Wednesday, October 3, 2012
Facebook වෝල් පුරවන බෞද්ධ යැයි කියා ගන්නා වානරයෝ . . . !
අපි පරිනාමය වෙමින් පවතින වානරයෝ වෙමු. . . !
වානරයෝ නිතරම බලය මත තමන්ගේ පැවැත්මේ තත්වය රඳවා ගන්නා ජාතියක්.
වානර රැලක නායකත්වය – ගැහැනු සතුන්ගේ අයිතිය වගේ දේවල් හිමිවෙන්නේ කාය ශක්තිය හෝ බලය වැඩි වානරයාට.
අනෙක් වානරයෝ ඔහුගේ නායකත්වය පිලිගෙන ඔහුගේ අණට අනුව ජීවත්විය යුතුයි.
ඒ අණට අකීකරුවෙන එකා එක්කෝ පහරකා වැනසෙන්න ඕන නැති නම් වානර රැල අතහැර තනිවම කැලෑ වදින්න ඕන.
පවුල කියන කුඩාම සංකල්පය ඇතුලේ ස්වාමියා කියන වානරයාට ඕන බිරිඳ කියන වානරයා තමන්ගේ සියළු වැඩකටයුතු නිසි වෙලාවට කර දෙන ඊට අමතරව තම වර්ගයා බෝ කරන වහලියක් වෙනවා දකින්න.
බිරිඳ කියන වානරයට ඕන සැමියා කියන වානරයා තමන්ගේ අතේ නැටවෙන රූකඩයක් කරගන්න.
තාත්තා කියන වානරයට ඕන දරුවෝ, ගෑනි එයාගේ නායකත්වය පිලිගෙන කිසි දෙයක් ප්‍රශ්න නොකර එයාට බයෙන් ඉන්න.
අම්මා කියන වානරයට ඕන තාත්තා සහ දරුවෝ තමන් කියන විදිහට ජීවත් වෙන අය වෙනවා දකින්න.
ලිංගිකව හෝ වෙන භෞතිකමය දෙයකට ආකර්ෂනය නොවී අධ්‍යාත්මිකව ආකර්ෂනය වීම නිසාම ඇතිවෙන මිතුරු සමාජෙකදී උනත් අපිට අපේ අර සම්පූර්ණයෙන් පරිනාමය නොවුනු ලක්ෂන පහල වෙනවා.
එක වානරයෙක්ට ඕන වෙනවා ඒ මිතුරු කන්ඩායමේ නායකයා මඟ පෙන්වන්නා වෙන්න.
සමාජය ගත්තොත් ගමේ මරණාධාර සමිතියටත් නායකත්වයට සභාපති ලේකම් කෙනෙක් ඕන වෙනවා.
සමාජිකයෝ කියන වානරයෝ ටිකට උන් කරන්නේ මොනවද කරන්නේ කොහොමද කියන එක සිවිලයිස් වුනු මනුස්සයන්ට වගේ හිතවත්කමින් විසඳගන්න බෑ ඒකට නායකත්වය දෙන වානරයෙක් ඕනම වෙනවා.
ඔෆිස් එකේ ලොක්කා කියන වානරයා කැමතියි තමන් යටතේ වැඩකරන වානරයෝ තමන්ගේ නායකත්වය පිලිබඳව තමන් නිතරම දැනුවත් කරනවට . .
ඒකට ඔහු යොදා ගන්නේ “සර්” කියන වචනය. සේවක සේවිකා වානරයෝ ඔෆිස් එකේ වානර නායකයට සර් කියලා අමතලා ඔහුට යටහත්ව පහත්ව ඉන්න ඕන.
මගේ ඔෆීසියේ ලොක්කන්ට අපි හැමෝම කියන්නේ එවාන් / ස්ටුවර්ට් කියලා. අඩු තරමේ මිස්ටර් එවාන් මිස්ටර් ස්ටුවර්ට් කියල වත් කියන්නේ නෑ ඔවුන් එහෙම කියනවට අකමැති නිසා.
කලින් වයසක පහේ ඩිරෙක්ටර් කෙනෙක් හිටියා ගෝර්ඩන් කියලා. කවුරු හරි මනුස්සයට “සර්” කිව්වොත් “මට තාම රැජිනගෙන් නයිට් නාමේ ගන්න බැරි උනා . . ඒ නිසා මට දනට ගෝර්ඩන් කියපන්” කියලා වහාම කියනවා.
එහෙම බැලුවාම සමහර බටහිර අධිරාජ්ය වාදී (ඌරුවංශ කියන විදිහට) රටවල වානරයෝ ආසියාතික අපිට වඩා සිවිලයිස් වෙලා කියලා හිතෙනවා.
ඒකට අපේ රටේ.
ඉන්න ඇමතියගේ ඡන්ද ව්‍යාපාරෙදි පෝස්ටර් අලවපු හෙංචයියෙක් නිසා ම පියන් ජොබ් එක ලැබුනු රජයේ කාර්‍යාලයක පියන් කියන වානරයට උනත් එතනින් වැඩක් කර ගන්න යන ඩොක්ටර් හරි ඩිරෙක්ටර් හරි කවුරු නමුත් සර් හරි මිස්ටර් හරි කියන්න ඕන. නැතිනම් ඉතිං සොරි ඩොට් කොම් තමයි.
අට පාස් වෙච්චි ඇමති වානරයගෙන් පත්වීම ගන්න මහාචාර්‍ය වරයා කියන වානරයා හතරට පහට නැමිලා ඇමතියගේ බඩ අතගාලා වැඳ වැටෙන්න ඕන.
උගත් කමට තැනක් ලැබෙන්නේ සිවිලයිස් සමාජෙක. වානර සමාජයේ තැන ලැබෙන්නේ බලය තියෙන එකාට.
සමහර බටහිර රටවල ජනාධිපති / අගමැති හෝ ඇමති කියන නායකයෝ වැරදි කලහම මහජනයා කියන අය ඒකට විරුද්ද උනාම ඉල්ලා අස්වෙනවා, එහෙම නැති නම් බලයෙන් පහකරනවා ප්‍රවෘත්ති වල දකිනවා. ඒ සිවිලයිස් උනු වානරයෝද?
අපේ රටේ නම් ඇමති පුතා කියන වානරයා රට වෙනුවෙන් සේවය කල (ටික කාලෙකට ඉස්සර අපි වානරයෝ "හදවති අපි යුද බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ" කිය කිය මැරෙන්න හදපු) රණවිරුවෙක් කියන වානරයෙක් ට ඔලුව කුඩු වෙන්න ගැහුවත් ගුටි කාපු වානරයා කියන්න ඕන මට ගැහුවේ ඌ නෙමේ කියලා.
බලය තියෙනවා කියලා අපි වගේ සාමාන්‍ය වානරයෝ හිතාගෙන ඉන්න වානරයෙක්ට එහෙම නම්, කිසිම බලයක් නැති සාමාන්‍ය අපි වගේ වානරයෝ බලය තියෙන එකා ඉස්සරහා නැට්ට පුකේ ගහගෙන ම ඉන්න ඕන කියලා මතක තියා ගන්නවා හොඳා.
අනික අපේ වානර ගති කොයි තරම්ද කියනව නම් නායක වානරයෝ (තාත්තා, අම්මා, සභාපති, බොසා, මන්ත්‍රියා, ඇමතියා, ජනාධිපතියා මොකා උනත් ) තමන් වගේම සමාන අයිතිවාසිකම් තියෙන සමානයෙක් කියලා අපි වානරයෝ හිතන්නේ ම නැති එක.
අපි වානරයෝ හිතන්නේ ඒ අයට ඕනම වැරැද්දක් කරන්න අයිතිය තියෙනවා – මොකද ඒ අය නායකයෝ කියලා.
එහෙම බැලුවාම මහ ලොකුවට අපි බෞද්ධයෝ කියලා ෆේස් බුක් එකේ වෝල් එක පුරවන එක මහා ලොකු විහිලුවක්.
මොකද බෞද්ධාගම කියන දර්ෂනය සොයා ගත්තු ගෞතම කියන සාශ්තෲ වරයගේ මූලික පරමාදර්ෂයක් තමයි සියළු සත්වයෝ සමානයි කියන එක හෙවත් සමානාත්මතාවය.
සැඩොල් කුලේ එකාත් ශාක්‍ය කුලේ එකාත් එකම බුදු සසුනේ මහන වෙන්න සුදුස්සෝ කියලා එතුමා කියලා තියෙන්නේ.
මිනිහෙක් බ්‍රාහ්මණයෙක් හරි වසලයෙක් හරි වෙන්නේ උපතින් නෙමේ ක්‍රියාවෙන් කියලා එතුමා කියලා තියෙන්නේ.
නායකයෝ කියන වානරයෝ තමන්ට වඩා අසමන අය, උන් මොනව කලාම අපේ මොකෝ කියලා හිතන උන් බෞද්ධාගමට අනුව ජීවත් වෙන සිවිලයිස් මනුස්සයෝ වෙන්න බෑ. . .
උන් තාම පරිනාමය වෙමින් පවතින වානරයෝ . . . !!
අසාධාරණය දැක්කාම ඒට එරෙහිව නැගී සිටින්න කොන්ද පන නැති . . එහෙම නැගී සිටින උන් දැක්කම උන්ට විරුද්ධව මඩ ගහනන හොරිකඩයෝ ත් ඒ උතුම් සමානාත්මතා ධර්මය පිරුනු දර්ෂනය අදහන්න වටින උන් නෙමේ . .
උනුත් සාමාන්‍ය අනිත් එකාට බයේ මුලුගැන්විලා ඉන්න, බලය තියෙන එකාගේ බලය පිලිගෙන අත්දෙක දෙපැරැන්දේ ගහගෙන වකුටු වෙලා ඉන්න වානරයෝ . . !
බලය තියෙන වසලයා කරන වසල වැඩ ඌ බලය තියෙන එකානේ ඒ නිසා කමක් නෑ කියලා ඌගේ වසල වැඩ වලට හුරේ දාන උනුත් සිවිලයිස් මනුස්සයෝ නෙමේ ඌත් තාම පරිනාමය වෙමින් පවතින වානරයෝ . . !
එහෙව් එකේ "අපි පරිනාමය වෙමින් පවතින වානරයෝ වෙමු. . . !" කියලා මම කිව්වේ බොරුද හා?
Pic From: http://elijahthewaterman.blogspot.com/
Monday, September 3, 2012
සුභ උපන් දිනයක් වේවා මගෙ පුතේ ඔයාට . . . !
මා පෙලන මේ පාලුව තනිකම විඳ ගැනීම බොහෝම අසීරුය.
බොහෝ හිතවතුන් අසල ගැවසුනත් ඒ මහා විසාල හිස්තැන පුරවන්න සමත් කිසිවක් නැත.
දූවිලි පිරුනු මැදපෙරදිග අහසේ තරු දැකීම අහම්බයක් පමනි.
ඊටත් මේ ගිම්හානයේ සෙල්සියස් අංශක 40ට වැඩි ගිනි රස්නය ගතේ දාබිඳු නංවමින් පාලු මකන තරුවක් සෙවීම ඉවත ලන්න බල කරයි.
ස්කයිප් කතාබහකට මගේ සොඳුරු ත්‍රස්තවාදියා - විරුල් ගෙන්වා ගැනීම බොහෝ අපහසුය.
ඔහු මා සමඟ තරහින්ද? මගේ හිත හඬා වැටෙයි.
පසුගිය ජුනි මාසයේ ඔවුන් තනිකර මා මෙහි ආවේ "පුතේ ලංකාවේ ලස්සන හොට් වීල්ස් කාර් නෑනේ. අප්පච්චි ඩුබායි ගිහින් ඔයාට ඒවා අරන් එන්නම් කියායි"
ඒ අලුත නිතර ස්කයිප් එකෙන් මා හා දොඩමලු වූ විරුල්ට නිවාඩු යන මිතුරෙක් අතේ ඔහු ඉල්ලා සිටි හොට් වීල්ස් කාර් ගේම් එකක් යැවීමි.
ස්කයිප් එකෙන් එය පෙන්වද්දී "අප්පච්චී ඕක ඔයාගේ ලොකු බෑග් එකේ දාගෙන ඔයා එන්න" කිව්වේ ඇත්තෙන්ම මා එතැයි විස්වාස කරගෙන විය හැකියි.
පොරොන්දු වූ සෙල්ලම්බඩුව ලැබුනු පසුත් මා නො එන්නේ ඇයිදැයි ඔහුට හිතෙනවා ඇති.
"මම තව ලස්සන සෙල්ලම් බඩු මගෙ පුතාර අරන් එන්නම්"
"අනේ අප්පච්චී සෙල්ලම් බඩු නැතැත් කමක් නෑ ඔයා එන්න" විරුල්ට එසේ සිතෙනවා ඇති.
කොල්ලට සිතෙන හැම දේ කියා ගන්න බැරි වීම කොයි තරම් ලොකු දෙයක්ද?
"හම්බකරන ඔක්කෝම මෙහේ වියදම් වුනත් කමක් නෑ ඔයයි පුතයි ආපහු එන්න. අපි පුතාව මෙහේ ඉස්කෝලෙකට දාමු"
"අපි එක එක වෙලාවට ප්‍රශ්න එන එන විදිහට තීරණ වෙනස් කරන එකෙන් පුතාගේ ඉගෙනීමට බාදාවෙයි අනේ. අනික පටන් ගත්තු බිස්නස් එක ටිකක් පිලිවෙලක් වෙනකම් හරි අපි මෙහේ ඉන්නම්"
නදීෂා තීරන ගන්නේ මම වගේ නොව බොහෝ දුර සිතා බලායි.
ඒත් මගේ හිත දෙගිඩියාවෙන්.
මට තාත්තගේ ආදරේ ඕන කරපු පුංචි කාලේ හිත පුරා ඒක නොලැබුනායින් වුනේ හිතේ සුව නොවෙන තුවායලක් වගේ තාත්ත ගැන තරහක් ඇතිවුනු එක.
සුනේත්‍රාගේ පූර්ව ජන්ම අපූර්වය පොතට පින් සිද්ද වෙන්න ඒ තුවාල නම් සනීප උනා තමා.
මම හිතුවේ මට වුනු දේ නම් මගේ පුතාට වෙන්න ඉඩ දෙන්නේම නෑ කියලමයි.
ඒත් මේ අනාගතේ වෙනුවෙන් වර්තමානය කැප කරන එකෙන් මගේ පුතාගේ හිතේත් මම එක්ක තරහක් ඉතුරු වෙයිදෝ කියලා සැකයි.
පුතා ලොකු වෙලා කරුනු තේරෙන දවසක ඒක සමාව දේවි . . එත් . . ඒත් එදාට ගොඩක් පරක්කු වැඩි උනොත් . . .
අදට පුතාට අවුරුදු පහයි . . .
සුභ උපන් දිනයක් මගේ රත්තරන් පුතේ ඔයාට . .
හ්හ්ම්ම්ම්ම්ම්ම්ම්
කසුන් කල්හාර මේ අප්පච්චිලා ගැන කියන අපූරු ගීතයත් අහලා බලන්න.

Saturday, August 25, 2012
දික්කසාදය | Divorce . . . !
අප එක්ව තෙමංසලකට පැමින සිටින්නෙමු.
මින් ඔබ්බට ඔබ එක මඟකත් මා අනෙක් මඟත් යායුතුය.
ඒ මඟේ යන ගමනේදී මගේ සුරතින් අල්ලාගන්නට කෙනෙක් වේද, ඔබේ සුරතින් අල්ලා ගන්න කෙනෙක්වේද යන ප්‍රශ්නයට පිලිතුරු දීම අනාගතයට භාර කරමු.
අපගේ ප්‍රේමයේ නාමයෙන් ! ප්‍රේමයේ නාමයෙන් ?? ප්‍රේමයේ නාමයෙන් @#$%^&
හ්හ්ම්ම්ම් . . අපගේ ප්‍රේමයේ නාමයෙන් උපන් දරුවා අප පිටුපසින් විපක්ෂිත දෑසින් අප දෙදෙනා දෙස බලා සිටිනු පෙනේ.
මම දරුවාගේ දෑස් දෙස නොබලන්නට ප්‍රවේසම් වෙමි.
ඒ දෑසේ පොපියන කඳුළු කැට වෙත්නම් එය අපගේ තීරණය වෙනස් කල හැකි සාධකයක් වෙදෝයි කියා සැකයක් මට ඇත. මම ඒ දෑස් දෙස නොබලා ඉන්නට හැකි වීරිය යොදමි.
ප්‍රේමය, ප්‍රේමය ප්‍රේමය . . .!!!
එය සැබෑවක්ද? නැතිනම් නිකම්ම නිකම් හිස්වචනක් පමනක්ද?
කවියන් දාර්ෂනිකයන් පතුරු ගසන ප්‍රේමය නම් මහා සුපිරිසිදු ගංගාවේ අප ගිලුනාද?
නැතිනම් ප්‍රේමය කියා නමක් ඇති යම් කිසි මනෝ භාවයකට අප රැවටුනාද?
ඔබ මට ඇත්තෙන්ම ප්‍රේම කාලද? මා ඔබට ඇත්තෙන්ම ප්‍රේම කලාද? නැතිනම් අප එකිනෙකාව රැවැට්ටුවාද?
රැවටුනේ ඔබද නැතිනම් මාද?
"මෙයාලගේ ප්‍රේමය නිසා උනේ මම මේ ලොකේ අසරන වුනු එක" කවදා හෝ වැඩුනු දිනෙක අපේ දරුවා එසේ නොකියාවිද?
මේ ප්‍රශ්න වලට උත්තර සොයන්න අතීතය නම් මිනීවල යලි හාරා බලා මිනීකුනු ගඳ ගසන අතුන්බහන් වලින් යලිත් අප එකිනෙකාට දමා ගසනවාට වඩා දෙමඟක යෑමේ තීරණය වඩා වටින්නේ නොවේද?
මම දරුවාගේ දෑස් දෙස නොබලන්නට ප්‍රවේසම් වෙමි.
වසර ගානනාවකට කලින් අපගේ ප්‍රේමයේ සාක්ෂිකරුවන්වූ අප මිතුරන්ගෙන් අපගේ වෙන්වීමේ ත් සාක්ෂිකරුවන් වන ලෙස මා ඉල්ලා සිටිමි.
මතකය වසර ගනනාවකට කලින් වූ කාලයක් වෙත ඉගිල යයි.
"මචං . . මට අර දෙවෙනි පේලියේ තුන්වෙනියට ඉන්න කෙල්ලව යාළු කර ගන්න ඕන. අද ම ලන්ච් බ්‍රේක් එකෙදි උඹ එයාගෙන් අහනවද?"
"අනේ මචං අදට - අදට විතරක් විසිවෙනි පාර උනාට කමක් නෑ අදට විතරක් අහපන් එයා මට කැමතිද කියලා"
"මචං, එයාට කියපන් එයා කොයි තරම් බෑ කිව්වත් මම කවදා හරි බඳින්නේ එයාවමයි කියලා"
"අනේ එයාට කියන්න මම කලින් බෑ කිව්වා තමයි . . ඒත් පස්සේ මම තේරුම් ගත්තා මට හරියන කෙනා එයා කියලා. එයාට කියන්න ගෙදරින් කතා කරපු එකට අකමැති වෙන්න කියලා. මම කැමතියි කිව්වා කියන්න . . ප්ලීස් . . "
එදා එසේ අපගේ ප්‍රේමයේ සාක්ෂි කරුවන්වූ ඔවුන්ට ම
"මචං අපි වෙන්වෙන්න තීරණය කලා. බැන්ද දවසේ ඉඳන් අපි අතරේ ප්‍රශ්න තිබුනා කියලා උසාවියට ඔප්පු කරන්න සාක්කි කාරයෝ ඕනලු. උඹට පුලුවන්ද අපේ වෙන්වීමේ සාක්කි කාරයෙක් වෙන්න" යි කියා ඇසීම දෛවය ඔවුන්ට කල සරදමක් ලෙස නොසිතේවිද?
ඇත්තෙන්ම එය දෛවයේ සරදමක් නොවේද?
"පවුලක් විනාශ කිරීමේ පාපයට හවුල් වන්න මට නම් බෑ" ඔවුන් නොකියාවිද?
"අර දරුවට මොකෝ වෙන්නේ? ඒ දරුවගේ නාමයෙන් වත් උඹලට එකට ඉන්න බැරි ඇයි" ඔවුන් නොඅසාවිද?
පවුලක් සහ දරුවෝ . . . !!
පවුලක් යනු ඉඳහිට අඩදබර වෙන, සමඟියෙන් එකමුතුව ප්‍රශ්නවලට මුහුන දෙන කන්ඩායමක් හඳුන්වන නාමකැයි මගේ නිර්වචන ඔවුන් පිලිගනීවිද?
යහපත් දරුවන් සමාජයට දායාද වන්නේ එසේ සමඟිගෙන් සතුටෙන් සිටිනා පවුල් වලින් පමනකැයි යන මගේ අත්දැකීම් පරිපූර්ණ පැහැදිලි කිරීම ඔවුන් විස්වාස කරාවිද?
එකිනෙකා කෙරෙහි ඇති නොරිස්සුම, වෛරය නිසා අපට අපගෙන් පලිගන්න අවස්තාව නැතිවූ විටෙක පලිගැනීමට ලක්වෙන දරුවා, අපගේ වෙන්වීමෙන් වැඩියෙන්ම යහපතක් වෙන කෙනා බව මගේ පෙන්වා දීම ඔවුන් තේරුම් ගනීවිද?
මම දරුවාගේ දෑස් දෙස නොබලන්නට ප්‍රවේසම් වෙමි!
- කෙටි කතාවකි -
Pic From: http://vsmeets.wordpress.com/2011/11/09/happily-divorced/
Tuesday, August 14, 2012
සාරභූමිය
ඒකට හැමෝම කිව්වේ සාරභූමිය කියලා.
අහම්බෙන් වැටෙන ඇටයකින් උනත් රූස්ස ගහක් හැදෙන්න තරම් සාරවත් බවක් එකේ තිබුනු නිසාම එහෙම කියන්න ඇති.
ඒක ඇත්තෙන්ම බටහිර අධිරාජ්‍යවාදීන්ට අයිති ඉඩමක්. ඔවුන් එකට දාලා තිබුනු නම වුනු “සයිමන් ස්පේස්” කියන එක හැදිලා තිබුනේ ඒක මුලින්ම මිලදී ගත්තු සුද්දා - සයිමන්ගේ සාවිය කියන එකෙන් කියලා දැනගන්න ලැබුනේ කාලෙකට පස්සේ.
මෑත කාලයේ සාරභූමිය හෙවත් සයිමන්ගේ සාවිය හෙවත් සයිමන් ස්පේස් එකේ කටයුතු සිද්ද උනේ මහා පුදුම අකාරයකට.
පස්සේ කාලේක මේ ඉඩමේ අයිතිය ලබා ගත්තු බටහිර අධිරාජ්‍යවාදීන්, මේ ඉඩම තමන්ගේම කියලා දෙයක් වවාගන්න කැමති නමුත් ඒකට අදාල බර-පැන නැති එහෙම නැතිනම් බර-පැන තිබබ්ත් තාක්ෂනික දැනීම නැති අයට පහසුවෙන් තමන්ගේම කියලා දෙයක් වවා ගන්න කියලා මේ ඉඩමේ කොටස් නොමිලේ ලබා දෙන්න තීරණය කලා.
නොමිලේ ලබාගන්න ඕන වුනු අයට කරන්න වුනේ බොහෝම සුළු දෙයයි.
ඒ බටහිර අධිරාජ්‍යවාදීන්ට අයිති එන්.ජී.ඕ එකේ සාමාජිකත්වය ඉල්ලලා තමන්ගේ නම ගම ආදිය සටහන් කරපු ඉල්ලුම්පත්‍රයක් යවන එක විතයි.
ඊලඟ දවසේ ඉඳන් ඉඩම තමන්ගේ.
කැමති කැමති අයට හිතේ හැටියට වවන්න පුලුවන්.
වෙන වෙන රටවල මේ ක්‍රමේට ඒ අයම ඉඩම් ලබා දීලා තමන්ගේම කියලා ඉඩමක වවන එක කාලෙකට කලින් ඉඳන් ජනප්‍රිය වෙලා තිබ්බත් අපේ අයට ඒක අල්ලලා ගියේ බොහෝම මෑත කාලෙදි.
කට්ටිය හිතේ හැටියට වවන්න පටන් ගත්තා. පුංචි කාලේ ඉඳන් අනුන් වවපු දේවල් දිහා බලාගෙන හිතේ විතරක් දළු දාමින් තිබුනු ගස්-වැල් තව දුරටත් හීනයක්ම නොවී හැබෑවටම අත්විඳින්න ලැබුනා.
ආසාවෙන් පොහොර වතුර දාදා ඒ තමන්ම පැල කරපු ගස් වැල් මෝරන දිහා ඇස් වල කඳුලු පුරවාගෙන බලන් හිටියා.
වත්තේ වැවුනු මල්-පළතුරු අහලින් පහලින් යන අය එක්ක, අහල පහල වතු වල අය එක්ක බෙදා හදා ගත්තේ උතුරා යන සන්තෝෂයෙන්.
අහලින් පහලින් ගිය අය “ෂා මේ වත්තේ මල් හරිම ලස්සනයි, මේ පළතුරු හරිම මිහිරියි කියල කියද්දී අත්වින්දේ පුදුම නිරාමිස ප්‍රීතියක්.
සමහර අය නීරස ගෙඩි උනත් රසයි කිව්වා වත්තේ අයිතිකාරයගේ හිත රිදෙයි කියලා හිතලා. ඒත් ඇත්ත ඇති සැටියෙන් කීම වගා කරන කෙනාට කරන උදව්වක් විදිහට හිතපු සමහර අය නම් “මේ ගෙඩි නම් මෙලෝ රහක් නෑ බන්” වගේ කතා කිව්වා.
කොහොම නමුත් හැමෝම මල් පලතුරු විතරක් වැව්වේ නෑ. සමහරු නීති විරෝධී දේත් වැව්වා. පරිසරයම ගඳ ගස්සන කීඩාරම් මල් එහෙමත් වවපු අය හිටියා.
ඒත් මේ මල් පලතුරු වල සුවඳ – රස හොඳින් අඳුන්න පුලුවන් තරම් රසඥතාවයක් තිබුනු අය හොඳම මල් වතු – හොඳම පළතුරු උයන් වලට ගිහින් ඒ මල් වල අපූර්වත්වය වින්දා . . .පළතුරුවල මිහිර රසවින්දා
එක ජාතියේ මල් – පළතුරු වලට කැමති අය එක එක පොඩි පොඩි හවුල් හදාගෙන එයාලා වවන දේවල් වල අත්දැකීම් බෙදා හදා ගත්තා. එයාලා වවන්න ආසාකරන දේවල් ගැන අදහස් හුවමාරු කර ගත්තා.
ඔව් ඔව් අපේ අයගේ ඕනේම හවුලකට සහභාගී වන මිතුරා “මධුපාන්‍ය”ත් ඒ තන් වල නිතරම ගැවසුනා. ඒත් ඒ මධුපාන්‍ය ඒ මිතුරු සමාගම් වල සමාගම රකින්න එකතු වුනු කෙනෙක් විතරක් උනා.
“මධුපාන්‍ය” වෙනුවෙන්ම ඇතිවුනු මිතුරු සමාගමුත් මේ වැවිල්ල නිසා ඇතිඋනා කිව්වොත් ඒක බොරුවක් නෙමේ.
සරලව කිව්වොත් මධුපාන්‍ය ට ලොල් වෙච්චි අය, ඒක තමන්ගේ ආත්මයේ කොටසක් කර ගත්තු අය ඒ වෙනුවෙන් මිතුරන් ඇති කර ගන්න මේ වැවිල්ල යොදා ගන්නවා කියලා එහෙම නොකරපු අයට සාධාරණ සැකයන් පහල උනු අවස්ථාත් තිබුනා.
කොහොම නමුත් මේ එක් එක් කුඩා කන්ඩායම් කල්ලි අතරේ තිබුනු මත ගැටුම්, තමන්ගේ වත්තේ වැවෙන දේවල් වල අගය සහ අනුන්ගේ වතුවල වැවෙන දේවල් වල නිස්සාරත්වය, කල්ලි ගැසීමේ හොඳ කම සහ නරක, මධුපාන්‍ය සහ ශෘන්ගාරය මේ වැවිල්ලට සම්බන්ධ කර ගත යුතුද වගේ මාතෘකා ඔස්සේ සුහදව ගල ගියා මිසක් එතනින් එහාට ශාරිරිකව හෝ මානසිකව වදයක් දෙන තරම් ලොකු රන්ඩු සරුවල් වුනේ නෑ.
මොකද සමහර අය අනුන්ගේ වතු වල වැවෙන මල්-පළතුරු රසවින්දාට ඒවායේ අයිතිකාරයා හරියටම කවුරුද කියලා නොදැන හිටි අවස්ථා ඉඳන් තිබ්බා.
එහෙම වෙන්නත් හේතු තිබ්බා. සමහර වවපු අය කැමති උනේ නෑ තමන්ගේ අනන්‍යතාවය එලි කරන්න. ඒ අය කිව්වේ “මගේ වත්තේ මල් වල පළතුරු වල රසය-සුවඳ විතරක් විඳින්න වවන කෙනාගේ ජාතකේ නොසොයන්න – වෙනස් විදිහකට කිව්වොත් “මයියොක්කා ගන්න ආවනම් මයියොක්කා අරගෙන පලයන් වත්තේ හතර මායිම් නොසොයා” වගේ ජාති වහෙන් ඔරෝ කිව්වා . . . එහෙම නැතිනම් කිව්ව බව දැන ගන්න ලැබුනා.
සුවඳ–ගඳ මල්, රස-නීරස පළතුරු, සුහද සංවාද – පුංචි පුංචි මතවාද – අඬදබර තිබුනු සාරභූමි වතුයාය උඩු යටිකුරු වුනේ සාර්ථක වවන්නෙක්ගේ මඟ පෙන්වීමෙන් එකතු උනු අලුත් වවන්නෙක් නිසා.
මුලින් ඔහුත් කිසිම වෙනසක් නැති අන් අය වගේම තමන්ගේ කියලා දෙයක් වවා ගැනීමේ පරම චේතනාවෙන් වවන්න එක් වුනු වවන්නෙක් ලෙස පෙනී සිටිය නමුත් ඔහු ඔහුගේම ඇජෙන්ඩා එකකට – (න්‍යාය පත්‍රයක් කියමූ) අනුව වෙනස්ම ප්‍රතිලාභ බලා පොරොත්තුවෙන් වවන්න ආවෙක් බව අනෙක් අයට දැන ගන්න ලැබෙන කොට, සාරභූමි වතුයායේ සාරය අසාරය වෙයිදෝ කියා සිතන මන්සන්ධියකට පැමින තිබුනා.
කරුනාසේන ජයලත්ගේ රිදී නිම්නය නවකතාව කියවලා තිබුනු අය ඔහු ගැන කිව්වේ සිල්ලර එලිය හෙවත් රිදී නිම්නය (සිල්වර් වැලි) විනාස කරන්න ආපු සොයිසා වගේ පිලිලයක් කියලා, "හිස්ට්‍රි රිපීට්ස් කියන්නේ මේකයි මචං" කියලා කියපු අයත් හිටියා.
සොයිසා සිල්ලර එලියේ ඔහුට බාගන්න පුලුවන් උනු කොල්ලන්ව බේබද්දෝ කලා, කෙල්ලන්ව ගණිකාවෝ කලා, සොයිසාගෙන් පිනට බොන්න ආපු අය සොයිසාගේ හෙංචයියෝ විදිහට තියාගෙන සිල්ලර එලියේ සාමාන්‍ය මිනිසුන්ට එරෙහිව, එහෙම නැතිනම්සොයිසාගේ ජඩ වැඩ වලට එරෙහිව කතා කරන ලියන මහත්තයා වගේ අයට එරෙහිව පවා කල්ලි ගැහිලා වටවෙලා ගැහුවා.
ඒ වගේ ඔහුත් ඔහුට බා ගන්න පුලුවන් වුනු අයව ඔහුගෙ හෙංචයියෝ විදිහට තියාගෙන ඔහුගේ වැවිල්ලට ඔහුගේ වැඩවලට විරුද්ධ ව යමක් කියන අයව මර්ධනය කරන්න යොදා ගත්තා. (මේ සමහර අය ඔහුගෙන් පිනට බොන්න ආපු අයම නෙමේ ඔහු සැබෑ මිතුරෙක් කියලා වැරදියට වටහා ගත්තු අයත් මේ හෙංචයියා කල්ලි වල හිටියා)
කොහේ හරි දෙන්නෙක් තුන්දෙනෙක් අතර මත භේධයක් තියෙනවා දැක්කොත් (යටි හිතේ වෙනස් බලා පොරොත්තු තියාගෙන නෝර්වේ රජයෙන් සාම සාධකයෝ එනවා) වගේ ඔහු සාම සාධකයා උනා.
පස්සේ හතර පැත්තම කොටවලා කුකුල්ලු කොටවන්න පොර පිටියට තමන්ගේ වත්ත දෙනවා වගේ මරා ගන්න අයට ගහ මරා ගන්න තමන්ගේ වත්තේ ඉඩ දුන්නා.
දිය යටින් ගින්දර ගෙනිහින් හතර අතේ කෙටෙව්වත් ඔහු නිතර පෙනී සිටියා ඔහු තමයි සයිමන් ස්පේස් එකේ හෙවත් සාරභූමියේ ආරක්ෂකයා එහෙම නැතිනම් ගැලවුම් කරුවා වගේ.
මොකද මුලින් ඔහු සැබෑ මනුස්සයෙක් කියලා වැරදියට වටහා ගත්තු අය ඔහුගේ මූලිකත්වයෙන් හෝ සහභාගීත්වයෙන් වවන්නන් අතර සුහද හමුවක්, පොහොර, බීජ නැති අය කීප දෙනෙක්ට ආධාර ලබා දීම් වගේ ඉසව් කීපයක් සංවිධානය කිරීමේදී ඔහුගේ සහාය ලබා ගත්තා. හැබැයි මේ හෑම් තැනකදීම ඔහු තනියෙම සියළු දේ කලා වගේ හැඟීමක් සැබෑ තත්වය නොදන්නා අයට අඟවන්න පුලුවන් වෙන විදිහට රඟපාන්න තරම් ඔහුගේ කපටි මොලේ වැඩ කලා.
කොහොම නමුත් ඔහුගේ බැටළු හමට යටින් තියෙන නරි මූන "එක වවන්නෙක්" හෙලි කරනකොට ඔහු බොරු හිතවත්කම් පෙන්නලා වවන්නෝ කීප දෙනෙක්වම අපහසුවට පත්කරලා ඉවරයි.
අන්න එතනදියි ගොඩක් අයට වැටහුනේ ඔහුගේ අපේක්ෂාව වැවීම නෙමෙයි කියන එක.
ඔහුට ඕන වුනේ වවන්නෙක් විදිහට පෙනී සිටිමින් ඔහුගේ වෙනත් ව්‍යාපරවලට ආයෝජකයෝ සොයා ගැනීම.
මොකද මේ වැවිල්ලට එන්නේ ලෝකේ කාලා වතුර බීපු තෙම්පරාදු වෙච්චි මනුස්සයෝ නෙමෙයි සංවේදී කලාකාමී හදවත් ඇත්තෝ කියන එක ඔහුගේ කපටි මොලෙට වැටහිලා තිබුනු නිසා.
කොහොම නමුත් ඔහුත් ඔහුගේ හෙංචයියලා කන්ඩායමත්, කුකුල් කෙටවිලිත්, දිය යටින් ගින්දර ගෙනයෑමුත් නිසා සැබෑවටම වවන්න ආසාවෙන් හෝ වැවූ දේවල් රසවිඳින්න සාරභූමියට ආපු අයටත් මේ වෙනකොට සාරභූමිය එපා වෙන තත්වයකට පත්වෙලා තිබ්බා.
ඉස්සර ආසාවෙන් තමන්ගේ වතුවල මල්-පලතුරු වවපු අය සාරභූමිය පැත්ත පලාතේ නොයන තරම් අප්‍රසන්න තැනක් බවට ඔහු පත්කරලා තිබ්බ උනත්, කිසිම දෙයක් නොකල කෙනෙක් ලෙසට ඔහුගේ වත්තේ ඉඳහිට යමක් වන්න ඔහු අමතක කලෙත් නෑ.
සිරි ලාංකිකයින්ට ඕනෑම දෙයක් මතක සති දෙකයි කියලා ජරාම ජරා ත්‍රස්තවාදී නායකයා කියපු දේ සහතික ඇත්තක් කියලා ඔප්පු උනා මුලින් ඔහුට බැනපු අය පවා ඔහු සාරභූමිය විනාස කරන්න මුල් වුනු පුද්ගලයා බව අමතක කරලා ටික දවසක් ගිහින් ඔහුගේ වත්තේ මල්-පල අගය කරන්න පටන් ගත්තාම.
ඉස්සර සාරභූමියේ ආසාවෙන් මල් – පලතුරු වවපු අය, වැවුනු මල්වල සුවඳ විඳි අය, පලතුරු වල රස විඳපු අය තාමත් ඉඳහිට හිතින් හඬනවා ඒ සිහිනෙන් දිව ගෑ අතීතය සිහි කරමින්.
සොයිසාට සිල්ලර එලිය විනාසෙටම විනාස කරන්න බැරි උනා වගේ සිල්ලර එලියේ කුසලලා – ජෝතිරත්නලා වගේ අය ආපහු ඇවිත් සාරභූමිය රසින්-සුවඳින් පුරවන දවස වෙනකම් ඔවුන් බලන් ඉන්නවා.
Sunday, July 22, 2012
විකිනීම . . .!!
තමන් නොදැන තමන්ව කෙනෙක් තව කෙනෙක්ට හෝ පිරිසකට විකුනලා කියලා දැන ගත්තොත් එහෙම කෙනෙක්ට තමන්ව විකුනපු එකාට මොනවා කරන්න හිතෙයිද?
කන පැලෙන්න ගහන්න . . . පලු යන්න බනින්න . . . දන්න කියන උන් ඔක්කෝටම මෙන්න මුගෙන් පරිස්සම් වෙයන් කියන්න . . . මේ ඕනම දෙයක් කරන්න හිතෙයි . ..
සමහර විට "අහවලා විසින් මාව විකුනා ඇත" එහෙම නැති නම් "අහවලා මාව විකුනන්න ඉඩ ඇත" වගේ ප්‍රකාශයක් නිකුත් කරන්න උනත් ඉඩ තියෙනවා නේද . .. ?
විකිනීමේ ප්‍රබේදයන් රාසියක් සහ ක්‍රමවේදයන් රාසියක් අතුරින් එක් විකිනීමක් වූ සමාජයේ බොහෝ දෙනක් දන්න කියන, විස්වාස කල හැකි අයක්ව හෝ අයව විකිනීම ගැනයි මේ කතාව.
කෙටියෙන් කිව්වොත් මෙහෙම හිතමු . . .
කෙනෙක්ට ඕන තව කෙනෙක්ගේ දතක් ගලවන්න. ඒත් ඒ කෙනා දන්නවා එයා ගැන අර දත තියෙන කෙනා වැඩි විස්තරයක් නොදන්න බව. එතනදී ඒ පුද්ගලයා අර සමාජයේ බොහෝ දෙනෙක් දන්න කියන, විස්වාස කල හැකි පුද්ගලයෙක් කියලා නමක් තියෙන කෙනෙක්ව හෝ කීප දෙනෙක්ව විකුනනවා.
"අඩෝ උඹට මාව අවිස්වාස නම් අහවලාගෙන්, අහවලාගෙන් මම ගැන අහපන්"
මෙහෙම කියද්දී කියන කෙනාට ලොකු විස්වාසයක් තියෙනවා අර දත තියෙන කෙනා කවදාවත් ඒ අයගෙන් ඒ කෙනා ගැන අහන්න යන්නේ නැති බව.
කොහොමින් හරි දත ගලවලා දතේ අයිතිකාරයා ට දැනුනු දවසට අර මනුස්සයා අහවලා අහවලාවත් විකුනලා මගේ දතක් ගැලෙව්වා නේද කියන එක . . අන්න එදාට අර විකුනපු කෙනෙක්ගෙන් නිකමට හරි ඇහුවොත් "මේ අර අහවලා කොයි වගේ කෙනෙක්ද?. . .මට නම් කිව්වේ පොර ගැන අවිස්වාසනම් ඕන නම් උඹගෙනුයි අහවලාගෙනුයි අහලා බලන්න කියලා" වගේ දෙයක් අහන්න ලැබුනොත් තමන් නොදැන තමන්ව තව කෙනෙක්ට විකුනලා කියලා ඒ කෙනාට නොහිතෙයිද?
එතකොට අර දතේ අයිති කාරයා ගැන අනුකම්පාවකට වඩා "යකෝ අරූ මාවයි අහවලාවයි අහවලාවයි විකුනලා තවක් එකෙව අමාරුවේ දාලා නේද" කියලා පුදුම තරහක් ඇති නොවී තියෙයිද?
ඔය විකිනීම බොහෝම හොඳින් ප්‍රගුන කරපු අයට මැරුනු කෙනෙක්ව උනත් හොඳට විකුනන්න පුලුවන්.
"උඹලා දන්නවාද . . අර මැරුනු අහවලා මට මෙච්චර ගානක් දුන්නනේ . . .මම ඒවා ඔක්කෝම අන්තිම සතේට බේරුවා . . " (මැරුනු කෙනාගෙන් අහන්න කියලැයි ඇත්තද බොරුද කියලා . . )
කොහොමින් කොහොමින් හරි මට කියන්න ඕන උනේ . .
"කවුරුහරි කාව හරි විකුනනවනම් හක්කේ තියෙන දත් දෑතින්ම උගුල්ලලා දෙන්න කලින් අර විකිනිච්ච අයගෙන් ජුන්ඩක් හරි ඒ විකුනන්න කියන කතා ඇත්තද බොරුද කියලා අහලා බලන්න තරම් වත් පොඩ්ඩක් සැලකිලි මත් වෙන්න කියන එකයි . . ."
Wednesday, July 11, 2012
ආදරේ ආදරේ . . රත්තරන් ආදරේ . . . !!
ආදරේ රත්තරන් වලට සමාන කලාම රත්තරන් වල හදිසියකට උකස් තියන්න හැර වෙන මහා ලොකු වටිනාකමක් දැනෙන්නේ නැති මම වගේ අයට තරහත් හිතෙනවා ඇති.
රත්තරන් වලට වඩා වටින ලෝහ. . . නෑ මම කිව්වේ ප්ලැටිනම් වගේ දේවල් තිබුනා උනත් ඇයි අපි "මගේ රත්තරන්" කියලා විතරක් කියන්නේ "මගේ ප්ලැටිනම්" කියන්නේ නැතුව?
ඒකත් හරියට මැණික් වලට වඩා දියමන්ති වටිනවා උනත් "මගේ දියමන්තිය" නොකියා "මගේ මැණික" කියනවා වගේ නේද?
ඔය වල් පල් ඔක්කෝම අතුරු කතා . .
මට කියන්න ඕන වුනු හරි කතාව හිතුනේ මෙහෙමයි.
මගේ අක්කගේ පුතාගේ යාලුවෙක් මගේ බ්ලොග් එක කියවලා ආස හිතිලා ඌත් බ්ලොග් එකක් ලියන්න පටන් අරගෙන . . .ඒකේ තිබ්බ පෝස්ට් එකක් කියෙව්වාම තමා මට හිතුනේ මේ දේ ලියන්න . .
අයේෂ් "මාමා ඔන්න ඔයාගේ බ්ලොග් එක කියෝලා අසා හිතිලා මාත් බ්ලොග් එකක් පටන් ගත්තා" කියලා මැසේජ් එකක් එවල තිබ්බම
"යකෝ මගේ අක්කගේ පුතා මාමා කිව්වට උඹ මට අයියා කියපන්" කියලා කියන්න හිතුනත් (යකඩෝ මම ඒ තරම්ම වයස නෑ නේ . .අනික මට අවුරුදු 25දි වයසට යන එක නතර උනා කියලා කොහොමද අප්පා ඌට කියන්නේ) එහෙම කියන්න බෑ කියලා හිතුනු නිසාම "එල එල පුතා" කියලා කිව්වා .
මේ තියෙන්නේ කොල්ලගේ "මගෙ හිත මලගම් ගියදා" කියන පෝස්ට් එක.
ඒකට මම මේ විදිහට කොමෙන්ටුවක් දැම්මා.
"තමන් ආදරය කරන තරම් අනෙක් කෙනාත් තමන්ට ආදරය කරන්න ඕන කියලා හිතනවනම් එතන
නියම ආදරයක් තියෙනවද කියලා මම නිතරම මගෙන්ම අහනවා!
මම කාට හරි ආදරේ කරනවානම් ආපහු මට එයාගෙන් ආදරේ ලැබුනත් එකයි නැතත් එකයි . . . . මගේ ආදරේ උපරිමයෙන් මගේ ලඟ තියෙනවා . . . එහෙම හිතුවාම කවදාවත් ආදරයක් මළගම් යන්නේ නෑ . ..
කරුනාසේන ජයලත් මහත්තයාගේ "සතීගේ කතාව" කියවන්න . . මම කියන දේට සාක්කි එතන"

අපි විතරක් ආදරය කරලා අනෙක් කෙනා අපි ආදරය කරන බව දන්නේ වත් නැති වෙලාවල් වලදී අපි කියනවා "මගේ සීයට පනහ නම් හරි ඒත් අනිත් සීයට පනහ තමා තාම නැත්තේ" කියලා.
ඇත්තෙන්ම අපිට ඒ අනෙක් කෙනාගේ සීයට පනහ බලාපොරොත්තු නොවී අපේ පැත්තෙන් සීයට සීයක ආදරයක් කරන්න බැරිද?
Pic from: http://www.fanpop.com/spots/love/images/4187632/title/love-wallpaper-wallpaper
Tuesday, July 10, 2012
ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . . !!!

(පරන පෝස්ට් එකක් . . මොකද්දෝ හේතුවකට පබ්ලිශ් කලාට පස්සේ ආපහු අදහස වෙනස් කරලා ඩ්‍රාෆ්ට් එකක් විදිහට තිබ්බේ . . )
ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . .
ගෙවල් ලඟ ඉන්දියන් කඩේ පාතරාසයට තෝසේ තුනක් ගිලමින් ඉන්න වෙලාවේ වහින්න පටන් ගත්තේ.
වැස්සේ අසිරිය හොඳින් විඳින ඕන නිසාම වේටර් කොලුවට කියලා තේ එක ප්ලාස්ටික් කෝප්පෙකට ඉල්ලගෙන හෝටලේ එලියේ ආවරණය යටට වුනා.
ඉස්කෝලේ ගිය පුංචි කාලෙත් වැස්සේ අසිරිය මම වින්දේ සදෙව් ලෝකෙට යන ගමනක් කියලා හිතාගෙන.
හෝටලේ එලිපත්තේ හිස් ප්ලාස්ටික් කෝප්ප, අතපිහිදපු කොල දාන්න තියලා තිබුනු කුනු බාස්කට් එකේ පියන උඩ නිල්පාට ඇස් තියෙන දුඹුරු පාට ලස්සන පූසෙක් හීතලට ගුලි ගැහිලා හිටියා.
හෝටලය ඉස්සරහා නවත්වපු කාර් එකක වීදුරුව පහත් උනා.
මගේ සොඳුරු ත්‍රස්තවාදියා තරම් පුංචි එකෙක් තොප්පියක් දාගෙන කාර් එකේ ජනේලෙන් "මියෑව් මියෑව්" කියමින් කම්මැලි පූසව අවුස්සන්න උත්සාහයක්.
පුංචි එකාගේ තාත්තා ඒකා දිහා බලාගෙන සතුටින් හිනාවෙනවා.
තේ එක බිබී උන්නු මටත් හිනා. හරිම සතුටු දායක සිදුවීමක්.
වැස්ස, හීතල, තේ, පුංචි එකා, පූසා . . .
මෙහෙම සිදුවීමක් හිත මහා සතුටකින් පුරවන්න තරම් ලොකු දෙයක් උනේ කොහොමෙයි . . .
ජීවිතේ සුන්දරයි.
ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . .
ගෙදර ගිහින් ෆේස් බුක් එකේ ස්ටේටස් එකක් දැම්මා
"දේඛෝ බාරිෂ් හෝරහීහේ . . .
It’s Raining . . it’s raining . . it’s raining . . … .
ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . .
මොහොතකට කලින් පුංචි සිදුවීමකින් මහා සතුටක් ලබමින් උන්නු එකෙක්ගේ හිත දුකෙන් බරවෙලා.
අනේ ලංකාවේ හිටිය නම් වැස්සේ අසිරිය නිතර විඳින්න තිබ්බා නේද?
හීතල වෙලාවේ සොඳුරු ත්‍රස්තවාදියයි ඒකගේ අම්මයි එක්ක ගුලි වෙලා වැස්ස දිහා බලා ඉන්න තිබ්බා නේද?
ගෙයක් දොරක් හදාගෙන තමන්ගෙම කියලා වාහනයක් අරගෙන එහේ පදිංචි වෙන කාලෙ වෙනකොට කිසිම දේක සුන්දරත්වයක් දකින්න බැරි තරම් ජීවත් වීමේ අරගලය උග්‍ර වෙලා තියෙයිද?
රට යන හැටි ගැන මේ අහන්න දකින්න ලැබෙන විදිහට හෙට දවස ගැන සුන්දර හීන දකින්න පුලුවන්ද?
නැති නම් ඌ තේ කෝප්පේ කිඹුල්ලු දකිනවද?
අම්මා තාත්තටයි ගෑනිටයි දරුවටයි දුකක් නොදී ජීවත් වෙන්න සලස්වන්න ඌට වයසට යනකම් මේ අවුරුද්දකට එක පාරක් වහින කාන්තාරේම ඉන්න වෙයිද?
වැස්ස ගෙනියපු දුරක් . . .
ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . .
වැස්ස මවපු හීතලේ කල්පනා කර කර ඉන්න කොට මතක් උනේ නෑයෙකුගෙයි යාලුවෙකුගෙයි ඉල්ලීම්
"අනේ මචං, අනේ අයියේ ලංකාවේ ජීවත් වෙන්න බෑ. ඩුබායි වලින් මොකක් හරි රස්සාවක් හොයලා දෙන්න"
එක පාරට මතක් උනේ ගිය නිවාඩු දෙකේදිමුයි ස්කයිප් එකෙනුයි උන් එක්ක දේසපාලනේ නිසා මරා ගත්තු හැටි.

උන් දෙන්න මතකුනේ එක පාරට ලංකාවෙන් ආපු කෝල් එකක් නිසා . .
අර නෑදෑ වෙන මල්ලී ඩුබායි එනවලු . .
උන් දෙන්නගේම ඉල්ලීම
එක පාරට මතක් උනේ ගිය නිවාඩු දෙකේදිමුයි ස්කයිප් එකෙනුයි උන් එක්ක දේසපාලනේ නිසා මරා ගත්තු හැටි.
තාත්තයි මුන් දෙන්නයි එක්ක මරා ගත්තු තරම කොයි තරම්ද කිනවනම් මගේ පෝස්ට් වලින් හොඳම පෝස්ට් එක කියලා මම හිතන"බඩගැත්තරයාට සමාව බය බෝයි" ලිව්වෙත් ඒ නිවාඩුවකදී.
"වරායක් හදන්න කලින්, එකේ තියෙන ගල කඩලා හරියට වැඩ ඉවර කරන්න කලින් කෝටි ගනන් නාස්ති කරලා උත්සව තියනවා"
"කුඩු ගෙනවන උන්, එක්සටසි මත් පෙති ගෙන්වන උන් ඇමතිවරු, ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂන මන්ත්‍රීවරු"
"ඩෙන්ගු වලක්වන්න උපදෙස් දෙන්න ඩොස්තරලා පකිස්තාන් යවනවා අපේ රටේ ඩෙන්ගු හැදිලා අවුරුද්දකට සිය ගනන් මැරෙනවා"
"අපි ඩුබායි වලින් රුපියල් 60ට විතර පෙට්‍රෝල් ලීටරේ ගනිද්දී මෙහේ මෙහේ ලීටරේ 120"
"අසාධාරනේට එරෙහිව කතා කරන්න බෑ සුදු වෑන්, පාතාලේ"
"රට බේර ගත්තු ජෙනරාල් ජනාධිපතිවරනෙට ඉල්ලුවා කියලා බොරු චෝදනා දාලා හිරේ"
"ජනාදිපතිගේ පුතාට තනියෙම නීති විභාගේ ලියන්න ඉන්ටර්නෙට් තියෙන කාමරයක් දුන්නා කියලා චෝදනා කරපු තුෂාර ජයරත්නව මරන්න හොයනවා"
"බාල තෙල් ගෙන්නලා වාහන අබලන් කලා. වැරදිකාරයෝ වත් උන්ට දඬුවමක්වත් නෑ"
"මාලබේ කැම්පස් එකේ නිපුණ රාමනායකගේ ඔලුව උඩ නැගපු ගෑනිගේ පොලිසියේ මහත්තයට උසස්වීමක්"
"සිංහරාජේ කැලෑ කපනවා"
"භාරතව මැරුවා. ඇහින් දුටු සාක්කි ඇතත් මිනීමරුවෝ නීතිය ඉදිරියට ගෙනාවද?"
"ජනාදිපතිගේ පුතාට ටීවී චැනල් දාන්න මහජන මුදල් යොදා ගන්නවා"
"කොළඹ ඉඩම් විදේශ වලට විකුනලා ඒත් සල්ලි බැරවුනු ගිනුම මොකද්ද කියලා විරුද්ධ පක්සේ අහනකොට කිසි සද්දයක් නෑ"
"මිනිස්සුන්ට නීතිය ගැන තියෙන විස්වාසේ බිඳිලා මිනිස්සු නීතිය අතට අරන් ගෙවල් ගිනි තියනවා, දේපල නාස්ති කරනවා"
"මහජන දේපල විකුනන්න හැදුව කියලා වරෙනතු නිකුත් කරලා තියෙන රදලියගොඩ කිසි කරදරයක් නැතුව පොලිසිය ඇතුලට ගිහින් පොලිසියට තග දාලත් එනවා"
"එක්සත් ජාතීන්ගේ සමුළුවට නිව්යොර්ක් යද්දී හැත්ත බුරුත්ත ඔක්කෝම එක්ක ගිහින් උන්ට ලිමෝසින් වලයි රෙඩ් ස්ට්‍රීට් වලයි සැප අරන් දෙන්න කෝටි ගනන් නාස්ති කරනවා"
"මේ ඔක්කෝම බැලුවම නාස්තියයි දූෂනයයි නිසා බඩුවලට එකට දෙකක් අපි සල්ලි ගෙවන්න ඕන"
උන්ගේ පිලිතුර එකයි . .
"ඔය ඔක්කෝම පිට රට ඉන්න උන් කියවන වෙබ් සයිට් වල තියෙන බොරු"
"බලපන් අපේ රට කොයි තරම් දියුනු වෙලාද කියලා"
"අපේ ජනාධිපතු තුමා කියනවා වගේ තව ටික කාලෙකින්ම අපේ රට ආසියාවේ ආශ්චර්ය වෙනවා"
"රටේ දියුනුවට ඉරිසියා කරන පිට රටවල ඉන්න උන් තමයි කියන්නේ මෙහේ ජීවත් වෙන්න අමාරුයි කියලා"
ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . .
වැස්ස ගෙනියපු දුරක් . .

හොඳම යාලුවෙක් උනත් හිතවත්ම නෑදෑයෙක් උනත් . . දෙන්න තිබ්බේ එකම උත්තරයයි . . .
"ඉතිං ඇයි බන් ඔය ආශ්චර්ය දාලා , ඔය තරම් දියුනු රට දාලා මේ කාන්තාරෙට එන්න හදන්නේ ??"
ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . .
වැස්ස ගෙනියපු දුරක් . . .
ප.ලි.:
නෑදෑවෙන මල්ලී ආශ්චර්ය අතහැරලා විසිට් වීසා එකක් ගහගෙන ඩුබායි ඇවිත්.
මේ ටිකේ මගේ ගෙදර.
ඌට ජොබ් එකක් සෙට් කරලා දෙන්න එහෙ මෙහේ දුවනවා.
පෝස්ට් එකක් ලියන්න, කොමෙන්ට් කරනන් වෙලාවක් නැතුවා.

Subscribe to:
Posts (Atom)