twitter
    Find out what I'm doing, Follow Me :)

යාලුවෝ මාලුවෝ යාලුවෝ . . .



හවුල් යාලු මිතුරු කතා බහකදී බීට්ල් කිව්ව කතාවක් දැක්ක ගමන් මට මතක් උනේ ඉස්කෝලේ යන කාලේ මට වෙච්ච් සිදුවීමක්.

ඒ කාලේ මගේ සිංහල අත් අකුරු හරිම ලස්සනයි. භාෂා දින අත් අකුරු තරඟවලට හිටන් ඉඳලා තියෙනවා.

අට වසරෙදි ටීච කෙනෙක් නැති දවසකදී මගේ හොඳම යාලුවෙක් ඌගේ කෙල්ලට මගේ අත් අකුරු වලින් සහ අදහස් වලින් ලියුමක් ලියලා දෙන්න කිව්වා.

මම ලියලා දුන්නා.

අපි ලව් ලෙටර් එක ලියන අතරේ පංතියේ හිටපු තවත් සෙට් එකක් කුනුහරුප ලියුමක් ලිව්වා.

කවුද පාවා දෙන්නෙක් ඊලඟට එන්න හිටපු සර්ට කියලා පන්තියේ කොල්ලෝ කුනුහරුප ලියුම් ලියනවා කියලා.

සර් එක පාරටම ප්‍රිෆෙක්ට්ස්ලා ටිකක් එක්ක පන්තියට කඩන් පැන්නා.

ඔක්කෝගෙම බෑග් ඇවිස්සුවා.

අර කුනුහරුප ලියුම අරුන් කොහොම හරි හංගගෙන එත් මම යාලුවට ලියපු ලියුම මාට්ටු උනා උගේ බෑග් එකේ තිබිලා.

කාගෙද කියලා ඇහුවම යාලුවා සද්ද නැතුව හිටියා.

හොයල බලද්දී අත් අකුරු මගේ.

අපේ පන්තිවල උන් ඔක්කෝම දැනගෙන හිටියා ඒ කාලේ මට දහම් පාසැලේ කෙල්ලෙක් හිටපු බව.

ලව් එකක් කිව්වට එහෙමට එකක් නෙමේ අප්පා. නිකම් ඒක පාර්ශවික වගේ එකක්. මේ තියෙන්නේ ඒ විස්තරේ .

යාලුවා මාව පාවල දුන්නා මගේ කෙල්ලට ලියුමක් ලියන ගමන් ඌටත් ලිව්වා කියලා.

වැඩේ දුරදිග ගිහින් වයිස් ප්‍රින්සිපල් ලඟට ගියා.

වයිස් ප්‍රින්සිපල්ගේ කාමරේට අරගෙන මුලින් ප්‍රශ්න කලේ යාලුවගන්. ඌට අම්මව එක්ක එන්න කිව්වා.

මාව ඉතිං ගිඩි ගිඩි ගාල ගැහෙනවා.

වයිස් ප්‍රින්සිපල් අපේ සීයගේ යාලුවෙක්. අම්මවත් දන්නවා.

වයිස් ප්‍රින්සිපල් මගෙන් මොකුත් ඇහුවේ නෑ . . .

ඔෆිස් කාමරේ එලියේ සම්මාන දාන වීදුරු කබඩ් එක ලඟදී අනිත් පැත්ත හැරිලා කබඩ් එක අල්ල ගන්න කිව්වා.

ඔෆිස් එකේ ඔක්කෝම ඉස්සරහා වේවැලෙන් දුන්නා මගේ පස්ස පැත්තට තුනක් හෝ හතරක්.

ගහන ගමන් කිව්වේ "මේ ගහන්නේ තමන්ගේ කෙල්ලට විතරක් නොලියා අනුන්ගේ කෙල්ලන්ට ලියුම ලිව්වට කියලා"

ඒ තමයි ඉස්කෝලේ ගත කරපු අවුරුදු දහතුනටම මම මගේ වරදකට ගුරුවරයෙකුගෙන් වේවල් පාරක් කාපු එකම දවස.

ඉස්කෝන් අස්වෙනකම්ම ඒ යාලුවත් එක්ක මම තරහා වෙලා හිට්යේ . .

පස්සේ කාලෙක අහම්බෙන් මෙහේදිම (ඩුබායි වලදීම) ඌව සෙට් වෙලා ඒ කාලේ වෙච්චි සීන් එක මතක් කර කර අපි හිනා උනා.

අවවාදය: මිතුරු ඇසුරක දීර්ඝකාලීන / සදාකාලික හෝ කෙටි කාලීන පැවැත්මේ එකම සූත්‍රය / රහස විස්වාසයයි.

53 යි අදහස්:

රවා said...

මිතුරු විතරක් නෙමෙ ඔනැම තැනක දිර්ඝ පැවැත්ම විස්වාසයයි, පණ ඇති හො නැති ...

පිස්සා පලාමල්ල said...

විශ්වාසය.... ඕක ඇවිල්ල වීදුරු බඩුවක් වගේ ලුනේ... කැඩුනොත් ගොඩ ගන්නව බොරු

වෙද ගෙදර මහ වෙදනා said...

මිතුරු ඇසුර අතුරේ යන ගමන් දැලි පිහියෙන් කිරි කනවා වැනි වැඩකි. ප්‍රවේසමෙන් කළොත් ප්‍රතිලාභද ඒ සමානය.

ඕනයා said...

මමත් මුලදි යාලුවො වෙනුවෙං මරාගන්න ගියා . . . . යාලුවො වෙනුවෙං කරන්න බැරි දෙයක් නැති කාලයක් තිබ්බ . . . . මම වැරදියි කියල දැනගද්දි . . . පෙරහැර ගිහිං දිය කපලත් ඉවරයි

මාරයාගේ හෝරාව said...

"ඔබට මා කියවා තේරුම් ගතහැකි වෙතැයි මා සිතුවෙමි. කෙසේ නමුත් මම කවුදැයි සොයා බලන්න මම ම තීරණය කලෙමි."

මෙහෙමත් කියන්නේ කවුද මංදා..?

ඔහොම තමයි ලොක්කා අනිත් අය දිහා බලන එක නවත්තලා මාත් දැන් මගේ දිහා බලන්න හුරු වෙනවා...අපිට යාළුවෝද..අපි යාළුවෝද..?

Chathuranga Perera said...

සම්පූර්ණ ඇත්ත දුකා අයියේ... විශ්වාසේ තමා වචනේ... මොනවා නැතත් ඕක නැතිවුනොත් වසනවා බොරු !!!

මට නම් ඉස්කෝලේ බොක්කේ යාළුවෝ හිටියේ දෙතුන් දෙනයි... කවදාවත් ඔය ජාතියේ කේස් නම් වෙලා නෑ. හැබැයි ඉතින් යාළුවන්ටත් එක්ක සහයෝගයෙන් ගුටිකාලා නම් තියෙනවා !!!

Dinesh said...

ඇත්ත අයියේ.. යාළුකමක් පවතින්නේ විශ්වාසය කියන කාරණාව මත.. ඒ විශ්වාසය කඩ උනත් අපි සමහර විට ඔහු එක්ක කතා කරාවි.. ඒත් කලින් වගේ මිතුරු කමක් තියෙන එකක් නැති වේවි..

පූසා said...

"විශ්වාසා පරමා ඥාතී" කියනවනේ!

කස්ස said...

ගහල තියෙනෙ මරුම කතාව කිය්ලා....කොල්ල හැදෙන්න ඇති ඊට පස්සෙ මම හිතන්නේ?

නරකයා....!! said...

වෙලාවට මගේ අකුරු කැත උනේ... අනික ඉස්කොලේ යනකාලෙ එකියක්වවත් මට කැමති උණෙ නැත්තෙ

චමිල said...

එක පාරයි ගුටි කාල තියෙන්නෙ?? ඒ කියන්නෙ හොඳ ළමයෙක් ආ....
අප්පා... මං නන් කාලා තියනවා නැති වෙන්ඩ. වේවැල් නෙවෙයි වැටහිර පොළු වලින් තමයි දුන්නෙ(දවස් දෙක තුනක් යනකන් ඉඳගන්ඩ බැරි වෙන්ඩ :) )

Chathura Wijekoon|චතුර විජේකෝන් said...

ඇත්හ.. හැම සම්බන්ධයකට ම වැදගත්ම දේ විශ්වාසයයි.. යාළුවෝ අපිව පාවා දුන්නටත් වඩා මට එපා වෙන්නේ යාළුවෝ අපිව අවිශ්වාස කරපුවාම.. ඒක නං දරන්න හරිම අමාරුයි..

මගේ නං අකුරු වස කැතයි මචං... මෙලෝ රහක් නෑ.. පොඩි කාලෙ මං අත් අකුරු වලටයි, චිත්‍ර වලට ඇර අනික් හැම ක්‍රියාකාරකමකින්ම වගේ ඉස්සරහින්ම හිටියා..

වර්ණා said...

ඇත්තටම හොද ආදර්ශයක් තියෙන කතාවක්..

ගුලියා said...

දුකා අයියා මේ දුන්නේ මාස 6 කට පස්සසේ ලියවෙන්න මගේ post ඒකෙ මාතෘකාව "විශ්වාසය"

හිස් අහස said...

මට අනන්ත යාළුවෝ හිටියා මම උං සේරෝමලාව උඩ දාගෙන විස්වාස කලා උංගේ ප්‍රශ්න මගේ කරගත්තා අන්තිමේදී එකම එකෙක් විතරක් ඌට උදවු කල මාව පාවා දුන්නා වරද ලොකුයි අන්තිමේදී මාව ඉස්කෝලෙන් අස් කලා ..

යාළුවෝ නැතිව බෑ ඉන්න එවුන් අවිශ්වාස කරලත් බෑ . යාළුවෝ ගැන නම් කියන්න දේ එමටයි ඒත් ඒවා වැඩි හරිය නොකියා ඉන්න එක හොඳයි .

මාතලන් said...

උඹ හොඳ එකෙක් නිසා කතාකරන්න ඇති. ඒත් පොඩි කාලේ ඉඳලා එන ගති දිගටම යනවා. බලාගෙනයි.. පරෙස්සමින්..

නලිනි චන්දිමා said...

ඇත්ත. විශ්වාසය තමා ඕනෑම මානව සම්බන්ධතාවයකදි වැදගත්ම සාධකය. ඔය තරමින් රැවටිලා පාඩම ඉගෙන ගන්න ලැබුණු එක ගැන සතුටු වෙන්න තමා තියෙන්නෙ.

Shaaanu said...

මචන් මිත්‍ර සමාගම නිසා ලොකු පරිප්පු කාල තියෙනවා ඒ වගේම හොඳ යාලුවෝ ඉන්නවා ප්‍රශ්න වලදී උදවු කරපු.
අර කියන්නේ උණු හින්ද බොන්නත් බැහැ ... කිරි හින්දා අහක දාන්නත් බැහැ .... ඒ වගේ තමා යාලුවෝ !!!

ගල්මල්-Coral said...

හොඳ මතක් කිරීමක්, ඒත් ඉක්මනට අමතක වෙලා යන එකයි ප්‍රශ්ණය.

දුමී said...

යකෝ මම මීට වඩා දිග පෝස්ටුවක් බලාපොරුත්තු උනා....! අනික මේ කතාව උඹ මීට කලින් ලියලා තියෙනවද ? මම මේක අහලා තියෙනවා. එක්කෝ උඹ මට කියන්න ඇති.

යාළුවෝ හින්දා අනන්තවත් ලාබ පාඩු වාසි අවාසි සතුට දුක වගේ හැම දේම මම ලබලා තියෙනවා. මේ ලඟදිත් යාළුවෙක් නිසා වෙච්ච සිද්ධියක් මම උඹට කිව්වා මතකද ?

අපි මැරෙනකං මේ වගේ දේවල් වලට මුහුන දෙන්න වෙන එක වලක්ව ගන්න බැරි වේවි.

මගේ එක යාළුවෙක් මෑතකදි අවුරුදු ගාණකට පස්සෙ කතා කරලා මම ඌට රුපියල් 60,000 ක් ණයයි කියලා (මට අබමල් රේනුවක් වත් මතක නැති ) ඒක මගෙන් ලබා ගන්න අතරෙදි තව එක යාළුවෙක් මගේ වහලා තියෙන ගෙයක සති දෙකක් ඌට ඉන්න දුන්නා කියලා මම එනකොට රුපියල් 60,000 ක් විතර වටිනා අළුත්ම පුටු සෙට් එකක් ගෙදරට ගෙනත් දාල ගිහිල්ල තිබුනා......!

Lishan Puwakowita said...

මිනිස්සුනේ.., ඔය ඔක්කොම වෙන්නේ මිනිස්සුන්ට. වැඩේ කියන්නේ අපි මනුස්සකම් කියල අඳුණ ගන්න එවුන්ට අපි හිතන තරම් values නෑ. පස්සේ වෙන්නේ අපිට ඒ පුද්ගලයා නිසා අතින් කයිට් කරගන්න, මට දැන් යාලුවෝ ගොඩාක් හිටියත් ළඟම යාලුවෙක් කියලා එකෙක් නෑ අයියේ.., එහෙම හිටපු එකා මට විස්වාසේ කඩලා උතුරුකුරු දිවයිනට ගිය නිසා.

දුකා said...

@රවා!
නෑ රවා .. කසාදෙදි නීතිමය බැඳීමක් තියෙනවනේ . . අවිස්වාස නිසා ගහ මරා ගත්තා උනත් නීතිමය බැඳීම දරුවන් නිසා ඇති උනු බැඳීම වගේ ඒවා තියෙනවනේ . . .ඒත් මිතුරු ඇසුරේදී එකම දේ විස්වාසය.

@පිස්සා!
සහතික ඇත්ත බන්. බිඳුනොත් ආපහු ඇලෙව්වාට පරන තත්වෙට කොහොමවත් කරලා ගන්න බෑ . ..

@වෙදා-රෝහණ
ඒක නම් ඇත්ත බන් . . . එත් කාත් කවුරු නැතත් යාලුවෝ නැතුව ඉන්න ඇහැක්ද බන් මනුස්සයෙක්ට? බලලා තියෙනවා නේද කාස්ට් එවේ ෆිල්ම් එක? අර බෝලයක් යාලුවට තියාගෙන ඉන්න සීන් එක. ..

@ඕනයා!
කමක් නෑ බන් ලබන අවුරුද්දේත් ආයි පෙරහැර තියෙනවා.

@මාරයා!
ඔව් බන් . . මට ම ෂුවර් නෑ මම මම මද කියලා . ..
මේ පාඩම් ඉගෙන ගන්නවා මේ අමතක වෙනවා .. හික්ස්

@චතුරංග!
පරිප්පු කාලා කාලා කවදා හරි විස්වාස කරන්න පුලුවන් මිතුරෝ හම්බවෙනවා බන්

දුකා said...

@වර්ණා!
ඔය ජාතියේ කතා අපි කොයි තරම් අහලා තියෙනවද? ඒත් වැඩක් නෑ . . හෙට අමතකයි .. හෙ හෙ හේ . .

@ගුලියා!
මාස 6ක් . . කල් වැඩි නැද්ද බන් . .

@සඳරු!
අඩේ යාලුවෝ . . උන් නැතුව කොහොමද බන් . . කෑම නොකා ඉන්නම් හුස්ම නොගෙන ඉන්නම් ඒත් යාලුවෝ නැතුව . . ම්ම්හූඋ

@මාතලන්!
තාම එහෙම තමා බන් . . . හැදෙන්නේ නම් නෑ මලාට . . හික්ස්

@නලිනි!
පිස්සු කියනවද අනේ මේ දුකා . . පාඩම් ඉගෙන ගන්න . . . ලබන ආත්මේ තමා . . හික් හික් හික් . . .

@ශානු
පිස්සුද බන් එකෙක් දෙනෙක් අපතයෝ හිටියට හොඳ උන් තමා වැඩි . . .
මාව වැඩි දෙනෙක්ට දිරවන්නේ නෑ මගේ කට නිසා . . එත් ෆිට් උන් . . බුදු ෆිට් තමා . . .

@ඩීන්!
කියලා වැඩක් නෑ සහෝදරයා ඒ ගැන නම් . . . හම්බ උනු වෙලාවක ටොක්කක් ඇනපන් හොඳේ ලොකු අයියේ . .

@දුමී!
නෑ බන් දිග එක සංවේදී විදිහට ලියාගෙන යනවා. ඒක ආපහු කියවද්දී මාත් සෙන්ටිමෙන්ටල් වෙලා ලියන එක පැත්ත්කට දානවා. බලමු තව මාසෙකින් විතර වත් ඒක ලියලා ඉවර කරන්න.
අර 60,000 කලින් යාලුවා 60ක් නිසා කෝටියක් වටින මිතුරෙක්ගේ විස්වාසේ නැතිකර ගත්තු එකට කවදා හරි දුක්වෙයි.
දෙවෙනි 60 යාලුවට පස්සේ හිතෙන්න ඇති ඌ යාලුව කරපු උදව්වේ වටිනාකම නැති කලාද කියලත් . . ඒත් ඌ පස්සෙ හිතන්න ඇති නෑ මේක තමා ශෙයාරින් කියන්නේ .. උඹ ඌව විස්වාස කරලා බඩු මුට්ටුත් එක්ක උඹේ ගේ දුන්නා උඹ ඌව එහෙම විස්වාස කරපු ඒ සතුටට ඌ උබට පොඩි සිහිවටනයක් දුන්නා කියලා.
ඉලක්කම් වලින් මනින්න බැරි විස්වාසේ තමා යාලුකමේ ප්‍රධාන දේ කියලා මම කිව්වේ ඒකයි.

@ලිෂ්!
හැමෝම එහෙම නෑ බන් . . එක මකුනෙක් කෑවට මම නම් ආස නෑ ඔක්කෝම මකුනෝ මරන්න.

බස්සා said...

ඉස්සර අපේ පිනා (පිනා කිව්වට මුල් ගුරුතුමා අද දැක්කත් කකුල් දෙක ලඟ දණ ගහලා වඳින්න තරම් උත්තමයෙක්) දෙන්නෙත් ඔය වගේ තමයි.. උදේ රැස්වීමෙදී සසෙනග මැද්දේ දෙනෙවා පුක පුපුරන්න.... සමහරු පුකට කොට්ට බැඳගෙන ඇවිල්ලා මාට්ටු වෙලත් තියනවා....
අපුරු මතකයක් දුකා ගේ... ජය !!!!

දුකා said...

@දිනේෂ්!
ඒක නම් ඇත්ත බන් . . . විස්වාසේ කැකුවට පස්සේ ආයි පාස්සනවා බොරු.

@පූසා!
මම ඒක අදහනවා බන් . .

@කස්සා!
නෑ බන් ඊට පස්සෙත් කොල්ලන්ගේ ලියුම් ලිව්වේ මම්ම තමා . . හික්ස්

@නරකයා!
උඹේ නෙමේ බන් . . කෙල්ලන්ගේ හොඳ වෙලාවට . . ඇයි යකෝ උඹ ඉතිං නරකයානේ . . හික්ස්

@චමිල!
මගේ වරදි වලට එක පාරයි කියලා බන් කිව්වේ . .නෑ නෑ කොහොමත් මම ඒ කාලේ පට්ට චාටර් උනත් ඩයල් ශේප් බුවා නිසා වැඩිය කෑවේ නෑ . . මගේ අර "කොයිදේ වෙන්නත් හොඳටයි" පෝස්ට් එකේත් මම ඒ ගැන ලිව්වා . .
http://dukaa.blogspot.com/2009/08/blog-post_16.html

@බස්සා!
එහෙම ගහන එකට මම නම් දැන් අම්බානක විරුද්ධයි බන් . . මගේ ලමයට එහෙම ගැහුවොත් මම නම් හොඳ වැඩක් කරයි කියලා හිතෙනවා . . .හෙ හෙ හේ . .

අසරණයා said...

එකට හොර වැඩ කරලා දෙක ගහද්දි කියනවා කලේ කවුද කියල.මං ගොනා වගේ ගුටිකාගෙන ඉන්නවා කරපු කෙනා දන්නේ නැහැ කියල.මගේ ගොන් කම තෙරෙද්දී ඉස්කෝලෙන් අස්වෙලා..

ඔබ නොදු‍ටු ලොවක් said...

කැඩෙට් කරපු කාලේ අපි සෙට් වෙලා නෙලපු එකෙක්ව ගොඩක් කාලෙකට පස්සේ පවුල් පංසල් එක්ක ටවුමෙදි හම්බුනා..ලැජ්ජ හිතුනා ඒ කාලේ කරපුවට....

Bunny said...

ඉස්සර වගේම ඔයාගෙ බ්ලොග් එකෙ අකුරුත් හරි ලස්සනට ලියලා තියෙනවා මොකක්ද රහස ? :P

මාවත් ඔහොම සෙට් එකක් පාවලා දිලා තිබ්බා නොකරපු වරදකට.. දිග කතාව්ක් :D හැබැයි 1ක සර් කෙනෙක් වත් මට මුකුත් කිවෙ නැ..

Anonymous said...

අර යාලුවා ආයේ හමු වෙලා කතාකල්ල හිනාවුනා කීව නේද?
බලගෙන, එක කුජීත ගතිගුණයක් විතරක් මිනිස්සු තුල හිටින්නේ නෑ
අපතයා අපතයාමයි
ඌ රවට්ටනවා කොටවනවා වංචාකරනවා ලැජ්ජා කරවනවා
රෙද්දක් ඇදගෙන ආයිත් සිනාසී කතාකරනවා
ඌට ලැජ්ජත් නෑ අන්තිමට බලන් ගියාම අයියට ලැජ්ජත් නෑ
අයිය දන්නව මම කවුද කියල

Janaranga Wijaindu Dewasurendra said...

ඇත්තනේ තමන්ගේ කෙල්ලට විතරක් ලියුම් ලිව්වනම් හරි කියලා වයිස් ප්‍රින්සිපල්ටත් තේරෙනවා

ගොඩයා said...

හෙ හෙ හෙ හෙ..... පාවාදීම් ගැන කතා කරලා වැඩක් නෑ...... ඔයිට වඩා හොඳ ටොපි හම්බවෙලා තියනවා. බලමුකෝ වෙලාවක් තිබ්බොත් ලියන්න......

අකීකරු හිත said...

යාළුවෝ කීවට හැමෝටම විශ්වාසය කියන දේ රකින්න බෑ..

නවම් said...

මිනිස්සු කවුද කියල අඳුරගන්න සිද්ධියක් වෙන්නම ඕනෙ, ආයෙ නැතුව කාල බලන්න යැ ? මට නම් යාළුවො ඉන්න බොහොම පොඩි ප්‍රමාණයයි ඉතුරු සේරම "අඳුරන අය" විතරයි.

Observer said...

සෙනෙහෙ කොළයක් කොරපු හදියක්....හෙහ්..හෙහ්...

Loku John said...

එදා එච්චර රිදුන හන්දා තමයි අද ඔච්චර සුන්දර

mayya said...

කොයි දේටත් විශ්වාසය අවශ්‍යයි නේ........ලංකාවේ බහුතරයක් ගාව නැත්තෙත් ඒකම තමා....ලංකාවට කෙලවෙන්න හේතුවත් එකයි මට හිතෙන විදිහට...

සරත් ලංකාප්‍රිය said...

අපේ වයිසාත් ගැහුවේ වේවැලෙන් පු*ටමයි.. හෆොයි.. ස්ටේජ් එකට නග්ගලයි අන්තිම පේලියේ හතරදෙනාටම ගැහුවේ.. ගුටි කෑවෙ අපි යවපු රොකට් එකක් ඔලුව උඩ ලෑන්ඩ් කල හින්දයි.. දුකක් නෑ.. එකෙක්වත් යැවුව එකාගේ නම කිවුවේ නෑ.. එහෙමයි යාළුකම්..

Chandi said...

ඇත්ත දුකා මල්ලී, "විශ්වාසා පරමා ඥාතී" කියනවනේ!

prasanna86k said...

අයියට කියන්න අයියේ... මං අට වසරෙදි අහපු කෙල්ලව මගේ හොඳම යාළුවා ගිය දෙසැම්බර් වල බැන්දා....

ලොකු පුතා said...

මම ඊයේ මේ පෝස්ට් එක බලන්න ආවට ඒක ඕපන් උනේ නැහැනේ

යාළුකම කියන එක තනිකරම රැඳිලා තියෙන්නේ විශ්වාසය කියන එක මත තමයි
ඕක නැති තැන තියෙන යාළුකමේ කිසි හරයක් නැහැ
විශ්වාසයක් නැති යාළුකමකින් මටනම් වැඩක් නැහැ ඕං...

මධුරංග said...

ගොඩක් වෙලාවට විස්වාසය කියන දේ තමා වටින්නේ.
විස්වාසය නැති තැන අවුල් ගොඩක් !!

ගැමියාගේ පත් ඉරුව said...

හි හි මට හිනාත් යනවා අප්පා මාත් ඔය වාගේම කේස් එකකට පලු යන්න සවුත්තු වුනා මම ඒ ගැන මගේ බ්ලොග් එකෙත් ලිව්වා කොමෙන්ට් අස්සේ ඇඩ් ඔබන්න කැමති නැති වුනත් ඒ සිද්ධිය ගැන නොකියා බැරි නිසා මම මෙතන ලින්කුවක් දාන්නම් තරහා අවසර.....ඒක බලන්න මෙතනින් යන්නකෝ....මට වුනා හා සමානයි ඔයාගේ කතාව...හි හි මට ලියුම් හෙනම අපලයි.....ලස්සන බ්ලොග් එකක් ජය වේවා...

පුංචි කුමාරිහාමි said...

අයියෝ පව්. නරක යාලුවෙක්.හැමෝම හොද යාළුවො වෙන්නේ නෑ

දුකා said...

@අසරණයා!
කලාතුරකින් බන් එහෙම එකෙක් ඉන්නේ. මූත් හොඳ එකා. සීන් එක බරපතල නිසාම බේරෙන්න එහෙම කියන්න ඇති.

@ඔබ නොදු‍ටු ලොවක්!
ඌටත් ගානක් නැතුව ඇති බන් ඉස්කෝලේ යන කාලේ අප්සට් සීන් මතක තියෙන්නේ එහෙමත් එකෙක්ට.

@බනී!
ඔව් ඔව් මම මේ බ්ලොග් අතරේ තියෙන අත් අකුරු තරාඟෙකට යන්න ඉන්නේ. ..
උඹ ඒ සර්ට ජරාවක් දෙන්න ඇති සුවර් එකටම . . හික්ස්

@ඇනෝ!
කියලා වැඩක් නෑ අයියෝ.. අහ් මුලින් මට හිතා ගන්න බැරුව ගියා කව්ද මේ මල්ලී කියලා . . . බලමුනේ . .

@ජනරඟ!
අන්න එහෙමයි මල්ලී අපි ඉස්කෝලේ යන කාලේ පාඩම් ඉගෙන ගත්තේ .. හෙ හෙ හේ . .

@ගොඩයා!
ලියපන් ලියපන් . .. අර තාම කෑල්ලක් නැද්ද බන් කියලා අහන යාලුවන්ගෙන් වෙන්ටෑ උඹ ටොපි කාලා තියෙන්නේ . . හික්ස්

@අකීකරු හිත!
එහෙම රකින්න පුලුවන් අය ඉතිං මැරෙන කම් එකට ඉන්න බුදු ෆිට් තමා

දුකා said...

@නවම්!
මට වෙලා තියෙන්නේ බන් හැමෝම මම වගේ කියලා හිතන එක.
ඔය අඳුනන අය කියල ලිස්ට් එකෙන් යාලුවෝ කියන ලිස්ට් එකට දාගන්නේ ටික කායලක් ගිහින් තමා.
ෆුල්ම අවුල වෙන්නේ එහෙම දාගත්තු උන් බුල් කෙලියාම.

@ඔබා අයියා!
හප්පා සෙනේ කොල හදි නම් කියනවම් බ්ලොග් පිටු පුරෝතෑකි අයියේ . .

@ලොකු ජෝන්!
ඔව් ඒක නම් ඇත්ත. පස්සේ කාලෙම මට තරහක් තිබ්බේ මම ගැනම . . ඇයි මම උගෙන් ඒ කාලෙම ඇහුවේ නැත්තේ කියලා "ඇයි උඹ එහෙම කලේ" කියලා. එහෙම උනා නම් ඒ කාලෙම යාලුවෙන්නත් තිබ්බා.

@මයියා!
ඒක නම් එහෙමයි කියලත් හිතෙනවා බන්.
අපේ මිනිස්සු විස්වාසේ කියන දේ තියෙන වටිනාකම දන්නේ නෑ .

@සරත්!
මගේ වයිෆ්ත් කියනවා එයලගේ පන්තිවලත් කවදාවත් එකෙක්ව පාවලා දෙන්නේ නෑලු. පන්තියම ගුටි කනවලු.
පන්ති පිටින් ගුටි කාපු සීන් තිබ්බා. . . මේක ඒ කාලේ හැටියට ලොකු සීන් එකක් නිස ඌ බය වෙන්න ඇති.

@චන්දි
එහෙම කියනව. .. අපි දශක ගනන් ඒක අහලා තියෙනවා. ඒත් ගොඩක් දෙනෙක් ඒකේ වටිනාකම නොදන්න එක හරිම අපරාදයක් අක්කේ.

@ගෝල්ඩ්ෆිෂ්!
සමහර සීන් වල ඔහොම වෙනවා මල්ලී . .පනිවිඩ කාරයා කෙලිනවා . . .හික්ස්
සන්තෝස වෙයන් ඔහොම මරාලයකින් ගැලවෙන්න ඇහැක් වෙච්චි එකට, නැති නම් පස්සේ කාලෙක උනා නම් ඉතිං මාලු කාරයා එක්ක තමා - උඹට ළමයි ටික බලා ගන්න කියලා. . හික්ස්

@ලොකු පුතා!
කියලා වැඩන් නෑ අප්පා . .. යාලුකමේ එකම බැඳීම විස්වාසය . . වෙන කිසි දෙයක් නෙමේ . . .

@මධුරංග!
අවුල් කියන්නේ බන් මල්ලියේ අවුල් වියවුල් . .

@ගැමියා!
කිසි ගින්නක් නෑ අප්පා . . ඇඩ් ඔබන්න ඔබන්න . . එහෙම උනාම තමා රසබර ලිපි වලට ලින්ක්ස් හම්බවෙන්නේ . .
ඔයාගේ ලිපිය අද රෑ බලන්නම් ඈ . . අහ් අදමද මේ බ්ලොග් එකට ආවේ . . ස්තූතියි හොඳේ . .

@පුංචි කුමාරිහාමි
ඉඳලා හිටලා ඇපල් කූඩේ නරක ඇපල් හම්බවෙනවා අයියෝ . . .

ගිනි කුරුල්ලා said...

හ්ම්ම් හ්ම්ම්...කතාව ඇත්ත...යාළුවො ඇතුවත් බෑ නැතුවත් බෑ...

අභීත said...

මගෙන් අනුන්ට සහ අනුන්ගෙන් මට වෙච්ච මේ වගේ සිද්ධි මට ලියන්න පුළුවන් පොත් ගාණක් පිරෙන්න....

Anonymous said...

එහෙම කලත් නිදහසටත් කියන්න කරුනු තියනව
නැතින්ම් හදල කියනව නැතිනම් මවල කියනව
ස්මහරු පෙනල දුවනව සමහරු ගහල දුවනවා

මෙහෙමත් ලැජ්ජ නැති එකෙක්
තමන්ගේ දුවා දරුවෝ ගැන හිතලවත් මූ හැදෙන්නේ නැහනෙ

Bindi said...

මගේ ''යාලුවෙක් '' දවසක් කිව්වා යාලුවෝ කියල ජාතියක් නැහැ . ඉන්නේ ගනුදෙනු කරුවන් විතරයි කියල . මන් ඒ යාලුවත් එක්ක තර්ක කළා . ඇත්තටම මගේ ජිවිතේ සැබෑම යාලුවෝ කීපදෙනෙක්ම ඉඳල තියෙනවා . අදටත් ඉන්නවා . මුණුපොතෙන් මේල් වලින් හමු නොවුනත් සදහටම හිතේ ඉන්න යාලුවෝ . දෙතුන් දෙනෙක් ඇර අනික් අඳුන ගත්තු සේරම වගේ වරදක් කරලා නම් නැහැ . දුකාගේ ඔය වගේ යාලුවෝ නම් දැක්කම හලෝ කියන ගානට තියා ගන්න . අර වලහත් කිව්වේ ඔය ටිකම නේද .

ලින්ක් එකෙන් ගිහින් ලපටි ආදර කතාවත් කියෙව්වා . ලස්සනයි .

Dude said...

මතක් කර කර හිනා වුනාට කමක් නෑ. ඌව අතේ දුරින් තියාගෙන පරෙස්සමෙන් හි‍ටු.
henryblogwalker the Dude

Chamara said...

duka aiye,,,,tharaha wenna epa methana mehema liwwata...ube post nam niyamai...me mata oyata katha karanna contact number ekak hari e mail address ekak danna...man asai katha karanna..kalekin bari unathne....ela ela..jaya weewa.....chamaramj@gmail.com mail karanna

අලුත් කොල්ලා said...

යාලුවො කියන්නෙ................

ගොඩ යන්නත්
වලේ වැටෙන්නත්

75% බලපාන සාධකයක්. අපරාදෙ කියන්න බෑ යාලුවොන්ගෙන් මටනම් වැරදි වෙලා නෑ මගෙන් එකම එක පාරක් එක යාලුවෙක්ට උන ** වැඩක් ඇරෙන්න.

leks' world said...

මම නම් අයියත් එක්ක තිබ්බ ඩිජිටල් අවකාශයේ තිබ්බ විශ්වාසේ කඩ කලා ඔන්න. දැන් තමා ආයේ එන්න ලැබුනේ, හෙන කාලෙකට පස්සේ. සමාවෙන්න ඕනා.බ්ලොග් එක වල් බිහි වෙන්න ඇරලායි තිබ්බේ. දැන් මේ එළි පෙහෙළි කරලා ගන්න ගමන් ...

Post a Comment

ඔබගේ අදහස් තමයි මගේ ශක්තිය..
සිංහලෙන් ලියන්න අවැසි නම්
මෙතනට යන්න..

Related Posts with Thumbnails