Tuesday, March 9, 2010

ඈත සිටන් එන්නි සෙල්ලි සෙල්ලියේ . .!

මම හිතුවා අපේ තුන්පත් රටා බ්ලොග් එකට ලියපු ලිපියක් ඒකේ අදාල බලධාරීන්ගෙන් අවසරය ලබාගෙන දුකා බ්ලොග් එකේ දාන්න. මොකද තාම ඒ බ්ලොග් එක එතරම්ම කට්ටිය අතරට ගිහින් නැති නිසා ඒ ලිපියට ත් ඒ බ්ලොග් එකටත් බලාපොරොත්තු වුනු තරම් ප්‍රතිචාර ලැබෙන්නේ නෑ. කට්ටිය දන්නවනේ මේ බ්ලොග් දුවවන ඉන්ධන කමෙන්ට්ස් සහ හිට්ස් කියලා.

මේ පහල තියෙන්නේ ඒ ලිපිය ඒ විදිහටම. කස්ටිය කියවලා කියන්න කෝ අදහස් උදහස් . . .ආ ඒ අතරම ඒ තුන්පත් රටා බ්ලොග් එක ටත් ගොඩවෙලා එකේ ෆොලොවෙර් කෙනෙක් වෙලා . . ඒකත් ඔයාලගේ බුක් මාර්ක් වලට හෝ රීඩරේට දාගන්නත් අමතක කරන්නත් එපා.

. . . . .. . . . .. . . . .. . . .. . . . .. . . . . . . .. . . . .. . . .. . .

පැරකුම් රජුගේ කෝපයෙන් උපන් රොඩී කුලය සහ ඒ හා බැඳුනු කුලු නැටුම් !
Monday, March 3, 2010 පළ කලේ තුන්පත් රටා හරියට ම 10:09 AM 2 ක් ප්‍රතිචාර දක්වා ඇත.





පැරකුම් රජුගේ දියණිය රජ මාලිගය අතු-පතු ගා කුනු-රොඩු එකතු කර විසිකරන සේවකයා හා පෙමින් බැඳුනි. මේ බැව් දැන ගත් රජු ඒ සබඳකම නතර කිරීමට කල හැකි දේ සලකා බලන්න ඇති. කුමරිය පිය රජුට පවසන්න ඇති "මා සිත් ගත් පෙම්බරයාගේ දිවියට හානි කලොත් ඔබට ඔබේ දියණියගේ දිවියත් නැතිවනු නිසැකයි" කියා.

නැති නම් කුමරිය රහසේම රොඩු එකතු කල කඩවසම් තරුණයා හා මාලිගයෙන් පලා යන්න ඇති.

රජුට ඇතිවූ අපහාසයට, කනගාටුවට කුමරියගෙනුත් රොඩු එකතු කරන්නාගෙනුත් පලිගනු වස් රොඩී යැයි කුලයක් සාදා, තම දූ කුමරියත්, රොඩු එකතු කල තරුණයාත් ඔහුගේ සනුහරේ ඈයෝත් ඒ කුලයට පන්නා දමන්න ඇති. එය පහත් කුලයක් ලෙස හංවඩු ගසන්න ඇති. තවදුරටත් රොඩී කුලයේ මිනිසුන් මිනීමස් අනුභව කරන බවක් සමාජයේ පතුරුවා හැර ඒ කුලයට ඇති සමාජ පිලිගැනීම නැත්තටම නැති කර දමන්නැති.

කපාගත් ගොයමේ වී හුලං කිරීමට හෙවත් රොඩු ඉවත්කිරීමට අවැසි කුලු නිපැදවීම මේ රොඩී කුලයේ අයට පැවරුනු රාජකාරියක් වෙන්න ඇති.

. . . . . . . . . . .

කුලු නැටුම් වල ඇති කවි වල සඳහන් වන පැරකුම් රජුගේ දියණිය අප සිත් තුල ඇති කලේ විශාල කුහුලක්. ඇය කීවෙනි පැරකුම් රජුගේ දියණියද?? කුලු නැටුම් වලත් ඇගේත් ඇති සම්බන්ධතාවය කුමක්ද?? වරෙක නදීශා පීටර් සූරසේන නැටුම් ගුරු මහතාගෙන් විමසීමක් කලත් නිසි පිලිතුරක් නොලැබුනි. නමුත් සචී, හෂිත, මා, ලිෂාන් හා අක්කන්ඩි ස්කයිප් කතාබහක යෙදී සිටින විටෙක මගේ ඒ කුහුල රසවින්දනයේ විශ්වකෝෂයක් බඳු හෂිත විසින් විසඳන ලදි.

ඉහත සඳහන් පරකුම් රජුගේ දියණිය ගැන මගේ අනුමාන කතාව ඒ ඔහු විසින් පැවසූ ජනප්‍රවාදය ඇසුරින් නිමැවූවක්. මේ සම්බන්ධව මීට වෙනස් හෝ වැඩි යමක් දන්නා අයෙක් වේ නම් ඒ අදහස් කමෙන්ටුවක් ලෙස සඳහන් කිරීම අනාගත පරපුර වෙනුවෙන් කරන යුතු කම් ඉටුකිරීමක් ලෙස සලකනු ඇති.

මේ පහත දැක්වෙන්නේ ජන ගී වල ජනප්‍රිය නැටුමක් වූ කුලු නැටුම් වල කවි කීපයක්. කුලු නැටුමක වීඩියෝ පටියක් සොයා ගැනුමට වෙහෙසුනායින් මේ ලිපිය මෙතරම් පමා වුවත් පසු කාලයක එකතු කිරීමේ බලාපොරොත්තුවෙන් දැනට කවි කිහිපය පල කිරීම වඩා සුදුසු යැයි උපකල්පනය කොට ලියා පල කලෙමු.

ඈත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ
මෑත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ
කරේ බන්ද පවලම් වැල නොසෙල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ

වටත් සදිසි බට කොළ වියපු වල්ලියේ
මටත් බලන්නට සවුදම් ගැසුල්ලියේ
මෙරට ලඳුන් කුළු හරඹට අවුල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ

බන්ද වාන කුළු යතුරු සදාලා
අන්දවාන දෙදෙනෙකුට කියාලා
කැන්දවාන අළු යන්තරෙ ඇදලා
කන්දෙ බැදෙන බැත පැහැපත් කරලා

රන් ගිරි මුදුනේ හිරු බැබලෙන්නේ
වල්ලි ළදුන් තනි තනිවම එන්නේ
අවුව ද වැස්ස ද කියා බලන්නේ
කුල්ල අරන් අප නටුමට එන්නේ

මෙහි ඇත්තේ ජන ගීමාලා නම් නොනවතින ගී කලසේ එන මෙම කුලු නැටුමට අයත් ගී ඛණ්ඩයකි.

http://www.divshare.com/download/10649313-a85

ලිව්වේ සුභාෂ් සහ නදීෂා

42 comments:

  1. ඒ ලිපියට ආපු කමෙන්ට් දෙකක් මම මේකෙත් කමෙන්ට් එකක ලෙස පලකරන්න හිතුවා

    Rawanputhra said...
    ජනශ්‍රැතියේ රසමුසු තැනක් ඔබට අහුවෙලා තියෙන්නෙ. මෑත කාලීනව සංගීත ක්ෂේත්‍රයේ මෙය යොදා ගත්තා. එය කදිමට අපේ ආරට ගැලපුණා.
    සුන්දරයි දිගටම ලියන්න. විවෘත මනසකින් බලන්නම්...
    ජ‍යවේවා!

    L15H4N said...
    නැටුම් වලට අමතරව මේ කුලය ගුරුකම් [Dark Arts] වලට දස්කම් දක්වනවා යැයි මම අසා තිබෙනවා. අතීතයේදී ගෙරිමස් කෑම රොඩීරැහැට පන්නන්නට තරම වරද ලෙස සඳහන් කොට ඇත්තේ ගවදෙන යනු භාරත වහරේ එන විදියට මවුවත් බවේ ප්‍රතිමූර්තියක් නිසා වෙන්නට පුලුවන්. මොකද අපිට කොහොමත් ඉතිහාසයේදී ඉන්දියානු ආභාසය ලැබිලා තියෙනවා.

    මීට අමතරව කුලගොත් ආදී දේවලට සම්බන්ධ කලාංග බොහෝ ඇති. මේ ඒයට ඇරඹුමක් විදියට කරලා තියෙන දේ ඉතාමත් ම වටිනවා.

    ReplyDelete
  2. මූනු පොතේ මම දාපු ලින්ක් එකට හෂිත දාපු කමෙන්ට් එකයි මේ . .

    Hashitha Abeywardana .
    රත්න වල්ලි (රත්නමාලි>රුවන්මැලි ) මේ තමා අන්තිම මාතෘමූලික දේවතාවි. ඇය මිනී කන්නියක් කරපු එක විජාතික කුමන්ත්රණයක් වෙන්න බැරිද? එතකොට ගැමුණුට වෙහෙරක් හදන්න ඇය උන්නු තෙළඹුව ම කපන්න උවමනා උනේ ඇයි?
    March 4 at 3:25pm

    ReplyDelete
  3. එල එල ජයවේවා.. 50000හ ලක්ෂ 5 ක් වේවා...! හුරේ...!!!!

    ReplyDelete
  4. ජයවේවා! සුබ පැතුම්.
    තව බොහෝ කාලයක් බොහෝ දේ ගැන ලිවීමට ශක්තිය ලැබේවා!

    ReplyDelete
  5. නියමයි දුකා අයියා...... සුභපැතුම්..... දුකා අයියා ලියන දේ අනිවා මම කියවනවා.. නියමයි...

    සුභ පැතුම්........

    ReplyDelete
  6. ජය ම වේවා දුකා!...

    ReplyDelete
  7. සුබ පැතුම් ! :-)

    ReplyDelete
  8. එළ එළ සුබ පැතුම්... 50,000 100,000 වෙන්න කියලා මගෙන් සුබ පැතුම්!!

    ReplyDelete
  9. බොහෝම සතුටුයි... මෙගේනුත් සුභ පැතුම්

    ReplyDelete
  10. මගෙනුත් සුබ පැතුම් අය්යේ.

    ReplyDelete
  11. මගෙනුත් සුබ පතුම් මචන්...

    ReplyDelete
  12. ජය ශ්‍රී සහෝදරයා.. ඔහොම යං.. ඔහොම යං...

    ReplyDelete
  13. අනේ දුකා අයියේ , දැන් තමයි දැක්කෙ මාව followers ලා ගොඩට add වෙලා නෑ කියලා. ඔන්න මම 242 වෙනි follower..
    මගෙනුත් සුභ පැතුම්...

    ReplyDelete
  14. මේ මළ ඉලව් චන්ද හුට පට නිසා ඔලුව නිදහස් ව තියාගෙන කිසි දෙයක් කරන්න බැරි වුනානෙ..සාක්කුවට ගාණක් වැටුනත්, හරකුන් සමග වැඩ කරන්නට ලැබීමේ අවාසනාව බුක්ති විඳිනවා හැරෙන්නට ලැබුන කිසි දෙයක් නැහමත් එක අතකින් අවාසනාවක්.. මේ ඉලව් සේරම අප්‍රේල් මාසෙ 08 වෙනිදායින් ඉවර වෙනවානෙ.. ඊට පස්සෙ බහිමු බැහිල්ලක්.. නාරා වලට බහිනවා වාගේ...!!!

    ReplyDelete
  15. සුබම සුබ පැතුම් සහෝදරයා!

    ReplyDelete
  16. පිරිකරක් අරන් ආවොත් පිරිත් ටිකක් කියල පිරිත් නූලක් බඳිනවා ආශීර්වාද කරල. දුකා අයියා දන්නවනෙ ඉතින් මට ඕනෙ පිරිකර :-)

    ReplyDelete
  17. මගෙනුත් උණුසුම් සුභ පැතුම් දුකා අයියා.

    ReplyDelete
  18. මම උඹට කියන්නේ "Mini Syndi" කියලා ඇයි උඹේ එකේ අපේ එක ගිය ගමන් අපේ එවා ෆුල් හිට් වෙනවා...

    උඹේ හොඳ හිතට හැම එකාම ආදරෙයි බං...
    අර කව්ද කිව්වා වාගේ පනස් දාහ ලක්ෂ පහක්ම වේවා...

    වෙබ් අවකාශයේ දැවන්තම රසිකයාට... වචනයකින් වත් කාගේවත් සිත් නොරිද්දන... හැමොගේම දුක සැප සොයාබලන දුකා ට ... අපේ ආචාරය...

    හැබෑටම උඹේ හැබෑනම මොකක්ද බං..;-)

    ReplyDelete
  19. දුකා අයියට ජය වේවා...!
    මගෙනුත් සුබ පතුම් අයියට
    ඉදිරියටත් හොද නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා!!!

    ReplyDelete
  20. සුභපැතුම් දුකා අයියෙ..... තවත් දිගු කලක් අපිත් එක්ක ඉන්න ශක්තිය, නිදුක් සුව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.....

    ReplyDelete
  21. තුන්පත් රටා කියවන්න අරං මං ගොඩක් කල් දුකා. ඈත්තටම දුකා, සුභාෂ් හා නදීශා කියන්නෙ උඔගෙ යාලුවො දෙන්නෙද්ද?

    ReplyDelete
  22. ඔබේ ජයග්‍රහනයට මගෙනුත් සුබ පැතුම්.

    ReplyDelete
  23. සුබ පැතුම් !

    ReplyDelete
  24. උපරිම සුභ පැතුම් සහෝ...

    ReplyDelete
  25. දැන් නෙවැ දැක්කේ 50000 ක් කියන්නේ සෙල්ලන්ද?
    ඊරිසියාවේ සනතෝසේ බෑ. එල එල නොනැවතී ගමනේ යා

    ReplyDelete
  26. අයියේ ඔයාට මුලු හදවතින්ම සුභ පතනවා...
    මම සමණල

    ReplyDelete
  27. නියමයි අයියේ මමත් සුභ පතනවා

    ReplyDelete
  28. මගෙනුත් සුබ පතුම් ...
    ජය වේවා!

    ReplyDelete
  29. සුබ පැතුම් !
    ඇත්තෙන්ම අයියගේ බ්ලොග් එක බලලා තමයි මමත් බ්ලොග් ලියන්න පටන් ගත්තේ. ව්‍යාපාරික කටයුතු නිසා කමෙන්ට් කරන්න වෙලාවක් නැති වුනත් වෙලාවක් ලැබුනු ගමන් කියවනවා.
    ඔබට ජය .

    ReplyDelete
  30. දුකෙන් දුක නැසේ!
    කතන්දරකාරයා ගෙන් සුභ පැතුම්!

    ReplyDelete
  31. ශාහ්... මරුනේ... මටත් ආසාවේ බෑ... තව ගොඩාක් කල් යයි මට නම්... සුභ පැතුම් දුකා... ඉදිරියටම යමු...

    ReplyDelete
  32. Ela Ela Ohoma Yan

    ReplyDelete
  33. සුභ පතපු හැම දෙනාටම ස්තූතියි . . .
    මේ 50,000 ඔයාලා හැම දෙනාම නිසා තමයි.
    අයි ඔයාලානේ මගේ බ්ලොග් එක බලන අය . . .
    බලල කමෙන්ට් දාලා මාව දිරිමත් කරන අය . ..
    ඉතිං මේ සතුටේ නියම හිමිකාරයා මම විතරක් නෙමෙයි . . .
    මට බ්ලොප්ග් එක හදල දුන්නු ඉසිර මල්ලී, නිතරම මට උදව් කරන දිරිමත් කරන ලිෂන්, සචී, මගේ ගෙදර උන්දෑ නදීෂා ඇතුලු හැම දෙනාටම බොහෝම ස්තූතියි . . .!

    කාලිංග ඇතුලු සිංහල බ්ලොග් කියනවනයේ අයට විශේෂ ස්තූතියක් හිමිවෙන්න ඕන. මගේ බ්ලොග් එක වැඩි දෙනෙක් අතරට රැගෙන යන්න ඔබලා සින්ඩිකේටරය හරහා දුන්නු සහයෝගය ඉත සිතින් මම අගය කරනවා. ඒකට ස්තූති කරනවා.

    අලුත් ලාංකික සිතුවිලි සින්ඩිකේටරයට, කොත්තුවටත් අනිවාර්යෙන් මගේ ප්‍රනාමය ස්තූතිය පුදකරන්න කැමතියි.

    තවදුරටත් මගේ බ්ලොග් අඩවියේ ලින්ක් එක තමන්ගේ බ්ලොග් අඩවි වල සටහන් කර පාඨකයන්ට කෙටි මං පෙන්වන සහෘද බ්ලොග් කරුවන්ට කාරියන්ට, මූනු පොතේ මගේ පෝස්ට් ශෙයාර් කර පෝස්ට් වලට පසිද්ධියක් ලබා දෙන මිතුරු මිතුරිය සියලු දෙනාටත් මගේ නොවක් තුතිය හිමිවිය යුතුයි.

    නිතරම කමෙන්ට් මගින් මා දිරිමත් කරන පාඨක පිරිස තමයි මේ බ්ලොග් එක මෙතරම් කාලයක් මේ ලෙසට පවත්වාගෙන ආවේ කීවොත් ඒක බොරුවක් නම් නොවෙයි.

    අවසානයේ නම් වශයෙන් කී නොකී සියලුම දෙනාට මගේ ස්තූතිය හිමිවිය යුතු බවත් සඳහන් කල යුතුයි.
    බලමු අපි ඉතිං හැකි තරම් කාලයක් මේ සුන්දර බ්ලොග් අවකාශේ රැඳිලා හැමෝගෙම දුක . . . සැප . . සතුට . . කඳුල . . අදහස් උදහස් බෙදා හදා ගන්න . ..
    සැමට ජය . ..

    ReplyDelete
  34. සුබපැතුම් පහෝදරයා! :) :)

    ReplyDelete
  35. @Indranatha Thenuwara!
    අයියා ඔව් අපි පස්සේ නිවාඩු පාඩුවේ තුන්පත් රටා එකට ලිපි ලියමු. මේ ඡන්දේත් ඉවර වෙලාම . . .

    @තරිඳුට!
    ඉතිං හොයපල්ලකෝ තරිඳුට පිරිකර . . ! hiks

    @තිස්ස!
    අනේ උඹ දන්නේම නෑ වගේ නම අහන හැටි විතරක්. . !

    බුද්ධි
    අනේ පව් උඹ බබා දන්නේම නෑ . . හික්ස්

    @චතුරංග රූපසිංහ !
    අයියෝ ඉරිසියා කලාට වැඩක් නෑ . . .විහිලුවට . .. උඹේ බ්ලොග් එක මේක පාස් කරයි වගේ ලඟදීම

    @මනුසත්
    අහ් දැං සෑහෙන්න ප්‍රමානයක් ඉන්නවා මම නිසා බ්ලොග් ලියන්න ගත්තු කස්ටිය . . එල එල

    @Hipo !
    නෑ නෑ එහෙම වෙන එකක් නෑ . . හොඳ ලිපි තියෙනවනම් ඉකමනට පුලුවන්. බොරු නෙමෙයි

    ReplyDelete
  36. මෙන්න මගෙනුත් සුභ පැතුමක්!!!!!

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails