමෙයි නේ :D

    ReplyDelete
  19. @chutte malli !
    හික් හික් . . .පව් අප්පා මහම්මා . . මෙහෙම ආයේ අයේ කියවද්දී නම් පවු කියල හිතෙන්නේ.

    ම් ම් ම් දැන් නම් නවත්වන්න බැරි තරම් මේ බ්ලොග් කෙලියට ඇබ්බැහිවෙලා වගේ හික්ස්

    ReplyDelete
  20. @චමිල!
    ඔව් ඔව් වයසක අය දැන ගන්න ඕන වයසට ගියාම වයසක විදිහට ඉන්න නැද්ද මම අහන්නේ . . හික්ස්

    ReplyDelete
  21. දුකා . . . ! සිරා කතාව . . . . මටත් මේ වගේ දත් සෙට් එකක් සම්භන්ධ කට කහන කතාවක් තියෙනවා . . . මම යථා කාලයේදී ඒක දාන්නම් . ...

    ReplyDelete
  22. දුමියෝ කෝ උඹේ කට කහන දත් සැට් කතාව??

    ReplyDelete
  23. හික්ස් ,,කාටුන් එකක් වගේ මතක් උනේ,,ඔය ඩත් සැට මදිද්දී තමා නියම

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails