Sunday, September 27, 2015

මාරුතය . . !


මාරුතය 

බොහෝම ස්තූතියි ආවාට 

සිතූ පරිදි බොහෝ දේ විනාස කලාට

විසිතුරු සිහින කැබැලිද

සතුට එකතු කල පුංචි පුංචි දේවල්ද

දස අතට බැඳ තැබූ රැහැන්ද

තව බොහෝ දේද

දැන් ඉතින් ඉතා සරලයි

සියල්ල හොඳින් වේයැයි

බලා ඉන්න එක විතරමයි ඉතුරු

මාරුතය 

බොහෝම ස්තූතියි ආවාට

බලාපොරොත්තු නැතුව ජීවත් වෙයන් යැයි

පාඩම් ඉගැන්නුවාට . . !

12 comments:

  1. කිසිම දෙයක් සදාකාලික නැහැ දුකා සහෝ.... ඒක තේරෙන්න අපිට වටිනා දෙයක් නැති වෙන්නම ඔ්නේ...... ඒවා අපි ළගින් තියෙනකල් අපි ඒවා අපේ කරගන්නේ කවදාවත් නැති වෙන්නෑ කියලා හිතාගෙන...... ඒත් ඒක මාරුතයක් අපිට ගොඩක් දේවල් උගන්නලා යනවා යන්න.....

    ReplyDelete
    Replies
    1. ඇත්ත බන් අපිට ලැබිලා තියෙන දේවල් වල වටිනාකමක් කිසිම දාක දැනෙන්නේ නෑ අඩු ගානේ අපි අපිට ඒවා ලැබුනු එකට ජීවිතයට ස්තූති කරන්නේ වත් නෑ. ඒත් එක මොහොතක ඒ ගොඩක් දේවල් නැති උනාම දුක් වෙනවට වඩා ඉතුරු වෙච්චි දේ ගැන සතුටු වෙන්න පුලුවන් නම් කියලා මම හිතුවේ.

      Delete
  2. උඹේ ජීවිතය හරහා හමා ගියා යැයි කියන මාරුතය කුමක් වියහැකිදැයි දහ අතේ කල්පනා කරමින්...

    ReplyDelete
    Replies
    1. නෑ බන් මේක මට වෙච්චි පුද්ගලික දෙයක් නෙමේ.
      මේ ප්‍රොජෙක්ට් එකේ එකට වැඩ කරන එකෙක්ට කැන්සර් එකක්. පෘතුගීසි ජාතිකයෙක්.
      කිසිම පෙර දැනුම් දීමක් නැතිව පොඩි පොඩි අමාරු වගයකට ටෙස්ට් කරන්න ගියාම කියලා තියෙන්නේ.
      ස්ට්‍රජ් 3 කැන්සර් එකක් උඹට ජීවත් වෙන්න තියෙන්නේ මාස ගානක් කියලා.
      ඒක උගේ ජීවිතයට මාරුතයක් කියලා මට හිතුනා.
      ඌ ගැන උපන් දුකට ලිව්වේ.

      Delete
    2. මාරුතයක් තමයි එහෙනම්. I am really sorry about your friend.

      Delete
  3. මෙ පැත්තට ආව පලමු අවස්ථාව.
    අපි ලොකු බලාපොරොත්තු ගොන්නක් පොදි ගහගෙන ජීවත් වුනත් සමහර අවස්ථාවල එක දෙයකින් ඒ සියල්ල බිදිලා යනවා.සමහර වෙලාවට එතන ඉදලා අලුත් ජීවිතයක් පටන්ගන්න වෙන තැනුත් තියනවා.මට දැනට වසර හතරකට පමන පෙර අලුත් මිතුරෙක් හමුවුනා.හදිසියේම තදබල ලෙසින් අසනීප වෙලා එක්තැන් වුන ඔහු මට කීව දෙයක් තමයි මම අද ඉදලා ජිවත් වෙන්නේ අලුත් විදියකට.අතීතය අමතක කරලා අලුත් ජීවිතේ ගත කරනවා කියන එක.ඒහෙම ඉදලා මාස ගානකින් ඔහු මෙ ජිවිතෙන් සමුගත්තා.ඔබෙ ලිපියේ පහත වචන කිහිපය එක්ක මට මතක් වුනේ මගේ අලුත් මිතුරව

    බොහෝම ස්තූතියි ආවාට
    බලාපොරොත්තු නැතුව ජීවත් වෙයන් යැයි
    පාඩම් ඉගැන්නුවාට

    ReplyDelete
  4. මමත් මෙඩිකල් චෙකප් නොයන්නේ ඔය වැඩේ හන්දා...

    ReplyDelete
    Replies
    1. ඩොකා ලාව අමාරුවේ දාන්න බැහැ නේ නේද මාතො...

      Delete
  5. ලස්සනයි දුකා..... (දුකා නෙවී කවිය හොදේ)

    ReplyDelete
  6. කොමෙන්ට් කියෝපුවාම තමයි දැන ගත්තේ නිධාන කතාව...

    ------
    ජීවිතේ ඔහොම තමයි බන්,,,

    ReplyDelete
  7. හිතන්න මරුතත් දින්න හැකියි. අද්ශ්ඨානය තමයි ඔනෙ . බැහැකියල දෙයක් නෑ .

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails