Wednesday, March 9, 2011

නොපෙනෙන දෙනෙතට දෙනෙතක් දිය හැකි නම් . . . !!



නොපෙනෙන දෙනෙතට දෙනෙතක් දිය හැකි නම් . .
හඬ නැති මුවඟට කට හඬ දිය හැකි නම්
අහිමිවු දෙපයට පා යුග විය හැකි නම්
පොඩි මිතුරෝ මම නුඹ සිප ගන්නම් . . .

නංදා මාලනී මහත්මියගේ මේ ගීතය අහන අහන වාරයක් පාසා මට මතක් වෙන්නේ යුද්ධය නිසා අත් පය අහිමිව ඇස් කන් අහිමිව තාවකාලික කූඩාරමක් අසල බිම ඉඳගෙන ඉන්න පුංචි එකෙක්ව.

ඒ සිදුවීම මතක් වීමත් එක්ක මහා දුක් අඳුරකින් හිත වෙලා ගැනීමත් අඳුරු පටලයකින් ඇස් දෙක බොඳ වීමත් උගුරේ යමක් හිරවුනාක් වගේ හැඟීමක් දැනෙන එකකත් යන මේ සියල්ල සිදුවෙන්නෙත් එකටම වගේ.

ආයෙත් මොහොතක් ඒ ගැන සිහි කලාම අනුන්ගේ දුකක් වෙනුවෙන් කඳුලක් හෙලන්න ඒ අය වෙනුවෙන් යමක් කරන්න ඕන කියන හිතුවිල්ලෙන් ඉන්නා අය මේ ලෝකේ ඉන්නවා නේද කියලා හිතට දැනුනාම අර බොඳවුනු දෙනෙත් ආයේ පාරක් පැහැදිලි වෙන්න පටන් ගන්නවා. හදවත වෙලා ගත්තු අඳුරු වේදනාව අඩු වෙලා යනවා . . .

එදා ගිය පෙබරවාරි 12 වෙනිදා විහාර මහා දේවී උද්‍යානයේ ප්‍රධාන ගේට්ටුවේ ඉඳන් මීටර් 100ක් විතර දුරින් තණ බිමේ අඩි 15ක විතර විෂ්කම්භයක් හැදෙන විදිහට රවුමට බිම වාඩි වෙලා හිටපු මිතුරු මිතුරියෝ විසි තිස් දෙනා දැක්කාම මගේ හිතේ උපන්නේ අර දෙවෙනියට කිව්ව අනුන්ගේ දුකේදී උනුවෙන හදවත් දැක්කාම ඇතිවෙන නිරාමිස ප්‍රීතිය . . .

ඉලන්දාරියා (දිලුම්) වෙනුවෙන් යමක් කල යුතුයි කියලා හිතලා තමන්ගේ වටිනා කාලය කැප කරලා ඇවිත් උන්නු ඒ මූනු ටික දක්කාම ඇත්තෙන්ම මගේ ඇසට කඳුලක් උනපු බව එතන හිටපු කාටවත් නොපෙනෙන්න එක දිගට ඇස් පිල්ලම් කීපයක් ගැසීමෙන් යටපත් කර ගන්න මට පුලුවන් උනා. . .

පෙබරවාරි 8 වෙනිදා ආසිරි රෝහලේදි අභීතයි අසේලයි මමයි දිලුම් මුන ගැහෙන්න එකතු වුනු වෙලාවේ. . . දිලුම්, අපි කතාකරද්දී කටවල් දිහා බලන් ඉඳලා බෑග් එක ඇරලා පොතකුයි පෑනකුයි දික්කරපු වෙලාවේ හිත හෝස් ගාලා ඇවිලිලා ගිහින් ගිනි ගත්තු ගින්දර නිවන්න 12 වෙනිදා හිතට ගලපු සීතල හැඟීම මදි වුනත් දුමී, අභීත, අසේල, වැප්, ලිශ්, ඩී, මුචා, ගීත්, පුතා, හිපියා, හම් තුම්, නලින්, අසංග, චමිල, මරේ, බුදාජීව, බින්කු, ටැබූ (පෝස්ට් එක දිග වැඩි වෙන නිසා සියලු නම් ගම් ලියන්න බැරි වෙන එක ගැන අනෙක් අය මට සමාවෙන්න ) ආදී බ්ලොග් සහෘදයෝ එදා උපන් උදව් කිරීඑම හැඟීමෙන් අදටත් ඒ වෙනුවෙන් කල යුතු දේවල් කරගෙන යනවා දැක්කාම ඒ ගින්නේ රස්නිය ටිකෙන් ටික අඩුවෙනවා වගේ දැනෙනවා.

ගිය 6 වෙනිදා පටන් ගත්තු මගේ මෙදාපාර නිවාඩුවේදී කල මුල්ම වැදගත් කටයුත්ත තමයි ඒ දිලුම්ගේ වැඩේ වෙනුවෙන් පොඩි කාලයක් කැප කිරීම.

12 වෙනිදා දවල් උවමනාවකට මහරගම හංදියට ආවට පස්සේ දැක්කේ එදා හවස 7ට නිරෝෂා, සුනිල් එදිරිසිංහ, ටී එම් ජයරත්නගේ සංගීත සැඳෑවක් බව. විහාරමහා දේවී එකේ හමුවට එද්දිම යාලුවෙකුටත් එක්කම ටිකට් අරගෙන ආවයින් දිලුම් වෙනුවෙන් කල යුතු වැඩ ගැන සාකච්චා කරලා ඉවර වුන් ගමන් ආයේ ඉක්මනටම යන්න වුනා.

එදා විහාර මහා දේවී උද්‍යානයේ හමුවේදී සිදුවුනු තවත් විශේෂ සිදුවීමක් සටහන් කරන්න අමතක වුනා.
ෆේස්බුක් එකේ මගේ ප්‍රියතම කවියෝ දෙන්නෙක් වුනු ධනුෂ්කා නිශාදි නැගෙනියත් දොන් ජුවන් පිටකොටුව මලයත් මුන ගැසීම තමයි ඒ සිදුවීම.

. . . . . . . . . . . . . . . . .

නිවාඩු ගිය දාට පහුවදා නදීෂලගේ ගෙදර යද්දී මගදී එනවා කෝල් එකක් නදීෂගේ අම්මගෙන්. අවුරුදු දෙකක් විතර තිස්සේ වකුගඩු අමාරුවක් නිසා ඔපරේෂන් කරලා ඒත් සුව නොවී අසනීපෙන් හිටපු පොඩි මාමා අන්ත්‍රාවුනා කියලා. නුවර ගෙදර ගිය ගමන් කාලා බීලා අනිත් පැත්ත කඳානේ මළ ගෙදරට ආවා ඉතිං.

භූමදානය කලේ අරලිය ගස් තොගයක් වැවිලා තිබුනු හරිම ලස්සන නිස්කලංක සුසාන භූමියක.





. . . . . . . . . . . . . . . . .

ඔය අතරේ අපේ බ්ලොග් කියවන තවත් ලොකු කලාකාරයෙක් මේ පුංචි මම වෙනුවෙන් පැදුරු පාර්ටියක් ඕගනයිස් කලානේ.

චින්තක අබේරත්න තමයි ඒ කලාකාමියා. චින්තක අයියගේ පවුලේ අයත් මගේ තරුණ කාලේ ඉඳන් හිත් ගත් තවත් ලොකු කලා කාරයෙක් වුනු ඉන්ද්‍රනාථ තේනුවර අයියටත්, ඉඳුනිල් නම් වූ ඔහුගේ මිතුරෙකුත් ඔහුගේ පවුලේ අයත්, ප්‍රවීන ඡායාරූප ශිල්පියෙක් වන දීපාල් ගෝමස් සහ ෆේස් බුක් එකේත් ජනප්‍රිය කවියෝ වුනු දුමින්ද අලහකෝන්, චිරන්ත, චමිල පාලිතරත්න යන අයටත් අපිට අමතරව ආරාධනා කරලා තිබුනා. පැදුරු පාර්ටිය තිබුනේ මතුගම තුඩුගල ඇල්ල ලඟ. නදීෂයි මායි විරුලුයි තනියෙම යන්න බැරි නිසා අභීතටත් එන්න කියලා තමයි අපි එහේ ගියේ. ඒ සොඳුරු හදවත් හමුවත් ජීවිතයේ නොමැකෙන සිහිවටනයක් වෙන බව සිකුරුයි.



. . . . . . . . . . . . . . . . .

අහ් තවත් දෙයක් . . මෙහේ ඉඳන් මවාගෙන හිටපු හීන දෙකක්, හැබෑ කර ගන්න බැරි වෙයි කියලා දුක් වෙවී හිටපු හීන දෙකක් හැබෑ කර ගන්නත් පුලුවන් වුනා මගේ වාසනාවට. එකක් තමයි හඳයගේ "විදූ" ෆිල්ම් එක. අනෙක "කොලොම්බෝ කොලොම්බෝ" ඩ්‍රාමා එක.



හීන හැබෑ කර ගත්තා වගේ නෙමෙයි මේ හීන දෙකම මවාගෙන හිටපු අපේ ගෙදර උන්දෑව එයාලගේ ගෙදර ගිහින් ඇරලලා ආවට පස්සේ මේ හීන මම තනියෙන් හැබෑ කරගන්න සිදු වුනු එකෙන් තව පොඩ්ඩන් III වෙනි මහ ලෝක යුද්දේ සිද්ද වෙන්න ගිහින් ලාවට වගේ බේරිලා එන්න පුලුවන් වුනා.

. . . . . . . . . . . . . . . . .

පොඩි කාලේ ඉඳ ලඟින්ම ඇසුරු කරන මගේ හොඳම මිතුරෙක් වුනු මෛත්‍රී අපේ ගෙදර ආපු දා එකම යුද්ධයයි.

ගෝනි කරේ තියන් පක්ෂයක් වෙනුවෙන් කඩේ යන අපේ පියානෝ සහ මෑණියෝ තමයි මුවා පැනලා ගිය මට තඩි බාන්න ලැබුනු හොඳම මුව හම් දෙක.

“උඹ එවන රුපියල් 20,000න් අපි දෙන්නෙක්ට ජීවත් වෙන්න අමාරුයි” කියලා කරන චෝදනා වලට “ඇයි ඉතිං ඔයාලගේ නායකයන්ට කියන්නකෝ උත්සව වලට, පෝස්ටර්, කටවුට් වලට කරන නාස්තිය අඩු කරලා එක එක රට වලට යනකොට හැත්ත බුරුත්ත ඔක්කෝම අරන් ගිහින් මහජන මුදල් කාබාසිනිය කරන එක නවත්වන්න කියල” උත්තර දීලා අර මුව හමට තඩි බෑවට මෛත්‍රී ඇවිත් දේශපාලනේ ගැන කතා කරන්න වුනායින් එකම කනුවේ බැඳපු ගොන්නු තුන්දෙනෙක් තප්පුලනවා වගේ වුනා.

“දෙයක විනිවිද භාවය කියන දේ ඔයාලා දන්නවද” කියලා ඇහුවාම “ඕවා ඕන නෑ ඇහැට පේන්න යමක් කෙරිලා තියෙනවනේ . . ඒ මදිද කියලා” පිලිතුරු ලැබුනට පස්සේ විනිවිද භාවය ගැන විස්වාසයක් තියා ඒ මොකද්ද කියල වත් නොදන්න අය එක්ක දේශපාලනේ කතා කරනවට වැඩිය හොඳයි කට මහ පාරේ අතුල්ල ගන්නවා කියලා වාදේ නතර කරලා දැම්මා.

හිනා යන වඩේ මෛත්‍රී ඇවිත් තියෙන්නේ හම්බුකරන ගානෙන් ලංකාවේ ඉඳගෙන දරු පවුලත් එක්ක ජීවත් වෙන්න අමාරුයි කියලා මගේ හිතවෙතෙක්ට කියලා ඌට පිට රට යන්න උදව් කරන්න පුලුවන්ද කියලා අහන්න.

“අයි බන් ඉතින් ඔය උඹ කියන මහා සංවර්ධනේ, ආශ්චර්‍ය දමල ගහල ඒකට උර දෙන්නේ නැතුව පිට රට යන්න හදන්න” කියලා ඇහුවාම ඌ දාපු අසරණ හිනාව නිසා වෙන මොනවත් නොකියා කට වහගන්න සිද්ද වුනා.

ඒ වෙනකොට කියව කියව හිටපු නවකතාව නිසා ඇති වෙලා තිබුනු කලකිරීමයි මේ සිදුවීමෙන් ඇතිවුනු කේන්තියයි එක්ක එදා රෑම ලිව්ව කවියක් වගේ එකක්. ඒක තමයි මම අර "බඩ ගැත්තරයාට සමාව බයබෝයි " කියලා පලකලේ.

. . . . . . . . . . . . . . . . .

18, 19, 20 දවස් තුනේ මරේ, රවා, ජේ.ඩී. සෝරෝ, වාසල, නුවන්, ප්‍රියන්ත, පසන්, කුෂාන්, ෆා එක්ක ගිය ට්‍රිප් එක නම් ජීවිතේට අමතක නොවන ට්‍රිප් එකක්. මරේගේ ඕගනයිසින් නම් කියලා වැඩක් නෑ - පට්ට. රවා දවස් තුනේ අපිට දුන්නු ආතල් එක ගැන මතක් වෙද්දිත් තාම හිනා යනවා.



ඔක්කෝටම හපන් අපේ කොල්ලා ෆාට අයියා කියන එක. "අයියා නෙමෙයි පුතේ නැන්ද" කිව්වම ඌ "නෑ නෑ අයියා" කියලම කියා සිටිනවා (හි හි හී).

ට්‍රිප් එකේ ගිය තැන්, නතර වුනු තැන් ගන නියම විස්තරයක් (ට්‍රිප් එක නොගිය අයට වුනත් ගියා වගේ දැනෙන්න ) අපේ ප්‍රියන්ත මල්ලී එයාගේ මගේ මතක බ්ලොග් එකේ දාලා තියෙනවා. අපි ගිය ලස්සන ලස්සන තැන් හැම එකකම ලාස්සන පිතූරත් එකතු කරලා තියෙනවා. කට්ටියම මෙන්න මෙතනින් ගිහින් ඒකත් කියවලා බලන්න ඕන හරිද?

. . . . . . . . . . . . . . . . .

නිවාඩුවේදී සිද්ද වුනු විශේෂතම දේ තමයි මගේ නහයේ ඔපරේෂන් එක.

මගේ සුව නොවන හිසරදේ වෙනුවෙන් කරපු එම් ආර්. අයි. සී. ටී ස්කෑන් රිපොර්ට් බලලා ඩොක්ටර්ස්ලා ඔක්කෝම කිව්වේ මගේ නහයේ ඇතුලේ තියෙන ලොකු ඇදය නිසා මොලේට යන ඔක්සිජන් ප්‍රමානය අඩුවීම ඔලුව කැක්කුමට හේතුවක් වෙන්න පුලුවන්ය, නහය කපලා කෙලින් කරලා හැදුවාම හරි යන්ට ඉඩ තියෙනවාය කියන එක.

කපනවට කොටනවට තියා ඉන්ජෙක්ශන් එකක් ගහවටත් මර බයේ දඟලන මම ඔපරේශන් කතාව හිතින් අත්හැරලා හිටියා වුනත් පුරුස දහිරිය හිතට අරගෙන හිත දඩි කරගෙන ඔපරේෂන් එකට මූන දුන්නා ගිය 25 වෙනිදා.



නහය කපලා තියෙන අමාරුවට හිනාවෙන්න කතාකරන්න තියා බඩට යමක් වුනත් අමාරුවෙන් දා ගන්න කාලේ ලිෂා, මුචා, හිපියා, ඩී, චමිලයා ආවා අපේ ගෙදර දිලුම්ගේ ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් කරන පික්චර් පෝස්ට් කාර්ඩ් වැඩේ පින්තූර සිලෙක්ට් කරන්න. (උන් බලෙන් ආවා නෙමෙයි අයියෝ . . මමයි කෝල් කරලා කෝල් කරලා ගෙන්න ගත්තේ හික්ස්)



එදාම අපේ අක්කගේ පවුලේ අයයි නංගීගේ පවුලේ අයයි ඇවිල්ලා එදා ගෙදර නිකම් නුගේගොඩ හන්දිය වගේ. ළමයින්ගේ කෑ ගැහිල්ලත් එක්ක වහලේ ඇස්බැස්ටොස් උඩ යන තරමට හිනාව. තව පොඩ්ඩෙන් හිනාවෙලාම නහයට දාපු මැහුම් ඩොක්ටර් කපන්න කලින් කැඩිලා යනවා.





නිවාඩුවේදී සිදුවුනු කනගාටුදායකම දේ තමයි අපේ දයාබර ජෝර්ජ් අයියා මා වෙනුවෙන් සංවිධානය කරන්නැයි ඔහුගේ මිතුරන් වූ ටියුලින් ජයරත්න (පෙර වෙළඳ සේවයේ පිබිදෙන ගායක පරපුර, අම්බිගා ගීතයෙන් ගීතය ආදී වැඩ සහටන් වල සංගීතය මෙහෙයවූ) අයියාගෙන් සහ ඔහුගේ ඥාති සනත් අයියාගෙන් ඉල්ලා සිටි නිසාවෙන් ඔවුන් පෙබ. 25 දාට රාත්‍රියේ පවත්වන්න සංවිධානය කල පැදුරු පාර්ටිය ලබන නිවාඩුව තෙක් කල දමන්න සිදු වුනු එක.

අමතරව ජෝර්ජ් අයියාගේ අතිප්‍රභල සංවිධාන ශක්තියේ ආනුභාවයෙන් වැල්ලවායේ දුප්පත් දරු පවුලක් වෙනුවෙන් ගොඩනැඟූ නිවසේ යතුරු භාරදීමේ උත්සවයට සහභාගී වෙන්න නොලැබීම.

දයාබර ජෝර්ජ් අයියා මගේ කරුනු කටයුතු සිදුවුනු ආකාරය නිසාවෙන් ඒ දේවල් වලට සහභාගී වෙන්න බැරි වීම තේරුම් අරගෙන මට සමාව දෙනු ඇතැයි සිතනවා.

අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මගේ දයාබර පාඨකයෙක් වුනු සහෝදරයා නමින් කමෙන්ට් දාන රන්දික සේදර සහෝදරයා මහා වරුසාවක මාව බලන්න ආපු හැටි ගැන ලියන්නම ඕන. අනේ පව් පොඩි වෙලාවක් කතාබහ කර කර ඉඳලා කොල්ලා මහ වැස්සේම යන්න පිටත් වුනා.

නහයේ ඔපරේෂන් එකෙන් පසුව මැහුම් කපන්න බයේ පසුවුනු නමුත් (තව පොඩ්ඩෙන් නිවාඩුවත් එක්ටෙන්ඩ් කර ගන්නයි උත්සාහ කලේ . ..බය ගුල්ලා) 3 වෙනිදා මහුම් කපා නහයට ඇතු කර තිබූ ප්ලාස්ටික් උපකරන ඉවත්කල පසු ඒ බිය පහව ගියායින් මුලින්ම සැලසුම් කල පරිදි මාර්තු 5 වෙනිදා හවස ආපහු ඩුබායි / අබුඩබි පුරය බලා සැපත් වුනා.

26 comments:

  1. වද දීලා දීලා ගිහින් තව ලිපිත් පෝස්ට් කරනවා...

    ඉන්න තැනක හොඳින් ඉන්න අයියෙ.. තෙරුවන් සරණයි.....

    මල් අරගෙන ගිය ඔයාට සම්මා සම්බුදු සරණයි...... හික්z....

    ReplyDelete
  2. "දිලුම්, අපි කතාකරද්දී කටවල් දිහා බලන් ඉඳලා බෑග් එක ඇරලා පොතකුයි පෑනකුයි දික්කරපු වෙලාවේ හිත හෝස් ගාලා ඇවිලිලා ගිහින් ගිනි ගත්තු ගින්දර"

    මේ ගින්දර කොච්චර සැරද කියල බලන්න නම් ලගට යන්නම වෙනවා...

    ReplyDelete
  3. අපිටත් පුදුම සංතෝසයක් තියෙන්නේ අයියව දකින්න ලැබීම ගැන.
    ඉක්මනින්ම නැවත් හමුවෙමු ආයෙ ට්‍රිප් එකක් එහෙම යන්න :)
    ඒ ඔක්කොටෝම කලින් ඉලංදාරියව ගොඩ දාගමු :)

    ReplyDelete
  4. දුකා අයිය අපිට ඉතින් ඔහේව හැබැහින් දකින්න බැරි උනා නේ ! කමක් නෑ පිතූරෙන්වත් දැක්කනේ .

    එහෙනම් ඉතින් ඉන්න තැනක පරිස්සමෙන් ඉන්ඩ !

    ජය වේවා !!

    ReplyDelete
  5. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔයා නම් දුකා ම තමා... නියමයි අයියේ.... මේ මගේ පළවෙනි කොමෙන්ට් එක...

    ReplyDelete
  6. මතුගම ගිහින් එන ගමන් ද හොස්පිටල් ගියේ?

    ReplyDelete
  7. ඔය අන්තිමට ඉන්නෙ මුව හමට තඩිබාපු අයද?:D

    ReplyDelete
  8. අයියලැයි ගෙවල් පැත්තෙ ගොඩවදින්න හිතාන හිටියට බැරිඋනා නෙව . . . හාමිනේව තනියම ගෙදර දාල එච්චර දුරක් එන්න අමාරුයි මේ දවස් වල . . . ඊ ලඟ වතාවෙ ආවම වත් ඒ පැත්තට ගොඩවදින්න බලන්නං.

    ReplyDelete
  9. අඩන්නද හිනාවෙන්නද
    මනුස්සකම ලග අසරනයි මෙමා.....

    ReplyDelete
  10. සොඳුරු මතකයන් ගොඩායි..

    ReplyDelete
  11. ඇත්තටම මම ගොඩක් ආසවෙන් කියවන බ්ලොග් එකක් අය්ය.වචන හසුරවනාකරය නම් හරිම රසවත්. හ්ම දාම උදෙට බ්ලොග් එකක් කියවල දවස පටන් ගන්න කෙනෙක් මම.කෙනෙක් ගෙ දුකක්දි කරදරයකදි අහක බලගන්න මිනිස්සු අතරෙ ඔයල වගෙ අයත් ඉන්නව කියල දනගත්තෙ
    සින්හල බ්ලොග්ස් කියවන අතරතුරෙදි.ගොඩක් පින් ඔයලට.

    ReplyDelete
  12. ඇසට කඳුලත්..
    තවත් විටෙක සිතට සතුටත්..
    එන අරුම පුදුම පොස්ට් එකක්. මොනවා උනත් අයියේ ඔයාව දක ගන්න ලැබුන එකනම් ලොකුම ලොකු සතුටක්....

    ReplyDelete
  13. මං මොනා කියන්නද ?


    "ඔය අතරේ අපේ බ්ලොග් කියවන තවත් ලොකු කලාකාරයෙක් මේ පුංචි මම වෙනුවෙන් පැදුරු පාර්ටියක් ඕගනයිස් කලානේ."

    දුකා අයියාට පුංචියි කියනවා නම්.. අපි තාම කලලද ? O_o

    ReplyDelete
  14. මට මොකුත් කියාගන්න වචන නෑතුව ඉන්නේ ... අයියේ .ඔයාලා මම වෙනුවෙන් වෙන මහන්සියට ... ඔයලා හෑමොටම හුගක් පිං

    ජයවෙවා!!!!

    ReplyDelete
  15. දුකා මහත්මයෝ මේ පොස්ට් එක කියෙව්වේ අද උදේ පාන්දරම.

    විනාඩි කිහිපයක් අර පහන් දෙක බලා ඉඳන් හිත බොහෝ දුර ගියා. නිසසල සුලඟකදී සෙලවෙන දැල්ල දෙන මුදු එළිය, සුලඟ සැර වෙද්දී ඒ මේ අත වැනෙමින් රැකෙන්නට වෙරදරන දැල්ල, වියරු සුලඟට පරාජය වුනොත් නිමෙන්න පුලුවන් දැල්ල. ඒ වගේම සුලඟ සමඟ පොරබැදලා දැවෙමින් තෙල් ස්තරයට ම නැමෙන දැල්ල මොනතරම් විනශකාරී වෙන්න පුලුවන්ද... අපි ඉන්න කලාපය ගැන කතාව නේද පහන් දැල්ල කියාපාන්නේ?

    නිවාඩු කාලයේ දිලුම් මල්ලී වෙනුවෙන් කල කොටස ගැන නම් ඔබට දැනෙනවා ඇත්තේ ලොකු සතුටක්. ඕනෑම දෙයක කලයත් සමඟ උනන්දුව අඩුවෙන්න පුලුවන්, ඔබ මතුකල කරුණ මේ කාර්යයේදී ද පොදුයි. ඒ නිසා පුලුවන් ඉක්මනට කටයුතු කරමු, ඒ ගැන ඔබ ඉදිරිපත් කල අදහස් මූණුපොතේ කියෙව්වා.

    විරුල් ඔබ දෙපල සමඟ ඉන්න ෆොටෝව ලස්සනයි. ඊටත් වඩා බැඳීමක් එතැන තියෙනවා කියන්න පුලුවන්. අපි ලෝකය දෙස බලද්දී පොඩි අය ලොව දකින්න උත්සාහ කරන්නේ දෙමාපියන්ගෙන්.

    දැන් ඉතිං නිවාඩු ඉවරයි. ඉක්මනට සුවසෙතත් යහ අතට පත්වෙලා සතුටින්, සොම්නසින් වැඩ කටයුතු කරගෙන ඉදිරියට යන්න දහිරිය හා ශක්තිය ලැබේවා! වාසනා වේවා!

    ReplyDelete
  16. ඔක්කොම සුපිරි ලස්සනයි :D

    ReplyDelete
  17. @අභීත !
    හරි හරි මල්ලී . . අපි මීට පස්සේ වද නොදී ඉන්නම්කෝ හරිය . . හික්ස්

    @ඩීප්ස්!
    කියල වැඩක් නෑ ඩීප්ස්. ඔයා ප්‍රියන්තත් එක්ක අර ජොයින්ට් එකවුන්ට් එක ඕපෙන් කරන්න දිලුම් මීට් වුනු නිසා ඒ ගින්දරේ රස්නේ දැනුනු බව දන්නවා නගේ.

    @ජේ.ඩී.!
    අනිවා අනිවා. ඉලන්දාරියව ගොඩ දාලා ඉවර වෙලා මුලු බ්ලොග් සහෘදයෝ ඔක්කෝම එකතු වෙලා පාර්ටියක් දාමු. කොහොමත් කස්ටියම සෙට් වෙනවනේ අවුරුදු උත්සවේට.

    @හිස් අහස!
    තැන්කූ තැන්කූ මලේ.
    මේ පුංචි රටේ කොතැනකදී හෝ හමුවෙයි මලේ අපිත්.

    ReplyDelete
  18. ලස්සනයි කතා ටික සේරම...

    ReplyDelete
  19. @කුශ් !
    තැන්කූ කිව්වා එහෙනම් හොඳේ

    කකා
    නෑ බන් අතර මඟදී කොන්ඩෙත් කපන්න ගියා ඒක නෝට් කලේ නැද්ද?
    හික්ස්

    @බුද්ධි!
    ආ ඔය තේරිලා තියෙන්නේ කාටද වගේ.
    ඒ තමයි අර කියපු මුව හම් දෙක.

    @ඕනයා!
    ලබන සැරේ තුන්පත් රෑනම එහෙනම් එන්නකෝ අපේ ගෙවල් පැත්තේ.

    ReplyDelete
  20. @රත්ගමයා!
    මොකෝ බන් මනුස්සකම ලඟ අසරණ??
    එතනදී සතුටු වෙන්න එපැයි.

    @පබලු!
    ඔව් අප්පා වෙනදට නිවාඩු ලැබෙන්නේ සති දෙකයි.
    මෙදාපාර මාසයක්ම ලැබුනා.

    @සචී!
    කමෙන්ට් එකට ගොඩක් ස්තූතියි නංගී.
    කෙනෙක් ගෙ දුකක්දි කරදරයකදි අහක බලගන්න මිනිස්සු අතර කීන්ක් වෙන්න ඔයටත් ලේසියෙන්ම පුලුවන් නගේ.

    @ප්‍රියා!
    සිනහව අතරින් කඳුලක් උපන්නා. . ඒ බැව් නොදැනිම සිනහවක්ම පෑවා. . . ජීවිතේ ඔන්න ඔහොමයි මලේ.

    ReplyDelete
  21. @හාවෝ!
    යකෝ පුංචි මම කියලා කිව්වේ වයසින් පුංචි නෙමෙයි.
    ඒ වගේ ලොකු මිනිස්සු අතර මම පුංචි මිනිහෙක් හන්දා. .
    අනේ අප්පේ උඹේ මොලේ තමයි මොලේ. . .

    @දිලුම්!
    අයියෝ ඕවා මොනාද මල්ලී.
    හෙට මැරෙයිද කියලා නොදන්න ලොකේ නොමැරෙන එකක් වගේ ජීවත් වෙනවට වඩා සුලුවෙන් හරි තව කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන්න ලබෙන එක කොයි තරම් දෙයක්ද . .

    @ඩීන්!
    මම ඒ පහනේ පින්තූරය එකතු කලේ කෙනෙක්ට තව කෙනක් ගී ජීවිතයට පහන් එලියක් වගේ කුඩා එලියක් හරි ලබා දෙන්න පුලුවන් නම් ඒක කොයි තරම නම් ලොකු දෙයක්ද කියලා හිතන්නයි. ඒත් උඹේ මේ වචන මාව ඊට වඩා ලොකූ පරාසෙක තියෙන ලොකු කතාවකට අරගෙන ගියා ඩීන්.
    ස්තූතියි සහෝ උඹ නිබඳ ලබාදෙන සහෝදරත්වයට, මනුස්සත්වයට.

    @රවා!
    මොනා වුනත් උඹ අර දවස් ටිකේ අපිට දුන්නු ආතල් එක තරම් වටින්නේ නෑ බන් . . හික්ස්

    @මධුරංග!
    ස්තූතියි මළේ.

    ReplyDelete
  22. අහම්බෙන් උඹේ ලියවිල්ලක් දැකලනෙ මම ඔබට ආදරේ කලේ.. විතරක් නෙමෙයි ටෙලිපෝන් නොම්බරේ ඉල්ලං විදේශ ඈමතුමකුත් ගත්තා කියල මතකයි මට..(ඒ වෙලාවෙත් අඩියක් ගසමින් හිටිය නිසයි ඒ. සිහියෙන් හිටියනං ගනියි මෙන්න කියල අයිඩීඩී කෝල්..)කොහොම හරි ලියවිල්ලෙන් සහ කටහඬින් පමණක් අඳුනාගෙන හිටපු දුකා ඈත්තට ම දැක්කාම මට මාර සතුටක් දැනුන. ඒවත් සමග මේකා සමානයිම නේ කියල..!! යන්න කලියෙං ආයෙ පාරක් හම්බ වෙනුන බැරි චෙව්ව එකට දුකයි.. ඈඳපු චිත්‍රෙ ප්‍රින්ට් එකක දෙන්නයි හිතං හිටියෙ.. ඊ ළඟ පාර ආවාම කවුරු හරි පාටියකට ස්පොන්සර් කළොත් අරං එන්නං ඒකත්.. එතකං කිසි ම දුකක් කරදරයක් නැති ව ඉන්න හිටින්න ලැබේවා..!!!

    ReplyDelete
  23. දුකා මල්ලි ආයි නිවාඩු යනකොට අපිටත් ලංකාවට එන්න හිතෙන විදියට ලියලා. පින්තූර ටිකත් අගනායි. අර මිදුලෙ කොට මේසෙ වටේ ගෑණු නියෝජනයක් නැති අඩුපාඩුව පුරවන්නත් තිබ්බා!?!

    ReplyDelete
  24. අනේ මන්දා කියන්න දෙයක් හිතාගන්න බෑ.. එදා අයියාව මුන ගැහිලා කථා කරන්න ලැබුන එක ගැන ගොඩාක් සතුටුයි.. ඉලංදාරියා අනිවා සනීප වෙනවා...

    ReplyDelete
  25. ඔය නහය කපන වැඩේ මමත් කරගත්තා , හැබැයි කාලෙකට පස්සේ ආයිත් ඒ සෙල්ලමම පටන් ගත්ත. ඉතින් මම ගිහින් ආයුර්වේද බෙහෙත් ගත්ත කැස්බෑවේ අර ප්‍රසිද්ද වේද මහත්තයගෙන්. කසාය ටිකක් බිවුව. ඔන්න ඉතින් ගියා නුවරඑළියේ. මට හොඳටම ඔලුවේ කැක්කුම යනකොට.. එහෙදි ටිකක් වෙන්න සීතල බියර් බීල ඒ උඩට මැරියන් කියල හිතාගෙන බ්‍රැන්ඩි පාරකුත් දාගත්ත අපේ මචන් එක්ක. මගේ බාරියා තොමෝ නම් අනෙක වතාවක් මට එපා කිවුව. ඔන්න ටික වෙලාවකින් මැරෙන්න වගේ ඔලුවේ කැක්කුම වැඩි උන. නහය හොඳටම තදවෙලා. ගියා ගහක් යටට හුරවුව තදින් .. මෙන්න අලි තලපයක් වගේ එලියට පැන්න !! දැන් ඔය සිද්දිය වෙලා අවුරුදු ගණනාවක් තාමත් මට ආපහු අර කැක්කුම නම් ආවේ නෑ.. මචම නම් කියන්නේ මජ්ජපමාව නිසා හොඳ වුණා කියල මම හිතන්නේ වේද මහත්තයාගේ බෙහෙත් නිසා කියල.. ඔන්න ආපහු ආවොත් කරලා බලන්න ඔය පිළිවෙලටම !!

    ReplyDelete
  26. පෙබරවාරි 12 විහාරමහාදෙවි එකේදි දොන් ජුවන්, දනුශ්කා දැකපු එක මටත් මගේ ජීවිතෙ වෙනස් කරපු ලොකු තැනක් උනා අයියා.. :) :) :) අද මං ලග තියන හැම දේම ලැබුනේ එදා ඒ ගමන ගිය නිසා..
    දිලුම් අයියට පිං... එයා වෙනුවෙන් කරන්න තියන හැම දේම කරනවා... සතුටුයි ඔයාවත් හැබැහින් දැක ගන්න ලැබුනට...

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails