Saturday, June 4, 2011

ගාමන්ට් කෑලි වල නියම අගය පෙන්වූ නුඹ . . !



අපෝ ගාමන්ට් කෑලිද - උන් හොඳ සොමියක් ගන්න
ගාමන්ට් කෙල්ලෝ කොල්ලෝ - මෙලෝ රහක් නෑ චා මැක්ස්
මෙසේ කියමින් උගතුන් වියතුන් - පැෂන්කාර පොෂ් පොරවල්
දෙකේ කොලේට දමා තිබූ නමුත් - වචනයේ පරිසමාප්තියෙන්ම
නියම කම්කරුවන් වූ - අපේම සහෝදරියන් සහෝදරයන්
කොන්ද පන ඇති - නියම මිනිසුන් බව
ලෝකෙට පෙන්වාදුන් - සලකුණ නුඹයි සොයුර

හැම අවුරුද්දෙම මැයි පලමුදාට - පක්ෂ සාමාජික පොරවල්
රතු නිල් කොල කමිස ඇඳන් - බුරියානි කා අරක්කු බොමින්
මන්ත්‍රී සල්ලි ගෙවූ බසයෙන් - කොළඹට ට්‍රිප් ඇවිත්
කම්කරුවන්ට ජයවේවා කියනු වෙනුවට
මන්ත්‍රීට ජය වේවා, ජනාධිපතිට සැප වේවා කියා
උගුරු කඩාගෙන කෑ ගහන විටත්
ෂිප්මන්ට් එකට පෙර - ටාගට් කවර් කරන්න
ෆැක්ටරියේ සොයුරු සොයුරියන් සමඟින්
හරි හරියට වැඩ කරන්න ඇති - රොෂේන් සොයුර නුඹත්

රුපියල් පන්සීයක වැඩි පඩියක් - වෙන ෆැක්ටරියකින් දෙන්නම් කීවොත්
ගෙදර බ්ලොග් ගල් බිත්තියක් - කපරාරු කරගන්න
සතියට දවසක් දෙකක්වත් - මාලු කෑල්ලක් මස් කෑල්ලක් එක්ක
බත් කටක් අම්ම-අප්පට - අක්කලාට ලබා දෙන්න
ඕන කමට යන්න හිතුවොත්
බලෙන් ලබාදෙන්න යන - පැන්ෂන් එකේ වගන්ති
"අවුරුදු දහයට අඩුවෙන් අයින් වුනොත්
කපා ගත් කිසිවක් දෙන්නේ නැත "
උඹේ හිත හිරි වට්ටන්න ඇති . .

ආන්ඩුව කියන්නැහේ - ජෙප්පන් ලියාදුන් දේ
කට පාඩමින් කියන - ගිරාපෝතකයින් නොව
සහතික මිටි, උගත්කම - පැත්තකට වීසි කොට
අම්ම අප්පට තව තවත් - බරක් වෙන්න බැරි කමට
ෆැක්ටරියක රස්සාවට ආ - බුද්ධිමතුන් පිරිසක් වග
ලෝකෙටම නුඹලා - පෙන්නුවා නොවේද සොයුර
වීඩියෝ වලින් අප දුටු - මේ අකාරයෙන් ප්‍රශ්න කර

"කම්කරු අපේ යහපතට - කිසිවක් කරන්නැයි
පාලකයින්ගෙන් නො ඉල්ලන නුඹලාට
අපේ සොච්චම් පඩි පතින් ගානක් කපාගෙන
වයස පනහේදී පැන්ෂන් ගොස්
හැටේදී පැන්ෂන් පඩියක් දෙන්න තරමට
අපි ගැන දුකක් පහල වුනේ – අරුමය කිම මේ හදිස්සියෙන්"

තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් - උදේ හවා පක්ෂයකට කඩේ යන
මහා උගතුන් යැයි කියාගන්නා - පොරවල් දැක දැක
අනේ මේ වගේ කොඳුඇටපෙළක් නැති - බඩජාරි හැත්තක් ඉන්න රටක
ඉපදුනේ මොන කරුමෙටද කියා - දුක් වෙවී ඉන්න මොහොතක

තුවක්කුවට බැටන් පොල්ලට බය නැති
අතක් පයක් කැඩුවත් බඩට හෙන ගැහුවත් විතරක් නොව
ජීවිතයම වුව පුදන්න තරම් බය නැති අභීත
අසාධාරණයට එරෙහි වෙන - කොන්ද පන ඇති මිනිස්සුත්
මේ රටේ ඉන්න වග - පසක් කර දුන් සොයුර
කලකිරීම දුරු කරගන්නට හිතට සවි දුන් සොයුර
නුඹ වෙනුවෙන් කඳුලක් හෙලීම පමනක් - තේරුමක් නැති බව හැඟේ මට

අයුක්තිය වෙනුවෙන් කඳුලු සැලීමට වඩා දෙයක් කල යුතු බව
හදට දැනවූ සොයුර හිතට බල කරවන සොයුර
ස්තූතියි නුඹට ණයගැතියි මා නුඹට
දෙව් මවු තුරුලේ නුඹට සාමදානෙන් සැතැපෙන්නට
වරම් ලැබේවා යි පතමි නුඹට දයාබර රොෂේන් සොයුර . . . !


44 comments:

  1. වෙඩි තියලා මරන්න බැරි මිනිසුන්ගේ හඩ...
    ඉල්ලීම් දිනා ගැනීමට නොව නොවටිනා දීමනා වලට එරෙහි වීම

    ReplyDelete
  2. අන්තිමට වුනේ කොල්ලෙක් මැරුන කියන එක විතරයි... කියන එක තමයි ම‍ගේ නම් හැඟීම... ඒ හරහ ලැබුන දෙයක් තියෙනව නම් ඒ මාධ්‍ය වලට නිව්ස් ටිකකුයි, මිනිස්සුන්ට ටික දවසක් කථාකරන්න දේකුයි විතරයි...

    ReplyDelete
  3. කොල්ලෙක් මැරුනා විතරක්ම නෙමෙයි සාතන් . .
    ජනතාවගේ අකමැත්තෙන් බලෙන් ගේන්න ගින පනතක් ගේන එක නතර වුනා.
    හැමදේටම මිනිස්සු ඔලුව පාත්කරගෙන ඉන්නේ නෑ කියන පනිවිඩේ ලැබුනා
    දෙනදේ කාලා වෙනදේ බලන් ඉන්න මිනිස්සු විතරක් නෙමෙයි කොන්ද පන තියෙන මිනිස්සුත් අපේ රටේ ඉන්න බව ඔප්පු වුනා. .


    විශ්‍රාම වැටුප් පනත කම්කරු ඇමැති ඉල්ලා අස්‌කර ගනී

    රජය විසින් ඉදිරිපත් කරනු ලැබූ පෞද්ගලික අංශයේ සේවක සේවිකවන් සඳහා වූ විශ්‍රාම වැටුප් පනත ඉල්ලා අස්‌කර ගත් බව කම්කරු ඇමැති ගාමිණී ලොකුගේ මහතා ඊයේ (03 වැනිදා) නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

    මෙම පනතට එරෙහිව නිදහස්‌ වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන් විරෝධය පළකරමින් උද්ඝෝෂණය කිරීම සහ එහිදී පොලිසිය සමග ඇති වූ ගැටුමකින් සේවකයකු මරණයට පත්වීමත් සමග කැබිනට්‌ මණ්‌ඩලය මෙම පනත අත්හිටුවීමට පෙරේදා (02 දා) තීරණය කරන ලදී.

    ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ මෙම විශ්‍රාම වැටුප් පනත කම්කරු ඇමැතිවරයා විසින් ඊයේ ඉල්ලා අස්‌කරගෙන තිබේ.

    උපුටා ගැනීම දිවයින පුවත්පත . . .

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ආන්ඩුවට බරක් නැති..
    රටට වැඩක් ඇති..
    පෞද්ගලික අංශයේ හැට ළක්ෂයක් ජනතාව වෙනුවෙන්
    පිඳුවා ජීවීතය නුඹ
    නගා සැම මව් පිය නෙතු කඳුලක්
    උගන්වා අදමයින්ට පාඩමක්
    සටන් කොට දිනාගත් ජය වෙනුවෙන්
    සැනසේවා දෙව් මව් තුරුලේ
    මගේ රත්තරන් පුතේ......

    ReplyDelete
  6. අර නිල් ටී ෂර්ට් එක ඇඳලා ඉන්න කෙල්ල කොච්චර හොඳට කතා කරනවාද කියනවා නං, මං ගිය සුමානේම කලේ ඔය වීඩියෝ එක තිබුණු W3Lanka ගේ පෝස්ට් එකේ ලින්ක් එක මං දන්න අයට ඊ-මේල් කරන එකයි.

    ReplyDelete
  7. පුතා ජීවිතේ පුද කරලා කලේ ලොකු සේවයක් දුක් විඳින හැමොම වෙනුවෙන්...

    ඒ මල්ලිගේ තාත්තා ස්වර්ණවාහිනියට කීවේ එහෙම..

    ReplyDelete
  8. වීඩියෝ එක බැලුවම ඇඟේ මාළු නටනවා නේද .
    නියම පොයින්ට් එකට කථා කලා.ඇත්තටම විශාල ජයග්‍රහනයක්.
    මට වටු කුරුල්ලන්ගෙ කථාව මතක් උනා.

    ReplyDelete
  9. පුද්ගලික අංශේ සේවකයන්ටත් විශ්‍රාම වැටුපක් ඕනෑ.හැබැයි ඒක කම්කරුවා පිනවන එකක් මිස ආණ්ඩුවේ ඇමතිලා පිනවන එකක් නොවී.මේවගේ ආණ්ඩුවකින්නම් කවදාවත් ඒ ආකෘතියෙ පනතක්නම් බලාපොරොත්තු වෙන්න අමාරුයි.ආණ්ඩුවේ තුච්ඡ අරමුණු ආපස්සට හරවපු කලාපයේ සහෝදර සහෝදරියන්ට මෙන්න අපේ ආචාරය.

    ReplyDelete
  10. පවුලක් ගොඩ ගන්න හිටපු අහිංසකයෙකුගේ මලගම. දැන් පක්ශ වල එක එක එවුන් මේ මිනිය බෙදාගන්න පොරකනවා.
    අපේ ගමේත් එක එක පක්ෂවල එවුන් උන්ට ඕන විදිහට පෝස්ටර් ගහලා.

    මේ මල්ලි කිසිම පක්ෂයක සාමාජිකයෙක් නෙමේ ලු. අඩුම ගානේ චන්දේ දීලාවත් නෑ ලු. එහෙව් එකේ පක්ෂ වලින් මේ කට්ටිය මිනිය බෙදා ගන්න දගලන හැටි.ශික්. බොර දියේ මාලු බාන මිනිස්සු ඉන්න මෙහෙමත් රටක් !!!! ජාතිය ගැන දුකයි !!!!

    ReplyDelete
  11. True... මොකා කොහේ හිටියත් ලේ වලට බයයි. ඒකයි ඇත්ත..

    ReplyDelete
  12. මාරා දැම්ම මදිවට බලෙන් අවසන් කටයුතුත් ඉවර කරලා... මේක මාර ආශ්චර්යමත් රටක් නේ දැන්..... රොෂේන් දිවි පිදුවේ හුදී වැඩකරන ජනතාවට පමණක් නොවෙයි... පනතේ හැටියට පුද්ගලික ආයතනත් මේ මගඩියට එයාලගේ දයකත්වක් දෙන්න වෙන එක නැවතුන.... ඇත්තටම මිනිසුනේ අස් කන් නැද්ද තවත් මෙවන් පාලක හැතිකරයකට ආවඩන්න....

    ReplyDelete
  13. මේ පනත් ගේන උන්ගෙයි ඔලු පලල දත් කඩන්ඩ ඔන,ඒත් වෙන්නෙම මේවල අනිත්පැත්ත බබා ලන්තයේ...

    ReplyDelete
  14. අහිංසක පුතෙකුගේ අවාසනාවන්ත නික්මයාම. සැනසේවා දෙව් මව් තුරුලේ
    රත්තරන් පුතේ......

    ReplyDelete
  15. අලුගෝසුවනේ වලදාපන්
    අප වලදාපන්
    වන්දිත් එක්කම වලදාපන්

    ReplyDelete
  16. මේවට හේතුව හරි විපක්ශයක් නැති කම.විපක්සය නිදි වගේ ඉන්නෙ.ලන්කාවෙ මිනිස්සු මර්දනය ඇතුලෙ ජිවත් වෙන්න පුරුදු වෙලා.නිකම් නොදැනීම හුස්ම ගන්නව වගේ.අඩු ගානෙ කිසිම channel එකක් ආන්ඩුවෙ වැරදි කියන්නැ.ඔබට නිවන් සුව.

    ReplyDelete
  17. මෙය අවසානයේ ජනතා විමුක්ති පෙරමුනේ තවත් මිනිස් බිල්ලක් ගෑනීමක් ලෙස අනිවාර්යයෙන්ම සෑලකිය යුතුය.....රජයට විරුද්ධව පසුගිය කාලයේ සිදුවූ උද්ඝොශන වලදී මියගිය තරුණයන්ගේ වයස ඔබලා විමසා තිබෙනවාද? ඔවුන් සෑම විටම අවුරුදු 25 ට අඩුවීම පුදුම සහගතය...උද්ඝොෂණ එන්න පෙර මීඩියා වලින් කෑගහන එවුන් අවුරුදු 35 ඉක්මවූ පප්පලාය...ඒ එකෙක් වත් උද්ඝෝෂණ වල දී මෑරෙන්නේ නෑත...මෑරෙන්නේ කවදාවත් දෑකලා නෑති බොහොම පොඩි " චූ කොල්ලන්ය" ...උන් කිසිම හයක් හතරක් දන්නේ නෑති ගේමට බෑස්සාම ත්‍රිල් එක නිසා ලොක්කන් විසින් ඉදිරියට යවා විහින් මෑරුම් කව්වන උන්ය...ගෙවල් දොරවල්, දරු පවුල් ඉන්නේ උද්ඝොෂකයන්ට පමනක් නොව පොලිස් නිළධාරින්ට ද ඈත..ඔවුන් මියගිය විට ඒ පවුල් ද අනාථ වෙති...ඒ මිනිසුන් මියගිය විට ඔය ජේ.වී.පී. බල්ලන් සොයා ගන්නවත් බෑරිය...පොලිසිය කරපු වෑඩේ වෑරදිය..දෑන් එය තෑලෙන යකඩයක් වී ඈත..නමුත් උද්ඝොෂණයක දී හෝ වෙනයම් දේක දී හෝ පොලිසියට ගල් ගසන්නේ අහවල් කාරියකටක ද? ලන්කාවේ උද්ඝෝෂණයක් ඕනෑම තෑනක පවත්වා මීඩියා වලින් ලොකු ප්‍රසිද්ධියක් දුන්නොත් ඒ හොඳටම ඈතිය...එහෙත් ජෙප්පෝ මිනියක් කොහොම හරි මරා ගනි..උදාහරණ ලෙස ලිප්ටන් වට රවුමේ ජෙප්පන් ද , කොන්ඩයන් ද, කාන්තා සමිති ද , මෙකී නොකී සෑවොම උද්ඝෝෂණ කරති...නමුත් පොලීසියට ගෑසුවා යයි අපි නොදිටිමු...නොඈසුවෙමු...නමුත් බිල්ලක් ඕන වුනාම පොලිසියට ගල් ගසති...නෑත්තම් කොල්ලුපිටිය හන්දියෙන් ඉදිරියට පෙලපාළි මෙහෙයවති...පොලිසි වල ඉන්නෙත් ජීවිත වලට ආස , රෑකියා වලට ආස පිරිස් ය....කොහේවත් නෑති උද්ඝෝෂණ වල අතේ වෙපන් එකක් තියාගෙන තම දිවි පුදන්න ඔවුන්ට උවමනා නෑත...රොශේන් යනු උද්ඝොෂණ වලට හිටපු කොල්ලෙක් නොවේ.උද්ඝෝෂණ මග හෑර ගෙදර යන්න ගිය කොල්ලෙකි...තමන්ගේ ඉහල නිළධාරියාට ඈහෑක් පොට්ට වෙන්න ගල් ගෑසූ විට තමන්ගේ ඔලුව බේරගන්න ගල් ගෑසූ එකාත් නොගෑසූ එකාත් වෙන් කර කර ඉන්න අතේ ආයුධයක් ඈති අයෙක් සිත සිතා ඉන්නේ නෑත..( මම ඒ පොලිස් නිලධාරිය විනි නම් මම ද සමහර විට ඒ දෙය කරනු ඈත...) මේ සරල සත්ය හෑමොඅම දනිති...ජෙප්පෝ පාවිච්චි කලේ එයය...මේ බල්ලන් සෑමදා මෙලෙස මිනී බා ගත්හ..හෙට ද කරනු ඈත...තොපි ඔච්චර ජනතාවට ආදරේ නම්, විජිත හේරත්, අනුර කුමාර, ලාල් කාන්ත, වසන්ත සමරසින්හ,හඳුනෙත්ති, බිමල් රත්නායක..නම් ගොඩක් ඈත...එකෙක් ජනතාව වෙනුවෙන් මෑරිලා පෙන්නපියව් ...!

    ReplyDelete
  18. දශක තුනකටත් පොඩ්ඩක් වැඩියෙන් ..

    ඇහින්ම දැක ඇත මේවා මමනම්..

    මරණය දොරකොඩ කොකන් කරනකොට

    එකෙක්ය පොඩි මම බේරුණු අයගෙන්

    නංගිලා මල්ලිලා මිස ඔය අසරණ

    මැරෙන්නේ නැහැ ලොකු අය්යල කවදත්..

    ඉතිහාසය යලි යලි හිස ඔසවයි.

    හිතන එකත් මට නම් බිය ගෙන දෙයි..

    උදේ හවා දෙක පතන්නේ මානම්

    යලිත් ලේ විලක් එපා එපාමයි

    ReplyDelete
  19. තමන් හරියැයි ඇදහූ ප්‍රථිපත්තියක් වෙනුවෙන් දිවි පුදන්න පුළුවන් ශ්‍රේෂ්ඨයන්ට විතරයි. ඒ නිසාම නුඹ වීරවරයෙක් සොයුර....!

    ඒ වගේම නුඹලාගේ ලේ, දහඩිය, කඳුළු විකුණගෙන තම බඩ ගෝස්තරේ රැකගන්න එවුන්ට කෝටි ගාණකගේ ශාපෙන් මිදෙන්නත් බැහැ....!

    ReplyDelete
  20. මොනා කියන්නද . . . . . රටේ ශ්‍රම බලකායෙන් වැඩිම පිරිසක් පුද්ගලික අංශයේ සේවය කලත් තමන්ට සිද්දවෙන්න යන අසාදාරනේට විරුද්දව නැගීසිටින්නට තරම් කොන්දක් තිබුනේ මේ ගාමන්ට් නංගිලාට මල්ලිලාට විතරයි. ඇත්තෙම්ම මට මං ගැනම ලැජ්ජයි ඒගැන හිතද්දි පවා . . . .ක‍ටුනායකින් ලැබුන මේ ආරම්භයට පුද්ගලික අංශයේ අනිත් පාර්ශව වලිනුත් යම්කිසි මට්ටමකට හෝ සහබාගීත්වයක් ලැබුන නම් . . . . මේ තත්වය සහමුලින්ම වෙනස්වෙන්න ඉඩ තිබුනා . . . . බොරදියේ මාලු බාන ජෙප්පන්ටත් ගල් ගහල පන්නන්න තිබුනා . . . . .
    අපේ අනාගතය වෙනුවෙන් ජීවිතය පුදකල රොෂේන් මල්ලි . . . . උඹට නිවන්සුව . . . .!!!

    ReplyDelete
  21. matamathakahatiyata said...

    දේශපාලනය කියන එකෙන් මිනිස්සු කොච්චර ඈත් වෙල ඉන්න හැදුවත් ඒක කරන්න බෑ...

    මිනිසා දේශපාලනික සත්වයෙකි කියන්නෙ ඒක වෙන්න ඇති....

    රොෂේන් මල්ලියෙ උඹ රස්සාවට එන්න ඇති පුංචියට ජීවිතේ පටන්ගන්න..

    ඒත් අද....

    මල්ලියෙ ඒත් උඹ ගියේ පුද්ගලික අංශයෙ වැඩකරන ලක්ස හැටක් විතර මිනිසුන්ගෙ ජීවිත වලට ලොකු දෙයක් දීල....

    ඒක උන්ගෙන් කීදෙනෙක් දන්නවද කියන්න මම දන්නෙ නෑ...

    එහෙම කියන්නෙ ඒක හරියට දන්නවනම් උඹේ මළ ගෙදර විසිපන්දාහක් නෙමෙයි...

    ලක්ස විසිපහක් විතර මිනිස්සු ඉන්න තිබුන නිසා....

    උඹ ඕව හිතන්න එපා...

    බැටළුවන්ගෙන් එළුවන් වෙන්කරන දවසට උඹ අනිවා බැටළු ගොඩේ...

    ReplyDelete
  22. මිනිහෙක් මරන්න පුඵවන් පරාජය කරන්න බෑ කියල හෙමිංවේ මහත්තය ලියල තිබ්‍බනෙ... බලමු බලමු මොකද වෙන්නෙ කියල..

    ReplyDelete
  23. මේ මරණයෙන් ජයග්‍රහනය කළේ කම්කරු ජනතාව නෙමෙයි, කාලකන්නි ජෙප්පො. ආරන්චි විදිහට පොලීසියට ගල් ගහලා ගැ‍ටුමක් පටන් අරන් තියෙන්නෙ උද්ගෝශනය මැද හිටිය නාඳුනන පිරිසක්, අනිවා ජෙප්පොන්ගෙ සෙට් එකක් වෙන්න ඇති! අන්තිමට කම්කරුවන්ට තවත් එක සගයෙන් නැතිවුනා, ජෙප්පන්ට පොටක් පෑදුනා. එච්චරයි.

    ReplyDelete
  24. විශ්‍රාම වැටුප් මගඩියක්

    බලාත්කරෙන් පටවන කප්පමක්

    නියම සංවාදයක් හා උත්තරයක්‌

    තාවකාලික අත්හිටුවීමක් [මතක හැටියට මේක ආවේ උද්ඝෝශ්සනයට පෙරයි. මතක විදිහට 29 රෑ ම අත් හිටුවන ප්‍රකාශ නිකුත් කරලා තිබ්බේ]

    ජෙප්පන්ගේ ජනතාව පාරට බස්සන සිහිනේ සැබෑ වීමක්

    කලහකාරී ජෙප්පන් ගේ හැසිරීම

    පොලිසියට ප්‍රහාරයක්

    ලෙයට ලේ සොයා පිස්සු බල්ලන් වගේ වෙඩි තැබූ මුග්ධ පොලිසිය

    අහිංසක කොල්ලෙකුගේ මරණයක්

    ජෙප්පන්ට තවත් මිනියක්

    විප්ලව කාරයින්ට විප්ලවීය ආචාරය පුදන්නට බිලිදුන් විප්ලවය ගැන මල හත්තිලව්වක් නොදන්නා අහිංසකයෙක්

    දෙමව්පියන්ට අහිමි වූ දරුවෙක්

    ජෙප්පන්ට මාතෘකාවක්

    මාධ්‍යකාරයින්ට සතියක එදා වේලක්

    තව ටික කලකින් කාටත් අමතක වූ මරණයක්

    ඔන්න ඔච්චරයි කතන්දරේ. අපරාදේ අහිංසක කොල්ලෙක් මලේ කියලයි මට නම් කියන්න තියෙන්නේ.

    ReplyDelete
  25. හා අමතක උනා මේක.

    වසරකට වරක් වගේ "රොෂේන් නැවත කියවමු", "රොෂේන් හා විප්ලවය", වගේ මාතෘකා ගැන තියරි තෙල් කොන්ටේනර් ගානට බාලා ලොරි ටෝක් දේවි පබ්ලික් ලයිබ්රියේ ඔඩිටෝරියම් එකේ.

    ReplyDelete
  26. උද්ඝෝෂණය ඇරඹුණේ නිකම් නොවන වග අර කතා කළ සොයුරු සොයුරියන් අගේට ඔප්පු කළා. තවත් කෙනෙක් කියා තිබූ පරිදි පෞද්ගලික අංශයේ අනෙක් අයත් මෙයට එක් වුණානම්, වඩා ප්‍රබල බලවේගයක් වෙන්න තිබුණා.
    පොලිසියට ගල් ගැහුවෙ ගාමන්ට් සේවකයින්ද, ජවිපෙන්ද කියන කාරණය පසෙක තිබියදී පොලිසියෙන් මීට වඩා වගකීමකින් යුතුව කටයුතු කළ යුතුව තිබුණා කියලයි මට හිතෙන්නෙ. ප්‍රශ්නයකට සංයමයකින් මුහුණ දීමට පුහුණුවක් ගාමන්ට් සේවකයින්ට නැති වෙන්න පුළුවන්. නමුත් පොලිස්කාරයින් යනු අවි දරන නිල ලත් මැරයින් පමණක්ද? පසුගිය කාලය තුළ පොලිසිය සම්බන්ධ නිස්කාරණ මිණී මැරුම් කීයක් සිදුවුණාද?

    මිය ගිය තරුණයාගේ දේහය බෙදා ගැනීමට පොරකන දේශපාලන කාක්කන් ඉන් ලද හැකි ප්‍රයෝජනයක් නැති වූ කල වෙනත් ගොදුරක් සොයාගනු ඇති; තවත් පිරිසකට වසරකට වරක් සිය වාසිය පිණිස කථා පැවැත්වීමට නමක් එකතු වුණා විය හැකියි. නමුත් ඇත්තම පාඩුව ඒ අහිංසක දරුවාගේ පවුලට, හිතවතුන්ට විතරයි.

    රොෂේන් දෙව් මව් තුරුළේ සැනසේවා.

    ReplyDelete
  27. [[පොලිසියට ගල් ගැහුවෙ ගාමන්ට් සේවකයින්ද, ජවිපෙන්ද කියන කාරණය පසෙක තිබියදී පොලිසියෙන් මීට වඩා වගකීමකින් යුතුව කටයුතු කළ යුතුව තිබුණා කියලයි මට හිතෙන්නෙ]]

    මෙතන මීටත් එහාට යන දෙයක් තියෙනවා. පොලිස් කාරයෙකුට තුවාල උනාම හෝ මිය ගියාම ඔවුන් හැසිරෙන්නේ පිස්සු බල්ලන් වගේ. විශේෂයෙන් උසස් නිලධාරියෙකුට. එතන ඉඳං උන් රකින නීතියක් හෝ සාමයක් නැහැ. මේ ලංකාවේ ඇති සුවිසාල පිලිකාවක්.

    පොලිසියේ අය ම ගැහුවද උඩින් ඔඩරේ දුන්නද කියන ඒක නම් මට හරියටම කියන්න බැහැ.

    ReplyDelete
  28. ඇත්තෙන්ම මමත් තදබල UNP සහ JVP විරුද්ධ වාදියෙක්.

    හේතුව 88-89 කාලේ අවුරුදු 15ක කොලුගැටයෙක් විදිහට මම විඳපු අත්දැකීම්.

    ට්‍රාන්ෆෝමර් ගිනි තියමින් ප්‍රභූන් මරාදමමින් JVP එක කල අමු විනාසයත් UNP එක කොල්ලෝ කෙල්ලෝ අමු අමුවේ මරාදමමින් ගංගාවල පාකල ටයර් දමා පිලිස්සූ මතක මගේ හිතින් තවම අත්හරින්න බැරි කම ඒකට මූලිකම හේතුවක්.

    ඒත් JVP එක ප්‍රජාතාන්ත්‍රික ප්‍රවාහයට එක්වූ පසු පෙන්වූ දේශපාලන සදාචාරය (බලය ලබා ගන්න කම් කරන මගෝඩියක් විය හැකි වුවත්) අමතක කරන්න කොහොමටවත් බෑ.

    UNP එක සහ සියළුම පක්ෂ යුද්ධය නිමාකරන්න බෑ කියන මතේ ඉන්න වෙලාවේ මහින්ද රාජපක්ෂ බලයට ගේන්නත් ඔහුට යුද්ධය යුද්ධයෙන් නිමාකරන්නත් අවශ්‍ය ශක්තිය ලබා දුන්නේ JVP එක කියලයි මගේ හැඟීම.

    පසු කාලීනව SLFP එක UNP එකේ සහ JVP එකේ බඩජාරි දේශපාලකයින්ව බිලීබාගෙන (පහුගිය කාලේ දූෂන චෝදනා තිබූ දේශපාලකයෝ පැති මාරු කරලා ඒ ප්‍රශ්න වලින් ගොඩ ගිය අපූරුව, පුවත්පත් වලින් කියූ එක එකාට ගෙව්වයි කියූ ගනන් මිනුම් මතක් කර ගන්න) JVP එක තුන්වෙනි බලවේගය කියන තැනින් කුනු බක්කියට දාපු හැටි මතකයිනේ.

    කොහොම නමුත් JVP එක ගැන මිනිස්සුන්ගේ විස්වාසය බින්දුවට බැහැපු හැටි පහුගිය මැතිවරණවලදී ඔප්පු කරලා තියෙද්දිත් ආන්ඩුව අනාගත්ත හැමපාරකම ඒක JVP එකේ කුමණ්ත්‍රණයක් කියලා කියන එක මහා විහිලුවක් කියලයි මට හිතෙන්නේ.

    මේ සිදුවීම JVP එකේ කුමන්ත්‍රණයක් කියන එක විස්වාස කරන එක ආන්ඩුවේ ලණු රෝල් පිටින් ගිලපු අයගේ අදහසක් නෙමෙයිද??
    මේ වීවියෝ එකේ කතාකරන සහෝදරවරු JVP කාරයෝද සාමාන්‍ය කම්කරු සේවකයෝද කියන එක පැහැදිලි කරුනක් නෙමෙයිද?

    මේ අය ගිරවු වගේ කොලයක් බලාගෙන කියවනවා නෙමෙයි බොහෝම දැනුවත්ව කතාකරනවා කියලා සමහර උගත් සහෝදරවරුන්ට නොතේරෙන්නේ ඇයි කියලා මට නම් හිතා ගන්න බෑ.

    කටුනායක එයාපෝර්ට් එකේ ව්‍යාපෘතියක මම වැඩ කරන කාලේ කටුනායක බෝඩින් වෙලා හිටියා. ඒ කාලේ මේ කලාපේ කොල්ලෝ කෙල්ලෝ ගැන මගේ හිතේ තිබුනු (අහන්න ලැබුනු දේවල් වලින් මවාගත්) ප්‍රතිරූපය සම්පූර්ණයෙන් බිඳ වැටුනා.

    කලාපේ වැඩකරන බොහෝ අය විවාහ වුනාට පස්සේ ඒවායින් අයින්වෙනවා කියලා මම කියෙව්වා.

    ඒක ඇත්තක්. සමහර අය එක තැනක වැඩ කරන්නේ ටික කාලයයි. ඊට වඩා සොච්චමක් හරි වැඩියෙන් දෙන තැනක් තිබුනොත් ඒ අය ඒකට යනවා. ඒක කලාපේ නෙමෙයි පුද්ගලික අංශයේ කවුරුත් කරන දෙයක් නේ.

    ඉතිං එහෙව් එකේ මේ පනතේ තිබුනු අවුරුදු 10ට අඩුවෙන් අයින් වුනොත් කපාගත් කිසිවක් ලබා නොදෙන බව දැනගෙන ඒකට විරුද්ද වුනු සහෝදර සහෝදරින් JVP එකේ පදේට නටපු රිලානැට්ටන්ගේ ගානට දාන එක ඒ අයට කරන අපහාසයක් . .

    මොකද කලාපේ රස්සාවට ආ බොහෝ අය උසස්පෙළ කරපු අය . . කැම්පස් සිලෙක්ට් වෙලත් අම්ම තාත්තට බරක් වෙන්න බැරි කමට ගාමන්ට් වල ෆැක්ටරි වල වැඩට එන, ආපු අය ඕන තරම් ඉන්නවා ඔතන.

    ඒක නිසා කරුණාකරල උගත් බුද්දිමත් සහෝදර සහෝදරියනි ඒ කම්කරු සහෝදර සහෝදරියන්ට අපහාස කරන්න එපා කිසි දෙයක් නොදැන කොහේවත් ඉන්න (සමාජයේ විස්වාසය බින්දුවට බස්සගත්තු) JVP එකේ පදයට රැවටිලා අහිංසකයෙක් මරාගත්තු අය විදිහට.

    ReplyDelete
  29. @sujeewa!
    "පොලිස් කාරයෙකුට තුවාල උනාම හෝ මිය ගියාම ඔවුන් හැසිරෙන්නේ පිස්සු බල්ලන් වගේ"

    ඔය තත්වය පොලිසිය ආමි එක නේවි එක ඔක්කෝටම පොදුයි.

    හේතුව අපේ සිස්ටම් එකේ තියෙන ලිහිල.

    මතකයිනේ ස්ලිට් එකේ කොල්ලෝ කොල්ලෝ අතරේ ගිය වලියක් දුරදිග ගිහින් පොලිසියේ ලොක්කෙක්ගේ පුතෙක් නිපුණ රාමණායක සිසුවව තාත්තගේ බැටෑලියන් එකේ සහයෝගෙන් උස්සලා පොලිස් කාරයගේ බිරිඳ නිපුණගේ ඔලුව උඩ නැගලා "උඹට මගේ බර තේරෙනවද . . අපේ පුතාලා වගේ අය එක්ක හැප්පෙන්න එනවද මින් පස්සේ" වගේ ජාති කියලා ඒ කොල්ලට දුන්නු වදය?

    අන්තිමේදි අර පොලිස් ලොක්ක නිපුණ ලව්වා බලෙන් ඒ කොල්ලා පාතාලේ සාමාජිකයෙක් කියලා ලියව ගන්න ගිහින් ඒ කොල්ලගේ අම්මලටත් පොඩි දේශපාලන කනෙක්ෂන් එකක් තිබුනු නිසා යන්තම් අන්තිම මොහොතේ කොල්ලව බේර ගත්තු හැටි . .

    කොහොම හරි අර පොලිස් ලොක්කට ලැබුනු දඬුවම මොකද්ද . . ඒ කාලේ පත්තර වල තිබුනු හැටියට පොලිස් මූලස්තානයට මාරුවීමක් (සමහරවිට උසස්වීමක් වෙන්නත් පුලුවන්)

    මේ වගේ දේවල් පොලිසිය කරන්නේ ඇයි . .

    අනිවාර්යෙන් දන්නවා මොන චාටර් වඩේ කලත් කිසි අවුලක් නෑ වැඩිම වුනොත් වෙන තැනකට මාරුවීමක් දෙයි කියලා.

    මේ වගේ සිද්ධිය දුරදිග ගිහින් ආන්ඩුවට බාල්දියක් වැටුනොත් විතරක් උන් ටික කාලෙක්ට හිරේ දාලා තියයි පස්සේ පොලියත් එක්කම ලැබෙයි කියලා.

    මොකද පොලිසිය කරපු වැරැද්දත් පොලිසියට ඒ වැරැද්ද කරන්න බලය සහ පූර්වාදර්ෂය දුන්නු ආන්ඩුවත් නිවරදි කරල "ඔක්කෝම කුනු බේරුවල බොක්කට" කිව්ව වගේ ජෙප්පන්ගේ පැත්තට වැරැද්ද හරෝලා මහජන මතය වෙනස් කරන්න පුලුවන් බව ආන්ඩුවත් දන්නවා. (මේ ආන්ඩුව කියන එක පවතින SLFP එකත් කලින් තිබූ UNP එකත් ඉස්සරට එන්න තියෙන ඕන මළජරා පක්ශයක් කියන එකත් අදාලයි)

    පොලිසිය මේ වගේ මැර රැලක් වගේ හැසිරෙන එක සහ ආන්ඩුව (අර කියපු ජාති තුනෙන් කෝක හරි) ඒ වගේ අයව රැක ගන්න එක ජෙප්පෝ පිටින් දාලා අත පිහිද ගන්නවද . .

    නැත්තම් මේ වගේ දේවල් ඉස්සරහට වෙන්න දෙන්න එපා කියලා (පක්ෂ පාට පැත්තක දාලා) හැමෝම එකතුවෙලා ඒවට විරුද්ධ වෙමුද . . ?

    තීරණය අපේ අතේ

    ReplyDelete
  30. [[ඒක නිසා කරුණාකරල උගත් බුද්දිමත් සහෝදර සහෝදරියනි ඒ කම්කරු සහෝදර සහෝදරියන්ට අපහාස කරන්න එපා කිසි දෙයක් නොදැන කොහේවත් ඉන්න (සමාජයේ විස්වාසය බින්දුවට බස්සගත්තු) JVP එකේ අරරැවටිලා අහිංසකයෙක් මරාගත්තු අය විදිහට.]]

    වීඩියෝවේ තර්ක කරන්නේ කලාපේ සාමාන්‍ය සේවකයින් එහිදී ඔබ හරි. එහෙත් ඔය "පාරට බැහැපු" උද්ඝෝෂණය මෙහෙය වන්නේ ජෙප්පන්ගේ අන්තර් සමාගම් සේවක සංගමය. ජෙප්පෝ සම්බන්ධ නැත්තේ නැහැ. මට තවමත් තේරෙන විදිහට උද්ඝෝෂණයට කලිනුයි අත්හිටුවන කතාව ආවේ. ඒකත් තියෙද්දී තමයි පාරට බැහැලා කලබල කලේ.

    පොලිසියේ කුප්ප වැඩේට ජෙප්පන්ට බැනලා ශේප් වෙන්න බැහැ. ඒත් ජෙප්පන් මේ තුවාලයට කෙලින්ම සම්බන්ධයි.

    [[අනිවාර්යෙන් දන්නවා මොන චාටර් වඩේ කලත් කිසි අවුලක් නෑ වැඩිම වුනොත් වෙන තැනකට මාරුවීමක් දෙයි කියලා. ]]

    මේක නම් සහතික ඇත්ත.

    [[නැත්තම් මේ වගේ දේවල් ඉස්සරහට වෙන්න දෙන්න එපා කියලා (පක්ෂ පාට පැත්තක දාලා) හැමෝම එකතුවෙලා ඒවට විරුද්ධ වෙමුද . . ?]]

    බ්ලොග් පේජ් එකක් නම් ලිවිය හැකියි ඒත් සක්‍රිය දායකත්වයක් දෙන්න බැහැ අපිට මේ කුණුගොඩකට සෙට් නොවී. කොටින්ම අපි මේ ගැන බ්ලොග් පේජ් එකක් ලිව්වත් ඒක අරගෙන වටේ යන්නේ ජෙප්පෝ ටිකයි ඉතිරි ඩේසිග්නේටඩ් "ආණ්ඩු විරෝස්හි" හා "වාමාංශික" රොත්තයි. කොටින්ම අද රෝශේනුත් ඔවුන්ට ඇඩ් එකක් හෙට එන විප්ලවයේ පණිවුඩයේ තෙල බෙදන්න.

    අන්තිමට මේ ඔක්කොම එකතු කරලා අපේ මතය ප්‍රකාශ කරන ඊළඟ චන්දෙදි ඔබ හිතන විදිහට මෙව්වට විරුද්ධ ව අපි කල යුත්තේ කුමක් ද? බොහෝවිට ලබන චන්දයේදීත් "කල හැකි හොඳ ම දෙය" මහින්දට චන්දෙ දීම ලෙස ඌනනය වෙයි [මෙච්චර කල් ඌට චන්දෙ දුන්නේ මහා පැහැදීමකින් නොවේ, කල හැකි වෙන දෙයක් නැති කමින්].

    අපට මහා ලොකු තේරීමක් තියෙනවද? මහින්ද වෙනුවට මේ රටේ ඉස්සරහින් ම ඉන්නේ සජිත් හා ජෙනරාල් තුමා. ඔය දෙන්න ම මේ කලාපේ ඇය "පාරට බැහැපු" වෙලාවක මේ තරම් වත් ශේප් ඒකෙ සලකයි කියා ඔබ හිතනවද?

    අපි මේවට බනිනවා නම් කල හැකි දෙයකුත් තිබිය යුතුයි. මේ දවස්වල බ්ලොග් පිටු ගණන් ගෙවුනට තේරුමක් වෙන්නේ නැති බවයි මගේ මතය. අන්තර්ජාලය තුල වෙන ම අජෙන්ඩාවක් ඇති පිරිසකට නිකම් ඇඩ් එකක් වෙනවා පමණයි.

    ReplyDelete
  31. Me post eka "Sujeewata"

    Police lokkekta parak wedunnama ithiri aya pisso wage hesirenawa.

    Oba hariyatama hari UN eka langa lemon puff protest ekedi SSP kenek ta da koheda gahapu welawe police poddo pissu ballo wage wedi thiyala ara Wihiluwansha Unnaheth mala newa.

    Jayanath

    ReplyDelete
  32. කියන්නට කිසිත් නැත... සියල්ලම ඉතා නිවැරදිව ගලපා ඇත....

    ReplyDelete
  33. සුජීව මහත්ත්යො කොල්ලව තවපාරක් මරන්න ඵ්පා.
    අහින්සකයන්ගෙ පඩි පතට කෙලලා වෙඩි තියපු ඵකේ වගකීම ජවිපෙට පටවන්න බෑරිවෙයි.
    මමත් ජෙප්පෙක් නෙවෙයි.කවදහරි අපිට හරි ඔයාට හරි මේවගේ දෙයක් උනත් ජවිපෙට බෑනලා නිකන් ඉදී.ඵච්චරයි.
    කුඩුකාරයෝ රජවෙලා වෑදගත්තු බලු වෙලා තියන රටේ මේවා මිස වෙන මොනවා වෙන්නද?????

    ReplyDelete
  34. මේවගේ ජතික විපත් වලදී මිනිස්සු හෑමෝම දුක්වෙද්දි පාලකයන්ට හයිලයිට් වෙන්න රෙදි නෑතුව කඩේ යන්න.පස්සෙ බෑරියෑ ලොක්කෙකුට ඔක පෙන්නලා මොකකහරි ජරාවක් කන්න.
    අපේ ඵකෙකුගෙ විපතත් කඩේ යන්න ඉල්ලමක් කරගන්න මේ වගේ මිනිස්සු ඉන්නවනෙ.හොදයි හොදයි අබේසුන්දරට පස්සෙ විපරමේ ජොබ්ඵ්කට ගෑලපෙන්නවා කොකාව.

    ReplyDelete
  35. අපේ රටේ දේශපාලනය කෙරෙන්නේ කරත්ත න්‍යායෙන්. කරත්තය කරේ බඳිනවා, යා යුතු එවුන් යනවා හැරිලා එනවා එකම චක්‍රය. මොකා කරත්තය දැක්කුවත්, කරත්තයේ ගමන් කලත් සතාට ලැබෙන්නේ මොනවද කියලා විස්තර කරන්න උවමනා නැහැ. හැම එකාම බලන්නේ කරත්තයට ගොඩවෙන්න විතරයි. වියපත් හා හෙම්බත් සතාට සිදුවෙන දේම තමයි බර අදින උන්ට සිදුවෙන්නේ.

    ReplyDelete
  36. මම කියන්න අවශ්‍ය මෙපමනයි...

    අත්තනෝමතික ලෙස සම්මත කර ගැනීමට උත්සාහ දැරු ..විනිවිද භාවයකින් තොර..පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනත...කිසිදු සංශෝධනයකින් තොරව..කඩිමුඩියේ සම්මත කර ගැනිම..රජය..සහමුලින්ම අතිහිට වුයේ..සදාදර සොයුර..ඔබ අපට අහිමි වීමෙන් පසුවය.

    නොඑසේ නම්.. කවර ආකාරයේ විරෝධතා මැද උවද..කිසිදු සංශෝධනයකින් තොරව..යෝජිත විශ්‍රාම වැටුප ..සම්මත කර ගැනිම... කිසිවකුට.. නැවැත්විය නොහැකි වනු ඇත.

    සියලු වැඩ කරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් තම ජීවිතය පූජා කල සොයුරාණනි..ඔබට මගේ ප්‍රණාමය.
    ඔබට නිවන් සුව ..පතමි.

    ReplyDelete
  37. Chanaka Munasinghe - .
    1 . වාස් ගුණවර්ධන දැන් කුරුණෑගල ජේෂ්ඨ පොලිස් අධිකාරී.
    2. ආමි එකේ කොල්ලො දාස් ගාණක් මරන්න ආයුධ එවපු KP ට ඒ ආමි එකේම බ්‍රිගේඩියර් පට්ටමක් දීපු රටේ වාස් ගුණවර්ධනට ඔහොම සළකපු එක පුදුමයක් නෙවෙයිනෙ
    3. සාමාන්‍යයෙන් ඇත්ත කියන්න බය වෙන්න ඕනෙ නෑ. ඒත් ලංකාවෙදි ඇත්ත කියන්න බය වෙන්න.

    ReplyDelete
  38. ඔය පනත් හදපු අය මේ පෝස්ට් කියවනව නම්....

    ReplyDelete
  39. @ඇනෝ ලා [ජයනාත් ඇතුළුව];

    ජයනාත් කියූ කතාව හරි. හැමෝටම ගහන්නෙත් නැහැ උන්.

    හැබැයි මං පොලිසිය පිස්සු බල්ලන් වගේ හැසිරුනා කිව්වේ මේ ගැන මගේ අප්‍රසාදය පල කරන්න මිසක් ගෝටා හෝ වෙනත් කාටවත් සුදුහුණු ගාන්න නොවේ. මේ වැඩේට අණ දුන්නේ ඉහළින් ම වෙන්නත් පුළුවන්. පොලිස්පතිගේ අස්වීම පොඩි රඟපෑමක් විතරයිනේ.

    මරණයේ වගකීම ජෙප්පන් පිටින් දාන්න බැහැ. වෙඩි තිබ්බ හා අණ දුන්නු එවුන් තොත්ත බබ්බු නොවෙයි නෙ.

    හැබැයි උද්ඝෝෂණය කොලහාලයක් කරන්න ජෙප්පන් උත්සාහ කලාද කියන ප්‍රශ්නය එයින් මැකෙන්නේ නැහැ. මළමිනී දේශපාලනය ජෙප්පන්ගේ සුපුරුදු වැඩක්.

    කට්ටියම එක එක ෆැන්ටසි වල ඉඳගෙන මේක විචාරය කලාට ඔය අහිංසක කොල්ලගේ ජිවිතේ අපරාදේ විනාස උනා කියන කතාව විතරයි මට තේරෙන්නේ. ඉදිරි කාලේදී විවිධ පාර්ශ්ව ඔහුව පාවිච්චි කරන ආකාරයෙන් අපට පැහැදිලිව ම පෙනෙයි. කොටින් ම ආණ්ඩුව ඔය සැලසුම අත හරියි කියාවත් මා නම් හිතන්නේ නැහැ.

    ඇත්ත තත්වය කිව්වා කියල මැරිච්ච කොල්ලට වෙන අවමානයක් නැහැ. කාගෙවත් විප්ලවීය ආචාරයකින් ඌට හෝ උගේ පවුලට ලැබෙන මල ඉලව්වකුත් නැහැ. කොල්ල නැති එකේ පාඩුව ඇරෙන්න. අද මෙතන මා අතින් විවේචනය වන [රජය ද ඇතුළුව] පාර්ශ්වයන් කොල්ලව නොමරා මරණ හැටි කාටත් ඉදිරියේදී බලන්න හැකි වෙයි.

    ReplyDelete
  40. සමහර උන් මේවා නොදෑක්කා වගේ ඉන්නවා.නෑත්නම් වෙන බයිලයක් ගහනවා.
    අනිත් අයටත් ඵහෙම ඉන්නද කියන්නේ????
    රනවිරුවන් විකුනපු රටේ.........

    ReplyDelete
  41. අවසානය නොවේ..........!

    ReplyDelete
  42. මේ දවස් ටීක මම කියවන්නේ දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ යුධ අපරාධකරුවන්ට දඬුවම් දෙන්න පිහිටුවා ගත්තු යුද අධිකරණයේදෙ සිදුවූ සිදුවීම් ගැන විස්තරාත්මකව ලියපු ප්‍රේමචන්ද්‍ර අල්විස් විසින් න්‍යුරෙම්බර්ග් අවසාන ජවනිකාව නමින් පරිවර්තිත A. Poltorek විසින් රචිත The Nuremberg Epilogue කියන පොත.

    ඒ පොතේ සමහර දේවල් මේ සිද්දියත් එක්ක සමපාත වෙනවා කියලා නිකමට හිතෙනවා.

    ගොබෙල්ස් කියන්නේ නාසි හමුදාවේ මාධ්ය භාරව හිටපු කෙනා. ඔහු උදේ හැවා හම මාද්‍යකින්ම උගුර කඩාගෙන කෑගහුවලු ජර්මනිය විෂේෂ යුද උපකරණයක් නිපදවලා තියෙනවා. අනිවාර්යෙන් ජර්මනිය ජයග්‍රහනය කරනවාමයි කියලා.

    කොහොමත් ගොබෙල්ස් න්‍යාය කියන්නේ ඕනෑම බොරුවක් එක දිගට කියද්දී ඒ බොරුව කියන කෙනා ඇතුලු අහන සියලු දෙනාම ඒ බොරුව ඇත්තක් විදිහට පිලිගන්න පෙලඹෙනවා කියන එකයි කියලයි මම අහලා තියෙන්නේ.

    ඒ විදිහට බැලුවාම ජනාදිපතිට හයියෙන් පඩයක් ගියත් ඒකට වගකිවයුත්තේ ජෙප්පෝ කියලා අපේ මහා “අදීන” මාද්‍ය ලව්වා කියෙව්වාම අපිත් ඉබේටම හෙවිල්ලක් බැලිල්ලක නැතුව පිලිගන්න පෙලඹෙයි ඔව් ඔව් ඒක ජෙප්පෝ තමයි කලේ කියලා.

    “මේ තියෙන්නේ ඒ පොතින් උපුටා ගත් පොඩි කොටසක්”

    ඉතා ගැඹුරු හඬක් ආරෝපණය කරගනිමින් හැන්ස් ෆ්‍රෑන්ක් යලිත් වරෙක වෛද්‍ය ගිල්බර්ට්ට මෙසේ පැවසීය:

    "ඔබ දන්නවද? මිනිස්සුන්ට තියෙන්නේ ගෑනු ගෑනු ගති. සහමුලින්ම ඔවුන් ඔක්කෝම ගෑනු. නපුංසකයින් නෙමෙයි ඇත්ත වශේයෙන්ම ගෑනු! ඔවුන් ඒ තරමට ම හැඟීම් බරයි, චපලයි, හිතේ ආවේග මත යැපෙනවා. ලේසියෙන් අවනතවන සුලුයි. ආධිපත්‍යයට ඉක්මනින් නැමෙන සුලුයි. ඒකයි මිනිසුන්ගේ සැබෑ තත්වය.

    හිට්ලර්ගේ බලයේ රහසත් ඒකමයි! ඔහු නැගී සිට මුෂ්ටිය ලෙළවා, ඔහුගේම ශක්තිය හා අධිෂ්ඨානය මත පිහිටා "මම මිනිහෙක්!" යනුවෙන් මොර දෙනවා.

    එවිට පොදු ජනතාව ඔහුට අවනත වෙනවා! . . .

    හිට්ලර් ජනතාවට බලපෑම් කළේ යැයි කිසිවෙක් කිව යුතු නැහැ. ඔහු ඔවුන් මුළා කලා!"

    ReplyDelete
  43. සහෝ ඔබ මිය ගියේ ගතින් පමණයි ........
    අපේ සිත් තුල ඔබ සදා අමරණීයයි .....
    ඔබට නිවන් සුව .........
    ලංකාවේ පවතින්නේ පටු ආත්මාර්ථකාමී දේශපාලන න්‍යායක්ය ......

    ReplyDelete
  44. සරල දේවල් සංකීර්ණ කරගෙන රජය පචවෙනවා.. පව් !

    මේ කොල්ල නිසා හැමෝටම ඒ දේ ලැබුනා. සැබෑ පිරිමියෙක් - ඔබට නිවන් සුව

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails