Thursday, August 5, 2010

ඇටසැකිල්ල



මගේ බ්ලොග් එකේ තියෙන වෙන්න හිනා කරදර ඉවත දමා කියන කැටගරි එකට යමක් ලියන්න ඕන කියලා දවස් ගානක් හිත හිත හිටියා.

ම්හු කෙටි ඒත් හිනා යන දෙයක් මතක් කර ගන්න අමාරු වුනා.

මාගල් වගේ දිග කතා නම් තියෙනවා ඒත් කෝ ලියන් න වෙලාවක්.

ඔහොම ඉන්න කොට ඊයේ මගේ සොඳුරු ත්‍රස්තවාදියා උඩට එකක් අඳින්නේ නතුව කටු බොඩිය පිටින් ඉන්න්කොට අපේ ගෙදර උන්දෑ "බලන්නකෝ මේකගේ හැටි ඇටසැකිල්ල විතරයි" කියලා කියපු ගමන් සං ගාල මට පරන කතාවක් මතක් වුනා.

හැබැයි මේ පරන කතා කියද්දී දාන කොන්දේසිය මතකයිනේ කවුද මේක කලින්ම කිව්වේ කොහෙන්ද මේක හොයා ගත්තේ ඔන්න ඕව්ව අහන්න බෑ හරිය මොකෝ මට ඒවා මතකම නෑ . ..

හරි මෙන්න කතාව

අපි ස්කෝලේ පහේ හයේ වගේ ඉන්නකොට (මතක හටියට) එක පාරක් රුපියල් දාහේ පඩියට වැඩකරන්න ගුරුවරු බඳවා ගත්තා.

මේ ගුරුවරු ගුරුවරියෝ ගොඩක් වෙලාවට හරිම තරුණ අය. මේ අය අයට ඒ කාලේ කොල්ලෝ කෙල්ලෝ කිව්වේ දාහේ කෑලි කියලයි මට මතක හැටියට.

අපේ ස්කෝලේටත් ආවා මේ දාහේ ගුරුවරියෝ කීපදෙනෙක්ම ඒ අයගෙන් සමහර අය හරිම ලස්සන අක්කලා.

අපේ ස්කෝලේ පිරිමි පාසලක් නිසා අපේ ලොකු අයියලා ඉස්සර මේ ලස්සන ටීචර්ස්ලාට හරියට උදව් කලා අපි දැක්කා. කොච්චරද කියනවනම් මේ අයට එක පංතියක ඉඳලා තව පන්තියකට තනියෙම යන්නවත් දෙන්නේ නෑ වැටෙයි එහෙම කියලා . . හික්ස්

අතුරු කතා එපා . . . ආපහු කතාවට එමු.

හරි ඔන්න ඉතිං මේ වගේ එක ටීච කෙනක්ට ලැබුනු පත්වීම මිශ්‍ර පාසලක්ලු. ලැබුනු පන්තිය හත වසරලු. විශය සෞඛ්‍යලු.

ඔන්න ඉතිං මේ ටීච පලමු දවසේ කකුල් දෙකත් මැඩ්ලින් ගහ ගහ ගියාලු පංතියට. ළමයින්ට ආයුබෝවන් ළමයි කියලා සුභපතලා එහෙම . .

"ළමයි මම තමයි අද ඉඳලා ඔයාලගේ සෞඛ්‍ය ටීචර් . . . මගේ නම . . .. .. ගම . .. . . බ්ලා . . . බ්ලා . . . බ්ලා . . . කියලා

"හරි ඔයාලා මේ පංතියට වෙනකම්ම සෞඛ්‍ය ඉගෙන ගත්තානේ . . අපි බලමු ඔයාලගේ සෞඛ්‍ය පිලිබඳ දැනීම" කියලා කළු ලෑල්ලේ තඩි පොල් ගෙඩි අකුරින් ලිව්වලු "ඇටසැකිල්ල" කියලා . ..

ලියලා ඉවරවෙලා මේසෙට හේත්තු වෙලා ළමයි දිහා හිනාවක් එහෙම දාගෙන කිව්වලු හරි දැන් මේ ළමයි මේ ගැන ඔයාලා දන්න දේවල් අහලා තියෙන දේවල් . . දැකලා තියෙන දේවල් කියන්න කියල . . .

පංතියේ ගෑනු ළමයි ඔක්කෝම ඇස් උඩ තියාගෙන බලන් ඉන්නවලු . .. කොල්ලෝ අත් වලින් කටවල් වහගෙන හිනාව හිර කරගෙන ඉන්නවලු . . .

ටීච හිතුවලු "හහ් . . මුන් මේ මගේ පලවෙනි දවස හිංදා මට රැගක් දෙන්න වෙන්න ඇති හදන්නේ" කියලා හිතලා . . ."ඔයාල මෙච්චර කල් මොනාද ඉගෙන ගත්තේ . . කොයි ලෝකෙද ජීවත් වුනේ" කියලා ටිකක් තදින් ඇහුවලු . ..

ඒත් නෑළු කිසි වෙනසක් . . . ආපහු ටිකක් තරහින් වගේ කිව්වළු "මේ ගැන කිසි දෙයක් කියන්න දන්න එක ළමයෙක් වත් නැද්ද මේ පන්තියේ" කියලා . . .

ඔන්න ගෑනු ළමයින්ගේ පැත්තේ එක කටකාර වගේ කෙල්ලෙක් නැගිට්ටලු . . .

නැගිටලා වට පිට බලලා කිව්වලු . . .

"ටීච ඕක අපේ ආච්චිට තිබුනේ නෑ . . ඒක නිසා අපේ අම්මට තිබුනෙත් නෑ . . අම්ම්ට තිබුනේ නැති නිසා මටත් නෑ . . . ඒත් . . . ඕක අපේ සීයට තිබුනා . . . ඒක නිසා අපේ තාත්තටත් තිබුනා . . . තාත්තට තියෙන හින්දා තමයි මල්ලිටත් තියෙන්නේ කියලා අපේ අම්මා නිතරම තාත්තට බනිනවා මට ඇහිලා තියෙනවා" කියලා කිව්වලු . .. .

පන්තියේ කෙල්ලෝ කොල්ලෝ ඔක්කෝම හූ කිය කිය උඩ පැන පැන හිනා වෙන්න ගත්තලු . ..

ටීච ෆුල් අඤ්ඤකොරොස්ලු කෙල්ලගේ මේ කොහේටවත් නැති උත්තරේ හින්දා . . . .

දැම්මලු හීනියට දාඩිය පාරකුත් . . .

සාරි පොටෙන් දාඩිය පිහිදගෙන ආපහු බැලුවලු කළු ලෑල්ල දිහා . . .


මල කෙලියයි . . .


ටීච "ඇටසැකිල්ල" කියලා කළු ලෑල්ලේ ලියද්දී චකිතය හින්දා පොඩි ටැපලිල්ලක් වෙලාලු

34 comments:

  1. හපොයි..!!!! [ පස් කාගෙන සිනා සෙමින් ]

    ReplyDelete
  2. හික් ඇට ...ැසිල්ල ලියපු නැති අකුර නම් අහන්න එපා. මමත් ඕක අහල තබුනා වගේ මතකයි. පරණ මතක අළුත් වෙනවා. නියමෙටම ගලපලා ලියල තියනවා.

    ReplyDelete
  3. අපොයි............!!
    මෙන්න අදත් මෙයා...
    ඇනෝ කමෙන්ට් එකක් දාලා මාරු වෙමි.
    ලොල්
    :D

    ReplyDelete
  4. pissu hadenawa duka ayye .......ela

    ReplyDelete
  5. ඌණ පූරණයකි...
    මුලින්ම ලිව්වේ "අස්ථි පංජරය " කියාලු... ලමයින්ට තේරුනේ නැති නිසා කලබොලේට "මකලා" ලියන්න ගිහිල්ලයි සිද්ධිය වෙලා තියෙන්නේ.... ඊලඟ දවසේ ඊට හපන්... එකේ ඉඳන් දහය වෙනකල් අකුරෙන් ලියන්න කිව්වම එකෙක් කොච්චර කිව්වත් "අට" වෙනුවට ලියන්නෙම "හුට" කියලලු....

    ReplyDelete
  6. හික් හික් හික් මේක එළ දුකා අයියේ. ඔය ටීචර් ලට නම් හරියට උදව් කරනව කොල්ලො... විද්‍යා පීට වලින් එහෙම එන්නෙ.. අන්න එයාලට.

    ReplyDelete
  7. හි හි එල ස්ටෝරිය... ඔය ටීචර් බෝඩ් එකේ ලියපු වචනේ කිව්වම මතක් උනේ අර සක්විති සුවය කියල සිංහල ෆිල්ම් එකක ඔහොම කරන එකෙක් කහින කොට සොමී රත්නායක කියනව මතකයි "අඩෝ කසන්නා මොකද කහින්නේ" කියල...පොඩි කාලෙ ඕක බැලුවට ඔය වචන සෙට් එක එලට මතකයි සොමී රත්නායක කියන විදියට...

    අප්පේ ඔය චූටි ටීචර් ල ගැන නම් කියල වැඩක් නෑ.. අපිත් ලොකු පංති වල ඉන්න කොට හරියට උදව් කරල තියෙනවා... ශිෂ්‍ය නායක ඩියුටි වලට මරා ගන්නවා ටීචර්ලට පේන්න වැඩ දාන්න..

    ReplyDelete
  8. හික් හික්.. හූ හූ‍..................

    ReplyDelete
  9. හි....හී... එල කතාව.... අහල තිබුනා මතකයි.... ඵ් මතකය අලුත් වුනා

    ReplyDelete
  10. :D :D
    සැනසිල්ලේ, ඔංචිල්ලේ, ඇට__ල්ලේ කිව්වලු.
    නියමයි

    ReplyDelete
  11. කියන්නත් මොකදෝ වගේ.. මට තේරුනේ නෑනේ.. තේරුම් ගන්න මං පොඩි වැඩීවත් ද? හිහ් හිහ්

    ReplyDelete
  12. ඒත් මං බැලුව ඕක තියෙන්නෙ මට විතරක්ද කියල. බලනකොට තව ගොඩක් දෙනෙක්ට තියෙනවනෙ.
    සොඳුරු ත්‍රස්තවාදියව දාන්නකො බොඩි බිල්ඩින් වලට.

    ReplyDelete
  13. that's a good one.!

    ReplyDelete
  14. දහයේ පංතියේදි විතර ඕක අපේ හොස්ටල් එකේ එවුන්ටනම් සැරටම ඕක තිබුනා වගේ මතකයි.. අපි නම් හොස්ටල් හිටියේ නෑ ඕං..

    ReplyDelete
  15. ඇටසැකිල්ල කියනකොට මම හිතුව අල්මාරියේ ඇටසැකිල්ල ගැන කියන්න හදන්නෙ කියල :P

    ReplyDelete
  16. පොඩ්ඩක් හිටු... මම තාම හිනා වෙනවා... හිනා වෙලා ඉව‍ර වෙලා කමෙන්ට් එකක් දාන්නම්.

    ReplyDelete
  17. වස්සන් රට කරපු යුගයක දැන නොදැන
    සෙස්සන් හිනස්සන වැඩ බොහොමයි අමන
    උස්සන් ජනසවිය ගුරු වරු වුන ගමන
    පිස්සන් හට පිපිඤ්ඤත් කැකිරිය ලියන

    ReplyDelete
  18. අනේ අනේ...
    අද මාත් ඇනෝ... වට් ‍ටු ඩූ... විලිලැජ්ජාවේ සං‍තෝසේ බැරුවා...
    සංසාරෙක හැටි!

    උදේම හොඳට ලේ පිරිසිදු උනා. ගුඩ් ගුඩ්.
    ස්තූති දුකා අයියා. :-)

    ReplyDelete
  19. මෙ දැන් ලැබුනු පණිවිඩයකින් කිවුන විදියට දුකා මගේ දුක හොයනවයි කියලා ආරංචියි.
    ඒක යථා කාලයේදී ලැඛෙවී..

    කථාව නම් කියලා වැඩක් නැත පවසලා පලක් නැත...
    නරකම ලෙඩක් ගැනනේ චූටී චීටර් උගන්නන්න පටන් අරගෙන තියෙන්නේ...

    ReplyDelete
  20. දුකා......
    මම බ්ලොග් අඩවි අස්සෙ රින්ගන්න පටන් අරන් වැඩි කාලයක් නැහැ.....
    ඔයාගෙ බ්ලොග් එක තාම කියවනව....මේකත් නියමම නියමයි...

    ReplyDelete
  21. ඔය පිස්සා සහ ඉශාර කියලා තියෙන්නෙ ඇත්ත. සමහර ලොකු පන්තිවල ළමයින්ට අක්කේ කියල කියවෙනවත් එක්ක. එතකොට නම් පල් හිනාවක් දාලා පුතේ කියනවා අපි..

    ReplyDelete
  22. "ටීච ඕක අපේ ආච්චිට තිබුනේ නෑ . . .----. ..බනිනවා මට ඇහිලා තියෙනවා"
    මාරයි බං. පට්ට එක්ස්ප්ලනේෂන් එක. සිරා සිරා...

    ReplyDelete
  23. දුක ඉවත දමා ටිකක් හිනා වුණා.....

    ReplyDelete
  24. අළුත් ටීචර් පොඩි එවුන්ව නරක් කරනවා වගේ :)

    ReplyDelete
  25. ආගිය අතක් සහ කකුලක් නැතිව සිටි සනා කොලුවා ආ හැටියේම කියවන්නට ලැබුණෙ පංකාදු පහමාරේ කතාවකි.

    ලොවෙත් නැත.. අයියා, ලොවි ගහෙත් නැත.

    ReplyDelete
  26. මගෙත් යාළුවෙක් හිටිය (තවම ඉන්නවා) ඌටත් ඔය ඩිංගි මහත්තයට වගේ වචන ටැපලෙන එකම තමයි වැඩේ. එක පාරක් වෙසක් බලන්න ගිහිල්ල ඌ කියනව "මචං අපේ පාරේ මහ විසාල ඇට __ැසිල්ලක් තියෙනව" යමුද කියල. ඒත් එක්කම අපේ සෙට් එකේ හිටිය කොයි වෙලාවෙත් වයර් මාරු වෙලා ඒව පාස්සන්න බෞත් එකත් අතේ අරගෙන යන එකෙක්. ඌ සිරාවට හිතුවෙ ඇත්තටම එහෙම එකක් කියල. ඌ ඉඳන් කියනව, "උඹලගෙ පාරෙ එවුන්ට කියල කසා ගන්න නෙමෙයි බං මේව තියෙන්නෙ, තොට ඕන්නං ගිහිල්ල කසා ගනින්" කියල.

    ReplyDelete
  27. හුග දවසකට පස්සේ හිනාඋනේ...

    ReplyDelete
  28. ammata siri nayaaaaa...... niyamai .

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails