Friday, March 27, 2015

කිසිවෙක් නොමළ ගෙයකින් අබැටක් සොයන බොර දිය පොකුණේ ගෝතමී . . !

කවදා කිසි දිනෙක කිසිවෙකුගෙන් හෝ ප්‍රතික්ෂේපවීමකට ලක් නොවූ අය වේද? 

කිසියම්මදාක . . ?? කිසිවෙකුගෙන්ම . . ???

පිළිතුර ඔව් නම් . . . (ඒ කියන්නේ ඔබ කවදාවත් ප්‍රතික්ෂේපවීමකට බඳුන් වී නැති නම්)

ඔබට කෙදිනක වත් ගෝතමීගේ පපුවේ වේදනාව අඳුනා ගත් නොහැකි වනු ඇත.

ප්‍රතික්ෂේපවීමකින් පසු ඇඟේ ලේ නහර හරහා දුවන කෝපයද, ශෝකයද, ඉච්ඡාභංගත්වයද, වෛරයද, තමන්ට තමන් කෙරෙහිම ඇතිවන අප්පිරියාවද . . මේ කුමක් හෝ මනෝභාවයක් නිසා හදවත් තෙරපන විසි කරන්නත් බැරි දරාගෙන ඉන්නත් බැරි අරුම හැඟීමේ බර ඔබට නොදැනෙනු ඇත.

විපුලගේ කාමරේ ජනේලය ළඟ "අනේ අදට විතරක් එන්න දෙන්න" කියනා ගෝතමී දුටුවිට කෑගසා අඬන්න නොසිතෙනු ඇත.

ප්‍රතික්ෂේප නොවූවන් සොයා යෑම . . .කිසිවෙක් නොමළ ගෙයකින් අබැටක් සොයනා තරම් විරල ලෝකයේ ගෝතමී ගේ දුකට හඬන්නට හදවත් සොයා ගැනීම මහා අරුමක් නොවිය හැක. 

යෞවන වියේදි ප්‍රේමය ගැන ඇතිවූ කතාබහකදී තරුණ වියේ උන් එකෙක් කීවේ 

මල්ලී . . ආදරේදි අපි හැමෝම රවුමක දුවනවා . . !!

මම මට ඉස්සරහින් ඉන්න කෙනා අල්ලන්න දුවද්දී එයා එයාට ඉස්සරහා ඉන්න කෙනාව අල්ල දුවනවා. 

වටිනාම කෙනා ඒ රවුමෙදි මාව අල්ලන්න දුවනවා වෙන්න පුළුවන් ඒත් මට ඒ වටිනාකම් දැනෙන්නේ නෑ

මොකද මට පිටිපස්ස හැරිලා බලන්න වෙලාවක් නෑ මම මට ඉස්සරහින් දුවන කෙනාව අල්ලන්න දුවනවා . . !

එසේ වූ රවුමක දුවන්නේ ආදරයේදිද ආශාවේදීද කිය සොයා බැලීමේ තේරුමක් ඇතැයි මට සිතෙන්නේ නැත.

සුරන්ජිත් පසුපස දුවන මංගලාද, මංගලා පසුපස දුවන විපුල්ද, විපුල් පසුපස දුවන ගෝතමීද යනාදී වශයෙන් බොරදිය පොකුණේ පාත්‍රවර්ගයා මේ රවුමේ දුවන්නෝ වෙති.

ඔබට අත්විඳින්නට සිද්ධ වූ අමිහිරිම සිදුවීම දෙස වසර ගාණකට පසු හැරී බලද්දී එය ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට හේතුවූ හොඳම සිදුවීම ලෙස හැඟේ යා නොහැකිද?

පුද්ගලික අත්දැකීමක් ඇසුරින් කීවොත් වසර විසි එකේදී අසල්වැසි නිවසක ගෑස් කාන්දුවන් නිසා ඇතිවූ ගින්නක් නිවන්න උදව්වෙන්න ගොස් සෑහෙන තරමකට විරූප වෙන්න තරම් ගින්නකට ලක්වූ ඒ හේතුව නිසාම ජීවිතයට වටිනාකමක් ඇතිකරගත යුතු නිසාවෙන් උනන්දුවෙන් යමක් ඉගෙන ගෙන වර්තමනයේ සුවපහසු ජීවිතයක් අත්විඳින මට නම් ජීවිතයේදී මුහුණ දෙන්න සිදුවුණු අමිහිරිම සිදුවීම ජීවිතයට සිදු වූ හොඳම දේ කියා හදවතින්ම පැවසිය හැකියි

සුරන්ජි මල්ලී සමඟ ආශාවෙන් හෝ ආදරයෙන් බැඳෙන මංගලා විනාශ කරන දරු ගැබ, විපුල සමඟ ආශාවෙන් හෝ ආදරයෙන් බැඳෙන ගෝතමීගේ දරුගැබ විනාශ කරන්නැයි බලපෑම් කරන විපුල සහ ඒ ආශාවේ ආදරයෙන් උපන් බිළිඳා දුම් රිය ස්ථානයේ බංකුවක් මත දමා යන ගෝතමී එසේ වූ අමිහිරි අත්දැකීම් ජීවිතයට සිද්ධ වූ හොඳම සිදුවීම් කියා කිව හැකි අයද? 

භෞතිකමය ලෙස . . . 

විවාහ දිවියක බැඳෙන සුරන්ජි මල්ලිද . . 

අරන් හදාගත් දරුවෙක් සමඟ හොඳ නරක දුක සැප සමඟ විවාහ ජීවිතය විඳින මංගලා සහ විපුලද . . 

කලින් විවාහයේ බිරිඳගේ නොමනා හැසිරීම නිසා දයාබර දියණියගෙන්ද වෙන්ව සිත් තැවුන්ලෙන් වෙසෙන ඩෙමස්න්ගේ ජීවිතය හා බැඳී තුටින් ජීවත් වෙන්න වෙර දරන ගෝතමීද . . 


භෞතික කරානා සමඟ බැඳුණු සන්තෘෂ්ටිය සහ අධ්‍යාත්මික පාරිශුද්ධිය සමඟ බැඳුණු සන්තෘෂ්ටිය යන දෙකේ හර බර සමඟ ජීවිතය ජීවත් කරවන්නේ කෙසේද කියා ප්‍රේක්ෂකයාට දක්වන්නට පහන් සිලක් දල්වන්නෝ නොවේද . . !


23 comments:

  1. ෆිල්ම් එක නොබලපු නිසා ඒ ගැන මුකුත් කියන්න බෑ.නමුත් ප්‍රතික්ශේප වීම කියන දේට පණ පිහිටවලා තියෙන විදිහ නම් හරිම අගෙයි.. හරිම හැඟීම් බරයි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එකත් අනිවාර්යෙන් බලන්න. අපේ අධ්‍යක්ෂක වරු නිශ්පාදවරු දිරිමත් කරන්න නම් අපි අනිවාර්යෙන් ඔවුන්ගේ නිර්මාන බලන්නම ඕන නේද?

      ස්තූතියි අදහස් දැක්වීමට . . !

      Delete
  2. මටත් ෆිලුම බලන්න නම් හම්බුනේ නෑ තාම.බලන්න ආසාවෙන් ඉන්නවා.
    මොනවා උනත් ඔයා කිව්ව විදියට ප්‍රතික්ෂේපවීම නිසා ජීවිතය තිබුනටත් වඩා හොද වෙයි කියලා මං විශ්වාස කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර අවස්තාවල දී නම් වෙනවා . .ඒත් සමහරුන් ඒකට රියැක්ට් කරන්නේ මහා භයානක විදිහට

      Delete
  3. මෙය මුදල් ගෙවා පල කල දැන්වීමකි

    ReplyDelete
    Replies
    1. අම්ම ගහයි . . එහෙමත් සීන් එකක්ද . . කාගෙන්ද දැන් මුදල් ලබා ගන්න ඕන?
      ෆිල්ම් එක හදල රසික අපිට ලබා දුන්නු නිර්මාපකයින්ගෙන්ද? :P

      Delete
  4. ප්‍රතික්ෂේඇප වීමත් ජීවිතේට වැදගත් අත්දැකීමක් ..

    ReplyDelete
    Replies
    1. ඒක නම් එහෙමයි ඒත් ඒ අත්දැකීම ඉන් පස්සේ යොදාගන්නා විදිහයි වඩා වැදාග්ත් මම හිතන්නේ

      Delete
  5. ///ප්‍රතික්ෂේපවීමකින් පසු ඇඟේ ලේ නහර හරහා දුවන කෝපයද, ශෝකයද, ඉච්ඡාභංගත්වයද, වෛරයද, තමන්ට තමන් කෙරෙහිම ඇතිවන අප්පිරියාවද . . මේ කුමක් හෝ මනෝභාවයක් නිසා හදවත් තෙරපන විසි කරන්නත් බැරි දරාගෙන ඉන්නත් බැරි අරුම හැඟීමේ බර ඔබට නොදැනෙනු ඇත.///

    මේවනම් හරියටම හරි. බලන්න ආස හිතුණා ෆිල්ම් එක

    ReplyDelete
    Replies
    1. අහ් ඒක එහෙම්ම දැනෙන්නේ කවදා හරි අත්විඳපු කෙනෙක්ට විතරයි හෙ හෙ හේ

      අනිවාර්යෙන් බලන්න

      Delete
  6. ෆිල්ම් එක බලලා නැති හන්දා ඉතින් ඒ ගැන මුකුත් නොකියා ඉන්නම්..

    ඒත් හැබැයි ප්‍රතික්ශේප වීම කියන්නේ නම් අළුත් ආරම්භයක්..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලී . . එක්තරා අවසානයක් සහ ආරම්භයක් . . ඒත් ඒ හැඟීමෙන් උපදින ආරම්භය නිවුට්‍රල් විදිහට යොදාගන්න හිතට හයිය තියෙන්න ඕන. නැති උනොත් විනාශකාරී අවසායනක ආරම්භය වෙන්න පුලුවන් නේහ්

      Delete
  7. ෆිල්ම් එක බැලුවේ නෑ දුකා මල්ලි. කෙනෙක් ප්‍රතික්ෂේප වෙනවා කියන්නෙ එක අතකින් එයාට පන්නරයක් ලැබෙන වෙලාවක් කියල හිතෙන්නෙ. මොකද? පරාජයම තමා ජයග්‍රහණයේ උපත.

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දි අක්කා . . මේ ෆිල්ම් එකේදි මම දැක්කේ පරාජය හෝ ප්‍රතික්ෂේප වීම හොඳ නරක දෙවිදිහෙන්ම භාවිතා කරන අලු මිනිස්සු ,. . ඒකයි මට මේ ෆිල්ම් එක සාර්තක ෆිල්ම් එකක් කියලා හිතුනේ

      Delete
  8. අදහස් දක්වපු හැම දෙනාටම බොහෝම ස්තූතියි

    ReplyDelete
  9. DVD ආපු දවසක බලලා තමයි තෙරුම් ගන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඇයි යකඩෝ උඹත් ලංකාවෙන් පිටද දැන්?

      Delete
  10. දත් නැතිදා උක්දඬු ගිණි තපින්නද කිව්වලු!

    ReplyDelete
    Replies
    1. ඕකේ ඩීවීඩී එකක් එයි බන් මැරෙන්න හදන්නේ නැතුව හිටින්

      Delete
  11. ෆිල්ම් එකේ කෞශල්‍යාගේ රඟපෑම නම් නියමයි. එයාගේ හිතේ තියෙන හැඟීම් මට දැනුනා වගේ සමහර වෙලාවට.

    ReplyDelete
    Replies
    1. සිරාවටම මරේ . . මටත් එහෙම හිතුනා. ඒ තරම් දක්ෂ චරිතාංග නිලියක් ස්වර්ණගෙන් පස්සේ දැක්කමයි

      Delete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails