Tuesday, August 18, 2009

මනෝකාය . . මරනය . . හා . . . සසර ප්‍රගමනය . . . .!



පසුගිය දවස් කිහිපයේ . . . බ්ලොග් අවකාශයේ . . සගයින් කිහිප දෙනෙකුම . . . විවිධ ප්‍රශ්න හේතුවෙන් . . .(රැකියාවේ ප්‍රශ්න. . . පුද්ගලික ජීවිතේ ප්‍රශ්න . . ප්‍රේමය බිඳ වැටීම් . . . 2012දී ලෝක විනාශය සිදුවේ කියලා ඇතිවූ බය ). . ආදී විවිධ හේතූන් නිසා ජීවිතය ගැන කලකිරී ඇති බවට . . . එසේත් නොමැති නම් . . . සියලුම දේ එපා වී ඇති බවට . . . තම තමන්ගේ බ්ලොග් වලිනුත් . . . මූනු පොතේ . . . තමන්ගේ බිත්තියේ යම් යම් දේ සටහන් කිරීමෙනුත් . . . . ඉඟි . . පලකරලා තිබුනා . . . !

ජීවිතයේ විවිධ අත්දැකීම් ලබපු මම හිතුවා මගේ අත්දැකීම් ඔබ සමඟ බෙදා හදා ගැනීමෙන් . . . මේ සහෝදර සහෝදරියන්ට . . . තමන්ගේ දුක් කරදර . . . අසහනය . . . අතීරනය . . . පසුතැවිලිවීම . . . ගැන වෙනත් කෝනයකින් බලන්න ලැබීමෙන් . . . තමන්ගේ ප්‍රශ්න දිහා දෙවෙනි සැරේට යලි හැරිලා බලන්න (second look). . . නැතිනම් තුන්වෙනි පාර්ශවකරුවෙක් ලෙසින් (third party view). . . බලන්න ඉඩ සැලැස්වීමෙන් . . . ඔවුන්ගේ දුකෙන් එතෙර වීමට . . . මට කුඩා අත්වැලක් හෝ . . .සපයන්න හැකි වේවි නේද කියා . . . !

මම මගේ ජීවිතේ මුහුන දීපු විශාලම අකරතැබ්බය ගැන බ්ලොග් සටහනක් ලිව්වෙත් වැඩියෙන්ම . . . ඒ හේතුවෙනුත් . . . තවදුරටත් . . මම කලින් ලියූ ඕලුගෙයි මගේ පෙම් පුවතේ . . . ඉතිරි කොටසට . . . ඒ සිදුවේමේ සම්බන්ධයක් තියෙන නිසාත් තමයි . . . .

කෙසේවෙතත් මම හිතුවා . . . මම බලල තියෙන පොතක් ගැනත් . . .ඔබට පොඩි ඉඟියක් දෙන්න ඕන කියලා . . . විශේෂයෙන් ආගමටත් ටිකක් බරවෙලා තමගේ ප්‍රශ්න දිහා බලන්න හුරු කරන්න කියන අදහසින් . . . . සමහර විට මේ ක්‍රමේ වැඩිපුර සාර්තක වෙයි කියලා මට හැඟීමක් තියෙනවා. . .

එහෙම කිව්වට මේ මම කියන්න යන පොත . . . බෞද්ධ දර්ශනය ගැන ලියවුනු එකක් එහෙම නොවේ . . . .

එදිනෙදා ජීවිතයේදී අපිට මුහුන දෙන්න සිදුවන සාම්ප්‍රදායික සිදුවීම් රැසක් ඇසුරින් කරන ලද පර්යේශනාත්මක ග්‍රන්ථයක් කියල තමයි මම මේක හඳුන්වන්න කැමති . . . .

අපි නිතර අහල තියෙන “භූතයෝ . . . සාස්තර කීම . . . පේන බැලීම . . .” වගේ . . අද්භූත දේවල් ඇසුරු කරගෙන . . .වෛද්‍ය වරයෙක් විසින් රචනා කරපු . . . ගිහිගෙය තුල හිඳිමින්ම . . . ජීවිතය අවබෝද කර ගැනීමෙන් . . . සතුටින් ජීවත් වෙන්න . . . කමටහනක් ලබ දෙන පොතක් . . .කියලා තමයි . . මේ පොත ගැන මගේ හැඟීම නම් . . .

ආලවට්ටම් ඕන නැහැ. . . පොතේ නම. . .

මනෝකාය . . මරනය . . හා . . . සසර ප්‍රගමනය . . . .
රචකයා . . වෛද්‍ය සනත්දේව මුරුතැන්ගේ . . .


බෞද්ධ . . අබෞද්ධ . . . වර්ගීකරනයක් නැතුව . . හැම දෙනාටම . . .ජීවිතයට යම්කිසි හොඳ පාඩම් රාශියක් ඉගෙන ගත හැකි පොතක් මේක . . . . බලන්න විතරක් නෙමෙයි . . සල්ලි දීල අරගත්තත් පාඩු වෙන්නෙ නෑ . . .

පොතක් ගැන දානකොට පොතේ පින්තූරයක් දාන්න කියල බීන්කු කියපු නිසා මම බොහෝ උත්සාහ කලත්, එය සොයා ගැනීම අපහසු වූවා . . . සමාවෙන්න ඒ ගැන . . . .

23 comments:

  1. ගොඩක් ස්තූතී අයියේ..
    අනිවා කොහෙන් හරි හොයාගෙන බලනව...

    ReplyDelete
  2. මාත් ආසයි ඔය වගේ පොත් වලට....... හොයාගන්න ඕනී.

    ReplyDelete
  3. දුකා, අමනාප නොවේ නම් පුංචි අඩුපාඩුවක් පෙන්නා දෙන්න කැමතියි. ඔබට ඉතාම විශාල අමුද්‍රව්‍ය ගබඩාවක් තිබෙනවා. නමුත් ඒ සා විශාල අමුද්‍රව්‍ය ගබඩාවකට ඔබ භාවිතා කරන ශෛලියෙන්/භාෂාවෙන් තවමත් සියයට සියයක්ම සාධාරණය ඉටු වන්නේ නැහැ. මේ භාෂාව, මේ ශෛලිය භාවිතා කරන්න කියා මට කියන්න අමාරුයි. නමුත් එකම ශෛලියේ කතාකරන භාෂාවට පමණක් කොටු නොවී වෙනස් භාෂා රටාවන්, වෙනස් ශෛලීන් භාවිතා කර අත්හදා බැලීම් කරන්න. සිංහලය කියන්නේ ඉතාම පොහොසත් බසක්. එයින් ප්‍රයෝජන ගෙන තවත් 'වදින්න' ලියන්න.

    ReplyDelete
  4. මම ලඟදිම කියෝපු ඔය වගේ පොත් තමා " ජීවිතය , මරණය සහ පුනුරුප්පත්තිය ". අපි නොදැනුවත්ම මොන තරම් පව් කරනවද කියල ඒක කියෙව්වම අපිට හිතෙනවා.

    ඔය දුකා කියපු 2012 ට බය එකා මම තමා....


    මේකයි සහෝදරයා,

    හිතල බලන්න , අපි මේ ලොව , සිදුවීම් දකින්නෙ කොහොමද කියලා, අපි දන්න , හැඟෙන , පුරුදු දේවල් වලින් නේද ? ඔයා දන්නවා ඇති බුදු හාමුදුරුවන්ට මාන 7 ක් පෙනුන බව. මාන 3 නෙ අපිට , මාන 7 ගැන සිතන්නට බැරිත් , මාන 7 පැවතිය නොහැකි බවත් , එක පිස්සුවක් බවත් සිතෙන්නේ ඇයි ?
    අපි හිතන්නෙ අපෙ දන්න , දැනුනු දෙයින් නිසා. මම හිතන්නෙ නෑ බුදු හාමුදුරුවො කොයි තරම් තේරුම් කරන්න හැදුවත් මාන 7 ගැන ඒ ගැන කාටවත් තේරෙයි කියල. එනමුත් අපි අපේ දැනුම මට්ටමේ ඉඳගෙන හිතන්නෙ අපි හරි , අරව වෙන්න බෑ , මේව වෙන්න බෑ කියල නේද ? අපි ඔය මාන 7 ක් ඇති බව ටිකක් හරි හිතන්නෙ බුදු හාමුදුරුවො කියපු නිසා , වෙනින් මොකෙක් හරි ඕක කිව්වා නම්...

    හොඳය් , දැන් මම කියන්නම් 2012 ගැන. අවුරුද්දක් විතර හොයල , පොත් කියෝල මම සහෝදරයට වඩා ටිකක් හරි දන්නව වෙන්න යන දේ ගෑන.ඒත් මම ඔලුවෙන් හිටගෙන ඔයාට ( අනිත් අයටත් ) ඕක කිව්වත් ඔයා හිතන්නෙ ඕක වෙන්න බෑ කියල. ඒ ඔයාගෙ ඒ ගැන තියෙන දැනුම මට්ටම නිසා.

    ඔයා , මිනිහෙක්ට මොන තරම් දුකක් තිබ්බත් නැගී සිටින්න හැකි බව කියල දුන්න වගෙ මමත් 2012 දේ ගැන මට හැකිතාක් හොඳින් බ්ලොගක් ලියනවා.

    අපි පස්සෙ වෙනම මේ ගැන කතා කරමු.

    ආ... තව එකක් , 2012 දි ලෝක විනාශයක් නෑ.. වෙනින් දෙයක් සිද්ද වෙන්නෙ !

    ReplyDelete
  5. @ taboosubjects !
    ස්තූතියි ටැබූ . . . ගොඩාක් ස්තූතියි . . . !

    මට හරිම සතුටුයි මගේ වැරද්දක් පෙන්වා දීම ගැන . . .

    මේ සටහන ලිව්වට පස්සේ මටත් හිතුනා මට මේක මීට වඩා හොඳට ලියන්න තිබුනා නේද කියලා . . . ! බලන අයට මේ පොත ගන්න හිතෙන තරම් ලියන්න තිබුනා නේද කියලා හිතුනා. . .

    ඇත්තෙන්ම කන්තෝරුවේ වැඩ ඉවර වෙලා . . . සුලු මොහොතක් රැඳී ඉඳල තමයි මේක ලියා පල කලේ . . . . (ටිකක් හදිස්සියෙන් වගේ . . ) ගෙදර එන ගමන්ම මම කල්පනා කර කර අවේ . . . ඇවිත් මේක වෙනස් කල යුත්තේ කොහොමද කියන එකයි . . .

    අනික ටැබූ . . . මම තවම මේ බ්ලොග් කලාවට නවකයෙක් නිසා . . . මගේ බස හැසිරවීම ගැන ඔබේ අදහස් දැක්වීම මට ඉදිරියේදී අඩු පාඩු සකස් කර ගැනීමට හොඳ පිටුවහලක් වේවි කියා මා සිතනවා . .

    ස්තූතියි යලිත් වරක්

    ReplyDelete
  6. @ DragonD !
    මලේ . . .මම 2012 සිදුවීම ගැන සටහන් කලේ . . . ඒකෙන් ඔයාට රිදවන්න හිතාගෙන කියල නම් මොහොතකට වත් හිතන්න එපා . . .

    අවංකවම කියනවානම් . . . මම ඒ ගැන කිසිම දෙයක් දන්නේ නෑ . . .

    මම ඉන් අදහස් කලේ අනාගතය ගැන පසුතැවිලි නොවී . . . වර්තමානය සතුටින් ගත කිරීම තුලින් . . . අනාගතය . . ඉබේ සතුටුදායක එකක් බවට පත් කර ගැනීමේ . . . ඇති ඉඩ කඩ ගැන . . හිතන්න ඉඩක් ලබා දීම වගේ දෙයක් තමයි . . . !

    ReplyDelete
  7. @ taboosubjects !
    තවත් දෙයක් ටැබූ . . . අවංකවම කියනවනම් මම සිංහල භාෂාව ගොඩක් හොඳින් හසුරවන්න තරම් . . . උගතෙක් නෙමෙයි . . .

    නමුත් . . මම හිතනවා ඔබ මට දුන්නු අවවාදයේ නියම අරුත . . .මම වටහා ගත්තා කියලා . . . සහ . . . හැකිතාක් දුරකට . . . එකම රාමුවකට කොටු නොවී . . වෙනස් වෙනස් . . . ශෛලීන්ගෙන් ලියන්න උත්සාහ ගන්නම් කියාත් දැනට කියන්නම් . . . !

    ReplyDelete
  8. මම ඔය පොත කියෙව්වේ දැනට අවුරුදු දෙකකට තුනකට කලින්. තමන්ගෙ පෞද්ගලික අත්දැකීම් ඇසුරින් ලියැවුණු පර්යේෂණ ග්‍රන්ථයක් වගේ.

    කියවන්න වටින පොතක්. දුකා මතක් කළ නිසා මම දැන් තව සැරයක් කියවන්න පටන් ගත්තා. :)

    ReplyDelete
  9. @ ශාකුන්තල !
    ඔය පොත පර්යේශන ග්‍රන්ථයක් වුනාට . . . කිසිම කම්මැලි කමක් නැතුව එක දිගටම කියවිය හැකි පොතක් . . .

    මම ඇත්තෙන්ම පලමු සැරේ . . . එක හුස්මට කියෙව්වා . . .

    දෙවෙනි තුන්වෙනි වාරවල් වලදි තමයි . . රූප සටහන් දිහා . . . හොඳින් නිරීක්ශනය කරලා . . . අහලා තිබුනු භූත කතා . . . පේන ගැන . . සාස්තර ගැන අහල දැකල තිබුනු . . දේවල් එක්ක සංසංදනය කරලා . . . නියම විදිහට . . . පොත තේරුම් අරගෙන කියෙව්වේ . . .

    නියම පොතක් . . . කියවන්න ශාකුන්තල ආයේ පාරක් කියවන්න . . . අපතේ යන්නේ නෑ . . . . . . මම හිතනවා ඔයා ඒ පොතේ . . අයිතිකාරයෙක් වෙන්න තරමට . . . වාසනාවන්තයෙක් කියලා . . . !

    ReplyDelete
  10. @ dukaa

    සහෝදරයා , මමත් ඔයා පල් කරනවත් ඒ වගේ අදහසකින් නෙමෙයි මේක කිව්වෙ.... අනෙ හිත හෙම රිදුනනම් සොරි.

    මම මේක කිව්වෙ ඔයා මේ ගන හිතා ඉන්න විදිහ වැරදි නිසා...

    ඔව්... මම පුලුවන් තරම් සතුටින් ඉන්න උත්සාහ කරන්නම් !

    ReplyDelete
  11. මමත් ඕක කියවල තියෙනව..කොච්ච‍ර හෙව්වත් එපා නොවෙන විශයක්..පොතත් එළ!

    ReplyDelete
  12. @ පොතේ ගුරා !
    ඒක ඇත්ත

    ReplyDelete
  13. @දුකා,
    ඇත්තටම කියවන්න ආස හිතෙන කුතුහලය දනවන පොතක්. ස්තුතියි ප්‍රතිචාරයට. ඒක කියවන්න ලැබීමත් වාසනාවක් තමයි. :)

    ReplyDelete
  14. ඇත්තටම මටත් හිතිලා තියනවා 2012දි මොනාහරි වෙයි කියලා. ලෝක විනාශය නෙමේ ඒත් ඊට බොහොම සමාන දෙයක් පවතින සමාජ ක්‍රමය සම්පූර්නයෙන්ම අපවර්තනයකට ලක්වේවී කියලයි මට හිතෙන්නෙ. හැබැයි ඒ අපවර්තනයට හැඩගැහෙන්න බොහෝමයක් අයට ඉතාමත් අමාරුවෙයි කියලයි මට හිතෙන්නේ.
    ලිපිය ගැන කියන්නේ නැතිව වෙන දෙයක් ගැන කීවට සමාවෙන්න ඕනේ. මේ ගැන මෙතන සඳහන් වෙලා තිබ්බ නිසයි කිව්වේ.

    ReplyDelete
  15. 2012 බුවා වෙත.

    මම අහල තියෙන විදිහට තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා තරල තියෙන්නෙ ඉරවල් 7ක් පායල ඒ රශ්මියෙන් මේ ප්‍රථිවිය අවසාන වෙනව කියලයි. nostradamus මහත්තය මොනවා හරියට කිව්වත් මේක (2012) වරද්දා ‍ගන්න ඇති.

    හැබැයි අංක වශයෙන් ගත්තොත් එයා 2000 කියන්නෙ නැතුව 2012 කිව්වේ ඒක අපේ හොර දේවාල කපුවො රුපියල් 1001 ක් ඉල්ලනව වගේ.

    කොහොමෙන් කොහොමෙන් හරි 2012 පහු කලාම තව කවුරැ හරි තවත් මොනව හරි කියාවි. හරියට ක්‍රස්තියානි කාරයො වසර 2000දි ලෝක විනාස වෙනව කිව්ව වගේ.

    ReplyDelete
  16. දුකා අයියා,
    හුඟ කාලයක් ඔයාගේ බ්ලොග් සටහන කියෙවුවට ප්‍රතිචාර සටහනක් තබන්නේ අද. මම මේ සටහන ලියන්නේ 2012 සිදුවෙනවා යැයි කියන ලෝක විනාශය (හෝ ඒ වගේ කතාවා ගැන පොඩි කරුණු කාරණා කිහිපයක් ලියා තබන්න )

    ඇත්තටම මේ ගැන සාක්ෂි ඉතිහාසය තුළින් මුලින්ම හම්බවෙන්නේ මායා ශිෂ්ඨාචාරයෙන්. ඔවුන් ඉතාමත් නිවැරදිව ග්‍රහලෝක වල ගමන් මාර්ග, ඒ වගේම දින දර්ශන ආදිය නිර්මාණය කළ අය. මේ අය භාවිතා කළ දින දර්ශනය නූතන දින දර්ශනය තරම්ම නිවැරදි එකක් බවටයි පැවසෙන්නේ. නමුත් ඔවුන්ගේ දින දර්ශනය 2012 වර්ෂයෙන් නවතිනවා. ඒ වගේම මිසර ශිෂ්ඨාචාරය තුළිනුත් මේ සම්බන්ධව සාක්ෂි හම්බවෙලා තියෙනවා.

    මෑත කාලීන ලිඛිත සාක්ෂි හම්බවෙන්නේ 1500 ගණන් වල ජීවත්වුන ප්‍රංශ ජාතික අනාගත වක්තෘවරයා (?) ගේ අනාවැකි වලින්. ඔහු විසින් කියනා ලද දේවල් සෑහෙන ප්‍රමාණයක් සත්‍ය වූ බවට වාර්තා වෙලා තියෙනවා.

    මේ පිළිබඳව හොඳ වාර්තාමය වැඩසටහනක් අන්තර්ජාලයේ මේ දවස් වල ප්‍රසිද්ධ වෙලා තියෙනවා. පුළුවන්නම් භාගත කරගෙන බලන්න. ඔය 2012 සංසිද්ධිය ගැන විවිධ මාන කිහිපයකින් අර්ථ දැක්වීම් සිදු කරනවා.

    මෙන්න භාගත කිරීමේ සබැඳුම් (300MB)


    http://www.mediafire.com/?znyjedmzgjn
    http://www.mediafire.com/?yftjmzgwzmq

    ReplyDelete
  17. " මොකක් , පච ගහන්න එපා ....."
    " අනෙ පලයන් බන් යන්න ......"
    " ඕව වෙන්න පුලුවන්ද ? ..... "
    " ලෝක විනාශෙ ? එවා හඳෙ තමා......"

    පොඩ්ඩක් ඉන්න... ඔබ දකිනවද ලෝකෙ විනාශ නොවෙන්න හේතුවක් ? තව දශක කිහිපයකින් අයිස් දිය වන බවත් , දූපත් යටවෙන බවත් කිය කොට , තිස්ස රජු රහතන් වහන්සේ කෙනෙක් මරනයට පත්කල විට මුහුද ගොඩ ගැලූ බව කියන විට සිනාසුනු ඔබට සුනාමියෙන් එය ඔප්පු වූවා නේද ?


    " යන්න මෙයා යන්න.. එහෙනම් ඇමරිකාව , රුසියාව නිකන් ඉඳියි "


    මේක කිව්වෙ "History" නම් වූ ලෝකය පුරා විකාශන කරන ප්‍රසිද්ධ නාලිකාවකින්. ( අපෙ ලන්කාවෙ නාලිකා මේ ගැන නොකීවට Discovery , Nat Geo වගෙ අති ප්‍රසිද්ධ නාලිකා මේ ගැන වැඩසටහන් කරනවා )

    ඔව්න් කිව්ව රජයන් මඟින් මහ ජනයා දැනුවත් නොකරන්න හේතුව. 1970 ගනන්වල ( මට මතක විදිහට ) විශාල උල්කාපාතයක් අපෙ ලොව පහු කරන බවත් එය අපෙ ලොවෙ ගැටීමට ඉඩ කඩ ඇති බවත් නාසා ආයතනය සොයාගෙන. නමුත් රජයෙ මැදිහත්වීමෙන් මෙය රහසක් ලෙස තබාගෙන. ඒ බැරි වෙලාවත් ඕක වුනෙ නැතොත් , මිනිස්සු කා බී මැරෙන්න ලැහැත්ති වී ඉඳල ලොකු හානියක් වෙයි කියල. එහෙත් ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නෙ ඔව්න්ට කරන්න දෙයක් තිබිත් නෑ..


    මේ අනුව බලන කල ( පහත් සඳහන් දෑ කියවා බලන්න ) ඔබට තේරෙයි , රජයන්ට කරන්න දෙයක් ඇත්තේම නැති බව. නමුත් දැන ගන්න , රුසියානු රජය කඳු මුදුනක මිනිසුන් 60, 000 කට සිටීමට බන්කරයක් නිර්මානය කරමින් ඉන්නවා. මෙය මාධ්‍යන්ට දීල නෑ. දැන ගෙන තියෙන්නෙ ඇමරිකාවෙ ඔත්තු බලන චන්ද්‍රිකාවකින්. ඔබ හිතන්නෙ රුසියාව හද්ස්සියෙම මේ වගෙ බන්කරයක් හදන්නෙ මොකට කියලද ?



    " වැඩෙ ටිකක් දරුනුයි වගෙ... දැන් ඔය 2012 විනාශයෙ දවස ඔප්පු කරන්න සාධක තියෙනවද ? "


    1.මායා ශිශ්ටාචාරය

    ඔය ගොල්ලො සමහර විට අහල ඇති ලෝකෙ පැරනිම ශිශ්ටාචාරය වෙන මායා ශිශ්ටාචාරය ගැන. ( දන්නෙ නැති අයට , මායා ශිශ්ටාචාරය කියන්නෙ ලෝකෙ පැරනිම ශිශ්ටාචාරය කියල දැනට සොයාගෙන තියෙන අති විශිෂ්ට තාක්ශනයක් තිබූ කොටසක් ) ඔව්න්ට හැටියට සෑම අවුරුදු 28500 කට වරක් ලොවෙ ජීවින් අතු ගෑවි ගොස් ඉතා කුඩා පිරිසක් ඉතුරු වී නැවතතත් ජීවිත පටන් ගන්නවා. අවසන චක්‍රයට පසුව පැවිති මෙම චක්‍රය අවසන් වෙන්නෙ කවද්ද දනන්වද ? 2012.12.21


    2.මර්ලින්

    මේ මොකාද ?
    ඔහු තමා එන්ගලන්තෙ ආතර් රජුගේ ප්‍රධාන් පුරෝහිත. දයිවයේ අසිපත පොත , King Arther වගෙ ෆිල්ම් බලපු අය නම් මර්ලින් ගැන දන්නවා ඇති. දන්නවද ඔහු කියල තියෙන දෙයක් ? " 21 වන සියවසේ අති විශාල ජල ගැල්මකින් මිනිස් සංහතිය අතු ගෑවී යනු ඇත " .


    3.චීන ජෝතිශය විශ්‍යාව

    චීන ජෝතිශය විශ්‍යාවට අනුව ලොකෙ අවාසානත්මක දිනය තමා 2012 12 21


    4.මධ්‍යගත පිහිටීම

    නොස්ත්‍රදාමස් මෙන්ම 2012 ගැන පරීක්ශන පවත්වන විද්‍යඥයන්ට අනුව අපෙ පෘතුවිය 2012 දෙසැම්බර් 21 වන දිනට අපෙ විශ්වයෙ මද්‍යට එනව. මෙම කාරනය නිසා අපෙ ලෝකයෙ පවතින ගුරුත්වාකර්ශයන කිහිප ගුන්යකින් වැඩි වෙනවා. මෙම කාරනය නිසා විශාල භූමි කම්පා ඇති විය හැකි බව දැන් සොයාගෙන තියෙනව. දන්නවද දැනට ශතවර්ශ ගානකට කලින් නොස්ත්‍රදාමස් කියන අනාගතය කියන්න කියපු දේ ? " 2012 12 21 වන දින ලොව මුහුදු රලෙන් හා භූමි කම්පා නිසා විනාශ වෙයි"


    5. x නම් ග්‍රහලෝකය

    දැනට නම් නොකෙරුනු ගහලෝකයක් 2012 12 21 වන දින අපෙ සූර්ය‍යාට ඉතා ලඟින් පසු කරනව. ඔබ නොදැන සිටියත් මේ වෙනකොට ලොව පුරා විද්‍යාඥයන් ඒ ගැන බොහෝ සෙයින් සොයා බලනවා. දැනටමත් ඇමරිකාව තම අලුත්ම සැටලයිට් 2ක් මේම කාරනය ගැන සොයන්නටම පමනක් වෙන් කරල තියෙනවා. විශවාස කරන්න දැන් හබල් දුරේක්ශය ප්‍රදාන වශයෙන් පාවිච්චි කරන්නෙ මේම ගහලෝකය ගැන සොයන්න.

    මේ ටික මම එක කලේ මම ලියාගෙන යන බ්ලොගෙන්....

    ReplyDelete
  18. Anonymous බුවා වෙත

    අලුත් ම සොයාගැනීම් අනුව x ගහලෝකය අපෙ ලොවෙ නොවදින බවත් එය සූර්යාට ඉතා ආසන්න්යෙන් යන බවත් , එයින් හට ගන්න විපර්යාසයෙන් සූර්ය රශ්මිය ඉතා වැඩි වී බොහෝ දේ විනාශ වන බවත් කියා තිබෙනවා...

    මේක සූර්යන් 7 පායනවා වගේම වෙවි

    ReplyDelete
  19. @ DragonD !
    එල මලේ . . . පස්සේ වෙලාවක මෙක ගැන හොඳට බලන්නම් . . .

    ReplyDelete
  20. හම්මේ දුකා අයියේ... මම 8 වසරේ හෝ 9 වසරේ ඉදිද්දී මේ පොත කියෙවුවේ.. අහම්බෙන් හම්බ වුනේ... මම තුන් පාරක් විතර කියෙවුවා.. මේ ලගදී ඉදලා ආයෙත් මේ පොත හොයා ගන්න හෙන ගේමක් දෙනවා! ආයෙත් කියවන්න මාර ආසාවෙන් ඉන්නේ....

    ReplyDelete
  21. ඔබ කියූ පොත මම කියවලා තියෙනවා

    ReplyDelete
  22. මේ පොත ගන්න පුලුවන් තැනකුත් කිව්වනං .........

    ReplyDelete
  23. මේක සූරිය පොතක්.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails