twitter
    Find out what I'm doing, Follow Me :)

රෑට ඉර පෑව්වොත් . . . .????



අපි මෙහෙම හිතමු, ඔබ මාව අඳුන්නේ නෑ . . . ඒත් මම උමතු වුනු ගීතයකටම ඔබත් වසඟ වෙලා . . ඒත් අපි දැකලා වත් නෑ . . ඉතිං අපි අඳුන්නේ නැති උනත් අනුන් ලියපු, අනුන් හදපු, අනුන් ගයපු ගීයක් නිසා සදාකාලික මිත්‍රයෝ වෙන්න පුලුවන්.

රෑට ඉර පෑව්වොත් කොහොමට තියෙයිද?

ඉස්සර අපි පුංචි කාලේ නම් අපිට රෑට ඉර පෑව්වා.

ඒ බව මම මෙන්න මේ පෝස්ට් එකෙන් කිව්වා.

මේ පෝස්ට් එක තමා මම හිතන්නේ මගේ බ්ලොග් එකේ වැඩිම කොමෙන්ටු ලැබුනු පෝස්ට් එක.

බොරු නෙමේ ඇත්තමයි. රෑට රේඩියෝ එක ලඟ එකතු උනාම අපිට දැනුනේ
රෑට ඉර පෑව්වා වගේ එලියක්.

ඒ රසවින්දනය කියන එලිය මුලු ජීවිතයම එලිය කරන්න බලපෑවා කියලා ලෝබ නැතුව කියන්න පුලුවන්.

පුංචි කාලේ රෑ වෙලා පායපු ඉර එලිය වගේ එලියක් ඊයේ අත්දුටුවා.

. . . . . .

කාලෙක ඉඳන් යාලු මිත්තරයෝ කීප දෙනෙක් මේ රෑට පායන
ඉර එලිය ගැන කිව්වත් හිතේ නිදහසක් නැති කමින් ඒ එලිය දකින එක දවස්න් දවස කල් ගියා.

ඒත් ඊයේ රෑ . . . ඔව් ඊයේ රෑ . . . ඇඟේ හීගඩු නංවාගෙන . . .. (දුකකටද, සතුටටද මොන මගුලකටලද මන්දා) ඇස් දෙකට උනපු කඳුලු දරාගෙන . . . පාෂාණීභූත වෙලා ඒ කිව්වේ මේ ගල් වෙලා මේ රෑ පායපු එලියේ අපූර්වත්වය වින්දා . . . !!!

ඒ වෙන කිසිම දෙයක් නෙමේ . . . දෙරණ රේඩියෝ එකෙන් කරන රෑ ඉරපාන වැඩසටහන . . . .



“විනාඩි තුනක් හතරක් වුනාට සමහර ගීත වල තියෙනවා සියවස් ගානක් හිතන්න දේවල් “

බන්දුල නානායක්කාරවසම් මහත්මයාගේ වචන තාමත් හදවතේ දෝංකාර දෙනවා . . .

වැඩි කතා ඕන නෑ . . ඔයාලත් අහලා බලන්න මේ රෑ ඉරපාන . . .

අහලා බලලා කියන්න ඒ වින්දනීය ගීත සෙනෙහස් සාගරයේ ගැඹුර කොයි තරම්ද කියලා . . .




පිස්සා පලාමල්ල අඩවියේත් ඔක්තෝම්බර් 14දින මේ වෙනුවෙන් ලිපියක් ලියලා. ඒකත් ගිහින් බලන්න . . ඒකේ තියෙනවා තව ලින්ක්ස් ටිකක් . .



42 යි අදහස්:

රාජ් said...

මම උ‍ඹේ කලින් පෝස්ටුවෙ දැම්ම බන්දුල නානායක්කාරවසම්ගෙ "බිහිදොර" කියන වැඩසටහන ගැන. මේකත් ඒවගේ එකක් වෙන්න ඇති(මගේ ජාලෙ හයිස්පීඩ් නිසා වීඩියෝව බලන්න බෑ). රේඩියෝවෙන් අහන්නම්. ඊට පස්සෙ විස්තර කියන්නම්.

පිස්සා පලාමල්ල said...

මේ ගැන මමත් වැඩසටහන පටන් ගත්තුම කාලේ පෝස්ට් එකක් දැම්ම දුකා අයියා... දෙරන සයිට් එකෙන් බාගන්න එම් පී 3 එක මගේ එම් පී 3 වාදකයට දාගෙන වැඩට යන්නකම් එනකම් අහනවා... කාලෙකින් ඇසූ හොඳම සංගීත වැඩසටහන් කිව්වොත් වැරද්දක් නෑ..

බට්ටි said...

මමත් ඔය ගැන වතාවක් පෝස්ට් එකක් ලිව්වා. පුදුමාකාර කටහඩක්. ඇත්තමයී කිසිම වැඩසටහනකට ඒ වැඩසටහනේ අහලකටවත් එන්න බෑ.

අභීත said...

අයියා මේ ගැන කලින් අපිව පිස්සා දැනුවත් කලා මෙන්න මේ පෝස්ට් එකෙන්..

http://palaamalla.blogspot.com/2011/10/blog-post_14.html

ඒ නිසා අපි හිතුවේ දන්නවා කියලා.. නැත්නම් පණිවිඩේ දෙනවා...

ලින්ක් එක දැම්මේ ඒකෙ මේ ගැන ටිකක් වැඩිපුර විස්තර තියෙන නිසා..

වෙද ගෙදර මහ වෙදනා said...

අහන්න ඕනෙ කලින් මාතලනුත් කිව්වා ඔය ගැන මේ සැරේ නම් අහනවා.

Gimhani said...

මාත් මේක අහනවා. වෙනත් ලෝකෙකට යනවා වගේ . එතරම්ම අපූරුයි .

Chathuranga Perera said...

මමත් අහනවා දුකා අයියා. නියම වචන ටිකක්. බන්දුල මහත්මයා ඒ වචන ලියාගෙන කියනවද දන්නෑ... ඒත් මහ පුදුම බලයක් ඒ වචන වලත්, ඒ හ‍ඬෙත් තියෙනවා. ඒ වැඩසටහන රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් කියලා හිතෙන්නේ ඒක අහවර වුනාමයි. ඇත්තටම ඒක අහන්න ගතකරන්න කාලය හරිම වින්දනීයයි.

දැන් ඉතින් සමහරුන්ට හිතෙයි “කවුද ඔය වගේ කසිකබල් අහන්නේ නේ ???“

පිස්සා පලාමල්ල said...

Chathuranga Perera :: ලෝකය ගෝලාකරයි මිනිස්සු විවිධාකාරයිනේ... තනි අකුරෙ ෆ් ම් අහන... කලිසම හැලෙන්න අදින මහ රෑට සග දාල ඇගිල් දෙක උලුප්පන් ඉන්න හිච්චි කොල්ලො කෙල්ලොන්ට නම් මෙව්ව දිරවන්නෙ නැතුව ඇති... අපි මොනා කරන්නද බන්

Observer said...

තාම අහල බැලුවෙ නැහැ, අහලම හොඳ නරක කියන්නං.

nawammawatha said...

හප්පේ අහන්න ඕන කියල හිත හිත උන්නට අමතක වෙලාම ගිහිල්ල තිබුනෙ. බොහොම ස්තූතියි දුකා අයියෙ ආයෙම මතක් කලාට.

කතන්දර Kathandara said...

Use this direct link for audio only:

http://www.fmderana.lk/index.php?route=programs/reeirapana

-KK

Shaaanu said...

දුකා අයියේ රටින් පිට ඉන්න අපිටත් ඉතින් ඔන්ලයින් රේඩියෝ පිහිට තමා.
මමත් දෙරණ රේඩියෝ එක ඔන්ලියින් අහනවා රැට.
පොස්ට් එකත් ලස්සනට ලියාල තියෙනෝ ...
මේක මගේ කුළුඳුල් කොමෙන්ටුව ඔයාගේ බෝලොක්කෙට.D

Chathuranga Perera said...

@ පි.ප. - ඇත්ත මචං, උඹේ කථාවට මට තනියෙන් හිනා ගියා. ඒ විෂුවල් එක නියමෙට ගැලපෙනවා... කොහොමත් ඉතින් දුකා අයියා නෙවේ මහින්ද මහත්තයා කිව්වත් රෑ ඉර පාන අහන්නේ ආස එවුන් විතරනේ...

ක.ශූ. ට ස්තුතියි ලින්ක් එකට

දුකා said...

@රාජ්!
බිහිදොර වැඩසටහන ගැන මතකයක් නෑ බන් අපරාදේ. කොහේ හරි ලින්ක් එකක් තිබ්බොත් අමතක නොකර දාපන් හොඳේ . .

@පිස්සා, අහීත!
පිස්සා පලාමල්ල දාපු ලිපිය මට මඟ ඇරිලා . . . අපරාදේ .. කමක් නෑ පහුවෙලා හරි අහන්න ලැබුනු එක මදෑ . . .

@බට්ටි!
රේඩියෝ එකට ආදරේ කරපු අපේ ජෙනරේෂන් එකේ ටේස්ට් එකට මැච්වෙන්න මේ වැඩසහටහන තියෙනවා. බැලුවාම හැම ජෙනරේෂන් එකකම රසවින්දනය එකයි. ඒකග ගැලපෙන දේවල් නැති එකයි අවුල.

@වෙදනා, ඔබා මාමා අයියේ, නවම්!
අහන්නලා අහන්නලා .. අමතක නොකර අහන්නලා. ඇහැක් නම් හෙඩ් සෙට් එකක් කනේ ගහනෙගනම අහන්නලා.

@ගිම්හානි!
කියලා වැඩක් නෑ අයියෝ . .මාරයි.

@චතුරංග!
නෑ බන් . . අර බට්ටිට කිව්ව වගේ අපි හැමෝගෙම ටේස්ට් එක එකයි.
ඒ ඒ කාලවල මාධ්‍ය වලින් හොඳ දේ නොදෙන එකයි වරද.

@පිස්සා!
නෑ බන් . . ඒකත් අලුත් විලාසිතාවක්නේ . . . අර අපේ කාලේ යං කලිසම් මම් එන්නම් වගේ . . .

@කකා
තැන්කූ කකා . .

දුකා said...

@ශානු!
තැන්කූ තැන්කූ ෂානු කුලුඳුල් කොමෙන්ටුවට . . .
පරන ඒවත් බලන්ට වෙලාව තිබ්බොත් . .
කොහොමත් ඔන් ලයින් රේඩියෝ අහන එක ජොලි බන් . . ඇඩ් නැතුව එක දිගට අහන්න ඇහැක් නේ . .

@චතුරංග!
නෑ බන් එක එක කාලෙට ලෝකේ අලුත් අලුත් දේවල් එන්න ඕන.
එහෙම කියලා අලුත් දේවල් පරන දේව්ල් වලට වඩා හොඳයි කියලා වත්
පරන ඒවා ලෞත් ඒවට වඩා හොඳයි කියලා වත් ටක්කෙටම කියන්න බෑ නේ බන් . .
අලුත් පරම්පරාවේ අයටත් මෙන්න මෙහෙම ඒවත් අහපල්ලා කියලා ගයිඩන්ස් එකක් දුන්නම තමා උන් ඒවා අහනන් හුරු වෙන්නේ . . උන්ට ඒවා අහනන් නොදී "උන් ඒවා අහන්න නෑ චාටර් ඒවට තමා කැමති" කිව්වට වැඩක් නෑ නේ බන්. . .

ChammA said...

ඕකේ පටන් ගන්න වැඩසටහන ටි.වී එකෙත් පෙන්නුවා දුකා අයියේ..තාවත් දෙයක් ටිව් එකේ යන ඇඩ් එකේ කියනවා " රෑ ඉර පාන බලන්න පුළුවන් නොර්වේ දේශයට " කියලත්..හරිම ලස්සන වැඩසටහනක්..අහන්න ඉන්න පුළුවන් :)

සහෝධරයා said...

හොද ගීතයක් ඇහුවම ඇඩෙන්න ඕනෙ..

ඇඩෙනවා !!

sithuwam said...

මාත් ආසාවෙන් අහන එකක්.හිතන්න ඕනි තරම් දේවල් තියෙනව ඒකෙ.මම දන්න හැටියට සෙනසුරාදට නැවත විකාශයක් යනවා.වේලාවනම් මතක නෑ.උදේ වරුවෙ තමා යන්නෙ.

Sabith said...

ඉස්සර සන්නස්ගලත් කලා මේ වගේ එකක් සිරසේ!

Dinesh said...

මමත් එක වතාවක් අහම්බෙන් වගේ මේ වැඩසටහන ඇහුවා.. ඒත් දිගටම අහන්න නම් බැරි උනා..

සිත්රූ සිහින said...

රෑ ඉර පාන මම රෙඩියෝවෙ අහන්න කැමති එකම එක වැඩසටහන..දවසක් මේ වැඩසටහන අහපු කෙනෙක් ආයෙ නොවරදවාම ශ්‍රවනය කරනවා ඒකාන්තයි..
(අදමයි මම ඔයාගෙ බ්ලොග් එකට ගොඩවුනේ..මම ගොඩක් ප්‍රිය කරන වැඩසටහනක් ගැන මුලින්ම කියවන්න ලැබීම සතුටුයි....)

ඉන්දික උපශාන්ත said...

මාත් මේ ඊයෙ පෙරේද තමයි ඇහුවෙ අපේ ඔෆිස් එකේ එකට ඉන්න අනික් එකා කියල. අහපු ගමන් පෝස්ට් එකක් දාන්න හිතිල පොඩ්ඩක් කලින් කවුරු හරි ලියලද කියල පොඩි සර්ච් පාරක් දැම්මම දැක්ක පිස්සයි තව එකෙකුයි ලියල කියල. ඒත් බැළුවම එහෙමට කට්ටියකගෙ අවධානෙට යොමුවෙලා නෑ වගේ. හොඳයි උඹ ආයි ලියපු එක.

sAm sRi said...

සොරි දුකා සෑම් මේ පැත්තේ ආපු පලවෙනි වතාවේ පලවෙනියටම දැක්ක පෝස්ට් එක මේක. ඒත් මම කියෙව්වේ නැහැ...

මම හැමදාම රෑ ඉර පාන අහන නිසා.. ඉතුරැ වෙච්ච වෙලාවේ තව පෝස්ට් ටිකක් බලන්නම්.. ජය..

පැණි දොඩම් said...

විවේක තියෙන වෙලාවක අහන්න ඕනෙ..

මුහුදු කොල්ලකාරයා said...

ලිපියත් හරි, පිස්සගෙ කමෙන්ට් එකත් හරි! :D

වර්ණා said...

මම තාම අහලා නැහැ. අහන්න ඕනා

ලකී said...

හැමෝම හොඳ කිව්වත් තවම මට අහන්න අවස්තාවක් ලැබුනෙ නැහැ...දුකා බොහොම ස්තුතියි ලින්ක් එක දුන්නට.අනිවාර්යයෙන්ම අහනවා.

ජංජාල චාමර said...

ඉස්සරනං මාත් රේඩියෝ එක හැමදාම ඇහුවා... දැන් ඒක අමතකම වෙලා ගිහින් අෆ්ෆා :(((

අසරණයා said...

සම්පුර්ණ ප්‍රෝග්‍රෑම් එකම ඇහුවා.මතකද ඉස්සර ප්‍රෝග්‍රෑම් එකක් ගිය සිටී FM එකේ ආරාධනා කියලා එකත ටිකක් මේ වගේ.ඒත් සිටී F.M ඔන්ලිනේ අහන්න බැහැ නේද?

ඕනයා said...

මමත් රේඩියෝ එකෙං ලෝකෙ දැකපු පරපුරේ එකෙක්. ඒ ආතල් එකම ආපහු ලබාගන්න පුලුවං වැඩසටහනක්. රෑ ඉරපානටමට පාර පෙන්නුවෙ මාතලංගෙ පෝස්ට් එකක්. නියමයි

ඔබ නොදු‍ටු ලොවක් said...

අහලා බලන්න ඕනේ..

Podi Kumarihami said...

අහලා නම් නෑ. අහලා බලන්ට ඕනි. මම හිතුවේ ඇත්තටම ඔහාට රෑ ඉර පායලා කියලයි. :D

Observer said...

බාගෙට අහන ගමන් මේ කොමෙන්ට් එක දාන්නෙ....නියමයි.

ස්තුතියි දුකා

Weni said...

ඉරිදා ඔය වෙලාව කියන්නෙ ඉතින් මහ මගම තමයි ..හැබැයි අහන්නම ඕනි මේ ඉරිදා ඉඳන් !

malithi said...

ස්තුතියි දුකා බෙදාගත්තට. ලංකාවෙන් පිටත ඉන්න අපිට මේවගේ දේවල් මඟඇරෙනවා මෙහෙම දැක්කේ නැත්නම්. ඉවරවෙනකම් ඇහුවා!

Janaranga Wijaindu Dewasurendra said...

මැකී ගිය සිංහල ගීත කලාවේ පමණක් නොව ලෝක කලාවේම රසාස්වාදනය එක තැනකට ගෙනෙන වැඩ සටහනක්..හැබැයි රෑට ඉරපාන්නේ කාලෙකදි නොර්වේ රටට ලුනේ

ravinumal said...

2003 වයඹ විශ්වවිද්යායලෙදි අපි කලා උළෙලක් කලා, එහිදී පවත්වපු එක්තරා සංවාදයකට රෝහණ වීරසිංහ, සුනිල් එදිරිසිංහ හා බන්දුල නානායක්කාරවසම් පැමිනියා. එදත් මේ වගේමයි, ඒ සුන්දර අත්දැකීම වචනයෙන් විස්තර කරන්න තරම් ලස්සන වචන මගේ ශබ්ධකෝෂයේ නෑ. ඒ හිංදා මට ඒ ගැන විස්තර කියන්න විදිහක් නෑ. සමාවෙන්න. කොහොම උනත් මගේ ගීත රසවිඳීමේ කලාව වෙනත් මානයකට ගෙනගියපු ඒ සංවෙදී දවස ආයෙත් වාරයක් සිහිපත් වෙනවා. කියන්න දෙයක් නෑ. මේක අහනකොට රෝම කූප කෙලින් වෙන්නෙ නැත්නම්, හිරිගඬු පිපෙන්නෙ නැත්නම් තමයි පුදුමේ. බොහොම ස්තුතියි දුකා..

Imantha Ayeshan De Silva said...

මෙ මගෙ කුලුදුල් කොමෙන්ට් එක. මෙ පෝස්ටුව එල කිරි...මං මෙක හෙණ කාලෙක ඉදන් අහනව..මම පලමු පෙම් කරපු කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නව. බන්දුල සර් කියන එ්ව මටම කිව්ව වගෙ..දුකා අයියෙ...ෙමාෙකො මම කරන්නෙ...සිංහල අවුල් නං ගනං ගන්න එපා...

priyantha said...

අයියා ගෙනත් දෙන්නේ හොඳ දෙයක්නේ. පොඩි අවුලකට තියෙන්නේ ඒ වෙලාව බස් රේඩියෝවේ ප්‍රෝග්‍රම් එකට ලෑස්ති වෙන වෙලාවනේ. ඒත් අයියා කියන නිසා අහලා බලන්නම් කෙසේ හෝ...

චමින්ද ගුණරත්න said...

අපේ වින්දන පරාසට එකයි...එහෙව් වින්දන පරාසයට බන්දුල නානායක්කාරවසම් එක්කල දෑ බොහෝ ය...විඳින්නට අපූරු තෝතැන්නකි...කුරුළු ගීත තේරුම්ගන්න අපිට පුළුවන්ද? අර කියන සුළඟ.......අපූරුයි..

පුංචි කුමාරිහාමි said...

මමත් ආසම කරන ගීත රචකයෙක් බන්දුල..හිතට දැනෙන ගීත ගොඩක් ඔහු අතින් ලියවෙලා තියෙනවා..බන්දුලත් සුනිල් එදිරිසිංහයනුත් එකතු උනාම මට නම් මීකිරියි කිතුල් පැනියි වගෙයි

Ansh Lucky Sri Jay said...

සුපිරි පෝස්ට් එක..

Post a Comment

ඔබගේ අදහස් තමයි මගේ ශක්තිය..
සිංහලෙන් ලියන්න අවැසි නම්
මෙතනට යන්න..

Related Posts with Thumbnails