මගේ බිරිඳගේ බලවත් ඉල්ලීම මත හා මගේත් ප්‍රියතම ගායකකු වීම නිසාවෙන් කාලයක සිට ලියන්න සිතා සිටි නමුත් නිදහසේ අකුරු අමුනන්න ඉසුඹුවක් නොලත් නිසාවෙන් දවසින් දවස කල් ගිය ලිපියක් ලිවීම තව දුරටත් ප්‍රමාද කිරීම නොතරම් යැයි හැඟුනු නිසාවෙන් අද දින ශරීරය පෙලන අසනීප තත්වය ගැන හෝ නොසලකා ලියන්න පටන් ගතිමි.
මා කලින් සටහනක මිල්ටන් මල්ලවාරච්චි ගැන ලිවීමේදී "යෞවනයට නැතුවම බැරි වූ මිල්ටන්" ලෙස මිල්ටන් මල්ලවාරච්චි හඳුන්වාදුන්නේ යම් සේද තාරුණයට නැතුවම බැරි වූ ගායකයෙක් වෙත්ද ඔහු නම් ප්‍රියා සූරියසේන හැර වෙන කිසිවෙක් නොවේ යනු කුඩා කල සිට ගී රස විඳින සහෘදයෙක් වූ මගේ හැඟීමයි.
තාරුණ්‍යය හා ආදරය යනු ගසට පොත්ත, මලට රේනු සේ එකිනෙක යාවූ, එකිනෙක හාවූ යමක් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ කියා තාරුණ්‍යයේ සැරිසරන්නන් හා සැරිසැරූවන් දෙස් දෙනවා නොඅනුමානයි.
එසේ තාරුණ්‍යය හා බැඳුනු ආදරයේ මිහිරියාව, දයාබරත්වය, ප්‍රේමනීය බව ප්‍රියා අප හමුවේ තබන්නේ කෙතරම් ආනන්දයකින්ද කියා ප්‍රියාගේ "ආදරණීය නේරංජනා", "තුන් යමේ රෑ තුන් යමේ දුටු සිහිනයේ ඔබ රැජින වී", "ජීවිතේ මගේ ඔයා කියලා . . . සිඟාවී ඔබේ අදරේ", "සරතැස නිවා දිවි ගමනේ . . ඔබ හමු වුනා මට සුහදේ", "මට වාසනා ඔබ මට වාසනා උප නූපන් හැම ආත්මයේ", "ඈත රන් විමන් තුලින් පාට සේලයෙන් සැදී", "තරුකැට දිදුළනවා . . මට මඟ පෙන්වනවා . . රහසේ ආදර සඳළුතලාවට පුරහඳ පානයවා", "හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතු වේ", "කැන්දන් යන්නම් රන් මල් මාල දාලා . . පායනා තරුවේ", "මල්සර හිනාව පෙම්බර කතාව කාගේදෝ", "මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා . . භවෙන් භවේ පෙම් පුරා බලා ඉන්නවා", "මී කැකුණ කැලේ . . ගමේ එහා ඉමේ . . සුදු හාමිනේ මගේ සුදු හාමිනේ", "සඳ මාගාවයි නෑ මා දුටුවේ නෑ" , “මොහොතක සුව දෙන චංචල ලෝකයේ”, "තරු යායේ ඈති ඈතට ඉගිලෙන රන් තරු යුවලක් සේ" ආදී ගීත අසත්දී ඔබට වැටහී නොයනවානම් ඔබේ තාරුණය ගැන දුක් වෙනවා හැර වෙන කල හැකි කිසිවක් නොවේ . . ..
තාරුණ්‍යයටම අවේනික වූ දඟකාරීත්වයත් ප්‍රියාගේ ගීත වල නොඅඩුව දක්නට ලැබෙන තවත් ලක්ෂණයක්. "ගෙල වට බැන්දා වූ මුතු පොටේ දිස්නෙට මුහුනේහී ඔප වැටේ", "සුදු පරෙවි රෑන සේ පියා සලා", "සීතා . . බාලේ එක්වී දොළ ගාව හැන්ගී හැන්ගී දඟ පෑව", "හිරුද මුවාවී ලැසි ගමන බලාවී. .. . කිංකිනි හඬ පරදන කැකිරි පැලෙන කොමළ හිනා", "මාගේ සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා", "නිල් මහනෙල් මල කිම මේ සරදම් . . නැතිද හදේ මුදු ගුණයක් කිසියම්", "පැතුම් පිරීලා උතුරා යනවා ඇය අද එනවා . . හමුවේදෝ" ආදී ගීත ඒ තාරුණ්‍යයේ දඟකාරීත්වය මොනවට පෙන්වා දෙන ගීත බැව් මේ ගීත ඇසූ, අසන ඔබට වැටහී යනු ඇත . ..
ආදරයත් විරහවත් තාරුන්‍යයේ දී එකම කාසියේ දෙපැත්ත යයි මා කීවොත් කිසිවෙක් මා හා උරණ නොවනු ඇතැයි සිතමි. එපමනටම ආදරය හා විරහව තාරුණ්‍යය හා බද්ද වී ඇති බව තාරුණ්‍යයේ විරහ වේදනා විඳින හා විඳි අය හැර වෙන කවුරු නම් දනීද . .. .
එසේ විරහ දුකින් පෙලෙන තාරුණ්‍යයේ වේදනාව "බිඟු වැලපීලා මල් පරවීලා",ප්‍රණීත මී පැනි ගෙන ආවත් . .. විස ඇත බඹර තුඩේ", "ලිහිණින් රෑන පියා සලන්නේ . . මන්දාරම් වැහි පොද වැටෙන්න්නේ", "ආපසු එනවා මගේ හිත ඉබි ගමනින් . . ඔබ ඈතක රඳවා", "සුදු මල් දෙකක් කඩා ගෙනත් මා නෙත් ලඟින් තබා", "හැරදා විමන් සිය මාපියන් ", "මුලු මුහුදම හඬයි මම වෙරලේ නිසසලයි . . ඔබ මුහුදයි මම වෙරළයි මට සිතේ", "එකම වීදියේ දෙතුන් වතාවක් එහා මෙහා අපි ඇවිද ඇති", "අඳුර අඳුර මගේ . . සොඳුර සොඳුර මගේ . . .නොයනු මැනවි දා තනිකර එලියේ . . ", "ඇසුරින් මිදීලා ඔබගේ ලොවේ . . සැඟවී ගිහින් මා වෙන්වී මෙසේ", "හදවත ඉල්ලා නොලැබුනු විටදී දහසක් සිතුවිලි මා හද තුල තෙරපී", "ඉස්සර මා ඔබ දකින්න ආවේ මුව සරසාගෙන සිනාවකින් . . දැන් ඉඳ හිටලා බලන්න එන්නේ දරන්න බැරි වේදනාවකින්", "රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා", "සඳ තාරකා හඬාවී .. . කඳු මීදුමෙන් එහා" ආදී ගීත තුලින් ප්‍රියා පාකර හැරි වග පසක් කලෝ එසේ විරහා වේදනා වින්දෝමය . . ..
ප්‍රියාගේ ගීත තරුණ හද බැඳ ගත් තරම කොමපන වුවත් ප්‍රියා තරම් සංගීත ක්ෂේත්‍රයේ අසාධාරණයට ලක් වූ තවත් ගායකයෙක් නොමැති තරම් යැයි සිතන්නෝ මා, මගේ බිරිඳ හා තව කීප දෙනෙකු හැර තවත් ඇත්දැයි සිතීම පවා විටෙක උගහටය.
රියලටි ෂෝ හෙවත් සුපර් ස්ටාර් තරඟ වලට අපගේ කිසිදු අකමැත්තක් නැත. බොහෝ කලකට පෙර වරප්‍රසාද ලත් කන්ඩායමකට පමනක් සීමාවූ වේදිකාව ඈත ගම් දනව්වලින් පවා බිහිවූ දක්ෂයන් කැලේ පිපී කැලේම පරවෙන මල් ගොන්නට වැටෙන්න නොදී ඉදිරියට ගෙනා සුපර් ස්ටාර් තරඟ ගැන ඇත්තෙන්ම අපිට ඇත්තේ පැහැදීමක්.
එසේ කැලේ පරවෙන්න දෛවයට අනුව නියම වී තිබුනු මල් එසේ පරනොවී රටම සුවඳ හමන්න ඉදිරියට ගෙන එන්න ප්‍රියාගේ ගීත සැපැයූවේ මහඟු අත්වැලක්. නමුත් අවසානවට අපේ රටේ බහුතරයක් මිනිසුන් ඉහලට නැගි ඉනිමඟට පයින් ගසා පෙරළාදමන මිනිසුන් වූ නිසාවෙන් අදටත් ප්‍රියා සංගීත සැඳෑවක ගී ගැයීමට එකතරා මුදලක් අය කරයිද ඒ මුදල මෙන් දහගුණයක මුදලක් ප්‍රියාගේ ගීතම ඒ සංගීත සැඳේවේම ගයා අඩුම තරමින් ඒ ගී වල මුල් ගායකයා ප්‍රියා සූරියසේන කියා වත් සඳහන් නොකරන තරම් අකාරුනික වූ හදිසියේ පීදුනු තරු සිටින බව සිහි කරන්නේ කනගාටුවෙන්.
(පුද්ගලිකව මා අත්විඳ ඇත්තේ ඇන්ජලීන්ගේ ගීත ඇගේ ගීත මෙන් ගැයූ හදිසියේ පිපුනු තරුවක් ගැන මතක සටහනක් පමනි. ප්‍රියා ගැන ඒ කරුනු මිතුරන් පිරිසක් සමඟ සාමිචීයකදී කන වැටුනු යමක් පමනි. ඇන්ජිගේ ගීත වලට වූ දේම ප්‍රියාටත් සිදු වූවා යි මා උපකලපනය කල බැව් සැලකුව මනාය)
. . . . . . . . . . . . . . .
තවදුරටත් ප්‍රියාගේ මේ පහල ඇති ගීත ඔබේ හදවතේ ගැඹුර ස්පර්ෂ කරනවා නොවේදැයි අසා . . විඳ බලන්න . .. .
. . . . .
මරණයෙන් පවා වෙන් කල නොහැකි ආත්මීය ආදරයක සුවඳක් කෙදිනක හෝ විඳ තිබේද . . .
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා . . . / /
ඔබේ මුදු මදහස් රැලි මාලාවේ
වෙලී බැඳුනු දින රඟ ශාලාවේ
තුන් හිතකින් වත් නොසිතූ විලසින්
යලි ඔබ දැකුමට ආවේලාවේ
අප හමු වූ ගෙවුයන් සීමාවේ
එක මොහොතක් පමනකි තනි වූයේ
මටමම පුදුමයි අදහන්න බෑ
මම ම නොවේ යලි ඉන් පිට වූයේ
කවුදෝ මා පසුපස එනු දැනුනා
පාලු වීදියේ තනිකම මැකුනා
ජීවමාන කිසිවකු සිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව හැඟුනා
නිදි යහනේ මා නින්දට වැටුනා
ඔබ මා සිහිනෙන් අමතනු දැනුනා
එනමුදු කෙලෙසද ඇගෙ අත ගන්නේ
මගේ සිතම මට මුමුනනු ඇසුනා
. . . . .. . . .. .
ඉරිදා උදයේම දෙල්කඳ හංදියෙන් 122 බසයට නැගුනේ ගොඩගම කාර්මික විද්‍යාලයේ හදාරමින් සිටින් පාඨමාලාවේ 8ට පටන් ගන්න දේශනයට සහභාගී වීම සඳහා. මහරගමින් බසයට නැගුනේ මගේ වයසේම කිවහැකි කඩවසම් තරුණයෙක්. කුමක්දෝ අවාසනාවකට ඔහුට රැකියාවක් කරන්න නොහැකි කමින් බස් වල ගීත ගයන්නෙක් . . . බසයේ ගොරහැඬි රිද්මය ඔහුගේ ගීතයෑ ළයාන්විත බවට බාදාවක් නොවුනා සේයි . . ..
ප්‍රණීත මී පැනි
ප්‍රණීත මී පැනි ගෙන ආවත්
විස ඇත බඹර තුඩේ
උදා එලිය පුබුදා සිය නෙත්
පුබුදයි නෙලුම් මඩේ
පිපෙන පිපෙන හැම මල් නෙලුවත්
ගස මල් පූදිනවා
ගලන සියලු රළ කරදියරේ
ගඟ රැලි නංවනවා . . ..
බිඳින බිඳින තරමට සුවඳයි
සුධවල සඳුන් ගසේ
පිසින පිසින තරමට උපදයි
කඳුළැලි බිඳුත් ඇසේ //
පිපෙන පිපෙන හැම මල් නෙලුවත්
ගස මල් පූදිනවා
ගලන සියලු රළ කරදියරේ
ගඟ රැලි නංවනවා
මිනිසුන් පිය සටහන් තැබුවත්
නොබිඳෙයි කිරණ සඳේ
මහද ආදරය තව උපදයි
ඔබ රිදවුවත් ළඳේ //
ප්‍රණීත මී පැනි . . .
දහවල් බත් පත මිතුරියන්ගෙන් පිරිමසා ගත හැකියි සිතා සවස බස් ගාස්තු පමනක් තබාගෙන පොකැට්ටුවේ තිබුනු සියලුම මුදල ඔහුට දුන් බව තාමත් මතකයේ ඇත
. . . . . .. . .
දයාබර නංගියේ මල්ලියේ . . . පාසැල් සමය යනු ජීවිතයේ කිසිම බරපතලක් සිතට නොගෙන නිදහසේ ආසාවෙන් ඉගෙනීම කල හැකි එකම කාලයයි. කොතනක හෝ වැරදීමක් සිදු වුවොත් එය යලි පිලිසකර කිරීම පහසු නොවේ . . . ඉගෙනීමටද යොවුන් ආදරයටද මූලිකත්වය දිය යුත්තේ කියා ඔබම මොහොතක් සිතා බලන්න . . . ..
ජීවිතේ මගේ ඔයා කියලා
ජීවිතේ මගේ ඔයා කියලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ රුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා
නීල දෑසේ කෝල බැලුම් පා සිනා සළා
යොවුන් කුමරි එවන් බසට නුවන් මං මුලා
ආදරේ කරන්න සිල්ප සතර නිම කරන්
ජීවිතේට මිහිර ඉසුර ඔබට ලං කරන්
බාල කාලේ අයේ එන්නේ නෑ
වැරදුනු තැන යලි හදන්න බෑ
මිහිරි මී වගේ දැනේවි යොවුන් ආදරේ
යොවුන් සිතට සතුට ගෙනේ එවන් ආදරේ
ආදරේක මිහිර ඔබේ හදට ලංකරන්
හිනාවෙන්න කුමරිය සිප් සතර ලංකරන්
බාල කාලේ අයේ එන්නේ නෑ
වැරදුනු තැන යලි හදන්න බෑ
. . . . . .. . .
"ආ මල්ලී. . එකහාමාරට ස්කෝලේ ඇරෙන්නේ දැන් දෙකයි කාලයි .. තාම මොකෝ බස් හෝල්ට් එකේ"
"අයියෝ මූ ගෙදර ගියා නම් ගෙදරට වෙලා නොයිඳ මොන දීපංකරේක යනවද . . නෑ මචන් කලින් ආපු බස් ඔක්කෝගෙම සෙනඟ"
"හරි හරී අපි නොදන්න චෙස් . . ඕන් අපි ගියා . . "
"අයියෝ මේ කෙල්ල මෙච්චර වෙලා මොනවා කරනවාද මංදා . .. එයාලගේ ඉස්කෝලේ අනිත් කෙල්ලෝ ඔක්කෝම වගේ ගිහින් ඉවරයි. . අද එයා ස්කෝලේ ආවේ නැතුවා වත්ද . . "
සුදු පරෙවි රෑන සේ
සුදු පරෙවි රෑන සේ පියා සලා
පාසැල නිමවී යොවුන් කුමරියන්
පෙලින් පෙලට එයි
ඈ තාම නෑ . . .ඈ තාම නෑ . . . //
පොත් පත් අහුරා මුදු ළැමට තුරු කරවා
පිරුනු සඳක් සේ මහද දිලේ
යහළු යෙහෙලියන් අතරේ
ඈ තාම නෑ . . ඈ තාම නෑ . . .
මල් හිනා පිපී මුව මඳල පුරා රඳවා
මුතු අහුරක් සේ දසන් සලා . .
ඉර හඳ දහසක් පරදා
ඈ තාම නෑ . . ඈ තාම නෑ . . .
. . . . . . . . . . .
අපේ ගැටලු මතවාද අපි අපිම විසඳා ගමු. අන් අය ඇසුරින් වෙන් වී දිවි ගෙවනු අපහසු බැව් සැබවි එනමුත් අඩු තරමින් ඔබත් මමත් අතර ඇති දේවලට අන් අයගේ මැදිහත් වීම් අවැසි නැති බැව් පමනක් වත් ගිවිසා ගනිමුද . . . ?
මගේ ළමැද සුව යහනක්
මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙනන් කියා
භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුනනවා
සොඳුරු ලොවක අපි දෙදෙනා හෙට තනි වෙනවා
සිහින ගෙනෙන කුමාරියේ ඇගේ ලොවට එන්න එපා
ඇය රවටා කැඳවාගෙන නොයන් කුමරියේ
අපට උරුම අපේ ලොවේ හද සොම්නස් සතුට දරා
මගේ ලඟින් සසර පුරා ඉන්න වාසනා
. . . .. . . .. .. . .
ජීවිත කාලය පුරාවට ම ඔබේ කුරිරු කම් වලින් මා විඳි වේදනාවට ප්‍රාණය සුන් මගේ කලේබරයේ දෙනෙත් අසල තැබූ සුදු මල් දෙකෙන් වන්දි ගෙවීම ඔබේ අභිලාශයද . . . . ?
ජීවත් වූ කාලයේ නොලඳ ආදරයේ වටිනාකමක් මියගිය පසු කුමකටදැයි නොසිතුවේ මන්ද . . .
සුදු මල් දෙකක් කඩා ගෙනත්
සුදු මල් දෙකක් කඩා ගෙනත් මා නෙත් ලඟින් තබා
ඔබේ කඳුලු බින්දුවෙන් තෙමා සමුගනෙන්පා එපා
උනුසුම් ඔබේ නෙතේ දියෙන් ඒ මල් හඬයි සිතා
නොසිතන් ළඳේ දිනක් නොවේ වැලපෙන්නෙපා එපා
සිනාසුනු ආදරේ නමින් රැඳී උන් ජීවිතේ වෙලී
වෙන් වූ දා ඉතිං ඔබෙන් පල නෑ මේ තරම් හැඟුම්
පැතූ පෙම් මාලිගා බිඳී දරා යයි වේදනා දිදී
මන්මත් වූ පැතුම් මැදින් පල නෑ මා සොයා ඇවිත්
. . .. . .. . .. . .
ස්ථානය : දෝහා කටාර් රාජ්‍යයේ කාර්මික ජනපදය
දිනය : 2004 වර්ෂයේ දිනක්
අවස්ථාව : ආධුනික ගී තරඟාවලියේ අවසන් වටය
ඔව් පිලිගන්න මේ තරඟාවලියේ ජයග්‍රහී ගායකයා සලාම් ආයතනයේ සේවය කරන ජානක අමරසිංහ . . ඒ අපේ අපේ ආයතනයේම සේවය කරන ජානක නොහොත් අපේ දයාබර කොඩී සොයුරා . .. .
අපේ විසිල් හඬ අත්පොලසන් හඬ හා "කමෝන් කොඩී" යනුවෙන් කෑ ගාන හඬ පිටිය සිසාරා ඇසෙයි . . .
රටකින් එහා ඉගිලී
රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා
අද මෙන් ළඳේ හෙට නෑ හමුවන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ ආදරේ
නා දළු දෙතොල් හසරැලී මතු වෙවී
ආගිය ගමන් සිහිව එයි යලි යලී
අසමාන වූයේ අප ආදරේ
කිසිදා බිදෙන්නෑ සැකයක් නැතේ . ..
අතිනත වෙලා පටලලා රන් හුයෙන්
ඔබ ගෙන යමී සපුරලා සිත සිතුම්
හෙට ඒ දිනේදී සයුරෙන් එහා
පිලි ගනන්වාදෝ පැමිනී වහා
. . . .. . .. . . .. . .. . .. . .. .
ජීවිතේ රේඛාව එක දිගට කෙලින් ඉරක් නම් කිසි වෙනසක් නැතැයි සිතා මසකට වරක් කිසිම හේතුවක් නොමැතිව අමනාප වෙන්නත් අමනාප වූ සැනින් යලි හාද වෙන්නත් ඉඳහිට එලෙස පුංචි අමානපකම් ඇතිවුවත් නිතර මනාපයෙන් විනෝදයෙන් සිටින්නත් මෙලෙස අප හමුවූයේ දෛවයේ නියමයකින්ම විය යුතුයි කියා නොසිතේද . ..
සරතැස නිවා
සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුනා මට සොඳුරේ
දිය ගලනා උල්පත් මව මවා
සරතැස නිවා දිවි කතරේ
වියලුනු දෙතොල් සිසිලෙන් තෙමා
පුබුදා උපුල් නෙත් යුග යොමා
රණ මයුරියක ලෙසින්
හද තුල සැරි සරා
සඳවත් ඉතිං පල නැහැ ප්‍රියේ
ඔබෙ වත ලඟින් මගේ වත තියේ
හෙට යයි තවත් දිනක්
මට ඇත ඔබ නිසා
. . . . ..









