
මම ඊයේ ලිපියේ සඳහන් කල දේශපාලන උණ හැදුනු දවස්වලම . . . ඒ උණ, නිකං උණක් නොවී . .. උණ සන්නිපාතයක් වෙන්න කරුණක් සිදුවුනා.
ඒ තමයි අපේ ගමේ ජනප්‍රියම චරිතයක් වූ "සම්පත්" අන්වර්ථ නාමයක් පමනි. ඒ පුද්ගලයා අදටත් ක්‍රියාශීලී දේශපාලනයේ නියැලෙන්නෙක් බැවින් ඔහුගේ නමේ තේරුමට සමාන තේරුමක් ඇති මේ නම යොදා ගතිමි) අපේ පක්ෂයෙන්ම දේශපාලනයට පිවිසීම.
ගමේ තරුණ සමිතියේ සභාපති, අනෙක් සමිති සමාගම් වල ක්‍රියාකාරී සාමාජිකයෙකු - නිලධාරියෙකු පමනක් නොව අපේ පාසැලේ හිටපු දීප්තිමත්ම ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු, ආදිශිෂ්‍යයෙක් වූ ඔහුට සහයෝගය දක්වන්නට පාඩම් වැඩ පවා අතපසු කර ගන්න මා දෙපාරක් නොසිතූ තරම්.
සාමාන්‍ය පුද්ගලයෙකුගේ දේශපාලනයේ ආගමනය සිදු වන්නේ ප්‍රදේශීය සභාවෙන් කීවොත් මා නිවරදියි මා සිතන්නේ . . .
කොට කලිසමකුත් රතුපාට ටී ෂර්ට් එකකිනුත් සැරසී පුංචි එකෙකුට ඔසවා ගත නොහැකි තරම් වූ රතු කොඩියකුත් වනමින් . . . උගුර ලේ රහ වෙනතුරු “අපේ සම්පත් සහෝදරයාට . . ජය වේවා. . . !” කියා කෑගසමින් . . . ගමේ ගෙයක් ගෙයක් ගානේ ඔහු හා සහ පිරිවර සමඟ කැන්වසින් ගිය . . . පුංචි එකෙකුට "අපේ පක්ෂේ අයියෙක්" . . "අපේ ගමේ අයියෙක්" . . ."අපේ පාසැලේ ආදිසිසුවෙක්" . . ."අපේ යෞවන සමිතියේ අයියෙක්" ප්‍රාදේශීය සභාවට යවන්න උවමනා වෙන්න ඇත්තේ . . . ඔහුට සහයෝගය දැක්වූ අනිත් අයට තිබූ අවැසිතාවයන් වූ . . . අලි නාවන තරම් ලොකු වලවල් තිබූ ගමේ පාරට තාර ටිකක් දාගන්න . . . පාර දෙපස ජීවත් වූ අය පාරෙනුත් අල්ලා වැටවල් තාප්ප ගසා ඇති නිසා වැස්ස දාට වතුර බහින්න කානු නැති කමින් පාර දිගේ ගලා යන වැසිදිය නියමාකාරයෙන් ගලා යන්න කානු පද්දතියක් සකස් කරගන්න . . . . හංදියේ සිට ගමේ පාර දිගේ කිලෝ මීටරයක් දෙකක් පයින් යන්න තියෙන දුර බසයකින් ගමන් කිරීමට ගමට බස් සේවාවක් ලබා ගන්න . .. . ලිං වලින් වතුර අදින්න තිබෙන කම්මැලි කමට ගමට නළ ජලය ලබා ගන්න . . . වගේ කරුනු වුවත් අර පුංචි එකාට තියෙන්න ඇත්තේ "අපේ එකෙක්" කියන හැඟීම විතරක් වෙන්න ඇති. . . !
මන්ත්‍රී කමකට තරඟ කරපු "සම්පත් අයියා" ප්‍රදේශයෙන් වැඩිම මනාප ලබාගෙන ප්‍රාදේශීය සභාවේ සභාපති වුනාට පස්සේ . . . ඡන්දයට කලින් මෙන් සුපුරුදු පරිදි "සිරි අයියේ කොහොමද" කියාගෙන තාත්තා එක්ක කතාබහට ගෙදරට ගොඩ නොවුනත් . . .. පන්සලේදී අහම්බෙන් හරි දැක්කාම හිනාවකින් විතරක් සංග්‍රහ කරලා අහක බැලුවත් . . . අඩු නොවුනු ඔහු ගැන තිබූ "අපේ" කියන හැඟීම දිය වෙන්න පටන් ගත්තේ අනිත් අය බලාපොරොත්තු වූ කිසිම සේවාවක් ගමට ඔහුගෙන් ඉටු නොවුනාටමත් වැඩිය ඔහු පගාව හෙවත් "ජරාව" කනවා කියලා ඒ පොඩි එකාගේ කනට අහන්න ලැබුනු පසුවයි.
යෞවන වියෙන් තරුණ වියට පා නැගූ අර පුංචි එකා පෙලෙන්න ඇත්තේ "සම්පත් අයියා" ගැන තරහකින් නොවෙයි . . . මේ වගේ එකෙක් වෙනුවෙන් ඇයි මම දරදිය ඇද්දේ කියල උපන් තමන් ගැනම තරහකින් . . .
"පුතාලා හැම දෙනාම සම්පත් අයියාට උදව් කරන්න" කියලා කියපු . . . මුලින්ම සම්පත් අයියාට ගුරුහරුකම් දුන්නු . . . පුංචි එකාගේ ලෝකේ වීරවරියක් වූ . . . ඔහුගේ පාසැලේ රාජපක්ෂ ගුරු මෑණියෝ පෙලෙන්න ඇත්තෙත් ඒ වගේම තරහකින් වෙන්න ඇති කියලා අර පුංචි එකාට හිතෙන්න ඇති. . . . !
මනසින් නොව වයසින් පමනක් තරුණ වියෙන් පියමං කරමින් සිටින එදා සිටි පුංචි එකා අහම්බයකින් බ්ලොග් කරුවෙක් වී "වැරදි කරන ඕනෑම කෙනෙකුට තමන්ට ඒ වැරදි කිරීමට සාධාරන හේතු තියෙනවා" කියා සිතමින් සිටින . . . හැම දෙයක් දෙසම උපේක්ෂාවෙන් බලන්න උත්සාහ කරමින් සිටින . . . . කොටින්ම අලුත්ම ඇසකින් ලෝකය දකින්න උත්සාහ කරමින් සිටින . . . ඒ එදා පොඩි එකෙක් වූ එකාට අනාගතයේ බිහිවන "සම්පත් අයියලා" ජරා කාක්කන් නොවී යහපත් නායකයින් වීම සඳහා , කිරීම සඳහා . . .උගුර ලේ රහ වෙන තුරු කෑගසන, කැන්වසින් යන, දරදිය අදින, කඩේ යන, කතිරය ගසන, පසුව දෙමාපියන් සිහිකරමින් බලු බැනුම් බනින . . . අපිම පිලිපැදිය යුතු කරුනු කීපයක් මෙසේ පල ගස්වන වගයි . . .
1 වෙනි කරුණ . . . .
සද්දෙන් පඩයක් ගියත් ඒකත් උත්සවයකට හේතුවක් කරගෙන ඒ උත්සවයේ ආරාධිත අමුත්තා ලෙසට මන්ත්‍රීතුමා, මන්ත්‍රී තුමෙක් හෝ ඇමතියෙක් ගෙන්වන අපේම පුරුද්ද අපි අත්හරිමු . . . .
අපි හැමෝම කැමතියි අපිට දේශපාලන බලවතුන් සමඟ හිතවත්කම් තිබෙන බවක් ලෝකෙට පෙන්වන්න (හදවතට පොඩිත්තක් තට්ටු කර අසා බලන්න )
ඉතාම ස්වභාවික සංසිද්ධියක් වූ ගැහැනු දරුවෙකු මල්වර වීම පවා අපේ බොහෝ අය මේ බලවතුන් සමඟ ෆිට් බව පෙන්වන්න අවස්තාවක් කරගනු ලබනවා. මල්වර වූ දැරිවිය කෙතරම් අපහසුවට පත්වූවත් ඒ ගැන නොසලකා විශාල උත්සවයක් සංවිධානය කර එහි ප්‍රධාන අමුත්තා ලෙස ආරාධනා කරන්නේ මන්ත්‍රී තුමාටයි.
විවාහ උත්සවයදී අපේ පැත්තෙන් සාක්ෂියට අත්සන් තබන්නා මන්ත්‍රී වරයෙක් හෝ ඇමතියෙක් නම් අනිත් පැත්තේ අයට අපේ "ලොකු කම" පෙන්වන්න එය හොඳම අවස්ථාවක් ලෙස නොසිතන දෙමාපියන්, වැඩිහිටියන් නොවේද අපට සිටින්නේ. . . ?
ඒ තබා වෙසක් එකට පුංචි කැරකෙන කූඩුවක් හැදුවත් ඒක විවෘත කරන්න මන්ත්‍රී තුමාටම කියන්න ඕනෙයි කියන මානසිකත්වයක් නෙමෙයිද අපිට තියෙන්නේ . . . ?
මන්ත්‍රී වරයාගේ පැත්තෙන් මේ එක් අවස්ථාවකට අඩුම තරමින් රුපියල් 5,000ක් වත් නොදුන්නොත් ඔහුගේ තත්වයට මදිකමක් කියා ඔහුට නොසිතෙයිද . . ? ඔහුගේ මාසික වැටුප රුපියල් 50,000ක් කියා අනුමාන කලොත් එක් උත්සවයකට ඔහුට ඔහුගේ වැටුපෙන් 1/10ක් පරිත්‍යාග කරන්න සිදුවන අතර (ඔහු ඔබේ පමනක් නොව ගමේම මන්ත්‍රී වරයා නිසා) එක් මාසයකට එවැනි උත්සව 10කට ආරාධනා ලැබුනොත් ඔහුගේ සම්පූර්න වැටුපම අනුන්ට පුදන්න වෙනවා නොවේද . . ??
අනෙක් අතර ඔහු ඊට වඩා අඩු මුදලක් පරිත්‍යාග කලොත් "අයියෝ . . අරූට කිව්වට වැඩිය හොඳයි පාරෙ යන බල්ලෙක්ට කිව්ව නම් . . . පැජරෝ එකෙන් ඇවිල්ල කට්ටියම කාලා බීලා දීල ගියේ රුපියල් 1,000 යිනේ බං" කියා අපිම නොකියයිද . . ?
හිතලා බලන්න . . ඔහුට ජරාව කනවා ඇර වෙන විකල්පයක් අපි ඉතුරු කලාද . . . ??? ජරාව කන එක ගැන ඇත්තෙන්ම වැරදිකරුවා ඔහුද . . ??
තමන්ගේ මල්වර උත්සවයට, මගුලට අත්සන් කරන්න, වෙසක් කූඩුව විවෘත කරන්න මන්ත්‍රීවරු ඕන නෑ කියන්න තරම් හයියක් මල්වර වූ දියනියට, විවාහ වන තරුණ පුතුට - දියණියට, වෙසක් කූඩු හදන මිතුරෝ කන්ඩායමේ සාමාජිකයාට තිබේ නම් ජරාව කන "සම්පත් අයියෙක්" නිර්මාණය කිරීමට මම දායක නොවුනිමි කියා ඔබට ආඩම්බරයෙන් පැවසිය හැකි නොවේද . . . ?









