"මචං උඹලගේ බඩු නම් හරි ලස්සනයි. කොහෙන්ද ගෙන්නන්නේ චීනෙන්ද?"
"මොකක් චීනෙන්. . ?"
"අහ් වෙන රටකින්ද? චීනෙන් හරි වෙන රටකින් හරි ගෙනත් උඹලගේ නම ගහල විකුනන එකනේ කරන්නේ නේද?"
"පිස්සුද ඒවා ඔක්කෝම මගේ ගෙදර උන්දෑ නදීෂා ම ඩිසයින් කරලා එයාම හදන ඒවා"
"සිරාවට? එතකොට නදීෂා ඒවා හදන්න ඉගෙන ගත්තද?"
"ඔව් මගේ නැන්දම්මා සපත්තු හදන කෝස් එකක් ගැන විස්තරයක් දැකලා එයාට බල කරලා ඒ කෝස් එක කරන්න කියලා. ඉතිං එයා කෝස් එක කලා. ඒක ඉවර වෙලා තමයි මේ වැඩේට බැස්සේ."
"එතකොට සපත්තු හදන මැෂින් එහෙමත් උඹලා ගත්තද?"
"තාම නෑ බන්. කොහොමත් අපේ සපත්තු 100% හෑන්ඩ්මේඩ්. ගොඩක් අය චීනේ මැෂින් වලින් හැදිලා එන සපත්තු වලට වඩා Handmade ඒවට කැමතියි"
"මැෂින් මොකවත් නැතුව කොහොමද බන් එයා ඒවා හදන්නේ?"
"මහන්න එහෙම තියෙන ඒවට දැනට එයාගේ අම්මගේ සිංගර් මැෂිම යූස් කරනවා. ඒ ඇරුනාම සපත්තු මෝල්ඩ්ස් වලට අමතරව පෑනයි, කතුරයි, ටේප් එකයි, අඩි රූලයි, පේපර් කටර් එකයි, තලන යකඩෙයි, රබර් මිටියයි විතරයි"
"අඩේ නියමයිනේ. එතකොට උඹලගේ Shop එක දාලා තියෙන්නේ කොහේද? කොළඹද, නුවරද?"
"අපි Shop එකක් දාලා නෑ මචං. අපිට තියෙන්නේ ඔන්ලයින් Shop එකක්"
"මොකක්?? ඔන් ලයින් Shop එකක්!! ඒ කිව්වේ?"
"මෙහෙමයි නදීෂා හදන හැම සපත්තුවක්ම මුලින්ම එයාගේ කකුලේ ගානට හදලා, එයා ටික දවසක් දාලා බලලා කොම්ෆොටබල් නම් ඩිසයින් එක ගැන එයා හැපී නම් ෆොටෝස් අරගෙන අපේ ෆේස්බුක් පේජ් එකේයි වෙබ් සයිට් එකේයි දානවා. අපේ වෙබ් සයිට් එකයි ෆේස්බුක් ෆෑන් පේජ් එකයි තමයි අපේ ශොප් දෙක."
"ඒක හොඳයි මචං, කට්ට කාගෙන Shop ගානේ යන්න ඕන නෑ කොම්පුටරේ ඉස්සරහා ඉඳගත්තා, උඹලගේ වෙබ් සයිට් එක බැලුවා. ඕඩර් කලා. එත් එතකොට ඒ සපත්තු අපිට ලැබෙන්නේ කොහොමද?”
"අපි Courier කම්පනි දෙකක් එක්ක ගිවිසුම් ගහල තියෙන්නේ. එකක් ලංකාව ඇතුලේ ඕනෑම තැනකට ගෙනියන්න. අනික ලෝකේ ඕනෑම රටකට ගෙනියන්න"
"එතකොට ඒවායේ ගනං මිනුම්?"
"ලංකාවේ ඇතුලේ ඕනෑම තැනකට එක සපත්තු කුට්ටමක් ගෙනියන්න රුපියල් 200යි. ($1.60), පිට රටවලට පලමු ග්‍රෑම් 500ට ඩොලර් $10 ඉඳන් ඩොලර් $15 වෙනකම් ගානකුත් වැඩිවෙන හැම ග්‍රෑම් 500කට අමතර ඩොලර් $3 ඉඳන් $5 වෙනකම් ගානකුත් දීලා තියෙන්නේ. ඒ නිසා පිට රට යවන සපත්තු වලට අපි එක සපත්තු කුට්ටමක් ඩොලර් $5.60ක් කියලා ඇවරේජ් ගානක් දාලා තියෙන්නේ පිට රට ඉඳන් ඕඩර් කරන කෙනෙක් අඩු තරමින් සපත්තු කුට්ටම් 3ක්වත් ඕඩර් කරයි කියලා උපකල්පනය කරලා"
"ඇයි එහෙම උපකල්පනයක් කලේ"
"ඩුබායි වුනත් යුරෝප් උනත් අපේ කොලිටියේ සපත්තු කුට්ටමක් අපේ ගාන වගේ තුන් ගුනයක ගානක් ගෙවල මිසක් ගන්න බෑ. අපි රුපියල් 1000ට ($7.20) විකුනන සෙරෙප්පු දෙකක් පිටරටදී ඩොලර් 25ක් වත් වෙනවා. ඊට වැඩි මිසක් අඩු නෑ. ඉතිං පිටරට ඉඳන් අපේ සපත්තු ගන්න කෙනෙක් ලාබ නිසාම එක පාර තුක වත් ගනීවී කියලා අපි උපකල්පනය කලා"
“හරි එතකොට සල්ලි ගෙවන්නේ කොහොමද?"
"ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියෙන කෙනෙක්ට නම් මෙන්න මේ පහල තියෙන විදිහට වැඩේ කර ගන්න පුලුවන්. .
1. ඉන්ටර්නෙට් ලොග් වෙලා www.viroozv.com ගහලා අපේ වෙබ් සයිට් එකට යන්න.
2. ගිහින් එකේ ප්‍රොඩක්ට්ස් යටතේ තමන් ගන්න කැමති සපත්තු සිලෙක්ට් කරන්න
3. එතනදී සපත්තු සයිස් එකයි කුට්ටම් කීයක් ඕනද කියන එකයි සිලෙක්ට් කරලා මතක තියා ගන්න
4. පස්සේ Add to Bag කියල ක්ලික් කලාම එනවා මෙසේජ් එකක් "Go checkout" එහෙම නැතිනම් "Continue Shopping" කියලා
5. සිලෙක්ට් කරපු සපත්තුව විතරක් ගන්නවා කියලා හිතුවොත් "Go checkout" එක ක්ලික් කලම සල්ලි ගෙවන තැනට යනවා"
6. එතනදි මුලින්ම රට සිලෙක්ට් කරන්න ඕන. පස්සේ Billing ඇඩ්‍රස් කියන තැනටයි Shipping ඇඩ්‍රස් කියන තැනයි පුරවලා ඉවර උනාම Proceed to Purchase කියන එක ක්ලික් කරන ඕන
7. පස්සේ ක්‍රෙඩිට් කාඩ් එකේ විස්තර ටික එහෙම ඇතුලත් කරලා ගෙවීම සහතික කරන්නයි තියෙන්නේ.
"හරි මෙහෙම හිතමු. මම ඉන්නේ USA මට ඕන නංගිගේ උපන්දිනේට තෑග්ගක් යවන්න. මට පුලුවන්ද මගේ USA ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් සල්ලි ගෙවලා ලංකාවේ ඉන්න නංගිගේ එඩ්‍රස් Shipping එඩ්‍රස් කියලා දාල යවන්න?"
"ම් ම් ම් ගොඩක් අය Paypal එක විස්වාස කරන නිසාත්, ලංකාවේ බැංකුවක පේමන්ට් ගේට්වේ එකකට එකතු වෙන්න ලොකු ගානක් යන නිසාත් අපි පේමන්ට් ගේට්වේ එක විදිහට පාවිච්චි කරන්නේ Paypal. ඒකේ Billing එඩ්‍රස් වෙන රටක් තිබිලා Shipping එඩ්‍රස් ලංකාව දැම්මට සපෝර්ට් කරන්නේ නෑ. ඒ නිසා ඒ වැඩේ වෙන විදිහකින් තමයි කරන්න වෙනේ"
"ඇයි Paypal එකෙන් එහෙම කරන්න ඉඩ දෙන්නේ නැත්තේ"
"සමහර විට ක්‍රෙඩිට් කාර්ඩ් ෆ්‍රෝඩ්ස් වලට ලංකාව ප්‍රසිද්ද නිසාද දන්නේ නෑ මොකද මගේ ඩුබායි ක්‍රෙඩිට් කාර්ඩ් එකත් ලංකාවෙදි යූස් කලොත් ඒ වෙලාවෙම බ්ලොක් කරනවා. කරලා ආපහු ඩුබායි අවහම අලුත් එකක් දෙනවා"
"හරි එතකොට අර කිව්ව අනිත් ක්‍රමේ මොකද්ද?"
"යවන්න කැමති සපත්තු ටිකේ ගානයි ඒක ලංකාවේ ඇතුලත Deliver කරන්න යන ගානයි හදලා Billing එඩ්‍රස් එකයි Shipping එඩ්‍රස් එකයි එකක් දාලා ඒ වටිනාකමට හරියන්න තියෙන සපත්තු ටිකක් select කරලා ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් සල්ලි ගෙවනවා. ගෙවල ඉවර වෙලා අපිට ඊමේල් එකක් එවන්න සල්ලි ගෙව්ව සපත්තු නෙමෙයි ඇත්තටම මට ඕන කරන්නේ මෙන්න මේ මේ සපත්තු, යවන්න ඕන මෙන්න මේ එඩ්‍රස් එකට කියලා. සිම්පල් ප්ලෑන් එකක්. හි හී"
"එහෙම කරද්දි ගාන පොඩ්ඩක් එහා මෙහා උනොත්"
"අනේ බන් අපි ෂයිලොක් වගේ පපුවෙන් මස් රාත්තලම ඉල්ලන ජාතියේ නෙමෙයි. රුපියල් සීයක හමාරාක ගානක් එහා මෙහා උනාට අවුලක් නෑ"
"ඒත් හැමදාම ඕක කරන්න බෑනේ?"
"ඔව් අපි දියුනු උනාට පස්සේ අවුරුද්දකට රුපියල් 60,000ක් 70,000ක් ගෙවන්න ලංකාවේ බැංකුවක පේමන්ට් ගේට්වේ එකකට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා. තාම බිස්නස් එක පටන් ගත්තා විතරයිනේ බන්. අඩියෙන් අඩිය නැගලා එන්න එපැයි."
"හරි, ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියෙන අයට ඔහොම කරන්න පුලුවන්. නැති අයට ගන්න විදිහක් නැද්ද?"
"මොකෝ නැත්තේ. එයාලට කරන්න තියෙන්නේ තමන් ගන්න කැමති සපත්තුවල කෝඩ් නම්බර් ටිකයි, සයිස් එකයි, ඕන කරන පාටවල් ටිකයි දාලා අපිට ඊමේල් එකක් එවන එක. අපි එතකොට අපේ ගිනුම් අංකේ දෙනවා. සල්ලි දාලා අපිට ඩිපොසිට් ස්ලිප් එක ස්කෑන් කරල මේල් කරන්න. එතකොටම නදීශා ඒ සපත්තු හදන්න පටන් ගන්නවා. බෑන්ක් එකේ අපි චෙක් කරලා සල්ලි වැටුන කියල කන්ෆර්ම් වුනු ගමන් Courier කම්පනි එකේ අයට එන්න කියලා පාර්සලේ එයාලට දෙනවා."
"ඕන කරන පාටවල් ගැන උඹ කිව්වනේ. ඒ කියන්නේ සයිට් එකේ දාලා තියෙන සපත්තු සෙරෙප්පු වල තියෙන පාටට අමතරව අපි කැමති පාට වලින් ගන්න පුලුවන්ද?
"ඔව් හිතන්න මෙන්න මේ පහල තියෙන සෙරෙප්පුව.
අපේ සයිට් එකේ, ෆේස්බුක් ෆෑන්පේජ් එකේ එහෙම තියෙන්නේ රතුපාට සෙරෙප්පුව විතරයි. ඒත් කාට හරි මේ ඩිසයින් එකෙන් කලු පාට දෙකක් ඕන නම් අපිට ඊමේල් එකක් එවනන් මට ඕන කරන පාට කලු කියලා. එච්චරයි""ඉතිං පාට සිලෙක්ට් කරන පහසුකම සයිට් එකේම තිබ්බ නම් හරිනේ"
"ඔව් අපි එහෙම කරන්න පුලුවන් විදිහට සයිට් එක අප්ඩේට් කරමින් ඉන්නවා. ලඟදීම ඒ ටික කරලා ඉවර කරන්න පුලුවන් වෙයි"
"සපත්තු වල සයිස් එක සයිට් එකේ තියෙන විදිහට යූකේ සයිස් හරි යුරෝප් සයිස් වලින් හරි දුන්නොත් ඇත්ද?"
"මෙහෙමයි. කකුල කොලේක ඇඳලා රූලක් අරගෙන විලුඹේ ඉඳන් මහපට ඇඟිල්ල දක්වා තියෙන දිග අඟල් වලින් හරි සෙන්ටිමීටර් වලින් හරි එව්වොත් තවත් හොඳයි. මොකද අපි තනිකරම සපත්තු ගන්න කෙනාගේ කකුලටම මැච්වෙන විදිහටම හදන්නයි ට්‍රයි කරන්නේ.""කකුල ඇඳපු කොලේ ම අර කිව්ව දිගයි, කකුලේ පළලම තැන මිම්මයි දාලා ඒ කොලේ ස්කෑන් කරල උඹලට එව්වොත්"
"එහෙම කලොත් තවත් හොඳයි"
"ආන්ඩුවේ රස්සාවක් කර කර හිටපු නදීෂාව ඒකෙන් අස් කරලා මේ වගේ දේකට පටලෝපු එක අපරාධයක් කියලා හිතෙන්නේ නැද්ද?
"අපේ පුතා විරුල් ඉපදුනාට පස්සේ එයාව තනිකරලා රස්සාවට යන එකට අපි දෙන්නම කැමති උනේ නෑ. අපි හැමදේම කරන්නේ දරුවෝ වෙනුවෙන්නේ. දරුවන්ට ලබා දිය යුතු අධ්‍යාත්මික ආදරය සෙනෙහස නොදී භෞතික මොන දේ දුන්නත් මොකටද කියලා අපි හිතුවා. මේ වැඩේ නිසා නදීෂාට විරුල් එක්ක ඉන්න කාලේ හම්බවෙනවා. අනික එයාට සහජයෙන් ලැබුනු මේ දක්ෂකමින් කරන නිර්මාණශීලී වැඩක් නිසා එයත් ගොඩක් සතුටක් ලබනවා.
"අන්තිම ප්‍රශ්නේ - කඩයිම් ප්‍රශ්නේ. . ගන්නවද?"
"අහපන්කෝ බලන්න"
"උඹයි නදීෂයි දෙන්නම QS ලා සිවිල් ඉන්ජිනියරින් ෆීල්ඩ් එකේ බිස්නස් එකක් නැතුව මේ වගේ ෆැෂන් ෆීල්ඩ් එකේ බිස්නස් එකක් කරන්න හිතුවේ ඇයි?"
"ඕකට දුන්නු දිග උත්තරයක් මෙන්න මේ ලිපියේ තියෙනවා. පොඩ්ඩක් ගිහින් බලපන්"
මේ තියෙන්නේ පහුගිය කාලේ පුරාවට මගේ යාලුවෝ ගොඩක් දෙනෙක් අපේ බිස්නස් එක ගැන ෆේස්බුක් එකෙන්, ගූල් එකෙන්, ස්කයිප් එකෙන් සහ හැබෑවටම චැට් කරද්දී අහපු පුරස්න ටිකකුයි ඒවට මම දුන්නු උත්තර ටිකයි.












