Monday, October 5, 2015

වෙන්වූ දා ඉතින් ඔබෙන් . . පල නෑ මේ තරම් හැඟුම්



අනේ මගේ දෙයියෝ . . හ්
ඔයා මොන හිතකින්ද අපිව දාලා යන්නේ රත්තරා . . ..න්
අපි ඔයා නැතුව සතුටින් ඉන්නේ කොහොමද වස්තුවේ . . . හ්
මං ඔයාට කොයි තරාම් ආදරෙයිද සුදෝ . . . හ්
අපිව දාලා යන්න එපා අයියෝ . . .. හ්

මොකාක් . .
මේ ගෑනි මම ඉන්නකම් මාව කන්න හැදුවා
මෙන්න යකෝ මම මලා විතරයි මේ ගෑනි මට ආදරෙයිලු
මේ ගෑනිට දිස්ටියක් වැහිලද?
මේහ් ඕයි . . ඕයි මේහ්

හෑ . . බුදු අම්මෝ මෙන්න හොල්මනාක්. . !

බෙරිහන් දෙන්න එපා යෝදියේ . .
මම මේ උඹේ මැරිච්ච මිනිහා . .

ඒක තමා වාහේ කිව්වේ ඔහේ හොල්මනක් කියලා 
බුදු අම් . .. 

ස්ස්ස්ස්ස්ස්ස් කෑ ගහන්න එපා ඕයි . . 
මම මලා තමා.
ඒත් දන්නේ නැතෙයි මලාට පස්සේ දවස් හත අටක් යන කම් ඒ ගෙදර මැරිච්චි මිනිහාට ඉන්න ඇහැක් වග?

ආ එහෙමද? 
ඔහේ ආවේ මගෙන් පලි ගන්නද?

අහවල් දේකට පලිගන්නද?
ඉන්න කම් ඔහේ මාව නොමරා මැරුවා තමා ඒත් ඉතින් ඉන් එහා මටෙයි කියලා කොයි තරම් නම් දේවල් කලාද?
උදේ නැගිලටා කෑම උයලා බෑග් එකට එබුවා.
අසනීපයක් හැදුනාම රෑ තිස්සේ ඇහැරිලා සාත්තු සප්පායම් කලා.
එහෙව් එකේ මක්කටෙයි මම ඔහේගෙන් පලි ගන්නේ?

නෑ ඉතින් ඔහේ ජීවත් වෙලා ඉන්න කාලේ අපිට තන්තෝසෙන් ඉන්න ඇහැක් කමක් තිබිලත් පොඩි පොඩි දේවල් මහා ලොකු දේවල් කරගෙන අපි හැමදාම වගේ රන්ඩු කලානේ.
අපේ සතුටට කියල ඔහේ කරපු කොයියම්ම දේක උනත් අඩු පාඩුවක් කොස්සක් හොයලා ඔහේට වචන වලින් දමලා ගැහුවා මිසක් ඔහේ අපි වෙනුවෙන් කරපු කිසිම දෙයක් අගය කලේ නෑනේ.
මෙච්චර දේවල් කරලත් මේ විදිහට කතන්දර අහ අහා ඉන්නවට වඩා මැරෙන එක සැපයි කියලා හිතලා ඔහේ අනේ ඉක්මනට මැරෙනවනම් කියලා හිත හදාගන්න ඇත්තේ ඒ හින්දා වෙනටෑ කියලා දැන් තමයි තේරෙන්නේ අයියෝ . .. 

දැන් ඉතින් ගිය දේ ගියා නෝනේ . . . 
මිනිය උඩින් සුදු මල් දෙකක් තියලා වැලහින්නි වගේ ඇඬුවට දැන් මැරුනු එකාට පන එන්නේ නෑ . . . 
ඉන්න කම් නොමරා මරපු එකාට මලාට පස්සේ මිනිය බදාගෙන ඇඬුවා කියලා සිද්ද වෙන වෙනසක් නෑ . . 
එහෙනම් ඉතින් දැන්වත් සතුටින් ඉන්න පුලුවන් කම තියෙද්දී ඕන නැති කොන් කෑලි හොයාගෙන නිකාන් සතුට නැති කර ගන්න මෝඩ කම ආයේ නම් කොරන්නේ නෑ කියලා හිත හදාගෙන සතුටින් ඉන්න බලන්න !
_________________________________________

සුදු මල් දෙකක් කඩා ගෙනත් 
මා නෙත් ලඟින් තබා 
ඔබේ කඳුලු බින්දුවෙන් තෙමා 
සමුගන්නෙපා එපා
උනුසුම් ඔබේ නෙතේ දියෙන් 
ඒ මල් හඬයි සිතා
නොසිතන් ළඳේ දිනක් නො ඒ 
වැලපෙන්නෙපා එපා . . 

සිනාසුනු ආදරේ නමින් 
බැඳී උන් ජීවිතේ මෙසේ 
වෙ වූ දා ඉතින් ඔබෙන්
පල නෑ මේ තරම් හැඟුම් 
පැතූ පෙම් මාලිගා බිඳී 
ගලා යයි වේදනා දිදී
මන්මත් වූ පැතුම් මැදින් 
පල නෑ මා සොයා ඇවිත් 

සුදු මල් දෙකක් කඩා ගෙනත්  . . 


Pic From: http://simplyoloni.com/shocking-abusive-relationship-stories/

12 comments:

  1. /* මිනිය උඩින් සුදු මල් දෙකක් තියලා වැලහින්නි වගේ ඇඬුවට දැන් මැරුනු එකාට පන එන්නේ නෑ

    ඉන්න කම් නොමරා මරපු එකාට මලාට පස්සේ මිනිය බදාගෙන ඇඬුවා කියලා සිද්ද වෙන වෙනසක් නෑ . . */

    ඔය පේලි දෙක බොක්කටම වැදුනා...

    ReplyDelete
    Replies
    1. ඈහ්... මෙන්න බොලේ මම එක වෙලා... ඩබල් හැපී ආහ්..!

      Delete
  2. සහතික ඇත්ත. ඉන්නකොට සලකන්නෙ නැති ළමයි පවා දෙමව්පියො මැරුනම මිනිය බදාගෙන අඩනවා, ඒ නම් සමහර විට දෙමාපියන්ට ආදරෙයි කියලා ලෝකෙට පෙන්නන්නත් එක්ක වෙන්නත් පුලුවන්.

    දෙයක් නැති වුනාම තමා ඒ දේ අගය අපේ මින්සුන්ට දැනෙන්නේ

    ReplyDelete
  3. ඕක ඉතින් මිනිස් ස්වභාවය නේ. ඉන්නකල් කිසි අගයක් නෑ. නැති උනාම තමයි වටිනාකම

    ReplyDelete
  4. මේකනං නියමයි......
    // ඉන්න කම් නොමරා මරපු එකාට මලාට පස්සේ මිනිය බදාගෙන ඇඬුවා කියලා සිද්ද වෙන වෙනසක් නෑ . .
    එහෙනම් ඉතින් දැන්වත් සතුටින් ඉන්න පුලුවන් කම තියෙද්දී ඕන නැති කොන් කෑලි හොයාගෙන නිකාන් සතුට නැති කර ගන්න මෝඩ කම ආයේ නම් කොරන්නේ නෑ කියලා හිත හදාගෙන සතුටින් //
    සුපිරි.........

    ReplyDelete
  5. අැයි දෙකක්.......... තියන්නම්කෝ වට්ටියක්ම.........

    ReplyDelete
  6. කාලීනව හුඟක් වටිනා පොස්ට් එකක්.. ඊට එහා යමක් ලියන්න ඕන උනාට එව්වා ලියල වැඩක් වෙන්නේ නැහැ..

    ReplyDelete
  7. මම කැමතිම ගීතයක් ප්‍රියාගේ . හැබැයි කතාව කොමඩියක් වගේ ලියලා තියෙන්නේ. කටහ්ව වෙනම ගත්තම එල.

    ReplyDelete
  8. වැදගත් පෝස්ටුවක්.කවුරු කවුරුත් නැති අගය දැනෙන්නෙ ඒ අය අපේ ජීවිත වලින් සමුගත්තම තමා.නමුත් දුකා අයියා කියන විදියට ඒ අය නැති කාලෙට අපි දුක් වෙලා වැඩක් නෑ.ඉන්නකල් හොදින් සලකගෙන ඉන්න එක තමයි වටිනාකම.එහෙම නේද?ඔබට ජය.දිගටම ලියමු.

    ReplyDelete
  9. පැහැදිලි වචන පෙලක් යාලුවා. ඇත්තක්.

    http://blockkalugal.blogspot.com
    ඇවිත් යන්න එන්න.

    ReplyDelete
  10. අදයි මේ පැත්තේ ආවෙ . අපූරුවට ලියලා තියෙනවා . ජයවේවා !

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails