Saturday, August 8, 2009

කෝමල නාරී ගමන ළතාවේ . . . . !


ඔබේ පාරිභෝගික අවශ්‍යතා සපුරා ගැනීමේදී . . . වෙළඳ දැන්වීම් ඔබේ ජීවිතයට බලපෑමක් කරනවාද කියා කිසිවෙක් ඔබෙන් ඇසුවොත් ඔබේ පිළිතුර කුමක් විය හැකිද . . . ? මගේ නම් පිළිතුර "ඇත්තෙන්ම . . . ඔව් " කියන එකයි . . . !

මෙහෙම ලියන්න හිතුනේ කාලෙකට පස්සේ අද මට අහම්බෙන් වගේ මම පුංචිකාලේ රසවිඳි වෙළඳ දැන්වීමක් ගැන මගේ මතකයට ආපු නිසායි . . . !

මේ බ්ලොග් අවකාශේ කීයෙන් කීදෙනුකුට මේක රසවිඳින්න ලැබිල තියෙනවද කියලත් සැක සහිතයි . . . !

මම දන්න විදිහට බොහේම කාලෙකට කලින් වේයන්ගොඩ පෙහෙකම්හලත් . . . තුල්හිරියේ පෙහෙකම්හලත් . . . . රජයට අයිතිව තිබූ පේෂකර්මාන්ත ශාලා දෙකක් . . . දැන්නම් මා දන්න තරමින් දෙකම වහල දාලා . . . නමුත් පසුගිය දවසක පුවත්පතක මා දුටුවා ඒවා නැවත රජයට පවරාගෙන . . . යලිත් විවෘත කරන්න අදහසක් තියෙනවා වගේ පුවතක් . . . මේ වෙළඳ දැන්වීම මට යලි සිහිකැඳවන්න ඒ පුවතත් හේතු සාධක වූවා විය හැකියි . . . !

වේයන්ගොඩ පෙහෙකම්හලේ "වේටෙක්ස්" රෙදිත් . . . තුල්හිරියේ පෙහෙකම්හලේ "තුල්ටෙක්ස්" රෙදිත් අපූරු නිමාවෙන් යුතුවූ . . . ලස්සන ලස්සන මෝස්තර වලින් සපිරුනු ඒවා බව මගේ මතකයේ රැඳී තියෙන්නේ මගේ ආදරණීය අක්කා ඒ කාලයේ ඒවායින් මැසූ ගවුම් ඇඳි බවට මගේ සිතේ ඇති මතකය විය හැකියි . . . !

ඇත්තෙන්ම මම ගොඩක් පුංචි එකා සංදියේදි තමයි මේ වෙළඳ දැන්වීම රසවින්ඳේ . . . මට පුංචි සංදියේ ඉඳන් . . . හොඳ ගීත රසවිඳින්න මගේ ආදරණීය අම්මා මට උගන්වා තිබුනු නිසා . . . උසස් පදමාලාවකිනුත් . . . මියුරු තනුවකිනුත් . . . ටී. එම්. ජයරත්න මහතාගේ ළගන්නා ස්වරයත් සම්මිශ්‍රනය වූ මෙය මගේ හිතේ රැඳී තිබුනා වියත් හැකියි . . . !

ඒ හැමදේටම වඩා මේ වෙළඳ දැන්වීමට පෙනී සිටි යෞවනියන්ගේ සොඳුරු රූ සපුවත් . . . ඉරිඟු පැහැති බඳත් . . . ඇත්දළ පැහැති පායුගත් . . . වල තිබූ ආකර්ශනීය බව . . . එකල පුංචි එකෙක් වුවත් . . . මනුශ්‍යත්වයට ආවේනිකවූ රාගනිශ්‍රිත ආශාව විසින් මෙහෙයවනු ලැබූ යම්කිසි මනෝභවයක් හේතුවෙන් මේ ගීතය අඩංගු වෙළඳ දැන්වීම මගේ මතකයේ රැඳුනා විය හැකියි . . . !

එකල කුඩා එකෙක් වූ මා . . . මටම සුවිශේෂී වූ ගී පද රාශියක් මතක ගබඩාවේ තැන්පත් කරගැනීමේ හැකියාවට පින්සිදුවෙන්න . . . මේ ගීතය කටපාඩම් කර ගත්තා වුවත් . . . අද දින වැඩිහිටියෙකුවූ මා මේ ගීතයත් . . . එයට අල්ලා තිබූ රූප පෙළත් . . . මනසින් රසවිඳින්නේ . . . . සියුම් අනුරාගික රසයක්ද සමඟින් . . . . !

යම් හෙයකින් මේ පෙහෙකම්හල් දෙක නැවත විවෘත කොට . . . දෛවයේ හාස්කමකින් මෙන් මේ වෙළඳ දැන්වීම රූපවාහිනියේ තැටි ගබඩාවක පුස් කකා හෝ තිබී නැවත හමුවී . . . විකාශනය කලහොත් . . . ඔබ සැමටත් මේ වෙළඳ දැන්වීම ගැන මගේ අදහස් හා එකඟ වෙනවාද නැද්ද යන්න තීරනය කලහැකියි . . . !

මෙන්න ගීතය . . . .

ළඳුනේ සතුටු සිතින් . . .
පාට පාට මාල බඳින්නේ . . . .
ළඳුනේ සතුටු සිතින් . . .
පාට පාට මාල බඳින්නේ . . . .

කෝමල නාරී ගමන ළතාවේ . . .

මුවගේ . . .
සිනහා සිරි දෙව්දුව බැබලෙනවා . . .
දේදුනු පැහැය ඇගේ . . .
මුදු බඳ වට දැවටෙනවා . . .

ඇගේ මුදු පාදේ ගිගිරි සැලෙන්නේ . . .

ළඳුනේ සතුටු සිතින් . . .
පාට පාට මාල බඳින්නේ . . . .

2009 ලියපු පෝස්ට් එකක් මතක තිබිලා 2015 ජූනි මාසේ 14 වෙනිදා උදේ මගේ ෆේස් බුක් ගිනුමට "අයියේ, මේ අඩ් එක ගැන ඔබ බ්ලොග් පොස්ට්
එකක් ලියල තිබුණා මතකයි, අහම්බෙන් මෙය හමුවුණ නිසා ඔබට එවන්න සිතුවා. ස්තුතියි"
කියා මට මේ වීඩියෝ ලින්ක් එක එවූ තාරකා විජේරත්න සොයුරිය ඔබට බොහෝම ස්තූතියි . . !
https://www.facebook.com/SriLankanoldtvads/videos/vb.434722033302262/792250227549439/?type=2&theater


37 comments:

  1. මට මතකයි මේක හොදටම. චීත්ත රෙදි වලින් මහපු ඔසරිත් තිබුන ඔය කියන ඇඩ් එකේ. අනුරාගික ඇඩ්ස් ගණෙ කියනව නං, ඒ දවස් වල ගිය කැන්ඩොස් අවුරුදු කුමාරය එක ත් මගෙ මගෙ මතකයට එනවා. සංගීතය සහ රූප පෙල අනුව නම් තවත් හොඳ එකක් තමයි සන්ලයිට් එක. අර ගලා යන දියපාරක් ලග රෙදි හෝදන ලන්සි කෙල්ලෝ ටිකක් ඉන්නේ.

    කතන්දර කාරයා

    ReplyDelete
  2. මටත් මතකයි. නමුත් මේ වෙබ් අවකාශේ අපි වගේ වයසක අය ඉන්නෙ බොහොම ටික දෙනයි. ඒ හින්දා මේක වැඩි දෙනෙක් දැකල නැතුව ඇති. අද අඩ නිරුවත් දැන්වීම් නිර්මාණය කරන උන්ට මේක හොඳ උදාහරනයක් වෙයි.

    ReplyDelete
  3. @ කතන්දර කාරයා !
    කැන්ඩොස් ඇඩ් එක නම් මට මතකයක් නෑ . . . ඒ වුනාට සන්ලයිට් ඇඩ් එකනම් සිරා . . . මගේ අක්කගේ යාලුවෙකුත් හිටියා ඒකේ . . . එයාගෙ නම නයනා . . . අපි එයාට කිව්වේ සන්ලයිට් නයනා කියලා . . . හික්ස්

    ReplyDelete
  4. @ තාරක සමරණායක !

    එහෙම කියන්න එපා බං . . . අපි වයසක අයද . . . ??

    60ත් වයසක්ද නංගී කියල කියපු කතාව මතක නැද්ද . . . ? හික් හික්. . .

    ReplyDelete
  5. ඔය සිංදුව ෙකාච්චර ජනප්‍රිය වුනාද කියතොත් ඒ කාෙල කට්ටිය ෙසට් වුණාම, ට්‍රිප් යනකොට නිතර කියන සිංදුවක් වුනා.
    තව ඒකක් තිබුන ජනප්‍රිය සිංදුවක් වුන. 'xxx ජුවලර්ස්' (සමාෙවන්න ෙවලද නාමය භාවිතා ෙනාකරනවට) හැබැයි මීට පස්ෙස කාෙලක මට මතක විදියට.

    ReplyDelete
  6. @ The Chinthaka !
    ඒක නම් ඇත්ත . . . අපිත් සෙට් වුනු වෙලාවට මේ සිංදුව කියනවා . . . උඹ කියන ඇඩ් එකෙ සිංදුවේ කෑල්ලක් වත් දාපංකෝ මචන් . . . මෙමරිය රිවයින් කරල බලන්න . . . . මතකේ තියෙනවාද කියලා . . . !

    ReplyDelete
  7. අයියොහ් මම දන්නේ නැහැනේ..ඒත් මට තාරක සහෝදරයා කියපු කැන්ඩෝස් කුමාරයා ගේ කථාව නං මතකයි !
    ෂැහ්..මටත් ඕක ඇහුවම ඔය සින්දුව අහනකන් නිවනක් නෑ නෙව.මොකද ටී.ඇම් මහත්තයා මගේ ප්‍රියතම ගායකයෙක් !

    ReplyDelete
  8. ම්..හු.. කිසිම මතකයක් නැනේ ඔවා ගැන
    ඉස්සර ඉතින් වැඩිය නාට්‍ය වැඩසටහන් එහෙම යන්නේ නැති නිසා, අපි ආසාවෙන් එවා බැලුවනේ එක නිසා ‍වෙළද දැන්විම් බලන්න එච්චරම අසාවක් තිබුනේ නැ.
    එත් දැන් ඊට හාත්පසින්ම වෙනස්, දැන් රටෙ නැත් ඡාති පිරිලා නිසා ආසාවෙන් වෙළද දැන්විම් බලනවා.
    මොකද වෙළද දැන්විම් විතරයි බලන්න පුළුවන් විදියකටවත් තියෙන්නෙ නිසා(හැම එකක්ම නෙවෙ)
    කොහෙද මෙ නාට්‍ය මගුල් යන නිසා හරියකට වෙළද දැන්විම්ක් වත් බලාගන්න විදියක් නැනේ හිකිස්

    ReplyDelete
  9. ඉස්සෙල්ලාම කියන්න ඕනා, උඩින් තියෙන sinhala link එක හරි ප්‍රයෝජනවත් අදහසක්.මමත් අමාරුවෙන් හරි සිOහලෙන් කොටන්න ගත්ත.අපි සමහර වෙලාවට ලියන්නෙ ලොකු කමට නොවෙයි,අපේ ජාතික කම්මෑලි කමට.

    හොද ලිපියක්.ස්තුතියි.

    ReplyDelete
  10. තව එකක්. කවුරු හරි, කොහොමද ඔයලා මේ පිටු ගනන් සිOහල මෙච්චර ලෙසියෙන් ලියන්නෙ කියලා, පාඩමක් කලොත් නියමයි, අපි වාගෙ හුදී ජනයාට දෑන ගන්න.

    english වලින් ලියන එක ලෙසියි කිව්වහම, අහන්නෙ, ඈයි uni-code නෑද්ද? සිOහල key-boards ලාබයිනෙ දෑන්, ඔO ඔය වගෙ ඒවා, මිසක් ලේසියෙන් ලියන විදිහ නෙවෙයි.

    ReplyDelete
  11. මට නම් මතක අර සිද්ධාලේප සින්දුව තමයි. "කැක්කුම් ඔක්කොම නස්නා ලේපේ" සහ ලංකා බැංකුවේ ගීතය "ලංකා බැංකුවයි මේ ඔබේ"
    මේ දෙකම මම රේඩියොවෙන් අහපු ඒවා

    ReplyDelete
  12. @ මුචලින්ද !

    මට නම් සැකයි රූපවාහිනියෙ වත් ඔය ඇඩ් එකේ රෙකෝඩ් එකක් ටියෙයි කියලා . . . . මට තියෙන දුක ඒකත් කාලයේ වැලිතලාවේ . . . සැඟවී ගිහින් වත්දෝ කියලයි . . . !

    ReplyDelete
  13. @ නුවන්සි !

    හහ් හහ් හා . . නියම කමෙන්ට් එක නුවන්සි . . . මගේ බඩකොර වෙලා මේක බලල හිනාවෙලාම . . . . !

    ReplyDelete
  14. @ Palitha !

    අහ් ඒ දෙකම මමත් අහල තියෙනවා . . .

    "ලංකා බැංකුවයි මේ ඔබේ. . .
    වාසනා නිධානයි ජාතියේ . . .
    ලක් දනන්ගේ පින් බෙලෙන් පහලවූ . . .
    කප් රුකයි . . .
    සිත්මිණයි . . .
    සුරභිදේනුවයි . . .
    ජාතියේ මහා දායාදයයි . . ."

    ඉස්සර ගුවන් විදුලියේ ආරාධනා ගී දැහැන කලේ . . ලංකා බැංකුවේ අනුග්‍රහයෙන් . . .

    මට තාම මතකයි . . . !

    ReplyDelete
  15. @ LazyOwl !

    ස්තූතියි අගය කිරීම ගැන. . .

    පිටු ගනන් සිංහලෙන් ලියන්නේ උඹ ඔය ලිව්ව විදිහටම තමා . . .
    මුලින් "මොන කරදරයක්ද දෙයියනේ . . . " කියල හිතුනත් . . . පස්සෙ පස්සෙ හුරු වුනාම. . . "අයියෝ . . . මේකත් මහ කජ්ජක්ද " කියල හිතෙනවා . . .

    ReplyDelete
  16. ඉස්සර මගෙ යාලුවෙක්ගෙ තාත්තා වෑඩ කලේ වේටෙක්ස් ආයතනයේ.ඉතින් මමත් කීප වතාවක්ම ඔහුත් එක්ක එතෙන්ට ගිහින් තියෙනවා.ඔය දෑන්වීමත් ලාවට වගේ මතකයි.කලු සුදු රූපවාහිනියෙන් බෑලුවා අපේ.මේ දුකාට හොද මතකයක් තියෙන්වානෙ.ඔය ලංකා බෑන්කු තේමා ගීතයත් ගිය සතියෙ මොකක් හරි දේකට අපෙ යාලුවො සෙට් එක මතක් කරලා දෙවෙනි කොටසත් කියල ඉතුරු ටික මතක නෑතුව නෑවෑත්තුවා.

    ReplyDelete
  17. @ NUWAN"s lane !

    මගේ කරුමේ කියන්නේ ඉගෙනීමට සම්බන්ධ දේවල් මෙලෝ දෙයක් මගේ මතකයේ රඳෙන්නේ නෑ . . . ඕන නැති කසල ගොඩවල් නම් හැම මගුලම වගේ මතකයි . . . විශේෂම දේ . . . ගීත. . . මම හිතන්නේ මට සෑහෙන ගීත ප්‍රමානයක් කටපාඩම් . . . !

    ReplyDelete
  18. චන්දිමAugust 9, 2009 at 5:05 PM

    දුකා අයිය මේ ලිපියෙන් අපිව වෙනම පැත්තකට ගෙනිහිල්ල.................... මටත් මතකයි ඔය Add එක. මගේ මතකය හරිනම් ඒ 1982 හෝ 1983. රූපවාහිනිය පටන් ගත්ත අලුත. මට වයස 3ක් හෝ 4ක් ඇති. අර කිව්ව වගේ පුංචි රාගික හැගීමක් හා ටී.එම් මහත්තයගෙ හඩ මේක හිතේ කොනක රැදිල තියෙන්න හේතු වුනත්, දුකාගෙ මේ ලිපිය නොවන්නට ඒ මතකය යලි අවදි නොවන්නට ඉඩ තිබුන........නුඹට තුති.

    ReplyDelete
  19. @ චන්දිම !

    අහ් . . . එක විදිහටම රසවිඳපු අය තවත් ඉනන්වා වගේ . . . හික්ස් . . . බලාගෙන ගියාම මම විතරක් නෙමෙයි නේද නරක . . . හෙ හෙ හේ . . .

    ReplyDelete
  20. කාලයත් එක්ක ඔක්කොම වෙනස් වෙනවා....ඒත් නියම නිර්මාණ හැමදාම හිතේ තියනවා...ඒක තමා නියම නිර්මාණ හා නිර්මාණ අතර වෙනස...

    ReplyDelete
  21. @ panhida !

    ඔබේ කතාව සම්පූර්න ඇත්ත . . . හොඳ දේ කොපමන කල් ගියත් . . . යලි මතකයට වත් එනවා . . . !

    ReplyDelete
  22. @දුකා,
    ජුවලරි අැඩ් ඒෙක් පද නම් මතක නෑ දැන්. මතක විදියව 'ෙවා්x ජුවලර්ස්' කියල කීප වතාවක් කියනව සිංදුෙව අන්තිමට. කට්ටිය ෙසට් වුනාම ෙම්ක වැඩිහරියක් කිව්ෙව සිංදුවක් ෙවනුවට ෙපාඩි interlude ඒකක් විදියට.

    ReplyDelete
  23. මං ඉතිං තාම පොඩි එකා‍ ඉන්දා ඕවා දන්නේ නෑ.. ලංකා බැංකුවයි එක නම් අහලා තියනවා..

    ReplyDelete
  24. @ The Chinthaka !

    ලාවට මතකයක් තියෙනවා වගේ දැනෙනවා . . . ඒත් හරියටම ඩෙටෙක්ට් කරන්නේ නෑ . . . හික්

    ReplyDelete
  25. @ malee_msg !

    බලමු ඉතිං . . . බැරිවෙලාවත් නැවත විවෘර්ත කලොත් . . . ඇඩ් එකේ කොපියක් රූපවානිහිනියේ . . තිබුනොත් . . .මේ ඇඩ් එක අපි හැමෝටම යලිත් වරක් රසවිඳින්න ලැබේවි . . .

    ReplyDelete
  26. මටත් මතකයි සීන් එන. මම මුලටම ට්‍රයි කල කෙල්ල විදියට තෝර ගත්තු කෙල්ල ගැන මට හිතක් ආවේ ඔය දැන්වීමෙ විදියට රෙද්දයි හැට්ටෙයි ඇදල හිටපු වෙලාවක!

    ReplyDelete
  27. @ මිගාර !

    මට නම් මචං . . . ඇත්තම කියනවනම් . . . මූනු ටික නම් මතකම නෑ . . . කහපාට . . . බන්ඩි ගෙඩි ටිකයි . . . සෝස පාට . . . කකුල් ටිකයි තමයි මතක . . . කැත හිත තමයි ඉතිං . . මොනා කරන්නද . . . ?

    ReplyDelete
  28. ඕක මම නම් අහල නෑ......... ඒ උනත් දැන් නම් ඒක ඔයා ලියල තියන විදියෙන් රස වින්දා, ඒ උනත් බලාගෙන අර ඉ+ රාජ් ද කාරයටද අහු උනොත් ඕකත් කයි............

    ReplyDelete
  29. ඔයාගෙ මේ post එක නිසා බොහෝම සුන්දර මතකයක් අවදි වුණේ....මේකෙ ඒ ගෑනු ළමයින් ගෙ මූණු පෙන්නන්නෙ බොහොම යන්තමින්....විශාකා සිරිවර්ධන ගෙ මූණ වගේ මූණක් යන්තම් මතකයි...ගිනි මැළයක් ළඟ ඉඳගෙන ගෑනු ළමයෙක් රබානක් ගහනවා මතකයි...තව පාද ජාලා දාපු ලස්සන දෙපයක් හෙමිහිට තාලය අල්ලනවා..........ඇත්තටම හරිම සුන්දර වෙළඳ දැන්වීමක්......තව ඇඩ් එකක් තිබ්බා අපි ඉස්කෝලෙ නිවාඩු දෙන දවසෙ අනිවාර්යයෙන් කියන...ෆීනික්ස් ඇඩ් එක...(ඒක සින්දු අතර මැද commercial break එක හැටියට තමයි අපි දැම්මේ...!)..මේ ළඟදි ආයෙම ඒක අහන්න ලැබුණා...කෝච්චියෙ මල්ලිලා කට්ටියක් ඕක කිව්වා පුදුමෙකට වගෙ....

    'කතන්දර' කියපු කැන්ඩෝස් ඇඩ් එක මතක නැද්ද දුකා? අර හරිම ලස්සන ගෑනු ළමයෙක් කැන්ඩෝස් චොකලට් පැකට් එකක් පෙන්නලා කියන්නෙ "අවුරුදු කුමාරයගෙන්" කියලා..? (එයා ලා කොළපාට හැට්ටයක් ඇඳලා හිටපු බව හොඳට මතකයි....)

    ReplyDelete
  30. ෆීනික්ස් අගනා ප්ලාස්ටික් බඩු ගැන කතකරමු දැන්
    ............................
    ඉඳගැනීමටත් සවිමත් පුටු ඇත
    වට්ටන්නට පෙරළන්නට පුළුවනි
    නමුත් බිඳින්නට නොහැකියි
    අගය ලොකුයි මුදල පොඩියි
    ....................
    ...................


    ලස්සන සින්දුව. පද සේරම මතකෙට එන්නැහැ නෙව. අනේ දන්නවනම් කවුරුහරි ඔක්කොම ලියන්නකො. මේක හරිම ආශ්වාදයක් ගෙනාපු දැන්වීමක්.

    ReplyDelete
  31. ප්ලාස්ටික් බඩු ගැන කතා කරමු දැන්
    වට්ටන්නට පෙරලන්නට පුලුවන් නමුත් බිඳින්නට නොහැකියි
    කන්නට බොන්නට පිඟන් කෝප්පද ඉඳගැනීමටත් සවිමත් පුටු ඇත

    ෆීනික්ස්..

    බාල්දි බේසම් වතුර බඳුන් සහ කෑම බහාලන භාජන මනාව
    විසිරී යන කෙස් කලඹට ඔබගේ ලොකු පොඩි හැඩයෙන් පීරන පනාව
    ඇඳුම් එල්ලන්න කසල දමන්නත් අගය ලොකුයි මුදල පොඩියි
    ගේ දොර හැමතැන දසත පෙනෙන්නෙත් ෆීනික්ස් අගනා ප්ලාස්ටික් බඩුයි

    ReplyDelete
  32. අනේ මට මේ ඇඩ් එක මතක නැහැ නේ.
    හැබැයි මෙහෙම එකක් නම් මතකයි.

    "ශහ්..සනීපෙට රැවුල බෑවම තියෙන වෙනස...
    බික් රේසරේ ගැන දැන ගන්න ඉස්සෙල්ලා මටත් තිබුන මේ රැවුල බෑම ගැන විශාල ප්‍රශිනයක්..ඒ වුනාට සනීපෙට සිනිදුවට රැවුල බෑම දැන් මට සුලු දෙයක්...ඒවගේම වැඩිවාර ගාණක් පාවිච්චිකරන්නත් පුලුවන්.

    අනිත් එක බික් රේසරේ තලේ ආරක්ෂා කරන්න ප්ලාස්ටික් වැස්මකුත් තියෙනවා

    ReplyDelete
  33. මුවගේ . . .
    සිනහා සිරි දෙව්දුව බැබලෙනවා . . .
    දේදුනු පැහැය ඇගේ . . .
    මුදු බඳ වට දැවටෙනවා . . .

    though i m a girl......... i was also mesmerized by those 'ranwan depa'

    after loooooooooong time i was still singing this part............

    thank u for posting the whole song.......!!!!

    ReplyDelete
  34. අහම්බෙන් බස් එකේ ඇඩ් එක දැකලයි ආවේ. ඇත්තටම ඒ කාලේ ඇඩ් එකක් උනත් මතක හිටින්න කරනවා.
    ***ජුවලර්ස් එකනම් මතක විධියට
    මංගල මුදු මාල වලලු රන් අබරන ලබාගන්න...
    විශ්වාසයි කල් පවතියි වගකීමට බැඳී තිබේ..
    සිත පිනවන රූ වඩවන අලංකාර.?????
    ඔබත් ගන්න මනාලියනි ඔබෙ මංගල මුදුව ගන්න..
    **** ජුවලර්ස්..

    මේක මතකද?
    හිරු කිරණ ගලන හිමිදිරියේ ***ප්‍රේ ගෙන එන දවස සුභයි..
    නැවුම් යොදය පිරි **ප්‍රේ ඔබ ජය මාවත සලසයි...
    සුරතල් පුතු මා ඔබ පැතුමයි සුරකිමි ඔබ සදා..
    **ප්‍රේ මා පුතු පුබුදු කලා මුළු ලොව ජයගන්නේ ඔබයි...

    ReplyDelete
  35. @ප්‍රියා!
    සිත පිනවන රූ වඩවන අලංකාර මෝස්තරත්

    ReplyDelete
  36. kandos ඇඩ් එක - ලෝකේ අරුමයක් දෝ පියාපත් ඇවිත් දෝ රස ගඟුලක පාවී .....
    ඒ වගේම ඔරෙක්ස් රෙනොල්ඩ්ස් පෑන් ඇඩ්ස් මතකද

    උපුල් සමන්ත

    ReplyDelete
  37. මාමේ අන්දරේ මොනවද ඔය පැදුරේ ?
    මේවා තමා ඩොට් කියන්නෙ
    හරි පැනි රස ටොපී
    ඩොට් කියලා අලුත් ජාතියක් ...
    පුතේ දුවේ මේ අහන්න
    පැනි රස ගැන කියාදෙන්න…
    මටත් වඩා ජගතෙක් නෑ
    ඩොට් ටොපියේ රස දැනුනම සීනි කෑවා සිහිවෙනවා..

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails