Tuesday, October 5, 2010

ප්‍රේමය තාරුණ්‍යයේ බූදලයක්ද . . ?



ආදරය, ප්‍රේමය, සෙනෙහස මේ කිනම් නාමයකින් හෝ හඳුන්වන මිනිස් සන්තානයේ ඉපදෙන මේ අපූර්වතම හැඟීම, එය යෞවනයේ හා තාරුණයේ සින්නක්කර අයිතිවාසිකමක් ද ??

මහළු වියේදී ආදරය කිරීම පාපයක්ද. . ??

නහින දෙහින් කාලේ කියා පන්සලේ පල්ලියේ සිමෙන්ති හෝ මැටි ගොඩක් වූ පිලිමයක් ඉදිරිපිට අපහසුවෙන් වාඩිවී බොරුවට හිත රවට්ටා ගැනීමට, එකදු වචනයක හෝ තේරුමක් නොදන්නා නමුත් කුඩා කල සිට කට පාඩම් කල ගාථා හෝ යාඥා උදේ සිට සවස් වන තුරු මතුරමින් සිටීමෙන් ස්වර්ග රාජ්‍යයේ කිරුළ පැලඳිය හැකිද, නිර්වාණයේ මෝක්ෂ සුවය විඳිය හැකිද . . ?

බාල, තරුණ, මහළු විශේෂත්වයක් නොමැතිව අත්විඳින සෙනෙහස ආදරය දයා සිතින් ඉවසන්න හැකියාවක් ඇති දවසක්, මෛත්‍රී සිතින්, සතුටු සිතින් විඳින්න හැකි දවසක් කවදා උදා වෙයිද . .. ? එවැනි දවසක ලෝකය කොයි තරම් සුන්දර තැනක් වෙයිද . . ?

පස් වෙනි මණ්ඩලයේ මහා කලා නිර්මාණයැයි කියා ගන්නා සමහරක් උසස් චිත්‍රපටි, ඒවා අධ්‍යාත්මික සංහිඳියාවක් ඇති කරන උසස් කලා නිර්මාණ යැයි මාධ්‍ය හා විද්වතුන් විසින් පුවත්පත් පිටු ගනන් පුරව විචාරයට ලක් කරන සමහර චිත්‍රපටියක දක්නට නොලැබෙන තරම් භාවාතිෂය ගතියක් ඊයේ රාත්‍රියේ නැරඹූ මේ ඒකාංගික ටෙලි නාට්‍ය තුලින් මා වින්දෙමි.

රසවත් ආහාරයක් කෙසේ නම් තනිවම බුදින්නද . . ??

එබැවින් ඒ ඒකාංගික ටෙලිය ඔබ සැම සමඟ හවුලේ රසවිඳිනු නියායෙන් මේ කෙටි බ්ලොග් සටහන නොතියාම බැරිවූ බව පවසන්නේ සතුටින්.

එදා දුහුළු මලක් හි දඟකාර පෙම්වතිය නීටා අද මහළු පෙම්වතිය ලෙස එදා තිබූ තාත්විකත්වය බිඳුවකු අඩු නොකට . .. .

එදා අපේක්ෂා හි අහිංසක පෙම්වතා කලං අද මහළු වයසේ නමුත් සුපුරුදු අහිංසක පෙම්වතා ලෙස . . .

ඉදින් චාමර ජයවීර නම් වූ නිර්මාණකරුවෙකුගේ මේ අපූරු නිර්මාණය ඔබත් රසවිඳ බලන්න . . .

මෙන්න සබැඳියාව (ලින්ක් එක )

17 comments:

  1. හුඟ කාලෙකින් අයියන්ඩි බ්ලොග් සටහනක් ලියලා.

    ReplyDelete
  2. නියම ලිපියක් අයියා... :)

    ReplyDelete
  3. නියමයි දුකා අයියා, පෝස්ට් එක..

    ReplyDelete
  4. දුකා, ස්තුතියි, මචං,
    නීටා, කළං ගැන ඉතිං කවර කතාද?, බා ගතිමි, නිවාඩුව රස විඳිමි.

    ReplyDelete
  5. ලංකාවේ අපිවත් දකින්නෙ නැති දේවල් දුකාට කොහොම හම්බෙනවද මන්ද...... කොහොමත් ජීවිතේ වැඩියෙන්ම ආදරේ ඕන වෙන්නේ විශ්‍රාම ගියාට පස්සේ.. මම දන්න කියන අපේ ඔපිස් එකේ මිස් කෙනෙක් විවාහ වුනා පැන්ෂන් ගිය ගමන්... ගොඩක් දෙනා හිනා වුනා... හොද හොද කතා කීව... එයාල හිතන් ඉන්නේ අරම මෙහෙම ඉන්න එක විතරයි ආදරය කියල....

    ගොඩක් දෙනා ඒ දේවල් වලට ඊර්ෂ්‍යා කරන්නේ අද කුද කියන්නේ ඒ දේවල් තමන්ට නොලැබෙන නිසා... කවුද අකමැති ආදරේ කරන්න. ආදරේ කරනවට වඩා ගොඩක් අය කැමති ආදරේ ලබන්න...

    හරිම හෘර්දයාංගම විඩියෝවක් නැවතත් ස්තූතියි...........

    ReplyDelete
  6. Kathawa and dialogs tikak bolondai wage. namuth e bolandakama penwanne, wayasata giyaama hamoma podi lamayi wage wenawa kiyana de pennannada danne naha.

    ReplyDelete
  7. පස් වෙනි මණ්ඩලයේ මහා කලා නිර්මාණයැයි කියා ගන්නා සමහරක් උසස් චිත්‍රපටි, ඒවා අධ්‍යාත්මික සංහිඳියාවක් ඇති කරන උසස් කලා නිර්මාණ යැයි මාධ්‍ය හා විද්වතුන් විසින් පුවත්පත් පිටු ගනන් පුරව විචාරයට ලක් කරන සමහර චිත්‍රපටි.......
    -----------------
    මේකනං ඇත්තම ඈත්ත. සමහර ඔය ගණයේ ච්ත්‍රපටි කාලයක් ගිහිල්ලා ටීවී එකේ යද්දි හිතෙනවා හොද වෙලාවට සිනමා සාලාවකට ගිහිල්ලා කාලෙ කා දැම්මෙ නැත්තෙ කියලා. පට්ට ගැහුනු කැමරා කෝණයි, කිව්වට පස්සෙ සද්දෙ ඈහෙන ඩබිනුයි එක්ක හුගක් වෙලාවට එකම තේමාව... දුකා එකඟ වෙයිද නොවෙයිද දන්නැ මටනං හැමදාම හිතුනෙ එහෙමයි!

    ReplyDelete
  8. නියමයි යාලුවා..
    කාලෙකට පස්සෙ ඕං ආව!!

    ReplyDelete
  9. අර්ථවත් නිමැයුමක්.ස්තුතියි ඔත්තුවට

    ReplyDelete
  10. උඹ කිව්වනං ආයේ අහන්න දෙයක් නැහැ. සිරාම වෙන්න ඕනෙ. ඒත් මචෝ මට කවදා වෙලාවක් හම්බවෙයිද දන්නෙ නැහැ මේක බලන්න.

    උඹේ සටහන නම් අති විශිෂ්ඨයි සර් !

    ReplyDelete
  11. නියමයි අයියේ!!! චාමර ජයවීරගේ ගොඩක් ඒකාංගික ටෙලි මම බලල තියනව. අමුතුම ගතියක් තියනව එවයෙ... කලං මම කැමතිම නළුවෙක්. පොඩි කාලේ මම බස් එකේ ඉස්කෝලේ ගියේ එයාගේ ගෙදර ඉස්සරහින්. සමහර දවස් වලට එයා ගේ ඉස්සරහට වෙලා කමිසයක් එහෙම නැතුව ඇවිද ඇවිද ඉන්නව, නැත්තන් මොනව හරි වැඩක් කර කර ඉන්නව. අපිට ඉතින් මාර සන්තෝසයි මොකද ෆිල්ම් වල අපි දකින ආදරවන්තයා හැබැහින් දැකගන්ඩ ලැබෙනවනෙ කියලා.
    ඔයා ප්‍රසන්න විතානගේගෙ පවුරු වළලු බලලා තියනවද? ඒකෙත් කතාකරන්නේ ඔය දේම තමයි. මට ඒක මතක් උනා..... තව The Bridges of Madison County කියල ෆිල්ම් එකක් තියනවා (http://www.imdb.com/title/tt0112579/).
    බයිස්කෝප් සින්හලෙන් එකේ ඒක තිබ්බ මතකයි. මමත් ඒක ගැන සටහනක් දැම්ම කාලෙකට ඉස්සර මගේ බ්ලොග් එකේ. ඒකත් වැඩිහිටි ප්‍රේමය ගැන කතා කරන එකක්.... වැඩිහිටි ප්‍රේමය කියල බෝඩ් ගහන එකත් වැරදී. ප්‍රේමය ප්‍රේමයම තමයි...

    ReplyDelete
  12. ඇත්තටම අයියා, ආදරය කරන්න වයස් සීමවක් නෑ නේද?

    ReplyDelete
  13. නියමයි..ස්තුතියි ඔබට..!

    ReplyDelete
  14. ඒක මරුනේ...
    මම වීඩියෝ කෑල්ල බැලුවා.
    මැක්සා.. නීටානේ ඉන්නේ...

    ආදරය වනාහි අකාලිකය

    ReplyDelete
  15. වීඩියෝව බැලුවෙමි..
    ස්තූතියි බෙදා ගත්තාට..!!

    ReplyDelete
  16. නිදි මරගෙන බැලුවට දුක නැ.....තලු මරමින් රස වින්දෙමි...අද දවසටම සොඳුරැ හැඟීමකි...බොහෝ පින්...

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails