Friday, July 10, 2009

සිනා මල් ගොඩක් . . . නෑ කදුලු මල් මිටක් . . . !

"ළමයින්ට සිදුවන අතවර වැලැක්වීමට කඩිනම් පියවර . . ." පුවතක් - අද දෙරණ . . . !

දෙරණ පුවත් පතේ මේ ලිපිය දුටු මොහොතේ සිටම . . මගේ බ්ලොග් එක පටන් ගැන්මේදී සිටම ලිවිය යුතුයි කියලා මම සිත සිතා සිටපු . . . කරුනක් සම්බන්ධව ලිවීම තව දුරටත් පමා නොකල යුතුයි කියලා මා සිතුවා . . .

මගේ කලින් ලිපියකත් සදහන් කල පරිදි . . ( නිකම් කතාබහවලින් අහුලගත් විදිහට) ලංකාවේ අපි හැමදෙනාගෙන්ම සෑහෙන පිරිසක් . . කුඩා කාලයේ ලිංගික අතවර වලට ලක් වෙලා තියෙනවා කියන එකයි මගේ හැගීම නම් . . .

නරකම දේ නම් අපි මේ ගැන කුඩා කාලයේ වැඩිහිටියන්ට නොකීමෙනුත් . . . අප වැඩිහිටියන් වූ පසු (ලිංගික කියන වචනයට ඇති බය නිසා) ඒ ගැන අවංකව, විවෘතව එලිපිට කතා නොකිරීමෙනුත් . . . වුනේ සහ වෙන්නේ තව තවත් මල් මෙන් අහිංසක කුඩා දරු දැරියන් ඒ අප්‍රසන්න අත්දැකීමට මුහුන දීමට සිදු වෙන එකයි කියා මට සිතෙනවා . . . .

ලිපියේ ආරම්භයේදීම මම මෙවැනි අභියෝගාත්මක යමක් ප්‍රකාශ කරන්න කැමතියි . . . " කුඩා දරුවන් මුලින්ම අතවරයට ලක්වෙන්නේ පවුලේම නෑදෑයන්ගෙන් . . !

ලංකාවේ සාමාන්‍යය පවුල්වල අපිට නිදන කාමර 6 ක් 7ක් සහිත විශාල නිවාස නැති කමින් ඉදහිට දවසක් දෙකක් අපේ ගෙදරක නතර වෙන්න නෑදයෝ ආපු අවස්ථාවක අපේ වැඩිහිටියෝ කරන්නේ . . .

"පුතා ඔයාගේ ඇදේ මේ මාමාත් එක්ක නිදා ගන්න. . . . දුව ඔයාගේ ඇදේ මේ නැන්දා එක්ක නිදා ගන්න" කියලා අපිට වඩා වයස අවුරුදු 5ක් 10ක් හෝ 15ක් වැඩිමහලු මාමා කෙනෙක්, බාප්පා කෙනෙකු හෝ සහෝදරයෙක් වන පිරිමි නෑදෑ කෙනෙක් නම් පුංචි පිරිමි දරුවෙකුගේ කාමරයේත් . . . නැන්දා කෙනෙකු, පුංචි කෙනෙකු හෝ සහෝදරියක් නම් පුංචි ගැහනු දරුවෙකුගේ කාමරයේත් රැය පහන් කරන්න සකස් කර දෙනවා . . . .

සයනයට යනතුරු . . පුතා . . දුව . . . මල්ලියා . . . නංගියා . . කියමින් කුඩා දරුවාව සුරතල් කරන වැඩිහිටි නෑදෑයා . . . රාත්‍රියේ විදුලි පහන් සියල්ල නිවා දැමූ පසු අමුතුම පුද්ගලයෙකු බවට හැරෙනවා . . . ස්පර්ශ කිරීමෙන් සිප ගැනීමෙන් හෝ එක් එක් අයගේ අත්දකීම් වලට අනුව එක් එක් ආකාරයට දරුවාට තෘප්තියක් ලබා දීමෙන් මුලින්ම දරුවා කෑගැසීමෙන් හෝ කලබල කිරීමෙන් වලක්වනු ලබනවා . . .

මින් පසු ඔහු හෝ ඇය ඔවුන්ට අවශ්‍ය පරිදි කුඩා දරුවා මගින් අස්වාභාවික ලිංගික තෘප්තියක් ලබනවා . . . සමහර දරුවන් වේදනාකාරී අත්දැකීම් ලබනවා . . සමහර දරුවන් තෘප්තිමත් අත්දැකීමක් ලබනවා. . .

මට මතකයි මම කුඩා කාලයේ ගමේ නෑදෑ ගෙදරක පැවති දානේ ගෙදරක ගිය විටෙක මාමා කෙනෙකුගේ කාමරයේ මට රැය පහන් කරන්න අත්තම්මා නියම කලා . . . මම කලින් සදහන් කල ආකාරයේ අත්දැකීමක් පුංචි මට ලබා දෙන්න ඔහු උත්සාහ කරන්න පටන් ගන්න හදනකොටම . . . ටෝච් එකක් හොයන්න අත්තම්මා කාමරයට ආවා . . ඔහු බොරුවට නිදි වගේ හිටියත් මම අවදියෙන් නිසා අත්තම්මා මාව එක්ක ගොස් පසුව ඈ ලග මාව නිදි කරවා ගත්තා . . . !

තවත් අවස්ථාවක් තමයි දුර බැහැර නෑදෑයෙකුගේ වැඩිමහල් දරුවෙක් උසස් අධ්‍යාපනයට හෝ විභාග වැනි දෙයක් සදහා තමන්ගේ නිවසේ තාවකාලික නවාතැන් ගැන්මට පැමින කුඩා දරුවන් හා නිදහසේ සෙල්ලම් කිරීමේදී නැතිනම් දෙමාපියන් ඔවුන්ට තමන්ගේ දරුවන්ට පාඩම් කියාදෙන්නැයි ඉල්ලා සිටීමෙන් රාත්‍රියේ පාඩම් කියා දෙන අතරතුර (නෑදෑයාගේ වැඩිහිටි දරුවා කලින් යම් කිසි අත්දැකීමක් ලද කෙනෙක් නම් ) දරුවන් අපචාරයට ලක්වීමට ඉඩක් තිබෙනවා . . .

මගේ මිතුරෙක් පැවසුවා ඔහුගේ මිතුරෙක් එවැනි කතාවක් පැවසූ බව . . මිතුරා ඔහුගේ නන්දාගේ කුඩා දියණිය (ඔහුගේ ඇවස්ස නෑනා ) සමග කුඩා කල (ඔහුට වයස 14-15ක් පමන ඇයට වයස 9-10ක් පමන ) සෙල්ලම් කරද්දී ඔහු ලත් අත්දැකීමකට අනුව ඇයට යම් කිසි ලිංගික ක්‍රියාවක් සිදු කල බව . .

අහලා තියෙන කතා වලට අනුව දරුවන් අතවරයට ලක් විය හැකි අනෙක් ස්ථානය ලෙස පාසැල හදුන්වන්න පුලුවන් . . .

පාසැලේදී දරුවන් විවිධ ආකාරයට අතවරයට ලක් වීමේ අවදානම් තත්ව පහල ආකාරයට දක්වන්න පුලුවන් . . .

වැඩිහිටියෙකුගේ ලිංගික ගොදුරක් බවට පත්වූ තවත් දරුවෙකු වැඩිහිටියන්ට පමනක් වෙන්වූ පුවත්පත්, ඩීවීඩී පට, වීසීඩී පට, දුරකතනයේ ගබඩා කර ගතහැකි කෙටි වීඩියෝ, අන්තර්ජාලයෙන් බාගත් නිරුවත් පින්තූර වැනි දේ පාසැලට ගෙන ඒමේ අවදානමක් පවතිනවා . . . ඔහු ඒවා මිතුරන් සමග රහසේ නැරඹීමේ ප්‍රවනතාවයකුත් ඉන්පසු ඒවායේ ඇති දේවල් ඔවුන් විසින් ප්‍රායෝගිකව අත්හදා බැලීමක් කිරීමට උත්සාහ කිරීමෙන් අහිංසක දරුවෙක් අතවරයට ලක් විය හැකියි . . .

මිශ්‍රපාසලක් නොවන පාසැලකදී (බොහෝ විට) අස්වාභාවික ලිංගික හැසිරීම් වලට අබ්බැහිවී ඇති වැඩිහිටි සිසුන් / සිසුවියන් හුරුබුහුටි කුඩා සිසු දරුවන් / සිසු දැරිවියන් ව ඔවුන්ගේ වසගයට ගෙන (කුඩා අය තුල ලොකු අය ඇසුරු කිරීමට විශාල පෙලඹවීමක් තියෙනවා ඉන් ඔවුන්ගේ පුංචි ලෝකයට වැඩි වටිනාකමක් ලැබේ යැයි ඔවුන් විශ්වාස කරන නිසා) ඔවුන්ගේ අස්වාභාවික ලිංගික අශාවන් සංතර්පනය කරගනීමේ අවදානම් තත්වයක් තුල දරුවෙක් ලිංගික අතවරයකට පත්විය හැකියි . . .

බොහෝ විට පාසැල් වේලාවෙන් පසුව ගුරුවරුන්ගේ අධීක්ෂනයකින් තොරව තූර්යවාදක කන්ඩායම, කැඩේට් කන්ඩායම, ක්‍රිකට් කන්ඩායම වගේ බාහිර ක්‍රියාකාරකම් පාසැල තුලම කරගෙන යනු ලබනවා . . මේවාට සම්බන්ධ වීමේදී හෝ කන්ඩායමේ රැදීසිටීමේදී . . . කන්ඩායමේ නායකයා හෝ ඉහල තනතුරු දරන්නන් කලින් සදහන් කල පරිදි අස්වාභාවික ලිංගික හැසිරීම් වලට අබ්බැහිවී ඇති අයෙක් වී නම් දරුවන් ලිංගික අතවරයකට පත්විය හැකියි . . .

මගේ මිතුරෙක් දිනක් මට පැවසුවා කුඩා කල ඔවුන්ගේ පාසැලේ ක්‍රිකට් කන්ඩායමට සම්බන්ධවීමට හා එහි කරදරයකින් තොරව රැදීසිටින්නට නම් නායකයාට මුඛ සංසර්ගයක් ලබා දිය යුතු බව . . . !

මේවායින් දරුවන්ව බේරාගැනීමට නම් කලයුතු වන්නේ . . . නෑදෑ ගෙවල්වල නොගොසින් සිටීම වත් . . නෑදෑයින් අසුරු නොකිරීම වත් . . . දරුවන්ව පාසැල් නොයැවීම වත් නොව . . . කුඩාකල පටන් දරුවන්ට නියමාකාරයෙන් . . පියවරින් පියවර . . ලිංගික අධ්‍යාපනයක් ලබාදීම කියන එකයි මම යලිත් යලිත් පවසා සිටින්නේ . . .

එය අපට පහත ආකාරයෙන් කල හැකියි මට හිතෙන හැටියට . . .

කුඩාම කාලයේදී අවයව ගැන වැටහීමක් ලබාදී . . ඒවා අම්මා . . අප්පච්චී . . අත්තම්මා . . හැරුනාම වෙන කාට වත් පෙන්වන්න වත් අල්ලන්න දෙන්නවත් දෙන්න එපා කියා දැනුවත් කල යුතුයි . . .

පවුලේ හෝ පිටස්තර කිසිවෙකු දරුවාගේ අවයව ස්පර්ශ කලොත් හෝ ඔහුට / ඇයට වෙන කෙනෙකුගේ අවයව පෙන්වුවොත් හෝ ඔහු / ඇය ලවා ඒවා ස්පර්ශ කෙරෙව්වොත් හැකි ඉක්මනින් දෙමාපියන්ට දැනුම් දෙන්න යැයි කියා දැනුවත් කල යුතුයි . . .

නිවසට අමුත්තන් පැමිනි විට දරුවන්ගේ කාමර ඔවුන්ට දෙනවානම් දරුවන් තමන් ලග නිදි කරවා ගෙන අමුත්තන්ට දරුවන්ගේ කාමර ලබා දිය යුතුයි . .

පාඩම් වැඩ හෝ විභාග සදහා දුර බහැර නෑදෑයන්ගේ වැඩි මහලු දූ දරුවන්ට තමන්ගේ ගෙදර නවාතැන් දෙනවා නම් ඔවුන්ට අමතර කාමර හෝ වෙනම ස්තාන ලබා දීමට වග බලා ගැනීම සහ ඔවුන් තමන්ගේ දරුවන් සමග නිදහසේ සෙල්ලම් කරද්දී හෝ රාත්‍රියට පාඩම් කරද්දී ඔවුන්ගේ කටයුතු ගැන අවධානයෙන් සිටිය යුතුයි . .

පාසැලේදී දරුවන් ඇසුරු කරන අය ගැන හොදින් සොයා බැලිය යුතුයි . . . දරුවන් සමග මිතුරන් මෙන් අදහස් හුවමාරු කරගැනීමෙන් දරුවාගේ විශ්වාසය දිනාගත යුතුයි . . එවිට දරුවා ඕනෑම ප්‍රශ්නයක් දෙමාපියන් හා පවසන බැවින් දරුවා ලිංගික අතවරයකට පත්වීමට අවදානමක් ඇතිනම් ඔවුන් ඒ බව අගවනවා ඇති . . . දෙමාපියන් බුද්ධිමත්ව දරුවා අවදානමෙන් ගලවා ගත් යුතුයි . . .

දරුවා තූර්යවාදක කන්ඩායම, කැඩේට් කන්ඩායම, ක්‍රිකට් කන්ඩායම වගේ බාහිර ක්‍රියාකාරකමක යෙදිලා ඉන්නවානම් ඔවුන්ගේ කන්ඩායමේ අනෙක් දරුවන් කවුද. . නිලධාරීන් කවුද . . ඔවුන්ගේ චරිතය කෙසේද . . ඔවුන්ගේ පවුල් පසුබ්මි කෙසේද යන්න දරුවාට වත් ඔහුගේ කන්ඩායමේ අයට වත් නොතේරෙන ලෙස රහසේ සොයා බැලිය යුතුයි . . . ඒ අතරම නිතර නිතර ඔවුන් පුහුනුවීම් කරන ස්ථානයට ගොස් සැම දෙනා සමගම මිතුරු වී ඔවුන්ගේ සිත දිනා ගැනීමෙන් ඔවුන් දරුවාට අයහපතක් කරන්න පැකිලෙනවා පමනක් නොව දරුවාව ආරක්ශා කරන්න පවා පෙලඹේවි . . .

කුඩා කල කිසියම් ආකාරයකට අතවරයකට පත්වූ දරුවෙක් වැඩිහිටි සමාජයට පා තබන්නේ සමහර විට විකෘත්ති මානසිකත්වයකින් . . . නැතිනම් සමාජය කෙරෙහි වෛරයකින් . . . බොහේ විට අවස්ථාවක් ලත් තැන තමා ලත් අමිහිරි අත්දැකීමට පලිගැනීමක් ලෙස තවත් අහිංසක දරුවෙක් ගොදුරක් කරගැනීමට පෙලඹවීමක් ඇති වෙනවා වෙන්න පුලුවන් . . .

මේ ටිකක් පමණයි . . . මට හොදටම විශ්වාසයි ඔබලාටත් මේ සම්බන්ධව කියන්න ගොඩාක් දේවල් ඇති . . . තට්ටු කරමු අපි දැන් වත් තම තමන්ගේ හදවත් වලට . . . කතා කරමු අපි විවෘත්තව සමාජයම පෙලන පිලිළයක් වූ මාතෘකාවක් ගැන . . . පෙළගැසෙමු අපි හැමෝම හෙට දවස භාර ගැනීමට සිටින අපේ . . . දුව . . . පුතා. . . පුංචි නංගී . . පුංචි මල්ලී මේ ව්‍යසනයෙන් බේරා ගෙන ඔවුන්ගේත් අපේත් ලෝකය ලස්සන කිරීමට . . .

16 comments:

  1. හුගක් වටිනවා මේ ගෑන කතාකරපු එක.(එලටම ලියලත් තියනවා) නීති දාලා නෙමේ දෑනුවත් කරලයි මේකට පිලියම් යොදන්න ඕනා කියන එකයි මගෙත් අදහස.

    ReplyDelete
  2. ඉතාම වටිනා ලිපියක්.

    ReplyDelete
  3. උපරිමයි..ඔබතුමාගෙ ලිපි අතරින් හොදම එක කියන්න පුලුවන්..කතාව සම්පූර්ණ ඇත්ත..

    ReplyDelete
  4. @ änthräX!, Ramachandra!, පොතේ ගුරා !

    ස්තූත්යි අගය කිරීම ගැන . . . තව දෙයක් . . ඔබ සැම දන්නා යමක් ඇත්නම් වෙනත් සිදුවිය හැකි ආකාරයක් හෝ වැලැක්විය හැකි ආකාරයක් . . . අමතක කරන්න එපා ඒගැන පොඩි සටහනක් දාන්න . . . හැමෝටම වැදගත් වේවි . . . !

    ReplyDelete
  5. "ලංකාවේ අපි හැමදෙනාගෙන්ම 95% කට වැඩි පිරිසක් . . කුඩා කාලයේ ලිංගික අතවර වලට ලක් වෙලා තියෙනවා කියන එකයි මගේ හැගීම නම්"
    95% කියන එක එක්ක එකග වෙන්න අමාරුයි. සංඛයාලේකන තියනවද?

    "බොහේ විට පාසැල් වේලාවෙන් .... දරුවන් ලිංගික අතවරයකට පත්විය හැකියි . . ."
    බොහේ විට කියන එකත් එක්ක එකග වෙන්න අමාරුයි. මමත් පිරිමි පාසලකට තමයි ගියේ, බාහිර වැඩ කලා. මම දන්න කාටවත් එහෙම දෙයක් දන්න තරමින් වෙලා නෑ.

    ReplyDelete
  6. ලංකාවේ මීට වඩා ක්‍රමවත් ලෙස ලිංගික ඉගෙනුම පාසල් විෂයට ඇතුලත් කල යුතුයි... මෙය කාලානූරූපි ලෙස සැකසීම සිදුවන්නේ නම් ලිංගික අපරාධ වලට තිත තැබීමට හැකි වනු ඇත..

    ReplyDelete
  7. @Anonymous !

    ඔබ සහ මා සදහන් කල ආකාරයේ සිදුවීමකට මුහුන නොදීමට සිදුවූ සියලුම දෙනා ගැන මා අවංකව සතුටු වනවා . . .

    මගේ උත්සාහය, දත්ත . . සංඛ්‍යාලේඛන ඇසුරින් ගැටලුවක් විසදීම නොව මා ඇතිලු මගේ මිතුරු මිතුරින්ගේත් මා දන්නා අයගේත් අත්දැකීම් ඇසුරින් එලඹුනු නිගමනක් ඇසුරින් අප සමාජයේ දරුවෙකුට සිදුවිය හැකි ව්‍යසනයක් ගැන සමාජය දැනුවත් කිරීමක් කර එම දැනුවත් බව තුලින් අනාගතයේ තවත් දරුවෙක් එම ව්‍යසනයේ ගොදුරක් වීම වැලැක්වීමේ පරම චේතනාවෙන් . . යම්කිසි උත්සාහයක් දැරීම පමනකැයි කියා ඔබ වටහා ගනු අතැයි මා විශ්වාස කරනවා. . . .!

    ReplyDelete
  8. වටින ළිපියක් !! කතාකල යුතු මාතෘකාවක්..

    ReplyDelete
  9. @ rachiyo~රචියෝ !

    ඇත්තෙන්ම මමත් හිතාගෙන හිටියේ ගොඩාක් දෙනෙක් මේකට තම තමන්ගේ අදහස් දක්වයි කියලා . . . සමාජය දැනුවත් කරන්න . . . මොනා වුනත් කමක් නැහැ . . මේක බලපු කෙනෙක් අනාගතයේ තමන්ගේ දරුවන් . . . එහෙම නැතිනම් තමන්ගේ කුඩා සහෝදර සහෝදරියන් . . . කාගේවත් ගොදුරක් නොවෙන්න ප්‍රවේශම් කර ගනී කියලා හිතන් මට හිත සතුටු කර ගන්න පුලුවන් . . .

    ReplyDelete
  10. ඉතාම වටිනා ලිපියක්. ලංකාවේ සමාජයේ කතා නොකරන, රහසිගත භාවයෙන් වසන් කරන් ඉන්න මේවගේ දේවල් විව්ර්තව කතා කිරීම අත්යාවශයි.

    මම මේකට යමක් එක් කරන්න කැමතියි, මට උන සිද්දියක්.

    මම 1 පන්තීයේ ඉන්න කොට අපේ ගෙදර අත් උදව්වට හිටපු අවුරුදු 15 ක විතර් කොල්ලෙක් මේ වගේ සිද්දියකට මාව යොමු කර ගත්තා. නමුත් පලමුවෙනි අවස්තාවෙදිම මගේ අම්මාගේ සෙන්සර් එකට වාසනවන්ත විදිහට් හසු වන නිසා, කරදරයකින් තොරව මම නිදහස් උන අතරම, අම්මා මට කියල දුන්නා මෙවැනි දේ ගැන. ඉතින් අම්මට පිං සිද්ද වෙනවා, පොඩි කාලෙදි ඒ දැනුම දුන්නට. නමුත්, එදා ඒ සිදුවීම අම්මගේ අතට අසු නොවන්නට, එයා මට ඒ දෙනුම දෙන්න එයා පෙලබේවිද?
    මෙවන් දෙවල් වීමට පෙර, දරුවන් දැනුවත් කරන එකයි වැදගත්..බාල අපචාර අඩුවෙනවා අනිවර්යේන්, කුහකත්වයෙන් තොරව ලිංගිකත්වය ගැන විවුර්තව කතා කිරීමෙන්.

    ReplyDelete
  11. මෙව කොහෙන් කෙලවර වෑයිද දන්නෑ නෑ ලාමා අපචාර වලින් තොර ලමාවියක් කියන එක දෑනාම හීනයක් වෙල තියෙන්නේ

    ReplyDelete
  12. ඇත්තටම වටින ලිපියක් අයියා..

    ReplyDelete
  13. මේ ලිපියේ මතු කරන කාරණය ඇත්ත. ළමයි මුලින්ම ශාරීරිකව මානසිකව අතවරයන්ට පත් වෙන්නෙ පවුල, නෑදෑයන් ආශ්රිපතව... හිතල බලද්දි බරපතල සිද්දි නොවුණත් පුංචි කාලෙ අපි කාටත් මේ වගේ අත්දැකීම් තියෙනවා....
    මං හිතන්නෙ හැම අම්ම කෙනෙක්ම තාත්ත කෙනෙක්ම ‍මේ ගැන දැනුවත්ව සිටිය යුතුයි...

    ReplyDelete
  14. ඔව් තරූ සමහර මානසික අසහනකාරයෝ අනේ හුරතල් බබා කියලා ළමයි ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කරන මුවාවෙන් ඒ අස්සෙත් එහෙන් මෙහෙන් අතගාලා කැත, හිරිකිත ආතල් ගන්න හදනවා මම දැකලා තියෙනවා / එහෙම කරන බව අහල තියෙනවා.

    ඒකයි මම වයිෆ්ට කියන්නේ බස් එකේදි වත් කාගේ වත් ඔඩොක්කුවක වත් ලමයව ඉන්දවන්න එපා . . සීට් එකක් ලැබුනේ නැතිනම් කොල්ලව අල්ලගෙන හිටගෙන එන්න කියල.

    ReplyDelete
  15. හුගත් වටින ලිපියක් දුකා.. නොකෙරන්නෙත් ඔය දැනුවත් කිරීමම තමා මම හිතන්නේ අපේ සංස්කෘතිය තුල තිබෙන එක් හිලක් තමා ඔය.. අපිටම කෙලවගන්න...

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails