Tuesday, August 24, 2010

චූචි චීචර්ට වෙච්චි දේ . . . හෆොයි . . .!!




අර මම කලින් ලියපු ඇටසැකිල්ලේ කතාව මතකයි නේද . . ?, ඇයි අප්පා අර හදිසියට ඇටසැකිල්ල කියලා ලියන්න ගිහින් පලමු දවසේ නිසා චකිතයට පොඩි අකුරු ටැපලිල්ලක් වෙලා අකරතැබ්බයකට මූන දුන්නු ටීචර්ගේ කතාව . . හරි දැන් මතකයිනේ මතක නැත්නම් මෙන්න මෙතනින් ගිහින් ඒක බලලා එන්න . . .

. . . . . .

හරි හරි . . . අද මම කියන්න යන්නේ ඒ ජාතියෙම තවත් ටීච කෙනෙක්ට වෙච්චි තවත් අකරතැබ්බයක් ගැන කතාවක් . . .

මේකත් මම ඇහුවේ දැක්කේ කොහේදිද කියලා නම් ඉතිං හාංකවිසියක මතකයක් නෑ ඕන් . ..

. . . . . .. . . .. . ..

හරි කතාවට බහිමුකෝ දැන් . . .

ඔන්න තවත් අලුත් ටීච කෙනෙක්ට මූලික පත්වීම ලැබුනලු බොහෝම දුෂ්කර පලාතක

ඉතිං මේ ටීචත් සූට් කේස් එකකට ඇඳුම් කැඩුම් ටික සාරි හැට්ට ටික අඩුක් කරගෙන කොලඹින් නැග්ගලු ටීචගේ ඉස්කෝලේ තියෙන පැත්තේ ටවුන් එකක නතර කොරන බස් එකකට.

ඒ බස් එක හතර වරම් ගහලා ගහලා ටවුන් එකේ නවත්තන කොට හොඳටෝම හවස් වෙලාලු.

බැහැපු ගමන් චූටි ටීචර් විපරම් කලාලු ඉස්කොලේ තියෙන ගමට යන බස් එක ගැන . . .

මනුස්පයෙක් පොඩි හුංඩුවක් වගේ වෑන් කට්ටක් පෙන්නලා කිව්වලු "ආං නෝනේ ආං අර බස් එක තමයි ඔය ගමට යන අන්තිම බස් එක . . .” කියල . .

අපේ චූටි ටීචත් එක අතකින් සාරියත් පැත්තකින් උස්සගෙන අනිත් අතින් සූට් කේස් එකත් උස්සගෙන දුවලා දුවලා ගිහින් නැග්ගලු අර මොරගහ හේනේ පොල් පටෝපු බස් එක වගේ බස් එකට

දන් මේ ටීච කොන්දොස්තර ළමයට කියලා ඉස්කෝලෙට හැරෙන හන්දියෙන් බැස්සලු . . . ඒත් එක්කම තව අවුරුදු 3ක විතර පුංචි කොලු පැටියෙක් වඩා ගත්තු අම්ම කෙනෙකුයි කොලු පැටියගේ අප්පච්චි කියලා හිතන්න ඇහැක් මනුස්සයෙකුත් බැස්සලු.

බැහැලා බැලින්නම් හතර අත කට්ට කලුවරයිලු.

ටීචර් අර මනුස්ස පරාන දෙකෙන් ඇහුවාම ඉස්කොලේ තියෙන්නේ කොයි හරියෙද කියලා අර කොලු පැටියගේ අප්පච්චි කිව්වලු "අනේ නෝනේ ඉස්කෝලේට මෙතන ඉඳන් මයිල හතරක විතර දුරක් යන්ට වෙන්වා නොවෑ . . " කියලා

ඒ මනුස්සයා එක පාරටම මයිල කිව්ව ගමන් ටීචර්ව පොඩ්ඩක් අන්දොස් උනු බව දැක්ක ගෑනු කෙනා " ඒ කිව්වේ නෝනේ මේ හැතැප්ම හතරක්" කියලා මනුස්සයගේ කතාවට ගෑනු කෙනා නැටි කෑල්ලක් එල්ලුවලු.

"මේ අපේ ස්කෝලෙට අලුතෙන් එන ගුරුතුමී වෙන්ටැ . . . සතා සරුපයියා හක්කලන් කොරන මේ වෙලාවේ ගුරු නිවාසෙට යන්ට ඇහැකිය . . ?? ඇහැක් විදිහට අද අපේ දිහා ඉඳලා හෙට උදානැක්කේ ගුරු නිවාසෙට යන්ට බැරුවායැ" කියලා අර ගෑනු කෙනා මනුස්සයගෙන් අවසර ඉල්ලන බැල්මක් දාගෙන කිව්වලු.

"අනේ අක්කේ ඒක නම් ලොකු උදව්වක්" කියලා ටීචර් ස්තූතිපූර්වක බැල්මක් දෙන්නටම දැම්මලු.

කොහේදෝ තිබිලා හුලු අත්තකුත් පත්තු කරගෙන තුන් හතර දෙනා යන ගමන් අර මනුස්සයා "හැබැයි නෝනේ ඒ වුනාට අපේ ගෙදර එහෙමට ඉඩ පාඩු නම් නැතෙයි" කියලා කිව්වහම

“කමක් නෑ අයියේ මට අද රෑට විතරයිනේ කියලා ටීචර් ඒක ශේප් කලාලු.

දැන් ඉතිං ඔන්න කට්ටියම ගෙදරට ආවලු.

කටු මැටි ගහපු මේ ගෙදරට තියෙන්නේ එකම එක කාමරයයිලු. කනු හිටෝපු පිලක් දාපු පොඩි ස්තෝප්පුවේ පැලළි දොරෙන් ඇතුල් වුනාම මේ කියපු කාමරේ ඉන් එහා තව පැලළි දොරක් ඇරියාම ගෙට එහාට වෙන්න තියෙන කුස්සියලු. කට්ට කලුවරේ නිසා ටීචර්ට මේ කිසි දෙයක් හිතා ගන්නත් බෑලු.

ගෙදරට ඇවිත් අර ගෙදර ගෑනු මනුස්සයා ටීචර්ව කාමරේට එක්ක ගිහින් ඇඳුම් මාරු කරගෙන ඇවිත් මූන කට ඩිංගක් හෝදගෙන කෑවායින් නොකෑවයින් නිදා ගන්නලු ලෑස්තිය.

කොලු පැටියගේ අම්මයි තාත්තයි කාමරේ පැදුරක් එලලා හෙලිකොට්ටෙන් නිදාගෙන හිටපු කොලු පැටියව පැදුරේ තියලා "ගුරුතුමී එහෙනම් මේ කාමරේ තියෙන අපේ එකම ඇඳේ නිදා ගන්ට . . අපි දෙන්නා ඉස්තෝප්පුවේ පැදුරක් දාගෙන නිදා ගන්නම්. කොලු පැටියා ඉස්තෝප්පුවේ නිදා ගත්තොත් පිනී බායිනේ . . ඒක නිසා ඌව මෙතන බිමින් නිදි කලා " කියලා ටීචර් ස්තූති කරද්දී ගෙදර තිබුනු එකම කුප්පි ලාම්පුවත් අරගෙන කාමරෙන් ඉස්තෝප්පුවට යන්න තිබුනු පැලැළි දොරත් වහගෙන ගියාලු.

කට්ට කලුවරේ කොහු ලනු මෙට්ටේ එහාට මෙහාට ඇඹරී ඇඹරී ඉන්නවා මිසක් ටීචර්ට නින්ද අහලක වත් නෑලු . . .

ඔහොම පැයක් දෙකක් ඉන්න කොට අපේ මේ ටීචර්ට එනවලු අම්බානක පිප්පි බරක් . . .

මේ කෑලි කපන්න පුලුවන් කලුවරේ කාමරේ දොරක් කොහේ තියෙයිද කොහාට කියලා යන්නද කියලා නොදන්න ටීචරුත් ඉවසගෙන ඉන්නවලු දැන් එලිවෙයි දැන් එලිවෙයි කියලා . . .

ම්ම්හූ එලිවෙන පාට කෙසේ වෙතත් තව ඉවසගෙන හිටියොත් මුත්‍රා බොක්ක පැලයි වත්දෝ කියලා හිතලා කොහොමද මේ බරෙන් නිදහස් වෙන්නේ කියලා හිත හිත ඉන්න ටීචර්ගේ ටිකිරි මොලේට ආවලු නියම අයිඩියා එකක් . ..

ටීචර් කලුවරේ අත ගගා ගිහින් අර කොලු පැටියව උස්සගෙන ඇවිත් තිබ්බලු ඇඳ උඩින් . .. තියලා කොලු පැටියා නිදාගෙන හිටපු පැදුරේ පිප්පි කලාලු . . . "දැන් හරි දැන් ඉතිං මේක වැටෙන්නේ මේ කොලු පැටියගේ එකවුන්ට් එකටනේ" කියලා හිතලා ආපහු කලුවරේ අත ගගා ඇවිත් කොලු පැටියව ආපහු පැදුරෙන් තියන්න ඒකාව වඩා ගන්න හදනකොට ටීචර්ට ආපහු පාරක් චූ බර හැදෙන වැඩක් වෙලාලු . ..

පොඩි එකා ඇඳේ කක්කි දාලලු . . ..

. . . ..

pic taken from : http://lagringasblogicito.blogspot.com/

35 comments:

  1. හයියෝ.....
    එපා වෙනවානෙ....
    තාම හිනා මටනම්... :D :D

    ReplyDelete
  2. යකෝ, මැරෙනව තව පොඩ්ඩෙන් . . . පිස්සු කෙලින්නෙපා බං . . . ඔහොම කතා ලියනවද පූර්ව දැනුම්දීමක්වත් නැතුව . . . . දවල්ට කාල ආව විතරයි මේක කියෙව්වෙ. තව පොඩ්ඩෙන් ඉස්පොල්ලෙ ගිහිල්ල ඉස්පිරිතාලෙ තමයි නවතින්න වෙන්නෙ . . . . එල කතාව මචෝ . . . .උපරිමයි . . . !

    ReplyDelete
  3. මේ නං මට කතන්දර ලියා එවූ චූටි ටීචර් ගැන නොවන බව තරයේ ප්‍රකාශ කරමි.

    මේක ඇත්තටම එයාගේ යාළුවෙක් වෙන "චූචී චීචර්" ගැන කතන්දරයක්.

    ReplyDelete
  4. හිනා කාල පණයනවා..අපේ අම්මා බලනවා මේ මහදවල් මට පිස්සුද කියලා ගිය හිනාවට....පට්ටම පට්ට‍‍‍‍....

    ReplyDelete
  5. අප්පච්චියේ....කෙළියා නේද තාප්පෙටම කීවලු.,...:))))

    ReplyDelete
  6. හෙහෙහෙහෙ....
    :D :D
    ලොල්

    ReplyDelete
  7. හූ... ඉල නැතෝ... පට්ටම පට්ට...

    ReplyDelete
  8. හපෝ මේ ටීචර්ලට වෙන වැඩ! මට තාම හිනා...

    ReplyDelete
  9. චූටී ටීචර්ලටමයි වෙන්නෙ...

    හික් හික් හී...
    නියම කතාව දුකා අයියෙ

    ReplyDelete
  10. හික්ස්.... පවු චුචි චිව :D

    ReplyDelete
  11. කතාව නම් උපරිමයි අයියේ, මේ ඒක නෙමෙ අයියා මේ බ්ලොග් එකට තීම් එහෙම දා ගත්තේ කොහෙන්ද? තව බ්ලොග්ස්පොට් වල උඩ වැටෙන අර නැවිගේෂන් බාර් එක අයින් කලේ කොහොමද?

    http://www.chootymalli.blogspot.com/

    ReplyDelete
  12. චූටි ටීචට චූටි ටෝච් එකක් තිබ්බෙ නැල්ලුද ?

    ReplyDelete
  13. පිස්සු පීකුදු :))

    ReplyDelete
  14. පට්ට කතාව දුකා අයියෙ...

    ReplyDelete
  15. හික් හික්
    කොහොමද පොඩි එකාගෙ ටිකිරි මොළේ?. :D

    ReplyDelete
  16. මට තියෙන ප්‍රශ්නේ ඔය ඔක්කොම හුට්ටප්පර චූටි ටීචර් ලටම වෙන්නෙ මොකො ? ලොකු ටීචර්ලට නොවී ?

    ReplyDelete
  17. @තරිඳු
    චූටි ටීචර්ලා, මේ වගේ දේවල් එක්ක තෙම්පරාදු වෙලා තමයි ලොකු ටීචර්ල වෙන්නේ. එහෙම බැලුවම, චූචි චීචර්ලට වෙනවයි කිව්වම අපිට ඒ ගැනත් හිතෙනවනේ. සමහරවිට, ඒක වෙන්න ඇති. :)

    කොහොමත් ඉතින්, මැරෙනකම් අපි ඔක්කොම චූචි චීචර්ලා තමයි. :D
    හෙහෙ

    ReplyDelete
  18. මිල්ක් ෆාදර්ට ඩෝග්ස් පැනපි කිව්වලු...

    ReplyDelete
  19. ඇත්තටම හිනාවෙන්ඩද අඬන්නද මල්ලියෙ.ඔය කතාව ඇත්තක් වුනත් බොරුවක් වුනත් ඊට සමාන ජීවිතයක් තමා දුෂ්කර සේවෙට ගියහම ගෙවන්නෙ .මම ජීවිතේ ඉස්සෙල්ලම රැකියාවට උගන්නන්න ඔයවගෙ ගමනක් ගියා.ඔයා ලස්සණට ලියල තියෙනවා.ස්තුතියි.

    ReplyDelete
  20. නියමයි දුකා.....
    මම තාමත් කල්පනා කරන්නෙ "චූටි ටීචර් ඊලගට මොකක්ද කරන්න ඇත්තෙ ? " කියල....

    ReplyDelete
  21. හහ්හහ් හා..පට්ට අයියෙ මැක්ස කියන්නෙ සුපිරියි...ටීචට වහකන්න තමා වෙන්නෙ....හික් හික් .....නියමයි

    ReplyDelete
  22. හිනා ගිහාන් අපිට ඇඬෙනවලු.. මැක්ස කථාව :D

    ReplyDelete
  23. පව් වැඩේ අප්පා.... ඊට පස්සෙ උනේ මොකද්ද කියලත් කිව්වනන්....

    ReplyDelete
  24. ගූ හැත්තෑවයි..... ;)

    ReplyDelete
  25. පව් බන් චූටි ටීචර්.. මට නම් දුකේ බෑ....

    ReplyDelete
  26. පව් කියල හිතුනා අයියේ චූචි චීච... හික් හික්... මොනා උනත් චූ බරක් කියන්නේ ලේසි පාසු බරක් නෙමෙයි නේ...

    ReplyDelete
  27. පව් අනේ!! හැබැයි හොඳ වැඩේ.... “දිට්ඨ ධම්ම වේදනීය කර්මය“ ඔච්චර උදවු කරපු ඒ මනුස්සයින්ව රවට්ටන්නෙ නැතිව “අක්කේ මට දොට්ට යන්න ඕනි කිව්ව නම් ඉවරයිනෙ“..... :)

    ReplyDelete
  28. එලම එල......පවු අසරණ චූටි ටීචර්

    ReplyDelete
  29. පට්ට ඈ... ඕය වගේම වෙන අවාසානයක් තියෙන කතාවක් මට මතක් උනා. ඒක් හැබැයි කක්කි කතාවක්. කක්කි කිව්වේ, කක්කිම කක්කි. ඒ නිසා මෙතන කියන්න බෑ. නැවත පට්ට ඈ... :ඩී

    ReplyDelete
  30. ඉතිං ටීචර් කොලේ මොකැයි දන්නවැයි?

    උදේම කිව්වා මෙහෙම, " අනේ අක්කෙ බලන්ඩකො වෙච්චදේ, දරුවා තෙමා ගත්තු නිසා මම ඇඳට ගත්තා,ගත්තා තමයි, මේං බලන්ඩකො කොරලා තියෙන දේ"

    ReplyDelete
  31. හපොයි දෙයියනේ.......... පැදුරටත් නොකියා පාන්දර ජාමෙම මාරු‍ වෙන එක තමා හොඳ..

    ReplyDelete
  32. මේක හරිම මාර කතාවක්නේ..
    කට්ට කරුවලේ පිප්පි කොරාගෙන කක්කි කොරාගෙන
    ගඳ පතුරාගෙන
    නිදි නොලබාගෙන....

    ReplyDelete
  33. අනුන්ට කපන වලේ තමන්ම වෑටෙනවා කීයන්නේ .. මර සීන් තමයී වෙන්නෙ http://www.adare1.tk/

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails