Monday, August 24, 2009

හීනෙන් මිසක හැබැහින් එක් නොවන්නද . . . . !


නෑසෙන ගී රස වර්ගීකරනයට මම අද ලියන්න සිතුවේ . . . මගේ සිත් ගත් . . . යුග ගී කීපයක් ගැන . . . ඔබ සැමත් මේ ගීත ඉතා ආසාවෙන් රසවිඳින්න ඇති බවට කිසිදු සැකයක් නෑ . . . නමුත් අවාසනාවකට මෙන් . . . මේ ගීත වර්ථමානයේ ගුවන් විදුලියේ . . . හෝ රූපවාහිනියේ . . . විකාශනය වීම බොහෝම අඩුවෙන් සිදු වන්නේ . . . බොහේ විට විකශනය වීමක් සිදු නොවනවා තරම් . . . නව පරපුරේ යෞවන යෞවනියන්ට මේවා සමහර විට අසන්න නොලැබිලාත් ඇති . . . !

ඔබසැමට උසස් රසවින්ඳනයකට මඟ පෙන්වීමට මට හැකි ආකාරයෙන් යම් කිසිවක් කලයුතු යැයි හැඟෙන මගේ මතකයට මේ ගීත කොහේදෝ සිට ගලා ආවා වැනිව මගේ මතකයේ . . . නිදි දැහැන් බිඳ දැම්මා. . . . !


තමා පෙම්කල ඇවැස්ස නෑනාව වෙනත් අයෙකුට විවාහකර දීමේ ශෝකය ගීතයෙන් පිටකර හරින මේ මස්සිනාගේ . . . දුකත් . . . එයට නෑනා දෙන පිළිතුරුත් . . . ඔබේ සිතට ඇති කරන්නේ කිනම් රසයක්දැයි කියා සිතා බලන්න . . .
(ගීතය ගායනා කරන්නේ . . අබේවර්ධන බාලසූරිය මහතාත් . . . ත්‍යාගා එන්. එඩ්වඩ් මහත්මියත් විසින් . . . )


රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ . . . .

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ . . . .
මගේ තනි නොතනියට නුඹවත් නැතුවානේ . . .
හෙට දින නුඹත් දීගෙක ගියපසු නෑනේ. . . .
මාසේ පෝයදා වාගේ ගම්මානේ . . . .

එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට . . . .
ඇල කන්ඩියේ ඉඳගෙන අත වැනුවාට . . .
මගේ හිතු මනාපෙට මං බහ දුන්නාට . . .
නාඬන් මස්සිනේ පෙර පින් නැතුවාට . . . .

හැදුවේ ගෙපල මට තනියෙන් හිඳින්නද . . . .
බාලේ ඉඳන් බැඳි ආලේ සිඳින්නද . . . .
රෑ තුන් යමේ මේ හැටි දුක් දෙවන්නද . . .
හීනෙන් මිසක හැබැහින් එක් නොවන්නද . . . .

නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි . . . .
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි . . .
පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි . . . .
කුරහන් කපන දා මා සිහි කරන්නයි . . . . .

රෑ පැල් රකින. . . .


දෙමාපියන්ගේ බහට අවනතව . . . පිට ගමක තරුණයෙකු හා දීය යෑමට නියමිත තරුණියක් . . . තමාගේ ගමේ පෙම්වතාට තමා ගැන බලාපොරොත්තු තබා නොගන්න ලෙස ඉල්ලීමක් කරන . . . .
(මේ ගීතය ගයන්නේ එඩ්වඩ් ජයකොඩි මහතාත් . . . නන්දා පතිරන මත්මියත් . . .
)

බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා . . .

බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා . . .
ගලින් ගලට පා තබමින් දුවන්නට එපා . . .
ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී . . .

ආල හැඟුම් මං හින්දා හිතෙන්නට එපා . . .
දෑස තෙමා ලන දුක් ගිනි නැගෙන්නට එපා . . .
දෙමාපියන් පිට ගමකින් මට බහ දේවී . . .

නිල් ලන්දේ ගම් මැද්දේ ඉද්ද සමන් ඉපෙනවා . . .
වෙල් බැද්දේ වගුරු පුරා කෙකටිය දළු දිලෙනවා . . .
ගේ මැද්දේ බරණි පුරා වී අස්වනු පිරෙනවා . . .
හිත මැද්දේ ලොකු අඩුවක් මගේ සතුට මකනවා . . .

ආල හැඟුම් මං හින්දා.....

ගමෙන් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවා . . .
මාල වළලු අරුමෝසම් එහි ඇති බව කියනවා . . .
දෙමාපියන් ගමෙන් පිටට මා දෙන්නට හදනවා . . .
සිදාදියෙන් කුමාරයෙක් මා බලන්න වඩිනවා . . .

බිංදු බිංදු මල් වැස්සේ.....

ආල හැඟුම් මං හින්දා.....


විවාපත් වූයේ අද . . ඊයේය . . . සැමියා . . . පැල් රකින්න පැලට ගොසින්ය . . . ඔහුගේ සීපද රාවය මගේ පාළුව . . තනිකම . . මකන අත්බේතක් නොව . . . ඒය තීවුර කරන ඉන්දජාලික දෝංකාරයක්මයැ . . . ඉතිං මේ මහා රාත්‍රියේ . . . තිත්ත කලුවර කපාගෙන . . . කටු අකුල් ගහන කලෑ මන්ඩියෙන් මා ඔහුවෙත යාම වලක්වන්නට හැකි සමතෙක් වෙත්ද . . .?
(දයාරත්න රරණතුංග මහතා සමගින් අමරා රණතුංග මහත්මියා


මහ රෑ යාමේ . . මේ ඇල් හේනේ . . .

කන්ද උඩින් එන කිකිනිය ගෝමරියේ . . . . නලල් පටින් . . .

මහ රෑ යාමේ . . මේ ඇල් හේනේ . . .
තනියෙම සීපද කියනු අසා. . . //
වෙහෙස දරාගෙන . . පාර අසාගෙන . . . //
ආවෙමි අඳුරෙම ඔබව සොයා . . . //

සීපද රාවේ සවනත වැටිලා ඉන් මත් වීලද ඔබ ආවේ . . .
ඉන් මත් වීලද ඔබ ආවේ . . .
මහ රෑ තනියෙම මේ ලෙස එන්නට . . . //
හොඳ නෑ ඇයි එය නොසිතූවේ . . . //

ඔබෙ සීපද මට හරි මිහිරියි . . .
මෝරන සෙනෙහස යයි ඉතිරී . . . //
කියන්න සීපද රස කරලා . . .
අහන්න ඒවා සැනසෙලා . . . //
ඔබ කියනවනම් . . අසා සිටින්නම් . ..
ඔබේ දෙපා මුල සැතපීලා . . . //

අඳුරයි සුලඟයි අපව වටා . . .
තනි රකිනවා ආදරය සොයා . . . //
දිවි ගංගාවේ . . ඔරුවයි හබලයි . . . .
වාගේ නැළවෙමු සුවය පතා . . . . ////


සංසාරයෙන් සංසාරයට . . . එකට හිඳින්නට පෙරුම් පුරන . . . ප්‍රේමයක අසිරිය විඳින්න . . . ඔබට . . මට පමනක් නොව . . . සමනළුන්ට . . කුරුල්ලට . . පවා කෙරෙන ආරාධනයක් . . .
(සනත් නන්දසිරි මහතා සමඟ . . . ලතා වල්පොල මහත්මිය )


දේදුන්නෙන් එන සමනළුනේ . . .

දේදුන්නෙන් එන සමනළුනේ . . .
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ . . .
රෑන් රෑන් ඇවිදිල්ලා . . .
අපේ ලඟින් ඉඳහල්ලා . . .
දේදුන්නෙන් එන සමනළුනේ . . .

දවසක් දා බෝ මළුවේ . . .
තනිවූ දාකදි අපි දෙන්නා
පහනක් දලවා එකම සිතින් . .
පැතූ පැතුම් තෙපි නෑ දන්නේ . . .
භවෙන් භවය මතු සංසාරේ . . .
භවෙන් භවය පෙර ආවාසේ . .
නිවන් දක්නා ජාති දක්වා
එකට බැඳී ඉන්නයි පැතුවේ . . .

ආදරයේ සුවඳ ලෙනේ . . .
තනිවී උන්නා අපි දෙන්නා . . .
කාන්සියක් හෙම නෑ දැනුනේ . . .
පෙති දිලුනා වන මල් තොරනේ . . .
අප පය පාමුල සතුටු ගඟේ . . .
තාමත් ආදර රැලිති නැඟේ . . .
කියව් කුරුල්ලනි මලින් මලට හෙට
අපේ අහින්සක කතන්දරේ . . .

දේදුන්නෙන් එන සමනළුනේ . . .


දිගු සංසාරගත ප්‍රාර්තනාවක් අඩංගු මේ ගීතයත් ඉතාම සුන්දරයි . . .
(ගායනය විජය කුමරතුංග මහතා සහ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය . .


සැරයටියෙන් අපි යනෙන තුරා . . .

සැරයටියෙන් අපි යනෙන තුරා . . .
සංසාරේ අපි එකට ඉමූ . . .
සැරයටියෙන් අපි සමුගන්නාදා . . .
ඒ ගමනත් අපි එකට යමු . . . .

ජීවන මං පෙත මලින් සැදී ගීය
යුගයක නොව ඔබ හමු වූයේ . . .
කටු කොහොලින් පිරි කලල් වියේ මා
තනිව මියෙද්දිය හමුවූයේ . . .
මින් මතු මංපෙත මලින් සදන්නෙමි . .
ළතැවුල් සෝ ගී නෑසෙන සේ . . .
පමනක් නොව මේ සංසාරේ . . .
උපදින වුව මතු සංසාරේ . . . .

මතු සංසාරේ මා හුරුබුහුටිව . .
පෙම් කරන කල එලඹෙනදා. .
කුලුඳුල් නැකතින් හමුවන පැතුමක් . .
පතනෙමි සසරින් නික්මෙනදා . . .
සංසිඳුවා සිතු පහන් කරන්නම් . .
මේ පෙම කුලුඳුල් පෙම යයි සිතා . . .
එන්නෙමි පසුපස සංසාරේ . . .
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා . ..

20 comments:

  1. ape ekek 1st love letter ekata liyala dunne ara anthima sinduwa- passe aaranchi wunu widihata ea lamaya bada palenakan hina unalu eka kiyawala. :-)

    ReplyDelete
  2. මේ සින්දු සෙට් 1 නියමයි . කොහොමත් දැන් ඉන්න උන් මේ සින්දු වලට වැඩිය කැමති නැති උනාට ඕන වෙලාවක ඕන මූඩ් 1 ඉදලා අහන්න පුලුවන් සින්දු තමයි මේවා. එක අතකට මේවා වැඩිය රේඩියො 1 යන්නෙ නැති එකත් හොදයි.එහෙම ගිහිල්ලා සින්දු ටික හිට් උනොත් රැප් කරලා කාලා විනාස කරලා දායි

    ReplyDelete
  3. අම්මෝ...!!! කොයින්ද මේ සිංදු ටික එළියට ඇදලා ගත්තේ.. මම ආසම ආසම සිංදු ටිකක්!!! නිකං මතක් උනත් හිතට සනීපයි..!

    ReplyDelete
  4. මගෙත් ආසම සිංදු ටිකක්. මේව අහනකොට හිත නිකම්ම අතීතෙට දුවනව.

    ReplyDelete
  5. අන්තිම සිංදුව ඇහෙද්දී හැමතිස්සෙම ඇහැට කඳුළක් උනනවා.

    ReplyDelete
  6. මේ ගීත හැම සංවේදි කෙනෙකුගේම අමතක නොවන අත්දැකීම් සමග මුහුව ඇති බව ‍නොරහසක්.

    රසින් අනූන ලියැවිල්ලක්

    ReplyDelete
  7. ela ma kiri dukaa...im following your blog for sometime now...had no time to comment..keep up writing,......

    ReplyDelete
  8. අපේ ගෙදර අය ට්‍රිප් එකක් යනකොට අනිවා කියන සින්දු ටිකක් තමයි මේ.. අපේ අම්මයි තාත්තයි "රෑ පැල් රකින" සින්දුව තමයි මුලින්ම කියන්නේ.. Radio එකේ වැඩිය ගියේ නැති වුනාට මං නම් අහනවා.. විඳිනවා.. සමහර වෙලාවට අඬනවා..

    ReplyDelete
  9. නියමයි ,අයියා මම ඔයාට sms කලා ඇයි rep නැත්තේ

    ReplyDelete
  10. දේදුන්නෙන් එන සමනළුනේ . . .
    මේක මම හරිම ආස ගීතයක්,ඒත් මේ වගේ පරණ ගීත දැන් අහන්න ලැබෙන්නේ කලාතුරකින්,අපි මේවගේ ගීත අහල තියෙන්නෙත් කීපයයි,
    මම හිතන්නේ 70 ගණන් වල අයගේ ගොඩක් සුන්දර මතකයන් මේ වගේ ගීත වල හැංගිලා ඇති,කොච්චර ඉංග්‍රීසි එක්ක වැඩ කරත් මේවගේ සිංහල ගීතයක් අහද්දී හිතට දැන්නේ බොහොම සැනසීමක්,මේ වගේ ගීත ගැන දිගටම ලියන්න ලැබේවා!බොහොම සුන්දර ලිපියක්

    ReplyDelete
  11. @ බුද්ධික !
    70 දශකයේ ඉපදුනු අය වාසනාවන්තයෝ කියලා මටත් හිතිලා තියෙනවා . . . . රේඩියෝ එකේ වෙලඳ සේවේ . . ස්වදේශීය සේවේ . . . ක්ලැරනස් . . . ජෝති - අන්ජිගේ හිට් වුනු පීක් ටයිම් එක . . . විජය - මාලනී රඟපාපු ෆිල්ම්ස් වල ගෝල්ඩන් ටයිම් එක . . . සතුට මධුර පත්තර . . . කරුනාසෙන ජයලත්ගේ නවකතා පොත් ඕවා ඔක්කෝම ගැන හිතලා බැලුවාම ඒ කාලයේ රසවිඳනයට හොඳ මඟපෙන්වීමක් තිබුනා නේද කියලා හිතෙනවා . . . !

    ReplyDelete
  12. අදකාලෙ සමහර කොල්ලො කෙල්ලොත් මෙසින්දු තමය් අහන්නෙ මේ අපිවගෙ (සින්දු ටිකනම් නියමය්)

    ReplyDelete
  13. @ sumudu!
    ලස්සන, වටින නිර්මාන කවදාවත් පරන වෙන්නේ නෑනේ ඒකයි . . . !

    ReplyDelete
  14. @ sumudu!
    ලස්සන, වටින නිර්මාන කවදාවත් පරන වෙන්නේ නෑනේ ඒකයි . . . !

    ReplyDelete
  15. අනේ අයියෙ එල සිංදු ටික පුලුවන්නම් 1වෙනි සිංදුවේ ලින්ක් එකක් දාන්නකො ! මම ඔක අහලා තියෙනවා රේඩියෝ එකෙන් සිරා සිංදුව

    ReplyDelete
  16. @ Supun Budhajeewa !
    අහ් . . අලුත් පරම්පරාවත් මේ ගීත අහන්න කැමති කියලා දකින්න ලැබීම සතුටට කරුනක් . . .

    ReplyDelete
  17. @Bunny ! !
    සමා වෙන්න පිළිතුරු දෙන්න ප්‍රමාද වුනාට . . . මම මේක දැක්කේ නැද්ද මන්දා . .

    http://www.infolanka.com/miyuru_gee/eee/e60.ram

    ReplyDelete
  18. දුකා අයියේ මේ මාත් ගොඩාක් ආසකරන සින්දු ටිකක්.ඇත්තටම දැන් තියෙන සින්දු බලද්දි මේවා මොනතරම් අර්තවත් ද? නේ...

    ReplyDelete
  19. ඔක්කොම ඈත්ත.මටත් හිතෙනවා 70 ඉපදීලා තියෙන්නෙ වාසනාවන්තයො කියලා.
    @ චා_එස් එල්,ඔව් ඒක ඈත්ත. දෑනටම කාගෙන යනවා.එක අතකින් මේවා නොයන එකමයී හොද .දෑන් ඉන්න එවුන් කියන්නෙ "ආ..මේ ..ඔව මොන කොපිකාලෙ ඒවද ඒකට අහන්න එපායේ අහවලාගෙ ,අහවලාගෙ සින්දු ..කියල වෑඩක් නෑ .."
    මීහරක් මුන් ඩින්දුවක් කියන්නෙ මොකක්ද කියලවත් අදුරනවයෑ ..

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails