Tuesday, March 28, 2017

කිරි දියෙන් දෙව්වත් - අඟුරු සුදුවන කලෙක නම් නැත් !

අපි හැමදාම කාටූන් බලන්නෝ වෙමු.

ඊශා නැගිටින්නේම "ම්ම්ම් අද බලන්නේ මොන කාටූන් එකද? මාෂා & බෙයා?? ම්ම්ම් නෝ. පොකෝයෝ?? ම්ම්ම් නෝ. පින්ගු ම්ම්ම්ම්" කියා අසාගෙනය.

එහෙම කීවට මේ පිස්සු කෝච්චිය බලන කාටූන් එකක් නැත.

එයා එයාගේ වැඩය. බයිසිකල් පදිනවාය, බලි කුරුටු අඳිනවාය, පාට කරනවාය,. මොනා කලත් ටීවී එක ඔෆ් කිරීම නම් සපුරා තහනම්ය.

අන්තිමේදී අපි මහ උන් දෙන්නා දාහක් වැඩ තියාගෙන කාටූන් බලාගෙන ඉන්නෙමු.

සෙනසුරාදා උදේ ඉඳන් පින්ගූ ය.

පින්ගු ගෙයින් එලියට බහින්ද්දීම ගෙයි වහලයේ නොසන්ඩාල කුරුල්ලෙක් වහලාය.

ඌ පින්ගූවාට කෝචොක් කරනවාය, කකුලට උරහිසට බෙටි දමනවාය පින්ගුවාට මල පැන මෑක් මෑක් සද්දේ දැම්මාට ඌට වගේ වගක් නැතිය.

මහන්සි වූ xxx කුරුල්ලා පොඩි වතුර වලකින් හොට ඔබ ඔබා වතුර බොන අතරවාරයේ  හොටේ කකුල්ලුවෙක් එල්ලිලා ඌට බඩු බනිස් වෙන්න ඔන්න ඔන්න මෙන්නය.

පින්ගුවාට දුක හිතී කකුලුවාගේ නැට්ටෙන් ඇද්ද පාර ඌ xx කුරුල්ලා අතෑර පින්ගුවා පස්සෙන් එලෝනවාය.

ගෙට දුවන පින්ගුවා බෙලෙක් පිඟන්  දෙකකින් සද්දයක් දමා කකුලුවා ආපහු වතුර වලටම එලෝලා දානවාය.

මරණයෙන් බේරා ගත් පින්ගුවාට ස්තූති කරනවා වෙනුවට xx කුරුල්ලා පින්ගුවාගේ ඔලුවට ම බෙට්ටක් දමා යලිත් කෝචොක් කර පියඹා යනවාය.

කොතරම් ගුණ කලත්
දුදනෝ නොවෙති යහපත්
කිරි දියෙන් දෙව්වත් -
අඟුරු සුදුවන කලෙක නම් නැත්

සුභාෂිතය ලියූ අලගියවන්න මුකවෙටි තුමා ද පින්ගු කාටූන් එක බලා ඇත්දැයි සැක සිතුනි !

Pic from: https://www.pinterest.com/

24 comments:

  1. //කොතරම් ගුණ කලත්
    දුදනෝ නොවෙති යහපත්
    කිරි දියෙන් දෙව්වත් -
    අඟුරු සුදුවන කලෙක නම් නැත්// මේක සිය පාරක් වත් අයි අයි මෙතන කොමෙන්ට් කරන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. එහෙනම් එහෙනම් !

      අපේ මුතුන් මිත්තෝ මේවා කිව්වේ කට කහනවට නෙමේ හාද?

      Delete
  2. මාත් ඔය සේරම නරඹා තියෙනවා ප්ලේ ස්කූල්, සෙසමි ස්ට්‍රීට්, බනානාස් ඉන් පිජාමාස්, විගල්ස්, බානි, ආතර්.. ...

    ReplyDelete
    Replies
    1. විරුල් පොඩි කාලේ නම් නන්ස්ටොප් බැලුවේ කාර්ස් ෆිල්ම් එක.
      ඊට කලින් අක්කගේ පුතා පොඩි කාලේ ඌට බේබි සිටින් කරද්දී ඒ වගේ බැලුවේ ජන්ගල් බුක් ෆිල්ම් එක
      හෙ හෙ හේ

      Delete
  3. දියෙහි යන දණ්‌ඩට
    පිහිටක්‌ වෙතොත් පෙර සිට
    දුදනන්ට පිහිට
    නොවවු යන බස සැබෑ කළෙ මට

    ReplyDelete
    Replies
    1. සුභාෂිතය ආපහු මුල ඉඳන් අගට කියෝලා කට පාඩම් ආයේ කර ගන්න හිතෙනවා අප්පා :D

      Delete
  4. ///එයා එයාගේ වැඩය. බයිසිකල් පදිනවාය, බලි කුරුටු අඳිනවාය, පාට කරනවාය,. මොනා කලත් ටීවී එක ඔෆ් කිරීම නම් සපුරා තහනම්ය. ///

    ස්ථිර කරනවාය...

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම එකම සැම්පලේ නේහ් :D

      Delete
  5. Replies
    1. අන්තිමේදි අපි බබ්බු වෙනවාය :D

      Delete
  6. සදාතනික සත්‍යය අමුනලා අමුතුම ලිපියක් ලියලා

    ReplyDelete
    Replies
    1. ඔය සදාතනික සත්‍ය අපිට නිතර අමතක වෙනවනේ නගේ හෙ හෙ හේ

      Delete
  7. සුදන කියා වැරදීලා මගේ හිත
    දුදන උන්ට නිතරම රැවටිලා ඇත
    නිදන මිනිස්කම උන් ළඟ රැඳී නැත
    පුදන හිනාවට යළි රැවටෙයිද හිත......

    දුකා. උඹේ පෝස්ට් අඩුවේගෙන යනවා වගේ දැනෙනවා....?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. //පුදන හිනාවට යළි රැවටෙයිද හිත......//
      මම නම් එහෙමයි බන් හැමදාම
      හිනාවටම නෙමේ
      මුන් මෙහෙමයි මෙහෙමයි කියලා දැනගෙන
      දැන දැන රැවටෙනවා
      පටන් ගත්තු කාලේ නම් අම්බානෙක ලිව්වා
      වෙලාවක් නෑ බන් ලියන්න.

      Delete
  8. අපිනන් ඉතින් එදත් කාටුන් බැලුවා අදත් කාටුන් බලනවා... හෙටත් බලයි... කවදා මේ පොඩි ලමයින්ගේ ගති වලින් අයින් වෙයිද මන්දා... :D

    ReplyDelete
    Replies
    1. මං තාම එහෙමයි. කොමික්ස් කියවන එකත් එහෙමමයි

      Delete
    2. අනිවා අනිවා අපිත් ඒමයි වයසට ගියාම බලන්න කියලා ඩව්න්ලෝඩ් කරගෙන ඉන්නවා ආසාවෙන් බලපු කාටූන් ඔක්කෝම වගේ හෙ හෙ හේ

      Delete
    3. ප්‍රා ජේ කොමික් කියවන එක සෙට් උනේ නෑ බන්. ඉස්ස්‍ර පොඩි කාලේ චිත්‍රකතා නම් කියෙව්වා :D

      Delete
  9. අපිත් ඉතින් ඒ ගොඩේම තමයි

    ReplyDelete
  10. මගෙත් ඒ වගේම තමයි. එකම අච්චුවේය...

    ReplyDelete
  11. මමත් දන්න පොඩ්ඩෙක් ඉන්නවා ඔන්න ඔහොම බැක් ග්‍රවුන්ඩ් එකේ කාටුන් එක දාලා තියෙන්න ඕනේ. වැහුවොත් කේස්.

    ReplyDelete
  12. කාටුන් නම් මමත් තවම බලනවා.

    ReplyDelete
  13. අඟුරු සුදු කරගන්න ඕනේද.. ඕනේම නම් බැරි වෙන එකක් නැ....

    ReplyDelete
  14. මචන්, අලගියවන්න මුකවේටිගෙ ලින්ක් එකත් මෙතනම දාපන්කො.. එතකොට අපිට ඒකත් බලලම උඹේ පුරස්නෙට උත්තර දුන්නෑකිනේහ්...

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails