Sunday, May 19, 2013

පුතාගේ ලියුම . . .!

තාත්තා සූදු කෙලවයි.. කුඩු විකුනන උන්ට හෙල්ප් කරනවා මදිවට තිතට මත්වෙන්න බොයි. 

පවුලේ දිනුයුවට කියා ආච්චිලා නැන්දලා මාමලා දෙනදේ පමනක් නොව තාත්ත හම්බ කරන සියළු දේත් කාර් රේස් බලන්න ගොස්, හින්දි නිලියෝ නටන ශෝ බලන්න ගොස්, අල්ලපු ගෙදර එකාට උඩ යවන්න හදන සරුංගලේට සල්ලි දී, අහල පහල ගෙවල් වල උන්ට පඩ ශෝ දාන්න රෙජිෆෝම් ප්‍රදර්ශන පවත්වා ඒ මදිවට යාලුවෝ 225 දදෙනෙක්ටට ත් උන්ගේ හතර වරිගයටත් බෙදා දී විනාස කරයි. 

ඔක්කෝටම හපන් හතර වටේ ගෙවල් වලටත් නය වී ඒ සල්ලිත් මේ විගඩම් වලට වියදම් කරන එකයි.

ඒ ගත්තු නය ඉස්සරහා පරම්පරාවල් හතකට වත් ගෙවා නිම කරන්න බැරි තරම් වෙලාය.

හොඳ බෞද්ධයෙක් ලෙස පෙනී සිටිමින් එහාට මෙහාට කේලාම් කියා යටි උගුල් අදිමින් පන්සලේ හාමුරුවෝත්, දේවස්ථානයේ පාදිලිතුමාත්, පල්ලියේ ලෙබ්බේත් කොටවයි.

ගමේ කුඩු විකුනන එකාගේත් කසිප්පු විකුනන එකාගේත් කරේ අතදාගෙන උන්ට ගහන්න එන උන්ගෙන් උන්ව ආරක්ෂා කලාට ගුරුදෙගුරු සමිතියේ රැස්වීමෙදී දෑතින් පපුවට ගහගනිමින් කියන්නේ "අපි මේ මත් උවදුරෙන් අපේ දරුවන් බේරා ගත යුතුයි" කියලයි.

එවිට හැමෝම උඩ පැන පැන අත්පුඩි ගහ ගහා විසිල් ගහමින් බල්ටි ගහයි.

තාත්තාගේ ගොන් පාර්ට් වලට විරුද්ධව කතා කලොත් අපි කෙලෙහි ගුනේ නැති කාලකන්නි කියා බැන වදී.

ගෙදර ඇතුලේ බලයෙන් මත්වී තාත්තා කෙලින් පිස්සු නිසා අසල්වැසියන්ගෙන්, ඉස්කෝලේ උන්ගෙන් හිනාවට ලක්වන්නේ අපියි.

ගෙයි ගින්දර පිටට දෙන්න එප යකෝ කියනවට විතරක් නොව කිව්වොත් අතක් පයක් කැඩෙන්න හෝ බෙල්ල මුලින් යන ජාතියේ සබ්බුවක් ලැබෙයි කියා බයට අම්මත් අපිත් කටවල් පුකවල් වහගෙන ඉන්නෙමු.

තාත්තාගේ නාස්තිකාරකම ගැන කතාකරන්න හදන හැම වෙලාවේම ගෙදර හැමෝම බනින්නේ කළුගලේ ඔලුව ගහ ගන්නේ නැතුව හිටු කියායි.

තාත්තාගේ නාස්තිය දූෂණය නිසා තාත්තාත් මුලු පවුලත් විනාස වෙන බව දැක "ආඩම්බරකාර තත්තේ, දැන් වත් මේ ගොන් පාර්ට් නතර කර පවුලේ දියුනුව ගැන හිතපන්" කියලා කියන්න අපේ පවුලේ උන්ගේ කොන්ද පන තියෙන දවසක් මැරන්න කලින් උදාවේවායි මගේ එකම පැතුමයි.

27 comments:

  1. ඔය තාත්තගෙ පුතාලනම් මෙහෙම ලියුම් ලියන්නෑ... තාත්තා කරණ ඔක්කොම ගොන් පාර්ට් වලට ෆුල් සපොර්ට්.. මම හොඳටම දන්නවා ඒක.

    මේ ලියුම ලියපු පුතානම් හොඳට මොලේ තියන එකෙක් පාටයි..

    ReplyDelete
  2. උබ අවජාතක පුතෙක් බන් . අහල නැද්ද මහ බිසවගේ පුත් කුමාරයෝ විතරයි කිරුළු පළදින්න වරම් ලබන්නේ කියන දේ වත් ...?

    ReplyDelete
    Replies

    1. ඇත්තටම දුකා මේ යන ක්‍රමය නම් හරි නැහැ.ගඩාෆි යුගයකට පැහැදිළිව අපි යමින් ඉන්නේ.උබල අපි යථාර්තය දැක්කට වැඩක් නැහැ. රටේ සමස්ථ ජනගහනයෙන් 65% වත් මේ දේ තේරුම් ගන්න ඕනේ. 65% කට තේරුම් යන්න නම් මීට වඩා දේ තව වෙන්න ඕනේ . එතකම් මේ සියල්ල ස්ථාවරව පවතීද ...? 65% කට වත් තේරුම් යන තැනට එද්දී තව බේරගන්න දෙයක් ඉතුරු වේවිද ...

      Delete

  3. ඇත්තටම දුකා මේ යන ක්‍රමය නම් හරි නැහැ.ගඩාෆි යුගයකට පැහැදිළිව අපි යමින් ඉන්නේ.උබල අපි යථාර්තය දැක්කට වැඩක් නැහැ. රටේ සමස්ථ ජනගහනයෙන් 65% වත් මේ දේ තේරුම් ගන්න ඕනේ. 65% කට තේරුම් යන්න නම් මීට වඩා දේ තව වෙන්න ඕනේ . එතකම් මේ සියල්ල ස්ථාවරව පවතීද ...? 65% කට වත් තේරුම් යන තැනට එද්දී තව බේරගන්න දෙයක් ඉතුරු වේවිද ...

    ReplyDelete
  4. Harima wadagath liyumak.Hama puthekma me liyuma nowaradawama kiyaviya yuthuyi!

    ReplyDelete
  5. පුතා වෙත ලියමි..
    ගේ ඇතුලේම ඉඳන් කෙලින්න ගියපු අපේ නෑයෝ නිවන් දැක්කුවා තොපිට මතක නැත. අල්ලපු ගෙදරට තියා මහා වලව්කාරයන්වත් පයිසෙකට ගනන් නැති මට තොපි මුකුන්ද යකෝ. කාබිරි මුඩුක්කුවේ උන් පට සිටිනවාය. තොපි මම කියන විදියකට හිටපිය. එහෙම නැතිනම් තොපිටත් වන්නේ කොඩිවින කරන්න ආපු එකාට වූ දෙයමය..
    මීට
    තොගේ ආඩම්බරකාර තාත්තා..

    ReplyDelete
  6. යකෝ පුතේ,

    උප්පැන්නෙ නම තිබ්බ පළියට තෝ මගේ පුතෙක් නොවේ. එසේ වුනි නම් තෝ ලියන්නේ,

    තාත්තේ, අර ඔයාගේ සමහර හතුරන්ට මාර කෑලි සෙට් වී ඇත. කරුණාකර උන් ඉස්සීම සඳහා අප සිකුරිටි හෙඩාව අයින් කර උදව් කරන්න. පකිස්ථානේ අළුත් පවුඩර් නිෂ්පාදනයක් මගේ මිතුරෙක් හඳුන්වාදීමට යයි, මිනිහාට බදු සහනයක් ( මා කීවෙ කළු සල්ලි ගැන හොයන ආදාය්ම් බදු කරයන් ගැනය ) දෙන්න. මට අඟහරු බලන්නට යාමට ප්‍රයිවෙට් ජෙට් එකක් බැඳි මුළුවේ නාමෙන් ගේන්න.

    මේ වැනි වයසට හා තත්වයට ගැලපෙන ඉල්ලීම් පිරි ලිපියක් ලීවානම් උඹ මගේ සහජාත පුතෙක් වීමට ඉට්ඩ තිබුනි. ඒ නිසා තෝ යන කාර් එක මගදී හැප්පී මියගියෝතින් එය ඩයනාට උන දේ මෙන් හදිසි අණතුරක් පමණි කියා සැනසෙනවාට වඩා මට කරන්නට දෙයක් නැති වනු ඇත. උඹට නිවන් සුව පතමි.

    ReplyDelete
  7. උඹ මේ තාත්තගේ වෙන්න බෑ!!

    ReplyDelete
  8. දුකා අයියා ඔය කියන හරුපෙ තේරුම් නොගත්ත මී හරක් ඉන්නවනෙ හැබෑටම...විදුලි බිල වැඩි කිරීමට පක්ෂව පෙළපාලි යන මී හරක් දැක්කම හිනා යන්නෙ පුකෙන්...

    ReplyDelete
  9. පුතාලට, ඒ තාත්තගේ හැඩරුව තියෙන තාක්..කාරණා කටයුතු සිද්ධවෙන්නෙ ඔය විධියටම තමයි.පුතාලා වෙනස් නොවී තාත්තගෙන් "හොඳ" බලාපොරොත්තුවීමේ තේරුමක් නෑ.

    ReplyDelete
  10. තාත්තා සේම සියලුම දූ දරුවන්ද රට ගැන සිතිය යුතුයි.. මේ දරුවන් රටට අදරැති දරුවන් කරන්න නම් බාලාංශයෙන් පටන් ගත යුතුයි. මුලු සමාජයක් වැරදි කරනවා.. ඒ වරද කවදා කොතැනින් නිවරද කරගන්න හැකිවෙයිද.. ගුරු ගීතය පොතේ එනවා නේද දුෂෙයින් පුංචි දරුවන්ට සමාජය ගැන කියා දෙන හැටි.. එහෙමයි එදා ඒ සමාජවාදී රාජ්‍ය හැදුවේ..

    ReplyDelete
  11. තාත්තල පුතාලා, බාප්පලා එකතු වෙලා රට කන බව නම් දැනේ...

    ReplyDelete
  12. තාත්තා මොනා කලත් ඒ තාත්තා ගැන මට පුදුම ආඩම්බරයක් දැනෙන්නේ අයියේ :v ;v :v :v

    ReplyDelete
  13. එහෙනම් අම්මට කියමු වෙන තාත්තාකෙනෙක් ගෙන්න කියලා

    ReplyDelete
  14. තාත්තට හෙන වදියිද මේ කරන දේවල්වලට අයියේ?

    සුබ පැතුම්...උඹත් දැන් ආඩම්බරකාර දේශද්‍රෝහියෙක් දුකා...

    ReplyDelete
  15. පිස්සු හැදෙයි.උඹලට පේන්නැද්ද තාත්තා අපි වෙනුවෙන් දහදුක් විඳින තරං.හුඃ.කිසිම කෙළෙහිගුණයක් නැති අවලං යක්කු.යකෝ අපි වගේ තාත්තට වැඳගෙන හිටපල්ලකෝ.

    ReplyDelete
  16. තාත්තෙ ඉස්සෙල්ල අම්මිගේ අක්කිව පොලොවෙ ගහල මැරුවෙ නැත්නම් එයත් මේ වෙනකොට හිරුනිකා වගේ පච්ච කොටපු කෙල්ලෙක් නේද තාත්තෙ....
    නාමල් පුතා.

    ReplyDelete
  17. එසේම වේවා යන්න මගෙත් පැතුමයි. ගෙදර බලේ බෙදන්න ඕනේ

    ReplyDelete
  18. මේ පුතා නම් මේ තාත්තගේ නෙවෙයි. :D

    ReplyDelete
  19. දෙවිඳුනි...........
    වහලුන්ය අප
    පාරාවොන්ගේ දේශයේ
    මෝසෙස්ලා ද නිහඬය....

    කාසි සිලි සිලියට
    ආරොන්ලා ද වසඟය...

    රජ මැතිඳුන්ට
    කිත් යසස් පතුරන්නට
    මළ සොයුරන්ගෙ සොහොන් මතින්
    පිරමීඩ තනන්නෙමු අප.....

    රජ මැතිඳුන්ට
    යසිසුරින් වැජඹෙන්නට
    දුගියන්ගේ දුක් කඳුළු
    නයිල්ගගේ පා කර
    ප්රලශස්ති ගීත ම අසන්නෙමු අප..

    දහක් යාදිනි
    පපු කැනැත්තේ හිර කරගෙන
    මුව අගුළු ලා ඇත්තෙන්
    සුසුම් ගිනි පිට කරන්නෙමු අප...

    දෙවිඳුනි
    රතු මුහුද තව කොතරම් දුර ද?

    ReplyDelete
  20. හැබැහින් කාටවත් නොලියන ලියුමක්...ඒත් ඉතිං තාත්තල පුතාලගේ හෘද සාක්ෂිය කියල එකක් තියේ නං අවුලක් නෑ.. කවද හරි තේරේවි

    ReplyDelete
  21. වැඩේ තියන්නේ පුතාලත් කරුමෙට වගේ ඒ තාත්තාගේම නිසා.තාත්තා විනාස කරන සල්ලි පුතාලත් ටික ටික හොර කන එකනේ.ඉතින් අම්මට පෙනුමට පුතාල හිටියට මේ විනාසෙට විරුද්ද ඇත්ත පුතාල කව්ද කියල හොයා ගන්න බෑ.

    ReplyDelete
  22. හොඳයි පුතේ... උඹ කියනා ලෙසම කරන්නං... අපේ මෙව්වා එක නගා සිටවන්නම්... ජාතික මෙව්වා එක ඇති කරන්නං... ඔක්කොම කොරන්නං... අර උඹේ මෙව්ව එක, ඊළඟ සැරෙත් මට ගහපං හොඳේ.... ඊට පස්සේ මේ ඔක්කොම ප්‍රශන් මම විසඳනවා මගේ චින්තනේ තුන ගෙනල්ලා, අම්මපා ඔව්...

    ReplyDelete
  23. මෙන්න ලියුම්....!

    ReplyDelete
  24. අදහස් දක්වපු හැම දෙනාටම බොහෝම ස්තූතියි . .

    මේ දවස්වල අම්බානක වැඩ අයියෝ තනි තනිව රිප්ලයි කරන්න වෙලාවක් හොයා ගන්න එක හරිම අමාරුයි . .

    ReplyDelete
  25. //තාත්තාගේ නාස්තිය දූෂණය නිසා තාත්තාත් මුලු පවුලත් විනාස වෙන බව දැක "ආඩම්බරකාර තත්තේ, දැන් වත් මේ ගොන් පාර්ට් නතර කර පවුලේ දියුනුව ගැන හිතපන්" කියලා කියන්න අපේ පවුලේ උන්ගේ කොන්ද පන තියෙන දවසක් මැරන්න කලින් උදාවේවායි මගේ එකම පැතුමයි.//

    පිස්සුද බන්, තාත්තගේ මුළු පවුලම ගොඩ.

    ReplyDelete
  26. අඩෝ මේක මගේ පුතෙක් ලියපු එකක් නම්වෙන්න බෑ, මේ කොහෙද යන වේ... ගේ පුතෙක් ලියපු එකක්. කෙලෙහි ගුණ නැති ගුණමකුවෙක් , ගෙදර එවුන් පාවා දීලා අල්ලපු ගෙදර එවුන්ට මේ ගේ ලියාගන්ඩ උදව් කරන ගැත්තෙක්.
    මීට තාත්තා

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails