Saturday, July 10, 2010

දඬුවම් ලද යුතු යෞවනය හා බැඳුනු මිල්ටන් . .. !



යෞවන වයසේ මානව මානවිකාවන්ට ආදර හැඟීම පහල වීම අරුමයක්ද . . .
තරුණ වියේදී පමනක් නොව මැදි වයසේදී පවා ආදර හැඟීම නූපදින හදවත් ඇත්තෝ විරල වන කලෙක යෞවන හදවත් වල උපදින ආදරය ආශ්චර්‍‍යක් ලෙස සලකුනු වෙනුවට එය මහා අපරාදයක් ලෙස සලකා දඬුවම් කිරීම අපරාධයක් ලෙස මට හැඟේ . .. .

යෞවන වයසේදී ආදරය කිරීම දඬුවම් ලද යුතු වරදක් නම් එසේ නම් මානව මානවිකාවන්ට දඬුවම් කරනු වෙනුවට යෞවනයට දඬුවම් නොකරන්නේ මන්දැයි නන්දා මාලනී "මේ සිර මැදුරෙන් . . පැන යන්නට ඇත්නම් . .. !!" ගීතය හරහා අපෙන් අසන්න්ට සිදුව ඇත්තේ සුනිල් ආරියරත්නයන්ද යෞවන වියේ ප්‍රේමය අපරාධයක් ලෙස නො සලකන නිසා නොවේදැයි මට සිතේ . ..

මේ සිර මැදුරෙන් පැන යන්නට ඇත්නම්

මේ සිර මැදුරෙන් පැන යන්නට ඇත්නම්
මේ මුර සෙබලුන් එලවන්නට ඇත්නම්
පවුරු වළල්ලෙන් එහා රටේ
අප දෙදෙනා වෙනුවෙන්
මල් පිපේවි ආදරේ නමින් . . .
ම -ල් - පි - පේ - වි- ආ - ද - රේ - න - මි- න් . .

ගැරහුම් අසමින් හද ගිනි දළු ලියලයි
දඬුවම් ලද යුතු අප නොව යෞවනයයි . . .
විස කටු පඳුරුය අප යන එන මඟ
ස්නේහයට ඇයි මේ අමිහිරි අවමන්

ඇසට උරුම ඇස උණන කඳුල පමන්යි
හදට උරුම හද දවන සුසුම පමනයි
මුලු ලොව සතුරුය අද අපි අබියස
ප්‍රේමයට ඇයි මේ විසකුරු සරදම්

යොවුන් වියේ ආදරය දෙස වැඩිහිටියන් තමන්ගේ තරුණ විය අමතක කොට හනමිටි ඔලුවේ තබා ගත් කෝණයකින් නොබලා ඒ ඉපදුනු සෙනෙහස පිරුනු හදින් ඉගෙනීම හා අනාගත දියුණුව ගැන සලකන අයුරු පිලිබඳව උපදෙස් දී ආදරයත් ඉගෙනීමත් සමාන්තරව කරගෙන යාම සඳහා අනුබල හා මඟපෙන්වීම දිය යුතුයි කියන දේ තමයි මගේ පුද්ගලික මතය නම් . ..

. . .. . .. . .. . .. . .. . . ... . . .. . .. . .. . .

පදම් කර ගත් තල්ගොබයක් ලී දෙකක් මැදට දමා මැද ඒ මත පන්හිඳකින් අකුරු කොට කළු මැද ඊතලයක අමුලා එල්ලය බලා විදීමෙන් හෝ එසේ ලියා ගත් තල්පත හීලෑ කර ගත් ගිරවෙකුගේ හෝ සැලළිහිනියෙකුගේ පාදයේ ගැට ගසා ඌ ලව්වා අදාල තැනැත්තා අතට පත් කිරීම ආදී අතීතයේ වූ සන්නිවේදන ක්‍රම පසුකර විත් අද දවසේ ජංගම දුරකතනයේ තිරය දෙස බලාගෙන සජීවී සංවාද පැවැත්විය හැකි තරම් දියුණු වූ නමුත් අපේ යෞවන වයසේදී ප්‍රේම සම්බන්ධතා අතර අන්තර් සන්නිවේදන මාධ්‍ය වූයේ ලිපි පමනි.

කොලයේ අග රෝසමල්, සමනළුන් ප්‍රින්ට් කර තිබූ ලිපි කොලවල ලියා ලිපියේ උඩින්ම ගීතයක කොටසකුත් එකතු කොට අක්කගේ "ග්‍රීන් ග්‍රාස්" සුවඳ විලවුන් බෝතලය හොරෙන් අරගෙන දෙතුන් තැනකට හලා ලස්සනට නවා අතින් හැදූ කවරයක බහා ටියුෂන් සර්ලා බෝඩ් එකේ ගණන් ලියන අතරතුර හොරෙන් පාස් කල ලිපියක සුන්දරත්වය අද දවසේ ඊමේල් මඟින් ආදර හසුන් යවන නැතිනම් දුරකථනයෙන් එස්. එම් එස්. මඟින් පෙම් පණිවිඩ යවන යෞවන පෙම්වතුන්ට ලබා ගත නොහැකි බව නම් මට ඉඳුරා පැවසිය හැකියි . ..

එවන් වූ අපගේ දඬුවම් ලද යුතු යෞවනයේ ලිපි වලට නැතුවම බැරි වූ ගීත කොටස් බොහෝ විට මිල්ටන්ගේ ගීත බැව් එසේ ලිපි ලියූ අය හා කියවූ අය ම හැර වෙන කවුරු නම් දනීද . . . !!

. . . . . . . . .. . . . . . . . . . . . . . . . . . .

හප්පා . . මෙයාගේ තියෙන ගෑස් . .
මෙහෙමද අලුතෙන් ගමකට ආවහම . . .
හැමෝම එක්ක පොඩ්ඩක් හිනා වෙලා ඉන්න එපැයි . . .
අනික නිකං දැන් ගමේ කමට වත් පොඩ්ඩක් හිනා වුනා නම් මොකෝ . ..
කතා කරන්න ආස වුනත් කස්ටිය ඉස්සරහා ඇඟට කඩන් පැන්නොත් නෝන්ඩි හොඳම එක . ..

අප එක පෙදෙසක

අප එක පෙදෙසක නිවසන්නේ
නැතුවද ඔබ මා හඳුනන්නේ
මා දිහා ඇයි නොබලන්නේ
ඇයි නොබලන්නේ

ඔබ යන පසු පස පිය මැන ඇත්තෙමි
ඔබට නොම දැනී
ඔබගේ තොරතුරු විපරම් කෙරුවෙමි
ඔබට නොම දැනී
මා දිහා ඇයි නොබලන්නේ
ඇයි නොබලන්නේ

ඔබ අමතන්නට සිතුවද විටකදී
එයට සිත නොදේ
මොහොතින් මොහොතට මගෙ සිතුවිලි පෙළ
ඔබ වටා ඇදේ
මා දිහා ඇයි නොබලන්නේ
ඇයි නොබලන්නේ

. . . .. . . .. . .. . .

විනාඩි දහයක් වත් මම පේන්න නොහිටියොත් ස්කෝලේ පුරාම මාව හොය හොය ඇවිදින කෙනා අද මට හොයා ගන්නවත් බැරි තරම් දුරක නොකියාම ගිහින් නො එන්නම . . . . මතකය විතරක් මගේ ලඟ . . . ! ඇයි මතකය විතරක් වේදනාව . . ???

කඳු පාර ඈත අයිනේ

කඳු පාර ඈත අයිනේ සඳ රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා

යාලුවී දෙවටේ එදා කී කතා අසා
පාලුවී හැඬුවා සදා මාරුතේ පවා

ගං ඉමේ මාදං කැලේ පාසැලේ පුරා
මා සොයා ආවා වගේ වෙන්වෙලා ගියා

. . .. . .

"උසස් පෙළ සමයේ ප්‍රේමය ගැන ලියවුනු ගීයක් මම ඊලඟට ගයන්නේ . . . පෙම්වතිය උසස් පෙළ සමත් වෙලා සරසවි වරම් ලැබ එහි ගොසින් . . පෙම්වතා ඇය ගැන විස්සෝපයෙන් . . ."
අමරසිරි පීරිස් මහතා ඩුබායිහි තිබූ සංගීත සැඳේවේදී එසේ පවසන විට මට එක්වරම මතකයට ආවේ සුපුන් සුදාරක මළයා විචාරයක් ලියපු "හන්තානට පායන සඳ" ගීතය . . . මෙයත් එවන්ම වූ සිදුවීමක් නොවේද

දෙනෝ දහක් ගැවසෙන

දෙනෝ දහක් ගැවසෙන සරසවියේ
පාලුව තනිකම දැනෙනවනම්
කුටියේ කවුළුව විවර කරනු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්

ඔබ සරසවියක මා පොඩි ගෙපැලක
එක්වන්නට අද වරම් නැතේ
එකම පංතියේ එක ලඟ ඉඳගෙන
පාසැල් ගිය හැටි සිතට නැගේ

ඔබ හා අත්වැල් බැඳ ඇවිදින්නට
පෙරුම් පිරූ පාසැල් සමයේ
සිල්ප සතර රැඳුනේ නැහැ මා සිත
ඒ හින්දයි අප දුරස් වුනේ

. . . . . .

යොවුන් වියේ ප්‍රේමය කොයි තරම් සොඳුරුද . . කොයි තරම් බොලඳද . . . හැබෑ ලෝකයේදී හීනෙකින් වත් සිදු කල නොහැකි දේවල් යොවුන් පෙම් ලොවේදී ඉතාම සුලු දේවල් . . ..

සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ

සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ

මල් ගෙනත් තබා දෝතින් පිලි ගන්නයි
කල් බලා හිඳින්නේ ඔබ පිලි ගන්නයි
කල්පයක් තරම් නිදහස රැක ගන්නයි
කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි

වැහි වලාකුලෙන් පැල්පත සාදන්නයි
කවුලුවක් ලෙසින් තබන්නේ දේදුන්නයි
සුපුරුදු ලෙස යලි ඉර හඳ පායන්නයි
ඒ මැදින් මගේ සම්පත ගෙට එනන්යි

. . . .. .

එයා අදරය කරන්නේ මටද . .. නැති නම් ඔහුටද . . . ? ඔහුගේ හද රිදවලා ඈ මා සතු කරගන්නවාද . . . ? ඒත් කිසිවෙකුට රිදවන්න හිත හදාගන්න නොහැකි මම මමම හිත රිදවාගෙන ඒ දෙදෙනාට සුභ පතා අයින් වෙනවාද . . ?

මට මෙන් ඔහුටද කඳුල ඔබයි

මට මෙන් ඔහුටද කඳුල ඔබයි
කඳුල ඔබයි හසරැල්ල ඔබයි

තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක් වෙයි
ආදර ගඟුලක් පෙරට ඇදෙයි
කාටද ඔබේ අත හිමිවන්නේ
මා වාගේම ඔහු විමසන්නේ

කිසිවකු රිදවා හිනැහෙනු බැහැ මට
එහෙයින් ඔබගෙන් බැහැර යමී
ඔබටද ඔහුටද සුභ පතමී
ඔබටද ඔහුටද සුභ පතමී

. . .. .

මැයි මල් වැටිලා රතු පාවඩයක් එලළා වගේ තිබුනු මේ පාර දිගේ අපි එදා අත්වැල් පටලන් පිය නැගුවේ කොයි තරම් සතුටෙන්ද . . . ඒත් ඒ පාරෙම අද මට තනියෙම පියනගන්න සිදුවීම තරම් දරාගත නොහැකි වෙන යමක් ඇතැයි ඔබට නොසිතේද . .. ?

මේ මැයි ගහ යට

මේ මැයි ගහ යට දවසක්දා
මතකද අපි උන්නා
රතු කැට වාගේ මැයි මල් පිපී පිපී
අපිට සෙවන දුන්නා

මැයි මාසේ එක සැන්ඳෑ වරුවක
සීතල වැහිපොද වැටෙන වෙලේ
ආදර වියෝවත් සිතින් එබෙන සඳ
වැහි පොද සේ නෙත කඳුලු සැලේ

වැහි පොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුනත් රතට රතේ
අප දෙදෙනෙක් නැත අද මා පමනයි
මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ

. . . . . .. . . . .. . .

පාසැල් යන අතරමඟ දී දකින දෙමහල් නිවසේ සඳළුතලයේ සිට සිනා මල් එවන ඇය කවුද . . . ඒ සිනාව ඔස්සේ ඈ පවසන කතාව මට වැටහුනාද . . . ඈ එසේ සිනා සෙන්නේ මට විතරක්මද . . .. මිතුරන් පවසන දේවල් විස්වාසෙට ගන්නවාද . . .මට කිසිවක් පැහැදිලිව සිතා ගත නොහැකි ඇයි මේ . ..

සිටු කුමාරියේ ඔබේ සිනා

සිටු කුමාරියේ ඔබේ සිනා සඳළුතලාවේ
මගේ හැඟුම් හොරෙන් බමාලා
මට ගෙනා කතාවේ උන් කියූ කතාවේ
මගේ හැඟුම් බිඟුම් කියූ රහස් මේ

පෙරදාක වෙන කවුද ලං වූ වගයි
ඔබ ඉන් මුලා වූ වගයි
මධු යාමයේ ගීත සෝ ගී වුනැයි
ඔබගේම දෙනුවන් කියයි

හමුවීම වෙන්වීම ඔබගේ ලොවේ
එක දාක අරුමේ නොවේ
හැමදාම ඔබ ඒ වගේ නම් අනේ
ඔය මල් හිනා නෑ අගේ

. . . . .. . . . ..

මේ කෙල්ල අදත් එන්නේ නෑ වගේ . . . එයාමයි කිව්වේ මෙතන මේ බීච් එක ලඟදී මුනගහෙමු කියලා . . ඒත් අද එයා නාවේ ඇයි . . ෂිහ් දැන් ඉතිං ලබන සෙනසුරාදා වෙනකම් හිටපන්කෝ කල්පයක් විතර ඉවසගෙන . .. !!!

මගේ පුන්චි කුමාරී

මගේ පුන්චි කුමාරී
පමා ඇයිද සැඳෑවේ
ආල හැඟුම් මෝරන යාමේ පාලුවේ
ආල හැඟුම් මෝරන යාමේ

ක්ෂිතිජ ඉමේ තනිවෙලා
හිරු අවරට යයි ගලා
තව මොහොතින් අඳුර ගලාවී
ආදර සිත් ආදරයෙන් එක්ව බැඳෙන යාමේ
මා තනිවී සිහින මවාවී

රැය එලිවී දින සතෙකින් යලි ශනිදා ඒවී
කල්ප සතක් මට දැනුනාවේ
කල්ප ගෙවී දින සතෙකින් යලි ශනිදා ඒවී
ඔබ නොලසා ඉන්න දයාවී

. . . . .

"දුකා මාර සීන් එකක් වුනා බන් අද ඉස්කෝලෙදී"
"අහ් ඉරේෂි අද ඕ ලෙවෙල් අන්තිම දවස නේද කොහොමද එග්සෑම් හොඳට කලාද?"
"හිටපන්කෝ පනින්නේ නැතුව . . ඔව් ඔව් හොඳට කලා තව එකක් අපේ ඉස්කෝලෙට ප්‍රයිවෙට් එග්සෑම් කරන අය ලොකු සෙට් එකක් ඇවිත් හිටියා"
"ඉතිං"
"ඒ අය අතරේ හිටියා හරි ලස්සන කොල්ලෙක් බන් ඌ පලවෙනි දවසේ ඉඳන් මට මාර ලයින් . . කොහෙද අපේ කෙල්ලොන්ගෙන් බේරිලා කතා කරන්නේ වත් . . ."
"අයියෝ එඩ්‍රස් එක වත් දුන්නේ නැද්ද බන්"
"මොන එඩ්‍රස් ද බන් දෙන්නම බල බල ඇහෙන් කතා කර කර හිටියා විතරයි . . අද අන්තිම දවසනේ එයාලගේ කට්ටිය එකතු වෙලා සින්දු කිව්වා . .. "
"උඹලත් එකතු වුනාද එයාලා එක්ක "
"ඔව් අනේ එයා මේ සින්දුව මාර ලස්සනට කිව්වා හොරෙන් හොරෙන් මගේ දිහා බල බල . .. "
"පව් අප්පා . ."

සුලඟේ පාවී

සුලඟේ පාවී ඈ වෙත යාවී මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම්

පාසැලේදී මා දිහා නෙත් කොනින් බලා
ඒ කියූ රහස් කතා නෑ සැබෑ වුනේ

ගී පොතේහී මා ලියූ සෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින් හෙලූ බැලුම් ප්‍රියේ

. . . .. . .. .. .. . .

අහිංසක හදවත් දෙකක ඉපදුනු ආදරයක් දෙස දයාවෙන් බැලිය නොහැකි ලෝකයක අප ඉපදුනේ ඇයි . ..
ආදරය කුළ මල දේපල වස්තුව උස් පහත් කම් කිසි දෙයක් නොසලකන බව මේ වැඩිහිටියෝ එයාලගේ තරුණ කාලේදී වත් හිතලා නැද්ද . . .
මේ වගේ කුරිරු මෝඩ සමාජෙක නැතුව ආදරයට අදරයෙන් ආදරය කරන ලස්සන සමාජෙක නැවත් අපි දෙන්නත් ඉපදී එහිදී යලි හමුවෙන්නත් අපි ප්‍රාර්ථනා කරගෙන වෙන්වීම හර අපිට වෙන විකල්පයක් ඇද්ද . . . ?

ඔබයි මමයි මැවූ සිහින

ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි
දෙ අත රැගෙන එකම දිනෙක අප සමු ගන්නයි

සුනිල පළිඟු දියෙන් සපිරි පොකුන මා තමයි
රුවද සුවඳ එකම පරිදි රැගත් මල ඔබයි
ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි
දෙ අත රැගෙන එකම දිනෙක අප සමු ගන්නයි

අපට නොමැත නීති රීති සෙනෙහස පමනී
තවත් ලොවක එවන් දිනෙක ඔබෙ අත පතමී
ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි
දෙ අත රැගෙන එකම දිනෙක යලි හමුවෙන්නයි

70 comments:

  1. මිල්ටන් මල්ලවාරච්චි කියන්නෙ මගේ ප්‍රියතම ගායකයෙක්.
    ඇත්තටම ඒ පරණ ගායකයන්ගේ ගීත අදටත් රසවිඳින්න පුලුවන්, අද කාලේ හතු පිපෙන්නා වගේ බිහිවෙන ගීත වගේ නෙමෙයි. සංගීතය, අර්ථ රසය හැමදේම උපරිමයි.

    කෝ, අර 'රෑ වීලා ඇයි මේ උදේ' කියන ගීතය ලිස්ට් එකේ නැත්තෙ මොකෝ??
    ඒකට නම් මරු කතාවක් මතක් උනා මට සිද්ද වෙච්ච.
    පස්සෙ වෙලාවක කියන්නම්කො.
    :D

    ReplyDelete
  2. @Ansh Lucky Sri Jay!
    අහා නගේ පෝස්ට් එක දාල එහෙ බලලා මෙහෙ බලනකොට සුපුරුදු පරිදි උඹෙන් කම්නෙට් එකක් . .. සිංදු 10කට වඩා එක පෝස්ට් එකකට වැඩී කියල හිතුනු නිසා වැඩිය දැම්මේ නෑ නගේ . . ඔයා ලියන්නකෝ ඒ ගැන . . .

    ReplyDelete
  3. මිල්ටන් මහත්මය නැත්තම් අපි ඉවරයි, ඔන කෙනෙක්ගෙ කතාවකට හරියන සිංදුවක් එයාගෙ සින්දු පෙට්ටිය ඇතුලෙ තියනවානෙ.. ඔයා අද අපුරු ගමනක් අපිව එක්කම් ගියෙ... ස්තුති දුකා අයිය...

    ReplyDelete
  4. @රවා !
    ඔව් මළයෝ ඒක නම් ඇත්ත . . . වෙලාවක ඒ ගීත ලියපු අය ගැනත් හොයලා ලියන්න ඕන . . ..

    ReplyDelete
  5. හිත් වෙනතක අරන් ගිහින් මගේ....

    ReplyDelete
  6. මොනා වුනත් මට එකයි හිතුනේ විරුල් සහ ඔහුගෙන් පසු එන්න ඉන්න පිරිස හරිම වාසනාවන්තයි වගේ :D

    ReplyDelete
  7. හරිම අපූරුයි....! ස්තුතියි......

    ReplyDelete
  8. මේ බ්ලොගය සිංඩියෙන් අයින් කරන්න වෙනවා

    ReplyDelete
  9. ඔව් අයියෙ මිල්ටන් මල්ලවආරච්චිගෙ සින්දු නම් මැක්සා

    ReplyDelete
  10. මගෙ හද වෙණ් පිරිමැදලා...
    සැතපෙන සත්සර අමුණා...
    අරුමැසි ගී තනු මෙනෙහි වෙලා...
    පහවී යයි දුක සිඳිලා...

    මගේ දුක සින්දන දුකාට...
    ඉස්තූතියි බං...

    ReplyDelete
  11. ඔන්න ආයෙමත් කව්දෝ කොන්ද පණ නැති නපුංසකයෙක් දුකෝ උඹේ රම්‍ය නගරය කෙලෙසලා... මුන්ට මෙව්වට වෙන තැන් හොයාගන්න බැයිද අප්පා...? මිනිස්සුන්ගේ හිත් නිවාලන මේ වගේ පෝස්ට් අස්සේ කෝන්තර වපුරන එව්වා දාන්නේ... කරන එකක් එලිපිට කරපං... ශිහ්...

    ReplyDelete
  12. @ පැංග්ස්,

    ඒ කාටද අයියේ ඒ කිව්වේ?

    ReplyDelete
  13. ඔය ප්‍රවින් මල්ලිගේ නමින් Fake Identity එකක් හදලා කොමෙන්ට් එකක් දලා තියෙන්නේ නංගියේ... මිනිස්සු එකිනෙකා බිඳුවන ජාතියේ එවුන්... මොන සතුටක් ලබනවද මංදා...

    ReplyDelete
  14. ඔන්න දැන් ඉක්මනටම ඒ profile එක මකලා... එතන තිබ්බේ අපේ චතුරංග මල්ලිගේ නම ඇඳු නොසරුප් වදනක් එක්ක හැදූ Profile එකක්...
    කරුණාකරලා ඔය එව්වා කරන ඇත් ‍තෝ ඔය සමාජ වැඩ වල ටිකක් නිරත වුනානම් මිනිස්සු එක්ක සමාදානයෙන් වැඩ කරන හැටි ඉගෙන ගන්න පුලුවන්...

    ReplyDelete
  15. තිසා පවුනේ බං මෝඩ චූන් ගන්න කැමති අයට ගන්න ඒ කමෙන්ට් එක ඔන්න ඔහේ තිබුනාවේ නේද . . .ඉන්දරේ ඔහොම නොකරන බව අපි හැමෝම දන්නවනේ . ..

    ReplyDelete
  16. මචං මිල්ටන් ගැන කතා කරනවා නම් මේ බ්ලොග් පෝස්ට් වල ඉඩ මදි. ඕනම වෙලාවක ඕනම හැඟීමකදී අහන්න සිංදුවක් මිල්ටන්ගෙන් හොයාගන්න පුළුවන්. අනික මාර අර්ථවත්නේ බං. බලපං නිකං "කඳුපාර ඈත අයිනේ". මං කැමතිම සින්දුවක්. පේලි 6යි. සරලයි. ඒත් සින්දුව ප්ලේ වෙනකොට අපිව කොච්චර දුර එක්කං යනවද?
    පට්ට ආර්ටිකල් එක මචෝ...

    ReplyDelete
  17. මිල්ටන් නැතිදා අපි කොතැනද?......පුදුමය නම් මිල්ටන්ගේ බොහෝ ගීතවල තනු එකම රටාවකට මුසුවී ඇතත්....වරක් ඇසූ පමණින් ඒව මතකයේ රැඳීමත්.....ජීවිතයේ කොයි මොහොතක හෝ ඒ මතකය සිතේ නැවතත් ඉපැදීමත්ය....:)

    ReplyDelete
  18. තවත් ලස්සන ගීත කතාවක්..
    අය්ය වික්ටර් ගැන ලිව්ව වගෙම...

    ReplyDelete
  19. හැමදාමත් කියනවා වගේ 70-80 දශකවල ගී අරුමය තමා මේ.. ප්රේමකීර්තිලා ව‍ගේ ගීත රචකයින්ගේ ප්‍රතිභාවත් වික්ටර්ලා වගේ සංගීතවේදීන්ගේ ප්‍රතිභාවත් මිල්ටන්ලා වගේ ගායකයන්ගේ ප්‍රතිභාවත් එකතුවුනාම ඕනම සරල වචන පේළි ටිකක් අමරණීය ගීයක් බවට පෙර‍ළෙන එක අහන්නත් දෙයක්ද..?? කණගාටුවට කාරනේ මිල්ටන් වගේ අයට ලැබිය යුතු ඇගැයීම නියමාකාරයෙන් නොලැබීමයි..

    පලි: මේ වගේ පෝස්ට් එකක්වත් දාලා අද කාලෙ අයට මිල්ටන්ව මතක්කරලා දුන්නට තැන්ක් යූ මචං..

    ReplyDelete
  20. නියඟයට වැහි බිඳුවක් උනා බං උබේ මේ පොස්ට් එක..

    "කොලයේ අග රෝසමල්, සමනළුන් ප්‍රින්ට් කර තිබූ ලිපි කොලවල ලියා ලිපියේ උඩින්ම ගීතයක කොටසකුත් එකතු කොට අක්කගේ "ග්‍රීන් ග්‍රාස්" සුවඳ විලවුන් බෝතලය හොරෙන් අරගෙන දෙතුන් තැනකට හලා ලස්සනට නවා අතින් හැදූ කවරයක බහා ටියුෂන් සර්ලා බෝඩ් එකේ ගණන් ලියන අතරතුර හොරෙන් පාස් කල ලිපියක සුන්දරත්වය අද දවසේ ඊමේල් මඟින් ආදර හසුන් යවන නැතිනම් දුරකථනයෙන් එස්. එම් එස්. මඟින් පෙම් පණිවිඩ යවන යෞවන පෙම්වතුන්ට ලබා ගත නොහැකි බව නම් මට ඉඳුරා පැවසිය හැකියි . .."

    සිරා කතා ව බං මේක.. මතක් වෙනකොටත් අමුතු හැඟීමක් ඇතිවෙනවා..

    [හැමදාම එන්න බැරිවෙනවට සමාවන්න]

    ReplyDelete
  21. " ඔහු රිදවන්නට... ඔහු හඬවන්නට බැරි කම මිස ඔබෙ සිහින ලොවේ... ඔබ සතපන්නට.. ඔබ නලවන්නට.. මා හද තුල ඉඩ නැතිව නොවේ... "

    මිල්ටන් කියන්නේ අපි හැමෝගෙම ගායකයෙක්... නොමැරෙන මිනිස්සු... ඕනිම මොහොතක අහන්න පුලුවන් ගීත...

    දුකා අයියේ උබට පින් මතකයක් අලුත් කරනවට...

    ReplyDelete
  22. දුකා මාව අතීතෙට අරන් ගියා. අපිත් O\L කරලා කෙල්ලෝ කොල්ලෝ සෙට් වෙලා මිල්ටන්ගේ සින්දු කියලා ෆන් එකක් ගත්තා.
    ඒක නෙවෙයි කථාව. මේ වගේ දේවල් මතක් කරනවට දුකාට පිං සිද්ද වෙන්න ඕන. අද බහු බූත සංගීත කලාවට ඇබ්බැහි වෙලා ඉන්න අපේ කොල්ලෝ කෙල්ලන්ට මේවා මතක් කර දෙන එකට. අනික අද සේරම මොබයිල් ෆෝන් වලින් ආදරය කරන කොල්ලන්ට කෙල්ලන්ට පෙම් හසුන් කියන්නේ නිකන් විහිළුවක් වගේ ඇති. ජීවිතේකට පෙම් හසුනක් තියා වෙන පුද්ගලික හසුනක් වත් ලියලා නැති අය ඇති.
    නිදි මරාගෙන ගෙදර සේරම අය නිදියනකම් ඉදලා ඉටිපන්දමක් පත්තුකරගෙන බයෙන් බයෙන් ලියලා මිල්ටන් මල්ලවආරච්චි මහත්තයගේ සිංදු කෑලි ලියලා සෙන්ට් හරි පවුඩර් හරි දාලා බයෙන් ගැහි ගැහි පොත් අස්සේ දාලා කෙල්ලට දුන්නු අපිට මතක් කර කර හිනා වෙන්න හරි සුන්දර අතීතයක් තියෙනවා. මට හරි දුකයි ඒ වගේ අතීතයන් වැලලිලා යන එකට. පාසල් කාලයේ අදරය හරි හෝ වැරදී හෝ ඒවා ජීවිතයට සුන්දර අත්දැකීම්. අපි ඒවා විදීය යුතුයි පෙම් හසුන් ලිවීය යුතුයි. ඊයේ වගේම හෙටටත් ඒවා තියෙන්න ඕන කියන ප්රාතර්ථනාව තමයි මට නම් තියෙන්නේ.

    ReplyDelete
  23. මමත් මිල්ටන් ගැන පෝස්ට් එකක් ලියන්න හිතාගෙන හිටියා.. මෙතන උපරිමයෙන් ලියල තියෙනවා.. එළම කිරි!

    "කඳුපාර ඈත අයිනේ..." කියන්න වචන නැහැ මචන්

    ReplyDelete
  24. දුකා, පිස්සු හැදිල හොඳවෙලා ආපහු හැදෙනවා මචං මේ පෝස්ට් එක බලද්දි. උඹ් කිව්වත් වගේ ඕ ලෙවෙල් කරපු කාලෙට ඇදගෙන ගියා මචං . . . . . . !
    "හඬන්නෙපා දැන් ", "තනිවී සිටින්නයි", "මා හා එදා ප්‍රිය සාදයේ", "ගමනේ ගිම් නිවූ" මේගේ මතකයේ රැඳි ගීත කීපයක්.

    උඹට පිං මචං මතක සුවඳ අළුත් කලාට . . . !

    ReplyDelete
  25. @ඉලංදාරියා !
    පාසල් සමයට . . ?

    @රන්දිල්!
    අපි එහෙමයි . . ආදරෙයි ඉගෙනීමයි දෙකම හොඳට කරනවනම් ෆුල් සපෝර්ට්

    @සචී!
    කාලෙකින් මේවා අහන්න ලැබෙන්නේ නේද ??? දැන් රේඩියෝ වලත් නෑ නේ මේවා යන්නේ . . .!

    ReplyDelete
  26. @ ඉන්දරේ නමින් කමෙන්ට් දැමූ කෙනාට
    ඔයා කවුරු වුනත් මේ වැඩේ හරිද කියලා දෙපාරක් හිතලා බලන්න . ..

    @තිසා!
    මගෙ හද වෙණ් පිරිමැදලා...
    සැතපෙන සත්සර අමුණා...
    අරුමැසි ගී තනු මෙනෙහි වෙලා...
    පහවී යයි දුක සිඳිලා...
    එහෙම වුනානම් කොයි තරම් දෙයක්ද මචෝ . . !!

    @කුෂාන්!
    කතාව ඇත්ත මචං . . . මේ පෝස්ට් එක දාන්න හේතුවත් අලුත් පරම්පරාවට මිල්ටන්ගේ ගීත පොඩ්ඩක් ලං කරන්න ඕන කියලා හිතුවිල්ල . . . හා මැශින් වගේ හැල්මේ නොදුවා පොඩ්ඩක් ආදරේ කියන දේටත් සංවේදී වෙන්න කියන එක . . හැබැයි ඉගෙනීම කඩා කප්පල් කර නොගෙන . ..

    ReplyDelete
  27. ගීත් (සහෘදයා) ට පොඩ්ඩක් වැරදිලා වගේ කාලයත් එක්ක ක්‍රම සහ විධි අලුත් වෙනවා සහෘදයෝ,

    @දුකා
    දුකා අයියා ගැනමට හරි සතුටුයි. ලංකාවෙ වලතු සංස්කෘතියට අනුව හිතන්නෙ නැතිව ඔබ වගේ නිදහස් ලෙස හිතන අයඉන්නවා කියන එකත් හරිම සතුටක්.

    ReplyDelete
  28. @හේමලයා!
    ඔව් නේද ඒක හරිම පුදුමයක් අර කිව්ව වගේ මිල්ටන්ගේ ගීත හැම එකක් එකක්ම බද්ධ වුනු කතාවක් තියෙන නිසා තනුව එකම වගේ දැනුනත් ගීත මතක හිටිනවා වෙන්න ඕන . ..


    @චේජනා!
    දැන් බ්ලොග් ලියන්නත් කියවන්නත් කමෙන්ට් කරන්නත් කාලයක් හොයා ගන්න එක හරි අමාරුයි නගේ ඒත් එහෙම අමාරුවෙන් කාලය හොයාගෙන ලියපු එක ගැන සතුටු වෙන්න පුලුවන් මේ හදවතින්ම ආපු කමෙන්ට් දැක්කාම.

    @Buratheno !
    මිල්ටන්ගේ සිංදු වලින් අපි වැඩ ගත්තා වගේම මේ අලුත් පරම්පරාවටත් පොඩ්ඩක් හරි මතක් කරලා දෙන්න එපැයි නේද බන් . . .

    ReplyDelete
  29. Talibanist Homosexualist Banana-Republic of Sri Lanka තුළ අපරාධකරුවන් අපරාධ සඳහා දිරිගැන්වීම සඳහා වන දැන්වීම් ලියා, අච්චුගස්වා, ප්‍රසිද්ධ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව යුෂ්මතා නොදන්නෙහිද?

    ReplyDelete
  30. @සෝරෝ!
    අහා එක වල්ලේ පොල් වගේ . . .ඒ කියන්නේ උඹත් ඒ විදිහටම කරලා තියෙන හැඩයි . . . අනේ කමක් නෑ බන් අනික දැන් මම ලියන්නෙත් ඉඳලා හිටලා කාලයක් හොයා ගන්න හරි අමාරුයි. මේකත් ලිව්වේ මහ රෑ ඇහැරගෙන ඉඳලා පහුවදා උදේම නැගිටලා එඩිට් කරලා එහෙම . . .මට හැමෝම සමාවෙන්න අනෙක් අයගේ බ්ලොග් වලට ගොඩ වැදුනට කමෙන්ට් නොදමා එන්න වෙන එක ගැන . . .!

    @පිස්සා පලාමල්ල !
    ඇත්තෙන්ම ඔහු අමරණීය ගායකයෙක් . . අලුත් පරම්පරාවට අමතක වෙලා ඇති කියලා හිතුවට එහෙම වෙලා නෑ වගේ . . හරිම සතුටුයි . ..

    @ගීත් (සහෘදයා) !
    ඔව් ගීත් කාලෙන් කාලෙට හැම දේම වෙනස් වෙනවා අපි ඒ වෙනස් වීම දරා ගන්න ඕන . . .අර මම කලින් පොඩි උන්ගේ ගීත ගැන ලියපු පෝස්ට් එකේ දැම්මා ටැබූ ලියපු පෝස්ට් එකක ලින්ක් එකක්. ඒක පොඩ්ඩක් බලන්න වෙලාවක් ලැබුනොත්. අලුත් පරම්පරාවේ අයට ඊමේල් එකේ මුලට හරි අපේ මිල්ටන්ගේ ගීත කෑලි ටයිප් කරලා යවන්න බැරියැයි නේද . ..

    ReplyDelete
  31. @sameerausa !
    ලියපන් මචන් . .. හැමෝම ලිව්වත් ලියලා ඉවරයක් කරන්න බැරි තරම් දේවල් මිල්ටන් හා ඔහුගේ ගීත වල තියෙනවා. මගේත් ආසම ගීතයක් . . ඒක මාරයි නේද බන්

    @දුමී!
    උඹ ආපහු ආවද බන් . . 10 වෙනිදා නේද එනවා කිව්වේ???
    අහ් මේ ගීත ටික විතරක් නෙමෙයි බන් තව මිල්ටන්ගේ ගීත අම්බානක් තියෙනවා මගේ මෙමරි බොක්ස් එක ඇතුලේ . . ආයේ පාරක් මිල්ටන්ගේ ෆිල්ම් වලට ගායනා කරපු ගීත 10ක් ගන ලියන්න හිතන් ඉන්නවා . . බලමු වෙලාවක් ලැබුනාම . ..
    මේ උඹ ආපු ගමන් මට කෝල් එකක් දීපන් කොල්ලෝ හරිය . .

    @ඇනෝ
    ඔව් ඇනෝ මේ විදිහට හිතන අය ඉන්නවා ඒත් ඒ අය අද කාලේ දේශද්‍රොහියෝ ජාතිය විනාශ කරන්නෝ කියලා හිතන එක මහා අපරාධයක් නේද . . . අපි කාලයත් සමඟ ඉස්සරහට යනවද . . තිබුනාටත් වැඩිය පස්සට යනවාද කියලා හිතෙන්කොට අපේ රට ගැන මාර දුකයි අප්පා

    ReplyDelete
  32. @බුධාජීව මළයෝ !
    දනිමි දනිමි උතුමානෙනි . . එහෙත් ඔබතුමා කියූ ලංකාවක් වෙනුවට සුන්දර ප්‍රේමණීය මානුශික ලංකාවක් බිහිකිරීම මගේ අරමුණ හෙයින් ඒ සඳහා උඩු ගං බලා පිහිනා ජීවිතය වුව පුද දීමට මගේ අකමැත්තක් නොමැත . ..

    ReplyDelete
  33. @දුකා: එලේල... හැබැයි ඉතිං ඔය උත්සාහේ නොකර නිකංම දිවි පිදුවත් එකයි. මොකද ඔය වගේ උත්සාහ මේ රට ඇතුලේ හරියන්නේ නෑ!

    මේක කතා කරන්න ගියොත් ලිපියෙ ප්‍රධාන අරමුණ පැත්තක යනවා, ඒනිසා ලිපිය ගැන මගේ අදහස කියන්නං.

    සිංදු ටික හොඳා, ඒත් අර පරණ සිංදු විතරක් තමා හොඳ කියලා කියපු එකට නං එකඟ නෑ. ඉස්සරත් චාටර් සින්දු තිබුනා, දැනුත් තියනවා, ඒ ඒ සිංදු වල ප්‍රයෝජනේ විවිධයි. අපි දැනගන්න ඕන තැනේ හැටියට ඇනේ ගහන්න.

    මේ සිංදු දාගෙන ඩාන්ස් කරන්නත් බෑ, ඩාන්ස් කරන්න ගැලපෙන සිංදු දාගෙන කල්පනා ලෝකෙ කිමිදෙන්නත් බෑ.

    ReplyDelete
  34. උපරිමයි! කියලා විතරක් නවතින්නං ලොකු අයියා!

    ReplyDelete
  35. @බුධාජීව!
    හැබෑට මම අලුත් සිංදු වැඩිය අහන්නේ නැති නිසා අලුත් සිංදු හොඳ නෑ කියල කියන්න බෑ තමයි . . .හරියටම නිච්චි නෑ එහෙම්ම කිව්වද කියලා . . මොකෝ මමත් භාතිය සන්තුෂ්ලගේ, සෙන්ටිග්‍රේඩ්ස්ලගේ ගීත අහන නිසා හා සමහර ගීත ගොඩක් හොඳයි කියලා හිතිලා හොඳ දේ හොඳයි කියලා කියන නිසා . . .

    @මුචලින්ද !
    අහ් මම ඒත් හිතුවා උඹ තාම දැක්කේ නැතුවා වත්ද කියල මළයෝ . . එල එල

    ReplyDelete
  36. @දුකා: ආ නෑ... ඒක මට වෙච්ච වැරදීමක්. "අපි කාලයත් සමඟ ඉස්සරහට යනවද . . තිබුනාටත් වැඩිය පස්සට යනවාද කියලා හිතෙන්කොට අපේ රට ගැන මාර දුකයි අප්පා" කියලා දාල තිබුනම මම හිතුවේ මේ අලුත් සිංදු ගැනයි කියල තියෙන්නෙ කියලා. වෙන සීන් එකකට නෙ ඕම කියලා තියෙන්නේ. ගනං ගන්න එපා, පොඩි මිස්කේක් එකක්!

    ReplyDelete
  37. දුකා -
    හෙව්වා, හෙව්වා හොයාගන්න බැරිවුනා මේ පෝස්ට් එක ඇතුලේ.
    මෙන්න මේ වචන ටික.
    කේ.ඩී.කේ. ධර්මවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස්.

    ReplyDelete
  38. සෑහෙන දේවල් ගොඩක එකතුවක් වුන පෝස්ට් එකක්. නියමයි.

    ReplyDelete
  39. බොහොම වටිනා පෝස්ට්‍ එකක් මචන්...මැක්සා..මගෙත් ප්‍රියතම ගායකයෙක් තමා මිල්ටන් මල්ලවආරච්චි කියන්නේ...

    ReplyDelete
  40. සිරාාාාාාාාාාාාාාාාාාාම සිරා ලිපියක් සහෝ! මමත් ගියා අතීතෙට

    ReplyDelete
  41. පට්ට.. කියන්න වෙන වචන නෑ..

    ReplyDelete
  42. මමත් ඉතින් සෑහෙන්න ලියුම් පාවිච්චි කරල තියෙනව. හැබැයි නිකම් පොත්වල කොලවල තමයි ලිව්වෙ. සමහර වෙලාවට එක ලියුමක් පිටු 15-20 විතර වෙනව. දවස් ගනන් ලියනව. මොනව උනත් ඒකාලෙ හරිම සුන්දරයි. දැන් කාලෙ එස්.එම්.එස්, ඊමේල් වලින් ඒ ආතල් එක ගන්න බැහැ...

    ReplyDelete
  43. අප්පා.....මිල්ටන් කිව්වහම ඉතින්...... වචන නැහැ කියන්ඩ. දුකා අය්යා මාර අමාරුවක වැටෙන්ඩ ඇති නේද මේ පොස්ට් එකේ දාන සින්දු ටික තොරගන්ඩ යද්දි. කොහොම තොරන්ඩද?

    ReplyDelete
  44. කියන්න වචන නෑ අයියේ.. නියම පෝස්ට් එකක් :D

    ReplyDelete
  45. ඔබ නිල් නුවන් තලාවේ සැලේ කඳුලු මිදිලා...
    ඔබට මතක නෑ මට අමතක නෑ අපේ බාල විය ඒ..

    මගේ කැමතිම සින්දු.. උඹ දාල තියන ඒවට අමතරව..

    මේ නිර්මාණ වලට දායක වුණ පුද්ගලයන් නිසයි ඒව අදත් ටොප් ක්ලාස් ලෙවල් එකේ තියෙන්නෙ..

    ලූශන් බුලත්සිංහල , සරත් දසනායක (පැණි කුරුල්ලනේ)
    කරුණාරත්න අබේසේකර, රොක්සාමි (පායා ආ සඳ)
    සී.ටී. පෙරේරා, හෙක්ටර් සොයිසා (සිනහව අතරින්)
    කුලරත්න ආරියවංශ, රෝහණ වීරසිංහ (සීත අරණේ)
    කරුණාරත්න අබේසේකර, ක්ලැරන්ස් (සුළඟේ පාවී)
    ප්‍රේමකීර්ති, වික්ටර් (සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ)
    කේ.ඩී.කේ. ධර්මවර්ධන, සෝමපාල රත්නායක (සිහිනෙන් ඔබ මට)
    කේ.ඩී.කේ. ධර්මවර්ධන, පැට්‍රික් දෙනිපිටිය (ඉවුරු තලා) පැට්‍රික් හෝ ක්ලැරන්ස් මට මතක නෑ හරියට
    බොරුද මම කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔක්කොම හරි. ඉවුරු තලා පැට්‍රික්ගෙ.

      Delete
  46. http://www.youtube.com/watch?v=nPnwlEvlnek&feature=related
    ( Samanala Renak se )
    mei sinduwath amathaka karanda epoooooo :D :D :D :D
    Mata sinhalen type karanda bahanee :D..
    Maxxa Post eka ayye.... Thank you !!!!!

    ReplyDelete
  47. මිල්ටන් සහ ඔහුගේ ගීත ගැන නම් කතා කරන්න එපා.
    කතා කරන්න ඔනම නම් කාලක් ගහලා පටන් ගනිමු.
    එත් බැරි උනොත් බාගයකට යමු.

    කොහොම කළත් වෙරි හින්දන ඒ ගී හඩ..

    කතා කරලා පලක් නැත.
    අද ඉතින් මහ දවල්ම පටන් ගන්නට වෙයි වගේ.
    දුකෝ උඹ මාව කෑවා.

    ReplyDelete
  48. මිල්ටන්ගෙ සින්දුයි ලියුමුයි අතරෙ තිබුනෙ මාර සම්භන්දයක් (හරියට අර කපුගේයි මලුයි අතර වගේ). ච්ත්‍රපටි කාරයන්ට පෙන්නන්න බැරි සීන් එකකට සින්දුවක් දාල ෂේප් වෙනව වගේ අපි කොච්ච්‍ර මිල්ටන්ගෙ සින්දුවක් දාල කියාගන්න බැරි ඒව ගොඩ දාගෙන තීනවද. ප්‍රේමකීර්තිගෙ පද ක්ලැරන්ස්ගෙ තනු වලට මුහුවෙච්චි තැන් තමා මිල්ටන්ගෙ ගීත වල උපරිමය කියල මට හිතෙන්නෙ.
    දුකා, මට එකක් කියපන්...උඹ කොහොමද මෙච්චර හොඳට නිල අල්ලන්න ඉගෙනගත්තෙ?

    ලොකු කතාවක් කෙටියෙන් කියනවනං........
    ....ස්තූතියි සහොදරය...

    ReplyDelete
  49. කොල්ලො බූට් කනකං මැරෙන්නෙ නැති මනුස්සයෙක් මිල්ටන් මල්ලවආරච්චි. අපූරු post එක.

    @මාරයාගේ හෝරාව
    සම්පූර්ණයෙන් එකගයි කතාවට. හැබැයි ඉතිං මාත් එක්ක තුන්දෙනයි නිසා බෝතලයකටම යමු නේ.

    ReplyDelete
  50. @කතන්දරකාරයා !
    අනේ මචං, මම චිරාත් කාලයක් තිස්සේ සිංදු අහුවට ගී පද රචකයෝ, සංගීත නිර්මාණය කවුද කාගෙද කියන එකත් එක්ක හොයල බලලා ගීත අහන්න ගත්තේ බොහෝම මෑත කාලෙදී.

    අනික මේ දවස්වල තියෙන අන්තර්ජාලයට ඇතුලුවීමට තිබෙන සීමිත කාල වේලා ප්‍රශ්නෙත් එක්ක මේ ටික ලියන්න කාලය හොයා ගත්තෙත් හෙන අමාරුවෙන්.

    කොහොම නමුත් අපේ වැම්පයර් කොලුවා ඒ වැඩේ ගොඩ දාලා තිබුනා දකින්න ඇතිනේ . . . .

    සමාවෙන්ඩ හොඳේ මහත්තයෝ මගේ අසම්පූර්ණ වියුණු සටහනට . . .

    ReplyDelete
  51. @හෙළයා !
    අහා එහෙමද . . . මේත් මදැයි නේද කාලෙකින් අහන්න දකින්න ලැබුනු නිසා.

    @♠GaŋGster♠™ !
    ස්තූතියි කිව්ව මචං . . . ඔව් ඔව් මචෝ මිල්ටන් අපේ ගොඩක් අයගේ ප්‍රියතම ගායකයෙක්

    @blog gadol !
    එහෙමද . . . මට හිතා ගන්න පුලුවන් ඒ අතීතේ කොයි තරම් ෆන් එකක් වෙන්න ඇත්ද කියලා

    ReplyDelete
  52. @පුතා !
    ස්තූතියි කිව්ව මචං එහෙනම් . .

    @indik !
    මචෝ එච්චර දිග ලියුම් නම් නිකම්ම නිකම් ලියුම් වෙන්න බෑ . . නවකතා හරි කෙටි කතා හරි වෙන්න ඇති . . හි හි හී

    @චමිල !
    ඒක නම් ඇත්ත මලේ . . පෝස්ට් එක දිග වැඩි නොවෙන්න සිංදු 10ට සීමා කරන්න හිතපු නිසා ඒකට හෙන ගේමක් දෙන්න වුනා තමයි . .. අනිවාර්‍‍යෙන් එකතු කල යුතු “ඔබට මතක නෑ මට අමතක නෑ අපේ බාල විය ඒ . . “ සිංදුව එහෙම මිස් වෙලා . .

    ReplyDelete
  53. @හසී !
    ස්තූතියි කිව්ව මළේ එහෙනම් . .


    @වැම්පයර් !
    මචන් උඹට අප්‍රමාන ස්තූතියි. උඹ මේ මගේ අසම්පූර්ණ පෝස්ට් එක සම්පූර්ණ කලා. ඔය ලියපු ටික ලිව්වෙත් හෙන අමාරුවෙන් මචන් . . . එහෙව් එකේ මේ විස්තර හොයන්න ගියා නම් මේ පොස්ට් එක කවදාවත් පෝස්ට් නොවෙන්න තිබ්බා. . . උඹට බොහොම ස්තූත්යි ආයේ පාරක් මචෝ . .

    @ඇනෝ!
    අහ් මම මීට කලින් ලියපු පෝස්ට් එකක ඔය සිංදුව ඇතුලත් කලා .. කොහොමත් මිල්ටන්ගේ ෆිල්ම්ස් වල සිංදු ගැන ආයේ වෙලාවක ලියන්න ඉන්නේ . . එතකොට මේ සිංදුව ආයේ පාරක් දාන්නම් . . .

    ReplyDelete
  54. @මාරයාගේ හෝරාව!
    මචං, මට තේරෙනවා සිද්ද වුනු දේ . . මට හරි කනගාටුයි මචෝ . . අනේ සිරාවට මට සමාවෙයන් මේ පෝස්ට් එක හින්ද උඹේ හිත රිදුනා නම් . . . ලංකාවට ආපු වෙලාවක මේ ගැන කතා කරලා අපි භාග්‍යවන්තයෝ වෙන්න ට්‍රයි එකක් දෙමු . . .

    @ඉන්දික උපශාන්ත!
    අනේ මචෝ එහෙම හිතලා නිල අල්ලනවා නෙමෙයි. . මගේ පරන මතක පෙට්ටගම අවුස්සනවා විතරයි . . බැලින්නම් එකේ තියෙන ගොඩක් ඒවා ගොඩක් උන්ගේ පරන මතක වල ෆොටෝ කොපි වගේ . . .

    @änthräX !
    මලේ උඹත් හෙන ලොකූ බූට් එකක් කාලා තියෙනවා වගේ දේහ ලක්ෂන අනුව . . හික් හික්

    ReplyDelete
  55. ඔව්.. මට හිතාගත්තැකි. ජයවේවා...

    ReplyDelete
  56. සින්දු කියන්නෙ හරි පුදුම දෙයක් නේද ......

    ReplyDelete
  57. කමක් නැහැ සහෝදරා..
    කලින් කලට පලින් පල කිවුවළු..
    ඒත් මිල්ටන් සහ ඔහුගේ ගීත හැමදාමත් එක සේමයි...

    ReplyDelete
  58. මමත් කාලයක් ලියුම් ගනුදෙනු කලා. සමහර ලියුම් පිටු 15-20 විතර වුනා. මොනව උනත් ඒක හරිම සුන්දරයි...

    ReplyDelete
  59. Why dont u write something about Mr. Premakeerthi De Alwis? Pls think about it.

    ReplyDelete
  60. ලස්සනයි.
    හොදට හිතට වැදුණා.

    දෙනෝ දහක් ගැවසෙන සරසවියේ
    පාලුව තනිකම දැනෙනවනම්
    කුටියේ කවුළුව විවර කරනු මැන
    සුළඟක් වී ඔබ වෙත එන්නම්........

    කඳු පාර ඈත අයිනේ සඳ රෑක ඈ සිනාසේ
    වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා
    ජීවිතේ පුරා

    මටත් මගේ වර්ථමාන අද්දැකීම් එක්ක හොදින් මුහු උන සිංදු දෙකක්.හිතට දැනුන ලිපියක්

    ReplyDelete
  61. ස්තුතියි. ලස්සන ගීත ගොඩක්.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  62. මේක කියවල මම ගැන මටම දුකයි කරපු ගොන්කන් මතක් වෙලා. මාරම මාර පෝස්ට් එක. එළකිරි. මේකෙ දෙවෙනි එකක් දාන්න බැරිද?

    ReplyDelete
  63. දුකා අයියේ, පුලුවන්නම් මිල්ටන් මල්ලවාරච්ච් මහත්මයාගේ ජීවිතේ විරහව මේ තරම් තියෙන්න හේතුව ලිපියකින් ලියන්නකො...... මොකද , මේ තරම් විරහ ගීත කියල තියෙන්නේ? අනික මමනම් අහලම නෑ විරහව නැති ගීතයක් මෙතුමගේ.
    මේ ලිපිය ගැන:
    ලස්සන ලිපියක්.. නියමයි..

    ReplyDelete
  64. @දැලි පිහිය !
    කියල වැඩක් නෑ අප්පා . ..

    @මාරයාගේ හෝරාව!
    ඒක නම් ඇත්ත මචෝ . . .

    @Indik!
    අර කලිනුත් කිව්ව වගේ ඒවා නිකම් නවකතා වගේ තියෙන්න ඇති නේද

    ReplyDelete
  65. @Ano!
    Well . . i will think about it . . tnx for ur advise . . .

    @පොජ්ජේ !
    ඒ කියන්නේ උඹ ගෙදර එයා කැම්පස් ද . .
    අනේ පව් . . .!
    ඒත් ඒක එහෙම නම් ආයේ පාරක් උත්සාහ කරන්න මළේ කැම්පස් යන්න . ..

    @මැණික්(සුළඟ)!
    ස්තූතියි ඔයාටත් අදහස් දැක්වූවාට

    ReplyDelete
  66. @නෙලාන්!
    මේ පෝස්ට් එකේ දෙවෙනි එකක් ඉක්මනට එනවා . . පොඩ්ඩිත්තක් ඉවසලා ඉන්න හොඳේ

    @රන්
    ඒ ගැන නම් එක එක ජාතියේ කතා තියෙනවා මළේ අපේ අම්මගේ අසල්වැසියෙක් නිසා වෙලාවක අම්මගෙන් අහල විස්තරයක් ලියන්නම් . .

    ReplyDelete
  67. රූපය දිරයි නාමය නොදිරයිනේ. මිල්ටන් වගේ අමරණීය ගායකයන්ගේ සිංදු තාමත් මිනිස්සු අතර ජනප්‍රිය එයා හදවතට කතා කරපු ජනතාවගේ කලාකරුවෙක් වුණු නිසා.

    කොහොම වුණත් මිල්ටන් ගැන මතකය නැවත් අළුත් කරපු දුකා අයියාට තැන්කු වේවා :)

    ReplyDelete
  68. අයියා සුපුරුදු පරිදි මාව ඇඩෙව්වා :'(

    ReplyDelete
  69. ලස්සනයි . . . බොහොම ස්තුතියි . . . ප්ලීස් දෙවෙනි එකත් පල කරන්න දුකෝ . . .

    " සිනහව අතරින් කදුලක් උපන්නා . . . ඒ බව නොදෑනම සිනහවක්ම පෑවා . . . "

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails