Saturday, June 27, 2009

කසාදය - සතුට - දික්කසාදය. . . !


මේ මාතෘකාව ගැන යමක් ලියන්න හිතුවේ මේ දවස් වල මගෙ හිතවතුන් දෙතුන් දෙනෙක්ම මේ විෂය සම්බන්දයෙන මාත් එක්ක දුක කියලා . . . ඒ දුක අහල . . . ඒ දුකට මම කොහොම පිහිට වෙන්නද කියල හිත හිත . . . මාත් දුකෙන් ඉන්න නිසායි. . . .

එක හිතවතියක් ගෘහස්ත හිංසනයෙන් පීඩා විදිමින් ඒ දුකින් එතෙර වීමට මගෙන් උපදෙසක්, උදව්වක් අයැදිමින් සිටිනවා. . . . . . ඇගේ කතාව මම වෙනම බ්ලොග් එකකින් පසුව ලියන්නම් . . .

තව හිතවතෙකුට ඔහුගේ බිරිද ඔහුට වෙන සම්බන්ධයක් ඇතැයි ඔහු ගැන වැරදි වැටහීමක් ඇති කරගෙන ඔහුට නිතරම කරදර කරනවා ඔහුට මානසික එකගතාවයකින් ඔහුගේ රැකියාව පවා කර ගත නොහැකිකි ලෙස. . .

තව හිතවතෙකුට ඔහු පෙම් කරන යුවතිය ඔහු ඇයට උන්මාදයෙන් වගේ ප්‍රේම කරද්දිත් ඇය ඔහුව මග හරින්න හදනවා ඔහුට ඈට වඩා හොද කෙනක් මතුවට ලැබේවි . . . ඈට ඔහු සමග විවාහ වීම සදහා හිත එකග කරගන්න පුලුවන් කමක් නැතැයි කියමින් . . . ඔහු මගෙන් උපදෙස් සහ උදවු පතනවා ඇගේ හිත ඔහු කෙරෙහි යොමුකරවා ඔහුට ඈව අනාගතයේ විවාහ කර ගැනීමට උදව් කරන ලෙස. . .

තනිකඩව සතුටින් කාලය ගතකරන දෙදෙනෙක් විවාහ වෙන්නෙ ඊට වඩා සතුටක් ලැබීමේ පරමාර්ථයෙන් මම හිතන්නෙ . . . . විවාහයෙන් . . . . බලාපොරොත්තුවූ සතුට නොලැබී ගොස් . . . ඒ වෙනුවට දුක් කරදර ගොඩක් උඩ දිවි ගෙවන්න සිදු වුවොත් . . .

විවාහයෙන් බලාපොරොත්තු වූ සතුට නොලැබෙනවානම් එකිනෙකාට වයිර කර කර නොයිද. . . මයිත්‍රියෙන් දෙපසට වී සිටීම තමයි හොද කියන එකයි මගෙ හැගීම නම්. . . . ඒ කියන්නෙ මෙයට පිළියම දික්කසාදය කියන එකද??? විවාහ නොවී සිටින්න කියන එකද???

නමුත් දරුවන් සමග මේ ප්‍රශ්නයට මුහුන දීමේදී වඩාත්ම සංකීර්න වෙනවා . . . තමන්ට අවශ්‍ය නිදහස . . . සතුට වෙනුවට දරුවෝ වෙනුවන් ඒ හැම දෙයම කැප කිරීමට තරම් ශක්තියක් ගොඩනගා ගතයුතු වෙනවා මම හිතන්නේ . . . . .

මේ හිතවතුන් තුන් දෙනාට සතුටින් ජීවත් වීමට මග පෙන්වන්න මම මොන විදිහේ උපදෙස් ලබාදිය යුතුද කියලා මම අහස පොලොව ගැටලන ගානට කල්පනා කරමින් සිතිනවා . . මේක බලන කෙනෙකුට වත් ඒ ගැන කියන්න දෙයක් තිබ්බොත් . .  . . !

2 comments:

  1. එක යාලුවෙක්ට තියන මාන්සික වේදනාවම මටත් තියනවා.ඒත් මම නම් දැන් හිත හදාගෙන ඉන්නේ.ගොඩාක් අමාරුයි.ඒත් අපි ඇත්තට මූනදෙන්න ඕන.යාලුවටත් කියන්න කොහොමහරි හිත හදාගන්න කියලා....

    ReplyDelete
  2. පෙම් කරන හිතවතාටද විවාහවූ හිතවතාටඩ ඔබ කියන්නෙ හිත හදාගෙන ඉන්න කියලා. . .

    පෙම් කරන හිතවතාට නම් මම කියල තියෙන්නෙ කාලය තමයි හොදම පිළිතුර . . . ටිකක් ඉවසල ඉන්න කියලා මොකද ආදරයක් තව කෙනෙකුගෙ හිතේ වෙන කෙනෙක් ගැන ඇති වෙන්න සමහර විට කාලයක් ගත වෙන නිසා . . .

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails