Monday, March 29, 2010

Sperm Test එකක් කලොත් නරකද?



සම්බාධක වලට පොල්ල දානව කියලා කියනවා. 70දශකය ගැන දන්න කියන අය දන්නවා හාල් පොල්ල මිරිස් පොල්ල ගැන.

අපේ ගෙවල් වලත් එදා ඉඳන් අද වෙනකම් තියෙන පොල්ලක් තියෙනවා. ඒ තමයි "ලිංගික පොල්ල" සමහර ගෙවල් වල වැඩිහිටියෝ ලිංගික කියන වචනේ ඇහෙනකොටත් වෙව්ලනවා. මතකයිනේ අර මඩොල් දූව පොතේ ඉස්කෝල මහත්තයාගේ ළමයි තුන්වෙනි සිල්පදේ (කාමයේ වරදවා හැසිරීමෙන් වලකිමි)කියන එකේ තේරුම අහනකොට ඉස්කෝලේ මහත්තයා මගාරින හැටි .

අපේ අක්කගේ ළමයි තුන්දෙනෙක් දැං ලොකුයි. නංගිගේ ලමයි තාම පොඩී. මගේ එකාත් තාම හරියට කතා කරන්නෙත් නෑ . . අපි අක්කගේ පොඩි උන්ට නම් පුංචිම කාලේ ඉඳන් ලොකු වෙන ලොකු වෙන විදිහට ලිංගිකත්වය ගැන හොඳ වැටහීමක් ලබා දුන්නා. අපි විස්වාසම කරන දේ තමයි ලමයින්ව නරක දේවල් වලින් බේරා ගන්න තියෙන හොඳම දේ හොඳ ලිංගික අධ්‍යාපනයක් ලබා දීම කියන එක.

මේ කතාව ටික දවසකට කලින් මමයි අපේ ගෙදර උන්දැයි වෙන මොකද්දෝ කතාවක් මතක් කරන්න හදද්දී අහම්බෙන් මතකෙට ආපු පරන කතාවක් . . .

ඒත් ලිංගිකත්වය කියන දේ පොඩ්ඩක් ගෑවිලා තියෙන නිසා ලියම්දෝ නොලියම්දෝ කියලා හිත හිතා ඉඳලා අන්තිමේදී හිත හදා ගත්තා ලියනවයි කියලා මොකද කොහොම කිව්වත් මම ඔය ලිංගික පොල්ල සමාජයෙන් ඉවත් කලයුතුයි කියලා හිතන කෙනෙක්නේ.

අනික මේ බ්ලොග් කියවන්නේ මෙලෝ දෙයක් නොතේරෙන පොඩිම අය නෙමෙයි නේ . . ඔය ලිංගිකත්වයට අදාල දේවල් ඒ අය වුනත් දැන ගන්න එක නරකක් වෙන එකක් නෑ කියලයි මගේ හැඟීම.

තව දෙයක් මේ ලිංගිකත්වය කියන දේ තවදුරටත් ටැබූ සබ්ජෙක්ට් එකක් කර ගන්න එකෙන් වෙන්නේ ලොකූ අගතියක් කියලා මේ දිනවල වෙලාව ලැබෙන ලැබෙන විදිහට කියවන නන්දසේන රත්නපාල මහතා ලියපු පර්යේෂන ග්‍රන්ථයක් වුනු "ශ්‍රී ලංකාවේ ගණිකාවෝ" පොත කියවද්දීත් මට හිතුනා.

හරි වැල් වටාරම් ඕන නෑ . . මෙන්න කතාව

එක කපල් එකකට විවාහ වෙලා කාලයක් යනකනුත් දරු සුරතල් බලන්න ලැබිලා නෑ.

සමහර අය නම් උවමනාවෙන් කල් දානවනේ ෆැමිලි ප්ලෑනින්ග් නිසා. ඒත් මේ අය එහෙම නොකරම ප්‍රමාද වෙලා. දන්නවනේ බැදපු ජෝඩුවකට ළමයි හදන්න ප්‍රමාද උනාම අපේ සමාජයේ අයට තියෙන අමාරුව. . .

"ඔයාලා බැඳලා දැන් ගොඩක් කල් නේද . . හ්හ්ම්ම්ම් . .."

"ඩොක්ට කෙනෙක් හම්බෙන්න ගියේ නැද්ද . . ?"

"අර අහවල් දේවාලේ කපුවා නම් ඕවට උදව් කරනවාලු . . . අරයා ත් ඒ කපුවා ගාවට ගියට පස්සේ එයාට නිවුන්නු හම්බුනා අනේ . . ."

"මහත්තයාව පොඩ්ඩක් බැලෙව්වා නම් හරි අනේ . . "

"උඹේ නෝනව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන් . ."

ඔය වගේ කතා අම්බානකට . . එක විකාරයයි . .

මේ ජෝඩුවටත් කවුරු හරි යෝජනා කරලා ඩොක්ටර් කෙනෙක් ව මීට් වෙන්න කියලා. දෙන්නම ඉතිං ගිහින් . . . . ඩොක්ටත් කතා බහ කර කර ඉඳලා විස්තර අහලා කිව්වලු . . "අපි මුලින්ම Sperm Test එකක් කරමු. ඒකේ රිසල්ට් බලලා ඊට පස්සේ අනිත් කරන්න ඕන ඒවා ගැන කතා කරමු" කියලා

ජෝඩුවත් ඕ කේ ඩොක්ටර්" කියලා කැමැත්ත පල කලාලු.

"මේ චිට් එක ලැබ් එකට දෙන්න කිව්වලු"

පස්සේ ලැබ් එක්ට චිට් එක දුන්නාම එතන ඉන්න කෙනා හිස් ජෑම් බෝතලයක් දීලා කිව්වලු මේකට දාලා ගෙනත් දෙන්න කියලා . . .

මේ මනුස්සා ඒක ඒ වෙලාවේ භාර නොදී ගෙදර අරන් ඇවිත් . .

පහුවදා උදේ මේ ජෝඩුවේ පිරිමි කෙනා විතරක් ඩොක්ට හම්බුවෙන්න ගිහින් . . මේ පහල තියෙන්නේ එතනදී වුනු දෙබස . .

"ඩොක්ටර් . . මම ගෙදර අපේ කාමරේට ගිහින් දොර වහගෙන ඉස්සෙල්ලාම වම් අතින් ට්‍රයි කලා . . බැරි වුනා . . පස්සේ දකුනු අතින් ට්‍රයි කලා බැරි උනා . .. "

ඩොක්ටර් මේ මනුස්සයා දිහා බලාගෙනම ඉන්නවලු . .

"පස්සේ වයිෆ් ට කතා කරා. . එයත් ඇවිත් වම් අතින් ට්‍රයි කලා . . . බැරි උනා දකුනු අතිනුත් ට්‍රයි කලා . . බැරි උනා . . පස්සේ එයා කකුල් දෙක මැද්දේ හිර කරගෙන ට්‍රයි කලා ඒත් බැරි උනා . .. "

ඩොක්ටර් ඇස් දෙක පුංචි කරලා බැලුවලු මේ පොර දිහා ..

"ඔය අතරේ අපිට ඇහුනා දෝරේ බෙල් එක ගහන සද්දේ . . බැලින්නම් එහා ගෙදර චම්පා . . . අපිට එයාගේ මහත්තයා තමයි කිව්වේ ඩොක්ටර්ව මීට් වෙන්න කියලා . . ඉතිං එයා විස්තරේ දන්න නිසා අපි ඉතුරු ටිකත් කිව්ව . . . අපි දෙන්නම ට්‍රයි කරලා බැරි උනා කිව්වම එයා උදව් කරන්නම් කිව්වා. . . "

"මොකක් . . ඔහේගේ මොලේ හොඳ නැද්ද . . " ඩොක්ටර්ගේ කටින් එක පාරටම කියවුනා .

"චම්පත් වම් අතින් ට්‍රයි කලා . . . බැරි උනා දකුනු අතිනුත් ට්‍රයි කලා . . ඒත් බැරි උනා . . පස්සේ එයාත් කකුල් දෙක මැද්දේ හිර කරගෙන ට්‍රයි කලා ඒත් බැරි උනා . . . අන්තිමේදී එයා කටින් ට්‍රයි කලා . . ඒත් බැරි උනා ඩොකටර් . . "

"ඔහේට මම කිව්වද ඔච්චර හරියක් කරන්න කියලා . . ඔහේ මාර මනුස්සයෙක් නේ . ." ඩොක්ටට හොඳටම මල පැනලා

"අනේ සමාවෙන්න ඩොක්ටර් . . මේ බැරිම තැන මම අවේ ඩොක්ට ට මේකට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද කියලා අහලා බලන්න කියලා . . .. "

"තමුසෙට ඔල්මාදෙද . . තමුසේ මම මොන ජාතියෙ කෙනෙක් කියලද හිතන්නේ . . . " ඩොක්ටර් පුටුවෙන් නැගිටලා කෑ ගහන්න ගත්තා . . .

"ඉතිං ඩොක්ටර් කොච්චර ට්‍රයි කලත් මේ බෝතලේ මූඩිය ඇර ගන්න බැරි නම් කොහොමද මේකට ඒවා දීලා ටෙස්ට් කරන්න ගෙනත් දෙන්නේ . .. !

. . . . . . . . . . . . . . . . . . . . . .

PS: මේ මම ටික දවසක් යනකම් හැංගිලා ඉන්නේ හොඳේ . . . හික් හික් හික් . .

77 comments:

  1. හික් හික් හික්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්.......හිනා යනව දුකෝ...!!!

    ReplyDelete
  2. හාක් හක් හාහාහහ් ! එල කතාව මචං

    ReplyDelete
  3. Dukaaa mokakda me????? Mama hithuwa siraa kathawak kiyala.....Anyway....Hangilaama inna tika kaalayak..:P

    ReplyDelete
  4. බලාගෙන ගියාම ජෑම් බෝතලෙත් මාර පොල්ලක් නේ..... :D

    ReplyDelete
  5. දැන් මේක කිව්වම උඹ මොකද හැංගෙන්නේ? උඹෙත් මොකක් හරි සම්බන්ධයක් තියෙනවද මේ කතාවට. :P

    ReplyDelete
  6. හපෝයි මට හිනාව නවත්තගන්න බෑ.

    හැබැයි පුතෝ මේ අපේ සිංහල සංස්කුරුතිය විනාස කරන්න හදන එකටනම් මම ගහනව තොට ගල්. හිටපිය මම කියනව ලංකාවට එන්න දෙන්න එපා කියල. (තාමත් හිනා)

    ReplyDelete
  7. @රොයිලියෝ !
    හැංගෙන්නේ කට්ටියගේ බැනුම් වලින් බේරෙන්න . . . හික්ස්

    ReplyDelete
  8. @තරිඳු !
    හප්පා . . මදැයි කොලා . . . දැං ඉතිං ගල් ගහන එකෙන් බේරෙන්න හෙල්මට් එකක් දාගෙන තමයි සිරි දේසේට එන්න වෙනෙන හික් හික්

    ReplyDelete
  9. මේ යකා ලියන ඒවට හිනාවෙලා පන යනවා.............මොනා උනත් නියම කතාව........එල දුකා අයියේ.........

    ReplyDelete
  10. @පොතේ ගුරා!

    මලේ උඹ කාලෙකින් මේ පැත්තේ . . ආයිබෝං කිව්වා එහෙනං . . !

    ReplyDelete
  11. කිව්වට තරහ වෙන්න එපා දුකෝ, ඔය කතාව මං නං ඇහැව්වෙ අවුරුදු ගණකට කලිං.

    හැබැයි උඹත් හොඳට කියල තියෙනව. දන්න අයට මැද හරියෙදියි මතක් වෙන්නෙ.

    ඔය වගෙම කතාවක් තමයි අර කොන්ඩම් එක ඕර්ගන් එකට දාන්න කියපු එක.

    ReplyDelete
  12. @kk!
    අනේ ඔව් බං මේ කතාව මමත් ඇහුවේ කාලෙකට කලින් අමතක වෙලා තිබිලා අහම්බෙන් මතක් වුනේ . . . අහ් මට හිතා ගනන් පුලුවන් ඒක ඒකේ මාම් අහලා තියෙන්නේ ඇඟිල්ල්ට දාලා පෙන්නපු එකේ වර්ෂන් එක . . හික්ස්

    ReplyDelete
  13. @Nadun Dissanayake!
    ela ela . . .

    @පොලා !
    ඔව් ඔව් සූදානම් සරීරේ කියලා හැංගිලා ඉන්න එක සැපයි . . හික් හික්

    @අමුතු.... !
    උඹ ටියුබ් ලයිට් එහෙම නෙමෙයි නේද මලේ . . හික්ස්

    @මුචලින්ද !
    අඩෝ මල්ලී ඩර්ටි මයින්ඩ් නේ . . වෙන දෙයක් නේද උඹ හිතුවේ කියපන් ඇත්ත . . ??

    ReplyDelete
  14. මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ! උබට හොඳට බනින්න තමයි හිතෙන්නෙ. කොහොමහරි අර රොයිලියා කියුවා වගේ මේක උඹටම වෙච්ච දෙයක්ද දන්නෙ නෑ ! හික් හික් !

    ReplyDelete
  15. දුකා කතාව නම් ඈත්ත.... මේ රටේ මේ Subject එක ගෑන කතා නොවෙන එක තමා ගෑටලුව... මොනවා හ‍්රි උනාම නම් පත්ත‍ර පුරා දානවා... ඒත් හ‍රි ඉගෙනුමක් දුන්නානම් මේ ගොඩාක් දේවල් වලක්වා ගන්න පුලුවන්....

    ReplyDelete
  16. @රොකියා | Udara!
    නෑ බං . . අපිට එහෙම ඕන වුනේ නෑ . . ෆැමිලි ප්ලෑනින්ග් කරමු කියල හිතන්නත් කලින් අපේ පොඩි එකා එන්න ඕන කිව්වා . . හික් හික් උඹ නම් ලංකාවට ගිය ගමන් බඳින්න ඉන්නේ කියලා කට කතාවක් තියෙනවා. . . මම මූඩිය ඇරෙන ජෑම් බෝතලයක් සෙට් කරලා තියන්නද . . හික්ස්?

    ReplyDelete
  17. @Hash !
    ඒක තමයි මචන් . . මම නම් මගේ මුල් කාලේ බ්ලොග් පෝස්ට් වල ඉඳන්ම ඒ කතාව කියනවා

    ReplyDelete
  18. අනේ බන් මන් දන්නකෙනෙකුත් ඉන්නවා ඔය ප්‍රශ්ණේ තියන.හොඳ උපදෙසක් දෙන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන කියවන්න ගත්තා.
    මොන තවම හිනාව නවත්තගන්න බෑ....

    ReplyDelete
  19. monawada ban me liyanne? api hituwe samajayata wedak wena widiye dewal liyawi kiyalane.. aioo minisunta kalen kaleta hadena pissu wikaara...........

    ReplyDelete
  20. පස්ට කථාව අයියණ්ඩි.. මං හිතාගෙන හිටි‍යේ සිරා සීන්කෝන් එකක් කියලා.. හිහිහිහි... මරු මරු..
    ආහ් කොන්ඩම් සීන් එක මං නං අහලා තියෙන්නේ අර කොහු මිටට දාපු එක.. ඒකත් මේ වගේම තමා.. :D :D :P

    ReplyDelete
  21. මැක්සා කතාව..හික් හික්.

    ReplyDelete
  22. කියවන්න පටන් ගනිද්දි හිතුණේ සිරා ලෙක්චර් එකක් දෙන්නයි යන්නෙ කියලා..
    හිහ් හී :D :D
    හිනාවෙල පණ යනවා...

    ReplyDelete
  23. හෙහේ...එල එල. මම නම් ඉතිං බනින්න යන්නේ නෑ... මොකද, ලේ ටිකක් පිරිසිදු උනා... ;) ඒත් අර කවුරුත් කියන්න වගේ මමත් හිතුවේ වැදගත් යමක් කියල... ඒත් ඉතිං වරදක් නෑ.. :p

    ReplyDelete
  24. හාහා... සංස්කෘතිය සංස්කෘතිය... ඔන්න සදාචාරෙ පස්සෙං පන්නනෝ! :D

    ReplyDelete
  25. අහල නැතිවුනත් බාගයක් කියවද්දි කතාව තේරුනා.

    ඉස්කෝලේ මහත්තයා "මගාරින" හැටි

    මොකක්ද මේ වචනය

    ReplyDelete
  26. අපරාදේ කියන්න බැහැ දුකා.. එක ගැහැණු පරාණයක් කමෙන්ට් කරලා නැහැ... හී හී..ලංකාවේ සදාචාරේ තමා.. එක්කෝ කමෙන්ට් කරලා නැහැ.. එක්කො anonymous ලා ටික කාන්තාවෝ වෙන්න ඇති.... අනේ අනේ.
    මේ ලියන මාත් එවන් කාන්තාවක් වෙනදට අන්වර්ථ නාමෙකින් නමුත් දුකාගේ බ්ලොග් එකේ කමෙන්ට් කරන...මේ පාර අන්වර්ථ නාමේ උනත් බොහෝ දෙනා දන්න නිසා මාත් anonymous වුනා..

    අනේ හිනා ගියා මැරෙන්නම.. හී හී...

    ReplyDelete
  27. ජෑම් බෝතලයක් භාවිතා කිරීමේ මූලික දෝසයන් ගනනකි...
    1. සාම්පලයේ ප්‍රමාණය ගැණ සාම්පල් කරුට නොතේරුම් යාම...(කොච්චරක් කියලා ගන්නද අප්පා...!)
    2. සාම්පලයට කූඹි වැසීම...
    3. සාම්පලය ගත්තේ ස්ට්‍රෝබෙරි හෝ අන්නාසි ගසකින් යැයි වැරදි විෂ්ලේශණයන්ට මග පෑදීම...
    4. සාම්පලය ගන්නා විට බිම වැටීමේ අවදානම අධික වීම...
    5. ජෑම් බෝතල් මුලින්ම විවෘත කරනා විට පියනේ සියුම් සිදුරක් සාදනු ලබයි, එවිට සාම්පල් ප්‍රවාහනයේදී හා බාරගන්නාට ඇතිවන අපහසුතා...
    6. පියන බොහෝ විට press fit වනමුදු නවීන එව්වා threaded fit ය... ඔහොම නෙමෙයි නන්දිමිත්‍ර ආවත් ඇදලා නම් අරිනු බැරිය...
    7. ජෑම් බෝතලය නැවත භාවිතයට ගැනීමට නොහැකිවීම...

    එකම වාසියකට ඇත්තේ කට යහමින් පලල් වීම පමණි...

    ReplyDelete
  28. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  29. හි හි .... මරු කතාව බං. මට මතකයි ඕක කාලෙකට කලින් කඩ්ඩෙන් email එකකින් ආවා.

    ReplyDelete
  30. අයියෝ...මොනතරමක් හිනා උනාද කියනවානම් මට තාමත් හිනා......මේ දුකා අයියත් හොයා ගන්න දේවල් මම අහන්නේ

    ReplyDelete
  31. කොහොම හරි මටත් තේරුනේ කතාව අන්තිම වෙනකල් කියවද්දී දුකෝ . . .

    අනික මට තේරෙන්නෙ නෑත්තෙ ඈයි මේ දොස්තර ජෑම් බෝතලයක් දුන්නෙ ඔයාගෙ sperm test එකට කියලා . . . ඌ හිතුවද දන්නෙ නෑහෑ ගගක් වගේ ගලන ජාතියේ පොරක් ඔයා කියල . . . හික් හික් හික් . . . . . නියමයි කතාව

    One more . . . . please

    ReplyDelete
  32. As I mentined in my previous comment "Oya" - not to apply to you Duko ok

    ReplyDelete
  33. මම හිතුවෙම සිරා ලෙක්චර් එකක් කියල. හිටු කියල කියවගෙන ගියේ.
    හැබැයි දුකා උඹ මේවා ලියන්න පුරුදු කරල අපේ කට්ටියම ලියන්න ගත්තොත් සින්ඩිය වහන්න වෙනවා.
    සුභ දවසක්

    ReplyDelete
  34. ලිවීමෙ හැකියාව උපරිමයෙන්ම යොදවලා...

    ලැබ් එකේ එකා කියෙව්වොත් අපහාස නඩුවක් දාන්න පුලුවන් ජීවාණුහරනය නොකරපු ජෑම් බොතලයක් යොදාගත්තා කියලා.

    ReplyDelete
  35. යකෝ මහ රෑ හිනා වෙන්න ගිහින් මම ඉන්න උඩ තට්ටුවෙ යට තියෙන කඩෙ දොර පියන්වල පෝස්ටර් අලවන්න ආපු උන් ටිකක් බය වෙලා වාහනෙත් ස්ටාර්ට් කරගෙන ඇරලා දාලා යන්න ගියා...

    ReplyDelete
  36. @චමිදේවා!
    ඉඳලා ඉඳලා පොඩි වෙනසකුත් තියෙන්න එපැයි බන් . . . හැබැයි සමහරුන්ට නම් මල පැනලා වගේ . . කුනුහරුපෙනුත් කමෙන්ට් කරලා තිබුනා. . හික් හික් . .

    @Ano!
    "monawada ban me liyanne? api hituwe samajayata wedak wena widiye dewal liyawi kiyalane.. aioo minisunta kalen kaleta hadena pissu wikaara..........."
    අන්න අන්න සර්පයාගේ නැට්ටෙන් අල්ල ගත්තා වගේ . . . බලාගෙන හැරිලා දෂ්ඨ කරයි ආ

    @උදාර මදුෂංක !
    පොඩි වෙනසකුත් තියෙන්න එපැයි බන්.

    @Raven !
    Ela ela . .

    ReplyDelete
  37. හික් හික්.... මේක නම් මරු ඕයි... ලොලේ ලොල්ස්....

    ReplyDelete
  38. @sansarasidu!
    උඹලට ඕකේ උනාට විහිලු දිරවන්නේ නැති අයත් ඉන්නවා වගේ . . .හ්හ්හ්ම්ම්ම්

    @ප්‍රබෝද මදුශාන්!
    ලිපියේ තියෙන වැදගත් දේ අරගෙන නැතුවා වත්ද . . ???
    මුල් ටික කියෙව්වේ නැද්ද අප්පා

    @budhajeewa !
    ඔව්නේ මලේ වෙලාවකට අමතක වෙනවා අපි යන්න හදන්නේ ශ්‍රී ලාංකික තලේබාන් සිස්ටම්න් එකකට කියන එකත් . . කිව්වත් වගේ පරිස්සම් වෙන්න ඕන නේ. . ?

    ReplyDelete
  39. @Ano!
    "ඉස්කෝලේ මහත්තයා "මගාරින" හැටි
    මොකක්ද මේ වචනය"

    අහ් ඒ මර්ජ් වෙලා හැදුනු වචන . .

    මගාරිනවා = මග හරිනවා
    නෑයියෝ = නෑ අයියෝ
    එනෝ = එනවෝ
    යන්ඩෝන = යන්න ඕන

    තව වචන වගයක් තියෙනව නැට්ට සම්පූර්නයෙන්ම හැලුනු
    රෝස් = රෝස් පාන්
    අයිස් = අයිස් ක්‍රීම්

    ReplyDelete
  40. ඒක නෙමෙයි දුකා. නරකද "අපේ SEX පන්තිය" කියලා ක්ලාස් එකක් හරි බ්ලොග් එකක් හරි පටන් ගත්තොත්....

    ReplyDelete
  41. @Ano!
    "අපරාදේ කියන්න බැහැ දුකා.. එක ගැහැණු පරාණයක් කමෙන්ට් කරලා නැහැ... හී හී..ලංකාවේ සදාචාරේ තමා . . .. "

    හප්පා අපේ ගෑනු පරාන මෙච්චර සදාචාර සම්පන්නයිද අප්පා . . . අහ් මේ අර මම කියපු එක "ලිංගික පොල්ල" හික් හික්

    @තිස්ස දොඩන්ගොඩ!
    "එකම වාසියකට ඇත්තේ කට යහමින් පලල් වීම පමණි..."

    හා හා හා . . එල එල . . . මේ ටික දැකලා මට මැරෙන්න හිනා . ..

    @Ano!
    අනේ අනෝ මේක අර එකෝන් ගෙන්නනවා වගේ ලොකු වරදක් කියලා හිතුවද බන් කුනුහරුපෙන් කමෙන්ට් කලේ . . . හප්පා ඔහොම පටු විදිහට හිතන්න එපා අයියෝ . .

    ReplyDelete
  42. @Wika !
    මටත් සිරාවට මතක නෑ මේක කවුද කිව්වෙ කියල නම් . . !
    ගොඩක් කාලෙකට කලින් අහුවේ කියල නම් මතකයි . .


    @දිල් !
    අහ් මෙන්න අභීත ගෑනු පරානයක් . . . සතුටුයි මේක මහා බරපතලෙට නොහිතා විහිලුවක් කියල ගත්තු එකට !

    @ආකාස කුසුම්!
    නෑ නෑ මේක මටම වුනු දෙයක් නම් නෙමෙයි අර මම උදාර මලයටත් කිව්වේ අපි නම් බැඳල ප්ලෑන් කොරන්නත් කලින් අපේ කොල්ලට එන්න ඕන කිව්වනේ . . ඉතිං මේ ටෙස්ට් ඕන වුනේ නෑ . . හික් හික් . ..

    ReplyDelete
  43. @දයියා !
    මොකටද අප්පා සින්ඩිකේටර් වහන්නේ මේවා ලිව්වයි කියලා . . බලලා හිනා වෙලා අමතක කරලා දාන්න . . ඔය ඉඳලා හිටලා මලගෙදරක නයිට් ගහන වෙලාවක ආපහු මතක් කරන්න . . . එච්චරයි . .

    @ගල්මල්-Coral !
    එහෙම වුනොත් මල මගුලයි . . මේක මුලින්ම කියපු එකාව හොයා ගන්න වෙනවා වගේ ඒ වැඩේට . . හික්ස්

    @මාරයාගේ හෝරාව !
    හප්පා මාරයාගේ හිනාවට මිනිස්සු බය වෙලාද . . එහෙම නොවී තියෙයිද බන් . . .මේ උඹේ හිනාවට නෙමේ මාරයගේ හිනාවට හොඳේ . . .

    ReplyDelete
  44. @හසිත මදුශංක !
    "ඒක නෙමෙයි දුකා. නරකද "අපේ SEX පන්තිය" කියලා ක්ලාස් එකක් හරි බ්ලොග් එකක් හරි පටන් ගත්තොත්...."

    අනේ බං මම හිතන්නේ මට වැඩිය සුදුස්සෝ ඕන තරම් ඉන්නවා . . . සමහර විට මේ බොහෝ සදාචාර සම්පන්න මහත්වරුන්ගෙන් කෙනෙක්ට බැරි වෙන එකක් නෑ ඔය පන්තිය පටන් ගන්න . . .

    ReplyDelete
  45. දුකා ට/

    ඉතින් විහිළුවක් නේන්නම්....මම හොදට හිනා උනා. මුලින් කියවන් යද්දිනම් අයියෝ මේ මොනාද කියලා හිතුනත් මම දන්නවා අර තරම් Damn Serious ඒවා දුකා අයියා මෙතන දාන්නෙ නෑ කියලා....අයියෝ බලාගෙන ගියාම මම විතරද කොහෙද කෙල්ලෙක් කියලා කරලා තියෙන්නේ....... ;P

    ReplyDelete
  46. බාගයක් කියවනකොට හිතූනා..:D :D
    ඒත් මැක්සා. එලම තමයි.

    ReplyDelete
  47. @දිල් !
    අපේ සමහර අයට නම් මොනා වෙලාද මන්දා අප්පා . . . විහිලුවක් දැක්කත් ලොකේ නැති බරපතලක් ඒකට එකතු කරගන්න හදනවා. සිම්පල් කියන දේ අඳුනන්නේම නැද්ද මන්දා . . .

    @හෙළයා !
    ela ela . . .!

    ReplyDelete
  48. බි.පෙ.සි.., හපෝයි.

    ReplyDelete
  49. පට්ට කියන්නෙ උපරිමයි. හිනා කාල මැරෙනව බන්.

    ReplyDelete
  50. එළ එළ දුකා අයියෙ.
    දැන් වෙලාව 3යි. අද ගොඩක් බ්ලොග් කියවල පට්ට නිදිමතේ හිටියෙ. ඒත් මේක කියවලා හිනාවෙලා නිදිමතත් නැතිවුනා...
    හැබැයි මම මේකෙ කඩු version එක අහල තියෙනව වගේ මතකයි...

    ReplyDelete
  51. @LishWish !
    බලගෙන බිම පෙරලෙමින් සින්සෙන්න ගිහින් බිම පැලුනොත් . . බි.පෙ.සි.

    @Cool Cartoon!
    එල එල

    @indik !
    මම ඉත්ං ඔය වැඩිපුර කඩු ෆයිට් වලට කමති නෑ නේ මලේ . . . මේක මම එක් යන කාලෙ අහපු එකක් වගේ තමයි මට මතක

    @Ano!
    ඉඳලා හිටලා විකාරත් තියෙන්න එපැයි අප්පා

    ReplyDelete
  52. @දුකා: අනිවා පරිස්සං වෙන්න පරිස්සං වෙන්න! :D

    තව ටිකක් මේව ලියන්ඩ. කියවලවත් අපේ කස්ටිය ඔය ළිඳෙන් ගොඩට එන්නෙ නැතැයි?

    ReplyDelete
  53. @budhajeewa !
    මලේ උඹ උදාරගේ මූනු පොතේ දාපු කොමෙන්ටුවක් මම දැක්කා . .ඒ වගේම මේකත් විහිලුවක් කියලා මම කියපු දේ තේරුම් ගත්තු . . උඹලා වගේ විවෘත මනසකින් ලෝකය දකින් උන් තමයි හෙට දවස භාර ගන්නේ කියලා දැක්කාම හෙන සතුටක් දැනුනා . . . ජය

    ReplyDelete
  54. දුකෝ, ලිංගත්වය හා ආදරය ගැන උඹේ විවෘත මනස ගැන මම අවංකවම සතුටු වෙනවා. උඹ ගැන මට ආඩම්බරයි!

    මේ මේ, මම මේක කියෙව්වේ කොලේජියේ පුස්තකාලේ ඉඳං, හරි අමාරුවෙන් තමා හිනාව නවත්තා ගත්තේ. දැනුත් ඇස් රතු කරගෙන අමාරුවෙන් ඉන්නේ.

    ReplyDelete
  55. අයියෝ... හිනාවෙලා බඩ රිදෙනවා බං...

    ReplyDelete
  56. මම දන්නෙ එකෙකුත් ඔන්න ඔය වගේ ටෙස්ට් 1 ක්අට බෝතලයක් අරගෙන එන්න කිව්වම මූ 1.5 L මෙගා බෝතලයක් අරගෙන ගියාලු.

    ReplyDelete
  57. හික්ස්..... :P මාර සීන් එක :D

    ReplyDelete
  58. හිනා වැඩිවෙලා කඳුළුත් එනවා සහෝ

    ReplyDelete
  59. @~බිன்ku~ !
    අහ් එල එල . . ගෙදර ගිහින්ම හිනාවෙයන් ඒකට හරියන්න ත් එක්කම . .

    @Anjana Jayaweera!
    හා හා බලාගෙන . . .

    @සරදියල්!
    මේ ඒ පොරගේ නම "සරදියෙල්" හරි "යෝගී" හරි නෙමෙයි නේද . . ? හික් හික්

    ReplyDelete
  60. @Uraj Deemantha!
    හප්පා . . මම හිතුවේ වැඩි දෙනෙක් මේක අහලා ඇති කියලයි . . බලාගෙන ගියාම මම හොඳයි වගේ . . හික්ස්

    @Hasiya !
    තවත් මේ වගේ කතාවක් තියෙනව . . ඒක ලියම්දෝ නොලියම්ඩෝ කිය කිය හිත හිත ඉන්නේ . . මේ කමෙන්ට්ස් දැක්කාම නම් ලියන්නත් හිතෙනවා . ..

    ReplyDelete
  61. නියමයි..දුකා.
    supperbbbbbb...කතාව.

    ReplyDelete
  62. නියමයි මචං! අපිව හිනැස්සුවට උඹට පිං... මේ ඒක නෙවෙයි අපි මේ දවස් වල මේ වගේ ස්වභාවික පොල්ලක් හොයනවා.... පුළුවන් නම් හොඳ පොල්ලක් හොයලා දීපන්.. චම්පාගෙන් අහලා හරි කමක් නෑ...

    ReplyDelete
  63. @- නිල් අහස -!
    අහ් එල එල . ..

    @චතුර විජේකෝන් !
    උඹේ ගෙදර උන්දැ දන්නවනම් එහෙම දෙයි උඹට වැටෙන් පොල්ලක් ගලෝල . . . හික් හික්

    ReplyDelete
  64. මරු කතාව කමෙන්ට් නොකර ඉන්න හිතුවේ නම දැන ගනීය කියලා.
    :D
    ඔන්න ඇනෝ හැටියට අදට විතරක් ආවා. නියම කතාව. කඩු වර්ශන් එක කියවලා තිබුනා. හෙළ වර්ශන් එක පට්ට...!
    :)

    ReplyDelete
  65. ලිංගික අධ්‍යාපනයනම් හොඳ දෙයක්, ඒත් මේවගේ වල් කතාවලින් එහෙම එකක් ලැබෙයිද කියලනම් සැකයි.

    ReplyDelete
  66. ඔයා කියන කතාව ඇත්ත . . .

    අනේ ඒත් මම මේ "වල්" කතාව ලිව්වේ එකේ පොඩි හිනා වෙන්න පුලුවන් ගතියක් තියෙනවා කියලා හිතුනු නිසායි (අනික මම මේ කතාවෙන් ලිංගික අධ්යාපනයක් ලබා දෙන්න හැදුවේ නෑ මම කිව්වේ එහෙම ලබා දිය යුතුයි කියලා විතරයි ). . .

    "වල්" කතා වලට අකමති අයට ඒවා අඳුන් ගන්න මීට පස්සේ ලිපියේ මුලටම "මේක වල් කතාවක්" කියල දාන එක ගන හිතලා බලන්නම් . . . එතකොට ඒවට අකමැති අයට නොබලා ඉන්න පුලුවන්නේ . . . .

    ස්තූතියි කමෙන්ට් එකට . . !

    ReplyDelete
  67. ඕකේ ඔය කියන තරම් වල් ගතියක් නෑ... තේරෙන කෙනාට තේරෙන්නත් නොතේරෙන කෙනාට නොතේරෙන්නත් කථාව යසට ලියලා තියනවා...

    සමාන කථාවක්..
    මනෝ වෛද්‍යවරයකු ගාවට එක්කන් ගිය පුද්ගලයෙක්... ඔහුට තිබිච්ච ලෙඩේ අසැබි මානසිකත්වය ඉහවහා යාම...
    දොස්තර පොතක සිරස් ඉරක් ඇඳලා අහනවා මේ මොකද්ද කියලා "ආ මේ නිරුවත් කාන්තාවක් හිටගෙන ඉන්නවා..."
    තිරස් රේඛාවක් ඇන්දම "ආ මේ ඒ කාන්තාව හිරු ‍රැස් තපිනවා..."
    V අකුරක් මුනින් නවල ඇන්දම "ඔහ් ඒ ගමන ව්‍යායාම කරනවා වාගේ..."

    දොස්තර කියනවා " හරි මට තේරෙනවා ඔබට තියන ලෙඩේ... ඔබට තියෙන්නේ හැම දෙයක් දිහාම කාම ඇසකින් බැලීම..."

    එතකොට ලෙඩා කියනවා "මට...ලෙඩක්...?? එතකොට මෙච්චර වෙලා ජරා පින්තූර ඇන්දෙ ඔහේද මමද...?

    හැමවිටම අධ්‍යාපනයම ඕනේ නෑ... ඉඳහිට හිනාවෙන්නත් අපට ඕනේ...

    ReplyDelete
  68. @තිසා!
    මචං . . වෙලාවක මම මෙක පෝස්ට් එකක දානවා . . . . සිරා සිරා . . . . නියමයි . . !!

    ReplyDelete
  69. LOL! මරු ට්‍රයි කිරිල්ලක් නෙව! :D

    ReplyDelete
  70. @Supun Sudaraka!
    ඔව් ඔව් සුද්දත් කිව්වලුනේ ට්‍රයි කරන්න කියලා . . hiks

    ReplyDelete
  71. ELA MALLI ELA.....!

    ReplyDelete
  72. නියමායි සහෝ...
    නියමායී............මටත් තම හිනා..

    ReplyDelete
  73. අහම්ඹෙන් තමා උඹේ මේ කතාව දැක්කෙ. පොඩි පැහැදිලි කිරීමක් කරන්ඩ (කර ගන්ඩ වෙන්ඩත් පුලුවන්), මඩොල් දූව ගැන.
    මඩොල් දූවෙ ඉස්කෝලෙ මහත්තයා, තුන් වැනි ශික්ෂා පදය ගැන අහද්දි මග ඇරියය කියලා. උඹේ ලිංගික පොල්ල හැන එකඟ නොවෙනවා නෙමේ. ඒත් එතන වෙන්නේ, මට මතක හැටියට (අවුරුදු 33 කට විතර ඉස්සෙල්ලා කියෙව්වෙ, ෆිල්ම් එක බැලුවෙත් ඒ කිට්ටුවම තමා, '76 හෝ '77 විතර ) ඉස්කෝලෙ මහත්තයට පටස් ගාලා මතක් වෙනවා තමන්ගෙ කුඩේ "අර ගෑණු එක්කෙනගෙ" ගෙදර අමතක වුණා කියල. මම දකින්නෙ, මාටින් වික්‍රමසිංහ මහත්තයා එතන පෙන්නන්නෙ ඔහු ලිගිකත්වය ගැන කතා කරන්ඩ තියෙන අකැමැත්ත නෙමේ; පාඨකයාව හිනා ගැස්සීමක් කියල.
    වජිර නිශ්ශංක
    අබු ඩාබියේදීය.
    (අ'පුර ම.ම.වි. ආදි සිසුවෙක්)

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails