Tuesday, August 11, 2009

කුරුල්ලෙක් වෙලා හිතෙනවා ඉගිලිලා එන්න . . . . !


හැමදාම දුක් සීන් ලිය ලිය ඉඳල හරියන්නේ නෑ කියල හිතලා අද මම හිතුව ටිකක් හිනා යන එකක් ලියන්න ඕන කියලා. . .

මේක ඇත්තෙන්ම මගේ මිතුරියක් මට කරපු මහා අලකලංචියක් . . . .ජීවිත කාලෙටම මතක හිටින්න දුන්නු හොඳ පාඩමක් . . . . ඇත්තෙන්ම මගේ යොවුන් වියේදි මම මුහුන දුන්නු . . . දෙවෙනි විශාලම අකරතබ්බය මේකයි කියල කියන්න පුලුවන් . . . .

මම කලින් දවසකත් කිව්වනේ . . . මම 10 වසරෙදි නුගේගොඩ උපකාරක පංතියකට ගිය බව . . . එහිදී මමත් මගේ යහලුවන් ටිකත් ඉඳගන්නේ ඉදිරියේ ඉදන් දෙවෙනි හෝ තුන්වෙනි පේලි වල . . . මොකද ළමයි දාහක් විතර ඉන්න ඒ පංතියේ . . . කෙලවරේම අය වැරද්දක් කලාම සර්ලට අනිවාර්යෙන් අහු වෙනවා . . . අපි ඒත් කතා වෙනවා මේ සර්ලට පිටිපස්සටත් ඇස් තියෙනවාද දන්නේ නෑ කියලා . . . විශේෂයෙන් එහි හිමිකාරයා වූ ගනන් උගන්වපු සර්ට . . . .

හරිම තද විනය නීති රීති තිබුනු ඒ පංතියේදිත් . . . අපි සර්ලගේ කන් වලින් රිංගලා . . . පෙම් කලා . . . ! පෙම් හසුන් . . . සමරු පොත් . . .ෆේවරිට් බූක්ස් . . ටීන් බූක්ස් . . . එහාට මෙහාට පාස් කර ගත්තා . . . . (කොහොමද ටිකිරි මොලෙන් කරපු ටිකිරි වැඩ . . .?)

මම ඒ දවස් වල නුගේගොඩ ප්‍රසිද්ධ බාලිකා විදුහලක ඉගෙන ගත්තු . . . දඟකාර ගැහැනු ළමයෙක් එක්ක පෙමින් වෙලිලයි හිටියේ . . . පංතියේදී කතා කරන්න නිදහස නොතිබූ අපි කලේ . . . විවේක කාලවලදී එකෙනෙකා දිහා බලා ගෙන ඉඟි කරන එක විතරයි . . . . ( ඒ කතාව පස්සේ දවසක කියන්නම්කෝ . . . ) එයා හිටියෙත් අපේ පේලිවලම තමයි . . . ඒ කියන්නේ ගැහැනු ළමයින්ගේ පැත්තේ ඉස්සරහා ඉඳලා තුන්වෙනි පේලියේ . . . .

ඔයාලට මතකද මම කිව්වා . . . වෙන බාලිකා පාසැල් වල ගැහැනු ළමයි 100ක් ගත්තාම ලකුනු දෙන්න බැරි ළමයි 5ක් ඉන්නැත්ති . . . ගැහැනු ළමයි 100ක් ගත්තාම කපල දාන්න ඕන ළමයි 95ක් ඉන්න . . . අපේ බාලිකා විදුහල කියලා අපි හඳුන්වන . . . අපේ බාලිකා විදුහල ගැන . . . . මේ බාලිකා විදුහලේ අපේ වයස් වල හිටපු ලස්සනම ගැහැනු ළමයාත් (අපි එයාව තාරුකා කියලා හඳුන්වමු . . .) අපේ උපකාරක පංතියට ආවා . . . .

අහ් ඊට කලින් කියන්න අමතක උනානේ . . . අපේ ගෙදරට එහා ගෙදර තිබුනු ඇනෙක්සියට . . . . අලුත් පවුලක් පදිංචියට ආවා . . . ඒ පවුලේ කෙල්ලොම හතර දෙනෙක් . . . ! කරුමේ කියන්නේ තුන්දෙනෙක්ම . . . මට වඩා වැඩිමහල් . . . බාලම කෙල්ල මගේ වයසේ . . . .( අපි ඈව . . . දිල්හානි කියා අමතමු . . .) . . එතනත් කරුමේ කියන්නේ . . . ඒ කෙල්ල මට වඩා ගොඩාක් උසයි . . . .! ! ! (අපිට ඉතිං ඔහොමමයි වෙන්නේ . . . පුවක් ගහට නැග්ගත් දෙබලක් . . .හික් හික් හික් ) එහා ගෙදර ගැහැනු ළමයි ඔක්කොම ගියේ . . . අපේ බාලිකා විදුහලට තමයි . . . ඉතිං ඕං . . . !

ඉතිං අර කියපු තාරුකාත් . . . දිල්හානිත් . . . අපේ බාලිකා විදුහලේ . . .අනිත් සක්කර වට්ටම් ටිකත් . . . ඔක්කොම ඉඳ ගත්තේ . . . පන්තියේ . . . මැද හරියේ . . .පේලි තුනක . . . . පංතියට ඇතුල්වෙන්න ඉස්සරහිනුත් . . . පිටිපස්සෙනුත් . . .දොරවල් දෙකක් තිබුනා වුනත් . . . මමයි මගේ ගැන්සියයි ඉතිං හැමදාම ඇතුල්වෙන්නේ . . ඉස්සරහා දොරෙන් තමයි . . . ! අපි ඉතිං ඔය පිටිපස්සේ . . . මැද . . . ඉන්න කෑලි දිහා නිකමටවත් ඇහැක් ඇරලා බලන්නේ නෑ . . . !!

දවසක් . . . තාරුකා මාත් එක්ක අහම්බෙන් හිනා වුනා . . . . (මගේ අක්කයි . . නංගිත් එයාලගේ පාසැලේ නිසා වෙන්න ඇති . . . ) ඇගේ හිනාවේ තිබුනු . . . ආකර්ශනයට . . . ඇගේ මන බඳින රූපයට ඇතිවූ ආසාවට . . . මට පෙම්වතියක් හිටියා වුනත් . . . තාරුකා ගැනත් මගේ හිතට විදුලියක් කෙටුවා වගේ . . . ආදරයක් ඇති වුනා . . . .

මම පිස්සුවෙන් වගේ ඈ ගැන කල්පනා කර කර ඉඳලා . . . බැරිම තැන . . . අල්ලපු ගෙදර දිල්හානිට මේක ගැන කිව්වා . . . . එයා එක පාරටම කිව්වා . . .

"අම්මෝ . . . මට නම් බෑ . . . උඹට උදව් කරන්න " කියලා . . .

මම "ඒ මොකද බං අම්මෝ බෑ කියන්නේ . . . " කියල අහුවාම . . .

"උඹව අපේ ඉස්කෝලේ හොඳටම නෝන්ඩි වෙලා ඉන්නේ . . . උඹ හරිම පැනියා කියලා . . " අහස පොලව නුහුලන . . .මහා සාපරාධී කතාවක් කිව්වා. . . .

"එහෙම වෙන්නෙ කොහොමද බං . . . අවාරයට පොල් වැටෙනවා වගේ උඹලාගේ ඉස්කෝලේ ලස්සන කෙල්ලෝ ඉන්නෙත් එකයි . . . දෙකයි . . . අනික උඹලගේ ඉස්කෝලේ කෙල්ලගෙන් මම යාලුවෙලා හිටියේ ෂෝශි එක්ක විතරයිනේ . . ." කියලා මම කිව්වා . . . .

"ඒ උනාට මට නම් බෑ ඔය කපුකම කරන්න . . . " දිල්හානි . . . අවසන් නිවේදනයක් නිකුත් කරන හඬින් කිව්වා. . .

"අනේ එහෙම කරන්න එපා බං . . . උඹේ ගල හිතක්ද . . .අහ් නෑ හිත ගලක්ද . . ." කියලා මම දුකෙන් වගේ ඇහුවා . . .

"හ්හ්ම්ම්ම්ම් උඹ කියලම හිටිනවනම් . . . ලියුමක් ලියලා මට දීපන්කෝ . . . මම තාරුකාට දෙන්නම් උඹ දුන්න කියලා . . . " දිල්හානි මට පොඩි සහනයක් දෙන්න කැමති වගට ඉඟියක් දුන්නා . . . .

මාත් ඉතිං සතුටින් ඔකඳ වෙලා ගිහින් . . . මල්සරා මල් දුන්නෙන් විදිනවා වගේ . . . පෙම් පැනි බේරෙන . . . . ලිපියක් ලිව්වා . . . තාරුකාට . . . . !

මම කියල තියෙනවානේ . . .මම පුංචි එකා සංදියේ ඉඳලා සින්දු අහනවා කියලා . . . . ඔය අහපු සින්දුවකින් කෑල්ලක් වත් . . . ලියුමක ලියන්නේ නැතිනම් . . . සිංදු අහන්න මේ කන් දෙකක් මොකටද ඊට හොඳයි කන් දෙක කපලා දානවා කියලා හිතලා . . . ලිපියේ උඩින්ම ලිව්වා ලස්සන ගීතයක කෑල්ලක් . . .

"ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න . . . .
ගසක තිබෙන තල්කොල මදි ලියාල දෙන්න . . . .
ඔබේ ලස්සන සිනහව මොහොතකට දකින්න . . . .
කුරුල්ලෙක් වෙලා හිතෙනවා ඉගිලිලා එන්න . . . . "

දිල්හානිගේ අතේ පහුවදාම මේ ලියුම යැවුවා . . . ඊටත් පසුව දා සවස අපිට පංති . . . පාසැලට කිට්ටුවෙන්ම වගේ අපේ ගෙදර තියෙන නිසා වෙනදට පාසැල් ඇරිලා ගෙදරට ගිහින් ඇඳුම් මාරු කරගෙන පංති යන මම එදා පාසැල් නිලඇඳුම පිටින්ම . . . පංති යන්න පිටත් උනා . . . . (මොකද අපේ බාලිකා විදුහලේ බාලිකාවියෝ . . .පාසැල් ඇරුනු ගමන් . . . පංතියට යනබව මම දන්න නිසා. . . )

වෙනදට . . . නුගේගොඩ හංදියට වෙලා . . . . ගැන්සියේ අනිත් කට්ටිය එනකම් . . . .ගෑනු ළමයින්ට . . . රබර් ඇහැ ද දා . . . ඉන්න මම . . . ! එදා උන්ටික එන්නත් කලින්ම . . . තනියෙම පිටත් උනා පංතියට යන්න . . . .

ගේට්ටුව ලඟ ඉඳන්ම . . . මගේ කකුල් දෙක මැඩ්ලින් ගහ ගහ තමයි ගියේ . . . බොරු කියන්න ඕන නෑනේ ඉතිං . . . !

වෙනදාට ඉස්සරහ දොරෙන් යන මම . . . එදා පිටි පස්සේ දොරෙන් ඇතුල්වුනා . . . . මම දුන්නු ලිපියට . . . පිලිතුරකුත් . . . යනගමන් අරගෙන යන්න පුලුවන් වෙයි කියන . . . . විශ්වාසෙන් . . . .

XXXX බාලිකාවියොත් කවුරු හරි එනකම් මග බලන් ඉන්නවා වගේ මට දැනුනා . . . මොකද මම ඇතුල්වෙද්දිම . . දෙතුන් දෙනෙක් . . . පිටිපස්ස හැරිලා බැලුවා . . . මම එයාලගේ පේලි වලට පේලි 3ක්විතර කලින් පේලි ලගට එනකොටම මට ඇහුනා . . . එකියක් කියනවා. . .

"ඔන්න මචං ඌ එනවා. . . . එකායි . . . දෙකායි . . . . තුනායි . . . . " කියලා. . . . . . . . . . . . ! ! !

පේලි තුනකම හිටපු . . . XXX බාලිකාවියෝ . . .. 20ක් විතර . . . ඔක්කොම . . . එකටම . . . .

"ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න . . . .
ගසක තිබෙන තල්කොල මදි ලියාල දෙන්න . . . .
ඔබේ ලස්සන සිනහව මොහොතකට දකින්න . . . .
කුරුල්ලෙක් වෙලා හිතෙනවා ඉගිලිලා එන්න . . . . " කියලා තාලයට . . . ගායනා කලා . . . .

හිස් මුදුනින් පටන් ගත්තු හිරිවැටීමක් . . . බෙල්ල . . . පපුව . . . අත . . පය දිගේ . . . කකුලේ නියපොත්ත ලගටම යනවා මට දැනුනා . . . . මම එතන පහුකරලා . . .ඉස්සරහ පේලිවලට ආවේ කොහොමද කියලා මම කොපමන මහන්සිවී හිතුවත් . . . . මට අදටත් හිතා ගන්න බෑ . . . . . !

පොත් ටික මගේ ඩෙස්ක් එක උඩින් තියපු මම එලියට වෙලා ඉන්නැත්තී . . . මගේ ගැනිසියේ පොරවල් ටික ඇවිත් . . .

"මොකේ බං මේ . . . ?? හරියට පන්සල් වත්තෙන් .. හොරෙන් කුරුම්බා කඩලා ලොකු හාමුදුරුවන්ට මාට්ටු වෙලා වගේ අප්සට් මූනක් හයි කරන් ඉන්නේ . . . " කියලා . . මාව ශේප් කරලා පංතියට එක්ක යනකම් . . . . . මම හිටියේ . . . නිකම් . . බ්‍රහ්ම ලෝකෙන් චුතවෙලා ආව එකෙන් වගේ . . . . . !

70 comments:

  1. "උඹව අපේ ඉස්කෝලේ හොඳටම නෝන්ඩි වෙලා ඉන්නේ . . . උඹ හරිම පැනියා කියලා . . " අහස පොලව නුහුලන . . .මහා සාපරාධී කතාවක් කිව්වා. . . ."

    ඉතින් කතාව ඇත්තනෙ අය්යා ! ඇත්ත කොහොමෙයි සාපරාදී වෙන්නෙ ?

    අනෙ අනෙ ... ඔයාටත් වෙන වැඩ . අය්යට කෑලි කීයක් හිටියද ?

    ReplyDelete
  2. හොඳ වැඩේ උඹට එකපාර දෙක තුනකට බහිනවට
    :-D

    ReplyDelete
  3. @ DragonD !

    උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහන්න එපා කොල්ලෝ . . . !

    ReplyDelete
  4. @ ම !

    ඒක නම් ඇත්ත බං . . . හොඳ පාඩම මට . . . ! ඊට පස්සේ නම් එක පාර දෙකකට බැස්සේ නෑ . . . කෙලින්ම හතරකට ට්‍රයි කලේ . . . හතරෙන් එකක්වත් සෙට් වෙයිනේ කියලා හිතලා . . . හික්ස් . . .

    ReplyDelete
  5. උඹට නම් පැණියා කියන එක හොඳ වැඩියි... දැනට මෙතනම කෙල්ලො කීයක් ගැන කිව්වද? හික් හික්...

    කොහොමද බං පන්තියෙ හිටියෙ එදා? මම නම් එතනම වලක් හාරගෙන පනිනවා :D

    ReplyDelete
  6. මචන් එක පාර එකක් කරපන්

    ReplyDelete
  7. @ chathuraw !

    අනේ මේ අහිංසක මම එහෙමටම පැනියෙක් නෙමෙයි . . . !

    උන්ටික ඉන්නේ මැද්දෙනේ බං . . . මගේ ගැන්සිය ආවම මම ඉතිං සිංහයා වගේ හිටියා . . . ඒ උනාට XXX බාලිකාවේ කෙල්ලො දිහා නම් . . . මාස ගානක් යනකම් . . . . නිකමටවත් බැලුවේ නෑ . . . !

    ReplyDelete
  8. @ sachi !

    හ්හ්ම්ම්ම් . . . එහෙම කරන්න්ම්කෝ . . . ඊලග පාර වත් . . . හික්ස්

    ReplyDelete
  9. හ‍ෆොයි මාත් ඒ කාලෙ පන්ති හතරෙන් හතර දෙනෙකුට බැස්සා මොකද එතකොට හැමදාම පන්ති යන්න වෙනවනෙ. අනේ අන්තිමට දෙයියා දැම්මා රිවිෂන් එකක් වෙසක් පෝය දවසක. හතර දෙනාම එකට සෙට් උනා. මට කෙල උනා.

    ReplyDelete
  10. @ තාරක සමරණායක !

    අහෝ ඛේදයකි . . . ඉරකි . . . තිතකි . . . !

    ReplyDelete
  11. සැලෙන්න එපා දුකා,
    කෙල්ලො රැල පිටින් නෝන්ඬියට සින්දු කිව්වත්,
    පරන කෙල්ලට මල පැනලා උඹ සෙරෙප්පුවෙන් කැවත්,
    උඹ කොච්චර බෝදිසත්ව පැණියා උනත්,
    කූඹි කෑවත්,
    අපි උඹ සමගයි....

    ReplyDelete
  12. @ änthräX !

    එළ එළ මචං . . . ඔහොම කියනවනම් . . . ඊලඟ පාර තුන්දෙනෙකුටම එකපාර ට්‍රයි කරනම්කෝ . . හික්ස්

    ReplyDelete
  13. අඩේ මේ දුකාගෙ බ්ලොග් එක නේද?
    අර කෙල්ලෙක් බලෙන් අහලත් බෑ කිව්වේ මේ දුකා නේද?

    අඩේ මට පැටලිලාද.....

    ReplyDelete
    Replies
    1. මාත් මේ අඩ අඩ ඒවා කියවද්දි දුකා මෙතන පිස්සු කෙලිනවා.

      Delete
  14. උඹට කියක් ඉන්නවද කියලා වෙනම පොතක් ලියන්න වෙයි වගේ දුකෝ AKA පැණි වලහෝ!

    මට නම් ජිවිතේට හිටියේ තුනයි. එකෙන් එකක් උමට මං කිව්වා කලිං, අනික " ඇරඹුම කඳුලක් වෙලා" වුණා, ඉතිරිය "මාෂා නෙත් ආයා" තමා. හැබැයි ඉතිං මම ආශ්‍රය කොරපු කෙල්ලෝ පොඩ්ඩත් ගාවගෙන (කට)කතා ගොඩායි. සමහරු හිතන්නෙත් ඉතිං මට ‍ඇඟිලි ගාණට ගොඩාක් හිටියා කියලා!

    ReplyDelete
  15. @ තරිඳු !

    ඒ ඉතිං මට කැමති අයනේ . . .

    මම කැමති අයට ඊට වෙනස් . . .

    මිනිස්සු එහෙමනේ සහෝ . . .

    එක එක වෙලාවට . . . එක එක මනෝ භාවයන් . . .

    ReplyDelete
  16. හත්වලාමයි! :D මාත් දුකාව පරමාදර්ශී චරිතය විදිහට අනුගමනය කරන්නෝනේ. මොකද එක්කෙනෙක්ට විතරක් ලව් කරලා කෙල වුනාම ඉවසගන්න අමාරුයි නෙව. ඉතින් මේක ෂෝක් ක්‍රමේ ;)

    ReplyDelete
  17. කිව්වාට මොකද, මාත් එක්තරා බාලිකා පාසලකින් හෙන චාටරයක් කාලා තියෙන්නේ :D

    ReplyDelete
  18. @ Supun Sudaraka !

    ඒකත් ලියපන් සුපුන් . . . අපි හැමෝම ආසාවෙන් බලා ඉන්නවා උඹ නාගත්තු නෑම . . . මට වඩා වැඩිද කියල බලා ගන්න . . . හික්ස් . . .

    ReplyDelete
  19. @දුකා
    මම ඒවා ගැන ලියලා තියෙනවා. ආදරේ කරපු කාලේදීම... පස්සේ මම අයින් කරලා දැම්මා කෝකටත් කියලා... කාගෙත් හොඳට. :)

    ReplyDelete
  20. ජයනෙත්ති සර් දැනගත්ත නම් උඹ ඉදල ඉවරයි. කෙල්ලො සින්දු කියනව සර්ට ඇහුනෙ නැද්ද?

    ReplyDelete
  21. ammbalame pina pina
    meka balapu apita hondatama hina hina........

    ReplyDelete
  22. දුකා ඔයා හඩකාර කොල්ලෙක්ද ඒ කාලෙ. අත්තටම අදරය කරපු 5 දෙනාගෙන් 1 කෙනෙක් ලැබුනද?
    ඔයානම් පණි හැලියක්. හි හි හී........

    ReplyDelete
  23. අපොයි... වහ කන සිද්ධියක්නෙ... :D

    ReplyDelete
  24. අඩේ.. මමනං පොළව පලාගෙන යනවා !

    වෙන කෙල්ලොන්ට කියලා, තව කෙල්ලෙක්ගෙ කැමැත්ත අහන්න යන්න එපා. එහෙම වුනොත් අනිවා වැඩේ අල වෙනවා !

    ReplyDelete
  25. අතීතය මෙනෙහි කරලා සතුටු වෙන්න තරම් ලස්සන නම් ජීවිතය වින්දා කියලා හිත හදාගන්න පුළුවන්. මටත් ගොඩක් දේ ලියන්න ඹ්න වුනත් මගේ අඩවියේ මාතෘකාව මාව හිරකරලා තියෙනවා කියලා මට වෙලාවකට හිතෙනවා. පුලුවන්නම් පරණ ලියුමක් මට මේල් කරන්න. මගේ ඉදිරි පාඩමකට ඒක වැදගත් වෙයි. එකතු වෙලා සතුටු වෙන්න අපට එතකොට පුලුවන් වෙයි.

    ReplyDelete
  26. @ කුමර!
    ජයනෙත්ති සර් දන්නවනම් . . මාව පංතියෙන් දොට්ට දාලා ඒ දවස්වලම . . .

    කෙල්ලො සින්දුව කියනව සර්ට ඇහුනේ නෑ . . . මොකද වැඩේ උනේ පංති පටන් ගන්න ගොඩක් වෙලාවකට කලින් නිසා . . . .

    ReplyDelete
  27. @ Anjaleeka !

    මටත් ඔය සිද්දිය මතක් වෙන මතක් වෙන පාරට හිනා . . .

    ReplyDelete
  28. @ Supun Sudaraka !

    අහ් සුපුන් . . . මම වගේ සමහර සිදුවීම් . . . වෙන වෙන ආරූඩ නම් වලින් ලිව්ව නම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑනෙ සහෝ . . . !

    ReplyDelete
  29. @ ගීශා !

    "දුකා ඔයා හඩකාර කොල්ලෙක්ද ඒ කාලෙ "

    අපෝ . . ඒ කාලේ මම හරිම කැතයි . . . දැන්නම් . . ටිකක් හැඩට ඉන්නවා . . . නමුත් මට මතක හැටියටත් . . . මගේ පරන ඇල්බම් වල හැටියටත් . . . මම හරිම කෙට්ටු . . කැත කොල්ලෙක් . . . නමුත් මොකක් හරි පොඩි හරි ආකර්ශනයක් තිබුනා . . කියලා මගේ ඒකාලේ මිතුරු . . . මිතුරියන් කියනවා. . . .හික්ස්. . .

    "අදරය කරපු 5 දෙනාගෙන් 1 කෙනෙක් ලැබුනද?"

    අනේ නෑනේ . . . එක ලව් එකකට මම පොල්ල තිබ්බා. . .එකක් කෙල්ලගෙ තාත්තා කචල් නිසා නැවැත්තුවා . . . එකක් කෙල්ලගෙ නෑදෑයො වලි දාලා නැවැත්තුවා . . . තව එකක් . . කෙල්ලගෙ අයියා කාරයා ගෝරි දාලා කෙල්ලට බලකලාම නැවැත්තුවා . . අන්තිම එක . . අපි දෙන්න නොගැලපෙන දෙන්නෙක් කියල තේරිලා . . . අවුරුදු ගානක් . . රන්ඩු කරල රන්ඩු කරල . . දෙන්නා සාමදානෙන් නැවැත්තුවා . . . !

    ReplyDelete
  30. @ ගයන්ත !

    ඒක නම් ඇත්ත . . . ඊට පස්සේ ඒ ඉස්කෝලෙ කෙල්ලො දිහා බැලුවෙත් . . .හොරෙන් . . . ලැජ්ජාවටම. . .

    ReplyDelete
  31. @ Buddy-J

    ඒක ඇත්ත. . . පස්සේ ඒ කෙල්ල අපේ ඉස්කෝලෙම . . මගේ වයසෙම . . . මටත් වඩා අහිංසක . . . (හැබැයි නොටෝරියස් නැති ) කොල්ලෙක් එක්ක යාලුවුනා. . .ඒ ලව් එකත් අවූරුදු 5කටද කොහෙද පස්සේ කැඩුනා කියලා පාසැල් කාලෙන් ගොඩාක් කාලෙකට පස්සේ "තාරුකා" මට නුගේගොඩ හංදියේදි . . . හමුවුනු වෙලාවක කිව්වා . . .

    ReplyDelete
  32. @ ප්‍රදීප් කාවින්ද ‍කොටුවේගෙදර !

    ප්‍රදීප් සර් . . . ඔයා ඉතිං අපේ කොම්පූටර් සර්නේ (මගේ පරිඝනක දැනීම ඉතා අඩු නිසා මේ බ්ලොග් අවකාශේ ගොඩාක් අය මගේ සර්ලා තමයි . . . ). . . නියම නමින් ලියන එක අපහසුයි වගේ නම් . . ඔයාත් මම වගේ අන්වර්ත නාමයකින් බ්ලොග් එකක් හදාගෙන . . නියම නම් වෙනුවට මන:කල්පිත නම් දාලා . . . ලියන්නකෝ . . .

    "පුලුවන්නම් පරණ ලියුමක් මට මේල් කරන්න. මගේ ඉදිරි පාඩමකට ඒක වැදගත් වෙයි"
    මේක මට තෙරුනේ නෑ සර් . . .??

    මගේ ඔය දවස්වල හිටිය පෙම්වතිය මට එවූ ලියිම් පෙටියක්මත් මගේ ඒ කාලයේ සමරු පොතත් . . .මගේ පාසැල් මිතුරුකු ලඟ හියෙනවා . . .ඔහු කියන්නේ . . .මම වයසට ගිය කාලයක ආපසු දෙන්නම් කියලා බලල සතුටු වෙන්න . . . .

    ReplyDelete
  33. හූ....! හොද වැඩේ.. ජයවේවා.... බුහාහාහාහාහා!!!!!

    Girlzz Rulllzzzzz ! :p

    ReplyDelete
  34. @ malee_msg !

    ඔහොම කින්ඩි දාන්න දුක නැද්ද මලී . . . ඉහි . . ඉහි . . ඉහි . . .

    ReplyDelete
  35. උදව් කරපු එකට ට්‍රයි කරේ නැද්ද

    ReplyDelete
  36. දුකා උඹ මට ආයෙත් පරණ කතන්දරයක් මතක් කර දුන්නා!
    -කතන්දර කාරයා

    ReplyDelete
  37. @ BEAUTIFUL SRI LANKA!

    නෑ බං . . .ඇයි මම කිව්වේ . . .ඒක මට වඩා උසයි කියලා. . . අනික මට හොඳ රසඤතාවයක් තියෙනවා . . හික්ස්

    ReplyDelete
  38. @ කතන්දර කාරයා !

    ලියපන් ලියපන් . . . මටනම් මේ පැරනි රසාංග ටික එක එක කියල දැම්මහම (ලියල දාම්මාම ). . . හිතට මාර සනීපයක් දැන්නෙනේ . . .

    ReplyDelete
  39. දුකා උඹ ඔව ගනන් ගන්න්න එපා. එක එකා ඉරිසියාවට කියන කතා එහෙම තමා ලොකෙ හෑටි.

    ReplyDelete
  40. හි..හි.. හෆෝ...යි හිනාව නවත්තගන්න බෑ බං! :D :D :D
    අනේ හැබෑට මෙහෙමත් පැණි හැලියක්!
    එක අතකට උඹට ඔය වගේ ‍සීන් ගොඩක් වෙච්ච එකත් හොඳයි බං. ඕවා උනායින්නෙ අපි මේවා මේ රස කර කර ආදරෙන් කෑදරෙන් කියවන්නෙ... :D

    ReplyDelete
  41. @ rusara !

    හහ් හහ් හා . . පිස්සුද බං . . . . ඕවා ඔහොම තමයි ඉතිං . . .

    ReplyDelete
  42. @ ධනික | Dhanika !

    අන්න එහෙමනෙ හිතන්න ඕන මචං . . . ධනාත්මක චින්තනය . . . .හික්ස්

    ReplyDelete
  43. ඇති බන් ඔයින් බේරුණා..~

    ReplyDelete
  44. උඹත් පැණි කූඹියෙක්නේ බලාගෙන ගියාම...හික්ස්...

    ReplyDelete
  45. @ ඉන්දික !
    ඔව් මචං . . . හික්ස්

    @ සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath !
    Boys will be boys . . .! කියනවානේ මචං . . .

    ReplyDelete
  46. හිනාව නවත්තගන්න බෑ ! hiki hiki !

    ReplyDelete
  47. @ NeoN!
    ඔයා අදද මෙක බැලුවේ . . .??

    හික්ස් . . මටත් ඕක ගැන මතක් වෙනකොටත් හිනා යනවා . . .

    සුන්දර අතීතේ . . !

    ReplyDelete
  48. Three Cheers to those girls ... well done:). All teenage guys are so boasting abt having affairs with girls specially in their sister schools and its not having one affair at a time ...its having 2-3 affairs at one time....so these guys should get a good lesson like this
    occasionally to remind girls are not so silly:)))))

    very humorous story .good one Dukaa

    ReplyDelete
  49. @ මනෝ( TMG) !
    Oh come on mano . . . do u think it’s only boys who do this type of things which u mentioned . . .? now u r gonna be a silly girl . . .not only boys specially girl’s are notorious about this type of situations I mean having more than one affaire . . . all are human. You cannot divide there behaviors by girls are good n boys are bad . . .there are good and bad girls and boys . . that’s the reality . . . do u agree????

    ReplyDelete
  50. ඩවල් මිගෙල්September 30, 2009 at 2:01 AM

    අපො ඔව මොනවඩ බන් මම කාපු කටු හෑටියට.මට FB එකෙත් ඔයවගේ කෑත සීන් ඔනිතරන් වෙලාතියෙනවනේ

    ReplyDelete
  51. මදැයි. ඕක තමා කියන්නෙ ලද දෙයින් සතුටට පත් වෙන්න කියල. ඒක නෙමෙයි ඊට පස්සෙ අල්ලපු ගෙදර කෙල්ල මොකද කිව්වෙ

    ReplyDelete
  52. ෂැෂ් මේක මාර පැනියෙක්. පැනියෙක් නෙවෙයි පැනි වදයක් මම කියන්නද වැඩක් අනිත් දවසේ ‍ලියුම් දෙන්නේ නැතිව අතේ දුරින් කෙලින්ම අහන්න. කෙලින් ටෝක් දෙන කොල්ලන්ට කෙල්ලෙ කෑමති
    බෙරු නම් කරල බලන්න :D

    ReplyDelete
  53. මරු...මරු...
    මටත් ඔය වගේ පොඩි සින් එකක් වුනා...මම ට්‍රයි කරපු එකකට ලියුමක් ගිහින් දෙන්න කියලා මගේ යාළුවෙකුට දුන්නා.උ ගිහන් මම දාන් හිටපු එකට දිලා එර කැල්ලට දෙන්න කියලා..හික් හික්...මරේ මරු...දෙකම කොට උඩ....
    උබ අපිව අයිමත් ඉස්කොලේ යවනවා දුකෝ

    ReplyDelete
  54. @ ඩවල් මිගෙල් !
    දවල් මිගෙල් . . අනේ අපිටත් කියපන්කෝ ඒ සීන් මොනාද කියලා

    ReplyDelete
  55. @ සුදු මහත්තයා!
    කව්ද බං මේ ලෝකේ ලද දෙයින් සතුටු වෙන්නේ . . . බැන්දට පස්සේ නම් ඉතිං ලද දෙයින් සතුටු වෙන්න එපැයි . . හික්ස්

    ReplyDelete
  56. @ ushan !
    ආපෝ ආයේ නම් අහන්නේ නෑ . . . ඉස්කෝලේ යන කාලේ කරපු වැඩ දැං කොහේද . . .?

    ReplyDelete
  57. @ සසික නානායක්කාර!
    අහෝ ඛේදයකි . . ඉරකි . . තිතකි . . යටින් ඉරි දෙකකි . . . කිව්වලු . . හික්ස්

    ReplyDelete
  58. හපෝයි!!!

    ReplyDelete
  59. මරැනෙ දුකා අයියත් මාර පැණියෙක් එහෙනම්..... හා හාහා.... මරේ මරු.....

    ReplyDelete
  60. @chamiladealwis.com !
    හෆොයි ඔව් බන් . . හෙනම පරිප්පුවක් . .

    @Chandika @ ..::E-KiCkS::.. !
    පිස්සු කතා කරන්වද බන් . . .

    ReplyDelete
  61. අනේ පැනී සූකිරී බෝලේ...! පචු ඈ :-D (තාම මගේ බඩ රිදෙනවා) හපොයී...මට ඔහොම උනානම් මම එතනම මැරෙනවා :-D

    "ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න . . . .
    ගසක තිබෙන තල්කොල මදි ලියාල දෙන්න . . . .
    ඔබේ ලස්සන සිනහව මොහොතකට දකින්න . . . .
    කුරුල්ලෙක් වෙලා හිතෙනවා ඉගිලිලා එන්න . . . .

    ReplyDelete
  62. @Bunny !
    පැනී සූකිරී බෝල කාලද . . හෆොයි ඔය ජරාව කන්න එපා බන් . .

    ReplyDelete
  63. දුකා අයියත් නිකන් ඉඳලා නෑ වගේ..
    :P

    ReplyDelete
  64. එකපාර 3,4 කට බහින තියරියනම් හොඳයි. එකක්වත් හරියනවනෙ එතකොට...

    ReplyDelete
  65. අම්මපා ඒ දවස්වල පැණි කොල්ලෙක් වෙන්න ඇති මයේ හිතේ උඹ... ඉතින් උඹලා රිටර්න් එකක් දුන්නේ නැද්ද ඔය අල්ලපු ගෙදර කෙල්ලට?

    ReplyDelete
  66. අපි හැමම එක ඉස්කොලෙකටද ගියෙ කියලාත් හිතෙනවා එවා කියවද්දි

    ReplyDelete
  67. හික්ස් :-)
    හපොයි දුකෝ

    ආය පරිස්සමින් වැඩ කරන්න :P

    ReplyDelete
  68. @අන්ශ්
    යකෝ මේ ස්කෝලේ යන කාලේ.
    ඒ කාලේ කවුද කියපන් පිස්සු නටන්නේ නැතුව හිටියේ.

    @ඉන්දික්
    වර්තමානයේත්, අනාගතයේදිත් එකක්වත් සෙට් නොවන වැඩක් . . හික්ස්

    @වන්නි!
    ඒ කාලේ ඉතිං සුන්දර පාසැල් කාලේනේ බන්z . .
    මොන රිටර්න්ද එහෙම දුන්නනම් ක්ලාස් ගිහිල්ලත් හමාරයි.
    දන්නවනේ ගෑනු ළමයි කොයි තරම් සිලුමැලිද කියලා . . හෙ හෙ හේ

    @රවා!
    හෆොයි උඹ ගිය ඉස්කොලෙට මටත් යන්න උනානම් මම සදා සොත්ති තමයි . . .

    @නිමන්ති
    ආයේ ඉතිං ලබන ආත්මේ තමයි පරිස්සමින් මේ වගේ වැඩ කරන්න වෙන්නේ . . .හික්ස්

    ReplyDelete
  69. තාම ​රස්නෙයි දුකා අයි​යා මේවා. .....

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails