Friday, July 3, 2009

ගායකයෙකු හෝ ගායිකාවකගේ අගය / වටිනාකම මැනිය හැක්කේ ඔහු / ඇය අය කරන ගාස්තුවට අනුවද . ? ? ? . .




ළගදි දිනෙක මිතුරන් පිරිසක් සමග සතුටු සාමීචියේ යෙදෙමින් සිටිනා මොහොතක “ගීතය සහ ගායකයෝ” කියන මාතෘකාවට අප ඇදී ආවා. . . එහිදී අප අතර ඇතිවූ කතාබහ . . ඇතිවූ වාද විවාද . . මේ සටහන තැබීමට මූලාශ්‍රය සැපයූවා. . .

ලංකාව කෙතරම් කුඩා රටක්ද…?

නමුත් මේ රට තරම් ස්වභාව සෞන්ධර්යෙන් අනූන . . . විවිධාකාර සම්පත් වලින් සපිරුනු . . . රටක් . . වෙන කොහේ වත් ඇත්දැයි සිතෙන තරමට එය සකලාංගයෙන් පරිපූර්නයි කියා මට හිතෙනවා. . . . .(ලිදේ ගෙම්බාට ලිදට වඩා ලොකු දෙයක් නැතයි සිතනවාට වඩා යමක් මගේ පරිකල්පනයේ අතැයි ඔබ වටහා ගනු ඇතැයි මම සිතනවා. . )

මගේ පුද්ගලික හැගීම නම් අපිට අඩු (මතක තබා ගන්න නැති නෙමෙයි අඩු ) ජාති දෙකයි තියෙන්නෙ කියලයි මට හිතෙන්නෙ . . .

එකක් ජාති හිතෛශී . . දේශ හිතෛශී . . උගත් . . දේශපාකයින් . . (පිලිප් ගුනවර්ධන . . ඩී එස් සේනානායක . . සිරිමා බන්ඩාරනාඅයක . . ආර්. ප්‍රේමදාස . . වැනි අය සිටි නිසා එවනි අය අපේ රටේ නැතැයි කියන්න බැරි බවයි මගේ හැගීම නම් )

අනිත් කොටස දක්ශ පරිපූර්න නලු නිළියන්ගේ අඩු කම. . . (වසන්ති චතුරානි . . ගාමිනී ෆොන්සේකා. . අයිරාංගනී සේරසිංහ . . විජය කුමරතුංග. . . කමල් අද්දර ආරච්චි . . වැනි හා තවත් සීමිත කොටසක් නිසා නැතැයි කීමට බැරි බවක් සිතේ. . . )

නමුත් ගායන අංශය ගැන සලකා බැලුවොත් . . . අපේ රට මෙන් 60 ගුනයකටත් වඩා විශාල වූ ඉන්දියාවේ වත් නැතිතරම් වූ ගායක ගායිකා සංඛ්‍යාවක් අපේ රටේ ඇතිබව මගේ හැගීමයි . . . (ඉන්දියානු ගායක ගායිකාවන්ගෙන් අපි නම් අසා ඇත්තේ සුලු ප්‍රමානයක්ද විය හැකියි )

මගේ වර්ගීකරනයේ හැටියට නම් පහල ආකාරයට ගායක ගායිකාවන් වෙන් කල හැකියි කියා තමයි මට සිතෙන්නේ . . .

ප්‍රවීන ගායක ගායිකාවන් ලෙස ඩබ්. ඩී. අමරදෙව, වික්ටර් රත්නායක, නන්දා මාලනී, සුනිල් එදිරිසිංහ, ගුණදස කපුගේ, අමරසිරි පීරිස්, සෝමතිලක ජයමහ, ටී. එම්. ජයරත්න, මර්වින් පෙරේරා, සනත් නන්දසිරි, දයාරත්න රණතුංග, නීලා වික්‍රමසිංහ, අමරා රණතුංග, අබේවර්ධන බාලසූරිය, ග්‍රේෂන් ආනන්ද, මාලනී බුලත්සිංහල, සුජාතා අත්තනායක . . . වැනි අය වැජඹෙද්දී . . .


දෙවන පෙල ප්‍රවීන ගායක ගායිකාවන් ලෙස එඩ්වඩ් ජයකොඩි, ප්‍රියා සූරියසේන, ලක්ශ්මන් විජේසේකර, කරැණාරත්න දිවුල්ගනේ, දීපිකා ප්‍රියදර්ශනී, ජගත් වික්‍රමසිංහ, නිරෝෂා විරාජිනී, නිරංජලා සරෝජනී, ප්‍රදීපා ධර්මදාස, ජානක වික්‍රමසිංහ, ඉන්ද්‍රානි විජෙබන්ඩාර, බන්දුල විජේවීර, සිසිර සේනාරත්න, නිර්මලා රණතුංග, රෝහන බෝගොඩ, අතුල – සමිතා, උරේශා රවිහාරි, චම්පා කල්හාරි, අසංක ප්‍රියමන්ත, වේරලිද්ද, ක්‍රිශාන්ත එරන්දක, දම්මිකා වල්පොල, නෙලූ අධිකාරී . . වැනි අය ඔවුන්ට අත්වැල් සපයනවා . . . බොහෝදුරට ඔවුන් දැනටමත් ප්‍රවීනයන් හා සම තත්වයට පත්වී ඇති බවට සැකයක් කොහෙත්ම නැහැ. . .

තව දුරටත් සුවිෂේශී දක්ශකම් රැගත් ගායක ගායිකා පිරිසක් ලෙස එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල, ඇන්ජලීන් ගුණතිලක, හරූන් ලන්ත්‍රා, මිල්ටන් මල්ලවාරච්චි, චන්ද්‍රලේඛා පෙරේරා, කසුන් කල්හාර, විජය කුමාරතුංග, මොහිදීන් බෙග්, ක්ලැරන්ස් විජෙවර්ධන, රූකාන්ත ගුණතිකල වැනි අය කැපී පෙනෙනවා. . .

තවත් සමහර ගායක ගායිකා පිරිසක් දිගු කාල පරාසයක් තුල ගීත සුලු ප්‍රමානයක් ගායනා කර අපගේ හදවත් තුල සදා රැදී සිටිනවා . . , රෝහන සිරිවර්දන . . මල්කාන්ති නන්දසිරි ශ්‍රීමතී තිලකරත්න, ලක්ශ්මන් රොඩ්‍රිගු, චන්ද්‍රිකා සිරිවර්ධන, ෂෙල්ටන් පෙරේරා, රූපා ඉන්දුමතී, සුනිලා අබේසේකර, විජේරත්න වරකාගොඩ . . ඉන්ද්‍රානි බෝගොඩ, ජාලිය රණතුංග වැනි අය මේ පිරිසට අයත් වෙනවා. . .

පැරනී ගී ගායනා කල තවත් සමහර ගායක ගායිකා පිරිසක් අපේ මතකයේ රැදී තිබෙනවා . . . සී ටී ප්‍රනාන්දු, නාරද දිසාසේකර, රුක්මනී දේවී, චිත්‍රා සෝමපාල, පී එල් ඒ සෝමපාල, ආනන්ද සමරකෝන්, අයිවෝ ඩෙනිස්, සුනිල් ශාන්ත, දේවානන්ද වෛද්‍යසේකර, ධර්මදාස වල්පොල, ජේ ඒ මිල්ටන් පෙරේරා වැනි අය මේ කොටසට අයත් වෙනවා. . .

ජනගායනා අංශයෙන් ගත්තොත් රෝහන බැද්දගේ, අමිතා වැදිසිංහ, ලයනල් රන්වල, සහන් රන්වල වැනි අය සිටිනවා. . .

පෘතුගීසී අභාශයෙන් අපට ලැබුනු බයිලා ගීත ගැන සලකා බැලීමේදී එම් එස් ප්‍රනන්දු, ක්‍රිස්ටෝපර් පෝල්, නිහාල් නෙල්සන්, ඩෙස්මන් සිල්වා, ප්‍රෙඩී සිල්වා, ඇන්ටන් ජෝන්ස්, රූපා ඉන්දුමතී, මැක්සල් මෙන්ඩිස් වැනි ගායක ගායිකා පිරිසක් එහි හිස්තැන් පිරවීමට සිටිනවා. . .

කැලිප්සෝ ශෛලියේ ගී රස අපට ලබා දීමට ඇනස්ලි මාලේවන, ඉන්ද්‍රානි පෙරේරා, ලලිත් පොන්නම්පෙරුම, අනිල් භාරතී, ධර්මරත්න සහෝදරයෝ, ජිප්සීස්, කීර්ති පැස්කුවල් වැනි අය සැදී පැහැදී සිටිනවා. .

අනුලා බුලත්සිංහල, ලූශන් බුලත්සිංහල, රොඩ්නි වර්ණකුල, නිශ්ශංක දිද්දෙනිය, මැනිකේ අත්තනායක, ඇන්ටන් ජූඩ් වැනි ගායක ගායිකා පිරිසක් වේදිකා නාට්‍ය ගීත සදහාම සුවිෂේශී ප්‍රතිභාවන් පෙන්නුම් කරනවා. ..

පියාගේ අඩිපාරේ යමින් ගායන ලොවට එක්වූ පිරිසක්ද මේ අතර සිටිනවා . . . අමල් පෙරේරා, ප්‍රියන්ත ප්‍රනන්දු, අමිත් වල්පොල, සතිෂ් පෙරේරා, අනුරාධා පෙරේරා, ධම්මිකා වල්පොල, ටී එම් ජයරත්නගේ කපුගේ ගේ පුතුන් වැනි අය පියාගේ නාමය පමනක් නොව තමාගේද දක්ශකම් නිසා ගායනා ලොවට පාතැබූ බව අපට පසක් කරදී තිබෙනවා . .

නව පරපුරේ ගායක ගායිකා වන් ලෙස රොමේෂ් සුගතපාල, භාතිය - සංතුශ්, වරදත්ත අරවින්ද, රොෂාන් ප්‍රනාන්දු, ඉරාජ්, රනිදු, ටීශා, සුරනි, සෙන්ටිග්‍රේඩ් බී පොසිටිව්, සිස්ත් ලේන් වැනි අය අද දවසේ රූපවාහිනියේ එෆ් එම් නාලිකාවල නිතර රැව් දෙනවා. . .

ඒවා ඔක්කෝම අතුරු කතා . . දැන් අපි මූලික කතාවට ගියොත් . . ගායකයෙක් හෝ ගායිකාවකුගේ අගය මැනීමේදී කෙසේ එය කල යුතුදැයි විවාදයට ගැනුනා . . .

අපි අතර සිටි සමහරුන් විසින් . . ඔවුන් (ගායක ගායිකාවන්) ගීත ගායනා කිරීමට අය කරනු ලබන මුදල් ප්‍රමානය අනුව ඔවුන්ගේ අගය මැනිය හැකි යැයි යයි පවසුවා. .
සමහරුන්ගේ මතය වුනේ ඔවුන්ගේ ගීත කෙතරම් වාරයක් එෆ් එම් නාලිකා වල රූපවාහිනී නාලිකා වල විකාශනය වනවාද යන්න මත ඔවුන්ගේ අගය මැනිය හකි බවයි . . (ඔවුන් දෙපිරිසම උදාහරනයට ගත්තේ භාතිය සන්තුශ් සහ සුපර් ස්ටාර් ගායක ගායිකාවන්)

මා සහ මගේ හිතවත්ම මිතුරු පිරිස මීට හාත්පසින්ම විරැද්ධ මතයක ප්‍රකාශ කලා .. අපගේ අදහස උනේ ගායකයෙකු හෝ ගායිකාවක් ගායනා කල ගීතයක් හෝ ගීත කීපයක් අපගේ සිත්වල රැදීතිබේනම් හෝ නානකාමරයේදී අපගේ මුවින් ඔවුන්ගේ ගීයක් ගැයේනම් (මෙය අසුවල් ගායකයාගේ ගීතයකයි කියා) අන්න එවැනි අයයි නියම ගායක ගායිකාවන් කියන එකයි අපගේ අදහස උනේ . . .

කෙටියෙන් කීවොත් ගායකයෙකු හෝ ගායිකාවක් මැනීමේ එකම අංගය ලෙස අප පවසා සිටියේ ඔවුන්ගේ ගීත ඔවුන්ගේ නමත් සමගින් අපගේ මතකයේ රැදී තිබේ නම් පමනක් ඔවුන් නියම ගායක ගායිකාවන් ලෙස මැනිය හැකියි කියායි . . .


මේ ගැන ඔබේ අදහස මොකද්ද??

නියම ගායක/ගායිකාවකැයි කියනනේ නිතර රූපවහිනියේ ගී ගයන අයද . . ?

එෆ් එම් නාලිකා වල දවස පුරා මොර දෙන අයද ???

ලස්සන විෂුවල් සමග ගී ඉදිරි පත් කරන (නමුත් ගීතයේ එක වචනයක් වත් තෙරුම් ගන්න බැරි ) අයද??

ප්‍රවීනයන්ගේ ගී ගයා සුපර් ස්ටාර් වී ප්‍රවීනයා ගීත ගයන්න රු. 5,000 ක් ඉල්ලත්දී රු. 50,000ට ඔහුගේ ගී ගයන සුපර් ස්ටාර්ද නියම ගායක/ගායිකාව ???

15 comments:

  1. අය කරන මුදලෙන් නම් කොහෙත්ම මනින්න බෑ.
    ටික කාලයකට ඉහතදී ලංකාවේ වැඩිම ගණනක් අය කරන ගායකයා ව සිටියේ දමිත් අසංක. බස්රථ වලදී අපට බලෙන් අස්සවන ඔහුගේ ගීත අසා මට සිතුනේ මේ මිනිසාට එතරම් ගණනක් අය කරගැනීමට තරම් පෙන්වීමට ඇති ප්‍රතිභාව මොකක්ද කියලයි. අඩු ගනනේ ඔහු කොපි කල චාමර වීරසිංහට තරම් වත් හොඳ ගායන හැකියාවක් ඔහුට නැහැ.
    ඉතින් අර මිනුම් දණ්ඩ නුසුදුසු බවට මේ එක් උදාහරණයක් පමණයි.

    චාමර ගැන කියැවුනු නිසා මේ ටිකත් සටහන් කරන්න හිතෙනවා. චාමර ඇත්තටම හොඳ කටහඬක් තියෙන ගායකයෙක්. නමුත් වරද ඔහු ඉපදුනු අඩවිය. (ඉන් අදහස් කරන්නේ ඔහුගේ ගම් පලාත නොවේ.) ඔහු කණ්ඩායම් සංගීතයට එක් නොවී පිලිවෙලකට ගායනය හදාරා සිටියානම් ඔහු අද අංක එකේ තරුණ ගායකයා වනු ඇති. හොඳ සංගීතයකට හොඳ ගීතයක් ගයන්න ඔහුට අවස්ථාව නොලැබෙන්නේ ඔහු ගිය පාර වැරදි නිසයි.

    ReplyDelete
  2. සමහර ගායකයෝ ඉන්නවා ඒ ගොල්ලන්ගේ සිංදුවක් එලියට දාල ඒක මිනිස්සු අතරින් ඉවත්වෙනකොට වෙන එකක් එලියට දාන. ඒ ගොල්ලන්ගේ නම දිගටම තියා ගන්න. නමුත් ඒ ගීත සදාකල් නෑ. නමුත් සමහර ගීතයන් සදාකාලිකයි...නැවත නැවත රස විදිය හැකියි. එම ගීත තමා නියම ගීත. එම නිර්මාණ සදාකල් පවතිනවා....

    ReplyDelete
  3. දිගු කාල පරාසයක් තුල ගීත සුලු ප්‍රමානයක් ගායනා කර අපගේ හදවත් තුල සදා රැදී සිටින කීප දෙනෙකුගේ නම් මට මග හැරිලා . . .

    "ආවාට තිබුනත් නිසසල සද මත එය හරි ප්‍රියන්කරයි . . ." ගීතය ගයන නිමල් ගුණසේකර

    අනිත් කෙනා තමයි "සෙනෙහස රන් සිංහාසන හදේ මැවෙනවා මතු සක්විති රජෙකු මගේ උකුලේ නිදනවා . . ." ගීතය ගායනා කරන ත්‍යාගා එන්. එඩ්වඩ්

    "ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි . . . බිදුනු දා පූජාව ප්‍රේමයේ ඔහුගේ ආගම වෛරයයි . . . " ගීතය ගායනා කරන යමුනා විනෝදිනී තව කෙනෙක් . . .

    "බිගු බමා බමා පෙති තලා තලා රොන් උරා උරා පැනයාවී . . .ඔබ මුලා වෙලා . . ." ගීතය ගායනා කරන දයාරත්න පෙරේරා. . . තවත් කෙනෙක් . . .

    ReplyDelete
  4. @ප්‍රවීන් ඉන්ද්‍රනාම

    මේ දෙදෙනා ගැනම මගේ අදහස් දක්වන්න විදිහක් නෑ මම දෙදෙනාගේම ගීත වැඩිය අසා නැති නිසා. . .

    ReplyDelete
  5. @panhida

    ඔබ කියන දේ ඇත්ත . . සදාකාලික ගීත ගයපු අය තමයි නියම ගායක ගායිකාවන් කියලයි මමත් කියන්නේ . . .

    ReplyDelete
  6. සංගීතය විවිධාකාරයි. එකිනෙකාගේ රසයන් වෙනස්.
    කේසේවෙතත් මගේ පෞද්ගලික හැඟීම අපට කවදාවත් අමතක නොවෙන ගීතයක් තියනවනම්, ඒ ගීය නිතර නිතර මතක් වෙනවනම් ඒ ගායකයයි වැදගත්.ඔය දැං කාලෙ ඉන්න අලුත් කට්ටියගෙන් වැඩි දෙනෙක්ටම හරියට පිච් එකට කියාගන්න බෑනෙ. සමහර සිංදුවල සංගීතය වුනත් අහගෙන ඉන්න හරිම අමාරුයි.

    ReplyDelete
  7. දුකාගෙ posts ඔක්කොම වගේ කියෙව්ව...ගොඩාක් සතුටුයි මේ තියෙන අදහස් වලට...මේකට comment එකක් දාන්න තරම් අදහසක් මට ආවෙ ගොඩක් ගීත වල ගැබ්වුණු අර්ථයන්ට මම පෙම් කරන නිසා වෙන්න ඇති...

    සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක් කියල අපි පුංචි කාලෙ ඉඳන් ම අහල තිබ්බ. ඔය විශ්ව භාෂාවෙන් අපිට කතා කරන්න හදන අයට තමයි අපි ගායක ගායිකාවො කියල කියන්නෙ. හැබයි ඇත්තටම වටින්නෙ ඔය භාෂාවෙන් අපේ හදවතටයි ඔළුවටයි කතා කරන අය මිසක් කකුල් දෙකට කතා කරන අය නෙවෙයි කියලයි මට නම් හිතෙන්නෙ. ඒ වටිනාකම කවදාවත් ම සල්ලි වලින් මනින්න බෑ.

    රැල්ලට එන ගීතත් ඒවයෙ ගායක ගායිකාවොත් ඊටත් වඩා ඉක්මනට ආපහු අමතක වෙනව. නමුත් කොහෙට හරි වෙල පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන විඳින්න පුළුවන් ගීතයක්, එහෙමත් නැත්නම් හිතට දැනුන හැඟීමකදි පුංචි හිනාවක් එක්ක එහෙමත් නැත්නම් කඳුළු පෙර පෙර මුමුණන්න පුලුවන් ගීතයක් ගයපු ගායකයෙක් හෝ ගායිකාවක් තමයි වැඩියෙන් ම වටින්නෙ.

    අනික් අයට කරන අසාධාරණයක් නෙවේ. මගෙ හිතට දැණුනු හැඟීම් එක්ක හැමදාමත් හිතේ රැඳෙන මෙන්න මේ ගීතයේ කොටස ලියා තබන්නම්. මේක තියෙන්නෙ අමරසිරි පීරිස් මහතාගෙ "ඇය යන්න ගියා මැකිලා" ගීතයෙ.
    "යළි කවදාවත් හමුනොවෙනා බව මඳ පවනත් හිස අත ගා කීවද
    අදහා ගන්නට නොහැකිය කිසිවිට ඇය යළි නො එතැයි ගිම්හානෙට පෙර"

    බලන්න මේ ගීතයෙ වචන ටිකට හරි, ගායකයා ඒක ගායනා කරන ශ්යිලියට හරි, ගේය පද රචකයට හරි වටිනාකමක් තක්සේරු කරන්න පුළුවන් ද කියල.....

    ReplyDelete
  8. @ පොලා !

    ස්තූත්යි ඔබගේ අදහස් දැක්වීම ගැන . . . ඒ වගේම සතුටුයි මම වගේම කඳුලු සලමින් හෝ සිනාපිරි හදින් ගීතවල උසස් පද රචනයටත් . . . සංගීතයටත් . . . පෙම් කරන තව කෙනෙක් දැන හඳුනා ගන්නට ලැබීමත් නිසා . . .

    ඔබේ අදහසස් වලට මම 100% එකඟයි . . .

    සංගීතය විශ්ව භාෂාවක් කියන දෙය මටත් ඇත්තෙන්ම දැනුනේ . . .රුසියන් පොල්කා සංගීතයත් . . . ඉන්දියානු (පකිස්තානු??) ගසල් සංගීතයත් . . . ඉන්ග්‍රීසි කන්ට්‍රි සංගීතයත් . . . රසවිදින්න ලැබුනු පසු තමයි . . .

    අමරසිරි පීරිස් මහතාගේ ගීත ගැන කියනවානම් මම වැඩියෙන්ම කැමති ඔහු මාලනී බුලත්සිංහල මහත්මිය සමඟ ගායනා කරන . . .නිලාර් එන් කාසිම් මහතා රචනා කල "විහඟ ගීතය නිහඬ ඇයි . . කියනු මැන කොඳුරා " ගීතයටත් . . . "ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ . . යමු යමු යමු අපි ඇවිද යමු ඒ දිගේ . . ." ගීතයටත් . . . දැන් මම පුදුම නොඉවසිල්ලකින් ඉන්නේ ඔබ කියූ ගීතය රසවිදින්න . . .

    http://www.infolanka.com/miyuru_gee/art/art.html වෙබ් අඩවියේ ගොඩාක් ගීත තියෙනවා . . .මම දැන් Real Player මෘදුකාංගය බානවා ඔබ කිවු ගීතය අහන්න . . .

    ස්තූත්යි අයෙත් පාරක් ඔබට . . .

    ReplyDelete
  9. @ දුකා

    ස්තූතියි ඔබට මේ link එක දුන්නට. මම ගොඩක් වෙලාවට ගීත අහන්නෙ www.slhits.com එකෙන්. නමුත් එහි තරමට sound quality නැති උනත් නැවත අහන්න ගොඩක් ආසාවෙන් හිටපු පරණ ගීත ගොඩක් මෙහි තියෙනව.

    ReplyDelete
  10. @ පොලා !
    අහන්න අහන්න පොලා අහලා හිතට වැදුනු ලස්සන ගීත ගැන මටත් හැමෝටමත් කියන්නකෝ . . .

    ReplyDelete
  11. T.M. ජයරත්නයන්ගේ පරණම සිංදු සොයාගන්න විදියක් තියෙනවද

    ReplyDelete
  12. @ BEAUTIFUL SRI LANKA !

    මියුරුගී වෙබ් සයිට් එකෙ නම් ගොඩක් ගීත තියෙනවා . . . !

    ReplyDelete
  13. @ “කල්පනා” !

    සියළු දෙනා තුලම සහජයෙන් පිහිටි වින්දන ශක්තියක් නොමැත්තේය යන්න පිලිගත නොහැක්කේය . . . ! වින්දන ශක්තිය ඇත නමුත් හොඳ නරක දෙක තෝරා ගැනීමේ ප්‍රශ්නයක් ඇති බව හැඟේ . . . !

    හොඳ නරක දෙකද සාපේක්ෂ හෙයින් . . . මට හොඳවූ දේ ඔබට හොඳ නොවිය හැක . . . එනයින් හොඳ නරක දෙවර්ගයේම නිර්මාන තිබිය යුතුය . . . ඔබට හොඳදේ තෝරාගැනීමට . . . නරක දේවලුත් තිබිය යුතුමය සංසන්දනය කිරීම සඳහා . . .

    යම් නිර්මානයක් උසස්ද පහත්ද . . . රසද නීරසද යන්න තම තමන්ට වර්හ කල හැක්කේ . . . තමන්ගේ රුචිකත්වයත් . . . වින්දන ශක්තියක් අනුවයි යන්නයි මගේ හැඟීම නම් . . . !

    ReplyDelete
  14. "කලා නිර්මාණයක අගය චන්දය විමසීමෙන් කල නොහැක්කකි..
    එය බහුජන මතයට අනුකූලව පවතින්නක් නොවේ."

    කල්පනාගේ මෙම අවසන් වැකි දෙක හා එකඟයි.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails