Friday, April 7, 2017

මල් වාගේ මේ පොඩි ළමයින් !



පුතේ මම දැක්කා ඔයාට යාලුවෝ ගැහුවා. ඔයා එයාලට ආපහු ගැහුවේ නෑ. ඔයාට කවුරුහරි ගැහුවොත් ඔයාත් ගහන්න.

ම්ම්ම්ම් එතකොට එයාලගේ පේරන්ට්ලා අහයි ඇයි ගැහුවේ කියලා

ඔයාට ගහපු නිසා ගැහුවා කියන්න

කවුරුත් මාව විස්වාස කරන එකක් නෑ

ඒකට කමක් නෑ ඔයාගේ අම්මයි තාත්තයි ඔයාව විස්වාස කරනවා.
කොහොමත් ඔයා අනිත් ළමයින්ට වඩා ලොකුයි - ශක්තිමත්. ඒ නිසා කිසි කෙනෙක්ට ඔයාට බුලි කරන්න ඉඩ දෙන්න එපා.

මම ලොකු එකත් නොගහා ඉන්න හේතුවක්, මම ගැහුවොත් එයාලට රිදෙයි.

ඉතින් මොකෝ? ඔයාට ගහද්දී එයාලා එහෙම හිතුවේ නෑනේ.

අප්පච්චී මම කරුණාවන්ත ළමයෙක් ! (I'm kind of kind kid appachchee)

මොකාක් (damn) මේහ් පුතේ මේ ලෝකෙට කරුණාවන්ත මිනිස්සු ඕන නෑ. ඕන කරන්නේ යුක්තිගරුක මිනිස්සු.

(දෙයියනේ මේකා ලොකු වෙද්දී අංගුලිමාලයෙක් උනොත් එහෙම. හ්ම්ම්ම්ම්)

ෆේස් බුක් එකේ දාපු කොමෙන්ටුවක් හරබර සංවාදයක් උනායින් පෝස්ට් එක සහ කොමෙන්ට්ස් පරිස්සම් කරගන්න ඕන නිසා බ්ලොග් එකේත් දැම්මා

11 comments:

  1. ඉන්දික එතන දාපු කොමෙන්ටුව මතක් උනා.. :) අංගුලිමාල වෙයිද නැද්ද හිතන්න එපා..ඉස්සෙල්ල උගේ කොන්ද හදාගන්න.. ගැහුවොත් ගහන්න වගේම.... හොඳ දේ හොඳයි කියන්න.. වැරදි දේ වැරදියි කියන්න පුරුදු කරමු.

    ReplyDelete
  2. මේ සටහන මරු දුකා.
    //ෆේස් බුක් එකේ දාපු කොමෙන්ටුවක් හරබර සංවාදයක් උනායින් පෝස්ට් එක සහ කොමෙන්ට්ස් පරිස්සම් කරගන්න ඕන නිසා බ්ලොග් එකේත් දැම්මා...//
    බ්ලොග් එකක වටිනාකම.

    ජයවේවා!!!

    ReplyDelete
  3. බුකියේ කියවන්න අවස්ථාව ලැබුණා දුකා.. ජයවේවා !!!

    ReplyDelete
  4. //මේහ් පුතේ මේ ලෝකෙට කරුණාවන්ත මිනිස්සු ඕන නෑ. ඕන කරන්නේ යුක්තිගරුක මිනිස්සු//
    මාත් කියන්නෙ ඔය කතාවම තමයි හැබැයි,... ඒත් ගැහුවම ගැහීම කියන්නෙත් යුක්තිය ම නෙවේ.
    (බුකි සංවාදය මිස් වී ඇති හැඩයි)

    ReplyDelete
  5. ඔබේ දරුවා කවුද කියන එක ඔබත් දරුවත් වටහා ගන්න ඔබේ කාලය යොදවලා දැනුම එකතු කරලා කියලා දෙන්න ගැලපෙන අය තෝර ගන්නත් නොගැලපෙන අය සමඟ ගැටුම් ඇති කර නොගෙන යන විදිහත් ජිවිතේ ඉදිරියට..

    ගැලපෙන අය නැත්නම් තනියම ඉදිරියට ආත්ම විස්වාසයක් ඇතුව යන්න හුරු කරන්න..ඇඟේ පතේ හයිය නෙමේ හදවතේ හයිය ..... පෙනෙන විදිහට ඒ හදවතේ හයිය ඔබට දරුවගෙන් ඉගෙන ගන්න පුලුවන් වගේ.. හරිම කණගාටුදායකයි.. මේ වගේ වැඩිහිටි නොදැනුවත්කම් හැමතැනම...

    ReplyDelete
    Replies
    1. මේ දරුවා දන්නේ නැ (විතරක් නෙමේ බොහෝ දරුවන් ) තමන්ට ගැලපෙන අය තෝරා බේරා ගෙන ඇසුරු කරන්න. එය ඒ දරුවගේ අඩු පාඩුවක් නොවේ.. දෙමාපියන් ලෙස ඔබ දෙපලඟෙන් උනු අඩු පාඩුවක් ලෙසයි මා හට හැඟෙන්නේ.. දරුවන් කියන්නේ තවම ලෝකය අඳුරේ අත පත ගාමින් යන ප්‍රාථමික කොටසක්.. ඔබ දෙපළ ඊට වඩා මඳ ආලෝකයක් සමඟ යන අය ජීවිත ගමනේ වයස් කණු ගාන ගැන බැලුවොත්... අනුන් හදනවාට වඩා බොහෝම ලේසි තමන් එක්ක ඉන්න දරුවව හැඩ ගස්ස ගන්න එක.. ඒ දෙය දරුවට සහ දරුව අවට ඉන්න අයට හිරිහැරයක් නොවෙන විදිහට කර ගන්න බැ කියන්නේ ඔබේ අඩු පාඩුවක්.. දැනුවත් වීමෙන් එය මඟහරවා ගන්න හරි ලේසියි..

      මේ දරුව කියනවා

      "ම්ම්ම්ම් එතකොට එයාලගේ පේරන්ට්ලා අහයි ඇයි ගැහුවේ කියලා"

      ඔයාට ගහපු නිසා ගැහුවා කියන්න

      කවුරුත් මාව විස්වාස කරන එකක් නෑ"

      අන්තිම වැකිය ගොඩක් දේ කියනවා දරුවගේ හිතේ එයා ගැන තියන ආත්ම විස්වාසය ගැන.. "කවුරුත්" කියන වචනේ ඇතුලේ ඔබ දෙපළත් ඉන්නව නේද ? ඒ කියන්නේ දරුවට තවම දැනිලා නැ ඔබ දෙපළ ඕනෙම දේකදි ඉන්න බව...

      ආදරය කරන්න ඕනේ අගය කරන්න ඕන හොඳයි කියන්න ඕනේ තෝරලා බේරලා නෙමේ.. කොන්දේසි විරහිතව , විශේෂයෙන් දරුවන්ට.

      ඒ වගේම මේ දරුවා කතා කරන්නේ වැඩිහිටියන්ගේ හැසිරීමක් ගැන.. ඒ කියන්නේ හොයන්නේ බලන්නෙ නැතුව කෑ ගහපු වැඩිහිටි අය ගැන මේ දරුවට පෙර අත්දැකීම් තියනවා කියන එක වෙන්න පුලුවන් ගොඩක් විට..

      ඒ ගැන හොයලා බලලා නිවැරදි කරන්න.. දරුවන් අතර ඇති වන ගැටලු නිරාකරණය කරගන්න ඉඩකඩ හදලා දෙන්න ඕන දරුවන්ටමයි.. වැඩිහිටියන් ඇඟිලි ගැහීම ඒ තරම් සුදුසු නැහැ.. මඟ පෙන්වීම පමණයි හරි පාරේ ගෙනියන්නේ හැම වැඩිහිටියෙක්ම කරන..

      මෙවැනි දේ කියද්දි ඔබේ දරුවා ඔබේ ඇස් දිහා බලනවද නැත්නම් මඟ හරිනවද ?

      මේ වගේ සන්නිවේදන දරුවා සහ ඔබ අතර සිදුවීම හරිම වැදගත්.. ඒ වගේම ඒ වචන වල හැසිරීම් වල පිටුපස සැඟවී ඇති දේ හිමින් වටහා ගන්න..ඇත්ත පරිසරයට ගිහින් කාලයක් අධ්‍යයනය කරන්න.. කලබල නොවී.

      ඔබේ ආවේගය පාලනය කරගෙන කියා දෙන්න ලොකේ අය කොහොම හැසිරුනත් තමන් ගුණගරුක සාමකාමී කෙනෙක් විදිහට සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ කෙසේද කියන එක..දරුවන්ට මේ හැකියාව ඔබ හිතනවට වඩා තියනවා.. ඕන වෙන්නේ හරිමඟ පෙන්වීමක් විතරමයි..

      Delete
    2. මෙවැනි දැනුවත් වීම් වලට ඔබේ (ඕනම දෙමාපියෙක්) කාලය වෙන් කර නොගෙන මෙන්න මේ වැකිය කියලා වැඩක් නැ "මොකාක් (ඩම්න්) මේහ් පුතේ මේ ලෝකෙට කරුණාවන්ත මිනිස්සු ඕන නෑ. ඕන කරන්නේ යුක්තිගරුක මිනිස්සු."

      මේ වැකියේ එන "මේ ලෝකෙ" හැදෙන්නේ ඔබ , ඔබේ දරුවා, අර ගැහුව දරුවන්, ඒ දෙමාපියන් වගේ මිනිසුන්ගෙන් මිස පිටසක්වලින් එන ජීවින් නෙමේ නේද ?

      මා දකින විදිහට "මේ ලෝකේට" වැඩියෙන් ඕන කරුණාවන්ත මිනිසුන්, එවිටයි ආලෝකමත් වෙන්නේ ලෝකය..කරුණාව තියන තැනක අයුක්තිය රජ යන්නේ නැහැ නේද වැඩි කලක්....

      Delete
  6. පොඩිවුන් එක්ක කතාකරන එක මාරම අමාරු වැඩක්.හිතන්ඩ දේවල් ගොඩයි.

    ReplyDelete
  7. පොඩ්ඩ නොකියා කියන්නෙ ගැහැව්වොත් ගහනවාය කියලයි...

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails