Sunday, June 28, 2009

ජීවිතයට අමාවක ආ වෙලාවක කාටත් හොරා නුඹ පුන් සද උනා මට . . !



“ජීවිතයට අමාවක ආ වෙලාවක
කාටත් හොරා නුඹ පුන් සද උනා මට”

මේ මගේ යෞවන කාලෙදි මගේ සමරු පොතේ එක ගැහැනු ලමයෙක් තැබූ සමරුවක්. . . (ඇගෙයි මගෙයි මිතුරු කමක් හැර වෙන විශේෂ යමක් තිබුනේ නැත )

අද අහම්බෙන් මේ කවිය මගේ සිතට ආව . . . .!

මට හේතුව කුමක්දෝයි සිතා ගන්නවත් බැරි උනා. . .!

ඉතින් මම හිතුවා මගේ සමරු පොතේ (දැන්නම් එය කොහේද කියාවත් මා දන්නේ නැත ) තිබුනු පැදිවලින් මගේ මතකය රැදී ඇති ටිකක් ලියා තැබිය යුතුයි කියා. . .

“පුන් කලස් මතු පිට
පහන් දල්වනු විලස
නොනිමි පහනක් වන්න
සදහටඅහිංසක හදකට. . . !”

“කෙල්ලන් තමන් සතු
හදවත් සිතා මල් යයි පරසතු
නොකරයි අනුන් සතු
එවැනි උන් කල යුතුයි ජනසතු. . .”

“ආලය ෆුට් බෝලයකි – පයින් ගසා විසිකල යුතු. . . !”

“කලා රසය තිබුනත් නියගලා අලේ
මළා නේද කෑවොත් නියගලා අලේ . . .!”

මේ බොහෝම ටිකක් පමනයි . . . .

ඔබටත් මතකයක් තිබේ නම්
ඔබේ පැරනි සමරු සටහන් ගැන . . .
මෙහි පහල කමෙන්ට් එකක් ලෙසට
සටහන් කරන්න අමතක කරන්න්න එපා. . .

මගේ කාර්ය්‍යාල මිතුරෙක් මට ඔහුගේ සමරුවේ තිබූ සටහන් වලින් දැනට මතකයේ ඇති කිහිපයක් මට ලගදී දිනකදී ලියා දුන්නා . . .

ඔන්න ඉතින් මට කලින් ලියූ බ්ලොග් එකට නැටි කෑල්ලක් එල්ලන සිදු උනා . . .

මේ තියෙන්නේ ඔහුගේ මතකයේ රැදුනු සමරු සටහන් කීපයක් . .

සතුටු සිනා මැද දොඩමලු වන්නට . . .
තනිවූ මනසට සතුට සදන්නට . .
යලි අප මුන නොගැසේවිද සොයුර . .
මල් පෙති ඉහිරුනු . . මල් පාරේ. .

අධිෂ්ටානය ස්ථීර නම් . .
බුද්ධිය ප්‍රමානවත් නම් . .
බලාපොරොත්තු ගැන පසුතැවිලි නොවන්න . . .

රුවන් මිනි කැට සෙමින් විවරව . .
පෙර ඇසුරු මතකෙට නැගේවා. . . !
විමන් මැද මැවු මිහිරි සිතුවිලි . .
දහස් ගනණින් ඉදිකෙරේවා . . .!
එකට එක්වී ගෙවූ කාලය . .
යලිත් ඔබ හට සිහි කෙරේවා . . !
ගතින් ඈතට ගියත් කිසි දින . . .
මතකයෙන් ඈතට නොයේවා. . . . . . !

2 comments:

  1. දෙහිවල සත්තු වත්තේ මතු දියුණ පතා
    චිම්පංසියෙක් වේවා ඔබෙ පලමු පුතා
    ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා
    මී හරකෙක් වේවා ඔබෙ දෙවනි පුතා

    this is something i remember.

    ReplyDelete
  2. මගේ සමරු පොත අංක (1) උපුටා ගත්ත එකක්ඃ

    සමරු පොතේ උඩ යට පෙරලුණා මට
    එහෙම ලිව්වෙ මා වැඩියෙන් සිහිවෙන්ට..

    ඒ අටේ පන්තියේ හිටි අයගෙන් අදත් මට contact තියෙන්නේ ඒ කෙල්ල එක්ක විතරයි.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails