
මේ තවත් සිත් ගත් යුග ගී කීපයක් . . . .!
කන්ද උඩරට කුළ කාන්තාවන්ගේ ආඩම්බරයත් . . . වෙනත් පෙදෙසකින් දළදා සමිඳුන් වැඳ පුදා ගැන්මට සපැමිනි තරුනයන්ගේ ඇලුම් බැලුම් වලට එය විඳින්නට යටිසිතේ ඇති පෙළඹවීම මැඩගෙන . . . කෝල ලෙස ප්‍රතිචාර දැක්වීමත් ගැන කියවෙන මේ ගීතය . . . ඔබ මෝහනය පත්කරනවාට කිසිදු සැකයක් නෑ . . .
(ගීතය ගායනා කරන්නේ . . ප්‍රියා සූරියසේන මහතාත් . . . නිරංජලා සරෝජිනී මහත්මියත් විසින් . . . )
ගෙල වට බැන්දා වූ මුතු පොටේ . . .
ගෙල වට බැන්දා වූ මුතු පොටේ . . .
දිස්නෙට මුහුනේහි ඔප වැටේ . . .
ඔසරි නෙරියට . . . නලල් තිලකෙට . . .
බැන්ද සිතු පෙම් ආනන්ද වේ . . .
කෝකිල සංදේශ කවි පොතේ . . .
ඔය වැනි උපමාද තව ඇතේ . . . .
රුවැති ළඳකට . . . තනිව මඟ තොට . . .
යන්න නිදහස දැන් නෑ වගේ . . .
කාගේ කවුරුද . . ඉන්නේ කොතැනද . . .
නෑ අපි හඳුනන්නේ . . .
ආගන්තුක අපි . . . ආවම කඳුරට . . .
නැතුවද පිලිගන්නේ . . . .
කෝකිල සංදේශ කවි පොතේ . . .
සෙන්කඩගල පුර පෝදා සඳ මෙනි . . .
මේ මුතු මැනිකේලා . . .
දළදා සමිඳුන් වැඩ සිටිනා බිම . . .
නෑ සුභ නෑ ඕවා . . . .
ගෙල වට බැන්දා වූ මුතු පොටේ . . .
ප්‍රේමයෙන් පරාජිතව හඬන සුපෙම්වත් හදකට . . . පිහිට විය යුතුයි යන . . . අනුකම්පාව තුලින් උපන් ආදරයකින් . . . කරනු ලබන . . ප්‍රේමාරාධනාවක් . . .
(ගීතය ගායනා කරන්නේ . . අබේවර්ධන බාලසූරිය මහතාත් . . . නිරංජලා සරෝජිනී මහත්මියත් විසින් . . . )
බඹරෙකු හැඬුවා . . . .
බඹරෙකු හැඬුවා . . . .
මලක් ලඟදි
බඹරෙකු හැඬුවා . . .
හැඬුවා . . . . . . . .
මලක් ලඟදි බඹරෙකු හැඬුවා . . .
ළන්ද එහා ඇති ඕවිට පාමුල . . .
කේතකි මල මට බහ දුන්නා . . . .
කවුදෝ ඇවිදින් එ මල නෙලූ බව . . .
ඉකිබිඳිමින් බඹරිඳු කීවා. . . .
ඇහේ කඳුලු නොව . . . .
හිතේ කඳුලු දැක . . . .
මලටත් හරියට . . . දුක හිතුනා . . . .
එහෙනම් මා වෙත පියඹා එන්නැයි . . . .
සෙනෙහෙ සිතින් ඒ මල කීවා . . . .
බඹරෙකු හැඬුවා . . . .
සුන්දර වූ ප්‍රේමයේ වෙලී ඇත්තෝ . . . උනුන්ගේ ලෝකයේ . . . තමන් හැර අන් අය මේ ලොව සිටීදැයි . . . නොසිතෙන තරමින් . . . පෙම්සුව විඳින්නට කැමැත්තෝය . . . ඔවුන්ගේ ලොව ඔවුන්ගේ පමනක්මය . . . . ඔබට මට එහි ඉඩ කඩක් නැත්තේමය . . . අසන්න මේ නින්නාද දෙන්නේ . . එවන් අසිරිමත් වූ ප්‍රේමයක . . . ප්රතිරාව නොවේද . . .
(ගීත ගායනය ග්‍රේෂන් ආනන්ද මහතා සහ නිරංජලා සරෝජනී මහත්මිය . . )
හිම කඳු යහනේ . . . යහනේ . . .
හිම කඳු යහනේ . . . යහනේ . . .
වළා සඳැල්ලේ . . . .
සදා හරිත තුරු සෙවනැල්ලේ . . .
මොහොතක් සැඟවෙමු ලොවෙන් මුවා වී . . .
අපේ සිහින උයනේ . . .
මොහොතක් සැඟවෙමු ලොවෙන් මුවා වී . . .
අපේ සිහින උයනේ . . .
හිම කඳු යහනේ . . . යහනේ . . .
දෙසිතක බැඳි රැකවල් ගිලිහී යයි . . .
තනිවූ සිත් අද නොතනි වෙලා . . . //
ඒ හසරැල් විල මා සිත පිබිදී . .
ඔබට පිදෙන්නට මලක් වෙලා . . . .
කඳුලක් නැඟි මොහොතක ඔබ නෙතඟින් . . .
ලංවෙමි සිටියද කොතැන ලොවේ . . . //
හිනැහෙමි එසඳෙහි කඳුලු මුදාහැර . . .
ඔබගේ උනුසුම් ළය මඬලේ . . .
හිම කඳු යහනේ . . . යහනේ . . .
ඔබ මාත් සමඟින් හිඳී නම් . . . කානතාරයේ පිපුනු මලක් මෙන් ඔබේ දසුන මහද අලෝකමත් නොකරාවිද . . . . . ?
ලෝකයට බියෙන් සැඟවී පලා ගොස් සිටි මගේ ජීවිත සිරගෙය බිඳ දැමූ ඔබට හැර . . . . මා වෙන කාට නම් සුදුසු වෙත්ද . . . ?
(එම්.එස්. ප්‍රනාන්දු මහතා සමඟ සුජාතා අත්තනායක ?? මහත්මිය )
ඔබගේ රුව මාගේ මයි . . .
ඔබගේ රුව මාගේ මයි . . .
සතුටේ මල් පීදේමයි . . .
පෙරමඟ මුතු පෑදේමයි . . .
හෝ හෝ හෝ
කිරි පැනි සේ පෑහේමයි . . .
ඔබගේ ලොව මාගේමයි . . .
කතරේ මල් පීදේමයි . . .
නොවිඳපු සුව සෑදේමයි
හෝ . .හෝ .. හෝ
රන් රස සේ පෑහේමයි . . .
සංසාරේ . . .
කෙම් බිම් සොයා සොයා
සිතූ පැතූ දේ . . .
තිරසර වුනා . .
සංසාරේ . . .
පෙම් පැනි පොවා පොවා . . .
සිතේ හොවාලා අපි ලං වෙලා . . .
සීතල හිම ලංවේවී . . .
උනුසුම මට ඕනෑ වේ . . .
පෙම් සිලිලාරේ මා මත් වුනා . . . .
පෙම් සීනේ
ලොව දැන ගනී කියා
බියේ සැකේ මා . . .
හද ගොලු වෙලා . . .
සංතෝසේ
උන්නෙමි ඔයා නිසා දිවා රැයේ මා . . .
උමතුව ගියා. . .
සිරගෙය බින්දේ ඔබයි . . .
මා සිත දන්නේ ඔබයි . . .
පෙම් සිලිලාරේ මා මත් වුනා. .. .
ඔබගේ රුව මාගේ මයි . . .
තාරුන්‍යයේ නෙත් සර පහරකින් කිතිකැවුනු මහදේ සොඳුරු ගීතිකාව මා ඔහුට කෙසේ පවසන්නද . . . අනේ මටම අවනත කරගනු නොහුනු මගේ දිව . . . කිම මේ මගේ හදේ දොරගුලු වසා දමන්න සැරසෙන්නේ . . . !
(මිල්ටන් මල්ලවාරච්චි මහතා සමඟින් ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය )
සමනළ රෑනක් සේ . . .
සමනළ රෑනක් සේ . . .
අනන්ත හැඟුම් මැවේ . . .
කෙසේ දෝ කියන්නේ . . .
මගෙ දිව දෙතොල් අතර සැන්ඟේ . . .
පොදි වුනු සිතුවිලි අවදි වෙවී
සිත තෙරපෙයි නතර නොවී . . .
ළා දලුවක් මෙන් මහද සැලෙයි
නෙත් යුග එක රුවක වෙලෙයි . . .
සමනළ රෑනක් සේ . . . .
දේදුනු දහසක් සේ
ප්‍රසන්න දසුන් පෙනේ . .
රිදී මල් සිනා පා . . .
සීගිරි ළඳක් පිබිද ලංවේ . . .
සිහිවෙන පන නළ රැඳෙන තුරු . . .
එය දවසකි පෙරුම් පිරූ . ..
ඔබේ වත සඳ වත ලෙසින් සොමි . .
මම දින දින පතන්නෙමී . . .
දේදුනු දහසක් සේ . . ..
කෙසේ දෝ කියන්නේ . . .
මගෙ දිව දෙතොල් අතර සැන්ඟේ . . .
රිදී මල් සිනා පා . . .
සීගිරි ළඳක් පිබිද ලංවේ . . .