Monday, April 1, 2019

දවස් තුන !


මාසයක් පුරා විදි
ඉහිලුම් නොදෙන තනිකමට
තාවකාලික කොමාවක් තබන,
ගුවන් යානයේ වේගය
ඉතාම මදි යැයි සිතෙන,
දොරකඩවී බලා ඉන්නා
ආදරණීය දෑස් දකින තුරු
නොයිවසිලි ගැස්මක් පපුවේ පිරුනු  . . .
පළවෙනි දවස

ඒ පැත්ත බලා
මේ පැත්ත බලන ටිකට
ගෙවී නිමවෙන,
උදේ සිට රෑ වෙනතුරු
එහේ මෙහේ දුවන,
අම්මට වචනයකට වත්
ඉඩක් නොදී
අයියයි නංගියි තරගෙට මෙන්
තොරතෝංචියක් නැතුව
අප්පච්චී අප්පච්චී කියා දොඩවන,
නොදැනීම රෑ වෙද්දී
අයියෝ දවස ඉවරයි කියා සිතෙන . . . .
දෙවෙනි දවස

දරු දෙදෙනා ඇගට තුරුලුකර
රෑ එලිවෙන තුරා නිදාගෙන,
එලාම් එකට සාප කරමින්
උදේට ඇහැරෙන,
විනාඩි ගානක් ගතකර
තවත් මාසයකට ඇතිවෙන්න
ජීවන සුවද හොදින් විද,
ඇහේ කදුලු හිතේ පතුලේම ගුලිකොට
තවත් මාසයක දුෂ්කර ක්‍රියාවට
දොරින් එලියට බසින . . .
තුන්වෙනි දවස !

5 comments:

  1. මොනව කරන්නද දුකා… ඔක්කොම කරන්නෙ ඒගොල්ලො වෙනුවෙන්නේ...

    ReplyDelete
  2. දවස් තුනක්? හොඳටම අකාරුණිකයි...

    ReplyDelete
  3. දැං තත්වය යහපත් යැයි හිතමි...

    ReplyDelete
  4. මසක් ඔබ ගතකොට
    එනවිට දොර ඉදිරිපිට
    ඉන්න දරුවන්ගෙ සතුට
    බලනු අතහැර සිතේ ලතැවුල

    මචං, මටත් කාලයක් තිබුනා ඔය වගේ. ඇත්තටම හදවතට යකඩ බරු දාගෙන ගෙදරින් එළියට ගිය අතීතයක්......

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails