Tuesday, May 29, 2018

කුසුමක සුසුමක් !


ඔබ
මඩ වගුරු බිමක
අහම්බෙන් පීදුනු
රතු රෝස ගසක,
සුවඳ හමන
රෝස කුසුම !

මේ මඩ වගුරේ
මල් නෙලන්න
කවුරු නම් ඒදැයි
සුළඟට ගතු කියාපු
රෝස කුසුම

වගුරු බිමට නිතර නිතරම
වටු කුරුළු බිත්තර
දඩයමේ ආ
කුරුළු දඩයක්කරුට
පෙම් බැන්ද
හිතුවක්කාර කුසුමිය

මලක් නම්
පුදසුනක පිදෙනු බැරිනම්,
ලොවට සුවඳ දී
ගසේම මිලින වීම
සැපයකැයි කී සුළඟට
නෝක්කාඩු බස් දෙඩූ
රූමතිය

ලොවම නිදිගත් රාත්‍රියක
ප්‍රේමය නම් මෙයැයි කියා
නපුරාට බහ දුන්
පෙම්වතිය

නපුරාගේ අත පත්ව
එකින් එක පෙති සිඳිදී යද්දී
කඳුලු පිරුනු දෑසින්
සුළඟට දෙස බැලුවාට
දුකින් කඳුලු හෙලනු මිස
සුළඟ වෙන කුමක් කරන්නද !


https://unsplash.com/photos/3FySzt4df70

5 comments:

  1. ලාමක හීනයක බොඳවෙන කඳුළු කැට
    පාවඩ අතුරවයි නිසසල තනිකමට
    පාර සොයන බඹරුනි ආදර කමට
    කෝල හැඟුම් නොනගනු දුක හිතෙයි මට...

    මගෙ පරණ කවියක් මෙතන්ට ගැළපෙයි කියළා හිතුනා.
    ඇත්තටම උඹේ නිර්මාණය රහයි දුකා.

    ජයවේවා!!!

    ReplyDelete
  2. වැදෙනෙවා, සැරට!

    ReplyDelete
  3. ළැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන් ලඳුනේ..........
    නෑයෙක් නෑකම් නොකියන
    වීදි සරණ ලඳුනේ ............
    විචාරක දියණිය

    ReplyDelete
  4. හ්ම්ම්.....

    ReplyDelete
  5. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails