Thursday, April 1, 2010

අබේවර්ධන බාලසූරියට උපහාර පිනිස . . .




පසුගිය මාර්තු 27 වෙනිදා අප අතරින් වියෝ වූ සදාදර ගායක අබේවර්ධන බාලසූරිය මහතාට මේ සියවෙනි ලිපියෙන් උපහාර පිරිනමනු වස් ඔහුට නිවන් සුව පතනු වස් ඔහුගේ ගීත කීපයක් මෙසේ සටහන් කර තැබීම මගෙන් ඒ උසස් කලාකරුවා වෙනුවෙන් ඉටුවිය යුතු සේවයක් ලෙස මා සිතුවා.

චතුර විජේකෝන් සොයුරා ලියන හද පතුල බ්ලොග් අඩවියේත් ගායක අබේවර්ධන බාලසූරිය ගැන සටහනක් තබා තිබෙනු මා දුටුවා. . . මෙතනින් කියවන්න

තව දුරටත් ලංකා ඊ නිවුස් අඩවියේ වටිනා ලිපියක් ජයනත කළුපහන නම් මහතෙකු විසින් ලියා තිබෙනු දුටුවා. . . මෙතනින් කියවන්න

. . . .. . . .. .

නිල් ආකසේ රිදී පාටට දිදුල තාරුකා දෙකක් වන් ඔය දෙනෙත දෙස මට බලා ඉන්න ඕන සුලු මොහොතයි . . ඉන් මතු මා දන්නේ . . . මට දැනෙන්නේ . . . සුදු පාට සිහින් සිනිඳු සේලයක් වන් මීදුම් තීරයේ මා පාවෙලා යන බව පමනයි . . . ඒ කිනම් ආශ්චර්යක්ද . . . ඔබ මා මුසපත් කලේ ප්‍රේමයෙන් පමනක්ද . . . !

කල්පනා ලොව

කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ . .
ආදරේ . . ආදරේ . . .

නීල දෑසේ තාරකා සේ
ඈ නුවන් දල්වා බලන්නී
ප්‍රේමයේ මායා දැලින් මා
සිත් නුවන් බඳවා තබන්නී

කල්පනා ලොව . . .

මා වටා සහහක් යුගත් පා
ඈ රුවින් පිලිරූ මැවීලා
පාව යයි මුලු ජීවිතේ සුදු
මීදුමින් දැවටී එතීලා . .

කල්පනා ලොව . . . . .

ගී පද : අජන්තා රණසිංහ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස

. . .. . .. . . . . .

කිරිල්ලියක් රන් කූඩුවක දමා සිටියත් . . . මී පැනි පොඟවූ පොරි ආහාරයට දුන්නත් . . . වැතපෙන්න විල්ලුද මෙට්ටයක් රන් කූඩුව ඇතුලේ තැබුවත් ඈට තුටු විය හැකිද . . . ?
සිමෙන්ති දැමූ පොලවේ එලූ පැදුරේ මා අසලින් නිදියන; දර ලිපේ ඉවූ පරිප්පු හොද්ද පොල් සම්බෝල සමග අනාගෙන සුදු හාල් බත් සමග ප්ලාස්ටික් පිඟානට බෙදා ගෙන මා දෙස ආදරයෙන් බලා කටක් දෙකක් කා වතුර උගුරක් බොන, චීත්ත රෙද්දෙන් මැසූ ගවුමේ හැඩ කැඩුනු කන්නාඩියෙන් බලන ඒ සියල්ල දුකක් නොවේ සතුටක් කියා ඔබ විඳින සතුට දකිනු හැර මට වෙන සතුටක් තිබේද . . .

විහඟක වූ ඔබ

විහඟක වූ ඔබ
මා වෙත අවුදින්
අත්තටු සිඳ ගත්තා
එනමුදු අද දින
නව අත්තටු ලැබ
රිසි සේ පියඹනවා . .
මට උනුසුම දෙනවා

සිතු සැප බුදුමින් පාවී ගිය ඔබ
වැටුනේ අහසින් මේ මහ පොලවට
දුක මිහිරියි කියලා . . . සිනාවුනේ ඔබ
ඝන නිල් අඳුරේ රන් එලි වැට වීලා

විහඟක වූ . ..

කනමැදිරින් එලි ගෙන එහෙ මෙහෙ යන
රෑ ගොම්මන ඉඳි කඩුල්ල පැන එන
මගේ දාහය නිවලා . . .සුසුදු හිනාවෙන්
දෙනු මැන සසරේ තනිකම මඟ හරදා . .

විහඟක වූ . ..

ගී පද : බන්ධුල නනායක්කාරවසම්
සංගීතය : ස්ටැන්ලි පීරිස්

. . . . .. . . .. . . .. . .. . .. . . .. .

මා මේ දකින්නේ සිහිනක්ද . . . අනේ එහෙනම් මා මේ සිහිනයෙන් අවදි නොකරනු මැනවි . . . . මේ සැබෑවට නම් අනේ මට මා වෙන්නේ කෙසේ දැයි මට කියා දෙන්න . . . !

ඔබෙන් තොර

ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ
ඔබෙන් තොර හීනයක් ඔබෙන තොර මාවතක්
ඔබෙන් තොර ගීතය් කොයින්දෝ . . .

දකින හැම රූපයම ඔබේ රුව සේ පෙනේ
අසන හැම ගීයකම ඔබේ කට හඬ ඇසේ . .

ඔබෙන් තොර . . . .

සිහිනයෙන් සිහිනයට ඔබයි සැරි සරන්නේ
ඇසි පියෙන් ඇසි පියට ඔබ පමනි සිටින්නේ . .

ඔබෙන් තොර . . . .

ගී පද : සුනිල් ආරියරත්න
සංගීතය : වික්ටර් රත්නායක

. . .. . . .. . . .. . .. . .. .

නගා, උඹ මට බහ දුන්නේ උඹේ මනාපෙට නොවන බව මට නොකීවේ මන්ද? උඹ නිසාවෙන් මං මැවූ හීන කන්දරාව උඹ කීතු කීතු වලට ඉරා දැම්මේ මොන හිතකින්ද නගේ . . ! ගං ඉවුරේ ඉඳගෙන මං දැන් කල්පනා කරන්නේ මින් මත්තේ නෑදෑ සනුහරේට කොහොම මූන දෙන්ටද කියලා . . . මේ ගඟටම පැනලා මියෑදෙනවා මිසක්කා මට දැන් වෙන කොරන්ට දෙයක් නැතුවා නගේ . . . .

සැරසිලි ගොක්කොල

සැරසිලි ගොක්කොල පෝරුව අයිනේ
පයට හැපී පුන් කලස බිඳීලා
පණිවිඩයක් ඇවිදින්
මඟුල් දා දෙබරෙට ගැසුවා සේ . . .

සිංහල උළුගෙට ගෙවදින දවසේ
පාන්කිරිත්තෙක් වහලෙට බැස්සේ
මගුල් කෑම දවසේ
නෑයොත් ගෙට ඇවිදින්

සැරසිලි ගොක්කොල . . .

පාලම් බැන්දේ යන්නයි කැන්දන්
පාලම උඩ මම තව විස්සෝපෙන්
ඔරුවෙන් එගොඩ වෙලා
සොබනි කොහෙද ගිහින් . .

සැරසිලි ගොක්කොල . . .

ගී පද : ලූෂන් බුලත්සිංහල
සංගීතය : වික්ටර් රත්නායක

. . .. . . .. . . . .. . .. . . . .

බලන්න ඔබේ රුදුරු විස නිය ඇනී මගේ හදවතේ ලේ ගලන තරමක් . . .
ඒ වේදනාවෙන් මා දුක් වෙද්දී ඒ දෙස බලා ඔබ සතුටින් සිනා නැගූ හඬ මගේ දෙසවනේ දෝංකාර දෙන බව ඔබ දන්නවාද . . . ?

මලක මෙලෙක

මලක මෙලෙක හිතා ගන්න
බැරි අතකින් මල් නෙලන්න
එපා යාලුවේ . . .
හිතක මෙලෙක හිතා ගන්න
බැරි හිතකින් පෙම් කරන්න
එපා යාලුවේ . ..

රුවට රුවේ මල් පිපුනට
තරඟ වැදී මල් නෙලුවට
මලට ආදරේ නැතන්ම්
මල මිය යාවී
ලොවේ ආදරේ නොලැබුව
පෙති ගිලිහේවී . ..

මලක මෙලෙක . .

ආදරයක් නැති අතකින්
මල් නෙලන්න බැරි වෙන්නයි
හිත ඉහලින් පොකුරු පොකුරු
පිං මල් පිපුනේ
හිත ඉහලින් නෙලන්න බැරි
පිං මල් පිපුනේ

මලක මෙලෙක . .

ගී පද : රඹුක්කන සිද්ධාර්ථ හිමි
සංගීතය : රෝහන වීරසිංහ

. . . . . . . . . .. . . . . .. . . . .

දුප්පත් - පෝසත් බේද සලකන . . . හීන කුල - රදළ කුලගොත් ඉහමුදුනේ තබා වන්දනාමාන කරන . . . සිංහල - දෙමළ ජාති බේද නමින් කා කොටා ගන්නා . . . මේ සජීවි ලෝකයෙන් අපි විතැන් වී ගොස් සුවඳ හමන ආත්මයට විතරක් ප්‍රේම කරන මළවුන්ගේ ලෝකයකදී පමනක් අපි යලි මුන ගැසෙන්නට පාරමී දම් පුරමු . . . .

මළවුන්ගේ නගරයේ

මළවුන්ගේ නගරයේ . .
මමයි. . මමයි හමුවුනා
මළවුන්ගේ නගරයේ . .
ඔබයි . . ඔබයි හමුවුනා

සජීවි සක්වල තලයේ
වරම් නොමැත හමු වෙන්නට
එක වහලක් යට ඉඳගෙන
එක අහරක් වලඳන්නට
ඔබයි හමු වුනා . .
මමයි හමු වුනා . ..

මළවුන්ගේ නගරයේ . .

සීමා ප්‍රාකාර වලින්
ඉඩක් නොමැත ගැලවෙන්නට
ජීවත් වන ලෝකයකදී
අවසර නැත ලංවන්නට
ඔබයි හමු වුනා . .
මමයි හමු වුනා . ..

මළවුන්ගේ නගරයේ . .

ගී පද : සුනිල් ආරියරත්න
සංගීතය : සරත් බාලසූරිය
සහය ගායනය : නිරංජලා සරොජනී

. . . . . . . . . . . . . . . . . . . . . . . ..

ලෝකයම මට වෛර කරනවා යැයි සිතා ලෝකයටම වෛර කරමින්, හබල බිඳී ඔහේ පා වෙවී තිබුනු ඔරුවක් මෙන් වූ මගේ දිවියට . . මෛත්‍රියෙන් . . කරුනාවෙන් . . දිරියෙන් . . . දිවියට සවි දුන් නුඹ, මට . . . රැලකින් තනිවී වනමැද සරනා ඇතෙකුට ලැබුනු ඇත්දල යුවලක් මෙනි . . . .

රැලකින් තනිවී

රැලකින් තනිවී වනමැද සරනා
කැකුලු තුරුණු යාමේ
ඇතෙකුට ඇත්දළ යුවලක් වගේයි
මට ඔබගේ ප්‍රේමේ . .

හබල බිඳී ගොස්
පෙරලුනු ඔරුවක්
ලෙස පාවෙන දිවියේ
රුවල් මසා දී
ගොඩ ගනු රිසියෙන්
වෙහෙසෙන මියුලැසියේ

රැලකින් තනිවී . .

තුඩ තුඩ තබමින්
නෙක නෙක පලවැල
කවා පොවා සනහා
පෙරුම් පුරනවද
මතු බුදු වනන්ට
මට දී රැකවරනා

රැලකින් තනිවී . .

ගී පද : ප්‍රේමකීර්තිද අල්විස්
සංගීතය : රෝහන වීරසිංහ

. . . . .. . . . . . .. . .

අපගේ ප්‍රේමය පූර්ව ජන්මයන්ගේ පටන් පතාගෙන එන අපූර්වයක් ද . . . ?

භවයෙන් භවේ

භවයෙන් භවේ පැතුමන් පුරා
ආවේ සොයා මා හද ආදරේ
නදීෂානී . . . නදීෂානී
නදීෂානී . .. නදීෂානී . . .

නෙතුකැන් සැලේ මා හද ගිම් නිවා
දෙසවන් පුරා ඒ හසරැල් ගලා
පිපි මල් සිනවේ මධු රොන් සලා
ළතැවුල් නිවා ඈ මට ලං වෙලා

භවයෙන් භවේ . . .

නටඹුන් අතීතේ දෑතින් වසා
අදමෙන් ආදා කල් සනසනන් මා
දිවි මං තලාවේ සෙවනක් සොයා
යුගයෙන් යුගේදී හමුවන්න මා .

භවයෙන් භවේ . . .

. . . . . . .. . ..



ක්ෂේත්‍රයේ බොහෝ අය ඒ සුන්දර මිනිසා හඳුන්වන නාමය . . . "අබේ අයියා" . . . ඒ සදාදර අබේ අයියා ගේ මියුරු හඬ . . අප හදවත් තුල අමරණීය වූ ඒ ළයාන්විත හඬ . . . . මියෙන තුරාවට අපගේ හදවත් සිහිල් කරාවි යැයි පතන ඒ හඬේ හිමි කරු වූ අබේ අයියාට නිවන් සුව අත්වේවායි අපි සියලුම දෙනා එක් සිත්ව පතමු . . . !

. . . . . ..

කට්ටිය කමෙන්ට් වලින් දාපු ගීත මම ලිපියටම එකතු කරන්නම් . . .

මනු ලොව සිසාරා

මනු ලොව සිසාරා
මා මඟ හැර
මා සතු සිත
හිතළු ගමන් යයි
මට අකීකරුයි

අනෝතප්ත විල පැත්තතේ
ලිහිල් දුහුල් සළු පැලඳූ
සිදංගනා නාන තොටේ
හිත සැරි සරණා

රන් කහවනු දෝතට දී
කාශ්මීර සමීරයේ
මා කැඳවා සවාරියේ
හිත සැරි සරණා

. . . .

අවසන් හුස්ම පොද

අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට...
සිවුරියනේ හිත සතුටින් නිදන්නට...
මිනිසෙකු විලස ඉපදුනු ඵල ලබන්නට...
පුලුවනි මරණ මංචකයේ වුවද මට...

දහදිය දිය වුනේ නෑ මාලිගාවල...
කඳුළැලි වැටුනේ නෑ නිවටුන් දෙපාමුල...
ගත හැඩි දැඩි වුනේ ලඳුවල කැලෑවල...
කර ගැට මතුවුනේ නගුලට උදැල්ලට...

මහ කෙත් රණ බිමට වැදගෙන උදලු කෙටී...
මේ රන් පොළොවෙ ජය ලැබුවෙමි වැතිර වැටී...
ඒ ජය මට නොවේ නුඹටයි ඉපිද නැතී...
අද මා මලත් හෙට මාඋන් සුවඳ ඇතී...

. . . . .

කවුද ආවේ කවුද ආවේ

කවුද ආවේ කවුද ආවේ . . කවුද ආවේ කවුද ආවේ
ඔබට හොරා ඔබ හදේ ඈදී උන් මිනිස් රුවයි ආවේ . . .

මිනිස් හඩක් නෑති මහ මෑදුරක් විය
තනි මිනිසෙක් වසනා
පාලු මකන්නට ඒ මහ මෑදුරට
ආවෙමි දුර ඉදලා . . .

කවුද ආවේ කවුද ආවේ . .

සදා නොදෑල්වුන මිණි පහනක් විය
ගණදුර මෑද රගනා
සදා අවුලුවමි එවන් පහන් සිල
රන්වන් රූ මවලා . . .

කවුද ආවේ කවුද ආවේ .

72 comments:

  1. උණුසුම් සුභ පැතුම්. :)

    ReplyDelete
  2. සුබ සුබ .. උඹේ අළුත් සුභාෂ්ට වැඩිය මම පරණ දුකාට තාම කැමතියි.. සුබ සුබ..

    ReplyDelete
  3. ඔන්න මගෙනුත් සුභපැතුම්. දුකාගෙ බ්ලොග් එක කියවලා තමයි මටත් ඔය මම බ්ලොග් එකේ ලියන සමහර කරුනු ලියන්න පොඩි තල්ලුක් වුනේ. නැත්තන් ඒකත් හරියට සාම්ප්‍රදායික් ටෙක්නොලීජීය බ්ලොග් එකක් වෙන්න තිබුනා. කොහොම උනත් දුකාගෙ ලිවීමේ හැයියාව ගැන නම් ආයෙත් අහන්න දෙයක් නෑ. ඉතින් තව ලමයි කීයක් හැදුවත් බ්ලොග් ලියන එකනම් නතර කරන්න එපා.

    "අබේවර්ධන බාලසූරිය" මියගියා කියලනම් දන්නෙ අදයි.

    ReplyDelete
  4. ඉසුසල්ලම කියන්න ඕන හද පිරි සුභ පැතුම්... ( ඒකත් අද වගේ දවසක / වරදවා හිතන්න එපා)

    දෙවනුව දුකා ලියන දේවල් බලන්න ඉදල හිටල යන එන මගේ නමත් මතක් කරාට බොහොම ස්තූතියි....

    ඔයා ගැන ගොඩක් වර්ණනා කරන කෙනෙක්ගෙ නමක් නැහැ.ඒ ගැන මට දුක හිතුනා. සුළු අමතක වීමයක් වෙන්න පුළුවන්...

    තෙවනුව මා අබේවර්ධන​යන්ගෙ කැමතිම ගීය

    මනු ලොව සිසාරා
    මා මඟ හැර
    මා සතු සිත
    හිතළු ගමන් යයි
    මට අකීකරුයි

    අනෝතප්ත විල පැත්තතේ
    ලිහිල් දුහුල් සළු පැලඳූ
    සිදංගනා නාන තොටේ
    හිත සැරි සරණා

    රන් කහවනු දෝතට දී
    කාශ්මීර සමීරයේ
    මා කැඳවා සවාරියේ
    හිත සැරි සරණා

    ReplyDelete
  5. සෙන්චරියට සුබ පැතුම්.....!!!

    ReplyDelete
  6. @පහන්!
    තැන්කූ තැන්කූ මලේ . . . මූනු පොතේ ඇඩ් එකටත් තැන්කූ වේවා . . .

    @ආගන්තුකයා!
    ඒ කවුද බං ඒ . . හික් හික් හික්

    @රොකියා | Udara !
    කොහොම හරි කමක් නෑ අර කතාව ලියපන් ගුටි කන්නේ නැතුව හොඳේ . .
    අයියෝ හරිම දුක්බරයි. කාලයක් ඉඳන් අසනීපෙන් හිටියේ ගිය 27 තමයි නැති වුනේ. මම හිතන්නේ අවසක් කටයුතු තිබුනේ ඊයේ 31 . .

    ReplyDelete
  7. @වත්!
    ඇත්තෙන්ම මම ප්‍රධානත්වය දුන්නේ අබේ අයියා ගැන ලියපු කොටසට . . . නම් සඳහන් කරන්න බැරිවුනු අය සමා වෙන්න . . .
    එතුමා මගේ ත් ප්‍රියතම ගායකයෙක් . . . මොනා කරනන්ද ජීවිතේ හැටි . .

    @Chamila Karunatilake !
    තැන්කූ තැන්කූ

    ReplyDelete
  8. මං මැරතන් දුවනවා, කමෙන්ට් දාන්න වෙලාවක් නැති වුනත් මේ ශතකයට සුභ පතන්නේ නැතුව කොහොම ඉන්නද?
    දාහක් ගහමු හති නොවැටී!!!

    ReplyDelete
  9. අයියට තවතවත් ලියන්න ලැබේවා!!! කියල හා පැටික්කිත් හා හදින්ම සුභ පතනවා....

    ReplyDelete
  10. අර වත් කිව්වත් වගේ හරිම දවසක තමා සෙන්චරිය ගහලා තියන්නේ.
    මොනා කරන්නද?නේද? ඉතින්..
    මගෙනුත් උණුසුම් සුභ පැතුම්...!!!
    දිගටම ලියන්න දිරිය ශක්තිය ලැබේවා!! කියලත් මම ප්‍රර්ථනා කරනවා.. හොඳ දේවල් වැඩි වැඩියෙන් ලියන්නත් ලැබේවා!!!

    ReplyDelete
  11. මුලින්ම සුබ පැතුම්...! දෙවනුව ස්තුතියි අපිව මතක් කළාට...
    තෙවනුව ඉතා ම ස්තුතියි අබේවර්ධන බාලසූරිය ගැන...අපි හැමදාම රස විඳපු..විඳින ඒ ගීත ගැන තියාපු සටහනට.....මේ ගීත අතරට ඉසුරු දෙවිඳු උමයංගන, බමරෙකු හැඬුවා, රෑ පැල් රකින, බොඳ මීදුම් කඳු රැල්ලේ ආදී ගීතත් මතක් කරන්න කැමතියි.....

    ReplyDelete
  12. ඉතිං මොනවා කියන්නද....දෙසිය වෙනි එකත් ලඟදීම දාන්න වාසනාව ලැබෙන්න කියලයි පතන්නේ....
    මේ බ්ලොග් අවකාශේ මම මුලින්ම අඳුරාගත් දෙන්නා අතර උඹ ඉන්නවා.එක ලිෂාන්... දෙක උඹ....
    ඉතිං දිගටම ඔහොමයන් ඔහොමයන්....

    ReplyDelete
  13. සියවෙනි ලිපියට සුබ පැතුම් ..... එකසිය එකත් අදම ලිවීමට හැකිවේවා

    ReplyDelete
  14. ලිපි සීයක් අස්සේ අපිට හිත ඇතුලේ තෙරපිලා අපිට වත් කියව ගන්න බැරි දේවල් බොහොම ලස්සනට අපිටවත් නොදැනී කියලා දෙන, ළඟම හිටියත් වටිනාකමක් නොදැනෙන අයව අපිට පෙන්නලා දෙන, උඹ වගේ අයියා කෙනෙක් අස්සරේ කරන්න ලැබිච්ච එක මොනතරම් වාසනාවක් ද කියලා දන්නේ එක දවසක් හරි උඹ එක්ක කතා කරපු අපියි.
    බ්ලොග් සෙට් එක තර හිත හොඳ එකා යන credit එක නිතරඟයෙන් හිමි කරගෙන ඉන්න උඹ වගේ අයියා කෙනෙක් මේ සයිබරය හරහා අඳුරා ගන්න ලැබීම මම පෙර ආත්මයේ කරපු ලොකුම පුන්‍යක‍ර්මයක් නිසා බව වෙන්න බැරි නැහැ.
    ඒ නිසා අපිට ත් හොරා අපේ ජීවිත වලට ලස්සන පාඩම් කියාදෙන දුකා අයියේ අර කතන්දර ශූරීන් කිව්වා වගේ දාහක් ගහමු හති නොවැටී...!

    සුභ ම සුභ පැතුම්..!
    ජයෙන් ජය ම පතනවා...!

    ReplyDelete
  15. ඔන්න bunny මලයගෙනුත් බොක්කෙන්ම සුභ පැතුම් :-) තව චිරාත් කාලයක් බ්ලොග් අවාකාශයේ රැදී සිටිමට ශක්තිය, අර මොකක්ද මෙව්වා එක, වාසානාව උදාවේවායි පතමි. !

    ReplyDelete
  16. සුබපැතුම් අයියේ.
    මොන මාතෘකාවක් ගැන ලීවත් ඔබේ ලිපි කියවීමේදී කවදාවත් අවසානය දක්වා ආසාවෙන් කියවීමට අපහසුවක් හෝ රසවත් බවේ අඩු බවක් දැනිල නැහැ.
    ඊට අමතරව අලුතින් එකතු වූ සහ කලක සිටන් ලියන අය කියා වෙනසක් නැතිව ඉඩ ලැබෙන පරිදි හැම සොයුරු සොයුරියකටම කරන දිරිමත් කිරීම මම අගය කරනවා සහ ඒ ගැන ඔබට ගරු කරනවා.
    තව තවත් බොහෝ දේ ලිවීමට ශක්තිය ධෛර්යය ලැබේවා.

    අබේවර්ධන බාලසූරිය මහතාගේ මම වඩාත් ප්‍රිය කරන ගීත අතුරින් දෙකක් තමයි මේ ලිපියේ මුලින්ම පල කරල තියෙන්නේ. ඊට අමතරව මම ඔහුගේ බොඳ මීදුම් කඳුරැල්ලේ ගීතයට ගොඩක් කැමතියි.
    එතුමාට නිවන් සුව අත්වේවා.

    ReplyDelete
  17. දුකා...

    උඹෙන් අවසර අරගෙන අවස්ථාවට ගැලපෙන ගීයක් පල කරනවා... "සොඳුරු සිත" ලියන "වත්"සටහන් කල ගීයත් මගේ ඉතාම සිත් ගත් ගීයක්... සුනිල් ආරියරත්නයන් ලියූ වික්ටර් රත්නායකයන් සංගීතය මුසු කල මේ ගීයේ අවසාන පදය, අබේවර්ධනයන් වෙනුවෙන් ඉතාම සුදුසුය..."අද මා මලත් හෙට මා උන් සුවඳ ඇතී..."

    අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට...
    සිවුරියනේ හිත සතුටින් නිදන්නට...
    මිනිසෙකු විලස ඉපදුනු ඵල ලබන්නට...
    පුලුවනි මරණ මංචකයේ වුවද මට...

    දහදිය දිය වුනේ නෑ මාලිගාවල...
    කඳුළැලි වැ‍ටුනේ නෑ නිව‍ටුන් දෙපාමුල...
    ගත හැඩි දැඩි වුනේ ලඳුවල කැලෑවල...
    කර ගැට මතුවුනේ නගුලට උදැල්ලට...

    මහ කෙත් රණ බිමට වැදගෙන උදලු කෙටී...
    මේ රන් පොළොවෙ ජය ලැබුවෙමි වැතිර වැටී...
    ඒ ජය මට නොවේ නුඹටයි ඉපිද නැතී...
    අද මා මලත් හෙට මාඋන් සුවඳ ඇතී...

    සින්දුව අහන්න මෙතනට ගිහින්...
    http://www.divshare.com/download/10943348-f2a

    ReplyDelete
  18. මරු මරු...
    මෙන්න විඩාවට මගෙන් මී පැණි දෝතක්ම...
    බලාගෙන වැඩිපුර බොන්නේ....

    /බිඟුවා...!

    ReplyDelete
  19. දුකාගේ ශතකයට මගේ උණුසුම් සුභපැතුම්.

    අනේ මම ඉන්ධන දැම්මෙ නැතුවට හැමදාම කියවන්න එනවා. එනවා. වැඩිය ඉන්ධන නොදැමීම ගැන සමාවෙන්න. ඉන්ධන නොදාන්නෙ ඒ මාතෘකා ගැන වැඩිය නොතෙරෙන හින්දයි, කම්මැලිකමයි දෙකම හින්දා

    ReplyDelete
  20. ශතකයට සුබ පැතුම්!

    අබේ අප අතරින් වියෝ වීම නම් මහා දුකක්. මා කුඩා කාලයේ, (තුන්වැනි වසරේ විතර) පාසල් බස් රථයේගමන් ගන්නා විට නිරන්ජලා සරෝජිනී එහි ගමන් ගනු දැක ඇත්තෙමි. (ඇය බාලිකා පාසලක සංගීත ගුරුවරියක්ව සිටියාය). අබේවර්ධන බාලසූරියද සමහර දිනවල එහි ගමන් ගනී. එකල උසස් පෙල අවසන් වසරේ සිටි ජයන්ත අයියා සහ 9 වසරේ සිටි ලෙලුම් අයියා (වික්ටර් රත්නායක මහතාගේ පුතුන් දෙදෙනා), ඔහු සමහ පාසල් බස් රථයේ පසුපස ආසනයේ "ශාස්ත්‍රීය" බජව් දමනු දැක ඇත. ඇත්තටම අබේ ගේ ඒ හඬ තවමත් සිතේ පවතී. පසු කලෙක බරපතලව රෝගී වී සිටි අබේ රෝගියකු ලෙස අහම්බෙන් දකින්නට ලැබීම දෛවෝපගත සිද්ධියක් දැයි සිතමි.

    ReplyDelete
  21. සුබ පැතුම් සහෝ..ඇත්තටම උඹේ හැම වචනයක්ම හිතට වැදෙනව..ඒකයි මේ තරම් පිරිසක් උබ වටේට ඉන්නෙ...හැම කෙනෙක්ගෙම අතීතය මතක් කරන්න පුලුවන් වෙන විදියෙ අත්දැකීමක් උබට කොහෙන් හරි,කවද හරි ලැබිල තියෙනව..ඒ නිසයි උබ ලියන හැම ලිපියකටම පාඨකයන් ලෙංගතු වෙන්නෙ... දිගටම ලියන්න... උබව බ්ලොග් අවකාශයට හදුන්වාදෙන්න ලැබීම ගැන මම සිරාවටම සතුටු වෙනව...

    ReplyDelete
  22. සුබ පැතුම් දුකා සහෝදරයා!

    ReplyDelete
  23. 100 වෙනි බ්ලොග් එකත් ලිව්වට මගේ සුභාශිංසන මේ සමගින් . . . . තවත් මෙවෑනි හරබර ලිපි ලියන්න චිරාත් කාලයක් හෑකිවේවා . . .!!!

    අබේ අයියා නිරංජලා අක්කා සමග ගෑයූ ගීයක් මෙයට එක් කරනවාට ඔයා අමනාප නොවෙයි කියා සිතනවා අනිකුත් අයගේ රස වින්දනයටත් එක්ක.

    කවුද ආවේ කවුද ආවේ . . කවුද ආවේ කවුද ආවේ
    ඔබට හොරා ඔබ හදේ ඈදී උන් මිනිස් රුවයි ආවේ . . .

    මිනිස් හඩක් නෑති මහ මෑදුරක් විය
    තනි මිනිසෙක් වසනා
    පාලු මකන්නට ඒ මහ මෑදුරට
    ආවෙමි දුර ඉදලා . . .

    කවුද ආවේ කවුද ආවේ . .

    සදා නොදෑල්වුන මිණි පහනක් විය
    ගණදුර මෑද රගනා
    සදා අවුලුවමි එවන් පහන් සිල
    රන්වන් රූ මවලා . . .

    කවුද ආවේ කවුද ආවේ . .

    ReplyDelete
  24. මෙවැනි භාව පූර්ණ ගීත අපේ හදවත් සනසන සිසිල් පවන් රැලි වගෙයි. එවන් ගීත අපට දායාද කල පිණින්,
    ආදරණීය අබේ අයියාට නිවන් සුව ලැබෙනවාට සැක නැහැ.

    ReplyDelete
  25. වැලිබත් ඉවුවා මතකයි අපි දෙන්නා
    ඔංචිලි පැද්දා මතකයි අපි දෙන්නා
    මෙතුවක් එක්වී වැඩුනත් අපි දෙදෙනා
    අද හිනැහෙන්නේ කොයි ලෙසදෝ මන්දා

    තනිමංසල මට ඔබ මුණගැසෙනු නොදී
    තනිපංගලමේ ගෙන්පිට යන්ට නොදී
    වපරැස් බැල්මට පිවිතුරු ලෝකය නොපෙනේ
    අවිහිංසක මුදු සිතුවිලි මල් පරවේ

    වැලිබත් ඉවුවා මතකයි අපි දෙන්නා
    ඔංචිලි පැද්දා මතකයි අපි දෙන්නා
    මෙතුවක් එක්වී වැඩුනත් අපි දෙදෙනා
    අද හිනැහෙන්නේ කොයි ලෙසදෝ මන්දා


    ඔබ ඉන්නා තැන තුඹු මහ පවුරු තැනේ
    තහනම් දේශය ඔබ සැරිසරනු නොහේ
    මිනිසුන්වූ අප යලි පොඩි දරු දෙපල නොවේ
    ඔබ මා තනිවන දවසක් නැවත නොවේ

    වැලිබත් ඉවුවා මතකයි අපි දෙන්නා
    ඔංචිලි පැද්දා මතකයි අපි දෙන්නා
    මෙතුවක් එක්වී වැඩුනත් අපි දෙදෙනා
    අද හිනැහෙන්නේ කොයි ලෙසදෝ මන්දා

    අබේවර්ධන බාලසූරිය / ඉන්ද්‍රානි පෙරේරා

    ReplyDelete
  26. දිනෙක මතුදා දෛවයෝගෙන් ඔබ අප නැවත හමුවේනම් මේ වියෝ වේදනා ඉවසා සිටින්නම්.

    දිනෙක මතුදා දෛවයෝගෙන්
    ඔබව හමුවේනම්
    සිතැඟි ඉවසා වේදනා දුන්
    ආදරේ මා පවසන්නම්

    බැඳි ආදරේ සඟවා හිතේ
    නොකියා මෙමා උන්නා
    ඔබ දන්නෙ නෑ මා කීවෙ නෑ
    හඬනා හැඟුම් පෙන්නා ලයේ
    ආදරෙන් අමතා

    දිනෙක මතුදා දෛවයෝගෙන්
    ඔබව හමුවේනම්
    සිතැඟි ඉවසා වේදනා දුන්
    ආදරේ මා පවසන්නම්

    ඉරණම් ලෙසින් වෙන්වී මගෙන්
    හෙට හෝ ඔබත් යාවී
    තනිවූ මගේ පෙම් චේතනා
    මට රෑ රිදුම් දේවී හදේ
    පසුතැවී කඳුලේ

    දිනෙක මතුදා දෛවයෝගෙන්
    ඔබව හමුවේනම්
    සිතැඟි ඉවසා වේදනා දුන්
    ආදරේ මා පවසන්නම්


    අබේවර්ධන බාලසූරිය

    ReplyDelete
  27. ලිපි ශතකයට සුභ පැතුම්!

    මම නං හිතං හිටියෙ දුකා සීය පාස් කරල දැන් ගොඩක් කල් වෙන්න ඇති කියලා.

    කොහොම වෙතත්, මුල් කාලෙ මේ බ්ලොග් එකේ ලිපි කියවනකොට මට මල පනිනවා. You know why. :D එහෙම වෙලත් ලිපි ටික අමාරුවෙං උනත් ඇදල දැම්මෙ නොකියෙව්වොත් ඒක මහ අපරාදයක් වෙන තරමට මේ බ්ලොගේ සිරා නිසා.

    ළඟදි ඉඳන් මේ පැත්තෙ නිතර එන්න බැරි උනාට සොරි වෙන්ඩෝනෑ. බලමු ඉදිරියේදී ආපහු මේකේ නිත්‍ය කියවන්නෙක් වෙන්න.

    ජය වේවා!

    ReplyDelete
  28. බැද්දට පෑයූ සඳ වන් ලස්සන නෑණන්ඩියගෙ මුහුණ අද ඔබ නැති වියොවින් මැලවී ගොසින්. ඉස්සර වාගෙ පෙම් පාටක් පෙනෙන්නට නැහැ.

    බැද්දට සඳපාන වගේ ලස්සන මුහුණේ
    ඉස්සර පෙම් පාට පෙනේ දැක්කම නෑනේ
    බැද්දට සඳපාන වගේ

    තිස්සෙම දඟකාර මොකෝ ලස්සන නෑනේ
    සිත්වල කරුණාව පෙනේ මගකට ගානේ

    බැද්දට සඳපාන වගේ ලස්සන මුහුණේ
    ඉස්සර පෙම් පාට පෙනේ දැක්කම නෑනේ
    බැද්දට සඳපාන වගේ

    පෙම්බර කවිතාල ඇසේ නුඹ යන පාරේ
    තුන්හිත හැමදාම මගේ මං නුඹෙ නෑනේ

    බැද්දට සඳපාන වගේ ලස්සන මුහුණේ
    ඉස්සර පෙම් පාට පෙනේ දැක්කම නෑනේ
    බැද්දට සඳපාන වගේ

    අබේවර්ධන බාලසූරිය

    ReplyDelete
  29. මේ රට තම යහළුවන්ටයි යෙහෙළියන්ටයි භාරදී අවසන් ගමන් ගිය නිහතමානී කලාකරුවාට මගේ ගෞරව ආචාරය !

    මං නැතිදා මේ රට ඔබටයි ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි //

    රන් නෙර උතුරින් ගිරි පවුරු වළල්ලක් දූපත සරසනවා
    මල් බමර බරින් රොන් සුනු වපුරා පින් කෙතට සුවඳ දෙනවා

    මං නැතිදා මේ රට ඔබටයි ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි

    පා ගැටෙන තැනින් තැන පළිඟු රුවන් මිණි මුතුලැල් දිදුලනවා
    අද මිලින මලක් බිම සරු කරවා හෙට නව මල් පුබුදනවා

    මං නැතිදා මේ රට ඔබටයි ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි //



    අබේවර්ධන බාලසූරිය

    ReplyDelete
  30. ඔන්න මං ආවා. මගෙනුත් උණුම උණු සුබ පැතුම් ආ.......................

    ඒක නෙමේ ''දිල්, බුද්ධි,මාධව,'' ඔය මැද ඉන්නෙ මං බුද්ධිද

    ReplyDelete
  31. හ්ම්...ඇත්ත නේන්නම්.......දුකා ශතකයක් ගහලා....සුභ පැතුම් යාළුවේ.....ඔය කවි හිත ලස්සනට තියා ගනින්....

    .......................................................
    හිතවත් අබේ අයියා ගැන.......

    මට මතකයි මගේ පුoචි සන්දියේදීම ඔබේ ගැඹුරු එහෙත් ගීතවත් ස්වර හද පත්ලටම කිඳා බැස්සා...

    ඉදින්...
    වෙනදීගෙක ගිය ඈ වෙනුවෙන් සුසුම් ලෑ ඔහු වෙනුවෙන් මේ නිශාවේ හුදෙකලාවම මමත් සුසුම් ලන්නම්...

    රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ....
    මඟෙ තනි නොතනියට නුඹවත් නැත්වානේ...
    හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ...
    මාසේ පෝය දා වාගෙයි ගම්මානේ...

    එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට....
    ඇළ කණ්ඩියේ ඉඳගෙන අත වැනුවාට...
    මඟෙ හිතු මනාපෙට මම බහ දුන්නාට
    නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට....

    හැදුවේ ගෙපැළ මට තනියෙන් ඉඳින්නද....
    බාලේ ඉඳන් බැඳි ආලේ බිඳින්නද...
    රෑ තුන් යමේ මේ හැටි දුක් ගෙවන්නද...
    සිහිනෙන් මිසක හැබැහින් එක් නොවන්නද..

    නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
    සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි..
    පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි...
    කුරහන් කපන දා මා සිහි කරන්නයි..

    අබේවර්ධන බාලසූරිය මහතා ත්‍යාගා එන් එඩ්වඩ් මහත්මියත් එක්ක ගායනා කල මේ ගීතය මගේදෙතොලඟ රැඳෙන ගීතයක්..

    ඉදින් අබේ අයියා....නුඹ මියගියත් සදාකාලිකව හද පත්ලේ ජීවමාන වේවි..

    නුඹට නිවන් සුව..!!

    මේ...

    සුලා

    ReplyDelete
  32. අබේවර්ධන බාලසූරිය මියගියා කියන news එක මුලින්ම ඇහැව්වාම පපුව දාලා පිච්චිලා ගියා. අද ඔබේ ලිපිය කියෙවුවම ඒ දුක අලුත්වෙලා ඇස්දෙකට කදුළක් ඇවිත් එකපාරටම monitor එක බොදවෙලා ගියා. අපි අතර තව බොහෝකලක් ඉන්න ඕන මිනිස්සු ඇයි මේ විදියට ඉක්මනින් අපෙන් සමුගන්නෙ? අපේ නොලැබීමද?

    ReplyDelete
  33. 100ට 200ක් චියස්ස්ස්ස්ස්ස්!!!!!!

    ReplyDelete
  34. ශා මචං මරුනෙ, දිගටම ලියමු, කමෙන්ට් දාන්න බැඓ උනත් මම දිගටම කියවනව

    ReplyDelete
  35. දුකා අයියෙ...... සුබපතනවා තව දිගු කලක් අපිත් එක්ක මේ විදියටම හරවත් රසවත් ලිපි බෙදා හදා ගන්න ශක්තිය ලැබෙන්න කියල.... (නිතරම ලිපි පල කරන්න වෙලාව ලැබෙන්නත් කියල ) ....... වෙනසක් නැතුව හැමෝටම එකම සහෝදරත්වයෙන් දිරි දෙන අයියට අපි ගරු කරනව හැමදාමත්....


    අබේවර්ධනයන් ගැන කියනවනම්..... කල්පනා ලොව මල් වනේ, මලක මෙලෙක, ඔබෙන් තොර ලෝකයක් මං එතුමගෙ කැමතිම ගීත...... එතුමන්ට නිවනට මඟ කෙටි වේවායි පතනව....

    ReplyDelete
  36. මගෙනුත් සුබ පැතුම් දුකා අයියාට!

    ReplyDelete
  37. සුභ පැතුම් ද්විත්ව ශතකය ඉලක්ක කරගෙන ප්‍රවේසමෙන් බැට් කරන්න. හික් හික්

    ReplyDelete
  38. සීයට සිය වාරයක් සුභ පතනවා දුකා අයියා... මුල ඉදලාම නම් මම කියවලා නෑ.. හැබැයි කියවපු ටිකට නම් මම ගොඩාක් ආසයි...

    විරුල් හෙවත් සොඳුරු ත්‍රස්තවාදියා
    අබිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ . . .
    කරදරකාර නංගී හෙවත් දෙවියන් ලබා දුන් අගනා තෑග්ග

    ඔය තුනට නම් මම කියලා නිම කරන්න බැරි තරම් කැමතී..

    නැවතත් දුකා අයියාට සුබපැතුම් ලස්සනට මේක දිගටම කරගෙන යන්න

    ReplyDelete
  39. එළ එළ.. සුභ පැතුම්... දිගටම ලියමු. ජය

    ReplyDelete
  40. ලිපි ශතකය සම්බන්ධයෙන් මගේ සුභ පැතුම්... තව තවත් අපූරු ලිපි ලියන්න ලැබේවා කියලා පතනවා හොඳේ...

    මං හැමදාමත් කියනවා වගේ උඹගේ ගොඩාක් බ්ලොග් ලිපි හරිම ලස්සනයි. ඒ ලිපි කියවලා මාත් හුඟාක් දේවල් ඉගෙන ගත්තා.. විශේෂයෙන්ම බ්ලොග් ලියන විදිහ.... බලන කෙනාට කම්මැලි නොහිතෙන විදිහට ඒ ලිපි ලියන එක ලේසි වැඩක් නෙවෙයි. උඹට ඒක හරිම ලේසි වැඩක් වගෙයි...

    අබේවර්ධන බාලසූරිය නම් අසහාය සොඳුරු ගායන ශිල්පියාගේ ගීත බොහොමයක් මගේ හිතෙත් පතුලටම කිඳා බැහැලා තියෙනවා...

    කල්පනා ලොව, රැලකින් තනිවී, පියාණෙනි මා නැවත උපන්නොත්, බොඳ මීදුම් කඳුරැල්ලේ, රෑ පැල් රකින, පෙඳ පාසි සොයාලා, මුදු මුහුණේ, අනුරාධපුරය ඔබයි, මලක මෙලෙක

    ඔය ඔක්කොම ගීත මගේ හද පතුලටම කිඳා බැහැපු ගීත. තවත් බොහොමයක් තියෙනවා..

    මේ ගැන ලිව්වාට ගොඩාක් ස්තුතියි මචං..

    ReplyDelete
  41. සියක් වාරයක් සුබ පැතුම්.. නිතර කමෙන්ට් නොදැම්මාට නිතර බලන බ්ලොග් එකක් (මං ඉතින් වැඩි සද්ද නැති කෙනානේ :D) නොකඩවා ඉදිරියට යන්න දිරිය හා සවිය ලැබේවා !

    ReplyDelete
  42. දුකෝ...
    මේ උඹ සියවෙනි පෝස්ටෙක කියන එක අසාධාරණයි මචං. මට නං හිතෙන්නේ පෝස්ට් දෙතුන් සීයකට සෑහෙන දේවල් තමයි උඹ මේ 100 ඇතුලේ ගොණු කරළා තියෙන්නේ. ඒ තරම්ම ඒව හැම අතින්ම පරිපූර්ණයි. රහයි.

    මං බ්ලොග් කියවන්න ආපු මුළ දවස්වල අහම්බෙන් හම්බවෙලා කියවපු "කරදරකාර නංගි.." තමයි මේ බ්ලොග් කියන එක මොකද්ද කියල හොයාබලන්න මට උත්තේජනය සැපයුවේ.

    එහෙව් උඹ මේ පෝස්ට් එක "මනුස්සයෙක්" වෙනුවෙන් වෙන් කරපු එකත් අගය කරනවා..

    හදවතින් ජය පතනව මචං

    ReplyDelete
  43. මම පරක්කු වැඩිද මන්දා..... අයියගේ 100 වෙනි පෝස්ට් එකට මං මගේ පලවෙනි කමෙන්ටුව දාන්නම්..... අයියට දිගටම ලියන්න ශක්තිය ලැබේවා......... :) :)

    ReplyDelete
  44. සිංහල බ්ලොග් අවකාශයේ සියලුම නවකයන්ට උපරිමයෙන් අතහිත දෙමින්... සිය වෙනි ලිපිය දක්වා දිගු ගමනක් පැමිණි දයාබර මිතුර.. මගේ හදපිරි සුභපැතුම්... ඔබට... මෙන්න.

    ධනාත්මක චින්තනය පුබුදුවාලමින් හරවත්, රසවත්, ලිපි.. ඉතා සරල අයුරින්, වින්දනීය ලෙස ලේඛනගත කිරීමට ඔබට ඇති අපූරු හැකියාව මතුවටත් එලෙසින්ම සුරැකී... වඩ වඩාත් නැවුම් ලිපි අප වෙත තිලිණ කර දෙන්නට, ඉදිරියේදීත් ඔබට හැකියාව, ධෛර්ය,ශක්තිය නිබඳව ලැබේවායි.. පතමි.

    අබේවර්ධන බාලසූරිය ගාන්ධර්වයානන්ගේ... ගීත මා පාසල් යන කාලයේ සිටම තදින් සිත ඇද බැඳගත් ඒවාය. ඉතාම හැඟුම්බර කටහඬක් හිමි නිහඬ, සොදුරු මිනිසා ඔහුයි. ඔහු ගායනා කල ගීත අතරින් මා අසා නැත්තේ, ගීත දෙකක් හෝ තුනක් පමණි. අන් සියළුම ගීත මා සිය දහස් වාරයක් මේ ජීවිත කාලය පුරාවටම ඉතාම ආසාවෙන් ශ්‍රවණය කොට අතිමහත් වින්දනයක් ලැබූවෙමි.

    දෛවයෝගයකින් නොවේදෝ, මලක මෙලෙක සිතාගන්න, කවුරුදු ආවේ, පියාණෙනි මා නැවත උපන්නොත්, රෑ පැල් රකින කුරහන් හේනේ, භවයෙන් භවේ, රැලකින් තනිවී..... වැනි ගීත ඉන් සමහරකි. ඔහුගේ වියෝව ඇසුනු දින ඇත්තටම මා ශෝකයෙන් මුසපත් වූවාය. නමුදු ඔහු මිය ගියා යයි කිසිවිටෙක අපට නොසිතෙනු ඇත. ගායක ජෝතිපාල, මිල්ටන්, විජය, වැනි ප්‍රවීණයන් මෙන් ඔහු ද ‍සදා අමරණීය ‍මිනිසෙකි.

    අබේවර්ධන බාලසූරිය කලාකරුවානෙනි.. ඔබ නැවත මේ පින් බිමෙහිම උපදීවා..

    සසර ගමන කෙළවර නිවන් සුවය ලැබේවායි.. පතමි.

    ReplyDelete
  45. සුභ පැතුම් මගෙනුත්....

    අබේවර්ධන බාලසූරිය අසහාය කලාකරුවෙකි ඔහුට නිවන්සුව පතනවා.. ඒ ගැන මෙහි සටහන් තැබුවාට ඔබට තුති

    ReplyDelete
  46. අලුතෙන් සුබ පතන්න දෙයක් නැහැ. උඹේ ලිවිල්ල දැකල දවසක් මහ රෑක කොල් එකක් දුන් වග මතකයි..පොත් ලියමින් උන්නු මම බ්ලොග් ලියන්නෙක් බවට පරිවර්තනය කළ මගේ ඊර්ෂ්‍යාවන්ත සහෝදරයා නුඹ...වෙන කියන්න කිසිම දෙයක් නැහැ.. මම නුඹේ ලිවීමේ හැකියාවට හද පත්ලෙන් ම ඊර්ෂ්‍යා කරමි...!!!

    ReplyDelete
  47. ඔන්න මගෙනුත් සෙන්චරියට සුබපැතුම්....අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන්නත් එක්ක..

    ReplyDelete
  48. ගොඩ දවසකට පස්සෙ එකට උනාට පස්සෙ ඉස්සෙල්ලම දැක්කෙ දුකා අයිය සෙන්චරියක් ගහල කියල. ඉතින් මේ පැත්තට නාවොත් ඒක දුකා අයියට කරන ලොකු අසාධාරනයක්.

    සීය වෙනි පෝස්ට් එකට මගෙන් උණුසුම් සුභ පැතුම්. දිගටම ලියන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියල පතනවා.....!

    ලිස්ට් එකේ මාත් ඉන්නවා නේද එහෙනම්.... :P

    අබේවර්ධන බාලසූරිය කියන්නෙ මගෙ ආසම ගායකයෙක්. දරුවෙක් නොමැතිවීම ගැන ඔහු ගැයූ ගීතය සැබැවින්ම සංවේදජනකයි. හැකිනම් එම සිංදුව මෙහි පල කරන්න කියල මා ඉල්ලා සිටිනවා. අනෙකුත් ගීත වලත් mp3 ගොනු භාගත කර ගැනීමට දෙන්න පුලුවන්නම් බලන අයට ගොඩක් වැදගත් වේවී. මගෙ ලඟ තියෙන ඒවයෙ quality එක අඩුයි :(

    ReplyDelete
  49. වෙලා ගිහින් උනත් මගේ සුබ පැතුම් පිලිගන්න මගේ සහෝදරයා...
    දිගු ගමනකට සුබ පැතුම්...

    ReplyDelete
  50. සුබ පැතුම්...
    මේ පැත්තට එන්න පරක්කු වුනාට සමාවෙන්න. පොඩ්ඩක් මේ ටිකේ බිසි.:P

    ReplyDelete
  51. මගේ සුබ පැතුම් දුකා.

    දිගටම ලියන්න.

    මම දැන් තමයි අබේවර්ධන බාලසූරිය මහත්තයගෙ මරනය ගැන දන්නෙ. පහුගිය ටිකේම නෙට් එන්න උනෙත් නැහ.

    ඒ මහත්මයට නිවන් සුව පතනවා..

    ReplyDelete
  52. ජීවත් වෙනවා කියලා අපිට දැනෙන්න අපේ හදවත් වලට දිගින් දිගටම තට්ටු කරපන් දුකෝ. 100ක් නෙවෙයි 500ක් වත් මදි. දිගටම ලියමු.

    ReplyDelete
  53. මෙන්න අබේ සහ නිරංජලාගේ තවත් රසවත් ගීයක් . . . .


    පෙද පාසි සොයාලා . . . . පොඩි කූඩු සදාලා
    එක ගහක රෑදී ඉන්න කියා සිතක් ඈවිල්ලා
    මනමාල කුරුල්ලා . . . මොනවාද සිතීලා
    වෙනදාට වඩා මිහිරි ලෙසින් ප්‍රබෝද වීලා . . .

    පොඩි කූඩු ඈත හදාලා
    පෑටවුන්ද බෝම ලෑබිලා
    පෙරදාක මේ කුරුල්ලා
    තනිවීය ඈ ගිහිල්ලා . . . තනිවීය ඈ ගිහිල්ලා


    හෑමදාම කොහොම ඉන්නේ
    බෑරිදාට කවුද ඉන්නේ
    තව කූඩුවක් නිදෑල්ලේ
    හදලා බලන්න ඕනේ . . . හදලා බලන්න ඕනේ


    අබේවර්දන බාලසූරිය ශූරීනි, ඔබට නිවන් සුව පතමි.

    ReplyDelete
  54. @KK!
    උඹේ මැරතන් එකට අපෙන් ඉන්ධන (කම්න්ට්ස්) පුලු පුලු වන් විදිහට දෙන්නම් . . .. !
    තැන්කූ සහ ජය

    @හා පැටික්කි!
    තැන්කූ තැන්කූ හා පැටික්කියේ !

    @nimanthi !
    උපන් දිනේ දවසෙම සෙන්චරිය ගහන්න ලැබුනු එක කොයි තරම් දෙයක්ද නේ . . හික් හික්
    තැන්කූ වේවා . .

    @සචී!
    සිංදු ඔක්කෝම දැම්මා නම් ලිපිය ගොඩක් දිග වෙයි කියලා හිතුනා . .. කොහොම හරි කමෙන්ට් කරපු අය ඒ අඩුව පිරෙව්වා . . . ස්තූතියි ආයේ පාරක් නිතර ලබා දෙන දිරිගැන්වීම් වලට . .

    ReplyDelete
  55. @චමිදේවා!
    තැන්කූ වේවා කියලා තමයි කියන්න තියෙන්නේ. . ඒ වගේම තව දෙයක් උඹේ කවියකට කවියෙන්ම කම්නෙට් එකක් දාන්න ගිහින් තමයි මම හිතුවේ මගේ බ්ලොග් එකේ කවිත්(නිසඳැස්) දාන්න ඕන කියලා . . .

    @වැප්!
    අනේ බං සති අන්තේ මෙලෝ දෙයක් ලියන්න වෙලාවක් ලැබෙන්නේ නෑ . . දනන්වනේ මගේ පොඩි කොල්ලා "විරුල්" ඒකා කොම්පුටර් එකත් එකක් තරයි . . මට එතන ඉඳ ගන්න දෙන්නේම නෑ. .

    @ලිෂ්!
    අනේ මලේ උඹල වගේ සොඳුරු අය මුනගැසීම නම් අර මම නිතරම කියනවා වගේ පූර්ව ජන්ම අපූර්වයක් . .

    @Bunny!
    තැන්කූ තැන්කූ . . . !

    ReplyDelete
  56. @හෂිත!
    Thank you machan . . .. .. !

    @Raven !
    ස්තූතියි මලේ අගය කිරීම ගැන . . . ඔව් දන්නා තරමින් නිහතමානී සරල කලාකරුවෙකු වූ එතුමාට නිවන් මඟ එතරම් දුරක විය නොහැකියි . . .

    @තිසා !
    ඔව් තිසා ඒක හරිම අගේ ඇති සින්දුවක් . . .මට හරිම සතුටුයි මෙතරම් රසික පිරිසක් එතුමා වටේ සිටියා කියා දැන ගැන්මට ලැබීමත් . .

    @බිඟුවා!
    හඃ හඃ හා . . මී පැනි බිව්වාම කෙට්ටු වෙනවනේ බන් . . තැන්කූ එහෙනම් . . . මොකෝ මේ දවස්වල මම කෙට්ටු වෙන්නේ කොහොමද කියලා හිත හිත ඉන්නේ . ..

    ReplyDelete
  57. @Chanaka Aruna Munasinghe!
    කමක් නෑ කමක් නෑ ඉන්ධන මේ වගේ ඉඳලා හිටලා හරි දෙන එකම ලොකු දෙයක් නේ බන් . .

    @මිගාර !
    නිරංජලා ව නම් මහරගමදී නිතර දැක ඇතත් අබේ අයියාව නම් දැක නැති තරම් . . . ඒත් ඔවුන්ගේ විස්තර මහරගම සිටිනා මගේ මිතුරෙක් (ඔවුන්ගේ අසල්වැසියෙක්) නිතර කියනවා . . . සමහර විට ඔවුන්ගේ ඒ නිරහංකාර සරල කම මේ රසික අපි ඔවුන් වටා බැඳී සිටින්න තවත් හේතුවක් වන්න ඇති . . .

    @CD Athuraliya!
    තැන්කූ තැන්කූ මලේ . . !

    @ආකාස කුසුම් !
    වජිරා ඔයා මගේ මේ ලිපියට ඌණපූර්ණයක් සැපයුවා වගේ . . .
    මූනු පොතෙදී ත් නිතර ලබා දෙන කමෙන්ට් වලට ත් ස්තූතියි

    ReplyDelete
  58. @පොතේ ගුරා !
    මලේ හැමදාම කියනව වගේ උඹ කරදර කලේ නැති නම් . . උඹ උදව් කලේ නැතිනම් මගේ මේ බ්ලොග් ආගමනයක් කවදාවත් සිදු නොවෙන්න ම තිබුනා . . .

    මේ සියලු දෙනාම මම ලියන ලිපි වලින් ගතහැකි යමක් තිබේ, ඒ වෙනුවෙන් ස්තූති වන්ත විය යුතුයි කියා සිතනවානම් . . හැමොටම පලමු ස්තූතිවන්ත වෙන්න ඕන උඹට . . . !

    ReplyDelete
  59. @Chrisanthie !
    ඔයායි අකාස කුසුමුයි තිසායි මේ ගොඩක් අයයි මගේ අසම්පූර්න ලිපිය ලිපිය සම්පූර්න කලා කියලයි මට නම් හිතෙන්නේ . . .. ස්තූතියි . . . ඔව් අපි හැමෝම ඔහුට නිවන් සුව පතමු . .

    @budhajeewa !
    ඔව් මලේ සමහර ඒවා කියවලා උඹට මල පැන්න වුනාට ඒකට මට මල පැන්නේ නැත්තේ මම උඹේ වයසේ හිටපු නිසා ඒ වයසේදී මටත් ඔය විදිහටම හිතුනු නිසා . . කොහොමත් පෙනුම අතින් නම් උඹේ වයසේදී මමත් උඹ තරම්ම හැන්ඩියෙක් නොවුනත් ටිකක් උඹ වගේ හැඩ හුරුකමින් නම් . .

    @බුද්ධි!
    ඔව් ඔව් ඒ උඹ බුද්ධි තමයි !

    @සුලා
    තිසා උඹව හඳුන්වන නාමයට මාත් හරිම කැමතියි . . "ආශ්වාදනීය සුලඟ" ඒත් මේ තරම් ලඟ ඉඳලත් උඹ අපිව හැබෑවට අඳුනා නොගන්න එකට ආසන්නම හේතුව මම තිසාට කිව්වා . . .
    ස්තූතියි උඹේ දිරිගැන්වීම් වලට මුල ඉඳන්ම ලබා දුන්නු . ..

    ReplyDelete
  60. @Buratheno!
    ඇත්ත මචං . . . නරක රජයන ලෝකයක හොඳ මිනිසුන්ට විශේෂයෙන් හොඳ කලාකරුවන්ට රැඳෙන්න බැරි අහේතුවක් ඇති කියලා හිතෙනවා . . . නිකමට හිතලා බලන්න විජය, ජෝති, කේමදාස මාස්ටර්, මාලනී බුලත්සිංහල, කපුගේ, මර්වින් පෙරේරා ඔය ආදී කලාකරුවෝ . . . !

    @ම!
    තැන්කූ මරණේ . . .!

    @BEAUTIFUL SRI LANKA !
    තැන්කූ තැන්කූ . . .ඒ මදෑ මචන් . .

    @විශ්මි !
    තැන්කූ නගේ . . උඹල හැමෝගෙම සහයෝගය තමයි මෙච්චර දුරක් එන්න මුල් වුනේ . .

    @Hasi!
    තැන්කූ තැන්කූ . . . . !

    ReplyDelete
  61. @සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath!
    එල එල . . . තැන්කූ වෙන්න ඕන ඉතිං . .

    @ළමයා !
    තැන්කූ තැන්කූ . . ඉතිරි ඒවාත් වෙලාවක් ලැබුනාම කියවන්න්කෝ . .

    @Thilina!
    තැන්කූ වේවා මල්ලියෝ . .

    @Chathura Wijekoon|චතුර විජේකෝන්!
    උඹේ කමෙන්ට් එකට ස්තූතියි . . ඔව් මචං . . ඔහු අප හැමගේ හදවත් වල නොමැකෙන ගීත සටහන් තැබූ ගායකයෙක් . ..

    @සූ !
    ඔව් මම දන්නවා . . මොනා වුනත් මුල් කාලයේ ඉඳන් මාව දිරිමත් කරපු එකම මදෑ . . ඒකට ස්තූති වන්ත වෙන්න එපැයි . .

    ReplyDelete
  62. @උන්නැහේ!
    ස්තූතියි මචං
    ඒ පෝස්ට් සීය ඇතුලේ දෙතුසීයකට නොසෑහෙන්න දේවල් ලියන්න දිරි දුන්නු උඹලගේ අගය කිරීම් වලට ත් අනිවාර්යෙන් ස්තූති වන්ත වෙන්න ඕන . .

    @සංදීපගේ මයික්කරපෝනය !
    අපෝ නෑ පොඩ්ඩක් වත් පරක්කු නෑ . . තැන්කූ මලේ . .

    @නිල් අහස!
    අගය කිරීම ගැන මගේ හදපිරි ස්තූතිය . ..
    අහ් . . දෛවයෝගයකින් ගීතය අබේ අයියගේ නෙමෙයි වික්ටර් ගේ . . පොඩි වැරදීමක් . . . ඒත් ඒ ගීතයේ වික්ටර් ගේ ළයාන්විත හඬ අබේ අයියගේ ළයාන්විත හඬ එක්ක පෑහෙන ලොකු සමාන කමක් තියෙනවා තමයි . . .

    @ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය !
    ස්තූති යි උඹටත් . . . ! සුභපැතුම් වලටත් නිවන් ප්‍රාර්තනයටත් . . .

    ReplyDelete
  63. @Indranatha Thenuwara !
    මගේ සොඳුරු ඊර්ශ්‍යාකාර අයියව මුනගහෙන්න එන්න බැරි වීම ගැන අයියගේන් දහස් වර සමාව ඉල්ලනවා . . ලබන පාර නම් අනිවාර්යෙන් එනවා මොන ලෝකෙක දිව්වත් කොයි තරම් වැඩ තිබුනත් . .

    @yasith !
    ඔන්න ඉතිං කිව්වා . . පෙස්ට් කන්ට්‍රෝල් වලට සල්ලි යන ඒවා තමයි ඔයාලා ප්‍රාර්තනා කරන්නේ . . ඇයි අප්පා කිරි පැනි ඉතුරුනාම කූඹු කැරපොත්තෝ එනවා . . . ඉතිං මට පෙස්ට් කන්ට්‍රෝල් කරන්න වෙනවා . . හික් හික් . .තැන්කූ හොඳේ . .

    @සුදු මහත්තයා !
    ඒක තාමයි උඹව දැක්කේ නෑ කාලෙකින් . . ඇත්තෙන්ම දරුවෝ නොමැති එක ගැන ගීත ගයා ඇත්තේ නිරංජලා . . . "මං නැති දා මේ රට ඔබටයි" වගේ ඒවා තමයි අබේ අයියගේ ගීත අතර තියෙන්නේ. . .
    "මීමැස්සා ඩොට් කොම්" එකේ තියෙනවා හොඳ තත්වයේ ගීත කීපයක් . . .අහලා බලනන් . .. බා ගන්න නම් පුලුවන්ද දන්නේ නෑ

    ReplyDelete
  64. @මිස්සක!
    වෙලා ගිහින් හරි සුභ පතපු එකම මදෑ . . . තැන්කූ වේවා සහෝ . . .

    @සරදියල්!
    තැන්කූ තැන්කූ . . ඔව් ඔව් මම දැකිනවා උඹ පාන්දර දෙක තුන වෙනකම් බිසී කියලා මූනු පොතේ . . හික් හික්

    @පිස්සා පලාමල්ල !
    තැන්කූ සුභ පැතුම් වලට . . අනේ ඔව් බන් අපේ කස්ටිය මේ දවස්වල මල ඉලව් චන්දයක් නිසා එතුමාගේ අභාවය ගැන පල කලේ වත් නෑ දන්න තරමින් ජාතික පුවත් පත් වල වත් . . . (පල කලත් වැඩි වටිනාකමක් දුන්නේ නෑ)

    @chamiladealwis.com !
    මුල් කාලේ ඉඳන්ම උඹලා දුන්නු තල්ලු නෙමෙයි නම් මේ සීයක් වෙනකම් එනවා බොරු . . .

    ReplyDelete
  65. දුක් වෙමි.
    අබේ අයියාගේ වියෝව මෙතෙකැයි කිව නොහැකි පාඩුවක් නිසා..

    සිනාසෙමි.
    ගලිවරයන් මේ ලිලිපුට්ටාගේ නමත් සඳහන් කළ නිසා....

    සුබ පතමි.
    අපූරු ශතකයක් ලබා ගත් නිසා...

    එකසිය විස්සට... දෙසීය විස්සක්... ආවඩා ආයුබෝ වේවා..!!!

    ReplyDelete
  66. @sansarasidu!
    ලිලිපුටෝ ලිලිපුට්ටන් ගේ තරම නොදැන තවත් ලිලිපුට්ටෙක් ගලිවරයෙක් යැයි සිතා සිටින අපූරුවැයි සිතා සිනාසෙමි තමන්ගේ තරම නොදත් ලිලිපුට්ටන්ට . . . .

    ස්තූතියි මලේ . . .

    ReplyDelete
  67. සොයුර, පලමුව සුභ පැතුම්! මෙ පොස්ට් එක අබේවර්ධන බාලසූරියානන් වෙනුවෙන් පිදීම ගොඩාක් වටිනා කාර්යයක්.

    මෙය විශේෂ අවස්ථාවක්, ඒ සඳහා බොහෝ කැපකිරීම් කරන්න වූවාට සැක නැත. මෙතකැයි කියන්න බැරි සහයෝගයන්, දිරිගැන්වීම් ද ලැබෙන්න ඇති. නොකීවත් අකුල් හෙලීම් ද අඩුවක් නැතිව මුහුනදී ඇති.

    මෙ කඩඉම සලකුණු කිරීමට ඔබට හා සුබපතන පිරිසටත් තවත් නිහඬ සේවයක් ඉවහල් වුනා. ඒ තමා අපි අකුරු කොටන UCSC ලබාදුන් මෘදුකාංගය හෝ ඒ හා සමාන ඒවා. ඉන් අපේ සාහිත්‍ය සුරකින්න වූ මෙහෙය අතිමහත්. එවැන්නක් නොවෙන්න තාක්ෂණික පහසුකම් තිබුනත් ගතානුගතික යතුරුපුවරු වල සංකීර්ණකම නිසා මෙතරම් සමීප නොවෙන්න ඉඩතිබුනි.

    හරබර ලිපියක්, පුංචි කවි පන්තියක්, මතකයෙන් මැකී ගිය හෝ මකා දැමූ ගීයක් ප්‍රජාව අතරට ගෙනියන මෙ මාධ්‍යය අපූරුයි, ඒත් ගිනිසිළුවක්. ඒ වගකීම යහපත්ව ඉටුකරන හරබර සේවයක් දිගුකල් ලබාදෙන්න වාසනාව හා ශක්තිය පතමි. ඔබට ජය සොයුර!

    ReplyDelete
  68. මගෙ සුබපැතුම් දුකා. කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඒත් ගොඩක් කාර්‍ය බහුලයි. කෙටියෙන් කියන්නම් ඒ නිසා.

    මම දන්න දුකාල දෙන්නයි.
    එකෙක් හිප් පොප් ගොවියා (වසන්ත දුක්ගන්නාරාල )
    අනිකා බ්ලොග් ගොවියා (ඒ කියන්නෙ මේ දුකා )

    දෙන්නම උපරිමයි
    සිරාම පොරවල්
    ...................................



    අපි ජිවිතය ඉගෙන ගත්ත කලාව ඉගෙන ගත්ත අය දැන් අපිව අත් හැර යන්න පටන් අරන්. අපි හොද එවුන්ගෙන් හොද දේවල් ඉගෙන ගත්තා. හොද දෙවල් රස වින්දා. ඒත් දුකා මගෙන් පසුව එන එවුන්ට හොද එවුන් අසුරු කරන්න හම්බ වේද? හොද නිර්මාන රස විදින්න අවස්තාවක් තියෙවිද?

    අබේවර්ධන බාලසූරිය කියන්නෙ අපිට හොද නිර්මාන රස විදින්න අවස්තාවන් උදා කර දුන්න රසවතෙක්.

    ReplyDelete
  69. අයියෙ,
    තමනුත් ලිලිපුට්ටෙක් කියල හිතන ඔය නිහතමානීකමට මගෙ ආචාරය..
    ඒත් මට නම් නුඹ ගලිවරයෙක්මැයි...

    ReplyDelete
  70. පරක්කු වෙලා හරි මගෙනුත් උනුසුම් සුභ පැතුම්. දිගටම ලියන්න. අපි ඉන්නවා හැමදාම කියවන්න...........

    ReplyDelete
  71. දෙවි හමුදුරුවනෙ මට මේක කොහොම මඟ අරුනද? අපොයි අපොයි...
    අනේ අය්යා හදපිරි සුභ පැතුම්.. ඔයා දන්නවනම් මගෙ බ්ලොග් පොස්ට් එකක ඔයගෙ මුල්ම කම්මෙන්ට් එකක් දැකල මං කොච්චර උදම් උනද කියලා.. එච්චරම මේ නම් ගොඩේ මගෙ නම දැකල මං සතුටු උනා.. කියල වැඩක් නෑ අය්යා.. ඔයා නම් ඊයෙත් අදත් හෙටත් දුකාම තමයි....!

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails